The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

විසිපස්වන දිගහැරැම

566 121 8
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඇහුවට මොකද උත්තමෙයයක් බලාපොරොත්තු නොවීම  මට මෙතනින්  පැනල දුවන්නම හිතුන ...... බිම බලන් උන්න මම ආයෙමත්  එයා දිහා බලද්දී  එයා උන්නෙ හරියටම  මට හුස්මක් දුරින් උනා..........

      "උත්තරයක් ඕනද...මගෙ මැණිකට ම්ම්ම්ම්. ....... "

     එහෙමම  ඉදගෙන උන්න මම අවසානෙ නතර උනේ පැදුර උඩ  ඒ අත්තදෙකට මැදිවෙලා වෙද්දී මගෙ කන ලගට ලන් උන එයා අහපු දේට මගෙ ඇගම සීතල වෙලා ගියා. ........

*************************************

එයාගෙ අත මගෙ කම්මුලේ රැදුන වෙනකොට ඒ අතේ පහස මගෙ ඇග දිගේම හිරියක් ඇති කරා............. මට ඉබේටම ඇස් පියවුන වගේම ගැහෙන පපුව උඩ මගෙ අත නතර වුනා වගේම මගෙ අත එයාගෙ අතට තදවුනා...... ...... .. මගෙ පියවුනු ඇස් අග්ගිස්සට පුංචි සිපුමක් තිබ්බ වගේම මගෙ කම්මුල උඩ ඒ දෙතොල් එහාට මෙහාට උනා............ ... ටිකකින් පුංචි හාදුවක් මගෙ කම්මුලේ තිබ්බ එයා හෙමීට මගෙ දෙතොලට බර වුනා. ......... ... එයාගෙ අත් මගෙ පපුව පුරා ගියා වගේම මගෙ කමිසෙ බොත්තම් දෙක තුනක් ඒ අතින්ම ගැලවුන. .. ......

"දැන් ඇති ...... එන්න නිදාගමු මැණික. ..... ....... "

අන්තිමේට මගෙ පපුව මැද්දට පුංචි හාදුවක් තිබ්බ එයා නිදාගමු කීව......... ගානක් නැතිවම එයා මන්දිහා බලන් උන්න උනත් මම උන්නෙ දියෙන්ගොඩදාපු මාලුවෙක් ගානට වැටිල වෙනකොට මෙච්චර වෙලාම උඩට අරන් තිබුන හුස්ම මම පහලට දැම්ම. ...... ....

"බය වුනාද...... "

එයා බයඋනාද ඇහුව. ...ඇත්ත නුහුරැ නුපුරුදු හැගීමකට පණ දෙන්න මම බයයි...... ඒ උනත් එයා ඉස්සරහ කොච්චර උනත් මාව පරිස්සම් කරන්න හදන මගෙ හිත පුරවන්න පුළුවන් හැගීම් ඉස්සරහ මට දැනුනේ හරි පරිපූර්ණ බවක්. ........ ගැස්මක් නැතුව නෙමේ ඒ උනත් මගෙ හිත එයා ගාව පිරිල තිබුන. ....... කොටින්ම ඒ ඇස් අස්සෙ හැගීම් ගොන්නක් මම දැක්ක .......

