- නෑනයි මස්සිනයි - (✓)

Estar_RM

23.5K 3K 1K

මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover... Еще

01
02
03
04
05
06
07
08
09
10
11
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33

12

659 96 24
Estar_RM

කෑම කාලා නැන්දට කිචන් එකත් අස් කරලා දීලා මන් රූම් එකට යද්දි මගේ ඇඳ උඩ වාඩි වෙලා හිටියෙ ජිමින්.... එයා මොකද මගේ රූම් එකේ කරන්නෙ... ඒකත් ගෙදර අනිත් අය නිදි වෙලාවේ....

" ඇයි ඔයා මෙහේ. "

" මේක මගේ ගෙදර. මට ඕන තැනක මන් ඉන්නවා. තමුසෙට මොකද. "

" යා ඒක හරි වැඩක් වුණානේ. මේක මගේ කාමරේ. අනික ගෑණු ළමයි ඉන්න කාමර වලට එහෙමත් එන සිරිතක් තියනවද. "

" අනේ මේ වැඩේමනේ මටත් රින්ගන්න මේ ගුබ්බෑයමට. ආ මෙන්න මේක දෙන්න ආවෙ. "

එහෙම කියලා ඇඳෙන් නැගිටින ගමන් ජිමින් මගේ දිහාවට විසික් කරේ නෙක්ලස් එකක්. දෙයියනේ මේ මගේ නෙක්ලස් එකනෙ. මෙයා ගාවට කොහෙන්ද ඕක.

" ඔයාට කොහෙන්ද මේක. ඔයා මේක මගෙන් හොරකන් කරාද. "

ජිමින් මන් දිහා බැලුවෙ එක ඇහි බැමකුත් උස්සලා. ඇයි මන් වැරදි දෙයක්වත් ඇහුවද අනේ..

" උස්සන්නම මාර භාණ්ඩෙනේ ඕක. පිත්තල මාලයක්ද මන්දා හැටි ඕකෙ. ඔන්න ඕක දවල් තමුසෙ මාවත් බදාගෙන නිදාගෙන ඉද්දි මගේ ෂර්ට් එකේ පැටලිලා තිබුණා. "

එයා මගේ මාලෙටද අර පිත්තල මාලයක් කිව්වෙ...

" යා.. තමුන් නේද මාව බදා ගත්තෙ. මම කවද්ද ඔයාව බදා ගත්තෙ. මන්දනා මන් ඔයාව බදා ගන්නද.... මන්දනා ජස්ට් ෆයිව් මිනිට්ස් ප්ලීස්... මන්දනා මන් නරක CEO කෙනෙක් නේද... මන්දනා අනේ පනේ ගාන් ඇඬුවෙ නැති ටික විතරයි... එනවා මෙත... "

මට කියන්න වුණේ එච්චරයි. ජිමින් ඇවිත් මගේ කට වැහුවේ එයාගෙ අත තියලා තද කරලා...

" පිස්සු වහන්සෙ වගේ කියවන එක නතර කරනවා මෝඩ ගහ. අම්මට ඇහුණොත් මෙතන විනාසයි.. "

මන් ජිමින්ගෙ අත මගේ කටින් අයින් කරලා ජිමින් දොරෙන් එළියට තල්ලු කරලා වැඩි හොඳට ඇඳේ තිබ්බ කොට්ටෙකිනුත් ගහලා එලෙව්වා. යන හැටි පද්ද පද්ද පාත්තයා වගේ... ඇයි යකෝ මන් බදා ගත්තා වගේනේ මගුල...

.

.

.

.

.

.

.

.

.

.

.

ඊයෙ රෑ නම් කිසිම හීනයක් දකින්නැතුව සැප සේ නිදා ගත්තා. අද ටිකක් පරක්කු වෙනකන් නිදා ගත්තෙ ජිමින් මට නැන්දා එක්ක ෂොපින් කරන්න යන්න තියන නිසා නිවාඩු දුන්නා නිසා.

