The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

තිස් දෙවන දිගහැරැම

467 111 11
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඒ මමයි...... කිසිම වෙනසක් නැති මගෙම රෑපෙ ඉස්සරහ ඉදන් මම එකම එක..... එකම එක වෙනසක් හෙව්වා. .... ඒ මම නෙමේ කියන්න. ...... ඒ පින්තූරෙ අයිතිකාරය මම නෙමේ කියන්න. ... නෑ.... මම නෙමේ. ..... මම අඩියක් පස්සට උනා......ඇත්...ත...ටම ...
මේ.... මම...නෙමේ....

"ඔය මගෙ මල්ලි. ... අයාන් ආකේන්ය බණ්ඩාර "


************************************

" ඔය වගේම ඔයාව දැක්ක මුල්ම දවසෙ මමත් පුදුම උනා...... මට දැනුනෙ මගෙ මල්ලි ආයෙමත් අපි ලගට ඇවිත් කියල.... ...... ඒත් ඩැඩී කීවම ඔයා මගෙ මල්ලි අයාන් නෙවෙයි කියල මම විශ්වාස කරේම නැතිතරම්. ... ඒ තරමට ඔයාල දෙන්න සමානයි.... "

"එ. . .එයා කොහෙද. ... දැන් ?

" එයා ගියා ...... අපිව දාල සදහටම යන්න ගියා. ..... ආය කවදාවත් නොඑන්නම...... ...."

" කොහොම ද එයා නැති උනේ...... "

" ඒක දිග කතාවක්. ...... හරියටම මීට මාස තුනකට කලින් හැමදේම වෙනස් නොවෙන්න අපේ ජීවිත තාමත් සතුටින් පිරිල තියෙන්න තිබුන. ... ....... පොඩි කාලෙ ඉදලම වගේ අපි හිටියෙ කැනඩා වල..... .... කොටින්ම අවුරැදු දහයකට වඩා අපි ජීවත් වුනේ එහෙ...... අපි හුගක් සතුටින් හිටිය ෆැමිලි එකක්. ....... එතකොට අයාන්. ...... අයාන් තමයි අපේ පවුලෙ හුරතලා..... සමහර වෙලාවට මට හිතිල තියෙනව මමීයි ඩැඩීයි මටවඩා එයාට ආදරේ කරාද කියලත්..... ඒක ඇත්ත.... එයාගෙ වැඩ වලට එහෙම නොවුනොත් තමා පුදුම. ......ඒවගේම එයා හරි හිතුවක්කාරයි..... හිතුවක්කාරකමකට වඩා එයාට තිබුනෙ කොහොම හරි එයාට ඕන දේ ලබාගන්න පුරැද්දක් ..... එයා එහෙමයි..... ඒත් කවදාවත් එයා නරක දෙයක් කෙරැවෙ නෑ......... ඒත් ජීවිතේ නොහිතුව විදියට එයා ගත්ත එක හිතුවක්කාර තීරණයක් නිසා එයා එ...යාවම ..... අ. .....පිට නැති කරා........"

" එතකොට එයා කොහොමද නැති වුනේ....."

" ඒක ඇක්සිඩන්ට් එකක්...... ප්ලීස් ඒ ගැන මගෙන් අහන්න එපා .... "

එයා අඩනව....එයාගෙ හිතේ තියෙන දුක වචන වෙලා එලියට එද්දී මම අහන් උන්න. ..... ඒ හැම වචනෙකම තිබුනෙ වලදාපු අතීතෙක මතක සටහන් වෙද්දී මගෙ එකම එක ප්‍රශ්නයක් ඒ හිත රිද්දල තිබුන. .... ...... මන් ගැන ඇහුවත් මන්ලග දෙන්න තියෙන එකම කතාවත් කදුළු කතාවක් විතරක් වෙද්දී මම එයාගෙන් සමාව ඉල්ලුව. ......

" සමාවෙන්න අක්කෙ. .... මට සමා.....වෙන්න.."


