මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
මට දැනුන මගෙම උනුසුම් ලේ ........ වැහිබින්දුවල සීතල.... ඒ රිදුම........ වැහිකලුව පිරැණු අහස........ මේ හැමදේම අතරින් මට එයාගෙ මූණ මැවිල පෙනුන. ...... අවසාන වතාවට උඹට කියන්න ඕන උනේ......
"ම..ම.... ආ ....... ද...රෙයි .........ම......ගෙ පුංචි මහ....ත්....තයෝ ........ "
*************************************
.........................................
........................
............
අම්මත් නෑ. ....... තාත්තත් නෑ........ එතකොට. ... එතකොට මගෙ සීයතාත්තා සුදු ආච්චි. ...... එයාලත් නෑ..... හී....... හී. ...... දෙව්රම් තනිවෙලා.... ......කවුරැත් එපා මට ..... කවුරැවත් එපා..........
සලාං.... ........
යේ යේ........ මල්පෝච්චිය කුඩු...... මට මට මේකත් එපා........ මේකත් එපා...... යනවල යනවල .... මට පිස්සු. .... මට පිස්සු. ........ හිහ් හී. ...
........ මට පිස්සු. ............"
මම කෑ ගැහුවා. ..... වටේ තිබුන හැම බඩුවම පොලේ ගැහුව....... එයාල ඇවිල්ල. ....... මට....මට...... ඒ කටහඩ ඇහුන. ....... මගෙ සුදු ආච්චි ...... සීයතාත්තා. . ........ මම දිව්වා. ...... වැටි වැටි දිව්ව...... අනේ ඒ සුවද ඒ උනුහුම මට දැනෙනව......
" සුදු පුතා .....මගෙ මැණික මේ බලන්න. ..... ඔයාගෙ සුදු ආච්චි ආව........ මේ සීයතාත්තත් ඉන්නවා. ......... මයෙ මැණක ජීවත් වෙන්න ඕන...... ජීවත් වෙයන් මගෙ රත්තරනේ. .... උඹ ජීවත් වෙයන්....."
ඒ දෙන්නවම අත් දෙකට හිරකරන් උනුහුමට වෙලා උන්න මාව එයාල ටික ටික ඈත් කරා...... එයාල යනව ..... මගෙන් ඈතට යන්න හදනව....... මට බෑ....... බෑ ...
එ....පා...... එපා....... යන්න එපා.....සීයතාත්තෙ...... යන්න. ....ය...න්න...... එපා........
සීයතා.....ත්.......තෙ.....
"ආහ්හ්හ්හ්හ්හ්. ...... ම්ම්ම්ම්හ්. .... අ...ම්...මාහ්හ්හ්......... "
"අනෙ මගෙ දරැව ඇහැරිල. ..... තේමිය...... මේ.... බලන්න. .... අපෙ පුතා...... පුතා ....... එයා හොදින්. ..... මගෙ දරැව........... "
" ෂ්ෂ්ෂ් ..... කලබල වෙන්න එපා රාධිකා..... ..... එයා හොදින්
...... එයා හොදින්. ........ එයාට තාම හොදටම සිහිය ඇවිත් නෑ......... කෝ එන්න. ...... දුව අම්මව එයාගෙ රෑම් එකට එක්ක යන්න. .......
