මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
"උඹ ආදරණීයයි මගෙ පණ..... ..... කොටින්ම මේ විෂේන්ට ආදරේ කියන්නෙම උඹ..... උඹම විතරයි මගෙ දෙව්. ......... "
එයා යන්න ගියා. ....... ඈතට ඇදිල යන කා එක නොපෙනී යනකන්ම බලන් උන්න මම එන්න ආව. .....මහ හිතේ බරකුත් එක්කම. ......
*************************************
මම බලන් උන්න. ..... දවස්ගානක් ඉදන් එකම එක කෝල් එකක් එනකන් නිදිමරාගෙන මම බලන් උන්න ...... හරිනම් උඹ මෙලහකටත් එන්න ඕන නෙවෙයි ද මහත්තයෝ. ......... මන් ලගට නාවට කමක් නෑ. .... අඩුම ගානේ පරිස්සමට ඉන්නවා කියලවත් කියන්න එකම එක කෝල් එකක්වත් ...... මම බලාපොරොත්තු උනා.... එයාගෙ කටහඩ අහන්න ඒ රෑපෙ ඇස් ඉස්සරහ දකින්න . ...... ඒත් නෑ...... ඇයි ඒ.... කදුළු පිහදැම්ම මම දොරකඩගාව ගිහින් නැවතුන. .. ......
අදත් වලව්වට යනවද දරැවෝ....... වලව්ව වහලදාල සතිගානක් වෙනවනෙ මැණික .... "
" සුදු ආච්චි....... මම අදත් ගිහින් බලන්න ද.......... ඇයි වලව්වෙ කවුරැත් නැත්තෙ කියල...... මම යන්නද ...... අදට විතරක්. ..... අදට විතරක්ම මම ගිහින් බලන්න ද....... "
මම ආව..... වලව්ව හරි ගාම්භීරව වෙනසක් නැතුවම තිබුන වගේම සතිගානක් ගේට්ටු කදන් දෙකට වැටිල තිබුන ඉබ්බ අද ඇරිල තිබුන...... හාමුල ඇවිල්ල...... දෙයියනේ එයත් හිටියනම්......... හරියටම වලව්වෙ ඇරල තිබුන ගේට්ටු කදන් දෙක ඉස්සරහ හිටගෙන මම බලන් උන්න. යන්න ඕන ඒත් මට වාරැ නෑ. .... ......... ඈතින් ආව ඩිංගිරි මැණිකේනැන්දගෙ කටහඩ මාව ගැස්සුව.......
"ආ කොල්ලො.... උඹටත් මට වගේම මේ සති ටිකේ වලව්වෙ වැඩ නෑ නොවැ....... ..... මක්කරන්නද ඉතින්. ..... අපරාදෙ කියන්න බෑ යස අගේට හිටිය අපෙ පුංචි හාමුමහත්තයා........ "
ඒ වචන මගෙ හදවතත් නතර කරා..... ඒක කොහොම දෙයියනේ. ..... මගෙ පුංචි හාමු. ........ උඹ හොදින් ද කියපන් ......
"පු....පුංචි හාමු. .... නැ...න්...දෙ.. ..... පුංචි හාමු ට මො...මොකද. ......"
" ඇයි උඹ දන්නැද්ද ....... පුංචි හාමුගෙ කාර් එක හැප්පිලලු...... අනූනමයෙන්ලු ජීවිතේ බේරිල තියෙන්නෙත්. ....... මට කීවෙත් සුමනපාලඅයිය... ඒකත් මම මිනිහගෙන් අහගත්තෙ වදෙන් පොරෙන් බන්.......... .......මොනව කියල අපියි කියල කොරන්නද ඉතින් .......අනික මහ එවුන්ගේ පව් පොඩි එවුන්ගේ පිට යනව කියන්නේ බොරැවටද මන් අහන්නෙ......... මම යනව කොල්ලො. ....... "
මම වලව්වට හැරැණ. .......... ගේට්ටුව ඉස්සරහ හිටගෙන උන්න පුංචි මැණිකෙ ඉස්සරහට යාන්තම් පණගහල ඇවිදන් ආව මම හිරවුන ඉකිය පිටනොවෙන්න හුස්ම හිරකරගත්ත..... ඒත් එක තත්පරයයි...... .. මට ඇඩුන..... වචනයක් අහගන්න පණ නැති වුන මම ගොලු වෙලා උන්න. .....
"සසුන් මල්ලී ..... අඩන එක නවත්තන්න දරැවො. ........ උඹ අඩන්නෙ මගේක හින්දා නේද...... මම දන්නවා. ... හැමදේම දන්නවා. ....... උඹල දෙන්නම ගැන හැමදේම මම දන්නවා. ...
