මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. . .
.අනිත් මිනිස්සු කෙසේ වෙතත් මගෙ සුදු ආච්චි ඒ ආදරේ හරි වෙලාවට තේරැම් අරන් හරි කෙනාට දීල තිබුන කියන්න අද වෙනකලුත් අල්ල ගත්ත අත අතනොඇරම ඉන්න සීයතාත්තා සාක්ෂියක් උනා.
"ඇත්තටම සුදු ආච්චි ආදරේ මොන වගේද. ...... ඒ හැගීම කොයි වගේද දැනෙන්නෙ. ...... හරියට මම සුදු ආච්චිට සීයාතාත්තාට ආදරේ කරනව වගේද.......
*******************
" අනෙ මගෙ පිස්සු කොල්ල. ...... මොනා කියනවද මන්ද. .........දරැවෝ..
එක හිතකින් ගොඩකට ආදරේ බෙදන්න පුළුවන් උනාට ඒ ඒ කෙනාට හිතේ තියෙන හැගීම් වෙනස් වෙනව........ හරියට කවදමහරි දවසක මයෙ මැණක බදින දරැවට දෙන ආදරෙයි මටයි සීයතාත්තටයි දෙන ආදරේ එක වගේ නෑ දරැවො. ... "
" තේරැනාද මයෙ මැණිකට ......"
"හ්ම්ම්ම්. ....සුදු ආච්චි දැන් නිදාගන්න මම නිසා නිදාගන්නත් නෑනෙ.....මම යන්නම්. ........"
මම එන්න ආව..... ලෝබ හිතුනත් මම එන්න ආව. . ...මොකද මම දන්නවා ඉස්සරහ වගේ මට නින්ද යනකම්ම ඔලුව අතගාන්න තරම් ඒ අතට දැන් වාරැ නෑ කියන්න....... ....... .. හිතන්න දේවල් කප්පරක් මගෙ හිතේ ගොඩගැහිල තිබුන. ....කොටන්ම පුංචිහාමු මගෙ ජීවිතේට ආවට පස්සේ මගෙ හිතට මහ බර ගතියක් දැනුන. ....ඒ උනත් හිත පිරිල
තිබුන.......
**************
හිත හිතාම උන්න මට නින්ද ගිහින් තිබුන වගේම නිකමට වගේ මම වෙලාව බැලුව ....... දෙයියනේ. ... නවයටත් කිට්ටුයි. ........ රෑ වෙලා නින්ද ගිහින් තිබුන නිසාද මන්ද ගොඩක් පරක්කු වෙලා තිබුන උනත් ඊයෙ හවස කැඩුව මල් පොහොට්ටු ටික දැක්කම හිතට සැනසීමක් දැනුන .... ........
" හැමදාම උයන්නෙ කරැණෙසීයද.... "
" අනේ නෑ පුංචි හාමු ... වෙනදටනම් අපෙ කොල්ල පාන්දරම ඇහැරිල උයලත් ඉවරයි පුංචි හාමු. .... ඌ මේ වෙනකොට උයල අපිට බතුත් කවල බෙහෙතුත් පොවල කඩේඅරින්නත් ගිහින්. ....... "
" අද තාම ඇහැරිල නෑ. ..... ඊයෙ රෑ වෙනකන්ම ඇහැරිල ඉදල නින්ද යන්නෑ කියල ඔය මට කියල ඔලුව අතගාවගෙන තමා නින්දට ගියේ... පව් මගෙ පොඩි එකා. ........... පුංචි හාමු. .... ලොකු මනුස්සයෙක් වගේ අපිට හරිහම්බකරල කන්න අදින්න දුන්නට ඌ තාම පුංචියි. ........ "
"පුංචි හාමු. .... ගෙදර. ...අපෙ
....... "
සුදු ආච්චිගෙ සීයාතාත්තාගෙ කටහඩ අතරින් මට පුංචිහාමුගෙ කටහඩත් ඇහුන වෙනකොට මට ආයෙමත් එයාලගෙ කතාව ඇහුන .....
" පුංචි හාමු එහෙනම් ඉස්තෝප්පුවෙන් ඉදගෙන ඉන්නකෝ. .... මම තේ ඩිංගිත්තක් හදාන එන්නම්. .... ඉගුරු එහෙම දාලම..... පුංචි හාමු එහෙම බොනවනෙ...... අපේ කොල්ලනම් තේකක් හැදුවොත් ඉගුරැ කෑල්ලක් දානවමයි....... "
" එහෙම රසයි....කරැණෙසීයට කරදරයක් නැත්තන් ......"
