මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
" අයාන්.. . මට ඒ ප්‍රශ්නෙට ඔයාට උත්තරයක් දෙන්න බැරිකමක් නෙවෙයි . .. ඒත් ඒ ප්‍රශ්නෙ උඹ නොහිතන තරම් මට බරයි..... මෙච්චර කාලෙකට ආදරේ කියන ප්‍රශ්නෙට හරි සරල උත්තරයක් දුන්න මට මොන හේතුවකටද කියන්න බැරි තරමටම අද ඔය ඇස් ඉස්සරහ දෙන්න ඕන උත්තරයක් හිතා ගන්න බැරිඋනා ........ මන් දන්නෑ ... ඇත්තටම මට තේරෙන්නෑ ඇයි කියන්න. ...... සමහර විට ඒ ඔයා උත්තරාගෙ මල්ලී නිසා වෙන්න ඇති.... මට ඔයා මගෙ සහෝදරයෙක් වගේ නිසා වෙන්න ඇති. ..... ඒත් ඒ හැගීම මට මෙහෙමයි කියල කියාගන්න බැරි තරමට හුරැ පුරැදුයි...... "
****""*******************************
එයා යන්න ගියා .... අන්තිමේට එයාගෙ වචන විතරක් මගෙ හිතේ පුරවල එයා යන්න ගියා ...
."... උඹ මගේ කව්ද?.... " ඇත්තටම උඹ විතරක් නෙමේ මමත් තාම හොයනව උඹ මගේ කව්ද කියල. .. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඉක්මනටම ලැබේවි... ....
.... කොහොම උනත් හිත බලාපොරොත්තුවෙන උත්තරේ මට හම්බනොවේවි කියල ඇත්තටම මට බයයි ... මම ඒතරම්ම අවාසනාවන්තයෙක් වෙන එකක් නෑ නේද සුදු ආච්චි. .... මගෙ තාත්තා ඇත්තම මගෙ තාත්තා වෙන්න ඇති නේද....... සුමිත් වීරවංශ කියන්නෙ මගෙ ඇත්තම තාත්තා නේද... ... ඔව්.... ඒක තමයි ඇත්ත. .... මම මගෙ තාත්තා දරැවෙක්. ....... කියෙව්වා. .... හිතේ තියෙන ප්‍රශ්නවලට උත්තර බදින්න කෙනෙක් නැති බව දැන දැනම කියෙව්ව මම අන්තිමේට මටම උත්තර බැදගත්ත ....
මගෙ හිතත් එක්කම කියවල අන්තිමේට එයා මේස උඩ තියල ගිය වතුර වීදුරුව අතට ගත්ත මම එහෙමම බෙහෙත් ටික ගිලල දැම්ම වෙනකොට ඔහේ සිවිලිම දිහා බලන් උන්න මට ටිකකින් නිකන්ම නින්ද ගිහින් තිබුන. ...... ආයෙමත් මම ඇහැරැනෙ මගෙ කෙස්ගස් අතරින් එහාට මෙහාට වෙන උනුසුම් අතකට වෙද්දී මම එහෙමම ඇස් ඇරිය. ...
"හොදට නින්ද ගියා නේද. ... දැන්
හයටත් කිට්ටුයි. .... . "
"අක්කා...... ඔයා කොයි වෙලේද ආවෙ...... "
මම එහෙමම ඇද විට්ටමට හේත්තු උනා .......
" දැන් ටිකකට කලින් මල්ලී. ...... ආව ගමන් විෂේන් මට කීව ඔයා කරගෙන තියෙන හරිය..... දැන් ඉතින් තව ටිකකින් මමීල ආවම එයාගෙ සුදු පුතාට තුවාල කරගෙන කියල මට බනී... . "
මම හිනා උනා .........
