The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

විසි වන දිගහැරැම.

617 138 14
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. .

අතේ තිබ්බ පෝන් එක කුඩුපට්ටම් වෙලා කාමරේ හැමතැනකම විසිවෙලා යන්න තත්පරයක් ගතවෙද්දී   ඊලග තත්පරේම ඒ ඇස් මන් දිහාවට හැරැණ. ......... කේන්තියක් ...ඔව් මම ඒ ඇස් වලින් දැක්කෙ කේන්තියක් ...... කවදාවත් නොදැක්ක තරම් කේන්තියක්. ..
තරහවක්.......... ඒත් මන් මොනා කරාටද......මොනා නිසා ද.......  මම උන වැරැද්ද හොයන්න වටපිට බැලුව උනත්  නෑ...... ඒ ඇස් මගෙන් අහකට ගියෙම නැහැ..... .......වෙලාවටකට මගෙ හැගීම් වලට පන දුන්න හදවත අද බයටම ගැහෙන්න  අරන් තිබුන වෙනකොට පුංචි හාමු  මන් ලගට එන්න   තියන  අඩියක් අඩියක් පාසාම මම පිටිපස්ස  යන්න උනා වගේම අවසානෙ කණ්ණඩි මේසෙට මගෙ නිරැවත්  පිට තියැවුන................ සීතලයි ..... කණ්ණාඩියෙ සීතල පිටමැද්දම හිරිවට්ටල යද්දී නොදැනුවත්වම මගෙ ඇස් වලට කදුළු එකතු කරලා තිබුන.........  සීතලට නෙවෙයි.....  ඒ ඇස් වලින් මන් දැක්ක කේන්තියට  වගේම වරදක් නොකර උනත් බැනුම් අහන්න තිබුන බයට......  වචනයක් කියා ගන්න බැරිව ගොලුවෙන මගෙම හිතට..... .....  ගැහුවත් අතක් උත්සන්න නොදෙන මගෙම හැගීම් වලට .... මම අසරණ  උනා......
........


     "පු....... පු....පුංචි හාමු ...... ම..ම ......මොකද්.... "



  "   ෂ්ෂ්ෂ්. ......එකම එක දෙයයි. ... එකම එක දෙයයි මට දැනගන්න  ඕන...
උඹගෙන් ....... එකම එක දෙයයි......මට කියපන්  දෙව්........ උඹගෙ ඔය හිතට අයිතිකාරයෙක්  ඉන්නවද නැද්ද. ........ ඔව්...ද .... නැද්ද. ....... "


***************************"*********

    උත්තරයක්. ..... ඔව් ඒ ඇස් බලාපොරොත්තු වුනේ එකම එක  උත්තරයක්. ..... ........ ... ඒත්  ඒ ඇයි...... පුංචි හාමු මගෙන් එහෙම අහන්නෙ ඇයි?.....  මට අහන්න ඕන වුනේ එකම එක ප්‍රශ්නයක්  විතරම වෙද්දී  අමාරැවෙන් උනත් මම   අකුරු ඇහින්දින්න හැදුව..... ..... ඒත් මට කලින් ඉස්සරහ උන පුංචි හාමු බිමට බර වුනු මගෙ මූණ  ඒ අත් වලින් උඩට කෙරැව.......

   

      "උත්තරයක් දෙන්න  බැරි තරම් අමාරු ප්‍රශ්නයක් ද මම ඇහුවේ ?...... "


   අමාරැයි. ....  කියාගන්න ඕන වුනා අහන්න  ඕන වුනා අවසානෙ  මගෙ හිතේ තියෙන  ආදරේ එකම එක  කෙනෙක්ට විතරක්ම නම් ඒ කියන්නෙ මගෙ හිතට  අයතිකාරෙයක් ඉන්නව කියන නෙවේද...... ලැබුනෙ නැතත් ඒ අයිතිය හදවතින්ම  දැනටමත් දීල තිබුනකොට ඒ ප්‍රශ්නෙට නෑ කියන්න කෝ මට අයිතියක්. ....   ...... මම ඔලුව වැනුව. .... එක වචනෙකට පෙරලන්න බැරි හැගීමක් එක හිස සැලීමකින් නොකිය කීව......   ඒ ඇස් ගැස්සුන වගේම  මම බලාන ඉද්දීම කදුළු පිරැණ....... 


    " උත්තරේ ඒකද...... මට කටින් කියපන් ඔව්ද ..... නැද්ද. ...... "



   "   ඔ....ව්....... "


    ඔව් එක තනි වචනයයි..... මට දෙන්න ඕන කෙරැව උත්තරේ ඒක උනත් පුංචි හාමු බලාපොරොත්තු උන උත්තරේ  ඒක නොවී තිබුන. .....


