පුස්තකාලේ කොනක මේසෙක හරිම සංසුන් විදිහට පොතක් කියවමින් ඉන්න නම්ජුන් දිහා තේහ්‍යුන් ඈත ඉදන් බලන් හිටියා. දැන් පැයකට වැඩි කාලයක් තේහ්‍යුන් ඒ විදිහට ඔහු දිහා බලන් හිටියා. හායුන් කියන්නේ ඔහුගේ පෙම්වතිය කියලා මතක් වෙද්දී තේහ්‍යුන් අත ඉබේම මිට මෙලවුනේ ඉරිසියාව , තරහව වගේම දුකත් හිත ඇතුලේ තෙරපෙද්දී.
නම්ජුන් අන්තිමට පොත කියවලා ඉවර වෙලා අත් දෙක ඉස්සරහට දික් කරලා හිරි ඇරලා පොතත් අරගෙන මේසෙන් නැගිට්ටා. ඔහු තේහ්‍යුන් ඉදගෙන හිටපු මේසේ පහු කරලා යද්දී තේහ්‍යුන් නම්ජුන් දිහාම එක එල්ලේ බලන් හිටියා.
නම්ජුන් පුස්තකාලෙන් එලියට යන්න දොර දිහාවට යද්දී තේහ්‍යුන් ඔහු පස්සෙන්ම ගියා. නම්ජුන් දොර අරින්න කලින් තේහ්‍යුන් දුවගෙන ඇවිත් දොර ඇරලා ඔහුට යන්න ඉඩ හදලා දුන්නා . නම්ජුන් ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගේ.
" ඔයාට ස්තූතියි.."
නම්ජුනා තේහ්‍යුන්ට ආචාර කරලා පුස්තකාල දොරෙන් එලියට ආවා.
" මම ඔයාව දන්නවද.."
නම්ජුන් තේහ්‍යුන් දිහා බැලුවේ කුතුහලේන් .
" මම හිතන්නේ සමහරවිට දන්නවා ඇති.. මිස්ටර් කිම් නම්ජුන්.." .
" ඔයා මගේ නම දන්නවා..?"
" ඔව්.. ඔයා චෝයි හායුන්ව දන්නවා එහෙම නේද.."
"හායුන්...ඔව් ඒ මගේ ගර්ල්ෆෙන්ඩ්. ඔයා එයාගේ යාලුවෙක් ද.."
" මිස්ටර් නම්ජුන්.. අපි කොපි එකක් බොන ගමන් කතා කරොත් නරකද.."
තේහ්‍යුන් කලිසම් සාක්කුවට අත් දෙකත් දාගෙන ඉස්සරහට යද්දී නම්ජුන් ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගෙයි.
තේහ්‍යුන්, නම්ජුන්ව ලග තියෙන කොෆි ශොප් එකකට එක්කරගෙන ගියා. ඔවුන් දෙන්නා අතර ඒ අතර තුර තිබ්බේ ලොකු නිහඩබවක්. තේහ්‍යුන් දැනටමත් නම්ජුන් දිහා බැලුවේ හතුරෙක් දිහා බලනවා වගෙයි. ඒත් නම්ජුන්ට තේහ්‍යුන් ගැන කිසිම අදහසක් තිබුනේ නෑ.
" ඔයාට මට මොනවා හරි කියන්න තියෙනවද මිස්ටර් ...."
නම්ජුන් දුම් දාන කෝපි කෝප්පය දිහා බලාගෙන ඉන්න තේහ්‍යුන්ගෙන් ඇහුවේ ඔහු කතාවට මුල පුරන බවක් පේන්න තිබුනේ නැති නිසයි.
" තේහ්‍යුන් ... කිම් තේහ්‍යුන්.. "
" තේ..තේහ්‍යුන්..?"
නම්ජුන්ගේ ඇස් ලොකු උනත් ටික වෙලාවකින් ඔහු තේහ්‍යුන්ගේ ඇස් මග අරිමින් අහක බලාගත්තා.
" ඔයා මාව දන්නවා එහෙම නේ.."
තේහ්‍යුන් කටකොනෙන් හිනා වෙමින් ඇහුවා.
" මම කොහොමද ඔයාව දන්නේ.. ඔයාව මට හම්බවුනේ දැන් ටිකකට කලින්.."
" හායුන්ගේන් මගේ ගැන ඔයා අහලා ඇති."
තේහ්‍යුන් නම්ජුන්ගේ ඇස් දිහා බැලුවත් ඔහු තේහ්‍යුන්ගේ ඇස් මග ඇරියා.
