මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
ඇත්තටම මට තේරැනෙ ...එයා හිතනව මම දෙව්රම් කියල.... ඒ බැල්මෙ පවා තිබුනෙ සැකයක් වෙද්දී තැකීමක් නැතුව උත්තර බදින්න මම උත්සාහ කරා.....ඒත් මගේ කටින් උත්තරයක් දෙන්න කලින් ඒක එක රූපයක් එක්ක නැවතුන . .....
"උඹ කොහෙද බන් ගියේ. ...?"
***************************************
" මම මේ උඹගෙ මස්සිනා පොඩ්ඩත් එක්ක ටිකක් කතා කර කර හිටිය. .. .....මොකද උඹ මාව හෙව්වෙ .... ඊයෙ වැඩි උන ඒවට බෙහෙත් ගන්න ද.... ....... ඇත්තමයි මට තාම උඹත් එක්ක කේන්තියි විෂේන්.... "
"එක්ස්කියුස් මී. ..."
ඒ කියන්නෙ කෙනුල අයිය දන්නවා එයා ඊයෙ බීව කියන්න. .. ඒ උනත් ඇයි.... මමයි තිවානුයි ඉන්නව කියන්න වගේ වගක් නැතුව කෙනුල අයිය එයාට බනින්න ගත්ත වෙනකොට මෙච්චර වෙලා මාත් එක්ක උන්න තිවාන් ආව කෝල් එකට ආන්ස්වර් කරන ගමන් එතනින් යන්න ගියා. ....
" ......... "
එයා උත්තරයක් දුන්නෑ.... කෙනුල අයියගෙ වචන ගානකට ගත්තෙ නෑ වගේම ඒ වෙනුවට එයා මන් දිහා බලන් උන්න. . ...... හරියට හේතුව මන් කියන්න වගේ..... මම යන්න හැරැණ. .... ඒ උනත් එයා මගෙ ඉස්සරහින් ඇවිත් හිටගත්ත....
" ගොඩක් පින්. .... ... ඊයෙ රෑ මාව බලාගත්තට.. ."
කොහොම ද දන්නෙ .... ඊයෙ රෑ උන දේවල් එයාට මතකද.... නැත්තන් මම උදේ බලන්න යද්දී ඇහැරිල ද හිටියෙ....
" අද උදේ මගෙ රෑම් එකට එද්දී මම ඇහැරිල හිටියෙ ......"
මගෙ හිතේ තිබුන දේ ඇහුන වගේ එයා එහෙම කියද්දී මට මාවම මතක් උනා. ....... අද උදේ එයා නිදන් උන්න වේලේ මට මොනවද හිතුනෙ කියල මතක් උනා... ... දෙවියනේ මට හිතුන විදියට කරානම්. ....... ඒ දෙකට බෙදුන පපුව මැදින් පුංචි හාදුවක් තියන්න මට ඕන කරා..... ඇත්තමයි. ..
මගෙ හිතට ආව දේවල් කරානම්. . ...දැන්. .. එහෙනම් දැන් මොනා වෙයිද කියලා හිතුන . .... ..
" ඇත්තමයි අයාන් මොනා උනත් thank you very much මූව ඊයෙ රෑ බලාගත්තට. .... .... ඒවගේම අංකල්ටයි ආන්ටිටයි උත්තරාටයි නොකීවට... .. "
" ඇයි ඊයෙ බීවෙ.....? "
"ආ... ඒකද... අයාන් මල්ලී. ...මූ marry කරන එකේ සතුටට පොඩ්ඩක් විතර බීව.... එච්චරයි. .... "
. මට අහන්නම ඕන කරල තිබුන ප්‍රශ්නෙ මම ඇහුව. ....... මගෙ ආදරේ කෙරැව කෙනා හැටියට නොවුනත් එයා මැරි කරන්න ඉන්න කෙනාගෙ මල්ලී හැටියට ඒකට අයිතියක් මට තියෙනව කියල හිතුන..... ඒත් ඒකට උත්තරයක් මට හම්බ උනෙ මම බලාපොරොත්තු උන කෙනාගෙන් නොවෙද්දි එයා ඈත පේන අහස දිහා දැන් ටිකකට කලින් මම උන්න වගේම බලන් උන්න. .... කෙනුල අයියා කීවෙ බොරැවක් කියන්න දැන දැනම උනත් මම ආයෙමත් ඒ ප්‍රශ්නෙ අහන්න ගියෙ නෑ වගේම එයත් ඒ ප්‍රශ්නෙ මගහැරිය.....
