|| Mystery of the Miracle Fa...

By itz_MAYAzz

2K 371 99

With your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Pub... More

Disclaimer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Main Characters Introduction
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23

Chapter 7

74 17 4
By itz_MAYAzz

කදු වලල්ල අතරින් ඉර එලිය ගලා ගෙන ආවේ කුරුලු ගී මැද්දෙන්.. එක යායට පිපුණු පාට පාට පුංචි මල් වර්ග ඒ පිටිය තවත් සුන්දර කරා.. එක යායක වර්ණවත් මල් වර්ග තියෙනකොට ඒ යායට එපිටින් තිබුණේ ගොවිපලක්.. ගොවිපලත් එක්ක අනික් කෙළවරේ තිබුණු තිරිඟු යාය සරුවට වැවිලා තිබුණා..

ජෝර්ජ්, ඒ ගොවිපලේ අයිතිකාරයා, හරි ආඩම්බරෙන් උදේ ඉදන් ගොවිපලේ වැඩ කටයුතු කරනවා.. ඇත්තටම ඔහු ආඩම්බර වෙන්න ඕන.. මුළු ගමටම තියෙන සුන්දරම වගේ ම එකම ගොවිපලේ අයිතිකාරයා තමයි ජෝර්ජ්..

" සුබ උදෑසනක් ජෝර්ජ්.. පේන විදිහට නම් උදෙන්ම වැඩ පටන් අරන්.. "

" ඔයාටත් සුබ උදෑසනක්.. එන්න අද නම් වැඩ ගොඩක් තියනවා ටේහියුන්.. "

ජෝර්ජ් ගේ ගොවිපලේ වැඩ වලට හවුල් වෙන්න ටේහියුන් වගේ ම තවත්  කීප දෙනෙක් හිටියා.. ඉතිං එකම වයසේ පසුවන මේ තරුණයන් ගේ මහන්සියෙන් ම තමයි මේ ගොවිපල නිර්මාණය වුණේ..

ටේහියුන් ගොවිපලේ හරක් පට්ටිය ට ගියේ මුලින් ම ඒවා සුද්ද කරන්න ඕන නිසා.. ටේහියුන් ගේ වැඩ වලින් අකැමැති ම වැඩේ මේක වුණත් එයා ඒවා කරේ ආසාවෙන්.. මොකද ටේහියුන් මේ ගොවිපලට ආදරය කරා.. ඒත් ඉතින් ගොවිපලේ අයිතිකාරයා වුණේ ජෝර්ජ් තමයි..

" ඔහ් ටේහියුන්.. සුබ උදෑසනක්.. උදෙන්ම වැඩ පටන් අරන් වගේ.. "

ඒ සොක්ජින්... ටේහියුන් ගේ තවත් හිතවතෙක්..

" ඔහ් ජින්..ඔව්.. "

ටේහියුන් උත්තර දුන්නා.. ටේහියුන් හරක් පට්ටිය සුද්ද කරන අතරේ ජින් ගියේ පාත්ති පැත්තට.. සම්පූර්ණයෙන්ම හරක් පට්ටිය සුද්ද කරපු ටේහියුන් කිරි දෙනුන් ගෙන් කිරි දෙන්නා.. ඒ හැමෝටම කන්න තණකොළත් බොන්න වතුරත් තියන්න ටේහියුන් අමතක කරේ නෑ..

ඒ වෙනකොට ජින් වගේ ම ජෝර්ජ් දෙන්නත් එයාලගේ වැඩ වලින් කොටසක් ඉවර කරලා තිබුණා..

" ටේහියුන් අද අපි නගරයට යන්න ඕන.. අද කඩපු පලතුරු වගයක් තියනවා.. ඒවා මාර්කට් එකට දාන්න ඕන.. "

ජෝර්ජ් කිව්වේ උදෙන්ම කඩපු ඇපල් දිහා බලන් ගමන්.. ඒ ගොවිපලේ තිරිඟු වලට අමතරව ඇපල් වගා කරා.. ඉතිං ඒ ලැබෙන පලතුරු වලින් කොටසක් විකුණුන ඒ අය තවත් කොටසක් ආහාරයට ගන්නත් තියා ගත්තා..

