|| Mystery of the Miracle Fa...

By itz_MAYAzz

1.6K 346 98

With your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Pub... More

Disclaimer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 10
Chapter 11
Main Characters Introduction
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23

Chapter 9

47 14 6
By itz_MAYAzz


ටේහියුන් හිටියේ සතුට, දුක් වගේ ම පුදුමය මුසු හැඟීමකින්..

එයාට ගොඩක් සතුටුයි...

මොකද ජෝර්ජ් දැන් නගරේ විශ්ව විද්‍යාලයට යනවා

එතකොට දුක..

එයාගේ හොඳම යාළුවෙක් එයාගෙන් වෙන්වෙනවා..

පුදුමය

ජෝර්ජ් ට මේ වගේ තැනකින් ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා..

" ඇත්තමයි ජෝර්ජ් ඔයා නම් ගොඩක් වාසනාවන්ත යි.. "

ටේහියුන් ආයෙමත් ජෝර්ජ් ව වැළඳගත්තා.. ජෝර්ජ් මේ මහා රෑ ජින් වත් ඇදගෙන ටේහියුන් ගේ ගෙදර ආවේ ඒ ආරංචිය තමන්ගේ හොඳම යාළුවට කියන්න ඕන නිසා..

" ඉතින් ජෝර්ජ් ඔයා කවද්ද යන්නේ.. "

ජින් ඇහුවේ නොයිවසිල්ලෙන්.. ජින් එක්ක ජෝර්ජ් ඒ කතා කරන අතරේ ටේහියුන් එතනට තේ අරගෙන ආවේ එයා කලින් හදලා තිබුණ චොක්ලට් කුකීස් එක්කමයි..

" මේ සදුදා මට යන්න වෙනවා.. එහෙන් දින දීලා තියෙන්නේ එදාට.. "

" හ්ම් ඔයා ගියාම අපිට තමයි පාළු.. "

ටේහියුන් තොලත් පිට පෙරලන් කිව්වේ ජෝර්ජ් දුන්න පිළිතුරට.. ජෝර්ජ් ජින් දෙන්නම ටේහියුන් ගේ චොක්ලට් කුකීස් එක්ක තේ කෝප්පයක් අතට ගත්තා..

" මට මේවා ගොඩක් මතක් වෙයි ටේහියුන්.. ඒ වගේම ඔයාලා දෙන්නත්.."

ටේහියුන් ගේ චොක්ලට් කුකී එකක් පෙන්නන ගමන් ජෝර්ජ් කිව්වා..

" එතකොට ජෝර්ජ් ගොවිපල.. ඒකට මොකද වෙන්නේ.. "

" හ්ම් ඒක තමයි.. ඒක වහන්න ද කල්පනාව "

ටේහියුන් ජින් ඇහුවේ ජෝර්ජ් මෙහෙන් ගියාට පස්සේ ගොවිපලට මොකද වෙන්නේ කියලා හිතලා... කොහොමත් ජෝර්ජ් නෑ කියන්නේ එතන පාළුවට යනවා කියන එක තමයි..

" ඒක අයියා බලාගන්නම් කිව්වා.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ.. "

ජෝර්ජ් කිව්වේ ලොකු හුස්මක් හෙලලා.. එයාටත් දුකයි මේ තරම් කාලයක් බලාගත්ත මහන්සි වෙලා ගොඩ නගපු එයාගේ ගොවිපල දාලා යන්න.. ඒත් තව ඉස්සරහට යන්න නම් එයාට සමහර දේවල් කැප කරන්න වෙනවා.. ඒක එයාට විතරක් නෙවේ හැමෝටම පොදු දෙයක්...

" ජෝර්ජ් නගරයෙන් අලුත් රසකැවිලි එවන්න අමතක කරන්න එපා.. "

ටේහියුන් හිනාවෙවී කියලා ජෝර්ජ් ගේ පිටට තට්ටුවක් දැම්මා.. ටේහියුන් කොහොමත් නගරේ රසකැවිලි වලට ආසයි කියලා දන්න නිසා ජෝර්ජ් පවා හිනා වුණා..

