මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
" පු....පුංචි හාමු ....... හාමුට වැරදිල....මම සු...සුදු නෙවේ....... ම...මම.... "
"ෂ්ෂ්ෂ්. ...ඇති ක. ..තා කරා. ...... ..... "
" පු. .....පුංචි....... "
උඩට ගත්ත හුස්ම එහෙමම හිරවෙලා යද්දී පලවෙනි පාරට කෙනෙක් අතින් මගෙ දෙතොල් ඉදුල් උනා........ කොටින්ම මගෙ නොයිදුල් හාදුව පුංචි හාමුගෙ දෙතොලතරෙ රැදෙද්දි ඒ උණුසුම් හුස්මත් එක්ක මගෙ පපුව තවත් වේගෙන් ගැහුන වෙනකොට පුංචි හාමුවත් පැත්තකට තල්ලු කෙරැව මම දුවන් ආව.............. වලව්වෙ උන්නෙ කවුද මොනාද කියල වගේවගක් නැතුව මම මහ කලුවරේම පාර දිගේ ගෙදර දුවන් ආව....... ..... වේගෙන් දුවන් ආව මගෙ කකුල්දෙක ගේ ඉස්සරහ නැවතුනා උනත් තාමත් නොනැවතුන මගෙ හදවත ඒ විදියටම ගැහුන........
*************************************
හදවත තාමත් පුංචි හාමු ගාව නැවතිල තිබුන වෙනකොට සිද්ධ උන දේ හිතාගන්නවත් බැරි උන මම තාමත් උන් තැනම හිටන් ගේ දිහා බලන් උන්න. .....
" අනේ .... මැණික මොකද දරැවො මේ. ..මහ රෑ ඇතුලට නෑවිත් තාමත් ඔතනම..... මොකක් හරි උනාද මැණිකෙ. .... මොකද මේ ...... "
ලාම්පු එලියෙ දැල්ලෙන් මගෙ මූණට එලිය වැටෙනවත් එක්කම ඇහුන සුදු ආච්චිගෙ කටහඩට වගේම සීයතාත්තාගෙ කටහඩටත් ගැස්සුන මම මාවම සන්සුන් කරගන්න හැදුව . .......
" මොකුත් නෑ සීයතාත්ත..... මට ටිකක් නිදිමතයි ..... "
" නිදිමත නැතුව තියෙයිද දරැවො. ...දැන් රෑ එකොලහටත් කිට්ටුයි ...... හා ....යමු..යමු.... ඇතුලට. ....."
පැදුර උඩ වැතිරැනත් නින්ද අහලකවත් නැති මගෙ හිත එක තැනම නැවතුන. .....ඇතුලට දාපු රබර් බෝලයක් ආය ආයම උඩට එන්න හදනව වගේ ඒ සිද්ධවුනු හැමදේම එකපෙලට මගෙ හිතේ මැවුන වෙනකොට නොදැනිම උනත් මගෙ ඇගිලි මගෙම තොල් උඩ එහාට මෙහාට උනා ..... ..... මට මහ අමුත්තන් දැනුන. .... ....... පුංචි හාමු වගේම මමත් පිරිමියෙක් වෙද්දී මගෙ පලවෙනි හාදුව පුංචි හාමුගෙ උන එක ගැන මට මහ අමුත්තක් දැනුන. ........ ඒ හැගීම වචන වලට හරවන්න මට අමාරැ උනා වගේම පුංචි හාමු අසිහියෙන් උන්නත් සිහියෙන් උන්න මම ඒ හැගීම යට කරන්න බැරිව තාමත් එක තැනම නැවතිල උන්න. .......... ඇත්තටම වලව්වට මම හෙට යන්නෙ කොහොමද කියන එක ගැන මගෙ හිතට වද දෙද්දී පුංචි හාමුව මගහරින්න මට ඕන උනා. ..... මුලු රෑම නින්දක් නැතිව හිටිය මම උදෙන්ම ඇවත් මල්කඩේ ඇරිය උනත් පාරෙ සුදු පාට කාර් එකක් යනව දකින ගානෙ මගෙ හිත ගැස්සුන ........ පුංචි හාමු වෙන්න ඇති කියලා මම හැංගුන..... ... බිස්නස් අඩුයි...... පුදුමෙකුත් නෑ. ...වැඩිවෙන බඩු මිලත් එක්ක ලැබෙන සොච්චම් පඩිය මිනිසුන්ට ජීවත් වෙන්නත් මදි වෙද්දී මලක් වෙනුවෙන් වියදම් කරන්න කොහෙන්ද මිනිස්සුන්ට සල්ලි . ..... ...... මිනිස්සු එකා දෙන්නා මැකිල යද්දී වෙනදවගේම සෙංකඩගල අහසෙ කපුටො පියාඹල යනව මම බලන් උන්න. .....