The white lotus ( Complete...

By kidurangana

33.7K 6.8K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

විසිඅටවන දිගහැරැම

538 111 11
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


" එතකොට  පුංචි මැණිකෙ. ...... එයා මොකද   කියන්නේ. ...... කෙනුල අයිය  පුංචි මැණිකෙට  කීවද.......  "

   " නැහැ මම............ "

     "    බර කතාවක්  වගේ  නේද....? . ........ "


*************************************

මචන් උඹ..... උඹ මොකද මෙතන. ..... ?

"මම නෙවෙයි ද ඔය ප්‍රශ්නෙ උඹගෙන් අහන්න ඕන. ...... හදිසියෙ ගෙදර යන්න ඕනෙ අප්පච්චිට අසනීපයි කියල ගමේ යන්න ඕන කීව උඹ මොකද මෙතන කරන්නේ. ....... ඊටත් මගේකත් එක්ක...... අනික මම එද්දී මොකද දෙන්නම කතාව නැවැත්තුවේ. ..... ම්ම්ම්ම්. ........ ?"

"මොකුත් නෑ බන් ......මම ටිකක් ඇවිදින්න ආව...... අහම්බෙන් උඹගෙ පොඩි මිනිහව මීට් උනේ.... ඉතින් කතා කර කරා හිටිය. ........ "

" කෙනුල...... මම උඹව දන්නෙ අවුරුදු ගානක් ඉදල ..... උඹ ඉන්නෙ මොකක් හරි හිතේ හිර කරන්........ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ද.......... සල්ලි ප්‍රශ්නයක් ද ..... කියපන් බන්. ...... මොකක් ද. ...... උඹට මට කියන්න බැරි ප්‍රශ්නයක් නෑනෙ...?"

"අපරාදෙ කියන්න බෑ උඹල දෙන්නටම තිබුනෙ සාත්තර කියන්න යන්න
......මූත් දැන් ඕකම කීව...... ...බැලින්නම් දෙන්නම එකයි........ "

"හ්ම්ම්ම් ප්‍රශ්නයක් නැත්තන් කමක් නෑ
.... ඒ උනාට මට හිතෙන්නෙම උඹ කියන්නේ බොරැ කියල....... "


"එහෙම නෑ බන් ....... ....... ගෙදර යන්න බඩුටික පැක් කරගන්නත් ඕන බන්....... දන්නවනෙ ඉතින් නිවාඩු ගන්න තියෙන අමාරැව. ....... අද රෑ උදේ හතයි කාලෙ බස් එකෙන් මම යනව ...... ඒක නෙවේ උඹ කීයටද හෙට කොලඹ යන්නෙ...... උඹ අපේ එවුන් සෙට් එකට කියපන් හොදද විස්තරේ...... නැත්තන් උන් මගෙ ඔලුව කයි .. ...එහෙනම් මන් ගියා.. ........
.. "

"හ්ම්ම්ම්...... පරිස්සමට පලයන් ඒත් මට තාම උඹ ගැන සැකයි ආ........ . ඒක නෙවේ මැණික අරෑ...මොනවම හරි උගේ ප්‍රශ්නෙ ගැන කීවද ඔයාට. ....... දෙව්....... "



මම හිත තිබුනෙ එකම එක  වචන පේලියක්  ගාව නැවතිල....... "පුංචි හාමු හෙට කොලඹ යනව. ".........  ආයෙමත් මගෙ නම කියැවුන එයාගෙ කටහඩට ගැස්සුන මම එයා දිහා බලල කල්පනා  කරන්න ගත්ත....  ........ . ....... අන්තිමේට   කියන්න ද නොකියන්න ද කියල අහන්න තාමත් නොගිහින් බලන් උන්න කෙනුල අයිය දිහා බැලුව වෙනකොට එපා කියල කියන්න මට ඉගි කෙරැව කෙනුල අයිය කතාව වෙන පැත්තකට හරවන්න හැදුව උනත් පුංචි හාමු ඒ වැඩේ කනපිට ගැහුව....... මොකද එයා වෙනුවට ඊලගට පුංචි හාමුගෙ විත්ති කූඩුවට නගින්න උනෙ මට... .....කෙනුල මහත්තයා ගැන ඇත්ත කීවොත්  පුංචි හාමු  මොනවගේ තීරණයක් ගනීද..... ඊටත් හෙට යනවනම් මේ ටික දැනගත්තම ඒ හිතට නිවනක් තියෙයිද....... මම මගෙන් ඇහුවා. ........ මගෙ උත්තරේට කලින්ම කෙනුල මහත්තයා  පුංචි හාමුට උත්තර බැන්ද. ...... එයාට බය ඇති මම කියයි කියල.........

