මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
අමාරැවෙන් කූරැටික අමුනල තිබුන කුඩෙත් ඉහලන් මම එලියට බැස්ස........ අතෝරක් නැතිව සෙංකඩගල අහස තාමත් අඩන්න අරන් තිබුන වෙනකොට හුලගත් එක්ක ආව පින්නට හිරියක් ඇග දිගේ ගලන් ගියා....... තැන් දෙක තුනක් ඇරෙන්න තෙමිල තිබුන ඇදුමෙ ගන්න දෙයක් නැති වෙද්දී ඇදුම තනි අතින් ගස ගසම මම පිලිකන්න පැත්තෙන් වලව්ව ඇතුලට උනා... ඒ පුංචි හාමුගෙ වාහනේ තියෙනවද කියලත් බලාන.....
පේන්න නැතිවුන පුංචි හාමුගෙ වාහනේ හිතට සැනසීමක් ගෙනාව උනත් පේන්න නොහිටිය ලොකුමැණිකෙ,හාමු....පුංචි මැණිකෙ මගෙ හිතට බයක් එකතු කරා...... කොටින්ම කීවොත් වලව්වෙ තනියට උන්නෙ කුස්සියෙ උයන පිහන ඩිංගිරි මැණිකේ විතරමයි වෙද්දී ගොලු උන ඩිංගිරි මැණිකෙ දිහා බැලුව මම අනිත් අතට වලව්ව ඇතුලට ආව. ... ........ හිතට හරි නැතිනිසාද වැහිමන්දාරම නිසාද මන්ද වෙනදටවත් නැති තරම් වලව්ව අද පාලුවට ගිහින් තිබුන ........ වෙනද වගේම මගෙ පලමු රාජකාරිය පුංචි හාමුගෙ කාමරේ අස් කරන එක වෙද්දී මට අන දෙන්න ලොකු මැණිකෙවත් නොඉද්දි හුලගට එහාට මෙහාට වැනෙන දොර රෙදි අතරින් බාගෙට ඇරිල තිබුන පුංචිහාමුගෙ කාමරේ දොර හොදටම එහාට කරා........ ......
"තමුසෙව අල්ල ගන්න තමයි මම හිටියෙ. ........ මෙහෙට එනව..... "
*************************************
කාමරේ තිබුන අඩ අදුරෙම මම දැක්කේ අත් දෙකත් බැදන් ඇද විට්ටමට හේත්තු වෙලා උන්න පුංචි හාමුව..... තියන්න ගත්ත අඩිය පස්සට ගත්ත මම පුංචි හාමු දිහා බලාන උන්න ....
" කාගෙන් අහලද ගෙදර ගියේ...... කියනව ඉතින් මට...... "
" මම මේ.....පුංචි හාමුයි අර නෝනයි කතා කර කර හිටිය නිසා කරදරයක් කියල හිතුන. ...ඒක නිසා මම.ගෙදර එන්න හිතුව. ..... "
" ගෙදර ආව එක හරි කියමුකො. ...නිකමටවත් තමුසෙට යන්න කලින් මට කියන්න බැරි වුනා ද....... මොනව හරි උනානම් එක්කගෙන ගිය මම නෙවේද වගකියන්න ඕන. .. ..... ...... "
ඒ වචන වලට කදුළු පිරෙන්න මගෙ ඇස් වලට වැඩි වෙලාවක් නොයද්දි මම එකම තැන ඇහිපිල්ලම් ගැහුවා. ..... කදුළු යට ගහන්න. .... ..... ..... ජීවිතේ පලවෙනි වතාවට ගෑනු හිතක් ගාව නතර නොවුන මගෙ හිත එක සැරේට පිරිමි හිතක් ගාව නැවතුනම මට දැනුන හැගීම දැනෙන හැගීම විස්තර කරන්න පුලුවන්ද කියලා මම මගෙන්ම ඇහුවා. ...... කාටවත් කියන්නත් බැරි විදින්නත් මේ හැගීම ඉස්සරහ මම හරි අසරණයි. .... .....