..... මම දන්නවා උත්තරා අක්කට ඕන මාව හැමතිස්සෙම මේ පවුලෙම කෙනෙක් කියල දනවන්න.... ඒ වගේමයි මාව සැහැල්ලුවෙන් තියන්න. .. ඒත් ඒක හරි අමාරුයි... ...... ... මම එයාලට ආදරෙයි..... ... ඒත් මගෙ හිත පිලිනොගන්නම දේ ඒක වෙද්දී මම හිතුවෙම මේ බොරැව එලිවෙන දවසක
මගේ ජීවිත වගේම මේ ජීවිතත් කොච්චර වෙනස් වේවිද කියලා. ....
" කොහොම ද අක්කෙ ගිය වැඩේ...."
" අවුලක් නැතුව කෙරැණ මල්ලී. ...පොඩි එවුන් ටික ආසාවෙන් ප්‍රැක්ටිස් කරා...හරි..හරි..... ආ .. දැන් මේ කිරි එක බීල ඉන්නකො... දවල්ට කෑවෙ නැති නිසා බඩගිනිත් ඇති........ "
" අක්ක කාලද ඉන්නෙ? . .... "
" හ්ම්ම්ම් කෑව.... "
"පුතා.... අනෙ අයාන්..... මොකද උනේ රත්තරනෙ . .... අම්ම කීවනෙ පරිස්සමට ඉන්න කියල........
...... කොහෙද තුවාල උනේ.....කෝ. .....
.කෝ අම්මට පෙන්නන්න..... "
දුවගෙන ආව අම්ම වචනයක් වත් මට කියන්න නොදීම මාව එහෙට හරව හරවා තුවාල හෙව්වා. .... පව් .... ඒ ඇස් වල මේ ටිකට කදුළු පිරිල...... ඇත්ත දැනගත්ත දවසට මේ වැටෙන කදුළු වලට මට සමාවක් තියෙයිද දෙයියනේ.....
" අනේ.... මගෙ සුදු අම්මනෙ...
මේ කකුල පොඩ්ඩක් කැපිල විතරයි..... අනික ඉතින් මගෙ අම්ම බොරැවට බයවෙනවනෙ..... ඔයාට අමතක උනාද ඔයාගෙ සුහච කීකරැ හස්බන්ඩ් ඩොක්ට කෙනෙක් කියල... ම්ම්ම්ම්. ..... "
එහෙමම මම ඒ පපුවට බර වෙද්දී අම්මෙක් නැති මගේ ජීවිතේ අම්මා වෙලා උන්න ඒ ආදරනීය ගැහැණිය උන මගෙ අම්ම ....... ආදරය පිරැනු හාදුවක් මගෙ නලලට තිබ්බ. .... ඇත්තටම මම මේ ආදරේට ලෝබයි..... කාලයක් හීන මවපු අම්මගෙ උනුසුම ආදරය අද ඕනවටත් ලැබෙද්දී කවුරැහරි මේ ආදරේ මගෙන් උදුරගයි කියල මට බය හිතුන. ..........
..
" නරකයි පුතා ඔයා.. අම්මව හැමතිස්සෙම ඔහොම බය කරන්න එපා අයාන්.... හරි දැන් අම්මට කියන්න මොකක් කරන්න ගිහින් ද කකුල තුවාල කරගත්තෙ. . .....
" තියෙන පණ්ඩිත කමට ලලිත ලවා උයාගන්නැතුව උයන්න ගිහින්. .... අන්තිමේට හැදුව කිරිබත් එකත් කොහෙවත් නැති ලුණු මිරිසක් නිසා කන්න බැරි උනා නේ මල්ලී. ... ......."
මම බලන් උන්න ..... හැමෝම උත්තරා අක්කගෙ විහිළුවට හිනාවෙද්දී ඒ ඇස් දෙක විතරක් ලොකු කල්පනාවකට බර වෙලා තිබුන. ... එයා ඉන්නෙ ලොකු දෙයක් හිත හිතා උනත් ඒ කොනක කොයිමහරි තැනක මමත් ඉන්නව කියන්න මට දැනුන. ...... උඹගෙ කල්පනාවට දැන් මාත් එකතු වෙලා. .... මට බයයි...... අපේ ජීවිත මොන අතකට පෙරලිල යයි ද කියල ....... මගේ ජීවිතේ කොහොම උනත් උඹගෙ ජීවිතේට සතුට විතරක් ලැබුනොත් ඇති මගෙ පුංචි හාමු මහත්තයෝ ........
