HIS TWIN BROTHER ( Short Stor...

By NisheeTharuu

8.2K 1.4K 150

👣 එයා ඇත්තටම මැරුනෙ ඇක්සිඩන්ට් එකකින්ද ? 👣 More

chapter 01👣
chapter 02 👣
chapter 03👣
chapter 04👣
chapter 05👣
chapter 07👣
chapter 08 👣
chapter 09 👣
chapter 10 👣

chapter 06👣

650 134 13
By NisheeTharuu


මං හිටියෙ සෝප එකේ ඉදගෙන පොතක් පෙරලන ගමන් ... අද උදේම යීබෝ කම්පැනි එකට ගියේ එයාට වැඩ වගයක් තියෙනව කිව්ව නිසා ..

කසාදෙට කලින් ලීබෝ ඇවිදින්න ගිය දවසක අරන් දුන්න පොතක් අදටත් මං අරන් තියාහෙන ඉන්නව .. ලීබෝ ඒ දවස් වල මට අරන් දීපු තෑගිවලින් මං ගාව ඉතුරු මේ පොතයි තව එක දේකුයි විතරමයි .. අනිත් ඔක්කොම තෑගි මං පුච්චල දැම්ම එතකොට මේ පොත ගැන කිව්වොත් ඒක ඝාතයකෙක්ගෙ ජීවිත කතාව ගැන පොතක් .. හැබැයි එදා මං කීයටවත් හිතුවෙ නෑ මේ පොත මට පස්සෙ කාලෙක හුගක් ප්‍රයෝජනවත් වෙයි කියල ..

පොඩි බඩගින්නක් ආව නිසා පොත සෝප එක උඩින් තියල මං කිචන් එකට ගියේ කිරි එකක් හදාගන්න ..

මාත් එක්ක හැමදේම ඊයෙ කිව්ව නිසා යීබෝගෙන් ආයෙ අමුතු හැසිරීම් මට දකින්න ලැබුන්නෑ . ඒක එයාගෙ හිතට නිදහස් ඇති ..

මං කිරි එක හදාගෙන ආයෙ සෝප එකට ඇවිල්ල ඉදගත්තෙ පොතත් අතට ගන්න ගමන් ..

" ලීබෝ .. "

කොහෙ තියල වැටුනද මන්ද ලීබෝගෙ ෆොටෝ එකක් පොත ඇතුලෙ තිබිල මගෙ ඔඩොක්කුවට වැටෙද්දි මං ඒ ෆොටෝ එකෙන් පේන එයාගෙ ඇස් දිහා බලන් හිටිය ..

" සෙල්ලක්කාර ඇස් දෙකක් !! "

සෝප එකෙන් නැගිට්ට මං ගිනිපෙට්ටිය අතට අරන් එලියට ගියා .. ගිනිකූරක් පත්තු කරපු මං ඒ ගිනි දැල්ල ෆොටෝ එකේ කොනට ඇල්ලුවෙ ෆොටෝ එක ගිනිදැල්ලට ඇකිලිල ගිහින් අලුවෙලා බිමට වැටෙද්දි .. ගිනිපෙට්ටිය කලිසම් සාක්කුවට දාගෙන අලුවෙලා යන ලීබෝගෙ ෆොටෝ එක දිහා මන් බලන් හිටියෙ හැගීම් විරහිතව ..

" ඔයාට අලුවෙලා යන්නවත් පිනක් තිබ්බෙ නෑනෙ ලීබෝ .. ගොඩක් කනගාටුයි ඔයා ගැන "

මං ආයෙම ගෙට ගිහින් දොරකඩ  ලග හිටිය ටුටූව වඩාගෙනම සෝප එකෙන් ඉදගත්තෙ ටුටුව පුරු පුරු ගගා මගෙ ඔඩොක්කුවෙ ඉදන් හුරතල් වෙද්දි ..

" දගලන්නැතුව ඉන්න ටුටූ .. "

මං ටුටූගෙ ඔලුව අතගාද්දි එයා මගෙ අත ඉව කර කර හුරතල් උනා ..

ලීබෝ ඩ්‍රයිව් කරපු කා එක ඇක්සිඩන්ට් උන දවසෙ ලීබෝගෙ බොඩි එකවත් හොයාගන්න බැරිවෙන්න අලුවෙලා ගිහින් තිබ්බ .. එදා කා එක කන්දෙන් පහලට වැටිල ගිනි අරගෙන වාහනේ සැකිල්ල විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ .. ඒකත් වෙලාව තමයි .. මට සෑහෙන්න දුකයි ලීබෝ ගැන .. මොනා උනත් මනුස්ස ජීවිතයක්නෙ ..

