Continuing something's pov...
අන්තිමට ඉතින් බොම්ග්‍යුට හොඳට නිදාගන්න තමයි සිද්ධ වුනේ අර කීව පෙත්තකුත් බීලා.
කොහොමහරි අනිත් දවසෙ උදේ වෙද්දි බෝඩින්ග් හවුසස් දෙකේම කිසි වෙනසක් තිබුනෙ නෑ.මොකද කීවොත් එක එක වයස්වල ළමයි ඒවගෙ ඉන්න නිසා උදේට ඔය දෙකම ගොඩක් කලබලකාරීයි.හරියට නිකන් සත්තු වත්තක් වගේ.
*At mountain 22
*second floor
Taki : ටටා බායි මං යනෝ !
Koga : හෝ ! හෝ ! බේබි ෆූල් !! උඹට මාර රථ ගායක්නෙ යකූ තියෙන්නෙ?? ඉඳා මේක කටේ දාන් පලයන් යන ගමන්.
Taki : වා.... නූනා නේ දුන්නෙ??
Koga : කොහෙ ඉන්න නූනෙක්ද උඹට??පණ්ඩිතයා නොවී යනවද යන්න !??
හැමදාම වගේ තාකිට එදත් ස්කූල් යන්න පරක්කු වෙලා තිබුනු නිසා එයා කෝගට යන්නම් කියන්න ගියෙත් ටීෂර්ට් එකේ බොත්තම් දාන ගමන්මයි.
ඒ වෙද්දි කෝගනම් හිටියෙ ඇහැරිලා.මොකද කීවොත් කෝගට උදේම ඇහැරලා හොඳ පළපුරුද්දක් තියෙන නිසා එයාට දවල් වෙනකන් නින්ද යන්නෙ නෑලු.
ඉතින් ඔය කොගා ඒ වෙලාවෙ කූල් වතුර බෝතලේකුත් අතේ තියන් කහ පාට මෝචි එකකුත් කටේ ඔබන්ම තාකි එක්ක කතා කළේ වෙලාවෙ හැටියට මෝචි එක ගොඩක් වටින නිසා.
කෝගා එයාගෙ මේසෙ උඩ තිබ්බ මෝචි පැකට් එකකින් ලා රෝස පාට එකක් අරන් තාකිගෙ කටට ඔබලා තාකිව එතනින් යැව්වෙ ඔය පොරට එකක් දීලා බේරෙන්න බෑ කියලා දන්න නිසා..
තාකි ගියයින් පස්සෙ කෝගා උදේට පායන සන්ව රූෆ්ටොප් එක පැත්තට යන්න කියලා කාමරෙන් එලියට ආවට කෝගගෙ නැවතුම වුනේ තාකිගෙ රූම් එකට එහයින් තිබ්බ බොම්ග්‍යුගෙ රූම් එක.
ඒ වෙද්දිත් බොම්ග්‍යු නම් හිටියෙ හොඳටම තද නින්දක.
කෝගා එතනට යද්දි බොම්ග්‍යුගෙ ටැබ් එක බොම්ග්‍යුගෙ ඇඳ උඩ තියෙනවා දැකපු එයා ඒක අතට ගත්තෙ ඒ වෙද්දිත් ඒක ඔන් වෙලා තිබුනු නිසා.
අනික..
කෝගා ඒ පැත්තට ගියේ අනික් හැම ජූනියර් කෙනෙක්ම වගේ ස්කූල් යද්දි බොම්ග්‍යු විතරක් නිදාගෙන ඉන්නෙ ඇයි බලන්න.බොම්ග්‍යුගෙ නින්ද කඩන්න කලින් කෝගා කළේ අර ඔන් එකේ තිබ්බ ටැබ් එක අතට අරන් ඒකෙ තිබ්බ දේ බලපු එක.
*Reading
Koga : ඔහ් ගෝඩ්!? මූ මාර යකෙක්නෙ?? අඩෙහ්.. මූ කොහොමද මෙහෙම හැසිරෙන්නෙ?? ආශ්... කෝගා යුදායි !! පනින්න පෙර සිතා බලනු කොල්ලෝ..
කෝගා දැක්කෙ බොම්ග්‍යු අන්තිමටම බල බල හිටිය මැසේජ් එකක්.ඒක කොච්චර දිගද කීවොත් ඒකෙ වචන එක්දාස් පන්සීයක් විතර තිබුණා.