මුළු දවල් වරුවම නැන්දත් එක්ක සෝල් වල කරක් ගහලා ගෙදර එද්දි හොඳ පණ ගිහින්. නැන්දයි මායි විතරක් ගෙදර දවල්ට ඉන්න නිසා අපි දෙන්නා ලන්ච් එක එද්දි එළියෙන්ම අරගෙන ආවා. ඒ නිසා ආපු ගමන් හොඳ වොෂ් එකක් දාන් මන් සැප නින්දක් දැම්මා.

එහෙ හැරිලා මෙහෙ බලනකොට හවසුත් වෙලා. පහළ සාලෙන් මාමගෙ හඬ ඇහුණ නිසා මාත් පහළට ගියා.

" සුදු බබා ඔයා ලෑස්ති වෙන්න. අද මිසිස් කිම්ගෙ ගෙදර ඩිනර් එකනෙ. "

" හරි මාමා. "

මාමා මගෙ කොණ්ඩෙ චුට්ටක් අවුස්සලා ලෑස්ති වෙන්න කියද්දි මන් උඩට ගියේ ලෑස්ති වෙන්න. ඇඳුමක් ගන්න මගේ කබඩ් එක ඇරියා විතරයි අනේ වාසනාවන් කියලා ඇතුළෙ තිබුණු සේරම රෙදි කෑලි ටික කකුල් දෙක ළඟ. නැන්දා අද අරන් දීපු ඇඳුම් දාන්න මේ කබඩ් එකත් මදි. මට මතක් වුණේ මන් ලංකාවෙ හිටිය කාලෙ. ආසාවටම තිබුණෙ ඇඳුම් තුන හතරයි. ඒකට දැන්... මට මතක් වුණේ එහෙ හිටිය මගේ අනිත් යාළුවො... මන් කියලා මොනවා කරන්නද.....

" ඕයි මන්දනා රෙදි ටික දිහා බලන් පිළිකුල් භාවනාව වඩන්නැතුව ඉක්මනට ලෑස්ති වෙනවා හලෝ. "

දැන් නම් දෙන්න හිතයි දත් ඇන්ද ගැලවිලා යන්න. මොන වදයක්ද. කොයි වෙලෙත් බනිනවනෙ මගුල. වැරදි නොකර තව බැනුම් අහන්නත් ඕනි මෙයාගෙන්. මන් දොර ගාවට ගිහින් ජිමින්ගෙ මූණටම හයියෙන් දොර වහලා දාලා ඇඳුම් මාරු කරා.

මන් පහළට යද්දි නැන්දා වගේම මාමත් රෙඩි වෙලා හිටියා. ජිමින් ආවෙ ඊ​ට ටිකකට පස්සෙ. එයා අද වෙනස්. මන් මේ විදියට එයාව කැෂුවල් දකින්නෙ කලාතුරකින්. කළු පාට ටී එකට සුදු පාට පෑන්ට් එකක් ඇඳලි හරිම ලස්සනයි. හරි පින් පාටයි. ඒ වුණාට කට ඇරියම තමා මෙයාගෙ පින් පාට පව් පාට වෙන්නෙ.

" සුදු බබා මගේ කොල්ලා ලස්සනයි නේද ආ... "

නැන්දා මට ඇහැකුත් ගහලා කියද්දි ෂිට්... වස නෝන්ඩිය. එයා දකින්න ඇති මන් ජිමින් දිහා බලන් හිටපු ඒ පෙරේත බැල්ම. ජිමිනුත් මට කට කොණින් හිනා වෙලා ගෙයින් එළියට ගියේ නැන්දා කියපු එක ඇහුණු නිසා.

හතර දෙනාම රෙඩි වෙලා ගෙදර ලොක් කරලා ආවෙ කාර් එකට නගින්න. මාමා කාර් එක අද ඩ්‍රයිව් කරනවා කිව්ව නිසා ජිමින් ගිහින් පිටිපස්සෙ ෂීට් එකෙන් වාඩි වුණා. ඉට පස්සෙ නැන්දා ගිහින් මාමට එහා පැත්තෙ වාඩි වුණාම මට වාඩි වෙන්න ඉතුරු වුණේ ජිමින් ළඟ. මොනා කරන්නද මාත් ගිහින් වාඩි වුණා.