ලොකු හුස්මක් පාතදාපු මං ගෙට ආව .. ලීබෝව හම්බුන මුල් කාලෙ මට හොදටම තේරුන දෙයක් තමයි එයා යීබෝට කැමති නෑ කියන එක .. ඒකට හේතුවිදියට මං දකින්නෙ මිස්ටර් වැන්ග්ගෙයි මිසිස් වැන්ගෙයි නොසැලකිල්ල ..

යීබෝ පොඩිකාලෙ ඉදන් ඉගෙනීමට දක්ශයි කියල මට මිසිස් වැන්ග් කාමන්  කියල තියෙනව .. කාමන් කියන්නෙ යීබෝගෙයි ලීබෝගෙයි අම්ම .. හැබැයි ලීබෝ කියන්නෙ ඉගෙනීමට දක්ශ නොව්නු කෙනෙක් .. එයා ගොඩක්ම කලේ කාලෙ කාපු එක .. කොටින්ම කිව්වොත් එයා හරි හිතුවක්කාර කොල්ලෙක් .. හැබැයි මට එයාව හම්බුන මුල් කාලෙ මං දැනන් හිටියෙ නෑ ලීබෝ සෙල්ලක්කාර කොල්ලෙක් කියල .. පස්සෙයි මන් දැනගත්තෙ එයා ක්ලබ්ගානෙ ගිහින් කෙල්ලො එක්ක නටන නාඩගම් ගැන .. ඒත් මගෙ පව්ලෙ බලකිරීමට  ලීබෝව අතාරින්න මට බැරිඋනා .. ඒත් අන්තිමට ලීබෝ නෙමේ යීබෝවයි මං කසාද බන්දෙ .. මං ඇත්තටම ආදරේ කරපු කෙනා ..

යීබෝ බිස්නස් සම්බන්දව හුගක් දක්ශ නිසා මිස්ටර් වැන්ග් වගේම මිසිස් වැන්ග් හැමතිස්සෙම ලීබෝට බනින්නෙ " අයිය වගේ වෙන්න " කියල .. ඉතින් ඕක අහලම ලීබෝ යීබෝ කියන එයාගෙ අයියට වෛර නොකලොත්නෙ පුදුම .. දෙමව්පියො උනාම ඉන්නෙ ලමයි දෙන්නද ඒ දෙන්නටම එක විදියට ආදරේ දෙන්න ඕන... දැන් ඉන්න බහුතරයක්  දෙමව්පියන්ගෙ කටේම තියෙන්නෙ " එයාට බැරිනම් ඇයි ඔයාට බැරි " කියන වාක්‍යනෙ .. අතේ ඇගිලි පහම එකිනෙකට වෙනස් වගේ තමයි ලමයිනුත් .. එයාල දක්ශ එක එක දේවල් වලට .. පව්ලෙ ඉන්න වැඩිමලා වගේ නෙමේ බාලය .. එයාලගෙ දක්ශතා විවිදයි .. ඒක දෙමව්පියො තේරුම් ගන්න ඕන.. ලීබෝටත් උනේ ඒකනෙ .. අම්මයි තාත්තයි අයියගෙ හොදම කියද්දි  " අම්මල ආදරේ අයියට විතරයි" කියන එක හිතට තදින්ම වැදුනම තමන්ගෙ අනිත් සහෝදරය ගැන තරහක් හිතේ ඇති වෙන එක ගැන අහන්න දෙයක් නෙමේනෙ ..

අනිත් දේ මිස්ටර් වැන්ග් වගේම මිසිස් වැන්ග් එයාලගෙ බිස්නස් ගැන හුගක් හිතපු කපල් එකක් .. ඒ හින්දම එයාලට හුගක් ලීබෝට අවදානෙ දෙන්න බැරි උනා ලීබෝ පොඩි කාලෙ ඉදන් .. ලීබෝ හුගක්ම වැන්ග් මැන්ශන් එකේ හිටියෙ එයාලගෙ ගෙදර වැඩ කරන මේඩ්ල එක්ක .. යීබෝටනම් නැන්ද හරි ලගින් හිටියනෙ .. ඒත් ලීබෝ හිටියෙ හුගක් තනි වෙලා .. මගෙ අම්මයි තාත්තයි නිතරම් ඔය ගැන කතාවෙනව මට ඇහිල තියෙනව ..