.......
............
.........
*************************************
රෑ බීව බෙහෙත් ටිකට පින්සිද්ධ වෙන්න උදේ නැගිටල ඉන්න පුලුවන් උනත් තවම හරියට ඇවිදින්න බැරි නිසාම නොන්ඩි ගගහ රෑම් එකෙන් එලියට ආව මන් බැල්කනි එකට ආව වගේම හැගීමක් නැතුවම අහස දිහා බලන් උන්න. ....හිත නිදහස් කරගන්න. ....... ... ඒත් මට තාම බැරිඋනා සෙංකඩගල අහසට වගේ කොලඹ අහසට ආදරේ කරන්න. ..... ජීවිතේ හුගක් කටුකඅත්දැකීම් වගේම හරි ආදරණීය උනුසුම් හැගීමුත් මම වින්දෙ ඒ සෙංකඩගල අහසයට..... ඒ මතකයන්ට ආයෙම පණ දෙන්න බැරිඋනත් මම තාමත් ආදරේ මගෙ අතීතෙට..... සීය තාත්තාගෙ ඒ අහිංසක හිනාවට ... සුදු ආච්චිගෙ ගොරෝසු උනත් හරි සනීපෙට දැනුන ඒ අත්වල උනුහුම. ...... මම උදේහවා මල් නෙලුව ඒ වැව.... ....... හරි පරිස්සමට ආදරේ කියා දුන්න උඹ ..... මුලු සෙංකඩගල අහසටම ... මේ හැමදේම. ....... ජීවිතේ සමහර වෙලාවට ආපස්සට යන්න පුළුවන් උනානම් කියල හිතුන වාර අනන්තයි. ......
" අයාන්. .... කොහොම ද දැන් කකුල ..... ............ ..........................................මොකක් හරි ප්‍රශ්නයක් ද . . .... "
අතීතෙට ගිහින් උන්න මම ඒ කටහඩට වගේම ඒ රෑපෙ ඉස්සරහ ගැස්සුන වගේම හදිසියට හංගන්න බැරි උන කදුළු එයා දැකල තිබුන වෙනකොට එයා මගෙන් ප්‍රශ්නයක් ද අහන ගමන් මගෙ ලගට ආවා . ......
" මන් හොදින්. ..."
" ඒත් මට එහෙම හිතන්නෑ....... මන් අහල තියෙනවා හිතේ තියෙන දුක කාටහරි කීවම ඒ දුකතුනීවෙනව කියල........ අයාන්ට පුළුවන් ඕන නම් උත්සාහ කරන්න. ...... මට හොද අසන්නෙක් වෙන්න පුළුවන්. ........."
මම එයාට හිනාවක් දුන්න ......
...... මට ප්‍රශ්නවලින් ඈත් කරන්න ඕනෙ උඹවනම්.... අනිත් හැමදුකක්ම මගේ කරගෙන සතුට විතරක් උඹගෙ ජීවිතේට ලන් කරන්න ඕන නම්. ... මගේ දුක් ගැනවිල්ල උඹට කොහොම කියන්නද කියල හිතුන. .....
" ප්‍රශ්න කියන ඒව කාටද නැත්තෙ ... ඒක එහෙමනේද.... ..... ඒකෙන් වැඩක් නෑ. ... .... මගෙ තුවාලෙ කොහොම ඇහුවනෙ...... දැන් ඒක අඩුයි.... ..... . .... මිස්ටර් විෂේන්ට පින්......."
"පින්......."
හිතල නොවුනත් පුරැද්දට කියැවුන එකම වචනෙ එයා ලග නැවතිල තිබුන. .. ....
