The Choice

Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... Еще

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 51

3.3K 472 241
Marivok


££££££££££££££££££££££££££££££££
================================

Mg-" D-dadaa "

*lub dub *

*lub dub*

*lub dub*

ටේහ්‍යුන්ග්ගේ පපුව හිරවෙනවා, ඇස් වල කදුලු වැක්කෙරනවා , මේ අඩනවා ? සමහරවිට .. ඒත් ඇයි.. ටේහ්‍යුන්ග්වත් දන් නෑ එයාට ඇයි ඇඩෙන්නේ, එයාගේ කටින් ඇයි වචන පිට වෙන් නැත්තේ, ඇයි එයාගේ පපුව බර වෙලා තියෙන්නේ කියලා.

ටේහ්‍යුන්ග්ගේ අත් වෙව්ලනවා, ඇස් දිගේ කදුලු ගලන් යනවා.. ඒ එක්කම එයාට දැනුනා පුංචි සොෆ්ට් අතක් එයාගේ කම්මුල් වල ගෑවුනා.

Mg-" Dadaa... අඩන්න එපා.. "

පුංචි බබා ටේහ්‍යුන්ග්ගේ ඇස් වල කදුලු පිහන ගමන් කතා කරා.

ටේහ්‍යුන්ග්ට තවත් ඉවසන් ඉන්න බෑ. ටේහ්‍යුන්ග් පුංචි බබා තදින් බදාගෙන අඩන්න ගත්තා . ටේහ්‍යුන්ග්ගේ හදවත දියවෙලා ගිහින් වගේ, මේකත් ආදරේම තමා, ඒත් මේ ආදරේ ගොඩක් වෙනස් එකක්. මේක අමුතු හැගීමක්, එතකොට මේකද තාත්තා කෙනෙක් උන එකේ හැගීම.

පුංචි සිනිදු බෝලයක් එයාගේ පපුවේ තුරුල් වෙලා , ටේහ්‍යුන්ග්ට දැනෙන්නේ එහෙමයි. එයාට තවමත් ඒ dadaa කියන වචන ඇහෙන්න ගත්තා, ටේහ්‍යුන්ග් අඩන්න ගත්තා.

ඒත් එකපාරම ටේහ්‍යුන්ග්ගේ අවදානේ බිදුනේ,

Jk-" ඇ-ඇයි මොකද..මොකද උනේ.. "

ජන්කුක්ගේ හඩ කලබලකාරී . ජන්කුක් කෑ ගහගෙන දුවගෙන ආවේ එයාට මේ කිසි දෙයක් හිතා ගන්න බැරි හින්දා.එයා හිතුවේ mingi බබාට මොකක් හරි කරදරයක් වෙලා කියල.

Jk-" B-baby ..."

ජන්කුක් දුවගෙන ඇදෙන් වාඩි උනා. එතකොට එයාට , පුංචි බබාගෙ කිසිම ප්‍රශ්නයක් පේන්න තිබ්බේ නෑ.ඒත් ටේහ්‍යුන්ග් බබා බදාගෙන අඩනවා.

TH-" P-princess ..."

ටේහ්‍යුන්ග් , බබාගෙන් ඈත් වෙලා ජන්කුක් දිහා බැලුවා. මේ පලවෙනි වතාව ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇස් වල කදුලු දැක්කේ. ඒත් ඇයි මේ, මොකක් උනත් ජන්කුක් දැක්කා ටේහ්‍යුන්ග්ගේ ඇස් වල අමුතු හැගීම් ගොඩක් පිරිලා. ටේහ්‍යුන්ග් සතුටින්...

TH-" එයා .... එයා... මට කිව්වා... මට එයා d-dadaa කිව්වා... මං.. මං dadaa... එයා මට dadaa කිව්වා "

ජන්කුක්ගේ ඇස් ලොකු උනා. ජන්කුක් දන්න තරමින් එයාගේ පුංචි සුරංගනාවී සාමාන්‍යයෙන් කාත් එක්කවත් කතා කරන් නෑ, ඒ වගේම පිට මිනිස්සුන්ට එයා බයයි. ආගන්තුකයන්ට ගොඩක් බයයි.. ඒත් ඒ බබා ටේහ්‍යුන්ග්ට dadaa කියලා.