"එදා උන ඇක්සිඩන්ට් එකෙන් මල්ලී නැතිවුනා....... ... මගෙ අම්ම හාට් පේෂන් කෙනෙක් වෙලා හිටියෙ... ඒ තත්ත්වෙ උඩ අපිට සිද්ධ උනා එයාට බොරැ කියන්න. ........ එයා තාමත් දන්නෑ මල්ලී නැතිඋනා කියන්න. ... අපි එයාට බොරැ කීව..... එයා ස්ටඩීස් වලට ඇමරිකා ගියා කීව.......... ඔය ඇක්සිඩන්ට් එකට කලින් එයා එක දෙයක් නිසා පොඩි මිස්අන්ඩස්ටෑන්ඩ් එකක ඉදල තියෙන්නෙ .... ... ඒ නිසාම එදා කවදාවත්ම නැතුව ඩැඩී එයයි රණ්ඩු වෙලා තියෙනව......... මමීයි මායි අදටත් දන්නෑ එදා හරියටම මොකද වුනේ කියන්න. ....... එයා එදා රණ්ඩු වෙලා ගියා. .... ඒ ගියා ගියාමයි ආයෙ .... ආයෙ කවදාවත් මගෙ මල්ලිව මට පණ පිටින් දැකගන්න බැරිවුනා...... ඒ කටින් මගෙ මෝඩි කියල බනිනව අහන්න. .... ... රණ්ඩු කරගන්න. ..... ... මේ හැමදේම මතකයක් විතරක් උනා .........
..මට බැරි වුනා..... එයාව නවත්තගන්න.... මම වැරදියි. .... අනෙ දෙවියනේ මම දැනන් හිටියනම් එයා යන්නේ කවදාවත් නො... එ....න්නම කි. ....... යල මම වැ....ද....ල හරි ති...යා... ..ගන්නව ......... ........... ... ....................
......... ..... ............................

..............................

. " අවසානෙ මල්ලිගෙ ෆියුනරල් එකට පස්සෙ අපි ලංකාවට ආව ..... .. ඒත් ඒත් මමී ..... එයා අහන අහන හැම ප්‍රශ්නයකටම අවසානෙ අපිට කියාගන්න කියල බොරැවක් නැති උනා...... ඒත් කෝ එයාට ගෙනත් දෙන්න අයාන් කෙනෙක්. ... කෝ..... අපි එයාට කීව.... මල්ලී නැති වෙලා කියල..... ඒ ෂොක් එකට අවසානෙ එයා මෙන්ටලි වැටුන.....එයා ලෙඩෙක් උනා... බලාගත්ත අත බලාන මල්ලී එනකන් බලන් උන්න. .....වරැ ගනන් දවස් ගණන් මල්ලී දැන් එයි දැන් එයි කිය කියා මග බැලුව.
.... ඒ අතරෙ තමා ඔයාව ඇක්සිඩන්ට් වෙලා මෙහෙට ගෙනාවෙ . . ... . ඔයා හොස්පිටලීස් වෙලා අපේ ගෙදර එක්කන් එන්න කලින් දවස වෙනකන් ඩැඩී මට මොකුත්ම ඔයාගැන කීවෙ නෑ ..... ....මමී ..... එයා හිතන්නේ අයාන් තමා ඔයා කියල..... මම ඔයාගෙන් වැදල ඉල්ලනවා. ......
ප්ලීස් මල්ලී මගෙන් මගෙ අම්මව උදුර ගන්න එපා...... මට ඉන්නෙත් එයාල දෙන්න විතරයි.....මල්ලිට වගේ මමීටත් මට යන්න දෙන්න බෑ...... .. මගෙ අම්ම මගෙන් උදුරගන්න එපා...... ඔයාට පුළුවන් එයාව ජීවත් කරවන්න... එයාට අයාන් කෙනෙක් වෙන්න. ...... මන් දන්නෑ ඩැඩී ඔයාට මොනා කීවද කියන්න. .... ඒත්... ඒත් මට ඕනෙ ඔයා මෙහෙ නවතන්න. ..... ජීවිත කාලෙම ඕනෙ නෑ .... අඩුම තරමේ මගෙ මමී සනීප වෙනකන්. ......... අපි ලග ඉන්න....
......මම ආත්මාර්ථකාමී ඇති..... එහෙම වෙන්න ඇති... .. ඕනම කෙනෙක් තමන්ගේ දෙයක් රැකගන්න ආත්මාර්ථකාමී වෙන එක සාධාරණයි නේද.. .. ඒකත් තමන්ගෙම අම්මව..... මම ඉල්ලන්නේ පොඩිම පොඩි දෙයයි...... ඔයාගෙ ජීවිත කාලෙන් එකම එක ජීවිතයක් වෙනුවෙන් පුංචිම පුංචි කාලයක් කැප කරන්න. .... මම ඔයාට ඕන දෙයක් දෙන්නම් සල්ලි. ... ඉඩකඩම් ... මේ ඕන දෙයක්. ........ ..
... . .. මම වැදල ඉල්ලනවා. ....... ම..ගෙ... මමී..ව ... මට... නැති... කර..න්න... එ.පා....... "
.