" සමාවෙන්න මට දැන ගන්න පුලුවන් ද ඔයාගෙයි හායුන්ගේයි තියෙන සම්බන්දේ මොකක්ද කියලා."
" මම එයාගේ හස්බන්ඩ්.."
" හස්බන්ඩ් ..? හහ්.. ඔයා මට විහිලු කරනවද.."
නම්ජුන් සමච්චලයට වගේ හිනා උනා.
" මට ඔයාට කිසි දෙයක් ඔප්පු කරන්න ඕනි නෑ.. මට හායුන්ව හම්බවෙන්න ඕනි."
"ඒක කරන්න බෑ."
" මොකක්ද ..?"
" තමුන්ව කව්ද කියලවත් හරියට දන් නැතුව මම කොහොමද හායුන්ව මුනගස්සන්නේ.. "
නම්ජුන් එහෙම කියද්දී තේහ්‍යුන්ගේ අත් තරහින් මිට මොල වුනා.
තේහ්‍යුන් එයාගේ ෆෝන් එක එලියට ගත්තා.
" ඔයාට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ.."
තේහ්‍යුන් ෆෝන් එක නම්ජුන්ගේ මූන ඉස්සරහට දික් කරා. එකේ තිබුනේ තේහ්‍යුන් හායුන් එක්ක එකට ඉන්න පින්තූරයක්. නම්ජුන් තඩි කෙල ගුලියක් ඉබේම ගිලුනේ ඔහුව ගොලු කරමින්.
" මට හායුන්ව මුන ගැහෙන්න ඕනි.. අදම.. මාව එයා ඉන්න තැනකට එක්ක යන්න."
" මට බෑ.."
නම්ජුන් මේසෙන් නැගිටින ගමන් කිව්වා.
තේහ්‍යුන් ඇස් තරහින් කලු උනා.
" මේක තවත් අමාරු කරන්න හදන්න එපා මිස්ටර් නම්ජුන්.. මට හායුන්ව හම්බෙන්න ඕනි... "
" තමුන්ට එයාගෙන් මොනවද ඕනි.."
" මම ඒක එයා එක්ක බලාගන්නම්..මාව එයා ලගට එක්ක යනවා. නැත්නම් එයාට මෙතනට එන්න කියනවා...!!"
තේහ්‍යුන් තරහින් දත්මිටි කන ගමන් නම්ජුනාගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගන්න ගමන් කෑ ගැහුවා.
තේහ්‍යුන්ගේ හැසිරීම එක්ක නම්ජුන්ට, හායුන්ට කොෆි ශොප් එකට එන්න කියනවා හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.
හායුන් නම්ජුන්ගේ කීම අහලා එන්න කැමති උනේ මේ කිසිම දෙයක් නොදැනයි. තේහ්‍යුන්ට ඇය එනකන් පැයක් විතර බලාගෙන ඉන්න සිද්ද උනා. අවුරුදු 6ක් හායූන් වෙනුවෙන් බලාගෙන හිටපු තේහ්‍යුන්ට මේ පැය මහ ලොකු දෙයක් නෙමේ. ඒත් ඔහුගේ හිත ගොඩක් නොසන්සුන් වෙලයි තිබුනේ. හායුන්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා තේහ්‍යුන් කුතුහලේන් හිටියේ.
තේහ්‍යුන් වෙන් කරපු මේසෙකට වෙලා හායුන් එනකන් බලන් හිටියා. ඔහු නොසන්සුන් විදිහට මේසෙට ඇගිලි වලින් තට්ටු කරමිනුයි හිටියේ. ඒ වෙලාවේ තේහ්‍යුන්ට ඇහුනා එයගේ පැත්තට එන සපත්තු අඩි හඩවල් දෙකක්.
තේහ්‍යුන් ඔලුව හරවලා පිටිපස්ස බැලුවා. එතකොට ඔහු දැක්කේ වේටර් කෙනෙක් එක්ක එයා ලගට එන හායුන්ව. තේහ්‍යුන් ඇය දිහා බලාගෙනම ඉබේම පුටුවෙන් නැගිට්ටා. හායුන් මොහොතකට නැවතිලා තේහ්‍යුන් දිහා බැලුවේ මූනේ කිසිම හැගීමක් නැති ගානටයි.
