|| Mystery of the Miracle Fa...

By itz_MAYAzz

1.6K 346 98

With your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Pub... More

Disclaimer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Main Characters Introduction
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23

Chapter 8

59 16 4
By itz_MAYAzz


ජන්ග්කුක් අදත් උදෙන්ම අවදි වුණේ හරිම උනන්දුවෙන්.. අත්තම්මා ත් එක්කම උදේ ආහාර වේල ගත්ත ජන්ග්කුක් ලෑස්ති වුණේ හෙන්රිව හම්බ වෙන්න වුනත් එයාට මතක් වුණේ අද උදේ ම අත්තම්මාගේ වත්තට යන්න තියෙනවා කියලා..

" ග්‍රැනී මම උදෙන්ම වත්තට යනවා.. අලුත් පාත්තියක් හදන්න තියෙනවා.. "

" ජන්ග්කුක් පුතා.. මෙන්න මේ කෑම ටිකත් අරගෙන යන්න.. "

දවල් ටත් කෑම කූඩයක් අරගෙන ජන්ග්කුක් වත්තට ගියා.. ජිමින් ගේ අත්තම්මා ගේ ගෙදර ජන්ග්කුක් ඇවිත් ගෙවෙන දෙවනි සතිය..

පාර දිගේ පිපිලා තියෙන පුංචි පුංචි නේක වර්ණ වලින් පිරුණු මල් වර්ග, ඈතින් පායගෙන එන ඉර එක්ක ඒ කදු යාය, මල් වලට එන පුංචි සත්තු, වසන්ත සෘතුවේ එන පක්ෂීන්, මේ හැමදේම එදා දවස ලස්සන කරා..

පාරේ අයිනේ තිබුණු මල් පැල ළඟට නැමුණු ජන්ග්කුක් එතනින් මල් ටිකක් කඩා ගත්තේ හිනාවෙවී.. ඒවා හරිම ලස්සනයි.. ඒ කඩවසම් තරුණයත් එක්ක තවත් ලස්සනයි..

ජන්ග්කුක් තනියම මේ හැමදේම වින්දා.. පාර දිගේ යනකොට හම්බෙන පලතුරු ගස් වලින් ගෙඩියක් දෙකක් කඩා ගන්නත් ජන්ග්කුක් අමතක කරේ නෑ..

" එහෙනම් දැන් වැඩ පටන් ගමු.. "

වත්තට ආව ජන්ග්කුක් මුලින් ම කරේ ලොකු හුස්මක් ගත්ත එක..  කෑම කූඩය පැත්තකින් තිබ්බ ජන්ග්කුක් කරේ මුලින් ම වත්ත වටේ ඇවිදලා බලපු එක.. ඊළඟට එයා ගියේ වත්ත කෙලවරේ තිබුණු පුංචි මඩුවට.. ජිමින් ගේ අත්තම්මා මෙච්චර කල් වගා කරන්න ඕන කරන බඩු ආයුධ හැම දෙයක්ම මේ මඩුවේ තියලා තිබ්බා.. ඒක ඇතුලෙන් මල් බාල්දියක් ගත්ත ජන්ග්කුක් තවත් බාල්දියකුත් අරගෙන ගියේ දොල පාරට..

වතුර අරගෙන ජන්ග්කුක් ආවේ වත්තේ කෙලවරට.. හිමින් හිමින් පැල වලට වතුර දාපු ජන්ග්කුක් ගේ ඇස් නැවතුනේ ඈතින් පේන ලස්සන ගොවිපල ලඟ.. 

ඒ ගොවිපල වටේ වෙනදා වගේම ලස්සන මල් පිපිලා තිබුණා.. ගොඩක් පරණ තාලෙට තිබුණු ඒ ගොවිපලට යන්න ජන්ග්කුක් ට ආසාවක් ඇති වුනත් ඒ ගැන ජන්ග්කුක් අමතක කරා..

" සුබ උදෑසනක් ජන්ග්කුක්.. උදෙන්ම වත්තට ඇවිත් ඔයා.. "

ගොවිපල ගැන කල්පනාවේ හිටපු ජන්ග්කුක් පියවි සිහියට ආවේ ටේහියුන් ගේ සද්දෙට.. අහස දිහා බලාගෙන ම තමන් ඉස්සරහ හිටගෙන ඉන්න ටේහියුන් දැක්කම ජන්ග්කුක් ට අමුතු සතුටක් දැනුණා.. ඒ ටේහියුන් එයාව මුණ ගැහෙන්න ආව නිසා ද..

ටේහියුන් ගේ ඇදුම් පැළදුම් සමාන වුණේ දහ නමවෙනි සියවසේ විලාසිතා වලට.. මේ තරම් පරණ විලාසිතා වලට වුනත් ටේහියුන් ගොඩක් ලස්සනයි...

" ගුඩ් මෝනින්.. "

ටේහියුන් ගේ කතා බහ.. ඒකත් හරි වෙනස්..