කාර් එකේ යනගමන් නැන්දගෙ කියවිල්ලට මාත් උල්පන්දම් දීගෙන ගියා. මොනා වුණත් නැන්දා කියන්නෙ ජොලි ඩයල් එකක්. අපේ අභී වගේමයි. හරියට අභී නැති පාළුව මට නැන්දා නිසා මැකෙනවා වගේ තේරෙනවා. මාමා එක පාරටම බ්‍රේක් එකක් ගහද්දි මාව ඉස්සරහට විසික් වෙලා යන්න හැදුවා. ඒ වුණත් මාව වැටෙන්න නොදී ජිමින් එයාගෙ අතක් මගේ ඉන වටේ යවලා මාව අල්ලන් හිටියා.

" මූණත් තහඩුව කුඩු කරගන්නද හදන්නෙ.. ඔන්න ඔය ෂීට් බෙල්ට් එක දා ගන්නවා.. "

මහාා.. දුස්ටකමක් තියෙන්නෙ මෙයා ළඟ නම්..

" ජිමින් මන් ඔයාට එක දවසකුත් කිව්වා සුදු බබාට සැර කරන්න එපා කියලා. ඔයා කොයි වෙලෙත් ඒ දරුවට කට කැඩිච්ච කතා කියනවනේ. "

" අනේ මේ මට වෙන වැඩ නෑනෙ. "

ඒ සිද්ධියෙන් පස්සෙ ටේටේගෙ ගෙදරට යනකන්ම කිසිම කෙනෙක් වචනයක් කතා කරේ නෑ. ටේටේගෙ ගෙදර ගේට් එකෙන් කාර් එක ඇතුළට දාද්දිම අත් දෙපැත්තට විහිදන් කටත් ඇරන් හිනා වෙවී මගේ නම කියලා කෑගැහුවෙ ටේටේ.. මාත් ඉතින් කාර් එක නවත්තපු ගමන් ටේටේ ළඟට දුවන් ගියා.

" ආ ස්වීටි ඔයා ආව එහෙනම් නේ.. "

ටේහ්යුන් මගේ කොණ්ඩෙ අවුස්සලා කියද්දි එතනට ආවෙ ජිමින්.

" උඹට දැන් මට වඩා මේ බටු කෙල්ල​ ලොකුයි නේ... "

" අනේ මට එහෙම මගේ බටු කොල්ලව අමතක වෙනවද හලෝ.. "

ටේටේ ගිහින් ජිමින්ගෙ කම්මුලක් ඇඳලා කිස් කරා. අනේ ජිමින්ගෙ කම්මුල් නිකන් බෝල වගේ. ඒවා තනිකරම බොම්බයි මොටයි පාටයි. ඇදලා ඇදලා මිරිකලා හපලා කන්න හිතයි.... යා මන්දනා... ඒ තමුසෙගෙ අයියා දෙයියනේ..

" ළමයි ඔයාලත් එන්න ඇතුළට. "

මිසිස් කිම් කතා කරලා කියද්දි අපි තුන් දෙනාම ඇතුළට ගියා. මන් ඇතුළට යද්දි කල්පනා කරේ ටේටේගෙ අත අල්ලන්නෙ කොහොමද කියලා. මොකද අද මට මේ පේන හීන මොනවද කියලා දෙකෙන් එකක් බේරගන්න ඕන නිසා. අපි ලිවින් රූම් එකෙන් වාඩි වෙලා ඉද්දි මිසිස් කිම් ඇවිත් හැමෝටම කූල් ඩ්‍රින්ක්ස් ඇල්ලුවා.

" සෝහි මෙයාද ඔයා කිව්ව කෙල්ල. පාක්ගෙ නංගිගෙ දුවද මේ. "

" ඔව් මීරා.. ලස්සනයි නේ කෙල්ල. "

" අනේ වෙන නැත්තන්. "

මේ ජිමින් නම් නැන්දගෙ ළමයෙක් නෙමේ.. මේ කටින් මට හොඳක් කියන්න බැරි හැටි. කොහෙහරි ගෙවනවද දන්නෑ.