ජින් ජෝර්ජ් ටේහියුන් තුන්දෙනා එදා රෑ ගත කරේ එකට.. පහුවෙනිදා උදේම ටේහියුන් ගේ ගෙදරින් උදේ ආහාරය ගත්ත ජින් ජෝර්ජ් ආපහු ගෙවල් වලට ගියා...

~~~~~~~~~~

ජන්ග්කුක් අද නම් හිටියේ වෙනම තැනක.. ඔව් ඔව් ඒ ගමේ කෙනෙක් ගේ ගෙදරක් හදන තැන.. ගමට ආව ජන්ග්කුක් අලුත් දේවල් ඉගෙන ගන්න පෙලඹිලා.. ඒකනේ දෙයියනේ අර ගෙදර බිත්ති බදින්නේ..

සිමෙන්ති ඇඟ පුරා ගාගෙන හෙන්රි එක්කම එකතු වෙලා ජන්ග්කුක් ඒ ගෙදර බිත්ති බැන්දා...

" ඔහ් හෝ ජන්ග්කුක්.. ඔය ඔය ඔතන දෙවනි වරිය පටන් ගන්නේ ගල් බාගෙකින්.. ආහ් තව මෙතන එතනට ආන බාන්දුවක් තියන්න.. "

හෙන්රි ඒ ගැන ජන්ග්කුක් ට කියලා දුන්නා..

" ආහ් ඇයි මේවා මේ ඇඳ යන්නේ.. ආහ්.. "

" ජන්ග්කුක් ඕක හෙමිහිට කරන්න.."

** ( වරිය - බිත්ති බැදීමේදි පේලියට අතුරන ගඩොල් පේලිය..

ගල් භාගය -

ආන බාන්දුව -

මේවා ගඩොල් බැමි බදිනකොට ඕන වෙනවා.. )

මං කිව්වා.. ජන්ග්කුක් කියන්නේ ඉවසීම නැති කෙනෙක්.. නෑ කිව්වට ටිකක් විතර තියෙනවා.. ඒත් ටිකයි.

කොහොම හරි ලොකු වෙලාවකට පස්සෙ ජන්ග්කුක් ට පුළුවන් වුණා ඒ ගෙදර බිත්තියේ වරි දෙකක් ඉවර කරන්න.. ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් බැලුවේ සිමෙන්ති හැමතැනම ගාගෙන ඉන්න එයා දිහා..

ඒත් මේ සිමෙන්ති ගාගෙන දඟලන ජන්ග්කුක් දිහා කෙනෙක් හොරෙන් බලාගෙන හිනාවුණා.. හරි.. ඒ ටේහියුන් තමයි.. එයාට නම් හිනා ගියේ මේ ජන්ග්කුක් ගේ වැඩ දැකලා..

" එන්නේ නැතැ අද හවසට.. මං ඉන්නම් කෝ.. "

ටේහියුන් හිනා වෙවී මිමිණුවා..

ජන්ග්කුක් ඉක්මනට ගෙදර ගියේ එයාගේ ඇදුම් මාරු කරන්න ඕන නිසා.. රෙදි ටිකත් අරගෙන දොළ පාරට දිව්වේ හොදට නාන්න හිතා ගෙන..

දොළ ළඟට ගිහින් පැත්තකින් රෙදි ටික කියලා ඇදන් හිටපු කොට කලිසම පිටින් එයා දොළට බැස්සා.. එක පාරක් දොළ පාර ඇතුලේ කිමිදිලා ආව ජන්ග්කුක් උඩට මතු වුණේ මේ වෙනකන් හැමදේම බලාගෙන හිටිය ටේහියුන් ට හීල්ලෙනකොට..

" දෙයියනේ ඒ වගේ ඇඟක් මටවත් නෑ.. "

ජන්ග්කුක් පිරිපුන් ඇඟ දැකපු ටේහියුන් එයාගේ කමිසය උස්සලා ඇඟ දිහා බලාගෙන හිමිහිට මිමිණුවා..

ඒත් ඉතින් මේ කිසිම දෙයක් නොදන්න ජන්ග්කුක් තවම හොඳට නානවා..