"මම ආ..යෙ එහෙම කරන්නෑ පුංචි හාමු. ..සමාවෙන්න. ..... "
" හරි...දැන් ඔය ලයිට් එක දාන්න කලුවරයි. ... "
ඒ කටහඩේ ටිකක් නිවුනු බවක් මට දැනුන. ..... ලයිට් එක දාපු මම පැත්තක තිබ්බ කොස්ස අතට අරන් අතුගාන්න ගත්ත...... ඒ එකම එක සැරයක්වත් පුංචි හාමු දිහා නොබලම. .... .....කාමරේ ඇරල දාල උන්න ජනේල් පියන් වහන්න ගිය මම පොදත් එක්ක ආව සීතල වැහිහිරියකට මැදිවුනා....
..... සීතලයි........ තෙමුන කමිසෙ අතරින් ගලාගෙන ආව හුලග සීතල තවත් වැඩි කරද්දී අඩක් වැහුව ජනෙල් පියන් අතරින් අහස දිහා බැලුව මම හද හෙව්වා. ..... හෙට පෝය..... ඒත් හද පේන තෙක් මානෙක නෑ..... නෑ නෙමේ පෙනුන්නෑ..... පුදුමයක් නෑ වැහිකලුවට වැහිල ගිහින්...... කොච්චර වැහි වලාකුළු වලට වැහිල ගියා උනත් හද එහෙමම තිබුන .... ඉර එයාට එලිය දෙනකන්ම හද හැමෝටම සිසිල බෙදුව.......... සමහර මිනිස්සුත් ඒ වගේ. ..... මගෙ ජීවිතේට, සුදු ආච්චිගෙ ජීවිතේට සීය තාත්තා කියන්නෙම ඉරක් ..... ඒ වගේම සුදු ආච්චිට පුලුවන් උනා සදක් වෙලා අපි දෙන්නටම සිසිල බෙදන්න. ... ..... වෙනසකට උනේ ඉරටත් හදටත් ලන් වීමක් නැති වුනත් මගෙ සීය තාත්තා සුදු ආච්චි එකට එකතු වෙලා ආදරේ වින්ද...... තාමත් විදිමින් උන්න ........ සීයතාත්තාගෙ රැකවරණෙ සුදු ආච්චිගෙ මව්සෙනෙහස මට මිහිපිට ඉරක් හදක් වුනා........ ඉතින් මගෙ ලෝකෙට වෙන ඉරවල් මොකටද සදවල් මොකටද....... එහෙම හිතුන...... මොකද කවදාවත් කවම කවදාවත් මගෙ ලෝකෙට ඒ දෙන්න ඇරැනම වෙන ඉරක්සදක් පායන්නැති බව දන්න නිසා. ....... .. ....
හිතේ එක සැරේ පහලවුන සිතුවිල්ලක් නිසා මම හෙමීට ජෙනෙල්කවුලුවෙන් අත එලියට දැම්ම....... මට ඕන උනා සීතලයි කියල දැන දැනම උනත් ඒ සීතල විදින්න ..........වැටෙන වැහිකැට අල්ලන්න බැරි බව දැන දැනම උනත් අල්ලන්න............මගෙ ලගම හරි පරිස්සමට තියා ගන්න. ...... හරියටම මගෙ ආදරේ වගේ නොලැබෙන බව දැන දැනම උනත් ආදරේ කරන්න. ...... ..... විදින්න බැරිවුනත් හරි පරිස්සමට හිත ඇතුලෙම ගුලි කරගන්න. ......... මම හිතහදාගත්ත...... ... මගෙම හිතට තහන්චි දැම්ම. ......... ඒත් එකම එක මොහොතකට විතරයි. ....... කොහොම හිතුව උනත් අවසානෙ මගෙ හිත නවාතැන් හෙව්වෙ ඒ හිත අස්සෙ විතරමයි කියල දැන දැනම උනත් මම මටම වාරණ දැම්ම. ......