ඉතින් මේ උන් කූඩුවලට යන වෙලාව.... මම ගෙදර යන වෙලාව ....ගොඩ වෙලාවට මගෙ ජීවිතේ දවසින් බාගයක් ගෙවුන විත්තිය කපුටො ඇගෙව්ව........... කපුට..... කපුටට මිනිස්සු කැමති නෑ. ...... ඒ ඇයි කියලා මට තේරෙන්නෑ..... ඌ කැත නිසා ද...... ඒ උනත් ඌට පුලුවන් උගේ එකම කෑම එක පවා අනිත් උනුත් එක්ක බෙදාගෙන කන්න. ...... කොටාගෙන උනත් කන්න කතා කරන්න. ..... ජීවිත කාලෙම එකම සහකාරිය එක්ක සහකරැ එක්ක ඉන්න. ........ අනුන්ගේ දරැවො පෝෂණය කරන්න....... සමහර මිනිස්සුන්ට කරන්න බැරි ගොඩක් දේවල් උන්ට පුලුවන් උනා. ......... සිතුවිල්ලෙන් සිතුවිල්ල කඩෙත් වහල දාපු මම එක සැරයක් ඒ දිහා බලල යන්න හැරැණ ....... මොනා උනත් කන්න හම්බකරගන්න දෙන උදව්වට උඹටත් ස්තුතියි. ..... පණ නැති උනත් මගෙ පුංචි කඩේට හිසට හෙවනක් වෙනවට ස්තුතියි කරල එන්න හැරැණ .... ඒත් අඩියයි.... පුංචි හාමුගෙ කා එක මල්කඩේ ඉස්සරහ නවතිද්දී මම නොපෙනෙන්න කඩේ පිටිපස්සෙ හැංගුන. ....... අල්ලපු කඩේනුත් මොනාහරි ඇහුව පුංචි හාමු යන්න ගියා වෙනකොට මම ගෙදර එන්න ආව........ ඒත් මගෙ හිත ඊයෙ ඒ මොහොතෙම රැදුන වෙනකොට නොදැනිම කාලය ගිහින් තිබුන. ........
වලව්ව ආව පලවෙනි දවසෙවත් නොදැනුනු ගැස්මක් හිතට දැනෙද්දි මම හෙමීට වලව්ව පිටිපස්ස පැත්තට යන්න ගියා. ........ වලව්වෙ පිටිපස්සෙ අඩි හතඅටක් ඈතට වෙන්න තිබුන ලිදේ ලිං පඩිය උඩ හිටන් ලිං බැම්ම පැත්තට වෙන්න බර වෙලා උන්න පුංචි මැණිකෙව මම අහම්බෙන් දැක්ක උනත් ටිකකින් මගෙ හිතට මහ අමුත්තක් දැනුන. ..... දෙයියනේ පුංචි මැණිකෙ. ..... අඩිය දෙකට පුංචි මැණිකෙ ඉන්න තැන නතර වුන මම ලිං බැම්ම උඩ හිටිය පුංචි මැණිකෙව පහලට ඇදල ගන්නවත් එක්කම අපි දෙන්නම බිමට වැටුන. .......
"පුංචි මැණිකෙ මොනවද මේ කරගන්න හදන්නේ. ..... පුංචි හාමු දන්නවනම්..... "
" මට ජීවත් වෙලා වැඩක් නෑ දැන්...... දන්නවද සසුන් මල්ලී ..... ම..ගෙ .....ජී...වි...තේ....දැනටමත් අපායක්. ......... ද...රැ...වෙක් නැති මම....ගමටම...වද..ගෑනියෙක් වෙලා...... උන් මොනාද දන්නෙ...... කවුද දෙයියනේ අම්ම කෙනෙක් වෙන්න අකමැති. ... තමන්ගේ අත් දෙකෙන් දරැවෙක් හදාවඩාගෙන ඌ උස්මහත් වෙනව දකින්න. ..... කවුද අකමැති කියාපන් මල්ලී. ..... ..... ඒත් ඒ පින මට නෑ. ...මට නෑ...... මම මහ පව්කාරියෙක්. ...... ඔව් පව්කාරියෙක්..... "
අත් දෙකෙන්ම පපුවට ගගහ අඩන පුංචි මැණිකෙ මාව සහෝදරයෙක් ගානට දාල හිතේ තියෙන දුක කියන්න උනා.....
......සහෝදරයෙක් සහෝදරියක් නැති උනත් ඒ වේදනාව මට දැනුන..... ඒ ඇස් දෙකෙන් වැටෙන කදුළු වල ඇත්ත මම දැක්ක. ..ඒ උනත් වලව්වෙ උන්ට කවදාවත් ඒ දුක දකින්න බැරිවුනා.....