"   සලාං.....  ........... "

  මගෙ පිටිපස්සෙ කණ්ණාඩිය නොකර වරදකට දඩුවම්  විදිද්දි  වීදුරැකටු ඇනුන ඒ අතින් දැනටම ලේ එන්න පටන්ගෙන තිබුන........

"   පුංචි හාමු ..... මොකද මේ වෙලා තියෙන්නෙ..... ........ කාගෙන්  තරහ පිරිමහගන්න ද ඔහොම කරන්නේ. ..... ..... තමන්ටම රිද්දගන්නෙ ඇයි පුංචි හාමු
......... "

. ........ රිදුන. ..... රිදෙන්න ඕන උපරිමේටම හිත රිදුන...... මටත් කලින් වේදනාව මැදින් මගෙ වචන එලියට පනිද්දි මම බලාන  ඒඇස් ගැස්සුන කවදාවත් එයා ඉස්සර උස් හඩින් කතා නොකෙරැව මම අද වලව්ව දෙවනත් වෙන්න කෑ ගැහල තිබුන. ..... . ....
  වැටෙන ලේ බින්දුත් එක්ක  කටට පනක් එද්දී මම ඒ අත අල්ල ගත්තා. ...ඒත් එක විනාඩියය ....ඒ අත මගෙන් ඇදල ගත්ත පුංචි හාමු අඩියක් දෙකක් ඉස්සරහට ගියා. ......  ඒත් එක්කම වගේ දොරට තඩිබාන සද්දයක් ඇහුන. .........


    "පුංචි හාමූ ...... පුංචි හාමු. ........ ."

   "මොකද ඩිංගිරි මැණිකේ. .... මේ.
......"

   ලේ ගලන අතත් පිටිපස්සට කරගෙන කිසි වේදනාවක් නැති ගානට පුංචි හාමු  ඩිංගිරි මැණිකෙත් එක්ක කතා කරා වෙනකොට  තාමත්   උඩට ඇදුමක් නැතුව උන්න මම ආයෙත් මගෙ තෙතබරියන් වෙච්ච කමිසෙටම මාරැ උනා............

   " මේ ...මේ....  මට මේ කාමරේන් සද්දයක් ආව..... මම හිතුව  මේ පුංචි හාමු මට කතාකරාදෝයි කියල... ඒකයි මේ දුවගෙන ආවෙ. ....... "

    "මම කතා කරේ නෑ..... ඩිංගිරි මැණිකේ  උයල ඉවරනම් ගෙදර යන්න පුළුවන්. ........ කෑම මේසෙට යවන්න ඕනෙ නෑ...... අම්මල එන්න තව රෑ වෙයි. .... "

   "එහෙමයි පුංචි හාමු. ...   "


    ඩිංගිරි මැණිකේ  යන්න ගියා ..... ...... මම දන්නවා  ඔය ගියාට ඒ හිතේ දහසක්  ප්‍රශ්න ඇති......  ඒ උනත් අහන්න බයයි
......මොකද  වලව්ව කියන්නෙ තනිකරම උසාවියක් වෙනකොට ඒකෙ නඩුකාර උන්නාන්සෙ හාමුල උනා....... පුංචි හාමු ලොකු හාමු වගේ නොවුනත් පුංචි හාමු  ගැන උනත් වලව්වෙ  ආව තේවකම් කරන අයට තිබුනෙ ඒ හැගීමමයි........   ආයෙමත් පුංචි හාමුයි මායි මේ බිත්ති හතර ඇතුලෙ  තනිවුනා. ....කාමරේ විතරක් නෙමේ මුලු වලව්වෙම උන්නෙ අපි දෙන්න  විතරක් වෙද්දී    මම  පිටදීල උන්න කණ්ණඩි මේසෙ ගාවින් දොර දිහාට ඇවිදන් ආව........


