ආල අඩව්ව [කලු කුමාර 2 ] ✔️

Por nithuvihansa

72.1K 13.6K 2.4K

The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between incubus... ♡♡♡♡♡ The... Mais

●○ 1 ●○
●○ 2 ●○
●○ 3 ●○
●○ 5 ●○
○● 6 ●○
○● 7 ●○
○● 8 ○●
○● 9 ○●
●○ 10 ●○
●○ 11 ●○
●○ 12 ●○
○● 13 ○●
○● 14 ○●
●○ 15 ●○
○● 16 ○●
○● 17 ○●
○● 18 ○●
●○ 19 ○●
○● 20 ○●
●○ 21 ●○
○● 22 ○●
○● 23 ○●
●○ 24 ○●
○● 25 ○●
○● 26 ○●
○● 27 ○●
○● 28 ○●
○● 29 ○●
○● 30 ○●
○● 31 ○●
○● 32 ○●
○● 33 ○●
○● 34 ○●
○● 35 ●○
○● 36 ○●
○● 37 ○●
○● 38 ○●
○●39○●
○● 40 ○●
○● 41 ○●
○● 42 ○●
●○ 43 ●○
○● 44 ○●
●○ 45 ○●
○● 46 ○●
○● 47 ○●
○● 48 ○●
○● 49 ○●
○● 50 ○●
●○ 51 ○●
○● 52 ○●
○● 53 ○●
○● 54 ○●
○● 55 ○●
○● 56 ○●
○● 57 ○●
○● 58 ○●
○● 59 ○●
○● 60 ○●

●○ 4 ●○

1.6K 320 94
Por nithuvihansa



Yugan's pov

පළවෙනි වතාවට වික්ටෝරියාවට පයගහපු මට කැම්පස් එකේ ලස්සන කටත් ඇරන් බලන් හිටියා....නිකන් හැරී පෝටර් කතා පොතක් අස්සට රිංගුවා වගේ
මන් ඕටම් කොල වැටුණ පිට්ටනිය වට කරලා හදලා තිබුන බිල්ඩින් එකේ කොරිඩෝව දිගේ ඇවිදන් ගියා.....අරාබි චීන ජපන් රුසියන් අප්‍රිකා...ඔය හැම ජාතියකම මිනිස්සු මූණට හම්බුණා වගේම සමහරු මාව නොදැනත් හිනාවෙලා ගුඩ් මෝර්නින් කියාගෙන ගියා...

භෞතීය විද්‍යාව......ජාන තාක්ෂණය... තර්ක ශාස්ත්‍රය.....යුනානි වෛද්‍ය....මන් හිතන්නෙ මේ හැම විෂයකටම එක බිල්ඩින් එකක් ගානෙ තිබ්බද කොහෙද එච්චරට අතරමං වෙන තරම් ගොඩනැගිලි

" අලුතෙන්ද....."

මන් හිටියෙ ලෙක්චර් හෝල් එක ඉස්සරහ
දේශනේ පටන් ඇරන් කියන්න වැහිලා ගිය දොර පලු වලින් පේන්න තියෙද්දි ඇතුලට යනවද නැද්ද කියලා හිත හිත ඉදපු මම
ආගන්තුක කටහඬට හැරිලා බැලුවා...

පෙනුමෙන්නම් චිනද ජපන්ද මන්දා....හීනි ඇස් සුදුමැලි හම...ඒත් කතා කලේ නම් ඉංග්‍රීසි..
කොණ්ඩෙ බොබ්කට් කපලා බෝතල් අඩි සයිස් කණ්ණාඩි දාපු කොල්ලෙක්.....නිකන් කාටූන් කැරැක්ටර් එකක් වගේ...

" මන් අද ආවෙ...ඔ..ඔයත්..."

" මාත් කරන්නෙ ඔයා කරන සබ්ජෙක්ට් එකමයි..."

අම්මෝ...අම්මෝ..මූ අර කොරියන් කතා වල වගේ අනුන්ගෙ හිත් කියවනවද කොහෙද...මන් අහන්නත් කලින් උත්තර දුන්නෙ...

" මන් කියාගෝ මිත්සුබා....එතකොට ඔයා....."

" ම්...මන්...යුගාන්...යුගාන් සත්සර...."