හායුන්ව එක්කන් ආපු වේටර් එතනින් යද්දී තේහ්‍යුන් හායුන් ලගට ඇවිදන් ගියා. ඔහුගේ ඇස් වල කදුලු පිරුනා. තේහ්‍යුන් ඕනි උනා ඇයව බදාගෙන කදුලු ඉවර වෙනකන් අඩන්න. තේහ්‍යුන් දැනුනේ එයාගේ වචන ගොලු වෙලා වගෙයි.
" හා..හා..හායුන්..."
තේහ්‍යුන් ඇය ලගට ගිහින් හායුන්ගේ ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට බැලුවේ කදුලු පිරුන ඇස් වලින්.
" හා..හායුන්.. මේ ඇත්තටම ඔයාද... ඔයා මගේ ඉස්සරහා..."
තේහ්‍යුන් තවත් ඇය ලගට ලං වෙන ගමන් ඇගේ අතින් අල්ලන්න හැදුවා.
ඒත් හායුන් අත ඉවතට ගන්න ගමන් තේහ්‍යුන්ගේන් ඈත් උනා.
" කව්ද ඔයා..."
හායුන් ඇහුවෙව් ඇහිබැම අකුලවන ගමන්.
ඒක ඇහුන තේහ්‍යුන්ගේ හිත වේදනාවෙන් පිරුනා.
" හා..හායුන්.. මේ මම තේහ්‍යුන්.. මම තේහ්‍යුන්.... ඔයාට මාව මතකයි නේද.."
තේහ්‍යුන් ආයෙම හායුන් ලගට ලං වෙලා ඇගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා.
" මම ඔයාව දන්නේ නෑ මිස්ටර් තේහ්‍යුන් .."
හායුන් කිසිම වෙනසක් නැතුව කතා කරද්දී තේහ්‍යුන්ගේ හදවත කෑලි වලට කැඩිලා ගියා.
" ඔයා.. ඔයා කොහොමද මාව අමතක කරේ හායුන්.. මම ...මම ඔයාගේ හස්බන්ඩ් හායුන්.. මම තේහ්‍යුන්.."
" මම හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා.. මම ඔයාව දන්නේ නෑ."
" නෑ නෑ නෑ... හායුන්.. මට වැරදුනේ නෑ.. ඉන්න.. ඉන්න මම ඔයාට පෙන්නන්නම්.."
තේහ්‍යුන් කලබලෙන් වෙව්ලන අත් වලින් එයගේ ෆෝන් එක අතට ගත්තා. ඔහු කොච්චර කලබල වෙලා හිටියද කියනවා නම් ෆෝන් එකත් බිම වැටුනා. බිම වැටුන ෆෝන් එක ආයෙම අහුලගත්ත තේහ්‍යුන් එයාගේ ෆෝන් එකෙන් කලින් නම්ජුන්ට පෙන්නපු ෆොටෝස් හායුන්ටත් පෙන්නුවා.
" බලන්න හායුන්.. මේ අපි දෙන්නා.. අපි දෙන්නා ආදරේ කරා හායුන්. ඔයා කොහොමද මාව අමතක කරන්නේ..."
හායුන් ෆෝන් එකෙන් ෆොටෝස් දිහා නිහඩවම බලන් හිටියා. ඇය ඔලුව උස්සලා තේහ්‍යුන් දිහා බලද්දී ඔහු දැක්කා හායුන් නොසන්සුන් වෙලා ඉන්නවා.
" සමාවෙන්න මම ඔයාව දන් නෑ.. මගෙ පස්සෙන් එන්න එපා."
හායුන් ෆෝන් එක තේහ්‍යුන්ගේ අතට දිලා මොහොතක් වත් රැදෙන්නේ නැතුව එතනින් ලොකු අඩි තියන ගමන් එලියට එන්න හැදුවා. ඒත් ඇයට එලියට යන්න නොදී තේහ්‍යුන් හායුන්ගේ අතින් අල්ල ගත්තා.
" හායුන්.. ඇයි ඔයා බොරු කරන්නේ.. මම දන්නවා ඔයාට මාව මතකයි.. ඔයාගේ ඇස් වලට බොරු කරන්න බෑ හායුන්..ප්ලීස් මාව දාලා යන්න එපා.. ප්ලීස්.."
තේහ්‍යුන් හායුන්ගේ අතින් අල්ලගෙන බැගෑපත් වෙද්දී හායුන් ඇගේ අත කොහොම හරි තේහ්‍යුන්ගේ ග්‍රහනයෙන් ගලව ගත්තා.
" තමුසේ මහා බොරු කාරයෙක් මට පාඩුවේ ඉන්න දෙනවා.."
