ටේහියුන් දැක්කා තවත් තරුණයන් දෙදෙනෙක් එයාට ඉස්සරහින් ඉන්නවා..
" යාළුවා ඇයි ඔයා බයවෙලා වගේ.. "
එක්කෙනෙක් ඇහුවේ ටේහියුන් ගේ මූණ දිහා බලන ගමන්.. තමන්ට උත්තරයක් දෙන්න බැරි තරමට ම ටේහියුන් හිටියේ බයවෙලා..
" මම මේ ම__ මම මේහ්.. අ අ__ අතරමං වෙලා.. "
බොහොම අමාරුවෙන් වුනත් ටේහියුන් එයාලට උත්තර දුන්නා.. තරුණයෝ දෙන්නාට මූණට මූණ බලාගෙන හිනා වුණත් ටේහියුන් ඒක දැක්කෙ නෑ..
" බයවෙන්න එපා යාළුවා.. අපිත් එක්ක යමු.. "
ඒ දෙන්නා කියනකොට ටේහියුන් ඒකට එකඟ වුණා.. ඒ දෙන්නා ගැන විශ්වාසයක් ටේහියුන් ට මේ මොහොතේ ඇති වුණේ එයා බයවෙලා හිටපු නිසා.. ටේහියුන් ට ඕන වුණ එකම දේ එතනින් එලියට යන්න විතරයි..
තමන්ට මුණ ගැහුණ නන්නාදුනන තරුණයොත් එක්ක ටේහියුන් කැලේ මැදින් ඇවිදගෙන ආවා.. කලින් බය වුණ ටේහියුන් නම් තාමත් ලාවට ගැහෙනවා.. ඒ තරුණයෝ දෙන්නා නම් මේ පාරේ හුඟක් හුරු පුරුදු විදිහට යන නිසා ටේහියුන් දැනුන බය ටිකක් විතර අඩු වුණා..
ඉර මුදුන් වෙනකොට එයාලා නතර වුණේ ලොකු ගඟක් ලඟ...
" ඒ තියෙන්නේ ජෝර්ජ් ගේ ගොවිපල.. "
<>
ටේහියුන් කලින් දවසේ තමන්ටත් නොකියා ම ගියපු එකට ජන්ග්කුක් හිටියේ තරහින්.. ඒ නිසා ම පරක්කු වෙලා වත්තට යන්න ජන්ග්කුක් තීරණය කරා.. උදෙන්ම හෙන්රි ව හම්බවෙලා රෝස් එක්කම හවස් වෙලා ජන්ග්කුක් වත්තට ආවා..
වත්තේ තිබ්බ වතුර කරාමේ කැඩිලා තිබ්බ නිසා ජන්ග්කුක් හෙන්රිට කතා කරා ඒක හදාගන්න.. ඒ මගදී රෝස් හම්බ වුණ නිසා රෝස් හෙන්රි එක්කම ජන්ග්කුක් වත්තට ආවා..
" ඇත්තටම හෙන්රි ඔයා කොහොමද මේවා ඉගෙන ගත්තේ.. ඔයාට මේ වැඩ හොඳට පුළුවන් නේ.. "
" ඩෑඩ් නිසා තමයි ජන්ග්කුක්.. "
හෙන්රි කිව්වේ ටිකක් ආඩම්බරයෙන්.. ජන්ග්කුක් ට වඩා අවුරුදු කීපයකින් බාල හෙන්රි මේ වෙනකොට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්...
" මේ ඒක නෙවෙයි කෝ ජීසූ.. "
හෙන්රි ඇහුවේ වෙනදට රෝස් එක්ක ඉන්න ජීසූ අද නැති හින්දා..
" එයා අද නෑ හෙන්රි.. "
රෝස් උත්තර දුන්නේ ඉස්සරහට යන ගමන්.. ජන්ග්කුක් ඇවිත් සති කීපයක් වුණා ට ඒ අය අතර තිබ්බ යාළුකම හරියට අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ දෙයක් වගේ..
ඒ දවස්වල නිහඬ ජීවිතයක් ගත කරපු ජන්ග්කුක් ම ද මේ කියලා ඕන කෙනෙක් ට හිතෙන්න පුළුවන්..
" හෙන්රි ඔයා ටේහියුන් ව අදුරනව ද "
ජන්ග්කුක් ඇහුවේ සාමාන්‍යයෙන් හෙන්රි මේ ගමේ ඉන්න හැමෝම වගේ අදුරන නිසා.. ඒ නිසා කොහොමත් ටේහියුන් ව අදුරන්නේ ඕන.. මොකද ජන්ග්කුක් දන්න ටේහියුන් ගොඩක් සමාජශීලී චරිතයක්..