" මොන කරදරයක් ද පුංචි හාමු ......"
පුංචි හාමුට ඉස්පිරිතාලේයි අපේ ගෙදර මාරැ වෙලාද මන්ද උදේ පාන්දර කුකුලත් කරේ තියාගෙන ඇවිත් උන්න වෙනකොට පුංචි හාමුගෙ අඩියක් අඩියක් ගානෙ මැටි පොලොවේ වැදිල එන සද්දෙත් එක්ක මගෙ හිතේ ගැස්මත් වැඩි වෙනවත් එක්කම උඩට ඇදුමක් නැතිව උන්න මම නිදි පැදුරෙම ඉදන් කමිසයක් හෙව්වා. ..... කලබලේටම ද මන්දා ඊයේ රෑ ගලවල දැම්ම කමිසෙ අතට අහුවුන්නැතිකොට මම ඔලුවෙ ඉදන් රෙද්ද පොරවගත්ත...... ඒත් ඉබේටම මට නැගිට්ටුන.......හුලගටඑහාට මෙහාට වෙන දොර රෙද්ද අතරින් පුංචි හාමුගෙ සපත්තු දෙක මාව ඉබේටම නැගිට්ටවල තියෙද්දි ගැහෙන්න ඕන උපරිමේටම මගෙ හදවත ගැහුන....... .. එදා උන දේට වගේම උඩට ඇදුමකුත් නැතුව උන්න මට මේ වෙලාවේ දැනුනෙ ලැජ්ජාවක්.... .....
කරැමෙට දොරක්වත් නෑනෙ.......... අනේ හුලග එන්න එපා.....නැවතියන්කො වදේ..... ඇයි වදේ ඕන්නැති වෙලාවටම එනව......අච්චර ඊයෙ රෑ මම දාඩිය දාගෙන උන්න ....එතකොට ආවනම් මගෙ ෂර්ට් එක තාම මන් ලග..... පලවෙනි වතාවට මේ බිත්ති හතර ඇතුලට එන්න තියෙන දොරටත් මම බැන්න. දොර කීවට තිබුනෙ උලුවැස්ස විතරක් වෙද්දී වැනෙන දොර රෙද්ද ගල්වෙලාම යන්න වගේම රෙද්ද වැනෙන හුලගටත් මම බැන්න. ......
.......
" පු.......පුංචි හාමු ........ "
" මම ඇතුලට එනව....... "
...........
වැහිල තිබුන දොර රෙද්දට පුංචි හාමු අත තියද්දිම මම කෑගැහුව
........ එන්න එපා කීව.......
" එ...එපා. ...එපා....මේ...මම පුංචිහාමු...... "
.
මට ගොතගැහුන.... කියන්න ඕන දේවල්වත් මගෙ කටින් පිටනොවෙද්දි මෙච්චර වෙලා ගැහුනු හදවත තවත් ගැහුන...... මගෙම වහලයට උන්නත් මම ගැහුන........
" සීගිරි අප්සරාවක් වගේ .... "
" සීයාතාත්තා ...... "
යාන්තමට ඇහුන ඒ වචන ටිකට මගෙ ඇගම සීතල වෙලා යද්දී කුස්සියෙ උන්න සීයතාත්තාත්තට මම පුලුවන් උපරිමෙන් කතා කරා. ....කතා කරා කීවට ඇත්තටම මට කෑ ගැහුන........ කඩාගෙන බිදගෙන ආව සීයතාත්තා උන්න නිසාම ද මන්දා පුංචි හාමු ඉස්සරහට තියන්න ගත්ත අඩිය ආපස්සට ගත්ත මම බලාන ..... වටේටම ඇස් යැවුව මම පොරවන් හිටිය රෙද්ද අස්සෙ තිබිල කොනක් දැක්ක කමිසෙ ඇදල අරගෙන ඇදගත්තත් එක්කම සීය කෑ ගහන ආව......
" මොකද දරැවො කෑ ගැහුවෙ..... ආ පුංචි හාමු මේ තේක....... "
" කරැණෙ සීයට පින්......"