"ආයෙමත් එකම තැනට නේද බන්.....ඈ බන් විෂේන් ......මේ පොඩි එකා කොහොමද මගෙ ප්‍රශ්න ගැන දන්නෙ....... ... බයවෙන්න එපා බන් මම හොදින්. ........... .. හරි දැන් මගෙන් වැඩක් නෑ. .... උඹ අර කාරණාව මූට කියපන්.... "

"කියන්න තමයි එන්න කීවෙ ....... ඒ උනාට ඔය මූණ දිහා බැලුවම සාධාරණ සැකයක් මට එනව...... හරි කමක් නෑ. .... මොක උනත් පරිස්සමට ගිහින් වරෙන්. ..... සල්ලි හදිසියක් උනොත් මට කෝල් කරල කියපන් හොදද හංගන්නැතිව. .......... "

"හරි හරි බන්......... "

කෙනුල අයියා යන්න ගියා වෙනකොට තාමත් ඒ දිහා බලන් උන්න පුංචි හාමුගෙ ඉස්සරහට ගිහින් මම හිටගත්ත..... මට අහන්න ඕන උනා. ..... මටත් නොකිය යන්න හදන්නේ කොහෙද කියලා අහන්න ඕන උනා........

" පුංචි හාමු......... කෙනුල මහත්තයා මොකක් ගැන ද අර කීවෙ....... "

"ඒක කියන්න තමා එන්න කීවෙ මැණික. ....... ඔක්කොටම කලින් කියල හිටපන්කො..... ඌ කොහොමද මහත්තයා උනේ කියල...... මමයි උඹේ මිනිහ..... ....... ..... "

හරියට හරි ..... අපරාදෙ කියන්න බෑ කෙනුල මහත්තයා.... නෑ.... නෑ කෙනුල අයිය කීව දේ හරියටම හරි ගියා... ........මගෙ ඉරිසියාකාරයා
.......... මට හිනා ගියා....හිතින්. ...... ආදරේ ඉස්සරහ සමහර වෙලාවට අපි හරි බොලදයි කියල මට හිතුන. ..... මම උනත් එයා උනත් වෙනසක් නැතුවම එහෙමයි කියලා හිතුන. .......

" හ්ම්ම්ම්. ... ....... "

"හ්ම්ම්ම් ගාන්නෙ බකමූණු පැටිය වගේ........ මේ අහන්නකෝ මැණික. .... හෙට උදේම මට කොළඹ යන්න වෙලා...... ...... පුංචි හදිසියක් මැණික. .. . අපිට තාත්ත කෙනෙක් වගේ හිටිය ප්‍රොපෙසර් ගුණවර්ධනට අසනීප වෙලා....... අද උදේ හොස්පිටල් ඇඩ්මිට් කරල තියෙන්නෙ... ...... ටිකක් සීරියස්....... ඉතින් අපේ බැජ් එකේ හිටිය උන් ඔක්කොම හෙට යනව....... උඹ දන්නවනෙ මැණික මම නොගිහින්ම බැරිකමට මේ යන්නෙ ........ ... . දවස් දෙකයිනෙ....... ඊට පස්සේ ආයෙම එනවනෙ.... සමහරවිට ඊට කලින් එන්න පුළුවන් වේවි හොදද...... "

" හ්ම්ම්ම් පරිස්සමට ගිහින් එන්න. .....

මම නිසා එයාගෙ යුතුකම් මග ඇරෙන්න හොද නෑ..... කොහොමත් නෑ..... අවසානෙ මූණට ආයාසයෙන්ම හිනාවක් ගත්ත මම එයාට ගිහින් එන්න කීව. ..... පරිස්සමට ........ මගෙ පුංචි හාමු පරිස්සමට ගිහින් එන්න ඕන. .......
......

" හරි ....යමු මාත් එක්ක ...... මොනාද කන්න ඕන කියන්න ......."

" මොනවත් එපා...... "

" එහෙම බෑ....... මොනවම හරි කමු..... නොකෑවොත්....... "

කන්න හිතක් නැති හින්දම මොනවත් එපා කීව එයා මට මොනවම හරි කන්න කීව වෙනකොට නොකෑවොත් කියන ගමන් මගෙ කනට ලන් උනා......

