At university...
Taehyung pov...
යුනී එකට ආපු ගමන් ජිමිනටත් මැසේජ් එකක් දාලා මන් ගියේ cafeteria එකට. විනාඩි දහයක් විතර යද්දි මන් දැක්කා ජිමිනත් cafeteria එකට එනෝ...
"ඒ ජිමිනෝ...."
"ආ ටෙයියෝ..."ජිමින් දුවගෙන ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වුනා...
"හම්මෝ උබව දැකපු කල්.."
"හ්ම්ම් ඒකනේ ඔම්මා ගාවනේ මන් හිටියේ මේ දවස් ටිකේ..."
"ඒක තමයි ටේ ඉතින් මන් දැම්ම නෝට්ස් ඔයා ලියා ගත්තද?" ජිමිනා මගෙන් ඇහුවා. ඔව් ජිමිනා දවස ගානෙම මට නෝට්ස් ටික දැම්මා...
"ඔව් ඒවා completed." මන් හිනා වෙලා ජිමින්ට කිව්වා..
"ඒනම් හරි..."
"මේ ඒක නෙවෙයි උබ මොනාද අර මට කියන්න තියනවා කිව්වේ?.."මන් ඇහුවේ ඊයේ කෝල් එක මතක් වෙලා..
"ආහ්හ්??"
"ආහ් නෙවෙයි බන් ඇයි ඊයේ කිව්වේ අද කියන්නම් කියලා..."
"මේ මේ මේකයි බ්..බන් මේ...."මේකා මෙන්න ආයේ කෙකර ගානෝ ඊයේ රෑත් ඔහොමයි..
"ඕයි කොටෝ තටමන්නේ නැතිව කියහම්.."මන් ටිකක් සැරෙන් කිව්වම ජිමින් ගැස්සිලා ගියා. මොකද මෙයාට මේ වෙලා තියෙන්නේ ආහ්?
"ජිමිනී..."ඈහ් කවුද ඒ ජිමිනී ගාන්නේ මන් ඔලුව උස්සලා හැරිලා බැලුවේ කවුද ජිමින්ට කතා කරේ කියලා බලන්න. එතකොට තමයි දැක්කේ අතත් වනාගෙන අපි ලගට එන සුගාව...
පොඩ්ඩක් ඉන්න සුගා?? සුගා ඇයි අපිට අත වනන්නේ?? අපිට නෑ නෑ ජිමිනට?? ඒ ඇයි පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මන් හිතන දේද??
"ජිමිනෝ🤨...."
"අ ආහ් මේ මේ ටෙයියෝ..."
"කියන්න එපා උබ සුගා එක්ක..."
"ඔව් එයා මාත් එක්ක යාලුයි දැන් ජිමිනී මගේ බෝයිෆ්‍රෙන්ඩ්.." සුගා ජිමින්ට එහා පැත්තෙ තිබුන පුටුවෙන් වාඩි වෙලා ජිමින්ගෙ අතක් අල්ල ගන්න ගමන් කිව්වා...
හපෝ මේ ජිමිනා නම් මෙච්චර දෙයක් වෙලා අඩුම එක පොඩි දෙයක්වත් කිව්වේ නෑ හිටාම්කෝ මන් මූ එක්ක තරහා වෙනෝ...
" ටේ... අනේ සොරි ටේ මම ඔයාට කියන්න හිටියේ ඒත් ඔයා ආවයින් පස්සෙම කියන්න කියලා හිටියේ අනේ ටේ මාත් එක්ක තරහ වෙන්න එපා අනේහ් අනේහ් ටෙයියෝ🙁..."
හහ් මන් කතා කරන්නෑ මූ එක්ක... ඒත් පව් කියලත් හිතෙනෝ අප්පා මූණ දැක්කම...
"හ්ම්ම් හරි හරි... මේ ඒක නෙවෙයි සුගා හියුන්ග් දැන් කොච්චර කල්ද ඔය දෙන්නා යාලු වෙලා?"
"සති තුනක් විතර වෙනවා ටේහ්යුන්ග්..."
"මො..මොකාක් සති තුනකුත් වෙනවද?? ජිමිනෝ..."
"හිහිහි😬...."
"හිහි නෙවෙයි උබ එක්ක තරහයී මන්.."