ටික වෙලාවකින් ජන්ග්කුක් ගොඩට ආවේ පිරිසිදු වෙලා ඉවර වුණ නිසා.. ටේහියුන් ට තේරුණා ජන්ග්කුක් දැන් ඇදුම් මාරු කරන්න යන්නේ කියලා.. ඒ හින්දා ඉක්මනට එතනින් එයා ගියේ හිතට දැනුන ලැජ්ජාවට..

" හරිම සනීපයි.. "

පිරිසිදු වෙලා ගොඩට ආවා ජන්ග්කුක් ඇදුමත් මාරු කරගෙන කොණ්ඩය පිහදාන ගමන් කිව්වා.. ඒත් එක්කම ජන්ග්කුක් ගේ බඩෙන් සද්දයක් ආවේ ඒ දවල් කෑම ට වෙලාව කියන්න අඟවන්න වගේ...

හෝදපු රෙදි ටිකත් එකතු කරගෙන ජන්ග්කුක් දිව්වේ අත්තම්මා ගේ රසම රස දවල් කෑම වේල මතක් කරන ගමන්..

වෙනදා රෙදි සෝදන යන්ත්‍රයට රෙදි දැම්ම ජන්ග්කුක් දැන් ඒවා අතින් ම හෝදනවා.. ඒකත් අලුත් දෙයක්...

" ඔහ් හොඳට නාගත්ත ද පුතා.. එන්න එන්න මේ කෑම ටික කාලා ඉන්න කෝ.. "

අත්තම්මා ජන්ග්කුක් ව ඇදගෙන ඇවිත් කෑම මේසයෙන් වාඩි කෙරෙව්වා.. ඔහ් ඒ මේසේ.. සාම්ප්‍රදායික බ්‍රිතාන්‍ය දිවා ආහාරයක්..

යෝක්ශියර් පුඩිං, කොල බෝංචි හා මින්ට් සෝස් එක්ක බැඳපු බැටළු මස් සහ ඇපල්..

" ම්ම් මේවා දැක්කම තවත් බඩගින්න වැඩි වෙනවා.. මට ජිමින් ගැන ඉරිසියයි.. "

" ආහ් හා.. බඩගිනි නම් කන්න කොල්ලො.. ජිමිනුත් නැති එකේ දැන් ඉතින් මේවා ඔයාට තමයි..

ඒක නෙවෙයි පුතේ ජිමින් අය කවද්ද එන්නේ.. "

" ජිමින් මේ මාසෙ අග එයි ග්‍රැනි.. එයා ගොඩක් බිසී.. මාත් නැති එකේ වැඩ ගොඩ ගැහිලා ඇති... "

ජන්ග්කුක් ලොකු හුස්මක් ගත්තේ එයාගේ රාජකාරි ස්ථානය මතක් වුන නිසා.. ඇත්තටම එයා නැතුව වැඩ ගොඩ ගැහිලා ඇති..

දවල් කෑමෙන් පස්සේ කාමරයට ගියපු ජන්ග්කුක් හවස් වෙලා ආපහු වත්තට ගියා..

වෙනදා අතේ තියන කෑම කූඩය වෙනුවට එයා අතේ තිබුණේ සුහුරු ජංගම දුරකතනයක්.. වෙනදා වැඩ කරන කොට අඳින ඇදුම් වෙනුවට හරි සරල ඇදුමක්..


සරල ඇදුම නිසාමදෝ වෙනදට වඩා වැඩි කඩවසම් බවක් ජන්ග්කුක් ගෙන් පෙනුනා..

" ජන්ග්කුක්...!!!! "

පාර දිගේ ඇවිදගෙන යන ජන්ග්කුක් ට ඇහුනේ රෝස් ගේ හඬ.. ඈතින් තමන් දිහා බලාගෙන අත් වනන රෝස් ට ජන්ග්කුක් හිනා වෙලා අත් වැනුවා..

" හේයි අදත් ග්‍රැනි ගේ වත්තට යනව ද.. "

" ඔව් රෝස්.. "

ජන්ග්කුක් ගේ ආරාධනයෙන් රෝස් ඒ ගමනට සම්බන්ධ වුණා.. ඒ දෙන්නා හොඳම යාළුවෝ වෙලා.. ජන්ග්කුක් රෝස් අලුත් තොරතුරු බෙදා ගන්න ගමන් ඒ වත්තට ළං වුණා..