" මූට උදව් කරපු එකනම් හරි අයාන් මල්ලී ඒ උනාට පොඩි ප්‍රශ්නයක්. ....."
"ප්‍රශ්නයක්. ... ඒ මොකක්ද. ..."
"මේකයි ඉතින්. ..... විෂේන් තාම උත්තරාව marry කරල නෑනෙ අයාන්...... ඒ කියන්නේ මු තාම unmarried නෙ... එහෙම තියෙද්දි ඉතින් මූව ගෑනි විතරක් දකින්න ඕන විදියට වෙන්න මස්සිනා දැක්ක කියන්නේ ........ඉතින් ...... . ?
" What ....."
අඩුවක් නැතුවම ඉස්සර වගේම කෙනුල අයියගෙ වාචාල කටින් ඒ වචන ටික පිටවෙද්දී මෙච්චර වෙලාවක් අහක බලන් උන්න එයා මන් දිහාවට හැරැණ වගේම කෙනුල අයියට හොදවයින් රැව්ව වෙනකොට දැනටමත් ඒ වචන ටිකට මගෙ කන් දෙකත් රතු වෙලා තිබුන. ..... . ....
" දරැවනේ.... යන්නැද්ද .... එන්න එන්න ඔක්කොමල.... "
"විෂේන් යමන් බන් ආන්ටි කතා කරනව....."
කෙනුල අයියා යන්න යද්දි එයා විතරක් ඉතිරි උනා වගේම එයා මන් ගාවට ඇවිදන් ආව. ...මට දැනුන .... එක මොහොතකට ඒ මගේ විෂේන් කියල මට දැනුන .... මගෙ පුංචි හාමු .........ඒ එක බැල්මකින් කිසි වෙනසක් නැතුව අදටත් එයා ඉස්සර පිස්සුවෙන් වගේ මගෙ හදවත ගැහුන..... ..
" රතු වෙලා. ... "
මගෙන් අවසරයක් නැතුවම එයාගෙ අත ඇවිත් නතරවුනේ මගෙ රතු වෙලා තිබුන කන්පෙත්තක් උඩ උනා වගේම එයා හෙමීට මගෙ කන්පෙත්ත අතගෑව....... ඇත්තමයි මම ඇහිපිල්ලමක් නොගහ එයා දිහා බලන් ඉන්න ඇති... ...... ඒත් අන්තිමේට වෙන්නෙ මේකෙන් ආයමත් මගෙ ඇස් රතු වෙන එක විතරයි.... අන්සතු හිතක් ලග නවතින්න මට අවසර කොයින්ද. ... මම අපි දිහාට ඇවිදන් එන උත්තරා අක්ක දිහා බැලුව. ..... මගෙ පොරොන්දුව. ...... දැනටමත් මම මගෙ පොරොන්දුව කඩ කරන ගමන් උන්න .........
" මට හෙම්බිරිස්සාව.... "
මම එන්න ආව. .... පිටිපස්ස නොබලම. .........
" පුතා අම්ම එක්ක යනවද නැත්තන් යාලුවොත් එක්ක වෙනම යනවද...... "
" මොනවද රාධිකා මේ අහන්නෙ .... ඒ ලමය දැන් පොඩි එකෙක් යැ... පුතා ගිහින් අර විෂේන් පුතාලගෙ වාහනේට නගින්න... ..... .. "
ඒ මූණ මැලවිල යද්දී මට දුක හිතුනා. ...... එයා බයයි ..... ආයෙමත් අයාන් නැතිවෙයි කියල... ඒත් කවදම හරි එහෙම ජීවිතේකට හැඩගැහෙන්න අම්මට වගේම මටත් සිද්ධ වේවි ...... ..... එහෙමම අන්තිමේට කැරකිලා ඇවිත් මම නතර උනේ සුදු පාට k.d.h එක ලග වෙද්දී එයා උන්න. ... ඩ්‍රයිවින් සීට් එකේ උන්න කෙනුල අයියට එහා පැත්තෙන් වාඩිවෙලා උන්න . .... ........ ඒ ඇස් දෙක මගහැරිය මම උත්තරා අක්කට ඉස්සරහම සීට් එක දුන්න වගේම කවුරු නැති පිටිපස්සෙම සීට් එකේ ගිහින් වාඩිඋනා. .......