මා දිහා බලන් උන්න සීයතාත්තාත්තගෙ ප්‍රශ්නෙට මම අකුරැ ඇහින්ද. ..
" මේ. ..මේ....පුංචි හාමු ඇවිල්ලා .සීයාතාත්තා. ....... "
එච්චරයි. ...මගෙ හිතට ආවෙ එච්චරම වෙද්දී සීයතාත්තාට මූණ දෙන්න බැරිකමටම මම බිම බලාන උන්න. ....
" මම දන්නව දරැවො. ....... ..පුංචි හාමු ඇවිත් දැන් ටිකක් වෙලා. ...... කෑ ගැහුව විදියට මම බයවුන මේ. .. සතෙක් සර්පයෙක්වත් ද කියල. ....... "
"අනෙ නෑ සීයාතාත්තා. .... මම නාල එන්නම්. .... "
ඇත්තටම මට නානවට වඩා ඕන උනේ එතනින් පැනල යන්න ...... යන්න හැරිල මම එහෙමම පුංචිහාමු දිහා බැලුව.....දැන් දැන් ඒ ඇස් කියන්නෙම මහ අමුතු කතාවක් වෙද්දි තැනක් නොතැනක් නැතුව පුංචිහාමු ඉස්සරහ ගැහෙන මගෙ හදවත මටම තේරැම්ගන්න බැරිවුන....... පුදුම දෙයක් කියල මට හිතුනෙ පුංචි හාමු නැති තැන හරි සන්සුන්ව ගැහුන නිසා. .... ...
නාන්න ඇවිත් උන්න ටික වෙලාවෙදි පුංචි හාමුගෙ වාහනේ යන්න යනව මට ඇහුන. ...... ඒ උනත් ඒ වචන ටික. ...... සීගිරි අප්සරාවක් වගේ. ...... ඒ කවුද....මම?.... මම කොහොමද එහෙම. ..... මොන ....එවෙලෙ මම උන්නෙ උඩ කෑල්ල නැතිව කියල මතක් උනාම තනියම කියෙව්ව මගෙ කටත් වැහිල ගියා. ........ කොටින්ම පුංචිහාමු මගෙ හිතේම සක්මන් කරා.........
සෙංකඩගල අහසට අදත් ඉර පායල. .... ...... වෙනදවගේම කීයක්හරි හම්බකරගන්න මොනාහරි ගන්න.... නැත්තන් හොරකම් කරල හරි බඩගෝස්තරේ රැකගන්න බලන් මුලු නුවරමෙ එකා දෙන්නා එහාට මෙහාට ගෑටුව .......එයිනුත් අතේමිටේ තියෙන එවුන් වාහනවලින් එහාට මෙහාට යද්දී අතේමිටේ සොච්චමක්වත් නැති මිනිස්සු පයින් එහාට මෙහාට ගෑටුව.... ...... ලොකු උන්ට යන්න ඉඩ දුන්නා. ...... මට එකසැරේටම වලව්වෙ ලොකු හාමුව මතක් උනා........ වලව්වෙ හාමු එද්දී කනබත්පත අතේ තියන් උන්න එකා උනත් නැගිටින්න ඕන උනා. ..... කොටින්ම වලව්වෙ හාමුට වඩා උඩින් යන්න කාටවත් බෑ..... පුහ් ...