Jk-" මොකක් ? "

ඒ වගේම ජන්කුක්ට කවදාවත් ඕන උනේ නෑ, බබා කවදාවත් ටේහ්‍යුන්ග් එක්ක connection එකක් හදා ගන්නවා දකින්න එයා ඒකට බය උනා.

Jk-" M-mingi ? මො-මොකද්ද .. මොකද්ද කිව්වේ ... ? "

ජන්කුක් , පුංචි බබා දිහා බැලුවා. Mingi මොකුත් කිව්වේ නෑ. මොකුත් නොකියා ජන්කුක්ගේ ඇස් දිහා බලන් හිටියා.

Jk-" කියන්න මොකද්ද කිව්වේ ? "

ජන්කුක් , ටිකක් තදින් බබාට කතා කරා.

Jk-" මං ඇහුවේ මොක්~~"

TH-" මගෙ දරුවට සැර කරන්න එපා "

What the fuck ? මගෙ දරුවා ? හහ් ටේහ්‍යුන්ග්ට කොහෙන් ආව හයියක්ද ? මේ දරුවා මෙච්චරකල් තනියෙන් හැදුවේ ජන්කුක් . ඒත් ටේහ්‍යුන්ග් එකපාරම කොහෙන් ආව හයියකටද එහෙම කියන්නේ. ටේහ්‍යුන්ග්ට කිසි අයිතියක් නෑ, ජන්කුක්ට එහෙම කතා කරන්න.

Jk-" අහ් ? "

TH-" පේන් නැද්ද , මගෙ පොඩි angel හොදටම බය වෙලා... එයාව උදේම බය කරන්න එපා "

ටේහ්‍යුන්ග් පුංචි බබාව වඩා ගත්තේ හරියට , දරුවෝ බලාගෙන හොදටම පුරුදු කෙනෙක් වගේ. ටේහ්‍යුන්ග් බබාවත් වඩාගෙන ඇදෙන් නැගිට්ටා.

TH-" මගෙ angel යමු අපි දෙන්නා.. mamaa හරිම නරකයි.. අපි දෙන්නටම සැර කරනවා.  "

ටේහ්‍යුන්ග් බබා එක්ක කතා කර කර කබඩ් එක ගාව ගියා. බබත් ටේහ්‍යුන්ග් අතේ හිනා වෙවී ඉන්නේ හරියට අවුරුදු ගානක ඉදන් අදුනන කෙනෙක් වගේ. ටේහ්‍යුන්ග් කබඩ් එක ලගට ගිහින්, හරියට ටේහ්‍යුන්ග්ගේ කබඩ් එක වගේ කබඩ් එක ඇරලා රෙදි තෝරන්න ගත්තා.

TH-"  අපි දෙන්නම ගිහින් නාමු.. dadaaට ඇදුම් නම් නෑ.. ම්ම්ම්.. ඒත් මගෙ agngelට ලස්සන ඇදුමක්... ම්ම්ම්ම් "

ටේහ්‍යුන්ග් ඇදුම් තෝරන්න ගත්තා. ජන්කුක්ට කිසි දෙයක් තේරෙන් නෑ, දෙන්නම හරියට ඉන්නේ එකිනෙකාව හුග දවසක ඉදන් අදුනනවා වගේ. බබාත් ටේහ්‍යුන්ග් එක්ක හොදට අදුනන කෙනෙක් වගේ ලගින් ඉන්නවා.

TH-" Princess මේ පාටවල්ද මගෙ angelට මෙච්චර කල් ඇන්දුවේ.. මෙතන ලස්සන පාටක් නෑනේ... මොනාද මේ පාට..  ආර්හ්...
රෝස... රෝස....රෝස..  කහ..කොල..කහ...රෝස... කොල...රෝස ආයෙත් රෝස... "

ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා හැරිලා බැලුවා. ඒත් ජන්කුක්ගේ මූනේ තිබ්බේ එකම reactoin එකක්.
ඒ confuse උන මූනක්..ජන්කුක්ගේ කටත් ඇරිලා ඇස් තවත් ලොකු වෙලා.

TH-" මේ පාටවල් හරි නෑ.. මගෙ පැටියට ගැලපෙන්නේ රතු, කලු වගේ ලස්සන පාටවල් "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලාගෙන මිමිණුවා . ජන්කුක්ට වචනයක් කියා ගන්නවත් හිතා ගන්න බෑ. හිතා ගන්නවත් බැරි තරම් එයා confuse වෙලා. ටේහ්‍යුන්ග් මෙහෙම කෑ හැසිරෙන්නේ කොහොමද ? ටේහ්‍යුන්ග්ගේ ගතිගුණ මෙහෙම නෑ. මේ ටේහ්‍යුන්ග් කටුස්සෙක් වගේ.