"මම දන්නවා උඹ තැලිල පොඩි වෙලා නෑ කියන්න. .... ...... මගෙ බර දෙන්න තරම් උඹ පොඩි වැඩියි තාම එතකන් මෙහෙම විතරක් මන් ලගින් ඉන්න. ...... දවසක් ඒවි ...... කවදම හරි උඹ නීතියෙනුත් මගේ වෙන ඒ දවසට මම උඹව ගතිනුත් මගේ කරගන්නව. ....... උඹගෙ හැමදේම මගේ කරගන්නව ..... අන්න එදාට මම උඹගෙ ඔය පලවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම් ප්‍රැක්ටිකලුත් එක්කම.....
...... කවදහරි ඒ දවස එනකන් මෙහෙම විතරක් මන් ලගින් ඉන්න මැණික. .......එතකන් මන් මගෙ සීමාවෙ ඉන්නම්....... නොකීවට ඒක හරි අමාරුයි. .....කොහොම කීවත් මමත් මනුස්සයෙක් මම රහත් වෙලා නෑනෙ .... තමන්ගේ ආදරේ ඉස්සරහ සිල් රකින්න මටත් අමාරැයි......ඒත් ආදරේ කියන්නෙ ලැබෙන පලවෙනි මොහොතෙම තමන් මනුස්සයෙක්ව තමන්ට යට කරගෙන නිදිවදින එකට නෙමේ රත්තරනෙ. ....... තමන්ගේ ආදරේ පරිස්සමට බලාගන්න එකට....... මුලු හදවතින්ම ආදරේ දෙන එකට...... "

එයාගෙ කතාව මම අහන් උන්න ..... ඇත්ත ආදරේ කියන එකම එක වචනෙ පිට කාමරගානෙ තමන්ගේ කෙල්ලව එක්කන් යන පිරිමි ඕන තරම්.... උන් දන්නෑ උන් හිතන්නෑ කවදම හරි දවසක පිරිමියෙක්ගෙ හොයන්නෙ බලන්නෙ නැති පිරිසිදුකමක් ගැහැනියෙක්ගෙන් හොයන බව ......... උන් අසරණ වෙන තරම. ..... මම පිරිමියෙක් වෙලත් මාව ගන්න ඕන තරම් අවස්ථාව තිබුන උනත් එයාට ඕන උනේ මාව පරිස්සම් කරන්න. ......... හරි පරිස්සමට මාව බලාගන්න.. ... ඇත්තටම ආදරේ ඉස්සරහ රාගය පරාද වෙන තැනුත් තියෙනව කියන්න මගෙ පුංචි මහත්තය මට ඉගැන්නුව......

"ආ මේ කොට්ටෙ තියාගන්න. ...නැත්තන් ඔලුව රිදේවි ......"

මම එයාට කොට්ටෙ දුන්න. ... මෙච්චර වෙලාම ඔලුව යට ගහන් උන්න අත් දෙක වෙනුවට මගෙ කොට්ටෙ ඒ ඔලුව අස්සෙ හැංගුන......

"එතකොට මැණික උඹට. .... "

"මට තියෙනවා ඔයිට වඩා හොද කොට්ටයක් මේ...... "

එහෙම කියල මම ඒ පපුව උඩට බර වුනා වගේම මගෙ කොට්ටෙන් ඔලුව තියාගත්ත එයා වහලෙ දිහා බලන් උන්න. ....... . ........ . සිවිලිමක් නැති තහඩු ගොඩක් දිහා බලාන එයා ලොකු කල්පනාවක උන්න. ....... කටින් නොකීව උනත් ජීවිතේට පැදුරක නිදන්න තියා හිතලවත් නැතිව උන්න එයා ටිකකින් එහාට මෙහාට වුනා....
...... පොඩ්ඩ පොඩ්ඩ දැගලුව........රිදෙනවා. ...මම ඒක දන්නවා. ...... සැප පිරැණු මෙට්ටෙක සිනිදු මෙලෙක වෙනුවට ගොරෝද මැටි බිම එයාගෙ පිට රිද්දුව. ....... ඒත් වචනයක්වත් එයා මට කීවෙ නෑ වගේම තාමත් පපුව උඩ තියාන උන්න මගෙ ඔලුව හෙමීට අතගෑව...... .....ඇත්ත එයාට මගෙ
ඔඩොක්කුව වගේම මටත් ඒ පපුව උඩ මහ සැනසීමක් දැනුන. ... ....... ඇත්තටම පුංචි හාමු කියන්නෙම ආදරේ කෙනෙක් වෙද්දී මම හුගක් ඒ ආදරේට ලෝබ වුනා. .....
....... වචනයේ පරිසමාප්තයෙන්ම උඹ ආදරණීයයි මගෙ සුදු මහත්තයෝ.... ......
.......