" අනේ තේමිය මම මෙහෙම ඉන්නම්....... මගෙ දරැව....... පුතේ අයාන්. ........ "
මට දැනෙනව මගෙ හුස්ම වැටෙනව...... මගෙ පපුව ගැහෙනව....... මට දැනෙනව අරින්න බැරිතරමටම මගෙ ඇස් පියන් ගල්වෙලා ....... පුපුරන්න තරම් වේදනා දෙන මගෙ ඔලුව ..... ඇදුම් කන මගෙ දකුණත ........ මේ හැමදේම දැනෙනව....... අතම හොලවන්න බැරි උනත් යාන්තමට පණ ගැහෙන මගෙ ඇගිලි.... මම හෙලෙව්ව. ....... ඒ අස්සෙන් නන්නාදුනන කටහඩවල් ගොඩක්. ...... එක අම්ම කෙනෙක්ගෙ ඇඩුමක්......... මට දැනුන ...... ඒ ගෑනුකෙනා මගෙ පණගැහිල යාන්තමට හෙලවුනු ඇගිලි තුඩු තදකරල අල්ලගත්ත.... ඒ අත උනුසුම්. ............නෑ සීතලයි
....... එයා ඒව ඉඹිනව ....... සීතල කදුලු මගෙ අත් දෙකේ තැවරෙනව........
මේ හැමදේම අස්සෙ අමාරැවෙන් උනත් ඇස් අරින්න ඕනකම ඕනවටත් වඩා මට තිබුන උනත් මට හරි බරයි.... මගෙම ශරීරෙ මහ බරක් දැනුන....... මට තෙහෙට්ටුයි .... දරාගන්න බැරි තරම් තෙහෙට්ටුයි. ...........
ටික් ටික් .... ටික්... . ......
ඔරලෝසුවෙ කටුව වැදෙන සද්දෙ විතරක් මට ඇහුන ....පැයක් දෙකක්. ..... ඒවගේ යන්න ඇති ...... මම එහෙමම ඉදිය..... මගෙ වටේ තියෙන සද්ද ටික ටික මැකිල ගිහින්. ......... ඒත් මට දැනුන මගෙ ඔලුවෙ කෙස්ගස් අතරින් එහාට මෙහාට යන උනුසුම් ඇගිලිවල පහස...... මගෙ ඔලුවෙන් තිබ්බ උනුසුම් හාදු....මේ හැමදේම හරි පරිස්සමට මට දැනුන. ...... කොටින්ම අම්ම කෙනෙක්ගෙ ආදරය මට දැනුන. ....... ඒ ගෑනුකෙනා තාම ඉන්නව...... ඇස්දෙක නොඇරියත් මට දැනුන මගෙ ලග ඉන්නෙ ඒ ගෑනු කෙනාමයි.......... . ...... ඒ එයා..... ඒ ගෑනු කෙනා...... මට පුතා කීව........ මාව ඉම්බ ගෑනුකෙනා.......
"පුතා..... රත්තරනෙ. ...මගෙ රත්තරනෙ. ...... ඇස් අරින්න මගෙ මැණික. ..... අම්ම ගැන උඹට පොඩ්ඩක්වත් දුක නැද්ද .... ඇයි මේ හැටි ගින්දරක් අපිට දෙන්නෙ..... .... අම්ම පව් නැද්ද රත්තරනෙ....... "
එයා කියවනව....... ජීවිතේ පලවෙනි වතාවට මීට පැයගානකට කලින් මම දැනඅදුනගත්ත ඒ ගෑනු කෙනාට මම එයාගෙ පුතා වෙලා උන්න. ..... මට දැනුන ඒ හදවතේ දරැසෙනෙහස උපරිමයෙන් දැනුන....... ඒ හැගීම අම්ම කෙනෙක්ගෙ ආදරේ වෙනුවෙන් ඒ වචන වෙනුවෙන් මගෙ ඇස් වලට කදුළු ඉනුව. ...... මම එහාට මෙහාට දුවන ඇස්බෝල එකතැනක නතරකරා වගේම බර අඩුවෙලා ගිය ඇස් පිහාටු වලට හයිය අරගත්ත.... මම මුලින්ම දැක්කෙ තාමත් මගෙ අත හිරකරන් ඉන්න ඒ උනුසුම් අත් දෙක. ........ ඒත් කවුද.....