"හෝව්... හෝව්.... මාව හලල යන්න එපෝ..... ඒව කැතවැඩ කෙනුල අයියා...."
"මොකද්ද බන් කැත වැඩේ.. දැන් ටිකකට කලින් උඹ අනිත් වාහනේට නැග්ග නේද.... හරි හරි දැන් නගින්න. ...."
" මොකද බන් තනියම "
"තිවාන් .... "
" තිවාන් තමා ...... හරි හරි දැන් පොඩ්ඩක් එහාට පලයන්කො බන් .... බදු අරන් වගේ ඉන්නැතුව ...... මට පස්චාත් බාගෙ තියා ගන්න. .... "
වාහනේ ස්ටාට් කරද්දිම මැද්දෙන් පැන්න තිවාන් මගෙ ලගට ආව. මන් එහාට උනා... මෙච්චර වෙලාම වාහනේ දොර පැත්තට වෙන්න උන්න මම අනිත් පැත්තට යද්දි තිවාන් මට එහා පැත්තෙන් වාඩිඋනා වගේම මම නිකමට ඉස්සරහ බැලුව..... එයා උන්න මන් දිහා බලාගෙන. ....ඒ ඇස් වල තිබුන අපහැදිලි අකුරැ මට කියවන්න බැරිවෙද්දී මම අහක බැලුව ..... ....... . . . .... ඇත්තටම තිවාන්ගෙ කතාබහ සහමුලින්ම හරි කටකාරයි ..... හරියට කෙනුල අයිය වගේමයි කියල මට හිතුන .... තිවාන් කතාබහ කරන විදිහ මට වගේම එයාටත් සැහැල්ලුවක් කියල මට හිතුන..... එයා කොහොම කීව උනත් මට දැනුන ...... එයාට මාව පේන්නේ අයාන් විදියට කියන්න මට දැනුන ...... .
උත්තරා අක්ක ' මහීෂා අක්ක, කෙනුල අයිය, එතකොට එයා' නමවත් නොදන්න කෙල්ලො කොල්ලො දෙතුන් දෙනෙක් අතර මම තනිවුන කියල දැනුන හැගීම සහමුලින්ම තිවාන් නැති කරල තිබුන. .. .... සැරින් සැරේ ඇහෙන සින්දු කෑලි ඒ හිනාහඩවල් අතරින් මගෙ ඇහුන එයාගෙ කටහඩ මේ හැමදේම කන් දෙක පිරෙව්ව...... ඒත් හරි ටික වෙලාවයි.....
"උත්තරා අක්කි මොකද අනේ ඔයාගෙ මල්ලී අපිත් එක්ක කතාවක් නැත්තෙ..... අහන්නත් ආසයි කටහඩ ....?"
"මල්ලී මෙන්න මේ නෙතූ නංගිට ඇහෙන්න පොඩ්ඩක් කතා කරන්න. ..... ආව වෙලේ ඉදන් කියවනව ඔයාව පොඩ්ඩක් introduce කරල දෙන්න කියල.... "
.."අනේ අක්කි ඔයා මහ නරකයි අප්ප...."
ඒ කෙල්ල ඇඹරැන... හරියට මෙතන පිරිමියෙක්ට ඉන්නෙ මන් විතරයි කියන්න වගේ ඒකි මන් දිහා බලන් ඇඹරැන . ...... මන් බලාන ඒ කෙල්ලගෙ ඇඹරිල්ලට මන්ද පනින්න හදන හිනාව නවත්තගන්න මට එහාපැත්තෙ හිටිය තිවාන් උගෙම අත කටේ දාගෙන හැපුව.......... මොනව කියන්නද කියල නොතේරැන මම ඔහේ බලන් උන්න වෙනකොට මෙච්චර වෙලා ආව වාහනය හොටෙල් එකක් ලග නතර කරා... ...උදේට කෑම ගන්න. ....