දරුවෙක්ට අනිවාරෙන් දෙමව්පියන්ගෙ අවදානෙ ඕනෙ .. එයාල ලගින් ඉදන් හොද නරක කියල දෙන්න ඕන .. වැන්ග් කපල් එකත් ඒ වගේ ලීබෝ ලගින් ඉදන් එයාට හොද නරක ඉගැන්නුවනම් .. කරන්න ඕන නොකරන්න ඕන මොනාද කියල කියල දුන්නනම් .. කෙනෙක්ට ගරු කරන්න ඕන කොහොමද කියල කියල දුන්නනම් ..  මනුස්සයෙක්ගෙ ආත්මගරුත්වය නැතිකරන එක නරක වැඩක් කියල කියල දුන්නනම් .. ආදරේ බලෙන් ලබාගන්න බෑ කියල කියල දුන්නනම් ....

සමහරවිට ,

ලීබෝ අද ජීවතුන් අතර ඉන්න තිබ්බ ..

" ඔයා වැරදි නෑ ලීබෝ ඔයාව හදපු විදියයි වැරදි "

මං කාමරේට ගිහින් කබඩ් එක ඇරල මගෙ නමල තිබ්බ ඇදුම් ටික අස්සෙන් පොතක් එලියට ගත්ත .. ඒක පොතක් නෙමේ ඒ මගෙ ඩයරිය ..

කාමරේ එල්ලල තිබ්බ මගෙයි යීබෝගෙයි වෙඩින් ෆොටෝ එක අස්සට අතදාපු මං ඇදල ගත්තෙ පොඩි යතුරක් ..

යතුර අරන් මං ඩයරියෙ ලොක් එකට දාල ඒක අන්ලොක් කලේ ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙනගමන් .. ලීබෝව මට මුනගැහුනු දවසෙ ඉදන් යීබෝගෙයි මගෙයි කසාද දවස වෙනකන් එකම එක අකුරක් නෑර සිද්ද උන හැමදේම මං මේ ඩයරියෙ ලියල තියෙනව ..







_________________________________________________

අතීතය ⌚⌚


චටාස් !!!!

"අහ්හ් !!"

ලීබෝ මගෙ කම්මුලට ගහපු පාර එක්ක මාව විසි වෙලා ගිහින් බිමටවැටුන ..

" උබ !! මෙහෙ වරෙන් "

මගෙ වැලමිටෙන් ඇදල ගත්ත ලීබෝ මාව බිත්තියට තද කලේ මං ලීබෝගෙන් බෙරෙන්න ට්‍රයි කරද්දි ..

" උබ මගෙ ලගින්ම ඉදගෙන මගෙම අයියට ආදරේ කරනවද සීන් ?? "

"ලීබෝ මං ඔයාගෙ අයියට ආදරේ කරන්න ගත්තෙ ඔයාව මට ප්‍රපෝස් කරන්නත් කලින් .. මං ආදරේ ඔයාගෙ අයියට විතරයි .. මං ඔයාට කලින්ම කිව්ව ලීබෝ අපි දෙන්නට කසාද බැදල එකම ගෙදර ජීවත් වෙන්න බෑ කියල .. මොකද මං ආදරේ යීබෝට ව්.......................

චටාස් !!!

" උඹ .. මෙච්චර කල් උබ මාව මගෑරියෙ කොහෙවත් යන එකෙක් නිසාද සීන් ?? කට ඇරල කියපන් යකෝ උබ ඌට කැමතී කියන්නෙ මොකද්ද යකෝ මගේ තියෙන අඩුපාඩුව ?? අඩුම උබ ඌව එකපාරක් දැකල තියෙනවද ? කතාකරල තියෙනවද ? ආ සීන් කට ඇරල උත්තර දීපන් !!"

" නෑ නෑ මං එයාව දැක්කෙ ෆොටෝ එකකින් විතරයි .. එදා ඉදන් මං ඒ රූපෙට ආදරේ කලා !!.. මං ආදරේ කලේ ඔයාට නෙමේ එයාට .. ඒ රූපෙට !!"

" ඉතින් යකෝ මට තියෙන්නෙත් ඌගෙ රූපෙමනෙ .. මොකද්ද යකෝ උබ ඌගෙ දැක්ක විශේශත්වෙ .. කියපන් සීන් මාව මාරය කරගන්නැතුව  !! "

" මං දන්නෑ .. මං දන්නෑ !! මං දන්නෙ මං ආදරේ එයාට විතරයි කියල විතරයි !!"