"ඒ ටේහ්යුන්ග් ජිමිනී එක්ක තරහ වෙන්න එපා මන් තමයි කිව්වේ ඔයා ආවට පස්සෙම ඔයාට මේ දේ කියන්න කියලා ඉතිම් ඒ නිසා එයාගේ වැරද්දක් නෑ ටේහ්යුන්ග්.."ම්ම්ම් දැන් මේ කොටාව බේර ගන්නත් සුගා හියුන්ග් ඉදිරිපත් වෙනවා නේහ් ඉස්සර තමයි හුහ්...
"හා හරි හරි සුගා හියුන්ග් ඉස්සෙල්ලාම මට ටේහ්යුන්ග් ටේහ්යුන්ග් ගාන්න ඕනා නෑ ජිමින් කතා කරනවා වගේ ටේ, නැත්තන් ටෙයියෝ ඔය වගේ මොකක් හරි කියන්න. අනිත් එක තමයි මගේ මේ කොට ජිමිනව බලා ගන්න ඕනේ හරිද පොඩි හරි වැරැද්දක් වුනොත් මන් තවුසෙව මරලා දානවා හියුන්ග්...."මන් කිව්වේ සුගා හියුන්ග් දිහා ඔරවන් ඇත්තම කිව්වොත් මට මේකාව ශුවර් නෑ මූ සෙල්ලමට ජිමිනත් එක්ක යාලු වෙලාද කියලත් හිතෙනෝ මට...
"හරි හරි ටේහ්යු... ටේ මන් පොරොන්දු වෙනවා ජිමිනිව මන් හොඳට බලාගන්නවා කියලා කිසිම වැරද්දක් වෙන්නේ නැතිව..."
"ම්ම්ම් හරි හියුන්ග්.. මේ ජිමිනෝ මන් තවුසේ ගැන බලාගන්නම් පස්සේ, මන් යනෝ ලෙක්ච හෝල් එකට ඔයා එන්නකෝ පස්සේ... "මන් ජිමිනට රවාගෙනම කැෆෙටේරියා එකෙන් එළියට ආවා.
Taehyung pov end...
Author pov...
ජන්කුක් එයාගේ කැබින් එකට වෙලා ෆයිල් වගයක් චෙක් කර කර හිටියේ. එක පාරටම ඇහුනේ එයාගේ කැබින් එකේ දොරට තට්ටු කරන සද්දයක්..
"Yess coming.." ජන්කුක් ෆයිල් එකට අවාදනේ දෙන ගමන්ම කිව්වම. ඒ තට්ටු කරපු කෙනා දොරත් ඇරන් ඇතුලට ආවා. ජන්කුක් ඔලුව උස්සලා බැලුවේ ආවේ කවුද කියලා බලන්න ඒත් ජන්කුක් හිටපු කෙනා දැක්කම පුදුම උනේ ඒ හීනෙකින්වත් නොහිතපු කෙනෙක් වුන නිසා...
"හියුන්ග්?? ඔයා??..." ඔව් ඒ ඇවිත් හිටියේ ජන්කුක්ගේ හියුන්ග්. ජන්කුක්ගේ ඔම්මගේ අක්කගේ පුතා නම්ජුන්..
ජන්කුක් නෑදෑයෝ වැඩියේ ආශ්රය කරේ නැති වුනත් හිටපු නෑයන්ගෙන් හිතවත්ම නෑදෑයා නම්ජුන් වුනා ජන්කුක්ට නෑදෑයෙක්ට වඩා නම්ජුන්ව තමන්ගෙම සහෝදරයෙක් වගේ...
ජන්කුක් තරම් පොහොසත් නොවුනත් තමන්ගේ ජීවිකාව ගෙනයන්න පුළුවන් සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක අයිතිකාරයෙක් තමයි නම්ජුන් කියන්නේ. ඔව් ඔව් ටේහ්යුන්ග් වැඩ කරෙත් ඒ රෙස්ටුරන්ට් එකේ තමයි ඒත් කවුද දන්නේ ඉතින් නම්ජුන් කියන්නේ ජන්කුක්ගේ හියුන්ග් කෙනෙක් කියලා...
"හියුන්ග් වාඩි වෙන්න..."
"හ්ම්ම් ජන්කුක්??"
