𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮...

By dillthv

1.3K 301 31

" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්න... More

Chapter 01
Chapter 02
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
chapter 09

Chapter 03

139 35 1
By dillthv

Taehyung's POV:-

ඇගේ සෝෆාවේ ඉදගෙන මම ඇස් දෙක අත් දෙකෙන් පොඩි කරන ගමන් හුස්මක් පහත දැම්මා. සෝෆා එකේ ඔලුව තියාගන්න ගමන් නලල අතින් පිරිමදිද්දී මගේ කටින් නොදැනීම කෙදිරිල්ලක් පිටඋනා. මේ දවස් ටිකේම හරි හැටි නින්දක්වත් හිතේ නිදහසක්වත් නැති නිසා මම ගොඩක් මහන්සියෙන් හිටියේ. මට ඕනි උනා ලොකු නිවාඩුවක් මේ හැමදේකිම ඈත් වෙලා නිදහසේ මනස සහැල්ලු කරගන්න. ඒත් ඒක හීනයක්ම විතරයි.

ටික වෙලාවක් යද්දී සියුමැලි අත් දෙකක් මගේ කෙස් අතරින් යන ගමන් මගේ ඔලුව මසාජ් කරන්න ගත්තා. ඒක නිසා මට හොද සැහැල්ලුවක් දැනුනා.

" ඔයා ස්ට්‍රෙස් එකේද.."
සංසුන් මෘදු සූසාන්ගේ කටහඩ මට ඇහෙද්දී මම මූකුත් නොකියා නිහඩව හිටියා. මම නිහඩව හිටියත් එයා දන්නවා ඒකට උත්තරේ. ඇගේ කටහඩ කොයිතරම් ලස්සන උනත් මේ වෙලාවේ මගේ හිත සනසන්න තරම් ඒක ප්‍රමානවත් නෑ.

" රිලැක්ස් වෙන්න සර්.."
ඇගේ කඩහට මගේ මූනට ගොඩක් ලගින් ඇහුනා. මම හිමින් ඇස් ඇරලා බලද්දී සූසාන්ගේ සුන්දර මූන මට ගොඩක් ලගින් තිබුනේ. ඇය හැදුවේ මට ලං වෙන්නයි. ඒත් මම මගේ උරහිස් වල තියන ඇගේ අත් දෙක අයින් කරන් ගමන් සෝෆා එකෙන් ඉස්සරහට උනේ අපි දෙන්නා අතර දුරක් තියා ගනිමින්.

" ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරේ ද කියල."
එයාගේ එකම ප්‍රශ්නේ හැමදාමත් ඒ විදිහටම අදත් ඇහුවා. ඒ ප්‍රශ්නෙට මට තාමත් හරි උත්තරයක් දෙන්න බැරි උනා.

දැනට අවුරුදු දෙකකට කලිනුයි සූසාන්ව මම මගේ ඔෆිස් එකේ වැඩට ගත්තේ. ඇය හැමවෙලාවකදීම වගේ මං ගැන ගොඩක් උනන්දුවෙන් හිටපු බව මට තේරුනා. මම කසාද බැදලා ඉන්නේ කියලා දැන දැනම ඇය මට ලං උනා.

හායූන් මාව රවට්ටනවා බව මට දැනෙද්දී මගේ හිත හදන්න හැම වෙලාවකදීම මගේ ලග හිටියේ සූසාන්. ඇගේ ලස්සන වචන ඇගේ ස්පර්ශ මට සහනයක් ගෙනාවා.

