Beyond Duty || Yizhan

By RadhithReyshan

35.5K 6.2K 870

ජීවිතේ කියන්නේ මොකද්ද කියලා කලින් කියවලා බලලා තේරුම් ගන්න පුලුවන් එකක් නෙවේ. ඒක විදලා බලලා ජීවත් වෙලා තේරුම්... More

01 වන මෙහෙයුම
02 වන මෙහෙයුම
03 වන මෙහෙයුම
04 වන මෙහෙයුම
05 වන මෙහෙයුම
06 වන මෙහෙයුම
07 වන මෙහෙයුම
08 වන මෙහෙයුම
09 වන මෙහෙයුම
10 වන මෙහෙයුම
11 වන මෙහෙයුම
12 වන මෙහෙයුම
13 වන මෙහෙයුම
14 වන මෙහෙයුම
15 වන මෙහෙයුම
16 වන මෙහෙයුම
17 වන මෙහෙයුම
18 වන මෙහෙයුම
19 වන මෙහෙයුම
20 වන මෙහෙයුම
21 වන මෙහෙයුම
22 වන මෙහෙයුම
23 වන මෙහෙයුම
24 වන මෙහෙයුම
25 වන මෙහෙයුම
26 වන මෙහෙයුම
28 වන මෙහෙයුම
29 වන මෙහෙයුම
30 වන මෙහෙයුම
31 වන මෙහෙයුම
32 වන මෙහෙයුම
33 වන මෙහෙයුම
34 වන මෙහෙයුම
35 වන මෙහෙයුම
36 වන මෙහෙයුම
37 වන මෙහෙයුම
38 වන මෙහෙයුම
39 වන මෙහෙයුම
40 වන මෙහෙයුම
41 වන මෙහෙයුම
42 වන මෙහෙයුම
43 වන මෙහෙයුම
44 වන මෙහෙයුම (අවසාන කොටස)

27 වන මෙහෙයුම

681 127 9
By RadhithReyshan

"ලොකු අයියේ...."

තුරුල් වෙලා හිටපු අපි දෙන්නා ඒ සද්දෙට ඉක්මනට දෙපැත්තට උනා.... මම ගිහින් දොර ඇරියා....

"අම්මා අහන්න කිව්වා... රුලන් අලුවා කීයට විතර හදන්න ගන්නද කියලා... ඔයාලා කීයට ද යන්නේ..."

"හතර වෙන්න ඉස්සේල්ලා හදලා දෙන්න කියන්න මල්ලියෝ..."

අපි දෙන්නා ඇදුම් ඇදගන ගෙනියන්න ඕන ඇදුම් පැක් කරන්න ගත්තා.....

"මොනාද බන් හොයන්නේ....."

"මගේ යුනිෆෝම් එකක් නෑ බන්... ඇතුලට අදින ටී ෂර්ට් එකකුත් නෑ..."

දනුවා බිම බලාගෙන හිනා වෙනවා...

"මොකද යකෝ හිනා වෙන්නේ...."

"මම උඹව මතක් වෙන්න කියලා මගේ බෑග් එකට දාගත්තා...."

"බූරුවෝ.... තොට නම් මොලේ කලදක් නෑ.... ටී ෂර්ට් එකයි කලිසමයි ගත්තත් කමක් නෑ... යුනිෆෝම් ෂ‍ර්ට් එකේ මගේ නම ගහලනේ තියෙන්නේ..... ඕක උබේ ලොකර් එකක තියනවා දැක්කොත් මරුවට තියෙයි...."

"අවුලක් නෑ... කියන එකෙක් ඕනෙ එකක් කියපු දෙන්... "

"අනේ මන්දා.... මොනා කරත් විහිලුවක් වෙන්න නම් වැඩ කරන්න එපා දනූ...."

හැමදේම ලැස්ති කරගෙන යන්න ලෑස්ති වෙනකොට කවදාවත් නැතිව මට යන්න බෑ කියලා හිතුනා.... අම්මා ලොකු කැවිලි පාර්සලයක් හදලා දුන්නා.... හිතාගන්න බෑ දනු පුදුම විදිහ අපේ ගෙදර අයට එකතු වෙලා තියෙන්නේ.... යන්න ලෑස්ති වෙලා අප්පච්චිට වදිද්දි එයාගේ ඇස්වලත් කදුළු.... මට දනු ගැන පුදුම ආදරයක් ඇති වුනේ... ඇත්තමට උඹ හරි ලස්සනට මගේ බැදිම් උබේ කරගෙන තියනවා කියලා හිතෙනවා... ඒ හැම බැදිමකටම මම වගේම ආදරය කරන්නෙ හරිම අපුරු විදිහට....