"ඔව් කියන්න හියුන්ග් ඇයි ඉතින් හදිස්සියෙන්ම ඔයාට ඉතින් දැන් මාවත් අමතක වෙලා නේ තියෙන්නේ. අනික මගේ නික්නේම් එකත් අමතක වෙලා වගේ.."
"අනේ එහෙම නෑ ක්..කුකී ඇත්තටම මට අමතක වුනේ නෑ ඔයාව රෙස්ටුරන්ට් එකේ වැඩත් එක්ක ඉතින් දන්නවනේ කුකී...."
"හ්ම්ම් හාකෝ ඉතින්..."
"ඒක නෙවෙයි මට උදව්වක් ඕනේ ඔයාගෙන්. ඒත් මන් මේක අහන එක හරි නෑ ඒත් මගේ යාලුවෙක් වෙනුවෙන් තමයි. යාලුවෙක් කිව්වට එයා මගේ මල්ලි වගේ... "
"ආ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... දැන් හියුන්ග්ට මට අමතරව තව මල්ලිලත් ඉන්නවද? අනේ හියුන්ග් මන් හිතුවේ නෑ ඔයා මාව මෙච්චර ඉක්මනට අමතක කරලා දායි කියලා...." ජන්කුක් කිව්වේ බොරු තරහ මූණක් හදාගෙන නම්ජුන්ට නම් හාවෙක් වගේ තරහ මූණක් හදන් ඉන්න ජන්කුක්ව දැකලා..
"ආ දැන් හිනත් වෙනවද හියුන්ග් මට..."
"අයියෝ කුකී ඔයා විතරයි මගේ මල්ලි මන් කිව්වේ එයා මගේ මල්ලි වගේ කියලා ඒ කියන්නේ මට වඩා බාලයි ඒක මම කිව්වේ..."
"හුම්ම් එහෙමද ඉතින් කියන්නකෝ..."
"එයා මගේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරේ පාට් ටයිම් එකක් විදිහට ඒත් එයාට මන් දෙන පඩිය ගොඩක් මදි මොකද එයාගේ ඔම්මත් අසනීපෙන්." ඔව් මේ නම්ජුන් කියන්නේ ටේහ්යුන්ග් ගැන තමයි ඒත් ඉතින් ජන්කුක් දන්නේ නෑනේ එයාගේ හියුන්ග් කියන්නේ ටේහ්යුන්ග් ගැන කියලා ජන්කුක් ඉතින් හියුන්ග් කියන දේ අහන් බලාගෙන හිටියා...
"අනික එයා යුනී යන ළමයෙක් තවම ඉතින් මම කියන්නේ ඔයාට පුළුවන්ද එයාට ජොබ් එකක් දෙන්න. ඔෆිස් එක ඇතුලෙම වගේ මොකද එයා ඉගෙනගත්තු ළමයෙක් එක්කනේහ්.."
"ම්ම්ම් හියුන්ග් කියන එක මට තේරෙනවා. හරි මන් බලන්නම්කෝ හියුන්ග් එයාට මාව හම්බවෙන්න කියන්නකෝ..." ජන්කුක් නම්ජුන්ට කිව්වා නම්ජුනුත් ජන්කුක්ට හා කියලා ජන්කුක්ගෙන් සමු අරන් Jeon Company එකෙන් එළියට ඇවිත් ටැක්සි එකකින් එයාගේ රෙස්ටුරන්ට් එකට ආවා. ඒ එන අතරමගදී නම්ජුන් අමතක කරේ නෑ ටේහ්යුන්ග්ට එයාව හම්බවෙන්න එන්න කියලා පණිවිඩේ දෙන්නත්..
"නම්ජුන් හියුන්ග්ට හදිස්සියෙන්ම ඇයි දන්නෑ මාව හම්බෙන්න ඕනා කියලා කිව්වේ.." ලෙක්ච හෝල් එකේ හිටපු ටේහ්යුන්ග්ට මැසේජ් එකක් ආවේ නම්ජුන්ගෙන් ඒ එයාව හම්බවෙන්න එන්න කියලා..
කල්පනා කර කර හිටපු ටේහ්යුන්ග් මැසේජ් එකට රිප්ලයි එකට නම්ජුන්ව හම්බවෙන්න හවසට එන්නම් කියලා රිප්ලයි කරා...