" ටේහියුන්.. ජන්ග්කුක් අදමයි මම ඒ නම ඇහුවෙත්.. ඇත්තටම කවුද ඒ.. "
" ඔව් හෙන්රි මෙයා ඊයෙත් ටේහියුන් කෙනෙක් ගැන ඇහුවා.. ඇත්තටම මං දන්නේ නෑ එහෙම කෙනෙක් ගැන.. "
" පුදුමයි ඔයාලා එයාව දන්නේ නෑ කිව්වම.. "
හෙන්රි රෝස් දෙන්නා ටේහියුන් ව අදුරන්නේ නෑ කිව්වම ඇත්තටම ජන්ග්කුක් පුදුම වුණා.. ඒක වෙන්න පුළුවන් දෙයක් ද.. කතා කරලා නැත්තම් අඩුම එහෙම කෙනෙක් ඉන්නවා කියලවත් දැනගෙන ඉන්න ඕන නේද..
තුන්දෙනා කතාවෙන් ම එතනට ආවා.. වත්තේ මඩුවට ගියපු ජන්ග්කුක් කරාමේ හදන්න ඕන කරන බඩු හෙන්රි ට ගෙනත් දුන්නා.. හෙන්රි කරාමේ හදන අතරතුරේ ජන්ග්කුක් රෝස් එක්ක එකතු වෙලා වත්තේ අනික් වැඩ කරා.. වත්ත පුරා ඇවිදිමින් පැල වර්ග හැම එකකටම පොහොර වතුර දාපු ජන්ග්කුක් රෝස් එක්ක ඊළඟට ගියේ වත්තේ කෙලවරට වෙන්න තිබ්බ ඇපල් ගස් ළඟට..
හෙන්රි ටයි රෝස්ටයි දෙන්නටම ගෙනියන්න ඇපල් කඩන්න ජන්ග්කුක් තීරණය කරා.. මේ ඇපල් කඩන්න හොඳම කාලේ කියලා එයා නිගමනය කරේ රතූ පාටින් ඇපල් ගස් වල පිරිලා තිබ්බ නිසා වගේම කලින් දවසේ අත්තම්මා ඒ ගැන කියපු නිසා..
" එන්න රෝස්.. මේ ඇපල් කඩමු.. "
රෝස් ඇපල් කූඩ වලට එකතු කරනකොට ජන්ග්කුක් ඒවා කැඩුවා.. හෙන්රි කරාමේ හදලා ඉවර වෙනකං දෙන්නත් එක්ක ම ඇපල් කැඩුවා..
" ඔන්න ජන්ග්කුක් ඒ වැඩෙත් හරි... "
" ඔයා නම් සුපිරියි.. තැන්ක් යූ බ්‍රෝ.. මෙන්න.."
ජන්ග්කුක් අතේ තිබ්බ පලතුරු කූඩය හෙන්රි අතට දුන්නා.. රතට රතේ ඒ ඇපල් දකින කොට කන්න හිතෙනවා..
ජන්ග්කුක් ට සමුදුන්න හෙන්රිත් රෝස් ත් දෙන්නා පිටත් වෙලා ගියා ම ජන්ග්කුක් වත්තේ තනිවුණා..
" අදත් අරයත් එක්ක ඇපල් කැඩුවා නේද "
තමන්ගේ පිටිපස්සෙන් ඇහෙන හඬ නිසා ජන්ග්කුක් ගේ කට කොනින් හිනාවක් මතු වුණා..
" ඔයා ඉතිං මාව දාලා ගියා ම තනියට මම කෙනෙක් හොයාගන්න එපැයි.. "
කටකොනේ හිනාව එහෙම්ම තියාගෙන ජන්ග්කුක් කිව්වේ ටේහියුන් ව වැඩිය ගණන් නොගෙන..
" මට සමාවෙන්න.. "
ටේහියුන් ඔළුවත් බිමට හරවාගෙන හෙමිහිට කිව්වා... ජන්ග්කුක් නම් ටේහියුන් ව ගනන් නොගෙන පැත්තකට ගිහින් එයාගේ වැඩ කරන්න පටන් ගත්තා.. බිමට ඔවුන් හරවාගෙන ඉන්න ටේහියුන් තමන්ට ටිකක් ඈතින් ඇහෙන සද්දේ නිසා ඒ දිහා හැරිලා බලනකොට ජන්ග්කුක් එතන ඉන්නවා දැක්කා..
ඒත් ඉඳන් ජන්ග්කුක් දිහා ටේහියුන් බලාගෙන හිටියේ කදුළු පිරුණු ඇස් වලින්..
" ජන්ග්කුක්.. මාත් එක්ක තරහා වෙන්න එපා.. "
ටේහියුන් හෙමිහිට කිව්වා.. ටේහියුන් ගේ හඬ ඇහුනත් ජන්ග්කුක් ඒක ගනන් නොගෙන ඉන්න තීරණය කරා..