" ඇයි එහෙම එපාද. ... එහෙනම් තෑන් ......"
"ඕන නෑ. .... එහෙම එපා..... තැන්ක්ස් කරන්න එපා.......... මම කැමතියි. ... එහෙම කීවට...... .......
....... අනිත් අයට කොහොම ද කියන්න මන් දන්නෑ ඒත් තැන්ක්ස් කරනවට වඩා ඒ වචනෙන් මගෙ හිත පිරැණ. ....... . ඔයා වගේම ඒ වචනත් මට ගොඩක් දැනෙනව. .....
...
..
එයාගෙ කටින් පිටවුන වචනෙට මම ගැස්සුන උනත් ආයෙමත් මම ගානක් නැතිවම එයාව නොපෙනෙන මානෙකට ඇස් යැව්ව...... දැනටමත් මගෙ හිත කලබලයි......
" මල්ලීයෝ. ....... ".
....
උදේ පාන්දරම කඩාගෙන බිදගෙන ආව උත්තරා අක්ක බිත්තිය එහාපැත්තෙන් බැල්කනි එකට ඔලුව දාද්දි මම විතරක් නෙමෙයි එයත් බය වුනා.. ........ සුදුම සුදු පාටට මොනව හරි උලාගාගෙන පිපිඤ්ඤා කෑලි දෙකකුත් ඇස් වලට ඔබාගෙන ඔක්කොමත් හරි ඒ මදිවට කොණ්ඩෙත් කඩාගෙන. ...... ආය අහන්න දෙයක් නෑ සුදු ආච්චි කියල දුන්න කතාවල හිටිය සොල්දර අවතාරයක් වගෙ..... මම එහෙමම එයා දිහා බැලුව. ... එයා යන්න එන හිනාව ඔන්න මෙන්න කියල අමාරුවෙන් තදකරන් උන්න. ....
" මොකද අක්කෙ මේ උදේම පිටි මූණෙ උලාගාගෙන. .... "
ඇහැට උඩින් තියාගෙන උන්න පිපිඤ්ඤා කෑලි දෙකත් අතට ගත්ත උත්තරා අක්ක මන් දිහාවට කවදාවත් නැති අමුතුම හිනාවක් දුන්න. ... ඒ හිනාව මම අහපුදේටද නැත්තන් මගෙ එහා පැත්තෙන් උන්න එයා නිසා ද කියන්න මට තේරැන් නෑ. ..... ඒ උනත් උත්තරා අක්කගෙ මූණෙ හිනාව එකයි. . ...
" මොනවද අයියො..... මම මේ පේෂල් එකක් දැම්මා. ........ ඇද කරන්න එපා හෙලෝ..... මොනව උනත් උඹ බදින කෙල්ල පව් මල්ලී. .... ... "
" ඒ ඇයි ....."
" ඇයි අහන්නෙ .... පුංචි පේෂල් එකක් කරත් අපිට සවුත්තුව දානවනේ.. .නැද්ද විෂේන් ..... "
" හ්ම්ම්ම්. ..."
අක්කගෙයි මල්ලිගෙයි වලිවලට මම නෑ කියන්න වගේ එයා හ්ම්ම්ම් විතරක් කීව.......
" හරි දැන් මොකක් නිසාද කෑ ගහගෙන ආවෙ කියන්න බලන්න. .... "
" ගුඩ් නිව්ස් එකක් කියන්න හෙලෝ.... "
" ඩැඩී කීව .... මේ සැරේ වීකෙන්ඩ් එකට trip එකක් යනව කියල....."
" Trip එකක්. ..?"
"හ්ම්ම්ම් . හරි හරි වැඩිදුර පසුවට ....යමු දැන් කන්න. ...."
අපි දෙන්නම බැල්කනි එකෙන් එලියට ඇදන් ආව උත්තරා අක්ක එයාගෙ පිටිටික හෝදගන්න යද්දි මම හෙමීට පඩිපෙල බහින්න ගත්ත උනත් පඩියක් තියන්න කලින්ම එයාගෙ අත ඇවිත් මගෙ උරහිස වටේට එතුන. ..... .......