........ මේ කොහෙද....... මම ඒ ගෑනුකෙනා දිහා බලන්න උත්සාහ කරා....... බාගෙට ඇරැන ඇසිපිය අස්සෙන් මට එයාව පෙනුන....... .... ඉස්සරහට වැටිල තියෙන කලු දිග
කොණ්ඩෙ ....... සුදු මූණ. .....මැදවියේ හිටියත් ලස්සන පෙනුම. .... මේ හැමදේම අතරින් ඒ කදුලු පිරැනු ඇස් දෙක ලග මගෙ ඇස් අවසානෙ නැවතුන. ........... ඇත්තටම ඇයි අනුන්ගේ දරැවෙක් වෙනුවෙන් මේ අම්මගෙ ඇස් වල කදුළු. ...... මම කතා කරන්න උත්සාහ ගත්ත...... මගෙ දිව ගිලෙන්න වගේ. ...
ව....වතුර. ..... ...... මට
හරි හරි ඔහොම ඉන්න මැණික. ..... අම්මා වතුර දෙන්නම්. .....
අනේ එයා දිව්වා. ... දිව ගිලෙන්න තරමට පිපාසාව දැනෙද්දී මගෙ කටින් එලියට පිටවුන මුල්ම වචනෙ ඒක වෙද්දී අම්ම වතුර අරන් එන්නම් කීව ඒ ගෑනු කෙනා යන්න ගියා. ... . . ..... ඒ අතරෙ මගෙ ඇස් දෙක එහෙ මෙහෙ දිව්ව...... මම අමාරැවෙන් ඇද විට්ටමට හේත්තු වෙන්න ඇදුව.....
ආහ්..... මගෙ අත
...... ඒක කැඩිලද......
හා...... හා....... දරැවො.... දැන්ම නැගිටින්න කරන්න යන්න එපා. .....
මැදිවිය පහුකරපු මනුස්සයෙක්. ..... ගණ රැවුල ..... උසට ගැලපෙන මහත..... ඇත්තටම මේ මනුස්සයා කවුද..... මම දන්නෑ.... කවදාවත් දැකල නෑ..
ම....ම ....මේ කොහෙද. .............
"දැන් කොහොමද දරැවො..... තාම ඔලුව රිදෙනවද...."
"ඔ....ඔව්... අහ්...ආහ්.. "
" ඔයාගෙ ඔලුවට ලොකු ඩැමේජ් එකක් නොවී බේරිල තියෙන්නේ අනුනමයෙන් දරැවො...... ඒකට තමා පින කියන්නේ. ..... ඔයාට ජීවිතේ ඕන්නැති උනත් ජීවිතේට ඔයාව අතඅරින්න බැරි වෙලා........ "
ඇත්ත ..... මට ඕන උනත් මගෙ ජීවිතේ එහෙමමයි.... තාමත් මම හුස්ම අල්ලන්නව. .... හැමදේම නැතිවෙලත් මගෙ හදවත තාමත් පණ ගැහෙනව........ ...... එයාල මට කීව ජීවත් වෙන්න කීව...... ඒක හීනයක්. .... ඒක හීනයක්. ........ අඩුම ගානේ ඒ වගේ මම පිස්සෙක් උනොත්..... මට කිසිම දෙයක් මතක නැතිවෙයි නේද....... ඇත්තටම මම ජීවත් වෙන එකම පිනක්ද පවක් ද කියන්න මට තේරෙන්නෑ. .....
"ඔ..ඔය.... කවුද. .... "
"ම්ම්ම්ම් මෙහෙම කියමුකො දරැවෝ .. . . .. එදා ඔයා මගේ කා එකට පැනල ඇක්සිඩන්ට් උනාට පස්සේ මමයි ඔයාව හොස්පිටල් එකට ගෙනාවෙ ...... ..... ඒ වගේම ඔයාට ට්‍රීට්මන් කෙරැවෙ මම ....... මම ඩොක්ටර් තේමිය බණ්ඩාර "
මම..... වතුර.... ගෙනාව. ... පුතා.... ආ බොන්න මගෙ මැණික. ...... තේමිය ...... කොහොම ද මගෙ දරැවට..... "
එයා වතුර වීදුරැවත් අරන් මගෙ ලගින් වාඩිඋනා වගේම මගෙ කටලගට වතුර එක දික්කරා .....කොටින්ම ඒ අත් වලින්ම මට වතුර පෙව්ව..... මම වතුර උගුරක් උගුරක් ගානෙ උගුරෙන් පහලට යවන වාරයක් පාසාම ඒ අතෙන් හෙමීට මගෙ පිට අතගෑව.....හරියට පොඩිඑකෙක් වතුර බොද්දී පිට උගුරෙ යවාගයි වගේ...... මම බලාන ඒ ඇස් වලට කදුළු උනල. .... ....