ඒක කියවලා ලොකු දෙයක් තේරුම් ගත්තු කෝගා ඒක ඕෆ් කරලා තිබ්බ තැනම තියලා ඊළගට ගියේ බොම්ග්‍යුගෙ මේසෙ පැත්තට.
*Thinking
Koga : සරංග්හේ බොමී..?
කෝගා එතනට ගියාම එයාට බොම්ග්‍යුගෙ මේසෙ උඩ තිබුනු ෆොටෝ එකක් දකින්න ලැබුණා.ඒකෙ හිටියෙ බොම්ග්‍යුගෙ පවුලෙ අය.ඒ වගේම ඒකෙ යටම අර වගේ දෙයක් ලියලා කෙනෙක් අත්සන් කරලත් තිබුණා.ඒකෙ විදියට නම් එතකොට බොම්ග්‍යු ගොඩක් පොඩි ළමයෙක්.
අන්තිමට කෝගා ආපහු පාරක් බොම්ග්‍යුගෙ පැත්තට හැරිලා බොම්ග්‍යුගෙ ළඟටම ගිහින් ටිකක් වෙලා බොම්ග්‍යු දිහා බලන් ඉඳලා බොම්ග්‍යුගෙ ඔළුවත් ටිකක් අතගාලා නළලෙන් අත තිබ්බෙ අහම්බෙන් වගේ.ඒ වෙලාවෙ කෝගා බොම්ග්‍යු දිහා බැලුවෙ එයා තාකි දිහා බලන විදියට.ඒ කියන්නෙ තමන්ගෙ සහෝදරයෙක් විදියට.මොකද කීවොත් කෝගා දෙයක් දැනන් හිටියා.
මේ වෙද්දි ග්‍රීන් කල්වුඩ් එකේ අයනම් වෙනදා වගේම තම තමන්ගෙ වැඩවලට ගිහිල්ලයි හිටියෙ.ඒත් එදා ජීයුන්ලට නම් උදේම ලොකු සප්‍රයිස් එකක් ලැබුන නිසා ඒ තුන් දෙනාම හිටියෙ මාරම සතුටකින්.
*Infront of Jiyun's mashroom house
"නිල් ජලයෙන් නිල් පැහැයෙන් යුතු නිල් සුරදූතියනි,මේ ටියුලිප් මල මාගේ වරද නිවැරදි කිරීම පිණිස ය.නැවතත් වැරදි නොකිරීමට මාගේ පොරොන්දුවක් ලෙස මෙය පිළිගන්න.. "
ගෙදරින් එලියට බැස්ස ගමන්ම ජීයුන්ට ජුන් චෝයිගෙ කටහඬ ඇහුන පාර ජීයුන් ටිකක් විතර ගැස්සිලා ගියා.
Jiyun : අම්මට යකූ !! කොහෙද හැංගිලා ඉන්නෙ වදකාරයා? ඇයි එලියට එන්න බයේද??
ජීයුන් එහෙම කීවෙ එතන තිබුනු ටියුලිප් ගහ ගැන එච්චර ගානක් නැතුව.ඒත් අනික් දෙන්නත් එලියට ආවම තමා තුන් දෙනාම ඒක දැක්කෙ.
Dayun : වාව්ව්ව් ! මේ ජීයුනා..?? මේක ඔයාට !! වාව්..
?? : කොල්ලගෙ නහර වැඩි වුනාට එල කොල්ලෙක් නේ??
මේ වෙද්දි ඒකෙ ලස්සන සුදු පාට එකම එක ටියුලිප් මලක් පිපිලා තිබුනා.
Jiyun : ආශ්.. මලකෝලම් ! මේකත් උගුලක්ද දන්නෑනෙ?? මෙන්න මෙහෙ එන්නලා යන්න පරක්කු නොවී !!
අන්තිමට ජීයුන් අර දෙන්නගෙ අත් දෙකෙනුත් ඇදන් එතනින් යන්න ගියේ අර ටියුලිප් ගහ දිහා එකපාරක් ආපහු හැරිලා බලන ගමන්මයි.
මේ වෙද්දි ජුන් චෝයි හිටියෙ බ්ලූ රෝස්ගෙ රෝස වත්තෙ කොනකට වෙලා කම්මැලිකමෙන් වේලි වේලි.
Jun choi : යන්න දෙනවකො ඕයි !! මේක මහ කම්මැලි වැඩක්නෙ??