ඇය ඔහුට කෑ ගැහුවා. ඒත් තේහ්‍යුන් පරාජය පිලිගන්න කැමති උනේ නෑ. තේහ්‍යුන් හායුන්ගේ ඉස්සරහට ඇවිත් ඇගේ මග හරස් කරා.
"හායුන්..යන්න එපා.. "
තේහ්‍යුන් ඒක කියනවත් එක්කම ඇගෙන් ඔහුට ලැබුනේ කම්මුල් පාරක්. තේහ්‍යුන් එක තැනම ගල් ගැහුනා. ඔහු කීයටවත් හායුන්ගේන් එහෙම දෙයක් බලාපොරොත්තු උනේනෑ. හායුන් එතනින් එලියට යද්දී තේහ්‍යුන් තවමත් ඒ විදිහටම බලාගෙන හිටියා. ඔහුගේ කම්මුල් දිගේ කදුලු ගලාගෙන ගියා . තේහ්‍යුන්ට ආයෙමත් අවුරුදු 6කට කලින් හායුන් ඔහුව දාලා ගිය වෙලේ දැනුන හැගීම් ආයෙම දැනෙන්න ගත්තා.
" හායුන් යන්න එපා.."
තේහ්‍යුන් එහෙම මුමුනන ගමන් බිම ඉදගත්තා. ඔහුට දැනුනේ මුලු ලෝකෙම එක පාරට නැති වෙලා ඔහු තනි වෙලා ගියා වගෙයි.
........
රැ දොලහා පහුවෙලා තිබුනත් තේහ්‍යුන් තාමත් ගෙදර ආපු නැති නිසා සූසාන් කලබල වෙලයි හිටියේ .ඇය දිගටම ඔහුට කෝල් කරත් තේහ්‍යුන්ගේ ෆෝන් එකත් වැඩ කරේ නෑ. සෝෆා එකට වෙලා තේහ්‍යුන් එනකන් මග බලාගෙන හිටපු ඇයට ටිකෙන් ටික නින්ද යන්න පටන ගත්තා. ඒත් එකසැරෙම ගෙදර දොර සද්දෙට ඇරෙනවත් එක්කම ඇය ගැස්සිලා නින්දෙන් ඇහැරුනා.
සූසාන් දැක්කේ තේහ්‍යුන් හොදටම බීලා වැනි වැනී ගෙදර දොර ලග ඉන්නවයි. ඉක්මනට තේහ්‍යුන් ලගට දුවලා ගිය සූසාම් ඔහුව අල්ලගත්තා. ඇයට පුදුම හිතුනා තේහ්‍යුන් බීලා ඉන්නවා දැක්කම. මොකද ගන්නම් වලට ආවට පස්සේ ඔහු බොන එක නැවැත්තුවා. ඒත් හදිස්සියේම ආයෙම තේහ්‍යුන් බීලා ඉන්නවා දැකපු එක ඇයට කුතුහලයක් උනා.
සූසාන් තේහ්‍යුන්ව අමාරුවෙන් එක්කරගෙන එයාලගේ කාමරේට ආවා. ඔහුව ඇද උඩින් ඉදගස්සලා සපත්තු දෙක ගලවපු සූසාන් ඔහුගේ කෝට් එක ලගවලා භාගෙට ගැලවිලා තිබුන ටයි එක ගලවන්න හැදුවා. ඒත් එක්කම තේහ්‍යුන් සූසාන්ගේ අතින් ඇදලා ඇයව ඇදට වට්ටගෙන ඇගේ ඇග උඩට ආවා.
" තේහ්‍යුන්.."
"මා..මාව..දාලා යන්න..එ..එපා.."
තේහ්‍යුන් ඇගේ කම්මුල් අත් අතරට මැදි කර ගන්න ගමන් කිව්වා.
" මම ඔයාව දාලා යන්නේ නෑ තේහ්‍යුන් .."
සූසාන් ඔහුගේ ඇස් දිහා බැලුවා. තේහ්‍යුන් ඇස් ඇරගෙන ඉන්න අමාරුවෙන් උත්සාහ කරන ගමනුයි හිටියේ. සූසාන් එහෙම කියනවත් එක්කම ඔහුගේ මූනේ හිනාවක් මතු උනා.
" ඔ..ඔව්.. ඔයාට බෑ.. මා..මාව දාලා යන්න.."