"අනේ පුතේ පරිස්සමෙන් වැඩ කරන්න.... ආයෙමත් නිවාඩු ආවාම අපේ ගෙදර ඇවිත් යන්න එන්න...."

"අනේ ඔවු අම්මේ... මට දැන් මේ ගෙදරත් අපේ ගෙදර වගේ තමයි...."

දනු අම්මාට වදින ගමන් කියන විදිහට මට පවු කියලා හිතුනා.....

"අයියේ වීල් එක ආවා...."

මල්ලි එහෙම කියනකොට අපි දෙන්නා බෑග් උස්සගෙන එලියට ආවා.... හැමෝම ගෙදර ඉස්සරහට ඇවිත් අපි යන දිහා බලාන ඉන්නවා....

"පරිස්සමෙන් ගිහින් එන්න පුතේ... තෙරුවන් සරණයි දෙන්නටම....... "

මම ඔලුවෙන් හා කියලා තොල හපාගන වීල් එකට නැග්ගා... හිත පුදුම විදිහට නොසන්සුන්....

"දනු...."

"ෂ්..... මුකුත් කියන්න එපා... මට අවුල්...."

අපි සද්ද නැතිව ස්ටේෂන් එකට ආවා..... හැමදේම ආයෙමත් පටන් ගන්න වෙනවා කියලා මට දැනුනා..... කෑම්ප් එකට ඇවිත් ආයෙමත් වැඩ පටන් ගන්න කොට ඒ දුරස් බවනම් දරාගෙන ඉන්න බෑ....

හැමදේම වෙලාවත් එක්ක කරන යුද්ධයක් වගේ කියලා මට දැනුනේ.... 

ජීවත් වෙනවා කියන්නෙත් එක්තරා මෙහෙයුමක් වගේ කියලා මට දැනෙනවා.... එදා මෙහෙන් ගිය දෙන්නා නෙවේ අද ඉන්නේ.....

"මොකෝ බන් උඹලා දෙන්නා ආපු වෙලාවේ ඉදලා බලාගත්ත අත බලාන ඉන්නේ....."

"ආ... තිනෝල්... උඹ ආවද බන්...."

"ආ...මෙන්න අලුත් ශෙඩියුල් එක උඹලා දෙන්නගේ.... මම යනවා බන් නාගන්න... ට්‍රෙන් එකේ ඇවිත් මුලු ඇගම ගදයි වගේ... උඹලා දෙන්නත් ඇදුම් මාරු කරගනිල්ලා බන්..."

මගේ අතට දුන්න ශෙඩියුල් එක මම බලන්නෙවත් නැතිව දනුට දුන්නා.... යන්තම් ඇස් කොනොන් මූ හිනා වෙනවා දැක්කම මම ගැස්සිලා හරියටම බැලුවේ මේකා අඩනවද හිනා වෙනවද කියලා.....

"මොකද බන් වෙලා තියෙන්නේ....."

"නෑ මුකුත් නෑ.... අපිට අපිව ඕන නැති වෙනකොට එකට ඉන්න ලැබුනා... ඒත් අපිට දැන් එකට ඉන්න ඕනෙ කියලා හිතන කොට ඉන්න ලැබෙන්නේ නෑ...."

"මොනද බන් කියවන්නේ...."

"මේක බලහන්.... මේකේ හැටියට උඹයි මායි එකට දාපු හැම වැඩකටම මම වෙනුවට තිනොල්ව දාලා...."

"නෑ......"

මම කොලේ උදුරගෙන බැලුවේ මූ විහිලුවක්ද කරන්නේ කියලා....

"ඒත් ඇයි බන් මෙහෙම කරන්නේ....."

"ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ... සමහරක් විට අන්තිම වෙනකොට මේ හැමදේම වෙනස් වෙයි...."

"ඒත් බන්...."

"අවුලක් නෑ කොහොම උනත් අපි දෙන්නට අපි දෙන්නව දකින්න හරි ලැබෙනවා කියලා හිතහදා ගමු බන්... යමු වොෂ් එකක් දාගෙන එමු...."