තිරිඟු, ඇපල් වලින් ආදායම් ලබන කොට ඒ ගොවිපලේ ම තවත් කොටසක ඒ අය දෛනික පරිභෝජනය ට අවශ්‍ය එළවළු පලතුරු වගා කරා..

ජෝර්ජ් ජින් ටේහියුන් තුන්දෙනා නගරයට ගියා.. ටේහියුන් ට නම් මේක ගොඩක් වටින දෙයක්.. ගම ඇතුළට වඩා අලුත් දේවල් ගොඩක් නගරයේ තියෙනවා.. ඉතිං ඒ අලුත් දේවල් බලන්න එයත් ගොඩක් ආසයි.. කලාතුරකින් ලැබෙන ඒ අවස්ථාව ටේහියුන් වත් ජින් වත් මග හරීවි ද...

ජෝර්ජ් රියදුරු ආසනයේ ඉඳගන්න කොට ජින් ඒ මැදිනුත් අනික් දොර ලඟ ටේහියුන් ත් ඉඳගෙන හිටියා.. ඒ පලතුරු ලොරියෙ ජනේලෙන් එළියට ඔළුව දාපු ටේහියුන් හරි සතුටින් ඒ ගමන ගියා..

පැය බාගයක ගමනකින් නගරයට ලං වුණ ඔවුන් නගරයේ පලතුරු වෙළද සැල ලඟ තමන්ගේ ලොරි රථය නතර කරා.. ජෝර්ජ් ඒ වෙළද සැලේ හිමිකරුත් එක්ක කතා කරන අතර තුර ජින් ටේහියුන් දිනෙන් දින වෙනස් වෙන ඒ නගරය දිහා බැලුවා..

හරිම ලස්සනයි.. ඒක ආශ්චර්යයක්..

ටේහියුන් හිතුවේ එහෙම.. ගමේ ජීවත් වෙන ටේහියුන් ට නගරය ආශ්චර්යයක් වෙනකොට නගරයේ ජීවත් වෙන ජන්ග්කුක් ට ගම කියන්නේ ආශ්චර්යයක්..

" ජින්.. මේ බලන්න කෝ.. මෙතන අලුතින් බේකරියක් පටන් අරන්. ගිය පාර මං එනකොට ඒක තිබුණේ නෑ.. "

" ඔව් ටේහියුන්.. බලන්නකෝ අර කේක් වර්ග.. හරිම ලස්සනයි ඒවා.. මට බඩගිනියි වගේ දැන් නම්.. "

" ආහ් ජින් මොකද මේ.. මං ඔයාට පෙන්නුවේ බේකරිය මිසක් කෑම නෙවෙයි.. "

ටේහියුන් ජින් ගේ පිටට තට්ටුවක් දැම්මා..

" ටේහියුන් ජින් එන්න අපි මේ පලතුරු පෙට්ටි බාන්න ඕන.. "

ලොරිය ලඟ ඉදගෙන ජෝර්ජ් කෑ ගැහුවා.. ටේහියුන් ජින් ගිහින් පලතුරු පෙට්ටි ටික බාන්න ජෝර්ජ් ට උදව් කරා.. පලතුරු විකුණලා ලබපු ආදායම ජෝර්ජ් තුන්දෙනා අතරේ සමසේ බෙදුවා.. ජෝර්ජ් ගොවිපලේ අයිතිකාරයා වුනත් ඒ ඇපල් වත්ත අයිති එයාට වුනත් මහන්සි වුණේ තුන්දෙනා ම එකට.. ඉතිං ඒ ලැබෙන ආදායමත් බෙදෙන්න ඕන හරියට තුන් දෙනා අතරේ.. ජෝර්ජ් විශ්වාස කරේ ඒක..