බොරැ මාන්නෙ. ...උන්ට තිබුනෙ ඕක විතරමයි. ...... වලව්වෙ හාමු නුවරින් එපිටට බැස්ස දවසකතමා උන්දැට තමන්ගෙම තරම තේරෙන්නේ. ........ හාමු. ....කොළඔට අඩියක්වත් නොගිහින් උන්නත් මට හිතෙන්නෑ ඔය වලව්පට්ටම එහෙ මිනිස්සු තඹ සතේකට මායිම් කරයිද කියල......... කඩේ පහුවෙලා ඇරිය උනත් මම වෙනද වෙලාවටත් කලින්ම අද වැහුව......... ....... අද මල් ගන්න මිනිස්සු නෑ.... .... නෑ නෙමේ මිනිසුන්ට මලක් ගන්නවත් සල්ලි නෑ....... ඈත පොඩි ලමයෙකුත් වඩාන හදුන්කූරැ විකුණන ගෑනු කෙනා දිහා මට ඉබේටම බැලුන ....උගුර ලේ රහ වෙනකම්ම මහත්තයා නෝන හඳුන්කූරක් ගමු නේද අහ අහ එක එක මිනිස්සු ලගට ගියා....... තිබුන නෙලුම් මල් පොකුරකුත් අතට ගත්ත මම එතනට ඇවිදන් ගියා. ..... මේක ඇරෙන්න මට වෙන දෙන්න දෙයක් නෑ ...... උඹටත් ඕන සල්ලි මටත් ඕන සල්ලි. .......අතේ දෙන්න කීයක්වත් නෑ නෙමේ. ..... ඒත් දෙන්න බැරි නිසා. ...... ..මොකද මම තව බඩවල් දෙකක් පුරවන්න බලන් උන්න නිසා. ........ ඒ ජීවිත දෙකම මගෙ එකම ලෝකෙ උනු නිසා. ..... ...... ...... අඩුම තරමේ මේ මල්ටික පූජා කරල පතපන් ලබන ආත්මෙ මේ වගේ දුකක් නොලැබෙන්න කියල .... මම හිතුව .....
ඒත් කියන්න ගියේ නෑ. .... මොකද ඔය දේම දහසක් මම ප්‍රාර්ථනා කරන්න ඇති........ ඒ අතේ මල් ටික තිබ්බ මම ස්තූතියිය විතරක් අරන් ආපහු එන්න ආව.......
මම ආපහු ගෙනියන්න බැරි කමටම ඉතිරි මල් පොහොට්ටු වල පෙති එකින් එක දිගඇරිය...... ලස්සනයි මලක් නිසා ලස්සනයි. ....ඒ වුනත් ඉබේටම පිපෙන මල බලෙන් පූදුවන මලට වඩා හැමඅතින්ම ලස්සන උනා........
"ලස්සනයි. ......ඒත් වැවේම පිපුනනම්...... නිදහසේ පිපෙන්න දුන්නනම් තවත් ලස්සනයි නේද. ....දෙව්.......... "
මගෙ ඉස්සරහ හිටගෙන උන්නෙ පුංචි හාමු වගේම මගේ හිතේ තිබුන දේත් පුංචි හාමු ඒ විදියටම කීව...... ......ඒත් දැන් මම කොහෙට පැනල දුවන්නද කියල හිතුන.....
"පුංචි හාමු ......"
" මාත් එක්ක යමු.........."
" කො...කොහෙද ........ "
" මාලිගාවට.......යමු වදින්න. ... ඔය මල් ටිකත් අරගෙනම ....... ..... මාත් එක්ක එනවද....පව් වැඩක් නෙමේනෙ . ....... .."
දෙන්න උත්තරයක් මා ගාව නැති වෙද්දී මම ඔහේ ඔලුව වැනුව ...... ඒ අස්සෙන් නිකමට මට හිතුන පුංචි හාමුට එදා උන කිසිම දෙයක් මතක නැතුව ඇති කියල....... නෑ ඇත්තටම මට එහෙම හිතන්න ඕන උනා.......
මාලිගාවට ආවම නොසන්සුන් උන මගෙහිත සන්සුන් වෙලා තිබුන කීවොත් හරි........ . ....
පුංචි හාමුයි මමයි දෙන්නම වැදල ඉවරවෙලා වැව රවුමට ආව.... ඇත්තටම එන්න ඕන උනේ මට නෙමේ පුංචි හාමුට.... නුවර වැව රවුමත් මගෙ හිත වගේම පාලුවට ගිහින් තිබුන වෙනකොට ඈතට ඇස් යැවුව මම ඊලගට වටේට තිබුන කොන්ක්‍රීට් බංකු දිගේ ඇස් ගෙනිච්ච. .......ඒත් එක තැනකදි මගෙ ඇස් දෙක ගැස්සුන .......මට හිතන්නේ ඒ ඇසුත් ගැස්සුන.. ......
😁කතාව දැම්මෝ. ......
😊ඕතරිය ටිකාක් විතර පලාක්කුයි නෙහ්...... ගනන් ගන්න එපා ඕම තමයි අයියො.. කොටස් පොඩ්ඩක් දික්කරන්න ට්‍රයි කරන්නම්....... හොදේ......
😄වෝට් කරන කීවන අයට තෑන්කූ.....
..