එයා මගෙ ඉස්සරහට අත් දෙක එකතු කරල වැන්ද. ......... ඇත්තටම මම ඒ වචන ලග ගොලු උනා......එයා මගෙන් ඉල්ලුවෙ එයාගෙ අම්මව.... එක අම්ම කෙනෙක්ගෙ ජීවිතයක්. .... ..... එයා දරැවෙක්ගෙන් අම්ම කෙනෙක් උදුර ගන්න එපා කීව. ....... මම මොනවද කරන්න ඕන මගෙ අම්මෙ...... ඔයාගෙ තැන වෙන කෙනෙක්ට මට දෙන්න කවදාවත් බැරි උනත් ... එක දරැවෙක්ට අම්ම කෙනෙක් නැතිවෙන්න හේතුවක් වෙන්න මට බෑ.... කොහොමත් බෑ....

" මොනවද දුවේ ඔයා මේ දරැවට කියන්නේ. .... ?

"අනේ ඩැඩී. ..... මමී ආයෙම අසනීප වෙයි. ....... එයාව අපිට නැතිවෙයි..... මේ මල්ලිට යන්න එපා කියන්න. ...... මට....මට...මගෙ මමී ඕනෙ..... අනේ..... මට මගෙ මමීව නැති කරන්න එපා.....ප්ලීස්. ...... "

" තාත්තා කෙනෙක් විදියට මම මේ වෙලාවේ හරි අසරණයි දරැවො.....මගෙ මැණික ඒ දරැවගේ ජීවිතෙත් කවුරැහරි ඇතිනේද එයා එනකන් මගබලන් ඉන්න. .... එහෙව් එකේ කොහොමද දුවේ මම ඒ දරැවගෙන් ඔය වගේ ඉල්ලීමක් කරන්නෙ ?...."

" මම ඉන්නම්...... "

"දරැවො. ...... ඔයා....?"

"කාත් කවුරුවත් නැති මම නිසා තව කෙනෙක්ට ජීවත් වෙන්න පුලුවන්නම්..... මම නවතින්නම්....
..... ..... "

ඒ ඇස් අමුතු උනා.... හරියට බලාපොරොත්තු නොවනු දෙයක් සිද්ධ උනා හා සමානවම.... සමහරවිට මම අනාථයෙක් කියන දේ ඒ දෙන්නම බලාපොරොත්තු නොවෙන්න ඇති... මම මේ දේට කැමති වෙයි කියන දේ ඒ හිත් වල අහලකවත් නොතියෙන්න ඇති......
මට එහෙම දැනුන...... ඒත් ඒ වචන ටික මෙච්චර වෙලා කදුළු පුරවන් උන්න ඒ ඇස් වල පුංචි සතුටු රේඛාවක්
ගෙනාව. ......

මම දුන්න උත්තරේ ගැන ආයෙ ආයෙම හිතුවත් මගෙ හිතට ආවෙ එකම උත්තරයයි. .... ඒ මම වෙනුවෙන් එක ජීවිතයක්..... මට පුලුවන් ඒ ජීවිතේට ශක්තියක් වෙන්න. ..... මම දන්නවා මට බැරිවෙයි තවත් එක අයාන් කෙනෙක් වෙන්න... ඒත් මට පුළුවන් එක අම්ම කෙනෙක්ට දරැවෙක් වෙන්න. ....


