" ඔය නෝනා කොහෙද යන්නෙ ආ. මට ඔයත් එක්ක බේර ගන්න දෙයක් තියනවා. තමුසෙ කොහෙද ගියේ මාව දාලා ආ... "
අද නම් බේරෙන්න බෑ මෙයාගෙන්. මෙයාගෙන් ගුටි කන්න වෙයි කියලා සාධාරණ බයක් ඇති වුණු නිසා පුළුවන් ඉක්මනට මන් කැබින් එකේ දොර දිහාවට මෙතනින් පැන ගන්න ගියත් මට ඉස්සරහට අඩියක්වත් තියන්න බැරි වුණේ ජිමින් ආයිමත් වතාවක් මගේ කොණ්ඩෙන් ඇඳලා මාව නවත්තගත්ත නිසා.
" ආයි පිස්සා... අතාරිනවා මගේ කොණ්ඩෙ. තියෙන්නෙත් කෙස් ගස් දෙකයි. ඒකත් ගලවන්නද හදන්නෙ මෝඩයා. "
" කවුද පිස්සා. කවුද දැන් මෝඩයා ආ.. "
" ඔයා තමා. උදෙත් මගේ කොණ්ඩෙ ගලවන්න හැදුවා. දැනුත් ඒ පාර කොණ්ඩෙන් අඳිනවා. "
" ඉතින් ඕක දිගට දිගේ පස්ස ගාවට තියන එකේ මන් ඕකෙන් ඇද්දා කියලා මුකුත් වෙන්නෑනෙ. "
මන් තව හොඳ දෙක තුනක් කියන්න හැදුවත් ජිමින් ආපහු තද නපුරු පෙනුමක් ගත්ත නිසා ගත්ත වචන ටික මන් ආපහු ජබොක් ගාලා ගිල ගත්තා.
" කොණ්ඩෙන් වැඩක් නෑ. කියනවා තමුසෙ උදේ කොහෙද අර දුවගෙන ගියේ. "
" කොහෙවත් නෑ. කම්පැනි එකට තමයි ආවෙ. පේන්නැද්ද. මේ මන් ඉන්නෙ හොඳට. "
" ආයෙ දෙන්න හිතයි විසික් වෙලා යන්න. පණ්ඩිතකම් කරලා එනවා තව කට ගහන්න. තමුසෙ දන්නවද මන් බය වෙච්ච තරම ආ... මොකක්හරි වුණානම් මන් එපාය වග කියන්න ගෙදර මිනිස්සුන්ට. "
ජිමින් මට ගහන්න වගේ අත උස්සද්දි මන් ඇස් දෙක පියා ගත්තෙ බයටමයි. මොකද මේ වෙනකන් කිසිම කෙනෙක් මට ගහන්න අත උස්සලා නෑ. ඒ නිසාමද මන්දා ගහන්නත් කලින් ඇස් දෙකෙන් කඳුළු පැන්නා. මේක හරි අසාධාරණයි. අඬන්න ඕන නැති වුණත් කඳුළු එනවා. මන් ආස නෑ අනිත් අය ඉස්සරහා අඬන්න. මොනා කරන්නද ඉතින් ඇඬෙනවනෙ සේරටම කලින්.
ටික වෙලාවක් ඇස් පියන් හිටියත් ජිමින් මට ගැහුවෙ නැති නිසා මන් ලාවට එක ඇහැක් විතරක් ඇරලා බලද්දි දැක්කෙ මගෙ දිහා බලන් ඉන්න ජිමින්. එයාගෙ අතේ ලොකු කෑම මල්ලක් තිබුණා. මන් හිතන්නෙ උදේ ගත්ත එකද කොහෙද.
" ආ ගන්නවා මේක. කලන්තෙත් දාලා ආවා උඩ පැනගෙන තනියම. අන්න අර පුටුවෙන් වාඩි වෙලා මෙතන තියන සේරම ටික කනවා. එකක් හරි ඉතුරු කරොත් මරනවා. "
යකෝ මෙයාගෙ ගෑස්... මන් කෑම බෑග් එකත් අරගෙන පුටුවෙන් වාඩි වෙලා ඒක දිහා බලන් කල්පනා කරේ මෙච්චර කෑම ගොඩක් කන්නෙ කොහොමද කියලා. උදෙත් බඩ පැලෙන්න කාලා ඉඳපු නිසා මේක කෑවොත් ෂුවර් එකටම අද හුස්ම හිරවෙලා මැරෙන්නෙ. කෑවෙ නැති වුණොත් මැරෙන්නෙ ජිමින්ගෙ අතින්. ඒ නිසා පුළු පුළුවන් විදියට අතට අහු වෙන ඒවා ටික කටට දාගත්තා.
ඒත් එක්කම කැබින් එකට ආවෙ මේකෙ ඩිරෙක්ටර් බෝඩ් එකේ කෙනෙක්. මන් එයා එනවත් එක්කම කැබින් එකෙන් යන්න නැගිට්ටත් ජිමින් මට අතින් ආපහු වාඩි වෙන්න කියපු නිසා මන් වාඩි වෙලා කන ගමන් එයාලා කියන දේවල් අහගෙන හිටියා.