TH-" අපි අද ගිහින් ලස්සන පාටවල් ඇදුම් ගමු.. ම්ම්ම්... එතකන්..."

ටේහ්‍යුන්ග් එතන තිබ්බ රෝස පාට ගවුමක් අතට ගත්තා.

TH-" අපි මේක අදිමු..."

Mg-" Ok.. dada.."

Dadaa? ජන්කුක්ගේ ඇස් ලොකු උනා.

ටේහ්‍යුන්ග් කබඩ් එක වහලා ඇදුමත් කරට දාගෙන, බබාව එක අතකින් වඩාගෙන දොර පැත්තට ඇවිදන් ගියා.

TH-" princess .... babyයි, dadaaයි නාලා එන්නම්."

එයා ජන්කුක් දිහා හැරිලවත් නොබලා එහෙම කියාගෙන යන්න ගියා. ජන්කුක් තවමත් WTF වගේ මූනක් හදාගෙන ටේහ්‍යුන්ග් යන දිහා බලාගෙන.

Jk-" එ-එහෙම කොහොමද ? "

ජන්කුක් විනාඩියක් විතර කල්පනා කර කර ඉදලා ඇදෙන් නැගිට්ටා. ටේහ්‍යුන්ග්ගේ මූනෙන් කිසි අමාරුවක් පේන්න නෑ.එයා ලමයත් වඩාගෙන යන්න ගියා.

Jk-" ආර්හ්... මගෙ ඔලුවත් අවුල් වෙනවා.. "

ජන්කුක් , කාමරෙන් එලියට ගියා. Minhun සාලේ වාඩි වෙලා ඉන්නවා.

Jk-" Minhun baby ලෑස්ති වෙන්න දැං හොදටම පරක්කු වෙලා.. "

ජන්කුක් කෑම මේසෙ පැත්තට ඇවිදන් ගියේ ,minhun දිහා බලාගෙන මුමුණන ගමන්.

M-" කොහොමද ? මිස්ටර් කිම් මං bathroom එකට යන්න හදද්දිම mingi වඩාගෙන ඇතුලට දුවලා දොර වහ ගත්තා... "

Minhun අත් පපුව ලග බැදගෙන කේන්තියෙන් මිමිණුවා . එයාට තිබ්බෙත් ටේහ්‍යුන්ග්ගේ ගතිගුණ . ඉක්මනින් කේන්ති යනවා, ඒ වගෙම එයා කෙනෙක්ට අකමැති උනොත් කැමති කර ගන්න ගොඩක් අමාරුයි.

Jk-" ආර්හ්... මේ මනුස්සයා මට පිස්සු වට්ටනවා "

M-" එයා කවද්ද මෙහෙන් යන්නේ ? "

Jk-" මං අදම එයාට මෙහෙන් යන්න කියනවා "

M-" ඇයි එයා mingiව වඩාගෙන යන්නේ ? "

Minhun ජන්කුක් ලගට ඇවිදන් ආවා.

M-" එයා mamaaටත් ගැහුවා "

ජන්කුක් , දණින් නැමිලා පොඩි බබාගේ උරහිස් වලින් අත් තියලා ඇස් දිහා බැලුවා.

Jk-" මං... මං කලින් කිව්වා.. එයා mamaaට ගැහුවා කියන දේ හිතන්න එපා baby. "

ජන්කුක් minhunගේ කම්මුල කිස් කරා.

Jk-" හිතේ කිසි තරහක් තියා ගන්න එපා. ඒවා නරක් වෙනවා... ඊට පස්සේ.... "

ජන්කුක් , minhunගේ පපුවට ඇගිල්ල තිබ්බා.

Jk-" ඊට පස්සේ මෙතන ගොඩක් ගද ගහනවා. ඉතින් මගෙ baby කවදාවත් තරහක් හිතේ තියන් ඉන්න එපා..  "

ජන්කුක්ට ඕන උන් නෑ minhun නරක සතෙක් කරන්න. එයා දැක්කා ටේහ්‍යුන්ග්ගේ වෛරය එයාව කොයි තැනට ඇදලා දැම්මද කියලා.
කෙනෙක්ව මරන්න තරම් , එයාව වෙනස් කරා.
Minhun කියන්නෙත් ටේහ්‍යුන්ග්ගේ දරුවෙක්, එයාට තිබ්බෙත් ටේහ්‍යුන්ග්ගේ ගතිගුණ .
ඉතින් එයා කැමති නෑ minhunවත් ටේහ්‍යුන්ග්ගේ තැනට වැටෙනවට.

