" ඉතිං ටේහියුන්, එහෙනම් මමත් යනවා "
ජෝර්ජ් විශ්ව විද්‍යාල කටයුතු වලට ගිහින් සතියක් ගත වුන තැන සොක්ජින්, ටේහියුන් ගේ අනික් යාළුවත් සැරසුනේ තමන්ගේ උපන් ගමට පිටත් වෙන්න..
" ජෝර්ජ් ත් ගියා.. දැන් ඔයත් යනවා.. මට තමයි පාළු..හ්ම්.. "
ටේහියුන් ඔළුව බිමට හරවන් හෙමින් මිමිණුවත් ඒක ජින් ට ඇහුනා..
" පොරොන්දු වෙනවා මම, හැම ඉරිදාවකම මතක ඇතුව ඔයාට ලියුමක් එවන්න.. "
ටේහියුන් ගේ උරහිස් මතින් තමන්ගේ අත් තියාගෙන ජින් කිව්වා.. ඒත් එක්කම ටේහියුන් ජින් ව තදින් වැළඳගත්තා..
" මතක ඇතුව එවන්න.. "
ටේහියුන් ආයෙමත් ජින් ගේ මූණ දිහා බලාගෙන කියද්දී ජින් හෙමිහිට ඔළුව වනලා ආයෙමත් ටේහියුන් ව වැළඳගත්තා..
" මෙන්න.. මේක අරගෙන යන්න.. ස්ට්‍රෝබෙරි කප් කේක් වගයක් "
පොඩි කෑම කූඩයක් ජින් අතට දෙන ගමන් ටේහියුන් කිව්වා.. ඒකත් අරගෙන ටේහියුන් ට ස්තුති කරපු ජින් තමන්ගේ මවත් සමග ඔහුගේ ගමට යන්න පිටත් වුණා..
ජෝර්ජ් ගිහින් ටික කලකට පස්සේ ජෝර්ජ් ගේ වැඩිමහල් සහෝදරයා ජෝර්ජ් ගේ ගොවිපල විකුණුවා.. කොහොමත් නගරයට ගියපු ජෝර්ජ් නැවතත් ගමට එන්නේ නැති වග ටේහියුන් දැන් ගත්තේ ජෝර්ජ් විවාහ ගිවිස ගන්න නියමිත ඔහුගේ පෙම්වතිය නගරයේ ජීවත් වෙන නිසා..
ජෝර්ජ් ජින් ගියාට පස්සේ ගමේ තනිවුණ ටේහියුන් පුරුදු විදිහට ම රසකැවිලි , අතුරුපස හදන ගමන් ජීවත් වුණා.. එයාට ඕන වුණේ නෑ ආපහු ගොවිපලට යන්න..
සතියකට සැරයක් ලැබෙන ජින් ගේ ලියුමත් ජෝර්ජ් ගේ නගරයේ රසකැවිලි පාර්සලයත් නිසා තමන්ගේ යාළුවෝ තමන් එක්ක ඉන්නවා කියලා ටේහියුන් දැනගෙන හිටියා..
<>
ජන්ග්කුක් තවමත් ටේහියුන් ගේ කකුල් මත ඔළුව තියාගෙන නිදාගෙන හිටියේ.. ඒ වෙනකොටත් ජන්ග්කුක් හිටියේ තද නින්දක..
හෙමිහිට ජන්ග්කුක් ගේ හිස කෙස් අතරින් තමන්ගේ ඇඟිලි තුඩු යවමින් ටේහියුන් හිනා වුණා..
" පොඩි ළමයෙක් වගේ.. "
ඒ දවල් වරුව නිසා ටිකක් තදින් ඉර පායලා තිබුනා.. කොහොමත් ජන්ග්කුක් මේ වෙලාවට කරන්නේ දවල් කෑම වේල අරගෙන ටිකක් විවේක ගන්න එක.. එක දිගට වැඩ කරන්නත් බෑනේ..
ඒත් අද නම් එයාට කන්න උවමනාවක් නෑ වගේ.. ඒකනේ ටේහියුන් ගේ කකුල් දෙක උඩ සැපට නිදාගෙන ඉන්නේ..
" ජන්ග්කුක්.. ජන්ග්කුකා... ආයිශ් කෝ මෙයා.. "
තරමක් ඈතින් ඇහුනේ ගෑනු ළමයෙක් ගේ හඬක්.. ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුණේ ඒ සද්දෙට..
" ආහ් මේ ඉන්නේ.. අනේ අනේ වැඩ කරනවා කියලා ග්‍රැනීට කියලා ඇවිත් හොඳට නිදියලා ද කොහෙද මෙයා.. "
රෝස් හිනා වෙවී කියනකොට ජිසෝ ඔළුව වැනුවා.. ජන්ග්කුක් නිදි ගැට කඩන ගමන් වටපිට බැලුවා..