මං උගුර ලේ රහ වෙනකන් ලීබෝ එක්ක වාද කලා .. මට තවත් බෑ දෙවියනේ මෙහෙම වාද කරන්න ..

මගෙ හිතේ යීබෝ ගැන තියෙන හැගීම අකුරු කරපු කොලයක් ලීබෝ අතට හම්බෙලා .. මං දන්නෑ ලීබෝ අද මට මොනා කරයිද කියල .. ඒත් එක අතකට මේ ප්‍රශ්නෙ මෙහෙම හරි විසදුනොත් .. මොකද මට ජීවිත කාලෙටම මේක ලීබෝගෙන් හංගන් ඉන්න බෑනෙ ..

ලීබෝ හිටියෙ පිස්සෙක් ගානට .. එයාගෙ මේ වගේ හැසිරීමක් මං දැක්කෙ පලවෙනි වතාවට .. මගෙ හිතට ඒ හින්දම බයක් නොදැනුනාම නෙමෙයි .. මට ඒඇස් දිහා බලන්න පවා බයක් දැනෙද්දි මං කලේ බිත්තිය කෙරෝලට වෙන්න ඉදන් හිටිය එක ..

" හරි .. උබ කියන්නෙ උබට මාව බදින්න බෑ කියලද ම්ම් ? "

බලාපොරොත්තු නොව්න විදියට ලීබෝ මංගාවට ඇවිත් සන්සුන් කටහඩකින් ඇහුවෙ මං ඇස් උස්සල එයා දිහා බලද්දි ..

" ල්..ලීබෝ අහන්න .. අපි දෙන්න කසාද බැදල සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල මං හිතන්නෑ .. ඔයාට කැමති ඔයාට ආදරේ කරන කෙනෙක් මේ ලෝකෙ කොහෙහරි ඇති .. හැබැයි ඒ මං නෙමේ .. මං හිතන්නෑ මට ඔයාට කවදාවත් ආදරයක් දෙන්න පුලුවන් වෙයි කියල .. "

" ඇත්ත ! .. මේ යන විදියට ඔයාට මට ආදරයක් දෙන්න බැරි වෙයි .. ඒත් මමත් කොහොමත් ඔයාගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නෑ  වගේම උනෙත් නෑ .. තේරුනාද සීන් බබෝ "

" ලීබෝ .. එහෙම නැත්තන් ඔයා මොනාද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ! "

" se* !! එච්චරයි !! "

ලීබෝ කිව්ව දේ එක්ක මං මගෙ කර උඩ තිබ්බ එයාගෙ අත කුනුගොඩක් වගේ එහාට තල්ලු කරන් නැගිට්ටෙ ලීබෝ ගැන මගෙ හිතේ පිලිකුලක් ඇති වෙද්දි .. මෙච්චර කල් මං මිනිස් හමක් පොරවගත්ත තිරිසනෙක්ටනෙ රැවටිලා තියෙන්නෙ ..

" ලීබෝ .. තමුසෙ !!"

" ශ්... මට ඇගිලි දික්කරන් එන්න එපා සීන් තේරුනාද ??  .. මං ඒකට පොඩ්ඩක්වත් කැමතිනෑ .. අනිත් දේ උබ මොනාද මං ගැන දන්නෙ සීන් .. පව්ලෙ අයගෙ බල කිරීමට උබ මාව කසාද බදින්න කැමති උනා මිස උබ මං මොන වගේ කෙනෙක්ද කියවත් දන්නවද නෑනෙ නේද ම්ම් ?? පිටකවරෙන් පොතක් මනින්න එපා සීන්... හරියට ඔයා පිටින් බලල මාව මැන්න වගේ .. පිටින් ඉන්න කෙනා නෙමේ සීන් ඇතුලෙන් ඉන්නෙ .. ඒක තේරුම් ගන්න !"

ලීබෝ මගෙ වටේ කැරකි කැරකි කියවද්දි එයාගෙ බර අඩි සපත්තු සද්දෙ බිම පොලවෙ වදින පාරක් පාරක් ගානෙ අපි හිටිය හිස් කාමරේ  ඇතුලෙ දෝං කාර දුන්න .. මං යීබෝට ආදරෙයි කියල දැනගත්ත වෙලේම ලීබෝ මාව ගෙන්න ගත්තෙ අපි කසාද බැදල එන්න හිටපු ගෙදරට ..