" පුතේ..... උඹට අම්මව මතකද..... උඹ දන්නවද රත්තරනෙ උඹව හොස්පිටල් එකේ ඇදඋඩ දැක්කම මේ අම්මගෙ පණ ටික නොගිය එක විතරයි.... ඇයි රත්තරනෙ අපිට මෙහෙම කරන්නේ. ..... තාත්තායි මායි උඹට මොන අඩුවක් ද කරේ අයාන්....... ........ "
කවුද අයාන් කියන්නේ. ..?.. ...... ඒ ප්‍රශ්නෙට උත්තරයක් මට ඕන උනා ඒත් මම බලාන ඉදිය .... කිසිම දෙයක් නොකියම බලාන උන්න. ....... මම දන්නවා එයාලට මන් ගැන ප්‍රශ්න කන්දක් ඇති.....
ඒත් ඒවට උත්තර බදින්න මම තාම සුදානම් නෑ....... නෑ නෙමේ ඇත්තටම මට බැහැ. ..........
පුතාට දැන් සිහිය ආවනෙ රාධිකා. ...... දැන් කලබල නොවී ඉන්න හැමදේම හරියයි...... දුව ඔයා ඔතන ඉන්නවද........
" ඩැඩී. ..... "
......" දුව . .....අම්මව ඇතුලට එක්ක ගිහින් අම්මට කන්න දීල බෙහෙත් ටික දෙන්න ...... "
එන්න මමී අපි යමු
...... කෝ එන්නකො........ මල්ලීට දැන් හොදයිනෙ. ...... අපි යමු...... කාල බෙහෙත් බීල ආයෙම එමු ..... නැත්තන් මල්ලී සනීප වෙද්දී ඔයා ආයෙමත් අසනීප වෙයි ......."
ඩොක්ටර් තේමිය ගෙ දුව කියන්න පුළුවන් තරැණ වයසෙ ගෑනු ලමයෙක් එයාව අරන් ගියා.......... එයා. කීව... එයා කීව ආයෙම ඒ ගෑනුකෙනාට අසනීප වෙයි කියලා. ..... මට තේරෙන්නෑ ඒ ගෑනු කෙනා මට පුතා කියනව..... එතකොට ඒ ගැනුලමය මට මල්ලි කියනව..... . කවුද අයාන්. ....... ආහ් මගෙ ඔලුව. .... සිහිය ආව වෙලේ ඉදලම මගෙ ඔලුව වටේ ප්‍රශ්න ගොඩක් කැරකෙන්න ගත්ත වෙනකොට නොදැනිම මම හිස් අතින් ඔලුව අල්ලන් තිබුන. .... ........
පුතා මෝලේ වෙහෙසන්න යන්න එපා........ ඒක ඔයාටහොද නෑ......මම දන්නෑ දරැවො ඔයා එදා නුවර වැව රවුමෙදි මගෙ කා එකට පැන්නෙ මොන හේතුවකටද කියල .... ඔයාට
මතකද දරැවො........
මතකද
...... මගෙ ජීවිතේ අමතක නොවන මතකයන් අතර අදුරැම මතකයක්..... ඒ තිරිසනාගෙ මූණ මට ආයෙමත් මැවිල පෙනෙද්දි මම ඇස් දෙක තද කරල පියාගත්ත. ......