" කෝ ටේහියුන්.. "
මේ තරම් වෙලාවක් තමන් ළඟ හිටපු ටේහියුන් දැන් නෑ කියලා ජන්ග්කුක් ට තේරුණත් මේ තරම් ඉක්මනින් ටේහියුන් එතනින් ගියේ කොහොමද කියල ජන්ග්කුක් ට ප්‍රශ්නයක් වුණා..
" කවුද ටේහියුන් ජන්ග්කුක් "
ජිසූ ඇහුවේ පුදුමෙන්.. එයාලා නම් දැක්කේ තනියම නිදාගෙන හිටපු ජන්ග්කුක් කෙනෙක් නේ..
" ඇයි ඔයාලා මෙතනට එනකොට කවුරුවත් හිටියේ නැද්ද.. "
" අපි දැක්කේ නම් ඔයා විතරක් ඉන්නවා.. "
ජන්ග්කුක් ගේ විහිළුවක් වෙන්න ඇති කියලා හිතපු ජීසූ රෝස් දෙන්නා හිනා වෙන්න පටන් ගත්තා.. ජන්ග්කුක් තවම පුදුමෙන් වගේ බලාගෙන හිටියා..
" හරි හරි පස්සේ අපි ටේහියුන් ව හොයමු කෝ.. දැන් මේ කෑම ටික කාලා ඉන්න.. ග්‍රැනී තමයි එව්වේ.. "
ජීසූ එයාගේ අතේ තිබ්බ කෑම කූඩය ජන්ග්කුක් දුන්නා..
" බයවෙලා වගේ ඉන්න එපා ජන්ග්කුක්.. මූණ හෝදගෙන ඇවිත් ඕක කාලා ඉන්න..අපි යනවා.. "
ජන්ග්කුක් ගේ පිටට තට්ටුවක් දාලා ඒ දෙන්නා හිනා වෙවී එතනින් යන්න හැදුවත් ජන්ග්කුක් ඒ දෙන්නව නැවැත්තුවා..
" ඇත්තටම ජීසූ රෝස් ඔය දෙන්නා ටේහියුන් ව දන්නේ නැද්ද.. එයා මෙහෙනේ ඉන්නේ.. "
" මං නම් දන්නේ නෑ ජන්ග්කුක්.. එයා කොහෙද ඉන්නේ.. අපි ඉන්න ටිකේ නම් එහෙම කෙනෙක් නෑ.. "
ටිකක් වෙලා කල්පනා කරපු ජීසූ කිව්වේ රෝස් ඒක අනුමත කරන කොට..
" එයා ඉන්නේ කොහෙද කියලා මං දන්නේ නෑ.. "
" එහෙනම් එයාව අපිට මුණ ගස්සන්න කෝ.. සමහරවිට එයා අපිව අදුරනවද දන්නේ නෑ.. "
" මං එයා ආවම අහන්නම් කෝ.. "
ජන්ග්කුක් කෑම කන්න කලින් මූණ හෝදන්න නැගිටිනකොට ජන්ග්කුක් ට සමුදුන් රෝස් ජීසූ දෙන්නා එතනින් පිටත් වුණා..
මූණ හෝදගෙන ආව ජන්ග්කුක් කෑම කාලා ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තේ ටේහියුන් ව ආපහු බලාපොරොත්තුවෙන් වුනත් ටේහියුන් ආවේ නෑ..
වැඩ ටික ඉවර කරපු ජන්ග්කුක් ඉක්මනට ගෙදර දිව්වේ හවස එයාට කරන්න වැඩ තියෙනවා කියලා මතක් වුන නිසා.. කලින් දවසේ ජිමින් පිටත් වෙන්න කලින් එයාගේ පරීක්ෂණේ වැඩ වගයක් ජන්ග්කුක් දීලා තමයි ගියේ..
එයාට ම අමතක වුණ එයාගේ පරණ ජීවිතේ..
<>
රෝස් ජීසූ ඈතින් එනවා දැක්ක ටේහියුන් ජන්ග්කුක් ළඟින් හෙමීට ඈත් වෙලා දිව්වේ ඒ දෙන්නා එතනට එන්න කලින්..
ඒත් ඉදන් හිනා වෙවී ජන්ග්කුක් එක්ක කතා කරන රෝස් ජීසූ දිහා ටේහියුන් හැංගිලා බලාගෙන හිටියා.. නින්දෙන් නැගිටලා පුදුමෙන් ජීසූ රෝස් දිහාත් වටපිටාවත් මාරුවෙන් මාරුවට බලන ජන්ග්කුක් දැක්කම ටේහියුන් ට හිනා ගියත් ජීසූ රෝස් එක්ක එයා කතා කරනවා දැක්කම ටේහියුන් ට හිතුනේ ජන්ග්කුක් අර ගොවිපල ට පිටිපස්සෙන් ගලාගෙන යන ගඟට තල්ලු කරලා දාන්න..