"මට වගේ උඹට කටුමැටි පොලොව හුරැ නෑ මහත්තයෝ..... "

" හුරැ පුරැදු නැති උනාට කමක් නෑ මැණික උඹ ඉන්නවනම් මට ඒ ඇති..... උඹ පව් මගෙ මැණික. ..... ඉක්මනට උඹවයි සුදු ආච්චිවයි සීය තාත්තාවයි මගෙ ලගට ගන්නව.... "

ඇස් පියවීගෙන එද්දී එයා කියනව මට ඇහුන. ... . .......

එයාගෙ උනුසුම් පපුව වෙනුවට මට අහුනෙ සීතල පොලොව වෙද්දී මම නැගිට්ට. ..... නැගිටල බැලුව ...... පුංචි හාමු යන්න ගිහින්. ...... මම නැගිටල ගිහින් ඉස්සරහ දොර ලගට ගියා..... ඔහෙ නෑ කුස්සියෙ දොරවත් ඉස්සරහ දොරවත් ඇරල නෑ...... එතකොට ගියෙ කොහෙන්ද........ පුංචි හාමු ගියෙ කොහෙන්ද කියලා උභතෝකෝටික ප්‍රශ්නයක් හිතට එද්දි මම ගේ හැමතැනකම ඇවිද්ද....... තාම ඉන්නවද බලන්න. ...... නෑනෙ.... ඇත්තමයි පුංචි හාමු දොස්තර කෙනෙක් ද නැත්තන් හොරෙක් ද මන්දා. ..... .....
ගිය අතක් නෑ......... හැරෙන අතට මගෙ අත ගියේ පෝන් එකට වෙනකොට පුංචි බටන් උඩ මගෙ ඇගිලි දුවල නතර උනා වගේම එහා පැත්තෙන් එයාගෙ කටහඩ මට ඇහුන........

" දෙව්... මැණික. ...... "

ඇත්තමයි ඒ කටහඩ ගැඹුරැයි. ....... ඒ වගේම ආදරණීයයි. ..........

"පොඩ්ඩක් ඉන්න මැණික. ....... "

එයා පෝන් එක කට් කරා...... ඒ වගේම අනිත් අතට කෝල් එක ආව වගේම මම ආන්ස්වර් කරා..
.......

" පුංචි මහත්තයා...... ඇයි කට් කරේ..... "

" උඹගෙ පෝන් එකේ සල්ලි ඉවරවෙයි මැණික ..... ඒකයි කට් කරල ආපහු ගත්තෙ. ........ උඹ දුක්මහන්සියෙන් හරි හම්බකරන කීයෙන් හරි රැපියලක්වත් මන් වෙනුවෙන් නැතිනාස්ති වෙනවට මම කැමති නෑ මැණික. ....... ... ඒ සල්ලි නිසා නෙවෙයි ඒ හැම රැපියලකම ගෑවිල තියෙන්නේ මගෙ මැණිකගෙ දාඩියමහන්සිය කියල මම දන්න නිසා. ....... ......
....... ......
තරහද....... ම්ම්ම්ම්. ........ "

මන් හම්බකරන රැපියල මට විතරක් නෙමෙයි එයාටත් මහ හුගක් වටනව කියල මට දැනුන. ...... මට සතුටුයි. .... ගොඩක්. ........ මොකද එයාට පුළුවන් උනා මගෙ නොවටිනා කදුළකට උනත් වටිනාකමක් දෙන්න. .......මගෙ රැපියලකට උනත් ගරැකරන්න........ කොටින්ම රිදී හැන්දක කටේ ගහන් ඉපදුනත් එයාට පුලුවන් උනා දාඩියමහන්සියෙන් උපයන රැපියලකට උනත් මහ හුගක් ලොකු වටිනාකමක් තියන්න.......