තේහ්‍යුන් එහෙම කියලා සූසාන් නොහිතපු විදිහට ඇගේ තොල් අල්ල ගත්තා. ඇගේ ඇස් ලොකු උනේ තේහ්‍යුන් කිසිම දවසක ඇයව කිස් කරලා නොතිබුන නිසයි. මේ තේහ්‍යුන් ඇයට දුන්න පලවෙනි හාදුවා. තේහ්‍යුන් බීමත්ව ඉද්දි ඇයව කිස් කරත්, සූසාන්ගේ හිත සතුටින් පිරුනා. ඇයත් ඔහුව කිස්බැක් කරේ හාදුවේ ගැඹුරට යමින්.
විනාඩි කිහිපයක් ඇදුන හාදුව නතර කරපු තේහ්‍යුන් වේගෙන් හුස්ම ගන්න ගමන් සූසාන් දිහා බැලුවා.
" යන්න එ..එපා.. හා..හායූන්.."
තේහ්‍යුන් එකවරම එහෙම කියන ගමන් ඇගේ පපුව උඩට කඩන් වැටුනා. ඒත් එක්කම ඇගේ හීන මාලිගෙත් කඩාගෙන වැටුනා.
" හා..හායුන්.. මගේ..හායුන්.."
තේහ්‍යුන් නිදිමත ගතියෙන්ම මුමුනන්න ගත්තා. මේ දේ සූසාන්ගේ හදවත පාරව්වවා. ඇය මොහොතකට හිතුවා තේහ්‍යුන්ගේ හිතේ ඇය ගැන කැමැත්තක් ඇති වෙලා ඇතියි කියලා. ඇගේ ඇස් වල කදුලු පිරෙද්දී සූසාන් තේහ්‍යුන්ව පැත්තකට තල්ලු කරලා දැම්මා. ඔහු දිහා කලකිරුන බැල්මක් දාපූ සූසාන් ඇගේ කොට්ටෙත් අරගෙන කාමරෙන් එලියට ගියා.
...........
දවස් ගානක උත්සාහයකින්න් පස්සේ තේහ්‍යුන්ට පුලුවන් වුනා හායුන් වැඩ කරන තැන හොයා ගන්න. ඒත් එතන නම්ජුන්ට අයිති තැනක් නිසා තේහ්‍යුන්ට එතනට යන්න බැරි උනා. එතනට ගියත් නම්ජුන් කවදාවත් ඔහුට හායුන් එක්ක කතා කරන්න දෙන්නේ නැති බව තේහ්‍යුන් දැනගෙන හිටියා.
තේහ්‍යුන් එයාගේ ඔෆිස් එකේ වැඩත් පාඩු කරගෙන හායුන් ගැන ඔත්තු බලන්න පටන් ගත්තා. තේහ්‍යුන්ගේ හැසිරීම වෙනස් නිසා සූසාන් මේ ගැන හොයලා බලද්දී ඇය දනගත්තා හායුන් ඉන්නෙත් ගන්නම් වල බව වගේම තේහ්‍යුන් ඇයව හොයාගත්ත බවත්. සූසාන් මේ දේට කැමති උනේ නෑ මොකද ඇය තේහ්‍යුන්ට ගොඩක් ආදරේ කරා. ඇය කැමති උනේ නෑ තේහ්‍යුන් ආපහු හායුන් ලගට යනවට. තේහ්‍යුන් හායුන් ලගට ගියොත් දෝමිනුත් ඇයට නැති වෙන බව ඇය දැනන් හිටියා. ඒත් මේ දේ වෙනුවෙන් ඇයට සටන් කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ වගේම අයිතියක් තිබ්බෙත් නෑ.
තේහ්‍යුන් දැනගත්තා හායුන් උදේට වැඩට එන්නේ වගේම ආපහු යන්නෙත් නම්ජුන් එක්ක බව. ඒ අතර තුර ඇය ඔෆිස් එකෙන් එලියට ආවෙම නෑ. ඒත් තේහ්‍යුන් දිගටම ඇය ගැන අවදානේන් හිටියා කොයි වෙලාවක හරි හායුන් එලියට එයි කියලා. ඒකට තේහ්‍යුන් එයාගේ ගෝලයෙක් ඔත්තු බලන්න දාලයි හිටියේ.
තේහ්‍යුන් එයාගේ ඔෆිස් එකේ වැඩ කරන අතරතුර ඔහුට කෝල් එකක් ආවා හායුන් ඔෆිස් එකෙන් එලියට ආවා කියලා. ඒ පනිවිඩේ ලැබුන ගමන් තේහ්‍යුන් වැඩ ඔක්කොම පැත්තකට දාලා ඔෆිස් එකෙන් එලියට දුවව්වා.
•.¸♡ - ♡¸.•