"අයාන් යමූ. ...."
ආපු වාහන තුනෙන්ම හැමෝම බැහැල යද්දී මට එහාපැත්තෙන් උන්න තිවානුත් මට එන්න කියන ගමන් වාහනෙන් බැස්ස වෙනකොට මම විතරක් නතර උනා. .... යන්න ඕන උනා.
ඒත් මගෙ හිතට එයාව මග අරින්න තිබුන ඕනකම ඕනවටත් වඩා වැඩි වෙද්දී මම නොයා උන්න. ..... කොටින්ම තව ටිකකින් අම්ම මාව හොයන් එනව කියල දැන දැනම උනත් මම එහෙමම උන්න. ...... .... ඇත්තටම මිනිසු ප්‍රශ්න වලට මූණ දෙන්න කීවට ජීවිතේ සමහර ප්‍රශ්න තිබුන මගහැරැනු තරමටම හැමෝටම හොදක් උන......හරියට මේ දැන් වගේ .... උත්තරා අක්කගෙ පොරොන්දුව වගේම මට මගේ හිතින්ම පැනල යන්න ඕන උනා. . . .... එකතැන ඉන්න අමාරැකමටම වාහනෙන් බැස්ස මම පහුකරන් ආව පාර දිගේ ටික දුරක් ඇවිදන් ගියා ......... තේ කඩයක්. ..... උඩට පොල් අතු වහල තිබුනු ඒ පුංචි
තේ කඩේ මගෙ හිතට දෙව්රම් කියන මනුස්සයාගෙ අතීතෙ මතක් කරල දුන්න...... මගෙ ගෙදර ..... ඒ පුංචි බිත්ති හතරට මම ආදරේ කරපු තරම.... මගෙ කකුල් දෙක ඉබේටම ඒ කඩේ ලග නවතිද්දී මම ඉස්සරහ තිබුන ඒ ලෑලි බංකුව උඩ වාඩිඋනා. ..... . ඇත්තටම සල්ලි වලට ගන්න බැරි හුගාක් දේවල් ජීවිතේ තියෙනව කියන්න මට දැනුන. .... . . .... .... සල්ලි තියෙන සමහර මිනිස්සු ජීවිතේ සල්ලි කියන දේ වලින් මනිද්දි ....දකිද්දී. එදා වේල හරිහම්බකරන් කන මිනිසු කීයක් හරි හොයාගන්න දැගලුව. ... සමහරැ හොදින් ..... සමහරැ නරකින්....... මේ කොහොම හරි සල්ලි හෙව්වා. ... ...... සල්ලි. ..... සල්ලි කියන්නෙ මුලු ජීවිතේම නොවුනු තැන් කොච්චර ද ...... .
. " .මහත්තයා ..... මොනවද ඕන ... "
තැන් තැන් වල සිදුරැ හැදුන බැනියමට යන්තමට පාට මැකිණු සරමක් ඇද ගත්ත වයසක මනුස්සයෙක් උන පොල් අතු කඩේ මුදලාලි බුලත් විටවලටම කලුගැහුනු දත් ටික පෙන්නන ගමන් මට හිනාඋනා වගේම මගෙන් මොනවද ඕනෙ කියල ඇහුව. ...... ඒ හිනාව ...... ඒ හිනාව හරි අව්‍යාජයි.... .. කොටින්ම හිතේ කහටක් නැති ඒ හිනාවට මමත් හිනාවක් දුන්න. ....
" සීයතාත්තා..... "
"මගෙ මිනිබිරි....මහත්තයෝ. ....."
සීයතාත්තා... . මම ඒ නම හිතින් මිමිනුව..... කොහේදෝ ඉදන් දුවන් ආව පුංචි කෙලිපැටික්කක් ඇවිත් ඒ නහර පෑදුන අත්වල එල්ලෙද්දි මම හරි ලෝබ කමෙන් බලන් උන්න. . .... ...... මටත් ඒ වගේ කාලයක් තිබුන. ..... ඒවගේ අතක හරි ආදරෙන් එල්ලුන..... ඒ වගේ අතකින් බත් කටක් කෑව.... ඒ උනුහුමට තුරැල් උන...... ඇත්තටම අන්තිමේට අපි ආදරේ කරන මිනිස්සු දාල ගිය දාට ඉතිරි උනේම ඒ ආදරනීය මතකයන් විතරයි ....... . ඒත් උඹට ඒකත් නෑ නේද මගෙ පුංචි හාමු මහත්තයෝ. .......