මොකද්ද අප්‍රබන්ස නමක් කියලා එයා අතට දුන්නා....මගෙ නමත් ඌට තනිකර අන්දර දෙමළයක් කියලා මූනෙන්ම තේරුණා. ඊළඟට මූ ඇහුවෙ නැතෑ වට් ඉස් යුඅර් කන්ට්‍රි කියලා...ආයෙත් ඉතින් සෙකන්ඩ් වෙන්නෙ නැතුව මාත් සිරි ලන්කන් ගෑවා....එහෙන් මෙහෙන් ණය ගත්ත වුණත් අපිට වසර දෙදාස්පන්සීයක පෞඩ ඉතිහාසයක් තියෙලුනෙ....මොකටද ඉතින් මේ චීනෙක්ට සෙකන්ඩ් වෙන්න....

ලෙක්චර් ඉවර වෙනකම්ම චීනයි මායි එලියෙ...ඌත් ඇවිත් තියෙන්නෙ පරක්කු වෙලාලු...උගන්නන ප්‍රොෆෙසරයා වෙලාවට වැඩලු ගානට වෙලාවට ආවෙ නැතොත් එලියෙ...මට ඉතින් පලවෙනි දවසෙම රතු එලි....

ප්‍රොෆෙසරයා ලෙක්චර් එක ඉවර කරන පාටකුත් නෑ......බලන් ඉඳලම බඩේ ක්‍රමාකුංචන චලන එන්න එන්නම වැඩි වෙද්දි මන් චීනාවත් දාලා කැෆටේරියා
එකට ආවා....නමක් නොදන්න කෑම අතරින් බර්ගර් දෙකක් ගත්ත මන් සලාද කොල අයින් කරල ඉතුරු ටික කන්න ගත්තෙ පාර දිහා බලාගෙන....ඒත් ගත්ත දෙවෙනි බර්ගර් එක කටට දාගන්නවත් මට පින නැති වුණා....පාර හරහා පණ කඩාගෙන දුවන කෙනා දිහා තුන් හතර පාරක් උනන්දුවෙන් බලද්දි තමයි මීටර් වුණේ ඒ අපේ හිච්චි දොස්තර කියලා....

" ඒ......දිනා.....! "

මන් අත වනනවාත් එක්ක දිනෙත් කුලප්පු වුණ අස්සයා වගේ කැෆටේරියා එකට දුවන් ආවා....

" උඹ ගම හරහා දුවනවද......බර්ගර් එකක් දෙන්නම්....."

" බර්ගර් කන්න නෙමෙයි....මෙහෙ එනවා යන්න...."

" කො...කොහෙද යන්නෙ....මෙ..කෑම එක.."

කතා කරගන්නවත් බැරි වෙන්න බර්ගර් එක එහෙම්මම මගෙ කටේ එබුව දිනෙතයා මාවත් ඇදන් දුවන්න ගත්තා....
ඌගෙ පස්සෙන් පන්නගෙන ආපු සද්දන්ත කොල්ලො සෙට් එක දැක්කහම මගෙ කකුලුත් ඉබේටම වයින් වෙලා දිනෙත්වත් පහු කරන් දුවන්න ගත්තෙ පාර දිගට ඒකට බැන බැන....

" කවුද උන්......උඹ මොකක් හරි ගොන් වැඩක් කරාද ආ......."

" ප...පස්සෙ කියන්නම්....."

" මට හිතුනා උඹ තාත්තා ඉස්සරහ මගෙ ඔලුවෙ අත තියලා දිව්රද්දි.....ගොන් වස්සා.....උඹ...දොස්තරයෙක් නෙවෙයි....අමුම අමු මාදාවියෙක්.....! "

අර සද්දන්ත කුලේ එව්වොත් එක්ක අපිට හැරෙන්නවත් බැරි වෙද්දි තඩි බල්ලො ටිකකට කොටු වුණ බලුපැටවු දෙන්නෙක් වගේ පස්සෙන් පස්සට යද්දි දිනෙත් ගිහින්
එකෙක්ගෙ ඇගේ හැප්පෙනවත් එක්ක මේකා භූමි නමස්කාරය කරගෙනම ඇදන් වැටුණා....

" උසේන් බෝල්ට් වගේ දිව්වට තමුසෙලා හිතුවද අපිට අල්ලගන්න බෑ කියලා..ම්ම්........"

" න්....නෑ...අයියෙ අ...අපි දිව්වෙ නෑ...."

" දිව්වෙ නෑ........ඔව් අපි දැක්කනෙ මුන් බඩගාන හැටි....."