" ඇයි එයා දැක්කම මට පුංචි ජේන් ව මතක් වෙන්නේ.. "
ජීසූ දිහා බලන ගමන් ටේහියුන් හිතුවේ එයත් එක්ක හිටපු ජේන් ගේ හැඩහුරුකම් වගේම හැසිරීම ත් ජිසූ තුලින් දැක්ක නිසා..
ඒත් ටේහියුන් ජින් ගමට ගියාට පස්සේ ඉදන් ම පුංචි ජේන් ව දැක්කේ නෑ..
' පුංචි ජේන් එයත් ලොකු වෙලා මේ වගේ ම ඉඳියි '
ටේහියුන් ට හිතුනා.. ඒත් එක්කම වගේ ටේහියුන් අතීත මතකයන් අතර හිරවුණා..
.
.
.
ටේහියුන් හිටියේ වේගයෙන් දුවන ගමන්.. තිගැස්මෙන් පිරුණු මූණත් නලලින් බේරෙන දාඩියත්, ගැහෙන ඇඟත් නිසා එයා ඉන්නේ යමකට බයෙන් කියලා කියන්න පුළුවන්..
ටේහියුන් වේගයෙන් දුවගෙන ගිහින් නැවතිලා දණිස් අතින් අල්ලගෙන නැවිලා හති ඇරියේ මේ වෙනකොටත් එයා සෑහෙන දුරක් දුවලා තිබුණු නිසා..
උදෙන්ම නම්ජූන් ගේ ගෙදර යන්න ටේහියුන් පිටත් වුණේ එයාගේ පුංචි ජේන් ට වුණු පොරොන්දුවත් එක්ක.. ජෝර්ජ් ගෙන් සතියකට සැරයක් ලැබෙන රසකැවිලි මල්ල මේ පාර ජේන් ට ගෙනියන්න ටේහියුන් තීරණය කරලා තිබ්බා.. ඊට අමතරව ජේන් කන්න ආසම ටේහියුන් හදන රාස්බෙරි කේක් එකත්..
පුරුදු විදිහට ම පාහේ තියෙන පුංචි පුංචි මල් ටේහියුන් එකතු කලේ නම්ජූන් ගේ බිරිඳ, තමන්ගේ නොවන ඒත් තමන්ගෙ සහෝදරියට දෙන්න..
ඒත් ඒ අතරමගදී නොහිතපු විදියට මිනිස්සු වගයක් ටේහියුන් ව වට කරගත්තේ ජේන් වෙනුවෙන් ටේහියුන් හදපු කෑම කූඩයත් මල් මිටක් අත ඇරෙද්දි..
" ඉතින් හුරතල් කොල්ලො කොහොද මේ යන්නේ.. "
එක මනුස්සයෙක් ටේහියුන් ළඟට එන ගමන් අහනකොට ටේහියුන් ට තේරුණා මේ අය එන්නේ හොඳකට නම් නෙවෙයි කියන එක..
ඒත් එක්කම ක්ශනිකව ක්‍රියාත්මක වුණ ටේහියුන් එතනින් පැනලා කැලේ ඇතුලට දිව්වේ ජීවතේ පලවෙනි වතාවට ලොකු බයක් දැනුණ නිසා..
" ඒ කොල්ලව අල්ලගන්නවා!!! "
තවත් කෙනෙක් කෑ ගහනකොට ටේහියුන් හැකි තරම් වේගයෙන් දුවන්න පටන් ගත්තා.. තමන්ගේ පිටිපස්සෙන් ඇහෙන අඩි සද්දය නැති වෙනකම් ම කැලේ ඇතුලට දුවපු ටේහියුන් මගදී නැවතිලා හති ඇරියා...
ටේහියුන් පිටිපස්ස හැරිලා බැලුවේ ඒ අය තවම එනවද කියලා වුනත් ඒ කවුරුවත් ම ඒ වෙනකොට එතන හිටියෙ නෑ..
ඒ කියන්නේ ටේහියුන් ව ඒ අයට මග ඇරිලා..
ඒ අය තවදුරටත් තමන්ගේ පස්සේ එන්නේ නෑ කියලා තේරුම් ගත්තට පස්සේ ටේහියුන් ලොකු හුස්මක් හෙළුවා.. වටපිට බලනකොට එයාට තේරුණා තමන් ඊටත් වඩා ලොකු කරදරේක පැටලිලා කියලා.. කැලේ මැදට දුවගෙන ආවට ටේහියුන් දැනගෙන හිටියේ නෑ ඒ කොහෙද කියන්න..
යන්න පාරක් දන්නේ නැතුව එයා ආව පාරෙම ගියත් ඒකෙන් වුණේ එයා තවත් අතරමං වුණ එක විතරයි..
" යාළුවා.. මේ වෙලාවේ ඔයා මොනවද මෙතන කරන්නේ.. "
* මේ කතාව විකාරයක් වගේ ද...