|| Mystery of the Miracle Fa...

By itz_MAYAzz

1.6K 346 98

With your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Pub... More

Disclaimer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Main Characters Introduction
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23

Chapter 17

39 10 4
By itz_MAYAzz


" ටේහියුන්!!! "

කෑ ගහපු ජන්ග්කුක් විසල් වුණ ඇස් එක්ක අඩියෙන් අඩිය පිටිපස්සට ආවේ වෙව්ලන ගමන්.. ඒ ඇස් රතු වෙලා.. මුළු ඇඟම අසාමාන්‍ය විදියට ගැහෙනවා.. ඇස් වලින් නොනවත්වා කදුළු වැටෙනවා..

" ජන්ග්කුක්.. ජස්ට් රිලැක්ස්.. මොකද මේ.. "

අමාරුවෙන් වුනත් ජිමින් ට ඒ ටික කියන්න වුණා. ජන්ග්කුක් මේ වෙනස තේරුම් නොගෙන ඉන්න තරම් ජිමින් නොතේරෙන කෙනෙක් නෙවෙයි.. ජන්ග්කුක් විතරක් නෙවෙයි මේ වෙලාවේ ජිමින් හිටියෙත් තරමක් ලොකු කම්පනයක..

ජන්ග්කුක් එක්ක ටේහියුන් ව හොයන්න ආව ජිමින් ට වුණේ හීනෙකින්වත් නොහිතපු දෙයක්.. පැහැදිලියි එතන ඉන්නේ නම් පණ තියෙන කෙනෙක් නොවන බව..

අනිවාර්යයෙන්ම එතන උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ ගානක් වෙන්න ඕන..

" ජන්ග්කුක්.. "

ආයෙම පිටිපස්ස ට ගත්ත අඩිය ඉස්සරහට අරන් ජන්ග්කුක් ආයෙමත් ඒ ලාච්චුවට ඔළුව දැම්මේ ඒ දැක්ක දේ ඇත්තම ද කියලා තහවුරු කර ගන්න..

බැරිවෙලාවත් ඒ ටේහියුන් නෙවෙයි නම්..

ඒ යන්ත්‍රයෙන් ලැබුන අධික සීතල හමුවේ ඒ ශරිරය දැඩි සීතලකින් වෙලිලා තිබුණා.. ඇස් පියවෙලා තිබුණත් ඒ ඉන්නේ තමන්ගේ ඒන්ජල් කියලා අදුරගන්න ජන්ග්කුක් ට අමාරු වුණේ නෑ..

අළු නිල් පැහැ ගැන්වුණු හමත් එක්ක වුණත් ටේහියුන් හරි සුන්දර ව එතන හිටියා.. නෑ.. සමාවෙන්න මට වැරදුනා.. ටේහියුන් තව දුරටත් එතන නෑ.. එතන ටේහියුන් ගේ මෘත ශරීරය තිබුණා..

" ටේ.. "

වෙව්ලන අත් වලින් ජන්ග්කුක් ටේහියුන් ගේ මූණ අල්ලන්න හැදුවත් ජන්ග්කුක් ට වඩා ඉක්මන් වුණ ජිමින් ඉක්මනට ජන්ග්කුක් ගේ අත් වලින් ඇදලා එයා ලඟට ගත්තා..

" එපා ජන්ග්කුක් ඒ බොඩීස් අල්ලන්න.. අපි දන්නේ නෑ මේ මොනවද කියලා වත්.. "

ජිමින් කිව්වම ජන්ග්කුක් කරේ ජිමින් දිහා රතු වුණ ඇස් වලින් බලපු එක.. ඒ ගැන හිතන්න මේ වෙලාවේ ජන්ග්කුක් ට ඕන වුණේ නෑ..

එයාගේ ඒන්ජල් මෙහෙම ඉන්නවා දැක්කම ජන්ග්කුක් ට දැනුනේ එයාගේ හදවතට පිහියකින් අනිනවා වගේ වේදනාවක්..

එයා කොහොමද විශ්වාස කරන්නේ අහම්බෙන් හම්බ වුණ ඒ සුරදූතයා ජන්ග්කුක් ව මේ වෙනකොටත් දාලා ගිහින් කියන්න..