" ජන්ග්කුකී.. කරුණාකරලා ඔහොම කරන්න එපා.. මට සමාවෙන්න.. "
ටේහියුන් ගේ කැඩුණු කට හඬ ඇහෙන කොට නම් ජන්ග්කුක් ට රිදුනත් ඒක ගැන හිතන්නේ නැතුව ඉන්න එයා තීරණය කරා.. කොහොමත් කලින් දවසේ ඉදන් ටේහියුන් ට මෙහෙම කරනවා කියලා ජන්ග්කුක් හිතාගෙන හිටියේ.. එයාව තනියෙන් වත්තේ දාලා ගියපු නිසා තමයි මේ ඔක්කොම..
" කුකී.. "
ටේහියුන් ජන්ග්කුක් ගේ අතින් ඇල්ලුවා.. ජන්ග්කුක් අත ගසලා දැම්මේ ටේහියුන් ඇස් වල පිරුණු කදුළු කඩා හැලෙන කොට.. ජන්ග්කුක් ඒක දැක්කෙ නෑ.. එයා ඉස්සරහ ට යන්න හැදුවත් ටේහියුන් ජන්ග්කුක් ගේ පිටිපස්සෙන් තදින් වැලඳ ගත්තා..
" මට මෙහෙම කරන්න එපා කුකී... ම__මට ඉන්නේ ඔ__ ඔයා විතරයි..මට__ මට රිදෙනවා.. "
ටේහියුන් අඬනවා කියලා ජන්ග්කුක් ට දැනුනත් කදුළු වල ස්පර්ශයක් ජන්ග්කුක් ට දැනුනේ නෑ.. ජන්ග්කුක් ගේ හදවත වෙනදටත් වඩා ගොඩක් වේගයෙන් ගැහෙන්න ගත්තා..
ඒත් එක්කම අනික් පැත්ත හැරිලා ටේහියුන් ව ජන්ග්කුක් ආපිට වැලඳගත්තේ එයාගේ ටේ අඬනවට ජන්ග්කුක් අකැමැති නිසා..
" අම් සොරි ටේ.. හොඳ ළමයා වගේ අඬන එක නවත්වන්න.. හ්ම්.. "
ටේහියුන් ගේ පිට අතගාන ගමන් ජන්ග්කුක් ටේහියුන් ව සන්සුන් කරා.. ටික වෙලාවක් අඬ අඬ හිටපු ටේහියුන් තවත් ජන්ග්කුක් ගේ උණුහුම ට ගුලි වෙලා හිටියේ එයාට ජන්ග්කුක් ලඟින් දැනුන ආදරණීය හැඟීම් නිසා..
" ආය එහෙම කරන්න එපා.. "
පොඩි ළමයෙක් වගේ ටේහියුන් නහයත් පිහ පිහ කියනකොට ටේහියුන් ගේ මේ හුරතල් වැඩ දැකලා ජන්ග්කුක් ට හිනා ගියා..
" ප්‍රොමිස් ආය ඔයාව අඬවන්නේ නෑ.. "
ජන්ග්කුක් එයාගේ සුළැඟිල්ල දික් කරා.. ටේහියුන් එයාගේ සුළැඟිල්ලත් දික් කරලා ජන්ග්කුක් ගේ සුළැඟිල්ලත් එක්ක පැටලුවා..
ජන්ග්කුක් එයා කර කර හිටපු වැඩේ නවත්තලා ටේහියුන් එක්ක එයාලා හැමදාම වගේ වාඩි වෙලා ඉන්න විලෝ ගහ යටට ගියා..
" ජන්ග්කුකී.. "
" හ්ම්.. "
ටේහියුන් මුකුත් නොකියා ජන්ග්කුක් ව වැලඳගත්තේ ජන්ග්කුක් යටි හිතින් සතුටු වෙනකොට.. මේක නෙවෙයි ද ජන්ග්කුක් ට ඕන වුණේ..
" ඔයා හරි හොඳ කෙනෙක් කුකී.. ඒත් ඔය බොරුවට ගන්න තරහ නම් නැති කරගන්න.. "
" ඔයා කියන දෙයක් තමයි ඉතින්.. "
ජන්ග්කුක් හිනා වුණා.. එදා හවස වුනත් හරි සෞම්‍ය කාලගුණයක් තිබ්බේ ඒ මොහොත තවත් ලස්සන කරන ගමන්.. ජන්ග්කුක් ගේ තුරුලේ ඉන්න ටේහියුන් වගේම විලෝ ගහට හේත්තු වෙලා ඇස් පියන් ඉන්න ජන්ග්කුක් ඒ අවට පරිසරයත් දැක්කම මතක් වෙන්නේ ලස්සන චිත්‍රයක්.. ඒ මොහොත ඒ තරම් ලස්සන යි..
" අපි හැමදාම මෙහෙම ඉඳීවි ද ජන්ග්කුක්.. "
__________