තඩි අප්‍රිකන් එකෙක් දිනෙත්ගෙ ෂර්ට් එකෙන් ඇදලා ගනිද්දි මේකා සෙන්ටිමීටර් ගානක් පොළවෙන් ඉස්සුණා.

" රොකී....මූ තමයි...කොල්ලා..."

" ම්න්.....මෙයාද මේ චණ්ඩියා....."

කට්ටිය මැද්දෙන් මතු වුණේ සුදු වුණත් හෙන මරුමුස් පෙනුමක් තිබුන කොල්ලෙක්
අර අප්‍රිකන් කාරයා දිනෙත් ඒකා දිහාවට තල්ලු කරද්දි එයා දිනෙත්ගෙ කම්මුල් වලින් අල්ල ගත්තා.....

" ඉතින් පොඩි චණ්ඩියා....දන්නවද ඒකෙ ගාන ම්ම්........"

මේ පරම මිත්‍රයා මොන නාඩගමක් නටලා දන්නෑ.....අරූ දිනෙතයාව පූසෙක් වගේ එක අතකින් අල්ලන් ගාන දන්නවද අහද්දි
මාත් ගිරේට අහු වුණ පුවක් ගෙඩිය වගේ බලන් හිටියා......

" ඩොලර් වලින් ගත්තොත් ඒ කෑල්ල විතරක් හාරසියගානක් වටිනවා......මන් තමුන්ට හරියටම දවස් පහක් දෙන්නම් ම්න්......මට වුණ පාඩුවට ගෙවනවා.... නැත්නම්......"

එයා නැත්නම් කියන කෑල්ල මන් දිහා බලන් කියද්දි මන් ඉක්මනට අහක බලාගත්තා....අහක යන පරිප්පුත් මගෙ ඇගේ....

" නැත්නම්.......තමුන්ගෙ අර අහක බලන් ඉන්න යාලුවත් එක්කම උස්සලා....නමක් ගමක් වත් හොයාගන්න නැතිකරනවා....
හරී.....පරිස්සමින් ඉදපන්...."

හරිනෙ හරිනෙ.....දිනෙතයා මන් අද තෝව හමගහනවා...අහක යන මාවත් මුගෙ ගොන් වැඩ වලට ගාව ගන්නවා....දැන් ඉතින් දෙන්නටම ගෞරවයෙන් බුදුසරණයි......

.
.
.
.
.
.
.
.
.

" දිනෙත්.....දිනෙත්...මට ඇත්ත කියපන්
මැරුම් නොකා...."

" හරි හරි කියන්නම්.....හොද එකා වගේ ඔය පිහිය පැත්තකින් තියපන්..."

රොකීද බොකීද දිනෙත්ට තර්ජනය කරලා
යන්න යද්දි බෝඩිමට ආපු මන් අනිත් අතට
දිනෙත් පස්සෙ එලෙව්වා...නිකන් නෙමෙයි අතට අහුවුණ පිහියත් උස්සන්...

" හරි තිබ්බා....දැන් කියපන්..."

" ම්...මේ ඔය අලුතෙන් ආපු අයගෙන් සීනියර්ලා එක එක වැඩ ගන්නවනේ...... ඔයා දන්නවද ඔය රොකී කියන එකා කැම්පස් එක හොල්ලන් ඉන්නෙ....ඌට සුපිරි වණ්ඩියක් තියෙනවා ඕයි..."

" දිනෙත්....උඹ කතාව වෙනස් කරන්නෙ නැතුව වුණ දේ කියපන්...මන් රොකියෙක් ගැන ඇහුවෙ නෑ....."

" හරි හරි මන් මේ පොයින්ට් එකට එන්ටර් වුණා.....තමුසෙ එක්ක බෑනෙ......ඉතින් අහන්නකො.......මට උන් උදේම රොකියගෙ බයික් එක ක්ලීන් කරන්න දුන්නනෙ......"

" ඉතින්...."

" ඉතින් ආසාවට නැග්ගා....නැග්ග පාර වැටුණා.....සයිඩ් කණ්ණාඩිය කුඩේ කුඩු වුණා කියහන්කො...."



" යකෝ...මොන හු##%#@&₹^#@#₹₹@......
ගොනෝ ඩොලර් හාරසීයක්....කියන්නෙ ලක්ෂයක් විතර....කොහෙන්ද කියපන් දවස් පහකින් ඔච්චර ගානක් හොයන්නෙ....."