Jk-" තේරුනාද ? "

M-" ඔ-ඔව්..."

Minhun ඔලුව වැනුවා.

Jk-" හරි... එහෙනම්.. මිස්ටර් කිම් එනකන් ,මගෙ prince ගිහින් ඇදුම් ටික ලෑස්ති කර ගන්න..
Mamaa කෑම මේසේ ලෑස්ති කරන්නම්..."

Minhun හිනාවෙලා ඔලුව වනලා කාමරේ පැත්තට දිව්වා.

Jk-" මට තව ශක්තිය දෙන්න දෙවියනේ.. "

ජන්කුක් තමන්ට තනියෙන් මුමුණන ගමන්, කෑම මේසේ ලෑස්ති කරන්න ගත්තා.

තවත් නෑ... කෑම මේසෙ ලෑස්ති කරලා ඉවර වෙනකන් තවත් මෙයාලා නෑ. Minhunට ඉස්කෝලේ යන්නත් පරක්කු වෙනවා. ඒත් ටේහ්‍යුන්ග් තවමත් bathroom එක ඇතුලේ.

Jk-" තවත් මොනා කරනවද ? "

ජන්කුක් , bathroom එක පැත්තට ඇවිදන් ගියා. ඒත් ජන්කුක්ගේ ඇහිබැම ඇකිලුනේ mingiගේ හිනාව ඇහිලා . Mingi, ටේහ්‍යුන්ග් එක්ක bathroom එක ඇතුලේ හයියෙන් හිනා වෙනවා. අවුරුදු 7කට කවදාවත් එයා එයාගේ little girlගෙ හිනාව මෙච්චර සද්දෙන් ඇහිලා නෑ.

ඇත්තටම එයාලා මෙච්චර හිනා වෙන්නේ ඇයි? මොකද bathroom එක ඇතුලේ කරන්නේ ? වතුර වැටෙනවා ඇහෙනවා, දෙන්නා කෑ ගහනවා ඇහෙනවා.. බැරි වෙලාවත් දෙන්නා ඇතුලේ සෙල්ලම් කරනවද ?

Jk-" නෑ ඒක කීයටවත් වෙන්න බෑ..mingi කවදාවත් කාත් එක්කවත් ඔච්චර එකතු වෙන් නෑ..."

ඔව්... mingi කියන්නේ ගොඩක් සංවේදී ලමයෙක්. එයා පිට මිනිස්සුන්ට ගොඩක් බයයි. එයාගේ mamaa ඇරුනම වෙන කෙනෙක් ලග ඉන්නත් බයයි. ටේහ්‍යුන්ග් ලග මෙහෙම ඉන්නවා කියලා හිතන්න බෑ.

ජන්කුක් bathroom එකෙ දොරට තට්ටු කරා.

Jk-" Mingi....."

එකපාරම mingi හිනාවෙන එක නැවතුනා ..

Jk-" මිස්ටර් කිම්...."

ජන්කුක් ආයෙත් දොරට ගැහුවා. ඒ ගමන ටේහ්‍යුන්ග්ගේ සද්දෙත් නැති උනා.

Jk-" ඔයාලා මොකද කරන්නේ ඇතුලේ..."

ජන්කුක් , ආයෙ කතා කරා. ඒ ගමන කිසිම සද්දයක් නෑ. හරියට bathroom එක ඇතුලේ කවුරුත් නෑ වගේ.

Jk-" minhunට පරක්කු වෙලා ..."

එකපාරම , ජන්කුක්ට ඇහුනා bathroom එකේ දොරේ ලොක් එක ඇරෙනවා වගේ සද්දයක්.

Jk-" ඉක්මනින්~~~"

එකපාරම bathroom එකේ දොර ඇරුනා, ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ robe එකක් ඇදගෙන පුංචි බබා වඩාගෙන,බබා පොඩි ටවල් එකෙන් ඔතලා.

ටේහ්‍යුන්ග් , බබා වඩාගෙනම එලියට ආවා.