" මං උබට ආදරේ කලා සීන් .. හැබැයි උබ යීබෝට ආදරෙයි කියල දැනගත්ත වෙලේ ඒ ආදරේ මැරිල ගියා .. අලුවෙලාම ගියා .. ඒ අලු හොයාගන්න බැරි වෙන්නම හුලගට ගහගෙන ගියා .. "

" ල් ...ලීබෝහ් !! "

ලීබෝ මගෙ දිහාට පෙන්නුවෙ එයාගෙ ෆෝන් එක වෙද්දි ස්ක්‍රීන් එකේ ප්ලේ වෙන වීඩියෝ එක දැකලා මට කෑගැස්සුනා ..

" ල්..ලීබෝ මෙහෙම ක..රන්න එපා ප්ලීස් !"

" ශ්... කෑගහන්න එපා සීන් .. දන්නවද කෙල්ලෙක්ගෙ වගේමයි කොල්ලෙක්ගෙ ආත්මගරුත්වය .. ඒක විනාස උනොත් මං හිතන්නෑ එතනින් එහාට මේ සමාජෙ ඇතුලෙ ඒ කෙනාට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල .. මොකද .. සමාජෙ කියන්නෙ අපි හිතනවට වඩා දරුනු තැනක් සීන්.. ඉතින් ඔයා හිතන්න මේ වීඩියෝ එක ලීක් උනොත් ..

ශියාවෝ පව්ලට මොනතරම් කැලලක්ද ම්ම් ?

" ලීබෝ එ..පා ප්ලීස් ඕක කරන්න එපා .. ප්ලීස් මං වැදල ඉල්ලන්නම් ලීබෝ ඕක කරන්න එ..පා .. "

" මේක ලීක් වෙනවද නැද්ද කියන එක තීරනේ කරන්නෙ ඔයා සීන් .. ඔයාගෙ එකම එක උත්තරයකින් පුලුවන් ඔයාගෙ ආත්මගරුත්වය ගැන මට තීරනයක් ගන්න ..

දන්නවද සීන් ..

පොඩි කාලෙ මං මොනාද ඉල්ලන්නෙ ඒ හැමදේම මං ඉල්ලන පමාවට මං ගාවට ලැබුන .. එකම එක තප්පරයක් යන්න කලින් ඒ දේ මගෙ කකුල් දෙක ලග තිබ්බ ... සරලයි.. මට දෙයක් ඕන උනොත් මට අනිවාරෙන් ඕන .. හරියට උබව වගේ .. මට නැත්තන් කාටවත් නෑ .. කාටවත්ම !! මගෙ අයියටවත් !! .. එක්කො උබ මේ කසාදෙට ලෑස්තිවෙයන් .. නැත්තන් ආත්මගරුත්වය නැතිකරගෙන මැරිල පලයන් !! "







                   🍁🍁🍁🍁


👣 කසාදෙට කැමතිවෙයිද ?
       ආත්මගරුත්වෙ නැතිකරගෙන මැරිල යයිද ? ☠️

👣comment එක්ක දාන් යන්න ❤

😻twinkitties

Continue Reading

You'll Also Like

878K 34.9K 82
မာန်ထက်လွှား ~ မင်းကို ​ဒေါ်​ဒေါ့်​ကြောင့် ငါအ​တော်သည်းခံ​နေရတာ ရွန်း​ဝေလ ​တော်​တော်စိတ်ပျက်ဖို့​ကောင်းတဲ့​ကောင်ပဲ ကျစ်! ရွန်း​ဝေလ ~ မင်းရဲ့ကံဆိုးမှု...
329K 25.5K 23
Fluff,BL,Short story. "အေး..အေးကွာ..ချစ်တယ်ကွာဘာဖြစ်လဲ။ မင်းကလူမိုက်..ငါကအုပ်ကြီး ဘယ်ကောင်က လှန်ရဲမှာလဲ။" အသုံးအနှုန်းအချို့အတွက် ၁၅ နှစ်အောက်ကလေးငယ...
28.9M 916K 49
[BOOK ONE] [Completed] [Voted #1 Best Action Story in the 2019 Fiction Awards] Liam Luciano is one of the most feared men in all the world. At the yo...
1M 48.3K 100
Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ္ခ်င္ေက်ာ္သြား❗️ Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ်ချင်ကျော်သွား❗️