" කාත් කවුරුවත් නෑ....එතකොට . දරැවො ඔයාගෙ අම්ම තාත්ත. ....?"

" මම අනාථයෙක්. .... ඔව් මන් අනාථයෙක්. ....... හරියටම මීට සති ගානකට කලින් මටත් මන් ගැන හොයල බලපු .... මන් වෙනුවෙන් අඩපු....මගෙ සතුට ජීවිතේම කරගත්තු. ...මට පණටත් වඩා ආදරේ කරපු පවුලක් තිබුන. ...... හරි පුංචි පවුලක්. .... ඒත් ආදරේ මහමෙරක් තරම් තිබුන ........ මම ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ මහනුවර.... මගෙ පුංචි ගෙදර .... මල්කඩේ. ..... මේ සෙංකඩගල අහසයට ඒ තමා මගෙ ලෝකෙ .......
...... මම දෙව්රම් සසුන් වීරවංශ. .....
.. ............. ..........




වසර දෙකකට පසු..........



"ආහ් ඌ...... අනෙ මගෙ සුදු මල්ලියෝ...... ඕක පැත්තක දාල මෙහෙ වරෝ..........
......... ආයි.... ඌයි...... දනවෝ
......... පුහ්....පුහ්........ ඒ ...... ෂිට්. ...... අනේ ...... මට බෑ අප්ප
........... "

අතේ තිබ්බ ලැප් එක පැත්තක් තිබ්බ මම අක්කගෙ කෑ ගැහිල්ලට දුවගෙන ගිහින් නතර උනේ කිචන් එකේ..... ඉවරයි........ බාගෙට සුද්ද කෙරැව කැරට් අල ..... අලගෙඩිතරමට කැපුව ලීක්ස් කෑලි. ... කුඩුවුන බිත්තර කටු......... කරවෙලා දුම්දාන පෑන් එක.... ... මගෙ ඇස් දෙක වටේ ගිහින් අවසානෙ නතර උනේ ඇගිල්ලට පිඹ පිඹා උන්න එයා ගාව..... මුලු කුස්සියම පිස්සිගෙ පලාමල්ලවගේ.....

"මොනවද හලෝ බලන්නෙ.... හ්ම්ම්ම් "

" පලාමල්ලනම් හරි... පිස්සි කෝ කියල බැලුවෙ මම ..... ?"

" මොකක් ද කීවේ.. මල්ලී
..... යනව යන්න. .. මහ නරකයි.... ... "

"දන්නවද මගෙ අක්කේ පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියන්නෙ ඕක තමයි. ..... කෝ ඕක මෙහාට දෙන්න. .... කෝ අතත් පුච්ච ගත්තද..... මොකද දැන් මේ හදිසියේම මගෙ අක්කට උයන්න ඕන උනේ.... ම්ම්ම්ම්. ........ ලතාට කීවනම් හදල දෙනවනේද...... "

මම එහෙමම ඒ ඇගිල්ල ටැප් එකෙන් ගලන වතුරට ඇල්ලුවා. ....

"ලතාගෙ කෑම රස නෑ අයියෝ.. ....."

"හරි එහෙනම් මට කියන්න තිබුනනෙ.... මම හදල දෙනවනෙ.....මොනාඋනත් පව් ..... "

. " මම ද...අන්න හරි .... ඔයාට විතරයි මම උයන්න විදින දුක තේරැනෙ.... .. ...මගෙ හොද සූදු.... මල්ලී ....."

" නෑ.....මම කීවෙ මේ ...... ඒකෙන් මේකෙන් මේ කිචන් එකේ ගන්න දෙයක් නැති උනා......
....... මොනා උනත් මම පව් කීවෙ ඔය පෑන් එකට ...... කොච්චර අගේට බැබලි බැබලි තිබුන ද නේද.
.. ....... දැන් නිකන් අපායට ගහපු කැලැන්ඩරයක් වගේ..... . "

"මල්ලී. ....තමුසෙ මහ නරකයි. ..හෙලෝ..... "

" දරැවනේ..... මොකද ඔය කෑ ගහන්නෙ...... "

අපිට කෑ ගහගෙන ආව අම්මගෙ ඇස් දෙක මම බලන් ඉද්දිම උඩ ගියා. .... අද අක්කෙ උඹ ඉවරයි ........ ......

