උදේම ඇහුන කුරුල්ලන් ගේ හඬත් මූණට වැටුණ ඉර එලිය නිසා ජන්ග්කුක් හෙමින් ඇස් ඇරියා.. වෙනදා එයාට පේන, දැනෙන කලබලකාරී පරිසරය අද නැහැ.. ඒ වෙනුවට හරි සුන්දර වටපිටාවක් එයා වටේ තිබුණා..
ජනේලයෙන් ඈත පේන වෙල් යාය වගේ ම නිල් අහස දිහා ජන්ග්කුක් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.. ඒ තරම් ම ඒ වෙනස ජන්ග්කුක් ට දැනුනා.. වෙනදා නම් එයා මේ වෙනකොටත් එයාගේ විද්‍යාගාරයෙ වැඩ කරන ගමන්.. ඒත් අද ගොඩක් වෙනස්..
" ගුඩ් මෝනින් ජන්ග්කුක්.. "
ජිමින් හිනා වෙලා ජන්ග්කුක් ළඟට ආවේ වතුර වීදුරුවක් අරගෙන.. ජිමින් ජන්ග්කුක් ට කලින් අවදි වෙලා.. ජිමින් ගොඩක් වෙනස් විදියට ජන්ග්කුක් ට පෙනුනේ වෙනදා ජිමින් අදින ඇදුම් වලට වඩා වෙනස් විදියට ඇදගෙන හිටපු නිසා...
" ඔහොම බලන්න එපා බන්.. මං මෙහෙ ඉන්නකොට කොහොමත් මේ විදියට තමයි අඳින්නේ.. "
ජිමින් කියනකොට ජන්ග්කුක් ඇඳෙන් නැගිටලා ජනේලය ළඟට ගියා.. ඇත්තටම ජනේලයෙන් පිටත පේන දර්ශනය ගොඩක් ආකර්ශනීයයි... හරියට එයා කලින් දැකලා තියෙන චිත්‍රයක් වගේ...
ම්ම්ම්.. ජන්ග්කුක් ලොකු හුස්මක් ගත්තා..
ජිමින් දීපු වතුර එකෙන් කට හෝදගත්ත ජන්ග්කුක් වීදුරුවත් අතේ තියාගෙන දත් බුරුසුව එක්ක තමන්ගේ තුවාය ගත්තේ උදෙන්ම පිරිසිදු වෙන්න ඕන නිසා..
ජන්ග්කුක් පහල දිය කඩිත්තෙන් පිරිසිදු වෙලා වෙන ඇඳුමකට මාරු වෙලා ගෙදර සාලෙට ආවා.. ජිමින් හිටියේ පත්තරේ බලන් ගමන්.. තමන්ගේ අතේ තිබ්බ පත්තරය පැත්තකින් තියපු ජිමින් ජන්ග්කුක් ට කතා කරේ එයා ලඟින් වාඩි කරවගන්න..
" එන්න පුතාලා.. මේ කෑම ටික කාලා ඉන්න.. "
ජිමින් ගේ අත්තම්මා සාලේ කෑම මේසෙන් උදේට හදපු කෑම වර්ග තිබ්බා.. ජන්ග්කුක් ගෙදරට අමුත්තෙක් වුන නිසා ත් කාලෙකට පස්සේ තමන්ගේ මුණුපුරා තමන්ව බලන්න ආව නිසාත් ජිමින් ගේ අත්තම්මා එයාලා වෙනුවෙන් අලුත් කෑම වර්ග හදලා තිබුණා..
වෙනදට වඩා වැඩියෙන් ජන්ග්කුක් කෑම ගත්තේ ඒවගෙන් එයාට දැනුන අලුත් ම රස නිසා.. හ්ම් ජිමින් ගේ අත්තම්මා ගොඩක් දක්ෂයි...
" ජිමින් පුතා.. මේ දරුවව මෙහෙ ඇවිදින්න පොඩ්ඩක් එක්කරගෙන යන්න.. එයත් ආස ඇතිනේ මේවා බලන්න.. "
කෝපි කෝප්පයක් තොල ගාමින් ජිමින් ගේ අත්තම්මා කියනකොට ජිමින් හිමීට ඔවුන් වැනුවා.. ජන්ග්කුක් එක්ක එයාලා කෑම ගත්ත පිඟන් කෝප්ප ආදිය හෝදපු ජිමින් ජන්ග්කුක් වත් එක්කරගෙන ගෙදරින් එලියට බැස්සේ අත්තම්මා දුන්න කෑම කූඩයත් අරගෙන..
" මෙහෙ හරි ලස්සනයි ජිමින්.. "
ජන්ග්කුක් ඇස් හැමතැනම ගෙන යන ගමන් ජිමින් එක්ක ඉස්සරහට ගියා.. ජන්ග්කුක් මීට කලින් ගමකට ඇවිත් තිබුණේ නෑ.. පොඩි කාලේ ඉඳන්ම නගරයක හැදුණු ජන්ග්කුක් ට මේ ගම්මානය ඇත්තටම ආශ්චර්යයක් වුණා.. ජිමින් වුනත් ගොඩක් සතුටු වුණේ එයාගේ යාළුවා මේ තරම් ඉක්මනින් මේ දේ වැළඳගත්ත නිසා..