දැනෙන් නැතිවුනා....... වදපු අම්ම්අප්පටම ඒ දුක නොපෙනෙද්දි මනුස්සයෙක් අසරණ වෙන තරම පුංචි මැණිකෙගෙන් මම දැක්කා ...... .. මට කේන්තියි ආව..... දරැවෙක් නැති අම්ම කෙනෙක් වද ගෑනියෙක් ගානට දාල කතා කරන මිනිස්සු එක පාරක්... එකම එක පාරක් ඒ මනුස්සයාගෙ පැත්තෙන් නොහිතද්දි උන් මනුස්සයන්ට වඩා තිරිසන්නු ගානට වැටිල උන්න. ......මට ඕන ඒ හිත සනසන්න. ..... වචනෙකින් හරි ඒ ජීවිතේට ශක්තියක් වෙන්න. .....
"පුංචි මැණිකෙ. ..... ජීවිතේ අපිට එන හැම වේදනාවකම අවසානෙ මරණය කියල හිතන්න එපා පුංචි මැණිකෙ. ...... ඒක අවසානයක නෙමේ. ..... තවත් එකම එක ආරම්භයක් විතරයි..... පුංචි මැණිකෙ නිකමට හරි හිතන්න අද පුංචි මැණිකෙ ජීවිතේ නැතිකරගත්තනම් හෙට පුංචි මැණිකෙට ආදරේ කරන අය .....ඒ අයට මොනා හිතෙයි... පුංචි හාමුට මොනවගේ දැනෙයිද...... පුංචි මැණිකෙම දැක්කනෙ ඊයෙ පුංචි හාමු හැසිරැන විදිය..... ........ "
අනෙ ....හ්... ..... සසුන් මල්ලී. .....අපෙ මල්ලීට මේ මොකුත් කියන්න එපා........ පින්සිද්ධවෙයි මේ මොනවත් කියන්න එපා...... අනේ දරැවො. ....මට පොරොන්දු වෙයන්. ....."
" මම පොරොන්දු වෙන්නම් ඒත් එක පොරොන්දුවක් උඩ.....ආය කවදාවත් මේ වගේ මෝඩ වැඩක් නොකර ඉන්නව කියන පොරොන්දුව උඩ........
......"
" පොරොන්දුව වෙනව...... "
පොරොන්දුවක් කියන්නෙම ලොකු බරක් වෙද්දී කීයෙන් කී දෙනාද අවසානෙ වෙනකන්ම ඒ පොරොන්දුව රකින්නෙ කියල මට හිතුන. ... ... ඒ මොන පොරොන්දුව දුන්න උනත් ජීවිතේ කියන්නෙම බරක් වෙද්දී ඒ බර උහුලන්න බැරිතැන අතඇරපු උනුත් ඕන තරම් උන්න. .... .විදින්න පුලුවන් උපරිමේටම ඉවසල අන්තෙටම වැටිල ඉද්දී අත දෙන්න කෙනෙක් නොවුන තැනදි ජීවිතේටත් තිත තියන්න බලන් ඉන්න උනුත් ඕන හැටියෙ උන්න. ..........
වෙනදවගේම වලව්වට බැල මෙවරකම් කෙරැව මම එන්න ආව...... වලව්වෙ ගේට්ටුවෙන් ඇතුලට දාන පුංචි හාමුගෙ වාහනේ පහුවෙනක් ඉදිය මම ගේට්ටු කදන් දෙක මැද්දෙන් එක පිම්මට දුවන්න ගත්ත............ පිටිපස්ස හැරිල නොබැලුවත් මට දැනුනෙ හරියට පුංචි හාමු මාව දැක්ක කියල වෙනකොට අන්තිමේටම හොරෙක් නොවුන මම හොරෙක් ගානට වැටිල උන්න......... ඇත්තටම හොරා පුංචි හාමු නෙවේද....... මගේ දෙයක් ආපහු ඉල්ලන්න බැරි වෙන විදයට ගත්තෙ පුංචි හාමු නෙවේද.......මගෙ පලවෙනි හාදුව පුංචි හාමුගෙ පලවෙනිම හාදුව වෙන්න බැරිද...... අනේ මන්ද මට මොනා හිතෙනවද මන්ද..... මගෙම ඔලුවට ගහගත්ත මම තනියම හිතින් කියව කියව උන්න. .....
" මොකද ලමයො ඔය ඔලුවට ගහ ගන්නෙ.....?"
."සුදු ආච්චි ...... "
විනාඩි ගානට ගෙදර ඇවිත් උන්න මගෙ ඇස් දෙක සුදු ආච්චිගෙ රෝද පුටුවට ලග නතර වුනා. .......
" මේ...මේ .නිකන්....