" ඉතින් ටේහියුන් උදේ ම මේ පැත්තේ.. "

ජන්ග්කුක් ඇහුවේ ටේහියුන් දිහා බලාගෙන..

" ඔයා උදෙන්ම එයි කියලා මට හිතුනා..  ඒ නිසා මං ආවා.. "

" ආහ් හරි.. "

සිහින් සිනාවක් ටේහියුන් ට දීපු ජන්ග්කුක් ආපහු එයාගේ වැඩේ පටන් ගත්තා.. ජන්ග්කුක් එයාගේ වැඩේට අවධානය දුන්නා වෙලාවේ ටේහියුන් කරේ ජන්ග්කුක් ට එයාගේ අවධානය දුන්නා එක..

ජන්ග්කුක් පැලවලට හරි පරිස්සමින් වතුර දාන විදිය.. පස් බුරුල් කරලා පොහොර එකතු කරන විදිය, මේවා එයා බලන් හිටියේ ආසාවෙන්...

" ඔයා ඔහොම මං දිහා බලන්න එපා ටේහියුන්.. "

ජන්ග්කුක් කිව්වේ මේ තරම් වෙලා එයාටත් ටේහියුන් ගේ හැසිරීම ගැන දැනුන නිසා.. එයා දැක්කා එයාට යොමු වෙලා තිබ්බ ටේහියුන් ගේ අවධානය.. එතකොට මෙතන ටේහියුන් ජන්ග්කුක් දිහා බලාගෙන ඉඳලා විතරක් නෙවෙයි ජන්ග්කුක් වුනත් ටේහියුන් දිහා හොරෙන් බලලා...

" ඔහ් මට සමාවෙන්න ජන්ග්කුක්.. ඒත් ඔයා දකින කොට මට මොකක් ද වෙනවා.. ඒ නිසා එයා දිහා මට බලන් ඉන්න හිතෙනවා.. "

ටේහියුන් ජන්ග්කුක් ට කිව්වේ ඇත්ත.. ජන්ග්කුක් ව දැකපු පලවෙනි දවසේ ඒ කියන්නේ එදා ජන්ග්කුක් ජිමින් ලගේ ආත්තම්මා ගෙ ගෙදර ආව පලවෙනි දවසෙ තමයි ටේහියුන් ජන්ග්කුක් ව දැක්කේ... ඒ වෙලාවේ තමයි ටේහියුන්ට පලවෙනියට ම ජන්ග්කුක් ගේ ඇස් මුණ ගැහෙන්නේ.. ඒ කළුපාට ඇස් අතරේ ටේහියුන් අතරමං වෙන්නේ ජන්ග්කුක් ගැන එයාටත් නොතේරෙන හැඟීමක් ඇති කරලා..

" ඔයාට මගේ දිහා බලාගෙන හිටියම මොනවද හිතෙන්නේ.. "

" ඔයා ගොඩක් කඩවසම්.. හරිම පිරිපුන්.. ඊටත් වඩා ඔයාගේ ඔය කළු ඇස්.. ඒවා ගොඩක් ලස්සනයි කූ.. "

ටේහියුන් ඇස් කරක කරක තමන්ව වර්ණනා කරන විදිය ජන්ග්කුක් බලාගෙන හිටියේ හිනාවෙවී..

" කූ... "

" ඒක ලස්සනයි නේ.. ඔයාට ඒ නම හොඳයි.. මට බෑ ජන්ග්කුක් කියන්න.. "

ජන්ග්කුක් හිනා වෙලා ඔළුව වැනුවා.. ටේහියුන් ආපිට ජන්ග්කුක් දිහා බලලා එයාටම ආවේණික වුණ ලස්සන හිනාව පෙන්නනකොට ජන්ග්කුක් ඒ දිහා බලාගෙන හිටියේ හරිම පුදුමෙන්.. මේ තරම් කාලෙකට දැක්ක ලස්සන ම හිනාව ඒක..

ජන්ග්කුක් ඔය මොන දේ කිව්වත් එයත් ඉන්නේ අමුතු හැඟීමක හිරවෙලා..

කොහොමින් කොහොම හරි දවල් වේගෙන ආවේ ජන්ග්කුක් මහන්සියෙන් හෙම්බත් කරලා.. ඉර මුදුන් වෙලා නිසා අව්ව සැරක් වැඩි යි.. ඊටත් වඩා ජන්ග්කුක් ට දැන් බඩගිනියි..

අත්තම්මා දුන්න කෑම කූඩය ගත්ත ජන්ග්කුක් මුලින් ම කරේ අර පුංචි මඩුවට එහා පැත්තෙන් තිබුණු ලොකු විලෝ ගහ යටින් ඒවා තිබ්බ එක.. ඊළඟට දිය කඩිත්තට ගිය එයා හොඳට අත් පය සෝදගත්තා..

ඉක්මනට විලෝ ගහ යට ට ගිහින් වාඩි වුණ ජන්ග්කුක් කෑම කූඩය දිග ඇරියා.. ම්ම් රසම රස සැන්ඩ්විච් පාන් එක්ක ස්ට්‍රෝබෙරි යුෂ.. තව අතුරුපසට පුරුදු විදිහට රාස්බෙරි කේක්..