.... .. වැටෙන වැහිකැට මගෙ අල්ල උඩට වැදිල බිදිල යද්දී අත දිගේ යද්දි කලින් වගේම සීතල හිරියක් ගලාගෙන ගියා........ මට මතක් උනා මම පුංචි කාලෙ සීය තාත්තට හොරෙන් වැස්සෙ නටද්දි සුදු ආච්චි සීයතාත්තට හොරෙන් මාත් එක්ක තෙමෙනව...... ඇත්තටම ආසාවකට නෙමේ ....... අතින් ඇදල යමු සුදු ආච්චි කීවම...... එන්න බෑ කීවොත් කදුළු පුරවගන්න මගෙ ඇස් දෙක හින්දම .... ඒ හිත මගෙ වචනෙකටත් නැමුන.... ආදරේ කරා.......... මටත් ඕන වුනේ ඒ වගේ ආදරේ කරන්න. ...... වැටුනත් නැගිටින්න අත දෙන..... මගදි අත නොඇරෙන අතක පැටලෙන්න ........ .... එහෙම අතක් කෙසේවෙතත් මගෙ හිත දැනටමත් එක හිතක පැටලිල. ...... තහනම් හිතක ......
" ඔය තරම් වැස්සට ආසද...... "
මතකෙට පුලුවන් මිනිසුන්ව ගොඩක් දුර ඇදන් යන්න. ..... ඒ වගේම මම ගිහින් උන්න තැනින් ආපහු ආවෙ පුංචි හාමුගෙ කටහඩට වෙනකොට ඇත්තමයි දැන් ඒහඩ නිමිල ගිහින් තිබුන එක හිතට සැනසීමක් ගෙනාව උනත් ඇද විට්ටමට හේත්තු වෙලා උන්න පුංචි හාමු උන්නෙ මගෙ ලග වෙද්දී දැන් ටිකකට කලින් සන්සුන් වෙලා තිබුන මගෙ හිත ආයෙමත් මගෙ අවසරයක් නැතුවම හරි වේගෙන් ගැහෙන්න ගත්ත. .....
.....
" හ්ම්ම්. ..... ආසයි...... වැස්සට පුලුවන් තරාතිරමක් නොබලම උනත් කදුළු හෝදල දාන්න. ......කොහේවත් නැති පුංචි සතුටක් හිතට ගේන්න.. ..... ...."
තව ගොඩක් දේවල් මගෙ හිත ඇතුලෙ කරන්න වැස්සට පුළුවන් උනා . .
"හ්ම්ම්... ඇයි... වැස්සට පුලුවන් ගංවතුර තරම් චණ්ඩ වෙන්න...... හැමදේකම විරුද්ධ පැත්තක් තියෙනවනෙ නේද නෙලුම් . ............... කොච්චර හොද මිනිස්සුන්ගෙ උනත් නරකක් ඇත්තෙම නැද්ද. ......... එහෙම නැතිවුනොත් ඒ හරිම කලාතුරකින් කෙනෙක් විතරයි. ..... එහෙම නේද......."
"ඔව්. ...... "
මම ජනේලෙන් ඈත බලාගෙනම උත්තර දුන්නා. .........ඇත්ත......හැමදේකටම විරැද්ධ පැත්තක් තිබුන.....සතුටට දුකවගේ.....හිනාවට කදුළු වගේ......හරියට ආදරේ විරුද්ධ පැත්ත විරහව වගේ.......
සීතල නැද්ද . ... ඔය ඇදුම හොදටම තෙමිලනෙ නෙලුම් ...... "
මම ඇදන් උන්න කමිසෙ දිහා බැලුව ....වැස්සට තෙමුන කමිසෙ ඇගට ඇලිල ගිහින් තිබුන වෙනකොට මට මාවම ඇදුමෙන් විනිවිද පෙනුන..... ඔලුව උස්සල බැලුවම තමා මම දැක්කේ ඒ ඇස් අමුතු වෙලා වගේම මගෙ ගාව නතර වෙලා තිබුන. ... මම වගේම පුංචි හාමුත් පිරිමියෙක් උනත් මගෙ හිතේ තියෙන හැගීමුත් එක්ක මට දැනුනේ ලැජ්ජාවක්. .....
" එහෙමටම කියල සීතලක් නෑ පුංචි හාමු. .. ...මම..... මේ.... කොහොමත් තව ටිකකින් ගෙදර යන එකනෙ...