" ජිමින් මට තේරෙන්නෑ දැන් මොනවා කරන්නද කියලා. අපේ ෂෙයාර්ස් එන්න එන්නම පහළ යනවා. ඒ මදිවට ඉන්න අයිඩල්ලත් ඒජන්සි එකෙන් අයින් වෙන්න හදනවා. "
" ආයිෂ්... දැන්නම් සේරම අවුල් වෙලා තියෙන්නෙ. "
ජිමින් එයාගෙ ෂර්ට් එකෙ උඩ බොත්තම් දෙක ගලවන ගමන් එයාගෙ නලල අතින් පිරිමදිද්දි මට තේරුණේ එයා මේ වෙලාවෙ ඉන්නෙ ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකකින් කියලා.
" ජිමින් තව දෙයක්. අපේ ඇක්ටර්ස්ලගෙ ඇක්ට්‍රස්ලගෙ අලුත් ඩ්‍රාමා වලට සයින් කරපු සේරම ඇග්‍රීමන්ට්ස් ඒ කම්පැනීස් වලින් කැනස්ල කරලා. එයාලා කැමති නෑ මේ වගේ කම්පැනි එකකින් අයිඩල්ලව සම්බන්ධ කරගන්න. දැන් මොකද අපි කරන්නෙ. අපි මොනවහරි නොකරොත් ලොකු විනාසයක් වෙයි. "
" මන් අද හවසට ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියන්න ඉන්නෙ. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. මිස්ටර් චෝයි ඔයා හවසට ප්‍රෙස් කන්ෆරන්ස් එක කරන්න මීඩීයා වලට එන්න කියලා දන්වන්න. තව සාරාටත් එන්න කියලා දන්වන්න. "
" හරි ජිමින්. මන් එහෙනම් යන්නම්. "
මිස්ටර් චෝයි යනවත් එක්කම ජිමින් එයාගේ මේසෙන් ඔළුව තියා ගත්තෙ මහන්සියට වෙන්න ඇති. මොනා වුණත් එයා CR ENTERTAINMENT එකේ CEO නිසා සිද්ධ වුණු දේත් එක්ක එයා ඇත්තෙ ලොකු ප්‍රෙෂර් එකකින්. මන් කෑම බෑග් එකත් පැත්තකින් තියලා ජිමින් ළඟට ගියේ එයාට කොහොමද බලන්න.
" ජිමින් ඔයා හොඳින්ද. "
මන් ඒක අහපු ගමන් ජිමින් ඔළුව උස්සද්දියි මන් දැක්කෙ එයාගෙ ඇස් රතු පාට වෙලා තියනවා.
" ලෑස්ති වෙන්න. මන් ඔයාව ගෙදර ගිහින් දාලා එන්නම්. "
" ඒත් හවස ප්‍රෙස් එකක් තියනවා කියලා කිව්වෙ ඔයා. "
" ඒක හවසනෙ තියෙන්නෙ. දැන් යමු. "
" මට කැබ් එකක යන්න පුළුවන්. උදෙත් ආවෙ එහෙමනෙ. "
" මගෙ යකා අවුස්සන්නැතුව ලෑස්ති වෙලා එනවා යන්න. "
තව ටික වෙලාවක් හිටියොත් ජිමින්ගෙන් හොඳ ගුටියක් කන්න වෙනවා කියලා දන්න නිසාම මන් පහළට ගිහින් මගේ බඩු ටික බෑග් එකට දාන් පුළුවන් ඉක්මනට කාර් පාක් එකට ගියා. මන් ගිහින් ටික වෙලාවකට පස්සෙ ආපු ජිමින් කිසිම කතාවක් නොකරම මාව ගෙදර ගාවින්ම බැස්සුවා.
" අම්මට කියන්න මන් රෑට එන්නෑ කියලා. "
" ඇයි... "
මට ඇයි ඒ කියලා අහන්න ඕනි වුණත් එයා කාර් එක රේස් කරන් ගියේ හරියට මටත් ගස්සන් වගේ. එයත් එකයි එයාගෙ ලදරමත් එකයි. දෙන්නම දන්නෙ ගස්සන් යන්න විතරයි.
ගෙදර ගිහින් වොෂ් එකක් දාන් කාමරේට ආපු මම මුලින්ම කළේ ජිමින් දීපු ෆෝන් එකේන අභීට කෝල් කළ එක.
රට වටේම ඕප දූප ටික පැය දෙකක් විතර කතා කරාට පස්සෙ හවස් වෙලා නිසා මන් පහළට ආවෙ නැන්දට ඩිනර් එක රෙඩි කරන්න.