දවසක් නාදුනන පිරිමියෙක් හායූන්ව ගෙදර ලගින් බස්සනවා දැකපු මට හායූන් ගැන තිබ්බ සැකේ තවත් වැඩි උනා. ඇය හැමදාම මට බොරු කියලා එලියට ගියා, එහෙම ගියපු හැමදාම එයා ගෙදර ආවේ ගොඩක් රෑ වෙලා. අන්තිමේට මම දැක්කා හායූන් එදා ආපු පිරිමියා එක්කම කොෆි ශොප් එකකට වෙලා සතුටින් කෝපි බොනවා. එදා තමා මගේ හදවත හරියටම කඩාන් වැටෙන්න පටන් ගත්තේ. මගේ ජිවි ලොකු හිස්කමක් ඇති උනා.
එදා මම ගෙදර යන් නැතුව ආපහු ඔෆිස් එකට ගියා. එදා සූසාන් එයාගේ ඔවර්ටයිම් කරන ගමනුයි හිටියේ. මම ඔෆිස් එකට වෙලා තනියම අඩද්දී ඇය ඇගේ උරහිස මට දුන්නා අඩන්න. එදා මුලු රෑම ඇය මාත් එක්ක ඉන්න ගමන් මගේ කදුලු පිහදලා දැම්මා. ඒක මට ඇයට ලං වෙන්න හේතුවක් උනා. සූසාන් ලග ඉන්න වෙලාවට විතරයි මම ටිකක් හරි සැනසීමෙන් හිටියේ.

මම තවත් හායූන්ට ආදරේ කරන් නෑ. ඒත් මට එයාව මගේ මුලු හදවතින්ම ඈත්කරන්න පුලුවන් කමක් නෑ. ඇය මාව රවට්ටව්වත් මම ඇයට තාමත් ඇලිලා වගෙයි මට දැනෙන්නේ. මම කවදාවත් හායූන් දිහා බලපු විදිහට සූසාන් දිහා බැලුවේ නෑ. මම උත්සාහ කරා.. ඒත් ඒක කරන්න අමාරු උනා. මට කවදාවත් සූසාන්ට වෙනසක් නොකර ආදරේ කරන්න බැරි වෙයි. මට ඒකට මාත් එක්කම තරහයි. මට ආදරේ කරන ගැනිට මට ආදරේ හිතෙන් නැති එකට මට මාත් එක්කම තරහයි.

" ජීසුන්ග් ට නැති මගේ තියෙන අඩුපාඩුව මොකක්ද.."
මම කදුලු පිරුන ඇස් වලින් සූසාන් දිහා බැලුවා.

චෝයි ජීසූන්ග්.. මම මේ ලෝකේ පිලිකුල් කරනම නම. එයයි මාගේ හායුන්ව මගෙන් ඈත් කරේ. මගේ ලෝකේ මට නැති කරේ. මට ඒ මිනිහව මරන්න හිතුන වාර අනන්තයි. ඒත් එකෙන් අපේ ප්‍රශ්න විසදෙන් නැති බව මම දන්නවා.

" ඔයා මැනිකක් තේහ්‍යුන්..ඔයාව නැතිකර ගන්න ගෑනී හරිම මෝඩයි."
ඇය අවංක ඇස් වලින් මගේ දිහා බැලුවා. ඒ වචනත් එක්ක මගේ ඇස් වල නලියමින් තිබ්බ කදුලු කම්මුල දිගේ ගලන් ගියා.

" මම එච්චර වටිනවා නම ඇයි එයා මට මෙහෙම කරන්නේ."
මගේ තොල් වෙව්ලව්වා. මගේ හදවත් වේදනාවෙන් එලියට පනින්න හදනවා. සූසාන් වෙනදා වගේම ඇගේ අත් මගේ උරහිස වටේ යවම ගමන් ඇගේ උරහිස උඩ මට අඩන්න ඉඩ දුන්නා. සූසාන් හරිම වෙනස් ගෑහැනියක්. එයා කවදාවත් හායුන්ට වැරදි දෙයක් මාත් එක්ක කියලා නෑ. එයා හැමදාම කරේ මගේ දුක අහන් ඉදල මගේ කදුලු පිහදාපූ එකයි. මම හිතන්නේ ඒ නිසයි මම මෙච්චර ඇයට ලං වෙන්නේ.