" දෙයියනේ. ... මේ මොන විනාසයක්ද මේ කිචන් එකට කරල තියෙන්නේ. ..... සුදු දූ........ මේ දැන්ම. ..මේ දැන්ම. ... මේ ඔක්කොම අස් කරනව..... ලතාගෙන් උදව් අරන් මට අහුවෙන්නෑ. ..... සුදු පුතා...
....... යනව ඔයත් එලියට.... මෙයාට උදව් කරල අහුවෙන්නෑ මට . ....... මම හැමදාම කියනව .... උයන්න දන්නැත්තන් මගෙන් අහන්න කියල..... ඔය කරල තියෙන්නෙ. ...... ගන්න දෙයක් නෑනෙ.... .. අනේ මන්දා මේ කෙල්ලනම් බදින දවසට මට යන්න වෙනව ගෙදර වැඩකාරකමට...... "

"එහෙම ඕන්නෑ මමී....... මම මල්ලිව උස්සන් යනව..... අනික ඉතින් එයා හොද කුක්නෙ ...... "

" හිතාන ඇති නේද අම්මෙ.... ...... "

මම අම්මගෙ කරවටේට අත යවල ඒ උරහිසට ඔලුව තියාගත්ත. .... අක්ක මට අම්බානෙක රවන්න ගත්ත වෙනකොට මම තව ටිකක් ඒ උනුහුමට තුරැල් උනා ...... පේන්නම ......

" අම්ම දන්නවද අක්ක ඔය පණ දාගෙන උයන්න පුරැදු වෙන්නෙ අම්මගෙ වෙන්න බෑනට රහට කන්න දෙන්න.... හා නැද්ද අක්කෙ. ...?"

"මෙයාගෙ විකාර අම්මෙ .....මම තාම ඒ මනුස්සයාව දැකලවත් නෑ........මොනා උනත් මට ලොකු කම් කියාගෙන ආවොත් මම ... ..... . "

" පොඩි එවුන්ට ගහන වේවැලෙන්ම දෙන්න තියෙන්නේ පස්ස රත්වෙන්න.... මොනා උනත් පව් මගෙ මස්සිනා පොඩ්ඩ...... . .".

"හරි හරි දැන් ඔය දෙන්නගෙ රණ්ඩු නවත්තගන්න. ..... . "

" අයාන්. ..... "



















අයාන්. ...අයාන් .. මම හිතින් මිමිනුව...... ... .... මා නොවන මා.... අවුරුදු දෙකක්. ... මට හිතෙන්නේ ඒ අවුරුදු දෙක මාව වෙනස්ම මනුස්සයෙක් කරල තිබුන .... කොටින්ම ඇතුලාන්තයෙන් කොහොම උනත් පිටතින් හැමෝටම මම අයාන් ආකේන්ය බණ්ඩාර. .... ඒ තමයි මම.....

" අප්පච්චී. ...."

" අප්පච්චී " හරි ගැඹුරැ ආදරේ...උතුරන වචනයක්. ....... ජීවිතේ එකම එකම එක මනුස්සයෙකු විතරක් අපිට කතා කරන්න පුළුවන් වචනයක් .....අවුරැදු දෙකක්. .... අවුරුදු දෙකක්. .... මගෙ ජීවිතේ අවුරුදු දෙකක් මගෙ ඉස්සරහ ඉන්න මේ මනුස්සයාට ඒ තැන හිමි උනා...... හදවතින්ම දෙන්න පුළුවන් උනා.. .. ..... අප්පච්චි කියල කතා කරන හැම වතාවෙම වගේ මේ වතාවෙත් ඒ ඇස් වල මම උතුරන ආදරේ දැක්ක. ... එහෙම පුළුවන් ද දෙවියනේ ...... තමන්ගේ නොවනු දරැවෙකුට ඒ වගේ ආදරයක් දෙන්න. ......

