HE IS MY SHADOW ( Completed )...

By NisheeTharuu

14K 2.8K 574

ඉතින් , අදුරෙදිවත් මා හැර නොදා ගිය සෙවනැල්ල ඔහුම විය ❤️ More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
18

17

587 135 15
By NisheeTharuu


උගෙ මූන එහෙම්පිටින්ම පිච්චිල ගියා .. ඇසිඩ් වලට ඒ කාලකන්නියගෙ මූනෙ හම දියවෙලා බිමට වැක්කෙරෙද්දි ඌ මරලතෝනි දීල කෑගැහුවෙ මං පැත්තකට වෙලා උගෙ වේදනාව රසවිදිද්දි .. එදා මගෙ චතූ මුගෙ ලග කොච්චර අඩන්න ඇත්ද .. ?හරි කාලෙ එනකන් මං මගෙ චතූව මලක් වගේ රැකල ඌව මගේ කරගත්ත .. අන්තිමට ඉතුරු උනේ මොකද්ද .. ? මගේ විතරක් කියල රැකපු රෝස මල මේ කාලකන්නි එකතු වෙලා පොඩිකරල විනාස කරල දැම්ම...

" ආර්හ්හ් ... බේරගනියෝ .. එපා .. එපා... අනේ අහ්හ් ...!!"

ඌ කොච්චර මරලතෝනි දුන්නත් මං නෙමේ එක කනකට ගත්තෙ .. මූනෙ හම ටික ටික පිච්චිලා .. හම දිය වෙලා යද්දි .. මේසෙ උඩ තිබ්බ අඩුව අරං ඉතුරු අන්තිම ඇගිලි පහ කපල දැම්මෙ ඌ උගෙ මරනෙ මගෙන් ඉල්ල ඉල්ල වැද වැටෙද්දි .. මේ ගෙව්න අවුරුදු තුනේදිම මුං වින්දෙ දුකම විතරක් වෙද්දි නමට විතරක් අම්මෙක් උන චතූව විකුනපු ගෑනි දැනට මාස දෙකකට උඩදි ඇසිඩ් ටබ් එකක දිය වෙලා ගියේ විදින්න පුලුවන් හැම වේදනාවක්ම විදවල වෙද්දි උගෙ මිනිහව පණ පිටින් පණ පිටින් ගිනි තිබ්බ ... හැබැයි ඌ බේරුනා ... පිචිචිල පිච්චිල ඉතිරු උන කැලැල් වලින්ම උගෙ ශරීරෙ වැහිල තියෙද්දි උදව්වක් හැටියට මංම උගෙ කැලැල් ඇගෙන් පිහිදල අයින් කලේ උගේ වේදනාව පිරුනු කෑගැහිල්ල මේ මුලු පාලු බේස්මන්ට් එකේම රැව් දෙද්දි ... දැනටත් උගෙ පණ ගැහෙනව .. හැබැයි ... ඌ ඉන්නෙ මරනාසන්න වේදනාවෙන්...

ඌවත් ටික ටික මරල දාන ගමන් .. මගෙ චතූව විනාස කරපු එකාව මං ලේසියෙන් අතාරින්නෑ... කකුල් දෙකේ වගේම අත්දෙකේ ඇගිලි විස්සම මේ වෙද්දි උගෙ ඇගෙන් වෙන් වෙලා තියෙද්දි විරූපි උන මූන එක්ක ඒ කාලකන්නිය කෑගහද්දි අමුනිරුවතින් හිටපු කාලකන්නි බල්ලගෙ ඇගේ හම පුපුරල යන්න බෙල්ට් එකෙන් පාරවල් පිට පාරවල් ගැහුවෙ හිතේ කැකෑරෙන වෛරයටමයි ...






.
.
.
.
.
.
.
.
.
.
.









" හරි මං.. මං මේ දැන් එනව .. "



මෙච්චර වෙලාම මගේ බෙල්ට් පාරවල් වලින් හාමත් වෙලා ඉදපු මිනිහ දිහා එක බැල්මක් දීපු මං ඉදපු තැනින් ඉක්මනට එලියට ඇවිත් කා එකට නැග්ගෙ පුලුවන් උපරිම වේගෙන් හොස්පිට්ල් එකට එද්දි .. දන්නෑ මට කතාකරගන්න බෑ ගොලුවෙලා වගේ ... අවුරුදු තුනකට පස්සෙ මං හිනා උනාමයි .. මට හරියට පිස්සු හැදෙන්න වගේ ..

මට මගෙ චතූ ඉන්න රූම් එක පවා අමතක වෙලා ගියා ... මොකද මගෙ ඔලුවෙ තිබ්බෙ එයාව දකින එක විතරක්ම වෙද්දි රිසිප්ශන් එකේ හිටපු නර්ස් කෙනෙක් මාව රූම් එක ගාවට එක්ක යද්දි තප්පරයක්වත් නොහිටපු මං රූම් එකේ දොර ඇරන් ඇතුලට ගියා ...