කැති පොලු අමෝරාගෙන මන් අංගුලිමාල වගේ දිනෙත් පස්සෙන් පන්නද්දි පෙර පිනකට ඌට ආපු කෝල් එකට මන් නැවතුනා.....

" ඒ.... බාර් එකෙන්.......අද නයිට් ශිෆ්ට් එක අපි දෙන්නට...."



.
.
.
.

Max's pov

මේසෙ උඩම නින්ද ගිහින් හිටිය මට රොකියගෙ දඬුමොනරෙ සද්දෙට ඇහැරෙද්දි කොහෙ ඉදන්ද මතු වුණ රෙක්සියත් බුරන්න ගත්තා....

" ඔව් ඔව් ඔයාගෙ යාලුවා ඇවිල්ලා යන් බලන්න...."

මටත් කලින් පෙරලගෙන දුවපු රෙක්සි රොකීගෙ ඇගේ එල්ලෙද්දි එයා ගෙනාපු චොක්ලට් එක රෙක්සියගෙ කටේ එබුවා.
ඕකට කඩචෝරු කන්න පුරුදු වෙලාම දැන් පඩිපෙල නැග ගන්නත් බෑ බඩ වදිනවා බිම......

" ඕකට පැණිරස කවන්න එපා බන් බලපන් සයිස් එක.....මූව බලන ඩොකා මගෙ බෙල්ලට කොයි වෙලේ හරි දම්වැලක් දාලා පාර දිගේ ඇදන් යනවා...."

රොකීටත් එක්කම මන් කෑගද්දි ඔක්කොම තේරෙනවා වගේ අහන් ඉන්න ලස්සන....

ඉදපන්කො රෙක්සි ඔහොම අදාල අය ආවාම උඹව හදලා ගනී.


රොකියා කාමරේට ඇවිත් ඇදට වැටෙද්දි මන් එලියෙ තිබුන ඌගෙ අලුතෙන්ම ගත්ත බයික් එක දිහා බැලුවා....ක්ලීන් කරපු එකා සයිඩ් කණ්ණාඩිය උඩ නැගන්ද දන්නෑ පිහදාලා තියෙන්නේ....අරූගෙ මූණත් ගොරකා ලෙල්ලක් වගේ වෙලා...

" කොල්ලව හොයාගත්තද....."

" හ්ම්ම්.....පොඩි පෝරිසාදයෙක්....මන් මිනිහට දවස් පහක් දුන්නා බලමුකො...
මන් ඕකව ලේසියෙන් අතඅරින්නෙ නෑ...."

" මරු හැබැයි....කෙල්ලටවත් අත තියන්න දෙන්නෙ නැති රොකියගෙ දඬුමොනරෙට අලාභ හානි කරන්න තරම් නිර්භීත වුණ එකම එකා....."










රෑ අටත් පහුවෙලා තියෙද්දි රොකීයි මායි ගෙදර යන්න හිතක් නැතුව බාර් එකට වෙලා ඔහේ කාලේ ගත කලේ මේසෙ උඩ බීපු වීදුරු ගාන එකින් එක වැඩි වෙද්දි.....

" බාප්පගෙන් පුලුවන් තරම් බේරිලා ඉදපන්
උඹ ඉන්න තැනක් තාම ඕකා දන්නෙ නැතුව ඇති.....කැම්පස් එකේදි දැක්කත් මග ඇරලා ඉදපන්.....උඹ අර පොත පබ්ලිශ් කරපු එකෙන් වුණේ උන් තව ඇවිස්සුන එක හැබැයි......"

" මේ පාර මොකා ආවත් මට අදාල නෑ හොඳින් හරි නරකින් ඌ මගේ එච්චරයි...."

බාප්පාව මතක් වෙන සැරයක් ගානේ ඇගේ
ලේ පිච්චෙද්දි මට අතට තද වුණ වීදුරුව රොකී ඇදලා ගත්තා.

" ඉවසපන්....මේ හිටියා වගේ තව ටික කාලයක් ඉදපන්....අපි කොහොම හරි එයාව හොයාගම්මු....ම්ම්......"

රොකී හැම වෙලාවකම මට හයියක් වෙලා කතා කරත් අතීත මතක වලින්ම හෙම්බත් වුණ මන් මේසෙට ඔලුව ගහගත්තා.