"හුරතල්........ "
මම ඒ පුංචි මූණ අතගෑව.....
" මහත්තයා.... මේ මොනවද ගේන්න ඕන..... රොටී , වඩේ , ඉදිආප්ප, ආප්ප,ලැවරිය තියෙනව...ආප්ප නම් දැන් දාන ගමන් මහත්තයා. ..... ඕව තමා තියෙන්නේ මහත්තයෝ. ... මේව ඉතින් පුංචි කඩනෙ .. ......"
" ම්.... මට තේ එකක් සීයෙ ......"
" දෙකක් .......තව පොල් රොටීයි ..උනු උනු ආප්පයි ගේන්න . ....."
"විෂේන්. ....... "
කොහේදෝ ඉදල මන් ඉන්න තැනට ඇවිත් උන්න එයා මටත් කලින්ම ගේන්න ඕන කෑම කියන ගමන් මගෙ එහා පැත්තෙන් වාඩිඋනා වගේම මන් දිහා බලන් උන්න. ඒ මූණෙ මට කියවන්න බැරි හුගාක් දේවල් තිබුන. ....
" ඇයි මෙතන තනියම ආවෙ... ඔක්කොම හොටෙල් එකෙන් breakfast එක ගන්නව ........."
"ඇයි .... පුංචි හාමුට මෙතනින් කන්න හොදනම් මම කෑවම මොකද....අනික හොටෙල් එකේ කෑම වලින් විතරද මනුස්සයෙක්ගෙ බඩගින්දර නිවෙන්නෙ.. ...... "
සමහර වෙලාවට හිතට සැනසීමක් තියෙන තමන්ට වටින අනිත් අයට නොවටිනා තැන්වල හිතට ලොකු සැනසීමක් ලැබුන .... එහෙම කියන්න ඕන උනා ..... ඒත් මම නොකිය උන්න. වගේම දැන් ටිකකට කලින් ගැස්සුන ඒ ඇස් ලොකු කල්පනාවකට බර වෙලා තිබුන. ....... මට නොදැනිම මගෙ කටින් එයාට පුංචි හාමු කියවුන වගේම ඒ ගැස්සුන ඇස් දෙක මහඇරිය මම කඩේ දිහා බැලුව ....... පුංචි හාමු. .... ඒ වචනෙ මට හුරැ තරම්ම එයාටත් හුරැ ඇති..... ගමේ කී දෙනෙක් නම් ඒ වචනෙ එයාට කියනව ද ....... ඇත්තටම ඒ ඇස් දෙක ගැස්සුන හේතුව මට හොයන්න ඕන උනේ නෑ.... ඒත් මන් එයාව මගහරින්න හදන හැම වෙලේකම කොහොම හරි එයා තවත් මට ලන් උනා........ හරිනම් මෙතන ඉන්න ඕන උත්තරා අක්ක නෙවේද ...... ඒක එහෙම නෙමෙයි ද වෙන්න ඕන.. ........
... මම කඩේ දිහා බලන් මහ හුගක් දේවල් හිතුව උනත් අන්තිමේට මම හැරෙද්දි තාමත් ඒ ඇස් දෙක මන් ලග නතරවෙලා තිබුන. ....
.
..
" ඇයි ඔහොම බලන්නෙ ..... "
මම අහද්දී එයා අමුතු විදියට හිනා උනා ..... ඇත්තමයි ඒ හිනාව ඉස්සර වගේම මගෙ හිත නිව්ව...
....
" මට හැමදාම මෙහෙම ඉන්න ඕන......... ... මම කීවෙ සැහැල්ලුවෙන් ඉන්න ඕන. ... "...
එයා හරි සැහැල්ලුවෙන් ඒ වචන ටික කීව .... ඒත් මට .... මට කවදාවත් ඒ වගේ සැහැල්ලුවෙන් ඉන්න බැරිවෙයි. ... මම ඔහේ කල්පනාවකට වැටෙනකොට කඩේ මමා එයා කීව කෑම ජාති ටික අරන් ඇවිත් පොඩි මේසෙ උඩින් තිබ්බ. ......