" මොකද පුතා...... දෙන්න ආයෙමත් රණ්ඩුද . .... "

" අප්පච්චිම බලන්නකෝ ..... අක්ක කිචන් එක කනපිට ගහල...... "


" ඔව් .... ඔව්..... අක්කගෙයි මල්ලිගෙයි බොරැ රණ්ඩු ....... බලන්නකො තේමිය සුදු දුව කිචන් එකට කරල තියෙන දේ...... එකම විනාසයක්...... "

" සුදු දු ..."

"සොරි ඩැඩී. .. ඩැඩී දන්නවනෙ මට ඉතින් හොදට උයන්න බෑ කියල.... "

" හොදට.... හොදට නෙවේ..... කොහොමටවත් උයන්න බෑ...... මොනා උනත් පව් අප්පච්චිගෙ වෙන්ඩ බෑන පොඩ්ඩ.... හරියටම මාසයයි.... ඉදි නිකන් ගිනිකූරක් වෙලා .... නැද්ද අම්මා.... "

" මොනවද පුතා මේ කියන්නෙ...... "

" ඩැඩීත් හරි නරකයි. .... එයාට තමයි සපෝට්. .... "

" මම කොහෙද දරැවො. .... "

"නැත්තෙ මොකද .... ඔය හිනාවෙන්නෙ.....හ්ම්. .... මම යනව යන්න ....... දෙන්නම එකයි..... "

" දූ...... කොහෙද යන්න යන්නෙ ආදාවගේ ලිස්සල..... හෝදනව මේ හැඩි කෙරැව ඔක්කොම. ...... "
......

අම්ම අක්කට බැන බැනම කිචන් එක අස් කරන්න උදව් කරද්දී මායි අප්පච්චි දෙන්නම ගාඩ්න් එකට ඇවිදන් ආව.......

"අප්පච්චිට අද කලින් ඩියුටි ඕෆ් ද..... "

"හ්ම්ම්ම් ඔව් දරැවො. ... පුතා. .... කොහොම දැන් හොටෙල් එකේ තත්ත්වෙ..... "
...

" දැනටනම් ප්‍රශ්නයක් නෑ අප්පච්චි .... හොදට කෙරීගෙන යනව.....මේ සීසන් එක නිසා ෆොරිනස්ල මේ දවස් වල වැඩී ....ඒ නිසා රෑම්ස් ඔක්කොම වගේ නිතරම බුකින්. .... "

" හ්ම්ම්ම්. .... ඒක හොදයි දරැවො.... මට ඕනෙ කවදහරි පුතා හොටෙල්ෆීල්ඩ් එකෙන් හොද තැනකට එනව බලන්න. .
..... මට විශ්වාසයි ඒක ඔයාට පුළුවන්. ....."


අප්පච්චී එක්කම ඩිනර් එක ගත්ත මම මගෙ කාමරේට ආව...... මේ දවස්‌වල මම රෑට ගෙදර නවතින්නේ ගොඩක් අඩුවෙන් නිසාමද මන්ද හොටෙල් රෑම් එකට වඩා මගෙ කාමරේ මට මහ නිදහසක් දැනුන...... ඒත් ජීවිතේ සතුටින් ගෙවපු ඒ මැට් බිත්ති හතර ඇතුලෙ මට දැනුන නිදහස සැනසීම කවදාවත් කවමදාවත් මේ සැපපහසු කොන්ක්‍රීට් බිත්තිහතරෙ තිබුනෙ නෑ. ..... නෑ... ඇත්තටම මට හම්බ වුනේ ..නෑ..... ......

කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රීයක තියල
නුඹත් ගියානම් හෙටක් තියේවි ද
මටත් ඉරක් නැගෙනා.......

සාංකාව ඇහැරෙන ඝන අදුරේ
ආත්මයම මගේ රාත්රියම වැන්නේ ...
ඈත් වෙන්නනම් ඇයි තුරැලෙම උන්නේ........ .

වේදනාව ඇවිලෙන දිවිකතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තේ....
ඒත් කියන්නම්........
හමු වෙමු මතුභවයේ......