   "  පු.. පුංචි හාමු ...... මට කියන්න. ...
මොකද්ද මේකෙ තේරැම.... ඇයි පුංචි හාමු  එහෙම කරේ...... ........ "

    " මොකුත් නෑ........ නිකන් දැනගන්න හිතුන..... ...... පෝන් එකේ රින්ග්ස් යන සද්දෙවත් නෑහෙන්න තරම් ඔය මූණට හිනාවක් ගේන්න වගේම  ඔය බෙල්ලෙ තියෙන මාක්...........  "

ඒ වචන ගිලුන. .....  එයා අඩනව..... පිටිපස්ස  හැරිල උන්න පුංචිහාමුව මට නොපෙනුනත් ඒ උරහිස් ගැස්සෙනව මම දැක්ක. .........  ඒත් ඇයි ... .. මගෙ එක වචනෙකට ඒ ඇස් වල කදුළු පිරෙන්න තරම් හැගීමක් ඒ හිතේ මන් ගැන තියෙනවද?  .... ... ....... අපි දෙන්නගෙම නිහැඩියාව මැදින් ආයෙමත්  එයාගෙ  කටහඩ ඇහුන. .... 

    

   "ඒ වාසනාවන්ති කවුද. ..... ...... "

    පුංචි හාමු ඒ කවුද අහනව...... දෙන්න මන් ලග උත්තර කොයින්ද. ........පුංචි හාමු  තාමත් දොර ගාව හිටන් ලේ වලට ගලාගෙන යන්න දීල ඔහේ බලන් උන්න වගේම මගෙ හිතත් එතනම නැවතිල තිබුන. .... ......  තවත් ඕන නෑ........ අඩියෙන්දෙකෙන් පුංචි හාමු ලගට ගිය මම  බලෙන්ම ඒ අත අල්ල ගත්තා වෙනකොට  එයා ගැස්සුන. ........ ඒත් ඉස්සෙල්ලා වගේ මගෙන් අත අහකට ඇදල අරගත්තෙ නැති වෙද්දී මම  එහෙමම ඇද උඩ වාඩිවුනු පුංචි හාමුගෙ අතට බෙහෙත් දාන්න ගත්ත. ...... මම බෙහෙත් ගැන වැඩිය දන්නෑ..... ඒ වුනාට පුළුවන් විදියට ඒ තුවාල වලට බෙහෙත් කරා.....  දොස්‌තර මහත්තයෙක් උන පුංචි හාමුට අවසානෙ මම බෙහෙත් දැම්ම. ........... මම බෙහෙත් දානකනුත් ඒ ඇස් මගෙ ලගම නැවතිල මගෙන්  මොනවමහරි  හොයනව මට දැනුන. ..... ....... 


      "  පු..පුංචි හාමු ..... ඇයි මෙහෙම හැසිරෙන්නෙ..... මන් අතින් උන වැරැද්ද මොකද්ද. ...... "


   "උඹගෙ වැරැද්දක් නෑ. දෙව්..... ...මමයි වැරදි...... ඔව් මමයි....... මට වැරදුනා..... "

     පුංචි හාමු කියවනව..... එයාගෙ  වැරැද්දලු......  මොකද්ද. .. එකම එක සැරයක් ඒ වැරැද්ද මොකද්ද කියල මට කියනවනම් ....... 

   "මොනවද පුංචි හාමු. ..ඔය. කියන්නෙ....."

.."කියන්නෙද........ උඹට ඕනෙ දැනගන්නද....... අහගනින්. ...... මම අද උදේ  දෙයක් ඇහුවා මතකද....... වැව රවුමෙ හිටිය  ඒ කපල් එක දැක්කම මොකද හිතුනෙ කියල ඇහුව මතකද. ...... උඹට හිතුනෙ මොකද. .......

   "  ම....ම..... "


   දෙන්න උත්තරයක් නැති කොට මම ගොලුවත රැක්ක. .......

"උඹට උත්තර නෑ......... මම දන්නව....... උඹට නුහුරැයි ....... කවදාවත් දැකල නැති දන්නැති දෙයක් එකසැරේ දැක්කම ඒකත් පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක ඒ වගේ සම්බන්ධයක්. ............  ඒ වගේ දෙන්නෙක්ට එකිනෙකා ගැන එහෙම  හැඟීමක් දැනෙන එක වැරදිද දෙව්.........  සම්මතේට පිටින් හැගීම් ඇතිවෙන්නම බැරිද දෙව්.......ඒ හැගීමට ආදරේ කියන නම දෙන්නම බැරිද. .......පිරිමි පිරිමි කරොත් ඒක ආදරක් නෙවෙයිද...?"


     හැගීමක්..... ඒ වචන වල තිබුනෙම ප්‍රශ්නෙකට එහා ගිය හැගීමක්  වෙද්දී මට දැනුනෙ මගෙ පපුව හිරවෙනව වගේ....... .......