Blue rose : නෑ ජුන් !! ඔයා අද මට පේන මානෙ ඉන්නම ඕනි !! නැත්තම් මේ මුලු ෆ්ලවර් සයිට් එකම ටියුලිප් ගස්වලින් පුරවන්න වෙයි ඔයා කරන වැරදිවලට !
එදා නම් ජුන් චෝයිට එතනින් හෙළවෙන්නවත් ලැබුනෙ නෑ.මොකද කීවොත් ඒ වෙද්දි බ්ලූ රෝස් එයාට මැජික් එකක් කරලයි තිබුනෙ.
ජුන් චෝයි හිටියෙ බ්ලූ රෝස්ගෙ රෝස වත්තෙ කොනේම තිබුනු පුංචි ගලක් උඩ වාඩි වෙලා.එයා එතනින් නැගිටලා අඩි දහයකට වඩා දුර ගියොත් එකොළොස් වෙනි අඩියෙදිම එයාව සීතල වතුරෙන් නෑවිලා යන විදියට තමයි එයා ඒ මැජික් එක කරලා තිබුනෙ.
Tae kim : සුභ දවසක් රෝස් !
ඒ වෙලාවෙම කලු පාට හංසයෙක්ගෙ පිටින් ආව ටේ කිම් බ්ලූ රෝස් ළඟටම ඇවිත් එහෙම කීවෙ පොඩි සිරික්කියකුත් දාගෙනමයි.
Blue rose : අහ්? සුභ දවසක් ටේ ! මොකෝ මේ වෙලාවෙ?
Tae kim : රැජින හම්බෙන්න යන්න ඕනි.ඇයි ආරංචි නැද්ද අලුත් කටකතාව??
Blue rose : මොකක්?? මොකද්ද...?? ඔ.. ඔහොම ඉන්න මමත් එන්නම් !
Tae kim : නගින්න එහෙනම්?
Blue rose : අයියෝ නෑ ! මට අත්තටු තියෙනවනෙ??
Tae kim : මෙන්න මෙහෙ එන්න රෝස් ! තටු මොකෝ මගේ ස්වෝන් මොකෝ??
ටේ කිම් බ්ලූ රෝස්වත් එයාගෙ හංසයගෙ පිටට නග්ගන් එයාලගෙ රැජින ළඟට ගියේ ලොකු දෙයක් ගැන දැනගන්න.ඒත් ඉතින් අන්තිමට ජුන් චෝයිට තමයි හොඳම පරිප්පුව කන්න ලැබුනෙ.
බ්ලූ රෝස් ගියාට ජුන් චෝයිට දාපු මැජික් එක අයින් කරන්න අමතක වෙලානෙ එයා ගියේ...
මේ වෙද්දි ටේ කැන්ග් නම් හිටියෙ අලුත් ගාඩියන්ස්ලා එක්ක පොඩි කතාවක.
Tae kang : අඩෝ උඹ කලින් කිව්වනම් මම එනවනෙ උදව්වට?? උඹනම් මහ !!
Jay song : අනේ උඹ ඕනි වෙලාවට එන්නෑනෙ කොහොමත් ! ළඟදිම නීති තද වෙයි වගේ.මං දැක්කා ලොකු අය රැජිනගෙ මාලිගාව පැත්තට යනවා.අද නම් ඉඳලා ඉවරයි බං !
එයාලා ඒ වෙලාවෙ හිටියෙ බිත්තර රකින කුරුල්ලොන්ගෙ කූඩු තිබුනු පැත්තෙ.
Tae kang : අපෙ එකත් යන්න ඇති එහෙනම්.. අර කිව්වත් වගේම ආයෙම දොරටුව විවෘත වෙලානම්???
Jay song : හඳෙන් ඈත් වෙලා ඉන්න අමාරුවෙයි.ඒත් අනේ මංදා බං ! උඹලනම් ඔහෙ ඉඳියි.අපි එපෑ ඔක්කොම රකින්න !??
එයාලා දෙන්නා ගොඩක් වැදගත් දෙයක් ගැන ඒ විදියට කතා වුනේ ඒ වෙද්දි ග්‍රීන් ක්ලවුඩ් එකේ එක පැත්තක අය ටිකක් කලබලෙන් එහෙ මෙහෙ යන ගමන් තිබුනු නිසා.
මේ වෙලාවෙ රුකියි මින්ග්‍යු නම් හිටියෙ අර පයිනස් කැලේ අගට වෙන්න තිබුනු ඩිටෙක්ටිව් ඔෆිස් එකකට ගිහින්.