සූසාන් මාව වැලදගන්න විට මට හිතෙන්නෙම හායුන්ට ඇයි බැරි මාව මේ විදිහට වැලදගන්න කියලා. මට එයාගේ උනුසුම ගොඩක් මතක් වෙනවා. ඒත් දැන් මම ඒ උනුසුම පිලිකුල් කරනවා.
හායූන් වෙනුවට මට එදා සූසාන්ව හම්බවුනා නම් සමහර විට මම අද සතුටින් ඉදිවී.

" මට සමාවෙන්න සූසාන්.. මටඔයාට ඇත්තටම ආදරේ කරන්න බැරි වෙන එකට."
සුසාන් මගේ උරහින් වටේ අත යවමින් මාව සනසවන්නයි හැදුවේ. එයා නොකිව්වට ඇයට දැනෙන දේ මම හොදින් දන්නවා. තමන් ආදරේ කරන කෙනා පෙරලා තමන්ට ආදරේ නොකරනකොට දැනෙන හැගීම මම හොදින් දන්නවා.

.........

මම මගේ කාමරේ දිහාවට ඇවිදගෙන යනකොට මගේ නහයට සූසාන්ගේ සුවද විලවුන් සුවද හොදටම දැනුනා. ඒ වගේම මගේ බෙල්ල පුරා ෆේක් හයිකීස් පිරිලා තිබුනා. මමම ඒවා තියා ගත්තේ හායූන්ට රිද්දන්න ඕනි නිසයි. මම දන්නවා මම මේ කරන වැඩ මහ බොලදයි කියලා. ඒත් මට ඕනි එයාටත් මගේ වේදනාව දෙන්න.
මට ඇත්තටම වෙන කෙනෙක්ට ආදරේ කරන්න බැරි නම් අඩුම තරමේ ඒ බව පෙන්නන්න හරි මේ දෙයින් පුලුවන් කියලයි මම හිතන්නේ.

සූසාන්ගේ නම කියනකොට එයාගේ හොද හායුන් ඉස්සරහා කියන කොට හරි මම ඇයට කොච්චර ආදරේ ද කියලා කියනකොට හරි එයාගේ මූනේ පේන කලකිරුන බව මට සතුටක් ගේනවා.

මම කාමරේ දොර ලගට ඇවිත් ඇතුලට එඹිලා බැලුවා. එතකොට දැකපු දෙයින් මගේ හිත මොහොතකට නතර උනා.
හායුන් , පුංචි දෝ මින්ව තුරුලු කරගෙන එයාගේ පිටට තට්ටු කරන ගමන් ඔහුව නිදිකරවන ගමනුයි හිටියේ. ඉස්සර හැමදාම මට මේ දර්ශනය අමුතු දෙයක් නෙමෙයි. ඒත්, අපි දෙන්නා කොච්චර ඈත් වෙලාද කියලා තේරෙන්නේ දැන් මට මේ දර්ශනය දකිද්දී ඒක කලාතුරකින් දකින දෙයක් වගේ දැනෙන නිසයි. හායූන් එයාගේ ස්වාමිපුරුෂයාට හොද බිරිදක් උනේ නැති උනාට එයාගේ දරුවට හොද ඔම්මා කෙනෙක් කියාලා මම හිත හදා ගන්නවා.

දෝ මින් ඉන්න තැන මට ඉන්න තිබුනා නම් කියලා මට ඒ වෙලාවේ හිතුනා. ඇගේ ආදරේ , අවදානේ ඇගේ ස්පර්ශය මට තදින්ම ඕනි කරා. ඉස්සර ආදරේන් හිටපු අපි දෙන්නට ඇත්තටම මොකද උනේ හායූන්..?