  "නෙලුම්  උඹට මම කීවොත් මමත්  ඒ වගේ  කියල ...........  අවුරැදු විසිහයක්......  අවුරැදු විසිහයක් කිසිම කෙනෙක් ලග කිසිම ගෑනියෙක් ලග හෙල්ලුන්නැති මගෙ හිත  එක්කෙනෙක් ගාව නතර උනා............. ඔව් ....ජීවිතේ පලවෙනි වතාවට මගෙ හිතනැවතුනෙ මම වගේම  පිරිමියෙක් ගාව ...........   මම ආදරේ කරා...... නෑ. ....ආදරේ  කරනව...... ඒ උඹට..........  උඹට  විතරමයි. .........  මම ආදරෙයි කීවොත් පිලිගන්නවද......... එක පිරිමි හිතක් උඹ ගාව නැවතුන කීවම පිලිගන්නවද....... බෑ උඹට බෑ.......  ..... මොකද.....මොකද...... උඹට මගේ වෙන්න බෑ. ..... උඹ මගේ නෙමේ .......... "


      පුංචි හාමු  හිටන් උන්න මාව ඇදේ පෙරලුව වෙනකොට  ඇහුන කිසිම දෙයක්  විශ්වාස කර ගන්න බැරැව උන්න මම ගොලුවෙක් ගානට වැටිල  උන්න. ......... 

    " දැන් කියපන් සුදූ ... .............
...  උඹට මාව අප්පිරියද.... .........  "


     ඒ ඇස් බොරපාට වෙලා.....  මගෙ හිතේ නැවතුනෙ ඒ වචනෙ..... අප්පිරියද  .........  එහෙම නෑ දෙවියනේ....... මගෙ ඇස් වලින් ඉබේටම කදුළු කඩන් වැටුන. ......... කියාගන්න බැරි වුන ආදරේ මගේ වෙලා ඇස් දෙක ඉදිරියෙ තියෙද්දිත්  කටින් පිටකරගන්න බැරිව ලතවුනු මගෙම හිතට මම බැන්න  වගේම  තාමත් මගෙ  අත තද කරන්න උන්න  ඒ තුවාල අත පෑරිල ආයෙමත් ලේ ගලන්න උනා............ 


  "  පු...පුං....චි හාමු  .......  "

    "සො..සොරි....  "

   මට ගොත ගැහුන ...... රිදුනෙ මට නොවුනත් එහෙම හිතිල වගේ  පුංචි හාමු සොරි කියල මගෙන් අත අහකට ගත්ත....... 

     " දෙව් දැන් ගෙදර යන්න..... ... "


   "පු. ...පුංචි හාමු ම..ම,?."

    

    " කිව්වම දැන් යනව...... ..... තවත් මොකටද හැගීමක් නැති තැන නවතින්නෙ.....?


       වැතිරිල උන්න මම නැගිටල යන්න යද්දි පුංචි හාමුත් නැගිට්ට. .... ඒත් මන් ලගට එන්න නෙවේ....... එයා ගියෙ ජනේලෙ ගාවට ...... මම වහල තිබුනු ජනේලෙ කූරූ අතරින් එයත් මම වගේම   එලියට අත දාන් බලන් උන්න. .......  එයාගෙ  හැගීම් වලට මට උත්තරයක් දෙන්න ඕන කරා...... මමත්  උඹට මහ හුගක් ආදරෙයි පුංචි හාමු  මහත්තයෝ.......... ඒ වචන ටික කියාගන්න මට ඕන කරා...... යන්න කලින් එකම එක සැරයක් මම පුංචි  හාමු ලගට ඇවිදන් ගිය මට ඒ මූණ බලන්න ඕන උනා. .......... දෙයියනේ. ......... කදුළු ..... ඒ ඇස්  මටත් හොරාවට අඩද්දි නොදැනිම උනත් මගෙ කදුළුත්  ඉස්සර වෙලා තිබුන වගේම  කියා ගන්න බැරි දහසක්    වචන වලට වඩා හැගීම් බර වැඩි වෙද්දී මම ඒ උණුසුම් පපුතුරෙන් මගෙ පලමු හාදුව සනිටුහන් කරා. .........
.........



😊අඩු පාඩු තිබ්බොත් ගනන් ගන්න එපා. ..ඩබල් චෙක් කරන්න බැලි වුනා......

😢ඊයෙ දෙන්න හිතන් හිටියේ ඒත් ටයිප් කරන්න බැලි වුනානෙ ..... ඒ නිසා අද දුන්නෝ.....

😊වෝට් කරන කියවන හැමෝටම තැන්කූ. ..

Continue Reading

You'll Also Like

1.8M 58.8K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
771K 17.4K 46
In wich a one night stand turns out to be a lot more than that.
123K 3.4K 54
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
870K 53.4K 117
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...