ඈතින් ඇහුන සින්දුවෙ වචන වලට මම ඇහුම් කන් දුන්න. ... ලස්සනයි. .... හිතපාරන තරම් ලස්සනයි..... ඇත්තටම ඒ වචන තවත් අහන්න ඉන්න හයියක් නැති තැන මම එහෙමම ඇවිත් ෂවර් එක යටට උනා..... උනුසුම් වතුර බින්දු මගෙ අස්සක් මුල්ලක් නෑර ගලාගෙන යද්දී වතුර නෑවුන කණ්ණාඩියෙන් මට මගේ රෑපයම බොද වෙලා පෙනුන...... .. ඇගේ එක නූල් පොටක් නැතුව එයා දැම්ම මුදුව විතරක් චේන් පොටේ හරි ලස්සනට එල්ලිල තිබුන............. දකින දකින වාරයක් පාසාම හිත කොයිතරම් රිදුම් දුන්න උනත් තාමත් ඒක මන් ලගම තිබුන. . ...... කොටින්ම උඹේ කියන හැමදෙයක්ම මට රැකගන්න ඕන කරා.

...........

අදත් වෙනදවගේම හදපායල. ...... ...... එයාට තනි රකින්න තරැ ගොඩක් උන්න. .... ඒත් මට . ..... මගෙ හිතට.... මගෙ හිතට කියල කවුද දැන් ඉන්නෙ. . ... කාලයක් තිබුන... මුලු හිතම එකම එක මනුස්සයෙක් වෙනුවෙන් විතරක් ගැහුන....මුලු හිතම මල් පීදුන වසන්තයක් උන.... මේ වටින වැස්සත් හරි ලස්සනට පෙනුන..... ඒත්. . දැන්..... ඒ හැම හැගීමක්ම එයත් එක්කම මලානික වෙලා. ... .......උඹ දන්නවද පුංචි මහත්තයෝ. .... මම උඹ ගැන හැගීම් මරන්න හදන හැම වතාවෙම මාව පණ පිටින් පිච්චෙනව... ... .... . හැගීමක් නැති තැන ආදරයක් නැහැයි කීවට කාටද පුලුවන් උනේ හැගීමක් හරි ලේසියෙන් මරල දාන්න. .....

මගෙ හිතේ හොල්මන් කරන ඒ වචන.. ඒ තිරිසනාගෙ වචනයක් නෑර මගෙ මතකෙ අස්සෙ ආයෙ ආයෙම ගොඩ එන වාරයක් පාසාම මගෙ හිත තනිකරම නඩු අහන උසාවියක් ගානට වැටුන..... . ... ..... .... එදා උගේ කටින් උඹයි මමයි ගැන පිටඋන දේවල් ඇත්තද මහත්තයෝ....... උඹයි... මමයි කියන්නෙත් එක තාත්තා කෙනෙක්ගෙ දරැවොනම්...... මගේ ඇගේ දුවන්නෙත් ඒ ලොකු හාමුගෙම ලේනම්... අපේ බැදීමට නමක් තියෙයිද. .... මට මතක් උනා. ...... මගෙ අප්පච්චි ගැන සුදු ආච්චිගෙන් අහපු හැමවෙලේකම ඒ මූණ අමුතු උන හැටි ..... හැමදාම ඒ ප්‍රශ්නෙ මගෙන් මග හැරපු හැටි...... ඒ හැම මතකයක්ම මාව තවත් ප්‍රශ්න ගොඩකට ඇදල දැම්ම...... මාව තනිනොකරම ගලන කදුළු වලට නිදහසේ ගලන්න දුන්න මම අක්කගෙ කටහඩත් එක්කම ගැලුව කදුළු වලට වැට බැන්ද.....



ටොක් ටොක් ටොක්. ...

"මල්ලී. ... "

" දොර ඇරල තියෙන්නේ ඇතුලට එන්න අක්කෙ. ..... "

"මල්ලී. ..... බැල්කනි එකට වෙලා පින්නෙ මොකද ඔය කරන්නේ. ....... "

"වැස්සට කොළඹ ලස්සන ද බැලුව. ....."

" වැස්ස ට කොළඹ නෙමේ මගෙ සුදු මල්ලී ලස්සනයි......."