මම පොඩි එකෙක් වගේ ඌ කියන දේ කරන ගමන් උගේ පස්සෙන් ගියා..... ඒත් දැන් දැන් මට හිතෙනවා ඌට මාව ඕන කරන තරමට වඩා මට ඌව ඕන කරනවා කියලා......

අයෙමත් ජීවිතේ හැමදේටම පෝලිම් ගැහෙන්න ගත්තා... රෑ දවල් නැතිව වැඩ ගොඩයි.... නිදාගන්න දෙන්නේ හරියට ඇලි තුඩු අගට සියුම්ව අහුවෙන ටිකක් වගේ පොඩ්ඩ වෙලාවක්... ඒ දුවන රේස් එක අතරේ පාන්දර ඇහැරෙන්න පැයක් විතර තියලා දනුවා මගේ ඇදට ඇවිත් මට තුරුල් වෙලා ටික වෙලාවක් නිදාගන්නවා.... ගොඩක් අය උදෙන්ම නැගිටලා රැවුල කපලා එහෙම ඇවිත් ආයෙමත් වෙලාව එනකම් නිදාගන්න නිසා කාටවත් වැඩිය මහා ලොකුවට චෙක් වෙන්නේ නෑ.... ඒත් අනිත් උන් අපි දෙන්නා දිහා බලන්නේ අමුතු විදිහකට කියලා මට හිතුනා......

ඉතිත් ආපහු ඇවිත් දවස් දෙකට පස්සේ ස්ටෝස් එකේ වැඩ ඉවරද කියලා සර් අහලා තිබුන නිසා ඒ වැඩ ටික ඉවර කරන්න ගියා.... ගෙනාපු රුලං අලුවා හැමොටම බෙදලා යුෂාන්ව මතක් වෙලා උගේ කොටස තියාගෙන ආව.... අනික අපි දෙන්නාට එකට නිදහසේ ඉන්න ලැබුන එකම අවස්ථාව තිබුනේ ස්ටොස් එකේ.....

"ගුඩ් ඊවින් කෝප්‍රල්....."

යුෂාන් මාව දැක්ක ගමන් විෂ් කලා......

"ආ.... යුෂාන් කොහොමද කොල්ලෝ.... "

"අපි නම් හොදින් ඉන්නවා කෝප්‍රල්.... අපිට ඉතින් නිවාඩු තිබ්බේ නෑ.... කට්ටිය නැති උනාම පාලුයි.... අනික කෝප්‍රල් නම් ගොඩක් හොදින් ඉදලා ඇවිත් කියලා පේනවා... කලින්ට වඩා ටිකක් සුදුත් වෙලා...."

"ඒක ඉතින් ට්‍රෙනින් ස්කුල් වල හැටියක්මනේ කොල්ලෝ.... අනික උඹලා බලාගෙන ඉන්නේ අලුතින් බැජ් එකක් එනකම් නෙහ් එන උන්ව මරව මරව වැඩගන්න... ප්‍රැක්ටිස් මාරයෝ... අනික ග්‍රවුන්ඩ් එකට දාලා දෙපාරක් තුන්පාරක් හැරෙන කොට අයෙමත් අගුරු පාටම තමයි.... මේක ඉවර වෙන්නේ කවදද කියලා බලාන ඉන්නේ බන්...."

"ඉතින් කෝප්‍රල් මොනාද අපිට ගෙනාවේ නිවාඩු ගිහින් එනකොට...... "

"ආ මෙන්න... මෙච්චරයි කොල්ලො මට උඹ වෙනුවෙන් පරිස්සන් කරගන්න පුලුවන් උනේ..."

"අනේ මේ මොනාද.....මේ..."

"අම්මා හදලා දුන්නේ බන්.... "

"ම්.... මරු පට්ට රසයි.... මේ රුලන් අලුවා වල රසට ගෙදර මතක් වෙනවා සර්......"

"කියලා වැඩක් නෑ බන්... ෂුවර් එකට අපි ඔක්කොම ගිය ආත්මෙක කූඩු කරගෙන සත්තු හදලා ඇති බන්... මෙහෙදි කන්න බොන්න ඉන්න හිටින්න වගේම ලෙඩකදි දුකකදි හොදට හොයාලා බලනවා... ඒත් රාමුවක් ඇතුලේ කොටු වුන ජිවිතයක් තියෙන්නේ..."