" මගෙ චතූ ... "

මට කතා කරගන්න බෑ .. ඒ තරම් මගෙ කටහඩ වෙව්ලද්දි මගෙ ඇස් වලින් සට සට ගාල කදුලු වැල් කම්මුල් තෙමන්න ගද්දි ඇදේ ඉදන් මං දිහා බලන් ඉදිය චතූ ගාවට ගිහින් මං එයාව මගෙ පපුවට තුරුලු කරගත්ත ..

" මගෙ පණ... මගෙ රත්තරං .. "

එයාව පපුවටම තුරුලු කරන් මං එයාගෙ මුලු මූනම ඉම්බ .. මගෙ සතුට මෙච්චරයි කියල කියාගන්න බැරි වෙද්දි සතුට වැඩි කමටම මං එයාව පුලුවන් තරම් තද කරල බදාගත්ත ..

" අධීශ ...හු..ස්..ම ගන්න බෑ ..ම්හ් "

මේ ලෝකෙ සිහියක් නැතිව හිටපු මං සිහියට ආවෙ එයාට හුස්ම ගන්න බෑ කියද්දි වගේම මං ඉක්මනට එයාව මගෙන් ටිකක් ඈත් කලේ අත් නොහැර ...

" මැනික .. මගෙ පන .. මං ආදරෙයි .. මහ හුගක් ආදරෙයි... ආයෙ මේ වගේ ගින්දරක් දෙන්න එපා රත්තරං ... මගෙ පණ.. "


මං නිවනක් නැතුව එයාගෙ මූන ඉබගෙන ඉබගෙන යද්දි එයා එයාගෙ ඇස් වලින් මගෙ මූන දිහා බලාගෙනම හිටියෙ ඩොක්ටර් අශාද් මට පොඩ්ඩකට එලියට එන්න කියල කතා කරද්දි ... තප්පරේකටවත් මගෙ චතූව මගෙන් ඈත් කරන්න මගෙ හිත මුරන්ඩු උනත් එයාගෙ නලල ඉබල මං ඩොක්ටර් එක්ක රූම් එකෙන් එලියට ආවෙ වැදගත් දෙයක් කියන්න වෙන්න ඇති කියල හිතුන නිසා....

" ඩොක්ටර් අශාද්... ? "

" මිස්ටර් අධීශ ... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනව .. "

" ම්..මොකක් ගැනද ඩොක්ටර් .. ?.. ම්..මොකක් හරි ප්‍රශ්නයක්ද... ? "


" නෑ නෑ බය වෙන්න දෙයක් නෙමේ.... පොඩි දෙයක්... "


" කියන්න ඩොක්ටර් ... මොකද්ද ඒ
..මගෙ චතූට ... "


"මිස්ටර් අධීශ කාම්ඩව්න්... ඔයාගෙ චතූට කිසිම ප්‍රශ්නයක් නෑ... ම්ම් මේකයි .. එයාගෙ මතකෙ නැති වෙලා...."

" ම්..මොකද්ද ...මගෙ චතූගෙ මතකෙ... ඩොක්ටර් .. "

" නෑ නෑ බය වෙන්න දෙයක් නෑ... එයා අවුරුදු තුනකට කලින් සිද්ද උන යම්කිසි සිද්දියක් අමතකවෙලා තියෙන්නෙ... ඔයා .. එයාගෙ පව්ල ...මේ හැමදේම එයාට මතකයි .. හැබැයි ... එයාට අන්තිමට මතක මීට අවුරුදු තුනකට කලින් එයා කැම්පස් ඉවර වෙලා එද්දි කෙනෙක් එයාව පැහැර ගන්නව කියන කොටස විතරයි... එතනින් පස්සෙ එයාගෙ මතකෙ නෑ .. කොටින්ම එයා මෙහෙම හොස්පිට්ල් එකේ ඉන්නෙ ඇයිද කියන්නවත් එයාට මතකයක් නෑ."



ඩොක්ටර් කියපු දේට මං හිනාවෙන්නද අඩන්නද කියන්නවත් මට තේරුමක් නෑ .. එයාගෙ මතකෙ නැති වෙලාලු .. ඒකත් එදා සිද්ද උන කිසි දෙයක් එයාගෙ මතකෙ නැති වෙලාලු .. කොටින්ම එයාට එයාගෙ ජීවිතේ අදුරු දවස සදහටම අමතක වෙලා ගිහින් තියෙද්දි මං අත්දෙකෙන්ම මූන වහන් බිත්තියට පිට දීල හේත්තු උනේ ඩොක්ටර් මං ගාවට ඇවිත් මගෙ උරහිසකට තට්ටුවක් දාද්දි ...