"ආ සුදු බබා.. ඔයා කොයි වෙලේද ආවෙ අනේ. "
" දැන් ටිකකට කලින් නැන්දා. ජිමින් මාව ගෙනත් දාලා ගියේ. එයා කිව්වා අද රෑට එන්නෑ කියලා. "
" මේ කොල්ලා නම් ඔය කම්පැනි එක නිසා ලෙඩෙක් වෙලා නවතින්නෙ. "
" ඒකනෙ නැන්දා. ඔයා දන්නවද ඒකෙ නිලියක් තව නිලියක්ව මරන්න හදලා නේ. ඒක නිසා මේ දවස් වල එහේ හරි කලබල. "
" දන්නවා සුදු බබා. මාමා මට කිව්වා. පව් මගේ කොල්ලා. ඔය කීවෙනි පාරටද ඔහොම දෙයක් වුණේ. "
" ඒ කියන්නෙ නැන්දා කලිනුත් මෙහෙම දෙයක් වුණාද. "
" ඔව් සුදු බබා. දැන් අවුරුදු තුනකට විතර කලිනුත් ඕකෙ හිටපු ගෑණු ළමයෙක් සූසයිඩි කරගත්තා. ඒක නිසා ඔය වගේම ලොකු කලබලයක් ඇති වුණා. ඒවා ඉවර වුණා විතරයි ආපහු තව එකක්. අනේ මන්දා කවදා මේවා ඉවර වෙයිද කියලා. "
කතා කර කරම මන් නැන්දට ඩිනර් එක හදන්න උදව් වුණා. බලන් ගියාම ජිමින්ගෙ කම්පැනි එක හරියට බූත බංගලාවක් වගේනෙ.
ජිමින් ආවෙ නැති නිසා අද ඩිනර් එකට හිටියෙ මාමයි නැන්දයි මායි විතරයි. අපි ඩිනර් එක වෙලාවෙදිත් කතා කරේ ජිමින්ගෙ කම්පැනි එකේ සිද්ධිය ගැන. ඩිනර් එකෙන් පස්සෙත් ටික වෙලාවක් කතා කර කර ඉදලා හැමෝම නිදා ගන්න ගියේ ටිකක් රෑ වෙලා තිබුණු නිසා.
වොෂ් එකත් දාන් පිජාමා කිට් එකත් ඇඳන් ඇඳට පැනපු මම කල්පනා කරේ අද උදේ ටේටේගෙ ෂොපින් මෝල් එකේ වුණු සිද්ධිය ගැන. මොකද මන් එහෙදි දෙපාරක් ඒ අමුතු හීන දැක්කා. මුලින්ම ජිමින් මාව ඇඳුම් ගන්න එහෙට එක්කන් ගිය වෙලාවෙ. ඊට පස්සෙ අද. දෙයියනේ.... මට ජිමින්ගෙ ඔෆිස් එකේදිත් ඒ අමුතු හීනෙ පෙනුනා නේ. මන් ටිකක් කල්පනා කරද්දි තමයි මට තේරුණේ ඒ හැම වෙලාවකම ටේටේ මන් ළග හිටියා කියලා. ඒ වගේම එයා මගේ අත අල්ලද්දි මට ඇඟ පුරා කරන්ට් එකක් යනවා දැණුනා කියලා. ඊට පස්සෙ තමයි ඒ හැම හීනයක්ම පේන්නෙ. ඒ කියන්නෙ මට ඒවා පේන්නෙ ටේටේගෙ අත අල්ලන් ඉද්දිද. ඒත් එහෙම වෙන්නෙ කොහොමද. දැන් නිකන් යකාගෙ කම්මල වගේ මගේ ඔළුව. ඊළඟ පාර ටේටේ මුණ ගැහුනම එයාගෙ අත අල්ලලා බලලා මේකෙ දෙකෙන් එකක් විසඳ ගන්න ඕන.
මට නින්ද යාගෙනම එද්දි ෆෝන් එකට ආපු කෝල් එකක් නිසා එක පාරටම පපුව ලබ් ඩබ් ගගා ගැහෙන්න ගත්තෙ ඒ කෝල් අයිඩී එකේ ජිමින්ගෙ නම තිබ්බ නිසා.
අද කොටස නම් සුපිරියටම බෝරින් නේද.... මේක හෙන අවුල් මූඩ් එකකින් ලියවුණේ. ඒ නිසා සොරි මගේ සීනි බෝල යාළුවනේ... අනිත් කොටස් ඔයාලට කම්මැලි නැති විදියට ලියන්න ට්‍රයි කරන්නම් හොඳේ... එක දිගට දවස් දෙකක් එක ළඟ අප්ඩේට් දුන්නමද මන්දා 😂
හෙට ඕලෙවල් ලියන සීනිබෝල යාළුවො ටිකට මන් සුබ පතනවා.❤️ හෙට පලවෙනි දවස නිසා ඔයාලා ටිකක් බයෙන් ඇත්තෙ. ඒක හෙට පේපර් එක ලිව්වට පස්සෙ ඉබේටම ඇරිලා යනවා. ඒ නිසා පාඩම් කරපුවා හොඳට ලියලා එන්න බය වෙන්නැතුව.
( ඕලෙවල් කියන්නෙ ජීවිතේම නෙමෙයි ළමයි. ) ඊළඟ කොටසෙදි මන් මට ඕලෙවල් ලියද්දි වෙච්ච රස කතා ටිකක් ඔයාලට කියන්නම් 😂💔
#කම්මැලි ඕතර්
23/05/28