"නොකෑවොත් මෑණික.......මම උඹගෙ කට කනව....... "

කට කනව කීව එයා වටේටම ඇස් යවල මගෙ කනට පුංචි හාදුවක් තිබ්බ. ..... මම ගැස්සුන. ......... ඇත්තටම මගෙ කන් දෙකත් එක්ක රතු උනා....... ලැජ්ජාවට වගේම බයට.... ...... අපි හිටියෙ තාමත් නුවර වැව රවුමෙ වෙනකොට තව කෙල්ලො කොල්ලො අත් පටලන් ඕන තරම් උන්න ....... හැබැයි අපිට වඩා ආදරනීය විදියට ..... අත් පටලන්..... තුරැල් වෙලා. ..... එයාල එයාලගෙම ලෝක වල තනිවෙලා උන්න
..... ඒත් අපි දෙන්න...... වටේ උන්න එවුන්ගේ ඇස් වලට වහන් වෙවී ලගින් උන්නත් අතකවත් පැටලෙන්න බැරිව උන්න. ....... .... ........මට දැනුන...... එයාට ඕනෙ මගෙ අත එයාගෙ අතේ පටලගන්න. උනුසුම් හාදුවකින් මාව තෙත් කරන්න. ...... හරියට මට වගේම. ...... ඒත් කෝ ඒකට ඉඩක්.......... ඇත්තටම පිට මිනිස්සුන්ට පේන්න මොකටද ආදරේ කරන්නේ. .... ........ ඒත් මම බයයි ...... ඒ අපිව වෙන කාගෙවත් ඇස්වලට කොටු වෙනවට නෙවේ.... හැගීමකට වඩා සල්ලි ඉස්සර කරගන්න වලව්වෙ උන්ගෙ ඇස් වලට පෙනෙයි කියල. .... ....... ........ බැදීම් වලට වඩා තණ්හාව ලොකු වෙන වලව්ව ඉස්සරහ මට වගේම මම නිසා එයාව අසරණ කරන්න බැරි නිසා. ...... . .........

" මට වඩේ ඕන........"

මම ඈත තිබුන වඩේ කරත්තෙට ඇගිල්ලක් දික් කරා...... හරියට පොඩි එකෙක් එයාගෙ අම්මගෙන් කඩචෝරැ ඉල්ලනව වගේ මාත් ඇගිල්ලක් දික් කරල මට වඩේ ඕන කීව.......

" හැබැයි. ...ඉ..... "

" ඉස්සො නැති වඩේ...... මගෙ මැණිකට ඇලර්ජික්නෙ. ...... මම දන්නවා. ...... උඹ හිතනවටත් වඩා මම උඹව හොදට දන්නව සුදු මැණික . ... ........ "

ඉස්සො වඩේ එපා කියන්න කට හදනවත් එක්කම මට ඇලර්ජික් කීව එයා යන්න ගියා. ...... ඈතට පේන වඩේ කරත්තෙ ගාවට යන්න ගියා. .....

ඇත්ත....... ආදරයක් ඇතුලෙ තියෙන්නම ඕන හොද තේරැම් ගැනීමක්..... විශ්වාසයක්. ...... හරියටම එයා මම ගැන දන්නව වගේ ..... මම එයා ගැන දන්නව වගේ. ...... මම බලන් උන්න. ..... වඩේ මල්ලත් අතේ තියන් හිනාවෙවී ඇවිදන් එන පුංචි හාමු දිහා බලන් උන්න. .......... එහෙමම වඩේ මල්ල මගෙ ඔඩොක්කුවෙන් තිබ්බ එයා මගෙ ලගින් වාඩි උනා වගේම විනාඩියක් යන්නත් කලින් හොරාවට මගෙ අත පටලගත්ත....... ... .. මට ඕන එයාගෙ පිට අත්ලට හාදුවක් තියන්න. .... ඒ උරහිසට ඔලුව තියාගන්න....... ඒත් මම ඒ ආසාව යටගහගත්ත.... . .....
...... මොකද මගෙ හැගීම් පිටතට දාන්න බැරි නිසා. ..........

පුංචි හාමු කොහොමද දන්නෙ මට ඉස්සො ඇලර්ජික් කියල
.......