"අනේ මන්දා කෝප්‍රල්.... යනකොට හිටිය කෝප්‍රල් නෙවෙයි ආපහු ඇවිත් තියේන්නේ..."

මම ගැස්සිලා යුෂාන් දිහා බැලුවා... මොකද ඉතින් අබ කාපු එකාගෙලු නෙහ් නහය දන්නේ....

"නෑ මම මේ කිව්වේ බන්...."

"නෑ... යනකොට කෝප්‍රල් ඔච්චර මාත් එක්ක කතා කලේ නෑනේ..... කොයි වෙලෙත් අහස පොලව ගැටගහන්න වගේ කල්පනාව..... "

ඒ දවස් වල මගේ ආත්මයම බැදලා දාලනේ තිබුනේ.... ඒ බැදලා දාලා තිබුන ආත්මය අර මාත් එක මරාගන්න එකා ඇවිත් ලෙහලා දාලා ගියා නෙහ්.... ඒකයි මේ වෙනවට හේතුව කියලා කියන්න හිතුනා.... ඒත් මම හිමිහිට පොඩි හිනාවක් දාලා කතාව මග ඇරලා අන්තිම දවස් වල කොල්ලට ඉවර කරන්න දීලා තිබුන වැඩ ටික බැලුවා......

"ෂා.... උඹ හරි හොදට වැඩ ටික කරලා තියනවානේ....."

"අනේ මාව බොරුවට මුරුංගා අත්තේ තියන්න එපා සර්... සර්ගේ හෑන්ඩ් රයිටින් බලන්න කෝ... මගේ ඒවා බලන්නකො... හැටි විතරක්... "

"හරි බන් හරි මම කිව්වේ පිලිවෙල....."

"අනේ අකුරු වලට මොන පිලිවෙක්ද.... ඔහොම නොන්ඩි කරන්න එපා කෝප්‍රල්.... අකුරු කැතයි තමයි ඉතින්... මැරෙන්නද කියන්නේ..... "

මේකා මාවත් ජෝක් එකට අරගන... මටත් හිනාව නවත්ත ගන්න බෑ... හිනාවත් එක්ක නොදැනිම මම උගේ උරහිසට අතක් දාගන හිටියේ.... ඒත් ඒ එක්කම දනු ඇවිත් සද්දෙන් පුටුව ඇදලා වාඩි වෙනකොටයි දැක්කේ ඒ මූනේන් ගිනි පුපුරු විසිවෙනවා කියලා.... පුදුම කේන්තියකින් ඉන්නේ....

වැඩ ටික ඉවර වෙලා ස්ටෝස් එකෙන් ආවට පස්සේ හැමතැනම හෙව්වත් දනුජයාව මට හොයාගන්න බැරි වුනා.... ඇත්තටම ආදරය කියනේ පුදුමාකර දෙයක්.... උගේ මූනේ ඒ වෙලාවේ මතුවෙලා තිබ්බ තරහ දකින කොට මට කියාගන්න බැරි සතුටක් දැනුනේ... මොකද ඒ තරහ ඇතුලේ පුදුමාකාර ආදරයක්, ඉරිසියාවක් පිරිලා තිබුනේ..... ඒ දේ නිසාම මම මගේ නෙවෙයි උගේ කියලා හිතෙන තරමට ඒ බැල්ම මගේ හදවතටම දැනුනා.....

"මචං දනුජයාව දැක්කද...."

"ආ... ඔවු බන්.... පහල පොකුණ ගාව අතුගානවා දැක්කා...."

"ආ... තැන්කියු මචං...."

මම පොකුණ පැත්තට දිව්වා.... කිසිම හැගීමක් දැනිමක් නෑ වගේ පොකුණ වටේට වීසි ගහලා තියන තණ කොල අතු ගානවා... මේකව දකින ඕන කෙනෙක්ට හිතෙනවා මුගේ ගත මෙතන උනාට හිත වෙන කොහෙදො කියලා..... මම ගලක් අරගෙන උගේ ලගින්ම වතුරට වැටෙන්න ගැහැව්වා..

"ඒ දනුවා දනුවා ලොකු මාළුවෙක් මාළුවෙක්...."