..... නොකීවට මම හැමදාම සතුටු උනා...
කෙල්ලෙක් නොවුනත් මගේකට උඹ වගේ අහිංසක කොල්ලෙක් හම්බවුන එකට සතුටු උනා......."
"අනෙ..... පුං...චි මැ...ණිකෙ ...... එයාට මො...ක..ද..... එයා හොදින් නේද. .... "
" මට සමාවෙයන් මල්ලී මට උඹගෙ අහිංසක මූණ දිහා බලන් බොරැ කියන්න බෑ......... මගේක හොදින් නෙමේ.... උන ඇක්සිඩන්ට් එකෙන් එයාගෙ ඔලුවට ලොකු ඩැමේජ් එකක් වෙලා........ එයාට සිහිය ආවට හමහර දේවල් සමහර අය මතක නෑ ...... ඩොක්ටර්ස් කීව හැටියට අවුරැදු දෙකක විතර කාලයක් තිස්සේ උන කිසිම සිදුවීමක් කිසිම පුද්ගලයෙක් එයාට මතක නෑ.... . එයාගෙ ඔලුවෙ ඩැමේජ් එක නිසා එයාට පරණ දේවල් අමාරැවෙන් මතක් කරවන්න යන්න එපා කීව මොකද ඒකෙන් මෝලේට තව ඩැමේජ් වෙයි කියලා. ..... තාම එයා හොස්පිටල් එකේ .......... මට තේරෙන්නෑ දරැවො....... එක පැත්තකින් උඹ ... අනිත් පැත්තෙන් අපේක...... උඹල දෙන්නම ගැන දන්න මම හරි අසරණයි රත්තරනෙ. ..
..... "
," එ..ත.......කොට කව....දාව....ත්
..ම එයාගෙ මතකෙ ආපහු එන එකක් නැද්ද .........
..."
..."ඒක හරියටම කියන්න බෑ මල්ලි... කාලය හැමදේම විසදයි කියල හිතනව ඇරැනම මට වෙන කරන්න කියලා කිසිම දෙයක් නෑ දරැවො. ...... ."
මාව මතක නෑ....... මාව මතක නෑ. ...... මම කියල කෙනෙක් ඔයාගෙ ජීවිතේ දැන් නැද්ද. ...... උඹ මට පොරොන්දු උනා...... මා ගාවට පරිස්සමට ආයෙමත් එනව කියල...... ඇයි බොරැ කීවෙ. ..... ඇයි මට බොරැ කීවෙ. ....... මම මගෙම කෙස් ගැලවිල එන්න ඇදගත්ත. ...... මට රිදුන
....... හොදටම රිදුන...... ගතට නෙවෙයි හිතට........ ආය අහන්න මම කියල කෙනෙක් එයාගෙ ජීවිතේ නැහැයි කියලා මතකෙට එන එන වාරයක් පාසා මගේ ඇස් වලින් කදුළු වැටෙද්දී මම එහෙමම බාගෙට මැරිනු මිනිහෙක් වෙලා උන්න ...... කවුරැ කොහොම මාව දැක්කද කොහොම මම ගෙදරට ආවද කියල මතක නැතිවෙද්දී දැන දැනම මම ගිහින් සුදු ආච්චිගෙ ඔඩොක්කුවෙ ඔලුව ගහගත්ත. ........ එයා ඇහුවෙ නෑ....... ඇයි මන් අඩන්නෙ කියල වචනයක් මගෙන් ඇහුවෙනෑ වගේම මගෙ ඔලුව අතගෑව..... හැමදේම හරියයි කීව...... ඒත් මොන දේද.......... උත්තර නෑ...... මට අහන්න ඕන උනෙත් නෑ. ....මම ආපිට ආවෙ අඩාගෙන.....