ජිමින් ගේ අත්තම්මා ගේ පුංචි ගෙදර ඉඳන් තිබුණු ගුරු පාර දිගේ ජිමින් ජන්ග්කුක් එක්ක ගියා.. පාර දිගේ තියෙන විශාල ගස් අතරින් හෙමීට ඉර එලිය වැටෙනකොට නැවුම් හැඟීමක් ජන්ග්කුක් ට දැනුනා.. ඒ වසන්ත සෘතුවේ අවසානය නිසා පරිසරය වුණත් හුඟක් ප්‍රබෝධමත් විදියට තිබුණා..
ජිමින් මුලින් ම ජන්ග්කුක් එක්ක ඒ ගුරු පාර දිගේ තමන්ගේ පොඩි කාලේ ගැන කියන ගමන් ඉස්සරහට ගියා...
" ආහ් ජිමිනා!!!! "
ගෑනු ළමයෙක් දුවගෙන ඇවිත් ජිමින් ගේ කරේ එල්ලුනේ ජන්ග්කුක් ව පුදුම කරලා.. ජිමින් වුනත් එකපාරටම පුදුම වුණා..
" ආහ් ඔහොම මං දිහා බලන්න එපා ජිමින්.. මතක නැද්ද මම රෝස්... "
" දෙවියනේ රෝස්.. ඉතිං කොහොමද "
ජිමින් රෝස් එක්ක හිනාවෙලා කතා කරා.. ඉණ ගාවට දිග කළු කොණ්ඩයකට හිමිකම් කියපු රෝස් ලස්සන ගෑනු ළමයෙක්.. එයාගේ පුංචි ඇස්.. කතා කරන විදිය.. ඊටත් වඩා ඇඳගෙන හිටපු දිග ගවුම ජන්ග්කුක් ව මොහොතකට වශී කරා.. ඇත්තටම එයා ලස්සනයි...
" ඉතිං ජිමින් මේ කවුද.. ඔයාගේ යාලුවෙක් ද "
" ඔව් රෝස් මේ ජන්ග්කුක්.. ජන්ග්කුක් මේ ඉන්නේ රෝස් මගේ කසින් කෙනෙක්.. "
" හේයි.. "
රෝස් ට අත වනපු ජන්ග්කුක් රෝස්වත් තමන්ගේ අලුත් මිතුරියක් කර ගත්තා.. ජිමින් ජන්ග්කුක් ගේ ගමනට රෝස් එකතු වුණේ ඒ විදිහට..
" ඉතින් රෝස් ඔයා මෙහෙ මොනවද කරන්නේ.. "
" ආහ් ජිමින්!!! මං දැන් ඉන්නේ මෙහෙ තමයි.. ඔයා ලොකු ටවුන් එකක හිටියට මං ඉන්නේ මේ ගමේම තමයි.. "
රෝස් ජන්ග්කුක් හොඳ යාළුවන් වුණේ හරියට ගොඩක් කාලයක ඉඳන් අදුරනවා වගේ.. හැබැයි ඉතින් ජිමින් හිටියේ තරමක් ඉරිසියාවෙන් කියලා මං කිව්වොත්.. හරි ඉතින් තමන්ගේ හොඳම යාළුවා වෙන කෙනෙක් ව ඒ තැන තියන් ඉන්න කොට තරහ යන්නේ නැද්ද.. හ්ම්..
කොහොම හරි ඉර මුදුන් වෙනකොට ජන්ග්කුක් ජිමින් රෝස් තුන්දෙනා නැවතුනේ දොල පාරක් ළඟ.. රෝස් ජිමින් ගේ අත්තම්මා හදලා දුන්න සැන්ඩ්විච් ටිකයි දොඩම් යුෂ බෝතලයයි කෑම කූඩයෙන් එලියට ගත්තා.. දොළ පාරට මෙහයින් ජන්ග්කුක් එලපු බ්ලැන්කට් එක උඩින් තිබ්බා.. ඊට පස්සේ එයාලා මඟදි කඩා ගත්ත ඇපල් ටිකත් පැත්තකින් තිබ්බා.. ඇයි රෝස් ගෙනාව රාස්බෙරි කේක් එක...
" එන්න ජන්ග්කුක් ජිමින්.. "
තුන් දෙනත් එක්කම කතා කර කර දවල් කෑම ගත්තේ ගොඩක් බඩගිනි වෙලා තිබුණ නිසා.. ජිමින් ගේ අත්තම්මා ගොඩක් කෑම එවලා තිබුණ නිසා ඒවා තුන්දෙනා ටම ඇතිවුණා..
රාස්බෙරි කේක් එක කෑලි වලට කපපු රෝස් මුලින් ම ඒක ජන්ග්කුක් ට දුන්න එකට නම් ජිමින් ට ටිකක් තරහ ගියා.. රෝස් ගේ කේක් කෑල්ල නොකා ඉන්න හිතුනත් ඒ කේක් වල රස මතක් වුණ ජිමින් ඒ ගැන අමතක කරා..