" ම්ම්ම්ම්. ... "

මට ඇහුන එයාගෙ සසුම් වල බර..... .... උත්තරා රන්දුනු බන්ඩාර ... ඇත්ත එයා මගෙම සහෝදරියක් නෙවෙයි..... ඒ අතින් බැලුවම සමහර බැදීම් තිබුන ලේ බැදීමකටත් වඩා ශක්‌තිමත් බැදීම්. .... අපි දෙන්න හරියට ඒ වගේ ... ..... ලේ බැදීමක් නැතත් මට එයා මගෙම සහෝදරියෙක් ගානයි . .......

"වෙලාවටකට මට හිතෙනව මල්ලි ...මම කරේ වැරැද්දක් ද කියල. ... උඹව මම බලෙන් නවත්තගත්ත එක.... "

"අක්ක එහෙම හිතනවද..... ඒත් එහෙම එකක් නෑ අක්කෙ. ... ඔයා දන්නවනෙ..... මට කියල කාත්කවුරැත් නැති වෙලාවෙ ඇත්තටම ඔයාල තමයිමාව බලාගත්තෙ.... තාමත් මම ඒකට ණයගැතියි. ... "

"ඔන්න කීව.... මෝඩයා.... "

" හ්ම්ම්ම් .....

" බයින හැම එකටම හිනා වෙන්න එපා බන්. .... මම දන්නවා. ...මමී ඉස්සරහ අයාන් වගේ රගපාන එක කොච්චර අමාරැද කියල .....අයානුයි ඔයයි හරියට අහසට පොළොව වගේ ..... . අයාන් එයා හරි දගකාරයි.... දඩබ්බරයි....... හිතට එන හැමදේම පොල්ලකින් ගැහුව වගේ කියල දානව..... .. අක්ක කියල නෑ.... ගැහුවොත් මටත් ගහනව ඕක.......ඒත් ඔයා එහෙම නෑ .... ඔයා හරි අහිංසකයි ..... කාගෙවත් හිතක් නොරිදෙන්නයි වචනයක් උනත් කියන්නේ. ...ඔයා ඔයා වගේ නිදහසේ ඉන්නෙ මේ බිත්ති හතර ඇතුලෙ විතරයි කියල මම හොදටම දන්නව මල්ලී. ....... ඒ හැමදේටම සමාවෙන්න. .. ඒක අමාරැයි තමා... .... .. මම මේ ලගදි අහගෙන ඔයා ගැන මමී ඩැඩීත් එක්ක කතාවෙනව..... .........ඔයා දැන් ඉස්සර වගේ සෙල්ලක්කාරකම් නැතුව වගකීමෙන් වැඩ කරනවලු.... හොටෙල් එක උනත් ඔයා නොඉන්න මෙලහකටත් විකුණල දාල අපි...... .. .... ඒක ඇත්ත මල්ලි...... අයාන් උඹ නෙවෙයි තමයි .. .... ඇත්තටම මට සතුටුයි .. උඹගෙ දියුනුව ගැන... සමහර විට මගෙ මල්ලි හිටියත් ඒ දෙන්නව ඔයා තරම් සතුටින් තියන්න බැරිවේවි.... .... දැන් නිදාගන්න. ...... මතක ඇතුව මේ මේකප් ටික හෝදගෙන නිදාගන්න. ..... හොදද..... "
.
.... ..
.......

මගෙ තොල යට තිබුන පුංචි උපන්ලපේ වහන් උන්න මේකප් ටික එයා පිහිදල දැම්ම. ...... එයාගෙයි මගෙයි වෙනස..........
.... අයාන්ටයි මටයි තිබුන එකම වෙනස මගෙ උපන් ලපේ වෙද්දී අම්ම ඉස්සරහ ගතිගුණ විතරක් නෙවෙයි මම මගේ කියන සමහර දේවලුත් වෙනස් කරගත්ත .... හරියට මේක වගේම.... "...

මතු සම්බන්ධයි.


😁ඔන්න ඕතරිය ටිකක්  දිගට දුන්නෝ....

☺ ගුඩ් නයිට් ලමායි...   කතාව කියවන වෝට් කරන  වගේම   හොරාට කීවල යන අයටත්  තැම්කූ.....





























Continue Reading

You'll Also Like

103K 3.2K 77
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...
701K 11.3K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...
1.2M 52.2K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
885K 54.2K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...