" මැණික...... උඹ අඩනවද..... "

" අඩන්.... නෑ...... මට නොසෑහෙන්න සතුටුයි....... මගෙ මහන්සියට වටිනාකමක් දුන්නට .... කොටින්ම මගෙ ජීවිතේට වටිනාකමක් එකතු කරාට. ....... නොදන්නව උනාට හැම මනුස්සයාම තමන් ආදරේ කරන කෙනාගෙ ජීවිතේට වටිනාකමක් එකතු කරනව හරි අඩුයි මහත්තයෝ........... ඒ තැන් වල ඇත්තටම තියෙන්නේ ආදරයක් නෙමේ. ....... "

" පුංචි පණ්ඩිතය. ....... මගෙ හොද ලමය. .... .. "

" පුංචි මහත්තය හොස්පිටල් එකට ගියාද........ "

"තව නෑ මැණික. ..... මේ යන ගමන්...... ......."

" එහෙනම් මම පස්සෙ ගන්නම්...... "

" එපා....... කියන්න මැණික . .... කතා කරන්න පුළුවන් දැන්. ..... .......... "

" පුංචි හාමු උදේ ගියෙ කොහෙන්ද...... දොරවල් දෙකම වහලනෙ..."

ඒක රහසක් බබා..... "

හ්ම්ම්ම්. ..... ඊයෙ පැදුරෙ නිදාගත්ත නිසා ඇග රිදෙනවා නේද. .....

"හ්ම්ම්ම්........ හරියට නිකන් හතරපස්දෙනෙක් නෙලල වගේ....... "

" ඒ නිසා තමයි මම කීවෙ බිම නිදාගන්න එපා කියලා. ....... "

" ඒකට කමක් නෑ. ...... ටිකක් වේදනා දුන්න උනත් උඹගෙ ලග ඉන්න එක මට හරි සැනසීමයි දෙව්...... කියන්න බැරි තරම් මගෙ හිත පිරිල. ...... "

මගෙත් ...... තියන්නම් බුදු සරණයි. ....පරිස්සමට යන්න පුංචි මහත්තයෝ. .....

...................



එයා තිබ්බ. .... හිතට දැනෙන පාලු ගතියත් එක්ක මම ගිහින් ඉව්ව .... සුදු කැකුළු බතට හම්බෝල හදල කරවල බැදුමකුත් හදල තියල මම යන්න ලැහැස්ති වුණා. ....... වෙනදවගේම. ...... පුරැදු විදියටම. ..... .

වලව්වට පයින් ගාටන ගමන් මට ආයෙමත් මතක් උනේ කලින් දවසක මම දැක්ක දෙයක් වෙද්දී මම ආය ආයෙම හිතුව....... පුංචි හාමුට ඒ ගැන කීවොත් කේන්ති යයිද........ නොකිය උන්නොත් .... ඒත් ප්‍රශ්නයක් උනොත්...... අනේ මන්දා මගෙ ඔලුව ඇත්තටම අවුල් උනා.... කෙනුල මහත්තයාගෙන් ඇහුවනම් හරි. ........ අවසානෙ මම මටම කියාගත්ත වෙනකොට නොදැනිම මම වලව්ව ඉස්සරහට ඇවිත් උන්න .....

" ඒ කොලුවො..... ඔහොම නැවතියන්....... "

😊 ඕතරිය කොටසක් දුන්නෝ.... 

😀මගෙ කතාව කියවන වෝට්  කරන හැමෝමටම තැන්කූ අප්ප......

😊ඕතරීට කම්මැලියි. .... කියවල මුනාහරි කොටාගෙනම යන්නෝ. ......

Continue Reading

You'll Also Like

550K 17.1K 74
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
767K 17.3K 46
In wich a one night stand turns out to be a lot more than that.
218K 9.1K 24
Where Lewis Hamilton goes to a cafe after a hard year and is intrigued when the owner doesn't recognise him. "Who's Hamilton?" Luca says from the ba...
968K 24.3K 23
Yn a strong girl but gets nervous in-front of his arranged husband. Jungkook feared and arrogant mafia but is stuck with a girl. Will they make it t...