" අත ඇරපන් මාව.. මේ ඉන්නේ මගේ පණ.. ටේහියුන්.. නැගිටිනවා.. "

ජන්ග්කුක් කෑ ගැහුවා.. ජිමින් හිටියේ ජන්ග්කුක් ව තදින් අල්ලගෙන.. ජිමින් දන්නේ නෑ ඒ තියෙන්නේ කාගේ සිරුරක් ද කියන්න.. ඒත් ජිමින් ටත් කියන්න පුළුවන් ඒ කෙනා ඇත්තටම සුන්දරයි කියලා..

ජිමින් ගේ ඒ උත්සහය අසාර්ථක කරලා ජන්ග්කුක් ජිමින්වත් තල්ලු කරගෙන ම ලං වුණේ ඒ ලාච්චුවට.. එයාට ඕන වුණා ටේහියුන් ව අවදි කරන්න..

" කු_කී.. "

තමන්ටත් පිටිපස්සෙන් ඇහෙන ඒ සුරදූතයා ගේ හඬ ජන්ග්කුක් අදුරගත්තා..

" ඇයි ඇයි ඔයා මෙතනට ආවේ.. "

ටේහියුන් ගේ හඬ බිඳිලා.. ඊටත් වඩා මේ වෙලාවේ ජන්ග්කුක්.. එයාට තේරෙන්නේ නෑ මොනවාද මෙතන වෙන්නේ කියලා..

" ටේ.. මේ මෙතන ඔයා වගේ කෙනෙක් ඉන්නවා.. බලන්නකෝ.. ඔයාට ටුවින් කෙනෙක් ඉන්නව ද.. "

කදුළු අතරින් වුනත් ජන්ග්කුක් ටේහියුන් ගෙන් ඇහුවේ එයාගේ හිත මේ වෙලාවේ කියන දේ ඇත්තක් ද නැත්තං බොරුවක් ද කියලා දැන ගන්න ඕන වුණ නිසා..

" කුකී.. මං කියන දේ අහන්න.. කලබල වෙන්න එපා.. "

ටේහියුන් දන්නවා.. දැන් කොහොමත් ජන්ග්කුක් ට ඇත්ත කියන්න එයාට සිද්ධ වෙනවා කියලා.. මොකද මේක තවත් හංඟලා වැඩක් නෑ.. ජන්ග්කුක් දැනටමත් ඒ ගැන දැනගෙන ඉවරයි..

" මොකක් ද ටේ.."

" ඔය ඉන්නේ මං තමයි කූ.. අවුරුදු ගානකට කලින් මාව හිර කරපු තැන කූ.. මට.. මට සමාවෙන්න.. "

ජන්ග්කුක් ට දැනුනේ මුළු ලෝකයම නැවතුනා වගේ හැඟීමක්.. ටේහියුන් ගේ ඒ වචන ජන්ග්කුක් ව ඇදලා දැම්මේ ගැඹුරු ප්‍රපාතයකට.. ජන්ග්කුක් ට අමතක වුණා හුස්ම ගන්න.. එයාට අමතක වුණා හැමදේම.. ඒ මොහොතේ හැමදේම ජන්ග්කුක් ට අමතක වුණා..

" ජන්ග්කුක්... "

මේ තරම් වෙලා ජන්ග්කුක් දිහා බලාගෙන හිටපු ජිමින් සැරින් සැරේ වෙනස් වෙන ජන්ග්කුක් ගේ මූණේ හැම හැඟීමක් ම හොඳින් අධ්‍යයනය කරා.. ජන්ග්කුක් ගේ ඇස් යොමු වෙලා තිබුණේ එයාලගෙන් අඩි කීපයක් ඉස්සරහට.. කවුරු දිහා බලාගෙන ඉන්නව ද කියන්න ජිමින් දැනගෙන හිටියේ නෑ..

එයා දැක්කා ජන්ග්කුක් යමක් කියනවා.. සමහර දේවල් එයාට ඇහුනා.. ඒ අතරින් ටේහියුන් කියන නම නම් ජිමින් ට හොඳටම ඇහුනා කියන්න විශ්වාස යි..

ටිකකින් ජන්ග්කුක් එකපාරටම ඇදගෙන වැටුණේ ජිමින් වත් පුදුම කරගෙන...

<>

පරිගණක තිරයක් මතට ඇස් යොමා ගෙන හිටපු තරුණියගේ අවධානය බිඳුනේ කෙනෙක් ඇගේ කාමරයට ඇතුල් වුණ නිසා.. ඇගේ තියුණු දෑස් එක්වරම එල්ල වුණේ ඒ පුද්ගලයා ගාවට..