" ම්ම් රෝස් මේවා හරිම රසයි.. "
ජන්ග්කුක් කේක් කටේ පුරවාගෙන කෑ ගහනකොට රෝස් ජිමින් හිනා වුණා..
" ජන්ග්කුක් ඔයා නිකං කෑ ගහන්නේ මේ ලෝකේ රසම කේක් එක කෑවා වගේනේ.. "
රෝස් හිනාව අතරින් කිව්වා..
" ඇයි නැත්තේ මං මේ තරම් කාලයකට කාපු රසම කේක් එක තමයි මේක.. "
ජන්ග්කුක් තවත් කෑල්ලක් අරගෙන කෑවා..
" ඔයා ඔහොම කියන්නේ නෑ ඔයා ජිසූගේ අත්තම්මා හදන කේක් කෑව නම්.. ඒ බේකරියේ කේක් වල රස ම්ම්ම්... "
ජිමින් කියනකොට ජන්ග්කුක් කන එකත් පැත්තක තියලා ජිමින් දිහා බලාගෙන හිටියා.. එයාට විශ්වාස කරන්න බෑ එයා දැන් කාපු රාස්බෙරි කේක් කෑල්ලට වඩා රස කේක් තව තියනවා කියලා..
" මෙයා ඒවා කාලා නෑ ජිමින්... "
ජිමින් දිහා බලාගෙන හිටපු රෝස් ඇස් කරකවලා කියනකොට ජිමින් රෝස්ට රැව්වා..
" මටත් ඕන ඒවා කාලා බලන්න.. "
" අපි හෙට ඒ බේකරියට යමු ජන්ග්කුක්.. ඒක තියෙන්නේ මේ ගමේ එහා කෙළවරේ.. "
ජිමින් කියනකොට ජන්ග්කුක් හිනා වෙලා ඔළුව වැනුවා.. ටික වෙලාවක් දොල ළඟ ජන්ග්කුක් ජිමින් දෙන්නා වගේ ම රෝස් විවේක ගත්තේ අව්ව සැර අඩු වෙනකම්.. ජන්ග්කුක් තණකොළ ගොඩේ වැතිරිලා ඇස් පියාගත්තේ කෙටි නින්දක් ලබා ගන්න..
මිනිත්තු කීපයකට පස්සේ ජන්ග්කුක් ඇස් අරිනකොට රෝස් හිටියේ දොළ පාර ළඟ දණ ගහගෙන වතුරට අත ගාන ගමන්.. ජිමින් නම් හිටියේ ලොකු නින්දක..
ජන්ග්කුක් ව දැකපු රෝස් ජන්ග්කුක් ට අතින් එයා ඉන්න තැනට එන්න කියලා කතා කරා.. ජන්ග්කුක් නැගිටලා හෙමීට රෝස් ඉන්න තැනට ගියා..
" බලන්න ජන්ග්කුක්.. මෙතන පුංචි මූණු පැටව්.. "
රෝස් දොළ පාර පෙන්නලා කියනකොට ජන්ග්කුක් හිනා වෙලා ඒ දිහා බැලුවා.. තාලෙකට ගලා ගෙන දොළ පාරේ මාළු පැටව් පීනුවේ තරඟෙට වගේ..
" ජිමින් දැන්ම නැගිටින එකක් නෑ වගේ.. "
ජන්ග්කුක් ජිමින් දිහා බලාගෙන කියනකොට රෝස් කට කොනින් හිනා වුණා.. දොල පාරට නැමුණු රෝස් තමන්ගේ අත් එකට කරලා වතුර අත්ලවලට පුරව ගත්තේ ජන්ග්කුක් රෝස් දිහා බලාගෙන ඉන්න කොට..
" එයාට දැන් ම නැගිටින්න බැරි නම් අපි එයාව නැගිට්ටවමු ජන්ග්කුක්.. "
එකපාරටම අතේ තිබ්බ වතුර ජිමින්ට ගහපු රෝස් කෑම කූඩයත් අරගෙන දුවන්න පටන් ගත්තේ නින්දෙන් අවදි වුණු ජිමින් රෝස්ට කෑ ගහන කොට.. නිදාගෙන හිටපු තැනින් නැගිට්ට ජිමින් රෝස් පස්සෙන් පන්නන්න ගත්තේ ජන්ග්කුක් ඒ පස්සෙන් දුවනකොට...
කොහොම හරි රෝස් හති වැටිලා මඟ නැවතෙන කොට ජන්ග්කුක් ජිමින් හිටියෙත් රෝස්ට පිටිපස්සෙන්...
නැවතුන ගමන් තුන්දෙනා ම කරේ හයියෙන් හිනා වුණ එක.. ටික වෙලාවකින් හිනාව නවත්තපු තුන්දෙනා ආයෙමත් අත් අල්ලාගෙන පාර දිගේ ඉස්සරහට ගියේ හිනාවෙවී...
" ඒ තැන ජන්ග්කුක් ගේ සතුටට හේතුවක් වුණා.. "