.. .... "
" සීතල නෑ කීවට ඔය බලනව ... අත්වල හිරිකඩුත් පිපිල. ...... ඔහොම පොඩ්ඩක් ඉන්නවා ...... "
අල්මාරිය ලගට ඇවිදන් ගිය පුංචි හාමු ටිකකින් හොයල හොයල ඇදුමකුත් අරන් මගෙ ලගට ඇවිදන් ආව.....
" මෙන්න මේ ටී ෂර්ට් එක ඇද ගන්න.... නැත්තන් ඔහොම ඉදල අසනීප වෙයි. ....."
" පුංචි හාමු මේ ඒත් මේක පුංචි හාමුගෙනෙ ..... අනික ලොකු මැ..... "
"ලොකු මැණිකෙත් නෑ ලොකු හාමුත් නෑ .....කොටින්ම කුස්සියේ උයන ඩිංගිරි මැණිකේ ඇරෙන්න වෙන කවුරැත් මේ වෙලාවේ ගෙදර නෑ......... "
මම කියන්නත් කලින්ම පුංචි හාමු ඒ වචනෙ සම්පූර්ණ කරා වගේම ඒ කීව වචන තත්පර ගානකට මගෙ හිත හිරකරා....... ..... ඇදුමත් අතේ තියාගෙන උන්න හාමු ඉස්සරහ අදිමදි කර කර උන්න මම ගැස්සුනෙ පුංචි හාමුගෙ සැර වචන වලට වෙද්දී දික් කරන් උන්න ෂර්ට් එක මම අතට ගත්ත. .......
"දැන්වත් ඕක ඇද ගන්නව. .......
අහක ඉන්න එවුන් අවුස්සන්නැතුව..... "
මුලින් කීව වචන සද්දෙට ඇහුන උනත් අවසානෙ කටහඩ බාල කෙරැව පුංචි හාමු කීවෙ මොකද්ද කියල තේරැම් ගන්න බැරැව ආයෙමත් කීවෙ මොකක් ද අහන්න මම ඔලුව ඉස්සුව වෙනකොට ඒ ඇස් ගැස්සුන වගේම මට ඇදුම දාගන්න කියල ඉගිකරා...... . ....... ................. ඇදන් උන්න අත්කොට කමිසෙ බොත්තන් දෙකතුනක් පියෙව්ව මම පුංචි හාමුගෙ ෂර්ට් එක අදිනවද නැද්ද කියන සිතුවිල්ලට වඩා තාමත් මගෙ ලග හිටන් උන්න පුංචි හාමු ඉස්සරහදි කමිසෙ ගලවන එක ගැන ලතවුනා..... ඇත්තටම ලැජ්ජයි. ....... පුංචි හාමුට ගානක් නොවුන උනත් මට ලැජ්ජාව උපරිමයෙන් දැනුන.......
" මම යන්නම් ...... ඕක ඇදගන්න ...... "
වචනෙකින් නොකියුනු මගෙ හැගිම් කියවන්න පුංචි හාමුට පුළුවන් උනා. වගේම එයා යන්න ගියා...... දොරත් වහගෙනම පුංචි හාමු යන්න ගියා වෙනකොට මම අතේ තිබුණු ෂර්ට් එක දිහා බලන් උන්න. ... සිනිදුයි...... ඒවගේම සුවදයි... අදින්නත් කලින්ම මට ඒ ඇදුම පහසුයි කියල හිතුන. ..... ........ ෂර්ට් එක නහයට කෙරැව මම පුංචි හාමුගෙ සුවදින් හිත පුරව ගත්ත ....... හරි චාම් සුවදක්. ...
. . .... මගෙ ගාවින් මොන වගේ සුවදක් එනව ඇත්ද...... මට නිකමට හිතුන. ...... සුවදක් නැතුව ඇති. .... අඩුම තරමේ ඉදල ඉදල හලාගන්න ඕඩිකොලොන් එක ඇරැනම මගෙ ජීවිතේට කිසිම දෙයක් ගාල නැති මගෙන් මොන සුවදක් එන්න ද....... හඩුගද ඇති....... මම මටම කියාගත්ත....... එහෙමම කමිසෙ ගලවල දැම්ම මම බෙල්ල ගාවින් දැනුන වේදනාවත් එක්කම පුංචි හාමුගෙ කාමරේ තිබුන කණ්ණාඩි මේසෙ ලගට ඇවිදන් යන්න උනා..... ..... රතු වෙලා. ... ...... පොඩිඑකාගෙ හැපිල්ලෙ පාරට බෙල්ල රතු වෙලා වගේම දත් දෙකතුනක් තද රතුවට හිටල තිබුන. ..... මම පාන් පෙත්තක් කියල හිතුවද දන්නෑ මේ කොල්ල. ... ...... මමමනෙ කට වරද්ද ගත්තෙ.... ..... ....