" කොහේ කියලා හොයන්නද බන්....මන් කොහේ කියලා හොයන්නද.....එ..එයාට මන් ගැන කිසිම මතකයක් නැති වුණොත්......මාව පිළිගන්න කැමති නැති වුණොත්......ම...මන් මොකද කරන්නෙ බන්..."

" මල්ලි....තව කොක්ටේල් දෙකක් දාන්න..."













Yugan's pov

ලේසි කියලා හිතුවට තැනින් තැනට ඇවිදලාම කකුලුත් පණ නැතිවෙලා තියෙද්දි අපිට කැශියර් එකේ වැඩ දෙනවා කිව්ව එකා අපි ලව්වා ටොයිලට් විතරයි හෝදව ගත්තෙ නැත්තේ....

" මල්ලි...තව කොක්ටේල් දෙකක් දාන්න..."

පොඩ්ඩක් වාඩි වෙන්න හැදුව විතරයි ඉස්සරහ මේසෙ හිටපු කෙනා කොක්ටේල් දෙකක් ඕඩර් කරද්දි මන් ආපහු කොක්ටේල් දෙකක් හදන්න දිව්වා.....
ඇත්තමයි මුන්ට ගෙවල් දරු පවුල් එහෙම නැද්ද දන්නෑ....මහ රෑ වෙලත් ගෙදර යන්න බැරි හැටි.....

කස්ටමර්ස්ලා යනකම් අපිටත් වැඩ ඉවර කරන්න බැරි වෙද්දි මන් කොක්ටේල් ඕඩර් කරපු උන්ට දෙහි කපන්න පටන් ගත්තා...
එකෙක් බීලා වැඩිවෙලාමද කොහෙද මේසෙට ඔලුව ගහන් ඉද්දි අනිත් එකත් ඔහේ බලන් ඉන්නවා....මෑන්ව නිකන් දැකලත් පුරුදුයි වගේ.....

" තව ඉවර නැද්ද බන්....."

" උඹගෙ මුල් ඇද්දද ඒක අස්සෙ......මේක අර ඉස්සරහ ටේබල් එකට දීලා එනවා...."

වොෂ්රූම් ගිය දිනෙතයා පැයකට විතර පස්සෙ ආයෙ මතු වෙද්දි මන් උගෙ අතට ඕඩර් එක දෙන ගමන් ඉස්සරහට තල්ලු
කරා.

මටත් ඔරවගන ගිය දිනෙත් ආයෙත් එන්න පරක්කු වෙද්දි මාත් ඒ පැත්තට ගියා....ඕකගෙ වැඩේ ගිය ගිය තැන බාල්දි දාගන්න එකනේ....
මන් යද්දි ටේබල් එක ළඟ ඕඩර් එකත් තාමත් අත්දෙකෙ තියන් දිනෙත් ගල්ගැහිලා වගේ ඒ කෙනා දිහා බලන් හිටියා...ඒ කෙනත් දිනෙත්ගෙ උඩ ඉදන් යටටම බැලුවෙ කට කොනේ හිනාවක් එක්ක....

දැකලා පුරුදුයි නේන්නම් එතන හිටියෙ උදේ මටත් එක්කම තර්ජනය කරලා ගිය රොකී කියන කෙනා...

" ඉතින්.......ඩබල වැඩ කරන්නෙ මෙතනද......ම්ම්.........."

රොකී පුටුවෙන් නැගිටිනවත් එක්ක බය වෙලා පස්සට පැනපු දිනෙත් කොක්ටේල් දෙකත් බිම අතඇරලා මාවත් ඇදන් බාර් එකෙන් එලියට දුවන්න ගත්තෙ
ඇදන් හිටපු ඒප්‍රන් දෙකත් බාගෙට ගලවගෙන.




~~~~~~~~~~ මතු සම්බන්දයි ~~~~~~~~~~

Continuar a ler

Também vai Gostar

50.7K 7K 39
දෙමාපියන්ගේ කීම නිසා තමන් ජීවිතේට නොදැකපු කෙනෙක් එක්ක අශේන් විවාහ උනේ අකමැත්තෙන්.., හැමවෙලාවෙම තම කටයුතු වල ගිලි ඉන්න ඔහු තම බලහත් කාර සහකාරය ගැන වද...
51.7K 9K 19
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.
4.7K 864 7
නුඹ මගේ ගිම්හානයේ කුසුමයි.... මගේ ගිම්හාන්♥️♥️♥️♥️♥️♥️
117K 16.6K 48
ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...