මම ඉක්මනට මගේ සිතුවිලි වලින් එලියට ආවා. හායූන් ඉස්සරහා ඔච්චර දුර්වල වෙන්න එපා කියලා මගේ හිත මටම බැන ගත්තා. මම හොද හුස්මක් අරගෙන කාමරේ ඇතුලට ගියා. මගේ අඩි සද්දේ නිසාදෝ දෝ මින් , හායුන්ගේ තුරුලෙන් ඔලුව උස්සලා මගේ දිහා බැලුවා.
ඒ බැල්ම එදා වගේමයි අදත්.. ආදරෙන් පිරිලා. එයා ඇදෙන් බැහැලා දුවගෙන ඇවිත් මගේ කකුල් දෙක බදා ගත්තා.

" අප්පා.. ආවා.."

" මාව මතක් උනාද.."
මම එයා ලගට නැමිලා එයාගේ බඩ කිතිකවද්දී එයා හිනා වෙවි මගේ උරහිස උඩින් ඔලුව තියාගත්තා.

මගේ ඇස් ගියේ තාමත් ඇද උඩ ඉදගෙන අපි දෙන්නා දිහා බලන් ඉන්න හායුන් දිහාවටයි. ඉස්සර නම් එයත් අපි දෙන්නා ලගට දුවගෙන ඇවිත් අපි දෙන්නාගෙම මූනු හාදු වලින් පුරවන ගමන් අපිත් එක්ක හිනා වෙනවා. ඒ උනාට දැන් ඇය ගොඩක් වෙනස්. සමහරවිට ඒ වෙනස දෝ මින්ටත් දැනෙනවා ඇති...

" අප්පා..මේ මොනාද.."
දෝ මින් එක සැරේම මගේ බෙල්ලේ තියෙන සලකුණු වලට ඇගිලි තියෙන ගමන් ඇහුවා. මගේ හදවතේ වේගේ ඒ වෙලාවේ ගොඩක් වැඩි උනා. ඇයි මම කලබල වෙන්නේ කියලා මටත් හිතා ගන්න බැරි උනා.

" ඒ මදුරුවෙක් කාලා වෙන්න ඇති දෝ මින්.."
හායූන් ඇදෙන් බැහැලා අපි දෙන්නා ලගට ආවා. ඇය මගේ බෙල්ල දිහා උවමනාවෙන් බැලුවා. එතකොට මගේ හිතේ කලබල ගතිය තවත් වැඩි උනා. මම ඇත්තටම ඇයට බොරු කරේ නෑ.. ඒත් මම හරිම කලබලයි.
ඇගේ ඇස් වල තිබ්බ අමුතුම දුක පිරුන හැගීම් මට සතුටක් ගෙනෙයි කියලා හිතුවට ඇත්තටම ඒක එහෙම උනේ නෑ.මම මගේ හායුන්ට වංචා කරනවා කියන වැරදි හැගීම මගේ හිතට තදිනම දැනුනා.. ඒත් එයත් ඒකම නේද මට කරන්නේ.

" අප්පගේ බෙල්ල මදුරුවෙක් කාලා "
හායූන් ආයෙම වතාවක් එහෙම කියමින් දෝ මින්ව වඩා ගත්තා.
සමහර විට ඇය මට වංචා කරන එක ගැන පසුතැවෙනවද.. මට ඒක හරිම කුතුහලයක්.

" ඔයා වොශ් එකක් දාන් එන්න.. කෑම ලෑස්ති කරලා තියෙන්නේ."
ඇය දෝ මින්වත් අරගෙන කාමරෙන් එලියට ගියේ මගේ හිතේ හරිම අමුතු පාලුවක් ඇති කරන ගමන්.

                                 •.¸♡ - ♡¸.•

Continue Reading

You'll Also Like

2.1M 113K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
9.9K 1.5K 18
Don't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love you so much than anything in this world (...
1.8M 127K 45
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
376K 4.8K 31
Jaden Walton x oc-ғᴇᴍ social media and some chapters not. Javon's Jordi Sturniolo's celebrity crush but what happens when she falls for the twin who...