Jk-" මොකද මෙච්චර වෙලා~~~"

ජන්කුක් කතා කරන ගමන් bathroom එක ඇතුලට ගියත් එකපාරම ජන්කුක්ගේ වචන ලොක් උනා.

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා නොබලම බබා වඩාගෙන කාමරේට දිව්වා.

Jk-" මිස්ටර් කිම් !! "

ජන්කුක් , කේන්තියෙන් කෑ ගැහුවා. 

Jk-" මොකද්ද මේ කරේ ? දෙයියනේ bathroom එක විනාස කරලා. "

කොහොමද මෙහෙම දෙයක් කරේ. ජන්කුක් අවුරුදු ගානක් තිස්සේ මේ ගෙදර පොඩි ලමයි එක්ක ඉන්නවා ඒත් කවදාවත් එක පොඩි ලමයෙක්වත් මෙහෙම විනාසයක් කරලා නෑ.

Jk-" දෙවියනේ.. මං කොහොමද මේවා ඔක්කොම කරන්නේ ? "

ජන්කුක්ට ඇඩෙන්න තරම් කේන්ති . එක minhunට ඉස්කොලේ යන්න පරක්කු වෙලා, ද්ව්ක ජන්කුක්ට වැඩට යන්න පරක්කු වෙලා. තුන bathroom එක විනාස වෙලා, මේවා ඔක්කොම හරි ගස්සලා යන්න ගියොත් අද වැඩට යන්න වෙන් නෑ . වැඩට නොගියොත් කොහෙන්ද ජන්කුක්ට සල්ලි...

Jk-" මේ ඔක්කොටම හේතුව ඔයයි.... "

ජන්කුක් ලොකු හුස්මක් අරගත්තා .

Jk-" මිස්ටර් කිම්........ ¡ "

ජන්කුක් කෑ ගැහුවා .

M-" Mamaa ඇ~~"

Minhun , ජන්කුක් ඉන්න පැත්තට ඇවිදන් ආවේ එයාගේ mamaa කෑ ගහන හේතුව හිතා ගන්න බැරුව.

Jk-" ඔයා ඉක්මනින් ලෑස්ති වෙන්න..."

ජන්කුක් ,minhunව පහු කරන් කේන්තියෙන්  යන්න ගියා. ජන්කුක් කෙලින්ම ගියේ කාමරේට. ටේහ්‍යුන්ග් , mingiට ගවුමක් අන්දනවා, ටේහ්‍යුන්ග් තවම robe එක පිටින්.

Jk-" මිස්ටර් කිම්~~"

TH-" Princess .. මේ ඇදුම හොදද ? අර්හ් ඇත්තටම මගෙ angel කොහොමද මෙච්චර ලස්සන උනේ..."

ටේහ්‍යුන්ග් , බබාගේ මූන මිරිකලා හාදුවක් දුන්නේ පුංචි බබා තවත් සතුටෙන් හිනා වෙද්දී.

TH-" Princess ඔයාට හිතෙන් නැද්ද angel cute වැඩී කියලා . මං කියන්නේ ලොකු වෙද්දී මට වෙයි මගෙ angelව ගොඩක් පරිස්සම් කරන්න "

Jk-" මිස්ටර් ~~~~"

ජන්කුක් ආයෙත් මොනා හරි කියන්න සැරසුනා. ඒත් එකපාරම , ටේහ්‍යුන්ග් ආයේ කතා කරන්න ගත්තා. ඇත්තටම ටේහ්‍යුන්ග් කලින් හිටියේ ගොඩක් අමාරුවෙන්. ඒත් දැං ? ඇත්තටම ටේහ්‍යුන්ග් ලෙඩ උනාදවත් හිතා ගන්න බැරි තරම් active වෙලා.

TH-" ok... dadaaයි  , babyටයි බඩගිනි...බලමු mamaa මොනාද හදලා තියෙන්නේ "

Jk-" මං කියන්නේ~~~"

TH-" බයවෙන්න එපා princess අපි ඔය දෙන්නා එනකන් කන්නේ නෑ. අපි බලනවා විතරයි.."

ටේහ්‍යුන්ග් ආයෙත් බබා වඩාගෙන කුස්සිය පැත්තට ඇවිදන් ගියා . ජන්කුක්ට තවත් කේන්ති. ජන්කුක් කේන්තියෙන් ඒ පස්සෙන් ඇවිදන් ගියා.