.. ..... .........
...........
" කිරිබත්....."
" මගෙ රත්තරන් දැන් ඇතිවෙනකන් කන්නකො...... ... කන්න ආස නිසානෙ ඊයෙ හදන්න ගිහින් ඔච්චර හරියක් කරගත්තෙ. ... ඒ නිසා අම්මා හැදුව. ... "
" අම්ම කවනවද... ?"
ඒ වචන ඇත්තටම මගෙ හිත රිද්දුව. ..... මේ දෙන ආදරේට මම ණයයි ඇත්තටම මම ණයයි ..... උඹ ඇත්තටම වාසනාවන්තයි අයාන්. ....... . දවසක මට යන්න උනොත් මේ ගෙදරින් දාල යන්න බැරි එකම දේ දරාගන්න බැරි තරම් මේ දෙන ආදරේ වේවි ..... හදල තිබුන කිරිබත් ටික ඒ අතින්ම කවාගත්ත මම අන්තිමේට එයාටත් කැව්ව වෙනකොට මම බලාන මගෙ ඇස් වල වගේම ඒ ඇස් වලත් කදුළු පිරිල. ...........
" අපොයි. .. අපොයි .... ඔහොම ආදරේ කරන්න එපා මමී .... දැන්නම් මට ජෙලස් වගේ.. කමක් නෑ මට ඩැඩී ඉන්නවනෙ. .......... "
මම අම්මට තරැල් වෙලා උන්න වගේම උත්තරා අක්ක අප්පච්චි ට තුරැල් උනා. .... . ඒත් මගෙ ඇස් ආයෙම නැවතුනෙ එයා ගාව... මන් දන්නව. ..මට දැනෙනව...... එයාට දුක ඇති ..... මන් දන්න කාලෙ ඉදලම වලව්වෙ හාමුලට පුංචි හාමුව මගහැරැන. ... ඒ හිතට එයාල දුන්න ආදරේ මදි කියල හිතුන වාර අනන්තයි. .... මොකද මන් ලග උන්න හැම තත්පරේකම එයා මගෙන් ආදරේ හෙව්වා. ....... කොටින්ම අම්ම කෙනෙක් උන්නත් නැතිගානට වැටිල උන්න එයා මගෙන් ඒ උනුසුම හොයද්දි මමත් එයාගෙන් ඒ ආදරේ හෙව්වා. ..... එහෙම බැලුවම උඹයි මමයි දෙන්නම පව් මහත්තයෝ. ......
" ඒක නෙවේ අප්පච්චි. .... මේ වීකෙන්ඩ් එකේ trip එකක් යනවද.."
ඇත්තමයි එහෙම ගමනක් යන්න තරම් හිතේ සතුටක් නැතිඋනත් දුක පිරැණු එයාගෙ ඇස් වලට වෙන නැවතුමක් දෙන්න මට ඕන කරා. ....
" මම කියන්නමයි හිටියෙ ..... නරකද පුතා චේන්ජ් එකටත් එක්ක කියල මේ වීකෙන්ඩ් එකේ කොහෙ හරි ගිහින් ආවොත්..... පෝයත් එන එකේ දවස් තුනක්ම තියෙනවනෙ....
.... විෂේන් පුතාගෙ අම්මටයි අප්පච්චිටයි පුළුවන්නෙ අපිත් එක්ක යන්න. ........ .."
දෙයියනේ ඒ කියන්නේ ලොකු හාමුයි ලොකු මැණිකෙයිත් එනවද..?
😀කතාව දැම්මෝ. .... එක්කෙනෙක්ට හදිසි කියල තිබුනනෙ හි හී....
😁 ඉස්සරහට තව චරිත ටිකක් එකතු වේවි ලමායි. . ..... බාල්දිද එපාද.....
😀මගේ කතාව කියවන වෝට් කරන හැමෝමටම තැන්කූ