මම බොරුවට දුවගෙන ගිහින් වතුරට එබුනා.....ඒත් ඌ එක පාරම ගැස්සිලා මගේ දිහා ඔරවලා බලලා ගණන් ගන්නේ නැතිව වැඩේ කරගෙන ගියා....

"දැන් මොකද්ද මගේ මහත්තයෝ ඔහොම හොස්ස බිම ගෑවෙන්න දික්කරගෙන ඉන්න හේතුව..."

"අනේ මේ මගේ පාඩුවේ ඉන්න දීලා මෙතනින් පලයන්...."

"ඔයාට තරහ ගියේ අර කො......"

"යකෝ මම සැරයක් කිව්වා උඹට....."

"දනු මේ මගේ යකා අවුස්සන එපා හරිද... මම කැමති නෑ ඔය ගෑණු වගේ එකක් හිතේ තියාගෙන තව දෙයක් කුනු කුනු ගාගා කියවන එකට.... පිරිමියෙක් වගේ හැසිරියන්.... මම කලේ වැරැද්දක් නම් කන රත්වෙන්න ගහලා හරි වැරැද්ද පෙන්නලා දියන්...."

"මොකද්ද කිව්වේ..."

"ආ.... අම්මෝ.... මොන හුත්තක්ද යකෝ කරන්නේ... තොලත් පැලුනද කොහොදෝ....ගහන්න කිව්ව පලියට ඔහොමත් ගහනවද බන්...."

කියලා කට ගන්න හම්බුනේ නෑ මේකා ඇරලා දැම්මේ නැද්ද කන රත්වෙන්න.... අම්මෝ... වැදුන පාරේ සැරට දතකට තද වෙලා යටි තොල ඇතුලෙන් පැලුනද මන්දා....

"ඔය විදිහට තමයි පිරිමි උනාම අපි ප්‍රශ්ණ විදගන්නේ... දැන් සනීපයිනේ...."

මට තේරෙන්නේ නෑ මූව යාළු කරගන්නේ කොහොමද කියලා...... මම සාක්කුවෙන් ගත්ත ලේන්සුවෙන් තොලෙන් එන ලේ ටික පිහද ගෙන එතන තිබුන බංකුවේ වාඩි උනා.....

"මම දන්නේ නෑ දනු උඹට මොනා වෙලාද කියලා.... ඒත් දකින දකින එකා එක්ක බුදියගන්න උන්ව හුරතල් කරන්න මට කිසිම ආසාවක් නෑ.... ඒත් මමත් මනුස්සයෙක් ඒ වගේම පිරිමියෙක් බන්.... මට උබේ බැදිම විතරක් තියාගෙන අනිත් බැදිම් අතරින්න බෑ.... මේ කෑම්ප් එකේ ඉන්න කොල්ලෝ පන්සීයම හරි දාහම හරි එක්ක ඉන්න වෙනවා... කොල්ලෝ සෙට් එකක් එකට ඉන්න කොට දන්නවනේ... කරන විකාර වැඩ... මේකේ අපි දෙන්නා විතරයි වෙනස් උන් දෙන්නෙකුට ඉන්නේ අනිත් උන් හැම එකෙක්ම අපි වගේ නෙවෙයි... ඉතින් උන් එකතු උනාම කරන විකාර උඹට මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.....අනික ස්ටොස් එකේ එකාව දැක්ක පලවෙනි දවසේ මට එක පාරම මගේ මල්ලිව මතක් උනා... අපේ මල්ලියි මූයි දෙන්නම එකම වයසේ වගේ.... මට පවු කියලා හිතුනා..... මම ඌත් එක්ක ඉන්නවා දැකලා උඹට ඉරිසියා හිතුනට කේන්ති ගන්න තරම් දෙයක් මෙතන නෑ බන්.... ආදර සම්බන්ධයක් තිබ්බ පලියට අපිට අනිත් මිනිස්සු එක්ක කතා බහ නොකර, ආශ්‍රය නොකර, අතපය හතර ගැට ගහලා වගේ මේ සමාජේ ජීවත් වෙන්න බෑ දනුවා...පොඩ්ඩක් තේරුම් ගනින් මම කියන දේ...."

මම කොච්චර කතා කලත් මූ කිසිම වෙනසක් නැතිව අතුගාගන යන්න ගියා....