මට තේරෙන්නෑ එයාල දෙන්න මගෙ මේ හැසිරීම කොහොම බාරගත්තද කියන්න. ....... සමහර වෙලාවට මම ඇඩුව එයාල ඉස්සරහම ...... මුලු රෑම මිදුලට වෙලා බලන් උන්න. ...... ඒත් ඒ හැමවෙලේම මාව සනසන එකම ඇරැනම කිසිම වෙලාවක මගෙන් ආපිට ප්‍රශ්නයක් අහල උත්තරයක් බලාපොරොත්තු උන් නෑ.......... සමහරවිට ඇහුවත් මන්ලග උත්තර නැතිවේවි....... නැත්තන් එයාලම උත්තර හොයාගෙන ඇති. ...... ටිකින් ටික දවස් ගෙවිල ගියත් වේදනාව හංගන්න මිසක නැතිකගරන්න මට බැරිව ගියා....... කොහොම කරන්න ද...... උඹට වගේ මට කිසිම දෙයක් අමතක නෑනෙ මහත්තයෝ. ......... එකම එක
.......එකම එක පුංචි බලාපොරොත්තුවක් තිබුන. .... ඒ කවදම හරි උඹ මාව හොයන් එයි කියලා. ...... අපේ මතකෙ ආයෙමත් කවදමහරි දවසක උඹට හිමි උන දවසට මාව හොයන් එයි කියලා මම බලාපොරොත්තුවෙන් උන්න. ....... ඒ වගේම ඉදීවි.....
වෙනදවගේම මම කිසිම වෙනසක් නැතුවම ගෙදර එන්න හිතුව. .... එහෙම බෑ මම දන්නවා ඒත් ඕන උනා.... මන් වෙනුවෙන් ඒ හිත් වලට දුකක් දෙන්න කෝ මට අයිතියක්. ......
සුදු ආච්චි ...........
...මම ආවා. ......... සුදු ආච්චි. ...... සුදු ආච්චි.
.......
...සද්දයක් නැති තැන මම කාමරේට එබුන...... අනෙ මගෙ සීය තාත්තා. ....... සීය තාත්තා ඇද උඩ වෙලා අමාරැවෙන් හුස්ම අල්ලන්නව...... දෙයියනේ. ......
" සීය තාත්තේ සීය තාත්තේ..... අනෙ සුදු ආච්චි සීයතාත්තට අමාරැයි වගේ
...... සීයතාත්තා
..... අනෙ සීයතාත්තා ..... හොස්පිටල් එක්කන් යන්.... ....... සී...ය....තාත්තා. .... "
............
ඇම්බියුලස් එකේ සද්දෙ තාමත් මගෙ කනට ඇහෙනව වගේ දැනුන. ..... ගෙදර උන්නත් මගෙ හිත නැවතිලා තිබුනෙම ඉස්පිරිතාලේ. ........... ..සේලයින් බට ගහල තිබුනු ඒ ඇටකටු පෑදුන අත් උඩ... හැගීම් මැරැණු ඒ ඇස් වල.......කොටින්ම බලාපොරොත්තුවක් නැති ඒ ඇස් දිහා බලන්න මට බය හිතුන. ...... .......... කොයිමවෙලේ හරි අතහැරලා යයි කියල මට බය හිතුන. ............
" දරැවෝ....... "
"ම්ම්ම්ම්. .... ඇයි සුදු ආච්චි. ..... "
"මැණික සීයතාත්තාට කෑම ගෙනියනවද මැණික . ......... මමත් එන්නද අද දවල්ට යන්න. ...... "
එයා බයවෙලා........
"මයෙ සුදු ආච්චිට බයද......"
" බය නැද්ද දරැවො. ..... වෙනදටනම් දවස් දෙකතුනෙන් උණ අඩු වෙලා ගිහින්නෙ
..... දවස් කීයක් ද මැණික
...... තාම ඒ හැටි හොදක් නෑනෙ......
......."
"සුදු ආච්චි බයවෙන්න එපා. ...... සීයතාත්තට ඉක්මනට හොදවෙයි බලන්නකෝ
...... ඊට පස්සේ ආයෙම වෙනදවගේ එහෙ මෙහෙ දුවයි.
...... සුදු ආච්චි තමා ගහල එකතැන තියාගන්න ඕන.... ...මම සීයතාත්තට ගෙනියන්න සුප් එකක් හදන්නම් බත් කන්න බෑනෙ...... ......... දවල්ට යමු හොදද. ...... "
" හ්ම්ම්ම්. .... "
" මැණිකේ නැන්දේ ගෙදර ඉන්නවදෝ. ..... "
"රන්මලී නැන්ද. .... "
" දරැවෝ. ..... මම මේ දවල්ට දෙන්නටම බත් එකක් ගෙනාව. ....... ඉව්ව ද පුතේ....."
"අනෙ නෑ නැන්දෙ
.....මම මේ ලැහැස්ති වුනේ හොස්පිටල් අරන් යන්න සුප් එකක්වත් හදන්න. ......"
" ගෙදර බඩු තියනවද දරැවෝ...."