Jk-" මිස්ටර් ~~~"

TH-" බය වෙන්න එපා අපි දැම්ම කන්නේ නෑ "

Jk-" කෑවා "

ජන්කුක් කෑ ගැහුවා.

Jk-" මගෙ දවසම. මගෙ දවසම ඉවරයි.. minhunට හොදටම පරක්කු වෙලා, මට වැඩට යන්න නෑ, නොගියොත් සල්ලිත් නෑ. ඒ මදිවට ගේත් අස් කරන්න වෙලා. ඔක්කොම ඔයා හින්දයි... "

TH-" ඕක ලේසි... minhunව මගෙ වාහනේ ඉස්කෝලේ ලගට ගිහින් දාන්නම්. එතකොට ඉස්කෝලෙට පරක්කු වෙන් නෑ "

ටේහ්‍යුන්ග් කෑම මේසෙන් වාඩි වෙලා. පුංචි බබාව ඔඩොක්කුවට ගන්න ගමන් කතා කරන්න ගත්තා.

TH-" ඔයාට වැඩ කරන්න ඕනෙ නම් , අද ගෙදර ඉදලා ගෙදර වැඩ ටික කරන්න. එතකොට ඉබේටම ගේත් අස් වෙනවා..."

ටේහ්‍යුන්ග් , පොඩි ප්ලේට් එකට කෑම බෙදන ගමන් කතා කරා.

TH-" එතකොට සල්ලි.. ඔයා ගෙදර වැඩ කරන එකට , පඩියක් මං ගෙවන්නම්.."

Jk-" මට ගේ අස් කරන්න කාගෙවත් සල්ලි ඕන් නෑ   "

TH-" මං සල්ලි දෙන්නේ සම්පූර්ණ ගේ අස් කරනවට නෙමේ.. "

ටේහ්‍යුන්ග් නොදැනුවත්වම පුංචි බබාට කෑම කවන්න ගත්තා.

TH-" මං සල්ලි දෙන්නේ මං හින්දා හැඩි උන ඒවා අස් කරන්න. කොහොමත් මං සල්ලි වලට කෙනෙක් ගෙන්නලා, මං හින්දා හැඩි උන දේවල් අස් කරන්න හිටියේ.."

ටේහ්‍යුන්ග් බබාට කෑම කවන ගමන් කතා කරන්න ගත්තා. ටේහ්‍යුන්ට අමතකයි එයා ජන්කුක් එනකන් කන් නෑ කියපු එක. ටේහ්‍යුන්ග් බබාට කෑම කවන්න ගත්තා.

Jk-" ඒත් මට minhun~~"

TH-" මං එක්ක minhun එන්නේ නැති වෙයි . ඔයාටත් වාහනෙ එන්න වෙනවා. කොහොමත් ඔයාට ඇදුමක් ගන්නත් එක්ක යමු "

Jk-" මට ඔයාගෙන් ඇදුම් ඕන් නෑ."

TH-" මං ඔයාට ඇදුම් අරන් දෙනවා නෙමේ. දැං මට අදින්න ඇදුමක් නෑ. ඉතින් ඔයාගේ ඇදුමක් දෙන්න. මං ඒක අදින්නම්... ම්ම්ම්.. ඔයාට ඒ වෙනුවට ඇදුමක් අරන් දෙන්නම් "

ටේහ්‍යුන්ග් හරියට කතා කරේ ජන්කුක් ගෙන care කරන් නෑ වගේ. ඒත් ඇත්තටම ටේහ්‍යුන්ග්ගේ හිත ඇතුලේ තිබ්බේ, ජන්කුක්ට අලුතෙන් ලස්සන ඇදුම් අරන් දෙන්න උවමනාවක් . එයා දන්නවා ජන්කුක් කෙලින්ම එයා දෙන කිසි දෙයක් භාර ගන් නෑ කියලා.

TH-" මුලින් minhun බබාව ඉස්කෝලෙන් දාලා අපි යමු පාර්ක් එකට. "

Jk-" මොකක් ? "

TH-" මට ඕනෙ මේ බබාව පොඩ්ඩක් සමාජෙට හුරු කරන්න. "

Jk-" ඒක මගෙ වැඩක් මිස්ටර් කිම්, ඔයා එයා වෙනුවෙන් මොකුත් කරන්න ඕනෙ නෑ... "

TH-" හරි.. ඒක ඔයාගෙ වැඩක් . ඒත් princess මේ දරුවා මෙහෙම ගේ ඇතුලෙම තියන් ඉන්න එකෙන් වෙන්නේ, එයා ලොකු වෙනකන් සමාජෙට බය වෙනවා. බය වෙන්න එපා මාත් ඉන්නවා. අද යමු අපි පාර්ක් එකට "

ටේහ්‍යුන්ග් , mingiට චූට්ට චුට්ට කෑම කවන ගමන් හිටියේ.