" ෂ් ෂ්.. ..... අයියෙ අයියෙ...... මම හැපුව කියල ආච්චි අම්මට කියන්න එපා හොදේ.... එතකොට මට ආච්චි අම්මා ගෙනත් තියෙන පැණි වලලු දෙන්නැතිවෙයි....... ...... "
යන්න ඇරල පොඩි එකා මගෙ කනට කරල කීව දේ ආයෙම මට මතක් උනා වගේම හිනාවක් ගෙනාව . ....
කාමරේ තිබුන පෝන් එකේ රින්ග්ස් යන සද්දෙත් එක්කම ඇතුලට ආව පුංචි හාමු පෝන් එකත් අරගෙන මන් දිහා බලන් උන්න. .... ....... ටික වෙලාවයි ..... මගෙ ඇග හැමතැනම දිව්ව ඒ ඇස් දෙක එක තැනක නතර වුනා වගේම මම බලන් ඉද්දිම ඒ ඇස් දෙක රතු වුනා ......
අඩියක්..... දෙකක්......
අතේ තිබ්බ පෝන් එක කුඩුපට්ටම් වෙලා කාමරේ හැමතැනකම විසිවෙලා යන්න තත්පරයක් ගතවෙද්දී ඊලග තත්පරේම ඒ ඇස් මන් දිහාවට හැරැණ. ......... කේන්තියක් ...ඔව් මම ඒ ඇස් වලින් දැක්කෙ කේන්තියක් ...... කවදාවත් නොදැක්ක තරම් කේන්තියක්. ..
තරහවක්.......... ඒත් මන් මොනා කරාටද......මොනා නිසා ද....... මම උන වැරැද්ද හොයන්න වටපිට බැලුව උනත් නෑ...... ඒ ඇස් මගෙන් අහකට ගියෙම නැහැ..... .......වෙලාවටකට මගෙ හැගීම් වලට පන දුන්න හදවත අද බයටම ගැහෙන්න අරන් තිබුන වෙනකොට පුංචි හාමු මන් ලගට එන්න තියන අඩියක් අඩියක් පාසාම මම පිටිපස්ස යන්න උනා වගේම අවසානෙ කණ්ණඩි මේසෙට මගෙ නිරැවත් පිට තියැවුන................ සීතලයි ..... කණ්ණාඩියෙ සීතල පිටමැද්දම හිරිවට්ටල යද්දී නොදැනුවත්වම මගෙ ඇස් වලට කදුළු එකතු කරලා තිබුන......... සීතලට නෙවෙයි..... ඒ ඇස් වලින් මන් දැක්ක කේන්තියට වගේම වරදක් නොකර උනත් බැනුම් අහන්න තිබුන බයට...... වචනයක් කියා ගන්න බැරිව ගොලුවෙන මගෙම හිතට..... ..... ගැහුවත් අතක් උත්සන්න නොදෙන මගෙම හැගීම් වලට .... මම අසරණ උනා......
........
"පු....... පු....පුංචි හාමු ...... ම..ම ......මොකද්.... "
" ෂ්ෂ්ෂ්. ......එකම එක දෙයයි. ... එකම එක දෙයයි මට දැනගන්න ඕන...
උඹගෙන් ....... එකම එක දේකට විතරක් උත්තර දීපන් ....................
.............දෙව්.............මට කියපන්........ උඹගෙ ඔය හිතට අයිතිකාරයෙක් ඉන්නවද නැද්ද. ........ ඔව්...ද .... නැද්ද. ....... "
😀ඕතරිය ආවෝ...... සූට්ටක් පලාක්කුයි නෙහ්. .....
😊 ඔක්කොටම ගුඩ් නයිට්. .... කතාව කියවන හැමෝටම තැන්කූ. ..