" සුදු ආච්චි කීව........ මම එදා මුලින්ම මැණිකගෙ ගෙදර ගිය දවසෙ පැයකට කිට්ටු වෙන්න ඒ දෙන්නත් එක්ක කතා කර කරා හිටිය . ........ කොටින්ම ඒ පැයම සුදු ආච්චි කියෙව්වෙම උඹ ගැන මැණික. ........මමත් ඉතින් හාර හාර ඇහුව ........... එතකොට තමා පොඩි කාලේ ඉස්සො කන්න ගිහින් උන දේ සුදු ආච්චි කීවෙ......... දන්නවද මැණික මට හිතුනෙ මොනවද කියලා. ........ මගේ ආදරේ පරක්කු වෙලා හරි හරිම තැන නතර වෙලා කියල ... මට හිතුනෙම උඹව කොහොම හරි මගේ කරගන්න. ........ ඇත්තටම උඹ මැණිකක්..... මගෙ දෙව්....... දෙව්. ....... මැණික. .... .අත දෙන්න. ... දෙන්නකො ලමයො. ... ..... "

" මොකටද......."

"පණ්ඩිතය නොවී මෙහෙට දිය.... "

නොදුන්න අත උදුරල අරන් එයාගෙ කලවය උඩින් තියාගත්ත වෙනකොට වුනු දේට තාමත් පුදුම වෙලා උන්න මම බලන් උන්න. ..... හරි අපුරැවට මගෙ ඇගිල්ලෙ බැදිල තිබුන මුදුව දිහා. ....... එයාගෙ අතින් මගෙ ඇගිල්ලට වැටුන මුදුව දිහා. ........ ලස්සනයි ඇත්තටම ලස්සනයි. ...... පුංචිවට එයාගෙයි මගෙයි නම් කොටපු මුදුව දිහා තාමත් මම බලන් උන්න. .......

" පුංචි හාමු. ....... "

" නෑ........ මම උඹගෙ මහත්තයා. ...... පුංචි හාමුල තවත් නෑ....... ආ.......මැණික. ....... දැන් ඔයාගෙ වාරෙ ........ "

මුදුවක්...... එයාගෙ ඇගිල්ලට දාන්න. ........ මම දැම්ම.......... මේ පේන දලදා වහන්සේ සාක්ෂි කරගෙන මම ඉල්ලුව හැමදාම එයාව සතුටින් තියන්න. ..... ඒ මූණෙ හිනාවක් විතරක් දකින්න. .............
අවසානෙ මුලු ලෝකයාටම හොරෙන් නිසොල්මනේ තියෙන නුවර වැවත් ගස් ගලුත් විතරක් සාක්ෂි කරගෙන ලෝකයාටම විතරක් සීමා වුන කසාද සහතිකේ එකඅත්සනක් නැතුව මගෙ ඇගිල්ලට මුදුව වැටුන........ ....... මට සතුටුයි. ..... පුදුම තරම්. ...... ........ කවුරැ නැතත් එයාට මම මට එයා හිටිය..... ........
.....

"උඹයි මමයි කසාද බැන්ද මැණික. .......... ..... .....නීතිය ඉස්සරහ අපි අපේ නොවුනත් හැගීම් ඉස්සරහ උඹ මගේ විතරයි මැණික ...... අපි අපේ විතරමයි ....
අඩනව ද මගෙ පොඩි පණ්ඩිතය ආ...... මම ගිහින් එනකන් පරිස්සමට ඉන්න ...... ම්ම්ම්ම්. . .."


" හ්ම්ම්ම්. ..... "

" යමු දැන් රෑ වෙලා.
..... ආච්චි සීයයි බයවෙයි.. "

****************************

කෝල් එකක්. .... මහ පාන්දර අඩ නින්දෙම පෝන් එක කනේ ගහගත්ත මම කටු මැටි බිත්තියට පිටතිබ්බ...... වෙනදවගේම. ........ ඒත් හිතට මහ පාලුයි. ......
........

"ගුඩ් මෝනින්......තාම නිදිද...ම්ම්ම්ම්. ...... මට බලන්න ඕන. ..... දවස් දෙකක් ඔය මූණ නොබල ඉන්න ඕනනෙ.....

" දැන්මම යනවද මහත්තයෝ ...... යන්න කලින් මම වලව්වට දුවල එන්න හිටියෙ....... ඔයාව බලන්න. ......."

" දැන්ම යනව මැණික. ..... මිදුලට එන්නකො....... "

"මි....දු...ලෙ...... "

මම එහෙමම දුවල ගිහින් දොර ඇරියා. ..... එයා ඇවිත් උන්න..... .. එයා කා එකේ බොනට් එකට හේත්තු වෙලා උන්න. ............ ... අඩ අදුරෙ උනත් කා එකේ ලයිට් එලියෙන් ඒ හිනාව හරි ලස්සනට මට පෙනුන........ලාකහපාට අත්දිග ටීෂර්ට් එකකට කලු ඩෙනිමක් ඇදල මේ සීතලේම කමිසෙ අත් දෙකත් උඩට නවාගෙන. ..... .......
.......