" එදා සිද්ද උනේ මොකද්ද කියන්න කියන්න ඕන ඔයා .. මං හිතනව මේ උන දේ එයාගෙ වගේම ඔයාගෙ ජීවිතේට ලැබුනු අලුත් පටං ගැන්මක් කියල....  එයාගෙ අදුරු මතක නැති කරල අලුත් මතකයක් එයාට දෙන්න... "

එහෙම කියල ඩොක්ටර් එතනින් යන්න යද්දි ඇස් වල තිබ්බ කදුලු පිහිදන් ඉක්මනට රූම් එක ඇතුලට ගියේ එයා මං දිහා බලන් ඉද්දි ...


" අධීශ .. අනේ කොහෙද ගියේ .. මං.. බ..ය උනා... "

" නෑ නෑ මැනික .. ඔයාගෙ අධීශ කොහෙ යන්නද ඔයාව දාල... මං ඔයා ගාවමයි ඉන්නෙ රත්තරං .. දාල යන්නෑ කවමදාකවත් .. මං ආදරෙයිනෙ මැනික... "

මං ඒ මූන අතගාල එයාගෙ නලලට මගෙ නලල හේත්තු කරගනිද්දි එයා මාව බදාගත්තෙ පූස් පැටියෙක් වගේ .. ඩොක්ටර් කිව්වෙ ඇත්ත .. එයාගෙ අදුරු අතීතෙ එයාට අමතක උන එක එයාගෙ වගේම මගේ ජීවිතේ අලුත් පටං ගැම්මක්.. මට පුලුවන් ඒ අදුරු අතීතෙ සම්පූර්නයෙන් ම නැති කරල එයාට ලස්සන මතකයක් දෙන්න...


" ම්..මං කොහොමද මෙහෙට ආවෙ .. අධීශ .. එදා .. එදා අර මිනිහ මාව පැහැර ගත්ත .  අනේ අධීශ එතනින් පස්සෙ... එතනින් පස්සෙ මො.... "


" ශ්... කෝ බලන්න.. බලන්න රත්තරං මං දිහා .. මුකුත් උනෑ තේරුනාද .. බය වෙන්න එපා එදා මුකුත් උන්නෑ... මගෙ රත්තරං දැන්  අපි තුරුලු වෙලා ඉමු හාද... කිසි දෙයක් ගැන හිතන්නැතුව ඉන්න රත්තරං .. අපි පස්සෙ ඒ හැමදේම ගැන කතා කරමු .. "

මං එයාව මගෙ පපුවට තුරුලු කරන් පිට දිගේ අත අරන් ගියේ එයා තව තවත් මට තුරුලු වෙද්දි... අවුරුදු තුනකට පස්සෙ නැගිට්ට මගෙ කොල්ල දුරවල වෙලා සෑහෙන්න... එයා කෙට්ටු වෙලා... මගෙ පන .. මං ඉක්මනට මගෙ කොල්ලව ගෙදර ගෙනියනව...


විනාඩි ගානකට පස්සෙ එයාට ආයෙම මගෙ තුරුලෙ නින්ද යද්දි හෙමීට එයාව ඇදෙන් හාන්සි කරපු මං එයා ගාවින්ම හාන්සි උනේ එයා දිහා බලන්....


" හලෝ තාත්ත .. ඔයාගෙ චූටි පුතා  නැගිට්ට .. එන්නකො... "

මං දන්නව දැන් තාත්ත විනාඩි පහක් යන්න කලින් හොස්පිට්ල් එකේ ඉදීවි .. ඒ තමයි තාත්තලගෙ ආදරේ ... ඒත් එක්කම මට මතක් උනේ චතූ අම්ම ගැන ඇහුවොත් මං මොකද්ද දෙන්න ඕන උත්තරේ කියල... මට හිතාගන්න බෑ .. කොටින්ම අම්මගෙ මරනෙ මගෙ කොල්ලට ශොක් එකක් උනොත් .. ඒ හින්දයි මං තීරනේ කලේ මේ හැමදේම එයාට හෙමීට තේරුම්කරල දෙනව කියල...

එයා දිහා බලපු මං ආයෙම එයාගෙ නලලට තොල් තද කලේ එයා නිදන් ඉද්දිම කෙදිරි ගාද්දි.... මං එයාව මගෙ පැත්තට හරවන් ඒ පිට අතගාද්දි එයා මගෙ පපුවට තුරුලු වෙලා ආයෙම සැපට නිදාගත්තෙ මං කල්පනාවට වැටෙද්දි... ඒ ... අර ඉතුරු කාලකන්නි දෙන්නවත් ඉක්මනට ඉවරයක් කරල දාන්න ඕන කියන එක ගැන....

















☂️.. ඔන්න චතූට සිහිය ආව ❤️❤️..



☂️.. කමෙන්ට් කරල වෝට් කරන හැමෝටම ආදරෙයි ❤️❤️








...🌷tharuu 🌷...

Continue Reading

You'll Also Like

66.7K 17.3K 59
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
20.7K 3.4K 25
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
93.1K 14.7K 52
ඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔
79.1K 10.5K 39
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]