TH-" නේද baby...dadaa එක්ක යමු නේද පාර්ක් "

ටේහ්‍යුන්ග් , චූටි බබාගේ මූනට ලං වෙලා ඇහුවා. පුංචි බබා ටේහ්‍යුන්ග්ගේ මූන දිහා මොකුත් නොකියා බලන් ඉදලා, ටිකකින් ඔලුව වැනුවා.

Mg-" Okey...."

TH-" Good..."

ටේහ්‍යුන්ග් හිනා වෙලා බබාට හාදුවක් දුන්නේ , බබාගේ හුරතල් හිනාවෙන් කෑම මේසෙ පිරෙද්දී.

TH-" පේනවනේ princess .. මගේ angel ඔයා හිතන් ඉන්නවට වඩා strong "

Jk-" ඒත් මිස්ටර් කිම්.... අපිට එකට ඉන්න බෑ. අපි දෙන්නා පවුලක් නෙමේ "

TH-" මං ඒක දන්නවා . ඉතින් අපි පාර්ක් එකට යන්නේ බබා වෙනුවෙන් "

ජන්කුක් මොනා හරි කියන්න කට අරින්න හැදුවත් ටේහ්‍යුන්ග් ආයෙත් කතා කරන්න ගත්තා.

TH-" අනිත් එක, minhun ඉස්කෝලෙන් දාලා ඔයාලා එක්ක ශොපින් ගියොත් minhun පව්.
ශොපින් කියලා කිව්වේ, ඔයාගෙන් ගත්ත ඇදුම වෙනුවට ඇදුමක් අරන් එන්න යන්න. "

ටේහ්‍යුන්ග් බබාට කෑම කව කව කතා කරේ හරියට , responsible මනුස්සයෙක් වගේ

TH-" මෙහෙමයි, minhunව මුලින් ඉස්කෝලෙන් දාලා, mingi එක්ක පාර්ක් යමු. දවල් minhunව ඉස්කෝලෙන් අරන් ඇවිත්, ශොපින් යමු.
ඊට පස්සේ ගෙදර එමු. ගෙදර ඇවිත්~~~"

Jk-" ඔයා යන්න.."

ටේහ්‍යුන්ග්ගේ වචන නතර උනා.ටේහ්‍යුන්ග් බබාට කවන එක නවත්තලා ජන්කුක්ගේ මූන දිහා බැලුවා.

Jk-" අපිව ගෙදරින් දාලා ඔයා ආයෙත් ඔයා ආපු තැනටම යන්න. කවදාවත් අපේ ජීවිත වලට ආයෙ එන්න එපා "

TH-" Prin~~~"

Jk-" ඔයාට කියපු දේ තේරුනා නේද ? ඔයාට මතකයි අපේ ඩීල් එක "

ජන්කුක් ,කෑම මේසේ උඩ තිබ්බ චොප්ස්ටික් එක අතට ගත්තා.

Jk-" මගෙ ජීවිතේ හෝ .... ඔයාගේ ආසාව "

ටේහ්‍යුන්ග්ට මතක් උනා, ජන්කුක් කලින් දවසේ රෑ පිහිය අරන් එයාටම අනතුරක් කර ගන්න හදපු විදිය. ටේහ්‍යුන්ග්ගේ අතින් පොඩි බබාගේ පිගාන අත ඇරුනා.

Jk-" තේරීම ඔයාගෙ අතේ..."












# To be continue #

______________________________________

සමාවෙන්න ලමයි. මැයි 02 ඉදන් මගෙ ඉන්ටර්න් එක පටන් ගත්තා. හිතුවට වඩා වැඩ වැඩී..😐
Trainees ලා හින්දා නිදහස අඩුයි. ඉතින් ඒකයි මට එන්න බැරි උනේ.

===============================

🍁Marivok🍁

Продолжить чтение

Вам также понравится

178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
91.8K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
234K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
490K 66.7K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...