"අනේ ඔව් නැන්දෙ ...... නැන්දට යන්න පරක්කු නැත්තන් අපෙ සුදු ආච්චිත් එක්ක ටිකක් කතා කර කර ඉන්නවද...මම උයල එනකන්. ....... "
" කොල්ල කීවට මොකද සිරිපාල ගැන මට මහ බයක් දැනෙනව රන්මලී දරැවො. ........ උන්දැට තාම අඩුවක් නෑ ලමයො....."
....
යන්න හැරැණ මට ඇහුන.... සුදු ආච්චිගෙ වෙව්ලන කටහඩ ...... එයා අඩනව..... ඇත්ත...... නොකීවට මටත් බයයි. ..... ඒත් සුදු ආච්චි ඉස්සරහ ශක්‌තිමත් වගේ මට පෙන්නන්න ඕන උනා. ...... මිනිස්සු මොන විදිහට හිත හදන්න උත්සාහ කරත් හැමදාම තුවාලෙ වේදනාව දැනුනෙ ඒක තියෙන මිනිහටම මිසක් ඒක දිහා පිටින් බලන මනුස්සයාට නොවෙද්දි ඒ හැගීම් උපරිමෙන් මිනිස්සුන්ව රිද්දුව. ..... හරියටම මට මේ වෙලාවේ දැනෙනව වගේ. ........ අසරණකම මැද්දෙන් උනත් හරි ශක්‌තිමත් කියල පිටට පෙන්නන්න මම ගන්න උත්සාහය වගේ...... කොටින්ම සීයතාත්ත කියන්නෙ සුදු ආච්චි මුලු ජීවිතේම වෙද්දී මට බය හිතුන. ........ ඒ ජීවිත දෙකම ගැන ......
අනේ මගේ මැණික
සීයතාත්තාට ගෙනියන්න සුප් එකක් හද හද උන්න මම හැන්දත් බිම දාල දිව්වා. ....... මගෙ සුදු ආච්චි. ........ එයාගෙ කෑ ගැහිල්ල.....
සුදු ආච්චි. ..... සුදු ආච්චි ....මොකද උනේ
......
" අ....නෙ
....... දරැවො........ "
.".අනෙ ..... අනෙ....මගෙ සුදු............. ආච්චි. ....කතා කරන්න.............. එපා.....කතාකරන්න එපා..... මහන්සියිනෙ..... කතා කරන්න එපා...... රන්මලී නැන්දෙ.......................
...... මො.................මොකද වුනේ. ............
..... කියන්නකො.
........ සුදු ආච්චි.................
......... මොකද වුනේ කියන්න. .... නැන්දෙ මොකද උනේ ...... කවුද කතා කරේ...... "
"හොස්පිටල් එකෙන් කතා කරේ දරැවො................. උඹලගෙ සීයතාත්තා නැතිවෙලා...... "
...
" බොරැ ... ඒක බොරැවක්....... එයාට අපිව දාල යන්න බෑ හ්හ්හ්. ....... එ....හෙ....ම........ බෑ....... නෑ........ ඒක වෙන්න බෑ. ....... "
මට කෑ ගැහුන. ........ එහෙන් මගෙ සීයතාත්තා හුස්ම අතැරල කියල කියද්දි මෙහෙන් මගෙ සුදු ආච්චි හුස්ම අල්ලන්න දැගලුව. ...... ........ මම ඒ පපුව අතගාන්න ගත්ත......... අතඇරැනු හුස්ම වෙනුවට එක හුස්මක් ගන්න මම දැගලුව ....... එකම එක හුස්මක්........ මාව දාල යනැත වෙන්න සුදු ආච්චිගෙ හුස්ම අල්ලගන්න මම හැදුව........... කොටින්ම පපුව අල්ලන් උන්න සුදු ආච්චිට කතා කරන්න මහන්සි ගන්න එපා කීව මම ඊලග තත්පරේම එයාව හෙල්ලුව...... හුස්ම අල්ලන් නැති ඒ පපුව ගැහෙන එක නතරවෙයි කියන බයටම මම එයාව හෙල්ලුව. ...... නෑ...... ඒත් නෑ........
" අනෙ දරැවො උඹලගෙ සුදු ආච්චි. ..... "
රන්මලී නැන්ද මොනවදෝ කියන්න තැතනුව..... නෑ මට අහන්න ඕන නෑ...... එහෙම බෑ. ...... එයාලට මාව දාල යන්න බෑ..
........ එහෙම බෑ........
. .. සුදු ආච්චි. ..... නැගිට්ටන්න...
.. දැන් ඇතිනෙ..... මට ......මට..... අනේ....... කතා කරන්න. ......... නැත්තන් මම තරහ වෙනව......... අනේ එහෙම කරන්න එපා. ....... මාව දාල යන්න එපා. ........ ඔයාල දෙන්නම එකට මාව දාල ගියාම .....මම ......මම
................................