" ටේහියුන් එන්න කමු.. "

" මට බෑ කූ.. ඔයා කන්න.. "

ටේහියුන් එහෙම කියනකොට නම් ජන්ග්කුක් ට දුක් හිතුනා.. එයත් එක්ක උදේ ඉඳන් එකට ඉඳලා කෑම කන්න බෑ කිව්ව ම එයාට ඇත්තටම දුක් හිතුනා..

" ඒත් කන්නකෝ.. ප්ලීස් ටේහියුන්.. "

" ජන්ග්කුක් මට බඩගිනි නෑ.. ඔයා කන්න.. මං මෙතන ඉන්නම්.. "

" හ්ම් එහෙනම් ස්ට්‍රෝබෙරි යුෂ.. "

" මට කන්නවත් බොන්නවත් බෑ කූ.. ඒ නිසා ඔයා හොඳ ළමයා වගේ කන්නකෝ.. "

ජන්ග්කුක් ගේ කම්මුලෙන් අත් තියපු ටේහියුන් කියන කොට ටේහියුන් ට රවපු ජන්ග්කුක් සැන්ඩ්විච් පාන් කෑල්ලක් කටට දා ගත්තා.. ජන්ග්කුක් ට ටේහියුන් ගේ සීතල අත් කම්මුලට දැනෙන කොට ඇඟ දිගේ හිරියක් ගලාගෙන යනවා දැනුනා.. ඒ ස්පර්ශය ට ජන්ග්කුක් ඒ තරම් සංවේදී යි..

ජන්ග්කුක් කෑම අවසන් කරලා පොඩ්ඩක් එතනින් ඇලවුනා..

" ටේහියුන් ඔයාට වයස කීයද.. "

" ඊට කලින් ඔයාට වයස කීයද කියන්න කෝ.. "

" මට විසි පහයි.. හරි දැං ඔයා කියන්න.."

" මං ඔයාට වැඩිය ගොඩක් වැඩිමහල් ජන්ග්කුක්.. "

ටේහියුන් දීපු උත්තරෙන් පස්සේ ජන්ග්කුක් ආපහු වයස ඇහුවත් ටේහියුන් කිව්වේ එයාට වඩා වැඩිමල් කියලා විතරයි..

ටික වෙලාවකින් ජන්ග්කුක් ට නින්ද ගියා.. ටේහියුන් ජන්ග්කුක් ට එහා පැත්තෙන් වාඩි වෙලා හෙමිහිට ජන්ග්කුක් ට වී වුණා.. ජන්ග්කුක් ගේ කොණ්ඩේ අතරින් එයාගේ සීතල ඇඟිලි අරගෙන යනකොට ඒ ස්පර්ශය ට සංවේදී වුණ ජන්ග්කුක් තවත් ටේහියුන් ට ලං වුණා..

" ඔයා ගොඩක් කඩවසම් කූ.. "

තමන්ගේ ස්පර්ශය ට අවනත වෙලා ඉන්න ජන්ග්කුක් දිහා බලලා ටේහියුන් මිමිණුවා.. ජන්ග්කුක් දිහා බලන හැම වෙලාවෙම එයාට දැනෙන දේට ගැන ටේහියුන් හිතුවා..

ජන්ග්කුක් ආයෙමත් අවදි වෙනකොට ටිකක් හවස් වෙලා.. එයා අවදි වුණු ගමන් හෙව්වේ ටේහියුන් වුනත් ඒ වෙනකොටත් ටේහියුන් එතනින් ගිහින් තිබුණා..

දොළ පාරට ගිහින් මූණ හෝදගෙන වත්තේ ඉතුරු වැඩ ටිකත් හෙමිහිට ඉවර කරලා එයාගේ ග්‍රැනි ට පලතුරු එලවළු පිරුණු කූඩයක් අරගෙන ජන්ග්කුක් ආපහු ගෙදර ගියේ සිංදුවක් මුමුණන ගමන්.. ඒත් එයා දැනගෙන හිටියේ නෑ දිලිසෙන ඇස් දෙකක් එයා ලඟ නතර වෙලා තිබුණා කියලා...













" ඔයා මට විශේෂ කෙනෙක් කූ.. "

____________

Rest in peace


















As a K-pop fan,I need to say this.

My dear AROHA & ASTRO
our moon was gone..
that young soul gone too soon..we will miss him.

but he will live with us forever... 😢😢

Continue Reading

You'll Also Like

1M 28.1K 86
Suns had always been known to be the brightest light, but anyone whose ever met one particular girl would know her smile conquered all. She loved and...
469K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
8.8K 2K 11
I'm not lying..Truly I Love you..Please come to me because I want you.❤🥺
4K 89 8
Y/N is a member of the Resistance. But the Enemy Infinite has become obsessed with her. He then kidnaps her and forces her to be his forever. Will Y...