" සීතල නැද්ද සුදු මහත්තයෝ. ..... "

" සීතලද....... ම්ම්ම්ම් දැන් නෑ....... හරි රස්නෙයි ......"

සීතල නෑ රස්නෙයි කියන ගමන් මාව තුරැල් කරගත්ත පුංචි හාමු මගෙ කම්මුලට හාදුවක් තිබ්බ. .......

" දන්නවද මට ලෝභයි. ..... උඹව මෙහෙමම තියාගන්න පුළුවන්නම්..... මගෙ ඇස් වලට පේන මානෙක ....... මම ආදරෙයි මහ හුගක් ආදරෙයි උඹට. ...... මම ගිහින් එනකන් පරිස්සමට........ පරිස්සමට ඉන්න ඕන හොදද..... ම්ම්ම්ම් ....."


"හා........ ඉන්නම්
...... "

එයා යන්න හැරැන. ..... ඒත් මගෙ අත මට නොදැනිම එයාගෙ අතේ රැදුන .... මම දන්නවා එයා ඉක්මනට ඒවි...... ඒත් මගෙ හිතට දැනුනෙ මහ අමුතු බයක් හරියට මෙහෙම ඉන්න අවසාන වෙලාව වගේ... ...... නෑ.....නෑ..... එහෙම වෙන්නෑ........මොනවද උඹ ඔය හිතන කාලකණ්ණි කතා දෙව්රම්. ... ...... එහෙම නෑ. ....... එයා පරිස්සමට ගිහින් ආපහු මන් ලගටම ඒවි........

"ඇයි මැණික මේ ........ "

ජීවිතේ අම්ම අප්පච්චිට ඇරැනම මේතාක් සීයතාත්තා සුදු ආච්චි ඉස්සරහ නැවුනු මගෙ දනහිස් අද එයාගාව නැමුන. ...... ඒ දෙපාමුල නැමුන.......... මම වැන්ද දනිගහල...... මුලු හදවතින්ම මම වැන්ද........... මට මතක ඇති කාලෙ ඉදලම සුදු ආච්චිගෙ දනහිස් පණනැතිවෙන්න කලියෙන් සුදු ආච්චි සීයතාත්තට වදිනව මම අනන්තවත් දැකල තිබුන. ....... එදා සීයතාත්තාගෙ ඇස් වල තිබුනු ඒ හැගීමම එයාගෙ ඇස් වලත් කඩා වැටෙන කදුළු කැට අස්සෙන් මම දැක්ක. ....... ඇත්තටම ඒ ඇස් වල ආදරේ පිරිල තිබුන. ...... . ........ ..... ඇයි කියල ඇහුව එයා මාව නැගිට්ටුව වගේම මගෙ නලලෙන් උනුසුම් බර හාදුවක් තිබ්බ. .....

"උඹ ආදරණීයයි මගෙ පණ..... ..... කොටින්ම මේ විෂේන්ට ආදරේ කියන්නෙම උඹ..... උඹම විතරයි මගෙ දෙව්. ......... "

එයා යන්න ගියා. ....... ඈතට ඇදිල යන කා එක නොපෙනී යනකන්ම බලන් උන්න මම එන්න ආව. .....මහ හිතේ බරකුත් එක්කම. ......


😊ඔන්න ටිකක්  දිග චැපියක් දැම්මා. ....

😄 මගේ කතාව කියවන වෝට් කරන හැමෝමටම තැන්කූ. ....

Continue Reading

You'll Also Like

117K 4.1K 37
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
133K 5.5K 99
a sister who's actions are untamed, and a brother who's feelings are untamed. With complete different personalities, yet an awesome bond, the sibling...
120K 4.2K 95
'How I obsessively adore you' ˏˋ°•*⁀➷ started➛30/03/2024 finished➛ ˏˋ°•*⁀➷ cover by me x
110K 865 20
|𝐉𝐔𝐉𝐔𝐓𝐒𝐔 𝐊𝐀𝐈𝐒𝐄𝐍 𝐗 𝐅𝐄𝐌 𝐑𝐄𝐀𝐃𝐄𝐑| ~•𝐉𝐮𝐣𝐮𝐭𝐬𝐮 𝐊𝐚𝐢𝐬𝐞𝐧•~ ~•𝐎𝐧𝐞 𝐬𝐡𝐨𝐭𝐬•~ ~•𝐘/𝐧 𝐰𝐢𝐭𝐡 𝐝𝐢𝐟𝐟𝐞𝐫𝐞𝐧𝐭 𝐜𝐡𝐚...