*********************
දරැවො. .... බත් කටක් කාපන්කො...... උඹ නොකා නොබී ඔහොම හිටිය කියල ඒ දෙන්න ආපහු එන්නෑනෙ ........ මේ බලපන් දරැවො. ......
රන්මලී නැන්දෙ. ........ ඒම කරන්න ඒ දෙන්නට වටින්නෑනේද.... මම.......ම...ම ....... එයාලව බලාගත්ත.
..... මදිඋනාද....... මම එයාලට ආදරේ දුන්න මදිඋනාද. ............ ම....ම....... බොරැ නේද ..... එයාල මාව දාල ගියෙ නෑනේද........... මේ මේ බලන්න ....... බොරැවට නිදන් ඉන්නෙ ......මේ..... මම නෑනේ..... සුදු ආච්චි ඔයාගෙ මැණික තරහ නෑනෙ...... කෝ.... කෝ...... ඇස් අරින්න සීයතාත්තා. .... . මේ .... ම..ම ඉන්නවා. .... මේ........ ම....ම ......මේ කේක් ගෙනාවා. .... සුදු ආච්චිට හොරෙන් මම දෙන්නම් ඇස් අරින්නකො......... ඔයා ආසයිනෙ............ අනේ මාව දාල යන්න එපා........ දැන් මම කා වෙනුවෙන්ද හම්බකරන්නෙ........ ම....ම කා වෙ....නු......වෙ....න් ජීවත් වෙන්න ද.....
"අනේ.... ඇහැරෙන්නකො.... මාව දාල යන්නෑ කීවනේද.......... ඔක්කොම බොරැකාරයො....... යනවල යනවල......මට එ....කෙ....ක්..වත් එපා....... එපා....... ඔක්කොම බො....රැ.....කාරයො..... මාව රැවැට්ටුව . ........ ඇයි මාව දාල ගියෙ ඇයි. ...... මම හරි අ....ස....ර......ණයි. ...... මට ඔයාල නැතුව බෑ..... මාවත් අරන් යන්න තිබ්......බ.....නේ .... ....... මට තනියි.....මාව දාල ය....න්......න එපා. ........"
මගෙ ඇස් බොදවෙලා යනව මට දැනුන. ...... .........
. පැදුර කඩමාල්ල උඩ වෙනදවගේම මම වැතිරිල උන්න. .. ...... හැගීම් මැරැණු මිනිහෙක් වගේ.......... හෝ ගාල වහින වැස්සට උනුහුම හොයන්න කවුරැත් මන් ලග නැති වෙද්දී රන්මලී නැන්දගෙ බලකිරීමට උදේහවා උගුරෙන් පහලට යැවුව බත් කටවල් දෙකතුනට පින්සිද්ධ වෙන්න තාමත් මම නොමැරී ජීවත් උනා... හුස්ම ඇල්ලුව......... .. ඇගට මෙලෝ පනක් නැතුව හිතට කිසිම බලාපොරොත්තුවක් නැතුව මම පණපිටින් වලලපු මිනිහෙක් ගානට වැටිල උන්න ...... . .......... වතුර තිබහයි. ...... ඒත් නැගිටල යන්න පණක් නෑ මට....... යන්න ඕන උනෙත් නෑ. ...... මට ඕන උනා ආපහු ඒ මතකයන්ගෙ ගිලෙන්න. ......... මේ මැටි බිත්ති හතර ඇතුලෙ සුදු ආච්චිගෙ සීයාතාත්තාගෙන් මම වින්ද ආදරේ ...මේ පැදුර උඩ වින්ද එයාගෙ පපුවෙ උනුසුම. ...... ඒ හැම මතකෙම ගිලෙන්න මට ඕන කරා.......... කොටින්ම ලග නැතත් ඒ මතකයන්ගෙ තාමත් හුස්ම වැටුන.......
"ටොක් ටොක්. ...... ටොක්. ....."
දොරට තඩිබාන සද්දෙ මගෙ කනට ඇහුන උනත් නෑහුන ගානට මම වැටිල උන්න. ... ඒත් එක්කම කොහේදෝ නැති සතුටක් මගෙ හිතට එක සැරේට ආව......... ඒ උඹද........ එක තත්පරේකට මම ඒ හීනෙ දැක්ක......... නෑ .......මම දන්නවා ඒ උඹ නෙවේ.......... .... එන කාට උනත් එන්න දීල මම තවත් පැදුර උඩ ගුලි වුනා. ......
😊 ඕතරිය චැපියක් දැම්මා ....