කෝගයි යුකියි වගේම ඔය ඩබලත් වැඩ කළෙත් ඩිටෙක්ටිව්ස්ලා ටිකක් එක්ක.ඒත් යුකීලා තවම ඒ ගැන දැනන් හිටියෙ නෑ.
මොකද කීවොත් රුකී ඔය බෝඩින්ග් හවුස් එකට ආවෙ අලුතෙන්නෙ.රුකියි යුකියි ටුවින්ස්ලා වුනාට රුකී ටික කාලයක් හිටියෙ ඈත පළාතක.මොකද කීවොත් එයාට ඉගෙන ගන්න ලැබුනු යුනිවර්සිටි එක තිබුනෙ යුකී ගිය එකෙන් ගොඩාක් දුර.ඉතින් ඔය මින්ග්‍යුව රුකීට හම්බෙලා තිබුනෙ ස්කූල් යන කාලෙදිමයි.
ඒත් යුනිවර්සිටි නිසා ඒ දෙන්නා පොඩ්ඩක් විතර බිසී වෙලා හිටියට දැන් නම් දෙන්නම ෆුල් ෆ්‍රීඩම් එකේ ඉන්නවා.
*At detective's office
?? : ට්‍රිපල් සීරෝ??
Mingyu : යෙස් සර් !
Ruki : සර් අපිට මොකක්ද කරන්න තියෙන්නෙ??
?? : ළමයි ස්කූල් ඇරිලා එන වෙලාවට මේ පාරවල් ගැන ඇහැ ගහන් ඉන්න ඕනි.ට්‍රිපල් වන් ටීම් එකෙන් අපිට ලැබුනු ඔත්තු දැනට සාර්ථකයි.ඉතුරු ටික ඔයාලගෙ අතේ.
Mingyu : ඒ දවස්වල මෙහෙ නාදුනන විදියට පයිනස් ගස් කීපයක්ම කපලා දාලා තිබුනා සර්..අපි ඒ ගැන තවම හොයන ගමන්.අපිට ඒවගෙ මුල් හොයාගන්න ලැබුණා.
?? : ඔහ්.. ගුඩ් ජොබ් ! අපේ සීසීටීවිස් මේ කැළේ තැන් තැන්වල තියෙනවා කියන්න ඔයාලා විතරයි තවම දන්නෙ.ඉතින් ඔයාලා දැනගන්න ඕනි ඒවා චෙක් කරන්නත් !
Ruki : හරි සර්.අපි රෑ වෙලා වෝකි ටෝකි එකෙන් වොයිස් මැසේජ් එකක් දෙන්නම්.
එතන හිටියෙ ඩිටෙක්ටිව් ඇඳන් හිටියෙ හමුදාවෙ කෙනෙක් වගේ ඇඳුමක්.ඒත් ඒක ඊට වඩා ටිකක් වෙනස්.එයාගෙ ළඟ ගන් එකකුත් තිබුනා.අනික තමයි ඔය ඩිටෙක්ටිව් ඔෆිස් එක පයිනස් කැළේ අග තිබුනට ඒක පිටින් බලන අයට පේන්නෙ අතැරලා දාපු පරණ ලී ගෙදරක් වගේ එකක්.ඒත් ඒකෙ ඇතුළට යන්නම ඕනි ඒක මොනවගේද කියලා දකින්න නම්.
අර කීවත් වගේම ඔය කැලෑවෙ ගොඩක් තැන්වල එයාලගෙ සීසීටීවිස් තිබුණා.මොකද කීවොත් එයාලා ඉන්නෙ කැළේ එක්ක සම්බන්ධ පොඩි මෙහෙයුමක.
අනික තමයි..
ඔය රුකියි මින්ග්‍යුයි වගේම යුකියි කෝගයිත් ඔය බෝඩින්ග් හවුසස්වලට එන්න හේතුවත් ඔය රහස් පරික්ෂණේම තමයි.එයාලා ඒ වෙනුවෙන් උපරිමෙන්ම වැඩ කළේ එයාලගෙ ට්‍රේනින්ග් එක ගානට ඉවර කරගන්න ඕනි නිසාමයි.
මේ වෙලාවෙ සෝයොන් නම් හිටියෙ ස්කූල් එකේ.ඒත් එයා එදා ස්කූල් ගියේ ටිකක් අකමැත්තෙන් වගේ.