..
හරි දරැවො හරි. ... දැන් ඒ ගැන හිතන්න යන්න එපා............ ඔයා දැන් සති දෙකකට වැඩියි සිහිය නැති වෙලා....... එතකොට ඔයා දැන් මේ ඉන්නෙ මගේ ගෙදර....... ......... ... මම දන්නවා පුතාට වගේම මටත් දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. ... ..... ඒ ඔක්කොටම කලින් දරැවො මට ඔයාගෙන් ඉල්ලීමක් තියෙනව කරන්න ...... මගෙ වයිෆ්ට කියන්න එපා ඔයා අයාන් නෙමේ කියල. ..... ....මම ඔයාට ඒ ගැන පස්සේ පැහැදිලි කරන්නම්..... දැනට මේක ඔයාගෙම ගෙදර කියල හිතාගන්න දරැවො.... එකක් මතක තියාගන්න දරැවො ... සමහරැ කියනව ජීවිතේ කියන්නෙ නැතිකරගන්න හරිම ලේසි දෙයක් කියල..... නෑ දරැවො ....මම ඒක ඒ විදියට දකින්නෑ..... ඇත්තටම ජීවිතේ නැති කරගන්න අපි හිතන්නෙම අපි ඉවසල තියෙන උපරිමේ අපිට දරාගන්න පුලුවන් උපරිමේ ඒක කියල හිතන නිසා ... නෑ දරැවො නෑ... මනුස්සයෙක්ට ජීවිතේ නැති කරගන්නත් ශක්තියක් ධෛර්යයක් තියෙන්න ඕන.... දුර්වල හිතක් තියෙන මනුස්සයෙක්ට එහෙම ලේසියෙන් ජීවිතේ නැති කරගන්න හිතන්නෑ.... පොඩ්ඩක් හිතන්න දරැවො. ... ඇයි බැරි ඒ ශක්තිය ධෛර්යය න් ජීවත් වෙන්න උත්සාහ කරන්න...... ජීවිතේ නැතිකරගන්න ශක්තියක් තියෙන මනුස්සයාට ඒ ජීවිතේ ඊටත් වඩා හොදට බලාගන්න පුළුවන් දරැවො...... ඒ නිසා මැරෙන එකම ලේසිම හොදම විසදුම කියල හිතන්න එපා ..... ජීවත් වෙන්න. .... ඒකතමා හරිම දේ. ....ඔයාට පුළුවන් ඔයාගෙ ජීවිතේට හරිම දේ හොයාගන්න. .... ගොඩක් අයට ඒකට අවස්ථාවක් ලැබෙන්නෑ... දරැවො.... ඒත් ඔයාට ලැබිල තියෙනවා. .... ඒ අවස්ථාව මගහරින්න එපා...... .... ... ...... ......හොදට බෙඩ්රෙස්ට් කරන්න ඕරැවො..... දැන් කොහොමත් රෑ වෙලා
.... අපි හෙට උදේට කතා කරමු....... . ... "
එයා යන්න ගියා
..... ඩොක්ටර් තේමිය යන්න ගියා. ... හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරල යන්න ගියා. ...... එලියට තිබුන කාමරේ අඩ අදුරෙන් වැහිල යද්දී මට තනිමකන්න විතරක් පුංචි ලයිට් එලියක් මේසෙ උඩ ඉතිරි වෙලා තිබුන. ..... නුහුරැ වටපිටාව වගේම නමක් නොන්න බඩු මුට්ටු මිනිස්සු ගොඩක් මැද මට මහ තනිකමක් දැනුන. ...... අසරණකම පිරැණු තනිකමක්. .......