"ඒ මචං සිත්ම මොකද බන් තොලට වෙලා තියෙන්නේ...."

දන්නෙම නැතුව එක පාරම තිනොල් කඩාපාත් උනා.... දැන් ඉතින් දීපන්කෝ උත්තර....

"නෑ බන් මේ ලීයක් වැදුනා....."

"යකෝ ලියක් වැදුනා නෙවේ ලීයකින් ගහලා වගේ... මේ බලහන් මේ පැත්ත ඉදිමිලා වගේ...."

"නෑ බන් ඒ හරියේ තියන දතකටම හරියටම සෙට් උනා බන්.... ඒක නිසා ඇතුලෙන් පැලිලා තියෙන්නේ... ඉදිමුම බහිවි...."

"මේ යමන් යමන් අයිස් ටිකක්වත් තියන්න ඕකට..."

"අනේ තැන්ක්‍යූ බන්... මෙතන පොඩ්ඩක් ඉදලා මේ වැඩේ ඉවර කරලම එන්නම්...."

"ආ... හරි හරි මම යන්නම් යන ගමන් එම් රූම් එක පැත්තේන් වරෙන්...."

තිනොල්ගේන් බොහොම අමාරුවෙන් බේරිලා බලන කොට දනු අතු ගගා හිටිය ඉදල පොලොවේ ගහලා මගේ පැත්තට ආවා... යකෝ මේක හරි අවනඩුවක් උනානේ... මෙච්චර පිරිමි ගොඩක් මැද්දේ මම කොහොම මොකෙකුටවත් මාව අල්ලන්න දෙන්නේ නැතිව ඉන්නේ......

"ඒ පාර මොකද දනු වෙලා තියෙන්නේ...."

"කෝ මට තොල පෙන්නවා බලන්න...."

"නෑ ඕන නෑ..... මම මගේ තුවාලේට බෙහෙත් දාගන්නම්... කවුරුත් කරදර වෙන්න ඕනේ නෑ...."

"අනේ මේ කෝ හිටහන්කෝ...."

"නෑ නෑ ඕන නෑ මම පොඩි එකේ නෙවේනේ...."

මම ලංවෙන්න දෙන්නේ නැතිව පස්සට උනා.... ඌ මාව අල්ලගන්න හැදුවත් මම පස්සෙන් පස්සට ගියා....

"යකෝ උඹ ඔහොම කරනවට වඩා හොදයි මාව මරාගෙන කෑවනම්...."

ඉවසගන්න බැරිතැන දනු කෑගහැව්වා..... කෑම්ප් එකේ පහලම කොට නිසා... කෙලවරට වෙන්න තියන පොයින්ට් එක ඇරෙන්න වෙන කවුරුත් නෑ..... අනික හවස් වීගෙන එන නිසා ඒකෙත් එක්කෙනෙක්ට වඩා නෑ.....

"ඔහොම කෑගැහැව්වා කියලා මම බයවෙයි..."

"උඹට මම ... "

එකපාරම දනුවා ඉස්සරහට පැනලා උගේ හිතේ තියන තරහට මගේ අත හයියෙන් අල්ල ගත්තා.....

"දෙයියන්ගේ නාමෙන් මට ඕක බලන්න දියන් යකෝ.... "

එක පාරම හිතපු නැති විදිහට උගේ ඇස්වල කදුළු මතු වෙනකොට ජෝක් එක්ක දුර දිග ගියා වැඩියි කියලා මට හිතුනා.... ඒක නිසාම මම සද්ද නැතිව හිටියා...

"ආ... මෙන්න බලාගනින් උබේ හපන්කම...."

මම මූන ඉස්සරහට දික් කරලා යටි තොල පෙරලාල තුවාල උන තැන පෙන්නුවා.....

"දනු... මොකෝ... කරන්නේ.. ද....නු...."

එක පාරම වට පිට බලලා මූ මගේ යටි තොල ඒයාගේ තොල් අතර හිරකරගත්තා... මුලින්ම සියුම් වේදනාවක් දැනුනත් පොඩි එකෙක් වගේ හෙමින් සිනිදුවට උරන කොට ඒ වේදනාව නැතිව ගියා... මොහොතක් එහෙම ඉදලා ඒ තොල් මගෙන් අයින් කර ගත්තා.....