" ඔහ් බලාගෙන රෝස්.. මෙහෙන් එන්න.. "

රෝස්ට අත දුන්න ජන්ග්කුක් රෝස් එක්කම වත්තට ඇතුළු වුණා..

" වාව්.. මෙතන ගොඩක් ලස්සන වෙලා.. බලන්නකෝ මේ මල් දිහා.. "

රෝස් ආව ගමන් ගිහින් නැවුනේ එතන තිබුන මල් පැල වගාවකට..

ජන්ග්කුක් අද කරේ එයාගේ දුරකථනයෙන් ඒ හැමදෙයක්ම ඡායාරූප ගත කරපු එක.. ඒ හැම දෙයක්ම ලස්සන ට ඒ දුරකථනයේ සටහන් වුණා..

" කෝ රෝස් මෙහෙ එන්න.. අපි දෙන්නත් ගහමු ෆොටෝ එකක්.. "

රෝස් එක්ක සෙල්ෆි ඡායාරූපකට පෙනී ඉන්නත් ජන්ග්කුක් අමතක කරේ නෑ.. එක් වරෙක ජන්ග්කුක් ගේ පිංතූර රෝසුත් රෝස් ගේ පිංතූර ජන්ග්කුක් ත් මාරුවෙන් මාරුවට ගත්තා..

ඒත් රෝස් නිසා ජන්ග්කුක් ට එයා අද වත්තට ආව හේතුව අමතක වුණා..

" මේ බලන්න.. ජන්ග්කුක් මං මේ මල් වලින් පැලයක් ගන්න ද.. "

" ඔහ් ඕවා මගේ නම් නෙවෙයි කෙල්ලේ.. ඕවා අයිති ග්‍රැනීට.. "

" හහ් ඒවා ග්‍රැනී කියන්නේ මගේ වගේ තමයි.. හ්ම්.. "

ජන්ග්කුක් ට රවපු රෝස් මල් පැලයක් පරිස්සමින් ගලවලා ගන්නකොට ජන්ග්කුක් හිනා වුණා..

රෝස් ජන්ග්කුක් එදා හවස ගත කරේ එකට..

ඉර බහින්න පටන් ගත්ත නිසා පරිසරය වුණත් හුඟක් ලස්සන වෙලා තිබුණා.. හවස් වුණ හින්දා වත්තේ ඇවිදපු ජන්ග්කුක් රෝස් දෙන්නා ආපහු යන්න තීරණය කරා...

රෝස් වත්තෙන් එලියට ආවත් ජන්ග්කුක් ආයෙම වත්ත මැදට දිව්වේ එයාට එයාගේ අත් පිස්නාව අමතක වුණ නිසා.. ඒත් එයාගේ ඇස් නතර වුණේ ඈතින් පේන පුංචි ගොවිපල ළඟ.. ඉක්මනින් කැමරාව අතට ගත්ත ජන්ග්කුක් හරි ලස්සන ට ඒ ගොවිපල ඡායාරූප ගත කරා..

ආපහු හැරුණු ජන්ග්කුක් ගෙදර යන්න පිටත් වුනත් ඒ වෙනකොටත් එයා දිහා ට යොමු වෙලා තිබුණ කදළු පිරුණු රතු ඇස් දැක්කේ නෑ....
















" ඔයත් මගෙන් ඈතට යනව ද කූ.. "







Continue Reading

You'll Also Like

614K 9.6K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1M 28.1K 86
Suns had always been known to be the brightest light, but anyone whose ever met one particular girl would know her smile conquered all. She loved and...
44.2K 6.4K 33
I think you will enjoy this Bl story Namjin Sope Taekook Jirose