" අලුත් කේස් එකක් ලීසා.. "

ඒ පුද්ගලයා අතේ තිබ්බ ගොනුව මේසේ උඩින් තියලා පුටුවෙන් වාඩි වුණා.. ලීසා ඒ ගොනුව අරගෙන පරීක්ෂා කරන්න පටන් ගත්තා..

" ගමකින් හම්බ වෙලා තියෙන්නේ.. ඩෙඩ් බොඩීස් දහයක් තියනවා.. එතනට පොලිස් ආරක්ෂාව දීලා තියෙන්නේ.. "

ලීසා ඒ හැම ගොනුවක් ම සන්සුන් ව පරීක්ෂා කරා.. ඒ පිංතූර දිහාත් හොඳ අවධානයෙන් බලන්න ලීසා අමතක කරේ නෑ..

" ඉන්ටරස්ටින්.. ඒත් මේක හරි වෙනස්.. මේ බොඩීස් ගොඩක් පරණයි වගේ.. බලන්න හරි අමුතුයි මේ දේවල්.. "

රූප දිහා බලාගෙන මුමුණපු ලීසා ආයෙමත් තමන්ගේ ඉස්සරහ වාඩිවෙලා ඉන්න තරුණයා දිහා බැලුවා..

" මං කේස් එක බාර ගන්නම්.. "

ඒ තරුණයා ගේ මූණේ හිනාවක් ඇදුනේ ලොකු බරකින් නිදහස් වුණා වගේ කියන්න.. ලඊසආට ස්තූති කරපු ඒ තරුණයා එතනින් පිටවුණා..

තමන්ගේ පුටුවෙන් නැගටපු ලීසා, ඊට තරමක් ඈතින් තියෙන සෝෆා එක උඩ තිබ්බ තමන්ගේ ඕවර් කෝට් එකත් අතට අරගෙන එතනින් පිටවුණා..

කාර්යාලයෙන් පිටතට ආවා ලීසා නැවතුනේ තමන්ගේ වාහනය ලඟ..

" මං දැන් පිටත් වෙනවා.. "

තමන්ගේ දුරකථනයෙන් පණිවිඩයක් තියපු ලීසා ඉක්මනට වාහනයට නැග්ගා.. ලිපි ගොනුවේ සඳහන් කරලා තිබුණු ස්ථානයට අදාල සිතියම වාහනයේ ඉදිරිපස තිරයෙන් දිස් වෙද්දී ඒ ඔස්සේ ලීසා ගමන් ආරම්භ කරා...

<>


ජන්ග්කුක් හිටියේ තවමත් හරි සිහියක් නැතුව.. එකපාරටම දැක්ක දෙයින් ලොකු කම්පනයක් ඇති වෙලා කියලා තමයි ජන්ග්කුක් ව පරීක්ෂා කරපු වෛද්‍යවරයා කියලා තියෙන්නේ.. ජිමින් වුනත් ඉන්නේ තවම පුදුම වෙලා.. එයත් කම්පන තත්වයක හිටියත් හරි සිහියෙන් ඉන්න පුලුවන් වුණා..

" මං නින්ද යන්න ඩ්‍රග් ඉන්ජෙක්ට් කරා.. දැන් මේ ළමයට නින්ද යයි.. ටිකක් රෙස්ට් කරන්න ඕන.. "

වෛද්‍යවරයා අත්තම්මා ට පැහැදිලි කරලා කිව්වා.. ජිමින් ඒ දේ දැක්ක නිසා එයාටත් ටිකක් සන්සුන් වෙන්න අවශ්‍ය මානසික ප්‍රතිකාර දෙන්නත් වෛද්‍යවරයා අමතක කරේ නෑ..

ගොවිපලේ දී ජන්ග්කුක් ව ඇද වැටුණු වෙලේ ජිමින් කරේ වටේ ඉන්න අයගෙන් කෑ ගහලා උදව් ඉල්ලපු එක.. ජිමින් සද්දේ ඇහුන ගමේ අය ඉක්මනට එතනට දුවගෙන ආවා..