" එන්න අද මං ගානේ දවල් කෑම.. "

නගරයේ ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරියේ ලොරි රථය නවත්තපු ජෝර්ජ් කිව්වා..

" ඔහ් ජෝර්ජ්.. එහෙම එපා.. මේ පාර නම් මං ගානේ හරි ද "

ජින් කිව්වේ හැමදාම ජෝර්ජ් එයාලා වෙනුවෙන් මේ විදියට සත්කාර කරන නිසා..

" ඒත් ජින්.. "

" හෝව් හෝව් එයා කියන කතාව ඇත්ත.. ඊළඟ පාර මම ගානේ. තේරුණා ද ජෝර්ජ්.. "

ටේහියුන් දඟකාර හිනාවක් එක්ක ජෝර්ජ් දිහා බලන් කිව්වා..

තුන් දෙනා එක්කම නගරයේ අවන්හල ට ගොඩ වුණේ දවල් ආහාරය සඳහා..

ප්ලොග්මන්ගේ දිවා ආහාරය නමින් එකල ප්‍රචලිත ව තිබුණු කෑම වට්ටෝවක් ඇනවුම් කරපු ඒ තුන් දෙනා ඒ ආහාර වේල රසවිඳින්දා.. එදා දහවල් ආහාර වේල රසවත් වෙන්න ජින් ඇණවුම් කරපු වයින් බෝතලයත් ටේහියුන් අතුරුපසට ඇණවුම් කරපු ලෙමනේඩ් කේක් වලටත් පුළුවන් වුණා..

දවල් ආහාර වේලෙන් පස්සේ ටේහියුන් ජින් එක්ක නගරේ ටිකක් ඇවිදින්න ගියා.. ඒ අතරේ පුංචි ජේන් ට තෑග්ගක් ගන්නත් ටේහියුන් අමතක කරේ නෑ...

ඇත්තටම ටේහියුන් නගරයට යන දවස කියන්නේ ජේන් ට වාසනාවන්ත දවසක්..

" මටත් ආසයි ජින් මේ වගේ නගරෙක ජීවත් වෙන්න.. බලන්න මෙහෙ ගොඩක් ලස්සනයි.. අනික හැමදේම තියනවා.."

" ඒත් ටේහියුන් මම නම් හිතන්නේ ගම තමයි හොඳම කියලා.. "

ජින් ටේහියුන් ට කිව්වේ නගරේ එයාට දැනුන නුපුරුදු හැඟීම නිසා.. ඒත් ටේහියුන් නම් ඒ හැඟීම ට ආදරය කරා...

" කෝ ජෝර්ජ්.. මං හිතන්නේ අපි තව ටිකකින් යන්න ඕන.. "

නගරයේ ඇතුලේ ඇවිද්ද ටේහියුන් ජින් දෙන්නා එයාලගේ ලොරි රථය ළඟට එනකොට ජෝර්ජ් එතන හිටියා.. ටේහියුන් නම් ජෝර්ජ් ව දැක්කේ නැති පාටයි.. ඒත් ජින් නම් ඒ වෙනකොටත් රියදුරු ආසනයේ හිටපු ජෝර්ජ් ව දැක්කා.. ජින් ටේහියුන් පිටට තට්ටුවක් දාලා ජෝර්ජ් ව පෙන්නන කොට ජෝර්ජ් හිනා වෙලා අත් වැනුවා.. ලොරියට නැග්ග ටේහියුන් ජින් ආපහු එයාලගේ ගමට එන්න පිටත් වුණා...

" ජේන් කෝ මගේ පුංචි ජේන් මේ බලන්න මං ඔයාට ගෙනාපු දේ.. "

ජෝර්ජ් ට සමුදුන්න ටේහියුන් ආවේ තමන්ගේ සහෝදරයා නම්ජූන් ගේ ගෙදරට.. ඒ පුංචි ජේන් ට එයාගේ තෑග්ග දෙන්න..