ඔලුව නිකන් කසනව වගේ සුදු ආච්චි. ...... "
" කසනව කියල දැන් එහෙම නානව නෙමේ..... හොද ලමය වගේ ඇගපත විතරක් ටිකක් හෝදන් වරෙන්. ....... "
කලිසමෙන් සරමට බැහැපු මම ඇගහෝදගෙනම ඇවිත් කන්න ගත්ත වෙනකොට තාමත් බෙහෙත් නොබී උන්න සුදු ආච්චිටයි සීයතාත්තාටයි බෙහෙත් දුන්න. ....... මගෙ හිත කලබලයි...... එක තැනක නවත්තගන්නම බැරි හිත සැරින් සැරේ පුංචි හාමු ලගටම දුවනකොට මම මගේ හැඟීම් එක්කම තර්ක කරා........
" සුදු ආච්චි. ...... ඔයා නිදිද.....මම එන්න ද....... "
" එන්න මැණික. ..... මොකෝ මයෙ මැණිකට නින්ද යන්නැතෙයි......"
" සුදු ආච්චි. ... මගෙ ඔලුව ටිකක් අතගානවද. ...... "
නින්ද ගිහින් උන්නු සීයතාත්තා ඇහැරෙයි කියලම මම හොරෙන් කුටු කුටු ගගා සුදු ආච්චිගෙ ඔඩොක්කුවට දනිගෑව....... සනීපයි. .... පුංචිකාලෙ වගේ ඒ උකුලෙ පිරැනු සනීපෙ වෙනුවට කටුගැහුනු උකුලෙ කටු ඔලුවට දැනුන උනත් මගෙ කෙස් අතරින් එහාමෙහා වෙන ඒ අතැඟිලි වල පහස ඒ සනීපෙ ඒ සැනසීම අඩුවක් නැතුවම තිබුන වෙනකොට මගෙ ඇස් වලින් ගැලුව කදුලක් සුදු ආච්චිගෙ පාට මැකුණු චීත්තෙ තෙමුව...... රැලි වැටුනු හම නහර පෑදුනු ඒ අත් තව හුගාක් දුර මම අල්ලන් යන්න පැතුවත් එහෙම නොවෙන බව මම දැනන් උන්න. ..... ....
" මොකෝ මැණික. .....මොකක් හරි ප්‍රශ්නයක් ද. .... "
" නෑ ......සුදු ආච්චි...... ඇයි එහෙම ඇහුවෙ. ....."
" මට දැනෙනව දරැවො..... උඹගෙ අම්ම අප්පච්චි නොවුනට පුංචි කාලෙ ඉදන් උඹව හැදුවෙ මමනෙ..... උඹගෙ පුංචි වෙනසක් උනත් මට දැනෙනව...... ඊයෙ ඉදල මගෙ මැණික මොකක් හරි දෙයක් ගැන ලොකුවට හිතනව.....එහෙම නේද......... මයෙ මැණිකගෙ හිතේ කවුරු හරි ගෑනුලමයෙක් ගැන එහෙම. ....."
.."එහෙම නෑ...සුදු ආච්චි....... එහෙම දෙයක් මගෙ හිතට ආවොත් මුලින්ම මම කියන්නේ ඔය දෙන්නට ....ඒක සුදු ආච්චි දන්නවනෙ.......
"හ්ම්ම්ම්.....
මම දන්නවා මැණික. .....ඒ උනාට සමහරැන්ට තමන්ගේ හිතම තේරැම ගන්න ගොඩක් කල් යනව..............තව සමහරැන්ට ඒ හැගීම තේරැම් යද්දී ගොඩක් පරක්කු වෙලා.වැඩියි.... ඉතින් ලමයො ආදරේ කියන හැඟීම අපි තේරුම් ගන්න ඕන හරි කාලෙදි..."
.අනිත් මිනිස්සු කෙසේ වෙතත් මගෙ සුදු ආච්චි ඒ ආදරේ හරි වෙලාවට තේරැම් අරන් හරි කෙනාට දීල තිබුන කියන්න අද වෙනකලුත් අල්ල ගත්ත අත අතනොඇරම ඉන්න සීයතාත්තා සාක්ෂියක් උනා.
"ඇත්තටම සුදු ආච්චි ආදරේ මොන වගේද. ...... ඒ හැගීම කොයි වගේද දැනෙන්නෙ. ...... හරියට මම සුදු ආච්චිට සීයාතාත්තාට ආදරේ කරනව වගේද......."
😊ඕතරිය කතාව දැම්මෝ. .....
😀ඇත්තටම ඒ ක මොනවගේ ද ලමයි..... මන් කීවෙ මේ ආදරේ......ho is the know නෙහ්.....
😀 කියවල මුනාහරි කොටන් යන්නෝ....... ගුඩ් නයිට් ඒයිල.......
😁කතාව කීවන හැමෝටම තැන්කූ.......