"තුවාල කරන්න, පාරවන්න වගේම බෙහෙත් දාන්නත් ගාණට දන්නවා වගේ..."

"අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා හරි බන්... මගේ ඉවසිමෙත් සීමාවක් තියනවා.... මම දන්වා උඹ කියනවා වගේ මේකේ ඉන්න පිරිමි හැමොගෙන්ම උඹට ඈත් වෙලා ඉන්න කියන්න බෑ.... ඒත් මට අමාරුයි බන් දරාගන්න.... අනික උදේ මොකද අර එකෙක් උබේ ඔඩෙක්කුවේ ඔලුවේ තියාගෙන හිටියේ.... තව එකේ උරහිසට ඔලුව තියාගෙන......මට උඹට අවිශ්වාසය නෑ... මටත් වඩා මට උඹව විශ්වාසයි....ඒත් මට එහෙම ඉන්න බැරුව ඉද්දී අනිත් උන් එහෙම උඹට තුරුල් වෙලා ඉද්දී මට ඉරිසියයි බන්..."

"මට උඹේ වේදනාව තේරෙනවා බන්... ඒත් මම කියලා මොනා කරන්නද.... මම ගැණියෙක් උනා නම් කිසි අවුලක් නෑ... කිසි කෙනෙක්ට මාව අල්ලන්න එපා කියන්න තිබ්බා... මමත් පිරිමියෙක්නේ... උදේ පීටි ගිහින් ඇවිත් මහන්සි නිසයි මම බිම වාඩි උනේ... ඉතින් උන් ටිකත් මගේ ගාවට ආවා... උඹට අවුල් උනාට ඕක සාමාන්‍ය දෙයක් බන්.... "

"මට ඒවා අදාලා නෑ.... මීට පස්සේ උඹ එහෙම ඉන්න බෑ... එච්චරයි...."

දනු මගේ බෙල්ල යන්තමට අල්ලගෙන හොලවන ගමන් එහෙම කිව්වා....

"එක පාර මිරිකාලා දාහන් ඉවරයක් වෙන්න.... එතකොට මේ ප්‍රශ්න මුකුත් නෑ..."

"මම එහෙම එක පාර ලේසියෙන් මරන්නේ නෑ... ටික ටික තමයි මරන්නේ.... අනික මමත් මේ ඉන්නේ එහෙනම්..... කෝ මගේ ඔඩොක්කුවේ වාඩි වෙන්නයි තුරුල් වෙන්නයි ඔය එකෙක්වත් එනවාද....නෑ නෙහ්... උඹේ අස්සේමයි හැම එකාටම සැප තියෙන්නේ...."

ඒ කිව්ව එකට නම් මට හයියෙන් හිනා ගියා.. මේකගේ මරුමුස් පෙනුමට කවුරුත් ඌ ලගට එනවා තියා ඌට විහිලුවක් වත් කරන්නේ නෑ....

"කවුද ඉතින් කහබිලියා කියලා දැන දැන දැන ගාගන්න එන්නේ..."

මම දනුව තව ටිකක් අවුස්සන්න හිතාගන කිව්වා.....

"අනේ ... ඔවු මට තේරෙනවා අනිත් එක්කෙනා සුර පුරයක්නේ.... හැම බල්ලෙක්ටම කකුල උස්සලා යන්න...."

"දනු මේ...."

"තොපි දෙන්නා මෙච්චර හවස් වෙලා මෙතන හුකාගන්නවද යකෝ....."

ආර්.එස්.එම් ඇවිත් කෑගහන කොටයි අපි දෙන්නා උඩ ගියේ... සද්ද නැතිව ගොඩ ගහපු කුණු ටික ඩස්බින් එකට දාලා දෙන්නම හිමිහිට මාරු උනා......

"උඹ හින්දා තමයි මේ හැම දෙයක්ම.... "

"ඇත්තද...... උඹ මුකුත්ම කලේ නෑ....මම තමයි ඔක්කොම කලේ...."

"හරි දනු මගේ වැරැද්ද... දැන්වත් රන්ඩු නොවි ඉමු... අනිත් එක... කෝස් එක ඉවර වෙන්න තව මාසයක්වත් නෑ... ඒක නිසා විකාර කරන්නේ නැතිව ආපු වැඩේ කරගෙන යන්න බලමු...."