" ජිමින් මන් එද්දිත් කිව්වා. සුදු බබාට අනම් මනම් කියන්න එපා කියලා. එයාට දුකයිනෙ පුතා ඔයා ඔහොම කතා කරද්දි. "

ජිමින් මටයි නැන්දටයි රවාගෙනම ජූස් එකම එක උගුරට බීලා දැම්මා. දැන්නම් මට සීයට දාහක් ෂුවර් මෙයාට තියෙන්නෙ බඩක් නෙමේ කල්දේරමක්.

" එයාටත් තියෙන්නෙ ජිමිනිට වගේ නිල් ඇස් නේද ​සෝහි. "

ටේහ්යුන්ගෙ අම්මා මන් ළඟට ඇවිත් මගෙ ඔළුව අත ගෑවෙ හරි ආදරෙන්.

" බලන්නකො සෝහි මේ කෙල්ලගෙ පාට. නිකන් රත්තරනින් අඹලා වගේ. මෙයා ලංකාවෙ නිසා වෙන්න ඇති නේ. "

" රත්තරනින් අඹලා නම් විකුණ ගන්නනේ තියෙන්නෙ. "

මේ කට නම් මහාම මහ වක්කඩක්. ජිමින් ඒක කිව්ව ගමන් නැන්දා ළඟ තිබුණු කුෂන් එකකින් ජිමින්ගෙ ඔළුවට ටාාං ගාලා ගැහුවා. යස වැඩේ මට එක එක කතා කියනවට මෝඩ පාත්තයා...

" නෑනයි මස්සිනයි මේ වගේ කොයි වෙලෙත් රණ්ඩුද ආ.. "

ටේගෙ අම්මා එහෙම අහද්දි මන් ඔළුව වැනුවෙ ඔව් කියන්න.

" ගනන් ගන්න එපා බබා. කොහොමත් නෑනව අයිති මස්සිනාටනේ. නේද සෝහි. "

ඕ ෂිට්. ටේගෙ අම්මා මොකක්ද කිව්වෙ. එයා කියපු එකට මට බිබී හිටපු බීම එකත් පිට උගුරෙ ගියා. මට කැස්ස ආපු නිසා ටේගෙ අම්මා මගේ පිට අතගෑවෙ මට පහසුවක් වෙන්න. ඒත් මන් එවෙලෙ දැක්කා ටේගෙ අම්මා කියපු එකට අපේ නැන්දයි මාමයි දෙන්නම හිනා වෙනවා. ඒ කියන්නෙ මස්සිනා අයිති නෑනට කියන එක ලංකාවෙ අය විතරක් නෙවේ කොරියාවෙ අයත් කියනවද......



ඔන්න අදත් දුන්නා. එකදිගට දවස් තුනක් අප්ඩේට් දුන්නා. මන් හොඳයි නේත මගේ සීනි බෝල ළමයිනේ..😌❤️

එහෙනම් තව කොටසකින් හම්බෙමු

#කම්මැලි ඕතර්
23/06/02

Продолжить чтение

Вам также понравится

9.9K 174 14
A guy has a lot of secrets. Who doesn't though right? But some secrets are better left in the dark. Buried and forgotten. Yn has one big secret. One...
❆My Snow Prince❆✔️✔️ Jessica Frost

Короткий рассказ

1.9K 458 11
කාටුන් ආශ්‍රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්‍රයෙන් නිර්මානය උන එකක්...☺...
2.5K 508 8
දෛවය හරි පුදුමාකාරයි වටින මහ ගොඩක් දේවල් අහිමි කරලා ජීවත් වෙන්න... එකම එක පුංචි බලාපොරොත්තුවක් විතරක් ඉතුරු කරනවා.. 💛💚 ජීවිතේ දකින්න, 💐 ☘ ️ලැබීම්...
vampire habi [Completed ] kim vindi

Про вампиров

3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