ඒ ගමේ මිනිස්සු මේ තැනට එන්න බයක් තිබුණත් ජිමින් ජන්ග්කුක් ව අරගෙන එලියට ආව නිසා ඒ ළඟට එන්න ඒ අය බය වුණේ නෑ..

ජන්ග්කුක් ව අරගෙන ගෙදර ගියපු ජිමින් ඉක්මනට වෛද්‍යවරයෙක් ගෙදරට කැඳවලා ජන්ග්කුක් ට ප්‍රතිකාර කරා.. ඒ අතරේ මේ සිදුවීම පොලිසියට දක්වන්නත් එයාලා අමතක කරේ නෑ..

" මේ ගෙදර ද ජිමින් පාර්ක් ඉන්නේ.. "

පොලිස් නිලධාරියෙක් ජිමින් ගේ අත්තම්මා ගෙන් ඇහුවා..

" ඔව් මහත්තයා.. "

" හොදයි අපිට එයා වගේ ම ජන්ග්කුක් ජියොන් කියන කෙනෙත් හම්බවෙන්න ඕනෙ..

ඕවර් කෝට් එකක් දාගෙන හිටපු තරුණිය කියන කොට අත්තම්මා එයා දිහා බැලුවේ පුදුමෙන්..

" සමාවෙන්න ඔයා කවුද කියලා කියන්න පුළුවන් ද.. "

" මම ලාලිසා මනෝබන්.. මේ කේස් එක භාර ගත්තේ මමයි.. "

" එන්න මිස් ඇතුලට.. "

ගමට ආව ලාලිසා පුදුම වුණා මේ වගේ ගමකත් අපරාධ වීම සම්බන්ධයෙන්.. ඒත් එයාගේ වෘත්තීය ජීවිතේ ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන බවත් එයාට මතක් වුණා..

ජන්ග්කුක් නින්දේ පසුවන නිසා අවශ්‍ය තොරතුරු සපයන්න වුණේ ජිමින්ට..

" ඉතින් මිස්ටර් ජිමින්.. ඇයි ඔයාලා එතනට ගියේ.. "

" මිස් ජන්ග්කුක් ට කිව්වා එයා ටේහියුන් කියලා කෙනෙක් දන්නවා කියලා ඒ කෙනාව හම්බ වෙන්න ඕන කියලා.. ඉතිං ඒකයි අපි එතනට ගියේ.. "

ලීසා ඡායාරූප කීපයක් අතට ගත්තා..

" මේ ෆොටෝ වල ඉන්න අයව අදුරනවද.. "

ජිමින් නෑ කිව්වේ ඇත්තටම දැනගෙන හිටපු නැති නිසා.. ඒත්..

" මෙන්න.. මෙන්න මෙයාට ජන්ග්කුක් කිව්වේ ටේහියුන් කියලා.. "

ජිමින් ට මතක් වුනා ජන්ග්කුක් ඒ වෙලාවේ කියපු දේවල් හැම දෙයක්ම..

" ඔයා දන්නවද ඒ කවුද කියලා.. මේ කෙනා ගේ නම.. "

" ඔව්.. මේ මෙයාව ජන්ග්කුක් දන්නවා.. නම් කිව්වේ ටේහියුන්.. ටේහියුන් කිම් කියලා.. "

ජිමින් ට මතකයි ටේහියුන් කිම් ගැන මීට කලින් ජන්ග්කුක් එයත් එක්ක කතා කරලා තියනවා කියලා.. ඒත් ඒ ලොකු විස්තරයක් ජන්ග්කුක් කියලා තිබ්බේ නෑ.. ජිමින් වුනත් ලොකුවට ඒ ගැන හිතුවේ නැත්තේ ඒ නිසා..

මේ අතරේ තව කෙනෙක් හිටියේ ඒ දිහා බලාගෙන තරමක් පුදුමයට පත් වෙලා..



























" මිස්ටර් ඒන්ජල්.. "





Continue Reading

You'll Also Like

713 94 6
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀❪ 🐻🍂🎞️ ❫ ❝ give me your love cloud ❞ ⠀⠀⠀⠀⠀pursuing your dream still felt like a ⠀⠀⠀⠀⠀daydream even after so many yea...
4K 89 8
Y/N is a member of the Resistance. But the Enemy Infinite has become obsessed with her. He then kidnaps her and forces her to be his forever. Will Y...
8.8K 2K 11
I'm not lying..Truly I Love you..Please come to me because I want you.❤🥺