මම එහෙම කියාගන ටිකක් ඉස්සර වෙන්න හදන කොට දනු මගේ අතින් අල්ල ගත්තා.....

"උඹට පුලුවන්ද බන් මාව දකින්නේ නැතිව ඉන්න.... මට කොහොමත් උඹ ඉන්න කෑම්ප් එකට අවුරුදු පහක්වත් යනකම් එන්න විදිහක් නෑ......"

"අපි දෙන්නා මේ දේ දැනගෙන නේද මේ බැදිම පටන් ගත්තේ..... දෙන්නට දෙන්නා හුල්ල හුල්ල ඈත් වෙලා ඉන්න වෙනවා කියලා දැන දැනනේ පටන්ගත්තේ..."

"කවුද හිතුවේ මේ උණහුපුලුවා දකින්න නැතව ඉන්න බැරිවෙයි කියලා...."

"හරි එහෙනම් මෙහෙම කරමු... අපි දෙන්නා පොඩි ඇනෙක්ස් එකක් හරි කාමරයක් හරි ගමු... කොහොම හරි දෙන්නම එකට නිවාඩු දාලා ඔයාලගේ ගෙදරයි අපේ ගෙදරයි දවක් විතර ඉදලා ඉතුරු දවස් ටික අපේ කාමරේට වෙලා ඉමු නැත්නම් රට වටේ ඇවිදින්න යමු...."

මම මුගේ මූඩ් එක හදන්න නිකමට වගේ කිව්වත් දනුවගේ මූන ඒ කතාවත් එක්ක වෙසක් එකට ගහන තොරණක් වගේ එලිය උනා.....

"ඒ එක නම් මරු අයිඩියා එක.... අපි දෙන්නට හිටපු ගමන් දවල්ට පාස් එකක් එහෙම දාලා ඇවිත් ඒ කාමරෙදි සේට් වෙන්නත් පුලුවන්...."

"අනේ මේ මගුලක් කියනවා...."

"මොනාද යකෝ උඹලට ඔය තරමට කතා කරන්න තියෙන්නේ අන්න කෑමට බෙල් කරා.... ඇහුනේ නැද්ද...."

පිගානක් අරගෙන එලියට එන කොල්ලෙක් අපි දැකලා කෑගහගෙන ගියා....

"හරි ශෝක්... නෑවෙත් නෑ මුකුත් කලේත් නෑ මෙහෙම දාඩිය පෙරාගන ජරාව පිටින් ගිහින් රෑටත් කාපන්කෝ..."

"හරි හරි මට උඹේ ප්ලේට් එක දීපන් දනුවා... ෂේප් එකේ උඹ අසනිපෙන් කියලා කෑම මම එකක් අරගෙන එන්නම්....උඹ ගිහින් වොශ් එකක් දාගනින් එතකන්...."

එක පාරම දනු ඇස් ලොකු කරගෙන මගේ දිහා බලාන හිටියා...

"ඒ පාර මොකද..."

"නෑ උබේ ඔය අහිංසකකමට මට පිස්සු හැදිලයි බන් නවතින්නේ...... උඹව මම කාටවත් දෙන්නේ නෑ... ඇත්තටම උඹ මාව පිස්සු වට්ටනවා බන්.... යමන් කෑම කන්න... මට මෙහෙම අවුලක් නෑ...."

අපි දෙන්නා මූන පොඩ්ඩක් හොදගෙන පිගානත් අරගෙන පෝලිමට එකතු උනා.... ඒත් මේ සමීප බව තව දවස් කීයකටද.... ඊට පස්සේ උඹ එක තැනක මම එක තැනක.......






✍️ RR✍️

කතාව කියවන හැමෝටම ස්තුතියි 🙏

වෝට් කරන්න අමතක කරන්න එපා. ❤

කතාව ගැන ඔයාලට දැනෙන අදහස් කියාගන යන්න. ❤

Continue Reading

You'll Also Like

231K 29.4K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...
22.2M 684K 29
"Ethan." Aiden pauses. "I want you." He softly bites my ear. "I want to kiss you more than you will ever know." Trying to avoid the daily beatings of...
111K 14.7K 52
"Jab ishq ki beemari lagti hai, Tab chudail bhi pyaari lagti hai"
26.1K 4.3K 32
තෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික ප...