"මහත්තයාල මෙහෙට අලුත් වගේ නේද? "
"ඔව් අපි මේ නුවරඑළියෙ යන ගමන් සීයෙ .... "
මන් වෙනුවට එයා උත්තර දෙද්දි මම ලුණු මිරිස් දාගෙන ආප්ප දෙකක් කාගත්ත ........
රසයි.... ආප්පෙ කිරි රස සුදු ආච්චිගෙ ආප්ප වල රස මතක් කරද්දී අවුරුදු දෙකකින් මට ඒ දෙන්නම බලන්න යන්න බැරිඋන එක සිහියට ගෙනාව. ..... ඇත්තටම ඒ කාලෙ අතමිට සරුවට නොතිබ්බ උනත් මම සතුටින් උන්න ..... ආදරේ පිරිල තිබුන. ..... ....
"සැරයි ද......"
. එයා මගෙන් සැරයිද අහනව ..... මන් උඹට කොහොම කියන්න ද මේ පපුව උඩ ඇවිලෙන ගින්දර කටට දැනෙන සැරට වඩා වේදනයි කියල.... ..... මොකද ඒක මගෙ අතීතෙ ...... උඹගෙ අතීතෙ නෙවෙයි නිසා. ....
" නෑ.... "
මම උත්තර දුන්නා. ....
"තව කන්න.... "
"කාල ඇති මම යනව... "
සාක්කුවෙ තිබුන පර්ස් එකෙන් දාහෙ කොල තුනක් ඇදල අරගත්ත මම පොල්අතු කඩේ උන්න ඒ පුංචි කෙලිපැටික්කගෙ අතේ තිබ්බ වෙනකොට ඒ ඇස් දිලිසුන. .....
" මහත්තයා. .. ගාන . ..."
"කමක් නෑ ඕක තියාගන්න සියෙ... ... සීයව හොදට බලාගන්න හොදද...... දන්නවද ...... පැටියො... කවදහරි දවසක අපිට ආදරේ කරන අය අපිව දාල ගිය දවසට අපිට ඉතුරු වෙන්නේ එයාලත් එක්ක ගෙවුන ඒ මතක විතරයි..... ඒ නිසා එයාල ලගින්ම ඉන්න කාලෙ පුළුවන් තරම් ආදරෙන් බලාගන්න... . හොදද..... .."
මම දන්නෑ ඒ පොඩි එකීට තේරැනාද නැද්ද කියන්න ..... ඒ උනාට හිනාවෙලා මට ඔලුව වැනුව පුංචි එකීට නැමිල හාදුවක් තිබ්බ මම ඒ ඔලුත් අතගාල එන්න හැරැණ. .....
"ම්ම්ම්ම්හ්... ආහ්
........ "
එයා මගෙ උරහිසට අත තිබ්බ වෙනකොට එයාම අතින් ඊයෙ රෑ බිත්තියෙ වැදුන තැලුම් පාර රිදුම් දුන්න වෙනකොට නිකන්ම මගෙ කටින් කෙදිරියක් පිටවුනා..
"අත.... අතට මොකද උනේ ...."
"මොකුත් නෑ. ......"
"ඔහොම ඉන්නව .... අයාන්. ...."
ඒ එයාගෙ වචන .... කේන්තිය පිරැණු වචන. ....... ..... ඒත් මම නෑහුන ගානට එන්න ආව . ... එක තත්පරයක්වත් යන්නැතුව ඇති දොරත් සද්දෙට වහගෙනම වාහනේ පිටිපස්ස ඇවිත් නැග්ග එයා පිටිපස්සෙම තිබුන එයාගෙ පොඩි බෑග් එක ඇරිය වගේම මගෙ එහා පැත්තෙන් වාඩිඋනා. ..... . ...
. "ෂර්ට් එක ගලවන්න. ..... "
😊ඔන්න කොටසක් දැම්මෝ. ....
😀හැමදාම වගේ ඉතින් මගේ කතාව කියවන වෝට් කරන හැමෝමටම තැන්කූ.
😊ටයිපින් මිස්ටේක් තිබුනොත් ගණන් ගන්න එපා ලමයල....