මොකද කීවොත් එයා එයාගෙ යාලුවෝ නිසා ගොඩක් දුකෙනුයි හිටියෙ.මේ වෙද්දි එයාට එයාගෙම කියලා කිසිම යාලුවෙක් එහෙ හිටියෙ නෑ.හැමෝම එයා දිහා බැලුවෙ හරියට හොරෙක් දිහා බලනවා වගේ.
*At the library
(Memorizing)
Harumi : සෝයොන්-ආ..? ඔයා ඔන්නිට කොච්චර ආදරේද?
Seoyeon : අහස තරම්.
Harumi : ම්...? අපිට අපි ඉන්නකන් කිසි කෙනෙක්ට බෑ අපිව වට්ටන්න.ඒක තේරුනාද? අප්පා අපි වෙනුවෙන් ඉන්නවනෙ??
Seoyeon : ඔව් ඔන්නි.. මට ඕනි එයාලට අපි එහෙම නෑ කියලා පෙන්නන්න..
Harumi : ඔයා ඉක්මනට ලොකු වෙන්නකො හරිද ඔන්නි වගේ? ඔයා දන්නවනෙ අපිට වෙන්න පුළුවන් හැමදේම වෙලත් අපි සතුටින් ජීවත් වෙනවා කියලා? ඒ ගැන හිතලා හිත ශක්තිමත් කරගන්න.
සෝයොන් හිටියෙ ලයිබ්‍රි එකට වෙලා පොතක් බල බල.ඒ පොතේ තිබුනු එක කොටසක් කියවද්දි එයාට එයාගෙ ළඟම කෙනාව මතකෙට ආවෙ ටිකකට ඒ කතාවෙන් ඈතට යන ගමන්.
ඒත් ඒ වෙලාවෙ කෙනෙක් එයාව දැකලා එයා හිටිය කල්පනාවෙන් එයාව එලියට ගත්තෙ මේ ලෝකෙ තනි වුන එක පුංචි තරුවකට වුනත් තනියම එලිය දෙන්න පුළුවන් කියන එක ඔප්පු කරගෙනමයි.
Soobin : හායි සෝයොන්..
ඒ අර මින්ග්‍යුගෙ අල බෝලෙ වගේ ඉන්න සූබින්..
*Bowing
Seoyeon : අහ්..? හ්.. හායි ස්.. සූබින් ඔප්පා.
Soobin : ඔයා දැන් ෆ්‍රීද??
Seoyeon : හ්ම්.. අද මැත්ස් සොන්සෙන්නිම් ඇවිත් නෑ.
Soobin : එහෙනම් එනවද මාත් එක්ක කැන්ටින් එකට යන්න? අපි ගිහින් මොනාහරි කන ගමන් කතා කරමු.
සූබින් සෝයොන්ට එහෙම කීවෙ ලැජ්ජාවෙන් චූටි හිනාවකුත් දාගෙනමයි.එයා හිනා වෙද්දි ඩිම්පල්ස් එන නිසා ඕනි කෙනෙක්ට එයා හිනා වෙනවනම් අඳුනගන්න හරිම ලේසියි.
To be continued 🐞
-----------------------------------
කලින් ප්‍රශ්නෙට ලැබුන උත්තරවලින් මම බලාපොරොත්තු වුන විදිහෙ එකම එකක් තිබුණා..( Ru_Ki_Shanaya )
Today's question ✴️
1.තමන්ට යන්න එකම එක පාරක් විතරක් තියෙද්දි,ඒ පාරෙ ගියොත් අවසානෙට තමන්ට ජීවිතය නැත්තම් මරණය දෙකෙන් කොයි එක ලැබෙයිද කියන්න ඔයා දන්නෙත් නැත්තම්, ඔයා ඒ පාරෙ යනවද ගමන නොයා ඉන්නවද?
..හේතුවත් එක්කම උත්තර දෙන්න...
✴ Hints ⤵
+පාරක් පටන් ගන්න තැන වගේ නෙවෙයි මැදට ගියාම.
+මැදින් නතර වෙන්න හිතුනත් ඒක කරන එක නිශ්ඵල වෙන්න පුළුවන් තමන් ඒ ගමනෙ භාගයක්ම ඇවිත් තියෙන නිසා.
+ගමනෙ අගදි ඔයාගෙ ජීවිතේ රැකිලා තිබුනොත් ඉස්සරහට තවත් ගොඩක් දේවල් ලැබෙන්න පුළුවන්.
-Ha Eun✍