***** ****************
නින්දත් නොනින්දත් අතර උන්නු මම ආයෙමත් ගැස්සිල ඇහැරැනෙ උදේ වෙද්දී මම ආයෙමත් කාමරේ වටේට ඇස් දෙක යැවුව. ..... ... ........ උදේ කීවට දැන් වෙලාව ... අටට කිට්ටුයි ..... උදේ අට කියන්නෙ මම සීයතාත්තට මගෙ සුදු ආච්චිට උයල තියල මල්කඩේ අරින වෙලාව......... ඇත්තටම ඒක හීනයක් විතරයි නේද..... ආය කවදාවත් ඒ අත් වලින් බත්කටක් කවාගන්න.. ඒ උනුහුම විදින්න බෑ නේද....... මම පව්කාරයෙක්. .... ඇත්තටම පව්කාරයෙක්. ...... මේ පව්කාරයට සමාවෙන්න. .... ඔයාලව හරියට බලාගන්න බැරිඋනාට...... මට සමාවෙන්න. ......සීයතාත්තෙ.... ඔයාගෙ අවසාන හුස්ම පොද යද්දීවත් ලග නොහිටියට ... එකවචනයක් කතාකරන්න බැරිඋනාට. ... මට සමාවෙන්න..... ..... .... ඔයාගෙ ආදරේ උනු සුදු ආච්චිව බේරගන්න බැරිඋනාට. ..... ...... මට ස....මා.....වෙන්න ..... මට... සමා...වෙ...න්න.......
...
මම ඇඩුව .... කොට්ටෙ මූණ හංගන්න බැරි උනාට .... ගලන කදුළු මටවත් නවත්තගන්න බැරිකොට සද්දෙ ඇහෙයි කියන බයටම මගෙම හිස් අත කටට තද කරගත්ත මම ඉකි ගැහුව........ ..
මම හෙමීට ඇදෙන් බැහැල අඩිය තිබ්බ ....... ටයිල් පොලොවෙ සීතල මගෙ යටිපතුල් දිගේ ගලාගෙන යද්දී දවස් ගානකින් පොලොවේ පයගහල නොතිබ්බ මම පොලොවට පයගැහුව...... ඒකත් නුහුරැ ටයිල් පොලොවට
........... මගෙ කකුල් ....ඇත්තටම ඒවගේ වේදනාවක් මට දැනුන්නෑ.....මම ඇවිද්ද.... සුදු පිරැවට තීන්තගාල තිබුන බිත්තියෙ එක එක පින්තූර ගොඩක් තිබුන වගේම මගෙ ඇස් ඒ හැම පින්තූරයක් ලගම නතර වෙලා ගියා..... .... පොඩිදරැවෙක් වඩන් ඉන්න ඩොක්ටර් තේමියයයි එයාගෙ බිරිදයි..... ... තව එක එක පින්තූර. ..... මම ආපහු හැරැණ. ... මට තව ඇවිදින්න ඕන කරත් තාමත් හොද නොවුනු තුවාලඋනු මගෙ ඔලුව ඇදුම්කන්න ගත්ත වගේම අඩලම නහය බරවුනු තැන මගෙ ඇස් දෙකත් ඇදුම් කෑව....... ඒත් එන්න හැරිල හරියටම ... අඩියයි මට ඇද ලගට එන්න පලුවන් උනේ... මොකද ඊලගට මගෙ ඇස් දෙක නැවතුනෙ. ...." ඒ මම....... "
.......
ඒ මමයි...... කිසිම වෙනසක් නැති මගෙම රෑපෙ ඉස්සරහ ඉදන් මම එකම එක..... එකම එක වෙනසක් හෙව්වා. .... ඒ මම නෙමේ කියන්න. ...... ඒ පින්තූරෙ අයිතිකාරය මම නෙමේ කියන්න. ... නෑ.... මම නෙමේ. ..... මම අඩියක් පස්සට උනා......ඇත්...ත...ටම ...
මේ.... මම...නෙමේ....
"ඔය මගෙ මල්ලි. ... අයාන් ආකේන්ය බණ්ඩාර "
😊 කතාවෙ කොටසක් දැම්මෝ ....
😊 ඕතරිය බුජී.... ගුට් නායිට්....