" ටේ!!!! "

ජේන් ගේ අතට පාර්සලය ටේහියුන් දුන්නා..

" ටේහියුන්.. ඉතිං අද නගරෙට ගියා ද "

නම්ජූන් ගේ බිරිඳ ටේහියුන් ව පිලි ගත්තා.. ටේහියුන් තමන්ගේ සහෝදරියකට වගේ ඇයට වී වෙද්දී සහෝදරියක් වගේ ම ටේහියුන් ට මවක් වෙන්න ඇයට පුළුවන් වුණා..

" ආහ් ටේහියුන්.. "

ගෙදරට ගොඩ වුණ නම්ජූන් කිව්වා..නම්ජූන් පෙදරේරුවෙක්.. ගමේ තිබුණු නිවාස වල අලුත්වැඩියා වලට වගේ ම අලුතෙන් නිවාස හදන තැන් වලට නම්ජූන් ගේ සහය නැතුවම බැරි වුණා..

" ඉතින් නම්ජූන් ඔයාට ගොඩක් මහන්සි පාටයි.. "

" ඔව් ටේහියුන්.. අද ස්ටීවන් ගේ ගෙදර බිත්ති බැන්දා.. සෑහෙන වැඩ කොටසක් කරලා ආවේ.. ඒ නිසා හරි මහන්සියි.. "

වෙහෙසකර හිනාවක් එක්ක නම්ජූන් පුටුවෙන් වාඩි වෙනකොට නම්ජූන් ගේ බිරිඳ ඔහුට වතුර වීදුරුවක් වගේ ම ටේහියුන් ට පලතුරු යුෂ වීදුරුවක් ගෙනත් දුන්නා..

" ටේහියුන් රෑ කෑමත් අරගෙන ම යන්න එහෙනම්.. "

කොයිතරම් කිව්වත් එයාලත් එක්ක නවතින්න කියලා ඒ දේ ට ටේහියුන් අකැමැතියි කියලා නම්ජූන් දැනගෙන හිටියා.. ඒ හින්දා තව දුරටත් එයාට බලපෑම් කරන්න නම්ජුන් පෙලඹුණේ නෑ..

රාත්‍රි ආහාර වේල නම්ජූන් ගේ ගෙදරින් ගත්ත ටේහියුන් ජේන් ගෙන් ලැබුණු රසකැවිලි පාර්සලයත් අරගෙන ආපහු ගෙදර ගියා..

ඇගේ වෙහෙස අඩු වෙන්න හොඳට නා ගත්ත ටේහියුන් ගිනි උදුන ළඟට වෙලා පොතක් කියෙව්වේ  මධ්‍යම රාත්‍රිය උදා වෙනකම්..
ඒත් එක්කම ටික වෙලාවකින් දොරට යමෙක් තට්ටු කරන හඬ ටේහියුන් ඇහුනා..

පත්තු කරලා තිබුණා ලාම්පුවත් අරගෙන ටේහියුන් ගියේ දොර ගාවට..














" ටේහියුන් මේ දොර අරින්න.. "




** ප්ලොග්මන් ගේ දිවා ආහාරය

මෙම සරල බ්‍රිතාන්‍ය ආහාරය කුට්ටි පාන්, චීස් සහ අච්චාරු වලින් සමන්විත වේ.

Continue Reading

You'll Also Like

106K 3.1K 9
❝If you can't find something to live for, you best find something to die for.❞ In which Damon Salvatore is on a mission to save his long lost love fr...
377K 12.7K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
2.1M 57.7K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
64.4K 2.9K 49
"Do you remember me?" His eyes stone cold. "Of course. You are a celebrity. Everyone knows you." I smile awkwardly. But I know that's not what he mea...