"හියුන්ග්ට මොකක් වෙලාද ආයිශ් මේ මගුල කීයට ඉවර වෙයිද?" ටේ කල්පනා කරේ පෝන් එකේ ස්ක්‍රීන් එකේ තියෙන වෙලාව දිහා බලාගෙන...
"ටෙයියෝ..."
"අ..ආහ් කියන්න ජිමිනෝ..."
"මොකෝ කලබලෙන් වගේ..." ජිමින් ඇහුවේ කලබලෙන් වගේ පෝන් එක දිහා බලන් ඉන්න ටේගෙන්..
"ජිමිනෝ මට නම්ජුන් හියුන්ග් මැසේජ් එකක් දාලා එයාව හම්බවෙන්න එන්න කියලා. ඒත් ඇයි දන්නේ නෑ මේ මගුල ඉවර වෙන්නත් හවස් වෙනවා නේහ් අප්පා..."ටේහ්යුන්ග් කිව්වම කල්පනා කරපු ජිමින්...
"ආහ් හදිස්සි නම් උබ හෙමීට පලයන් සර් දකින එකක් නෑ..."
"ඒත් බන් උබ තනියෙන්නේ එතකොට..."
"අනේ මේ මට ඇති තනියක් නෑ මෙච්චර දවසක් තනියම තමයි හිටියේ..."
"හ්ම්ම් හාකෝ. ඔව් ඔව් උබ තනියම හිටපු බව මම හොඳටම දන්නවා. හිතන්න එපා අමතක කරා කියලා උබ ගැන බලාගන්නම් මම..."එහෙම කියපු ටේ මේසේ උඩ තිබුන පොත් ටිකත් බෑග් එකට ඔබන් ජිමින්ටත් සමු දීලා ලෙක්ච හෝල් එකෙන් පැන්නා. යුනී එකෙන් එළියට ආපු ටේ දුවලා බස් හෝල්ට් එකට ගියේ නම්ජුන්ව හම්බෙන්න තිබ්බ හදිස්සියත් එක්කමයි. ඉක්මනින්ම වගේ ටේ නම්ජුන්ගෙ රෙස්ටුරන්ට් එකට ආපු ටේ දොරත් හයියෙන් ඇරගෙනම ඇතුලට දුවන් ආවේ නම්ජුන්වත් බය කරන්මයි...
"හම්මෝ ටේ මන් බය වුන තරමක්.."නම්ජුන් කිව්වේ අතින් පපුවත් අල්ලන්....
"හී සොරි සොරි හියුන්ග්.."ටේ එයාගේ හිනාව දාන ගමන් එතන තිබ්බ පුටුවකින් වාඩි වුනේ හති දදාමයි...
"මොකද ටේ මේ හතිත් දානවා.."
"ආ මේ හියුන්ග් එන්න කියලා මැසේජ් එකක් දාලා තිබ්බේ ඒක දැක්ක ගමන් ආවේ.."
"ඒත් ටේ ඔයා හවසනේ එනවා කිව්වේ..."
"ආහ් ඔව් හියුන්ග් හී... දැන් ඉතින් ආවනේ මන් හියුන්ග් ඇයි හදිස්සියෙන්ම මට එන්න කිව්වේ?.." ටේහ්යුන්ග් නම්ජුන්ගෙන් ඇහුවා. නම්ජුන් එයා ඇඳන් හිටපු ඒප්ර්‍රන් එකත් ගලවලා පැත්තකින් තියලා ඇවිත් ටේහ්යුන්ග් ගාවින්ම වාඩි වුනා..
"ආහ් මන් ඔයාට පොඩි දෙයක් කියන්නයි කතා කරේ.."
"මොකක්ද හියුන්ග්??"
"ටේ මේකයි රෙස්ටුරන්ට් එකේ වැඩ කරා කියලත් ඔයාට ඕන තරමේ සැලරි එකක් මට දෙන්න බෑනේ. ඉතින් මන් ඔයාට පොඩි ජොබ් එකක් බැලුවා. පොඩි කිව්වත් පොඩිම නෑ කම්පැනි එකක ඔෆිස් එකක ජොබ් එකක්. කැමති නම් ඔයාට පුළුවන් ඒකේ ඉන්ටර්විව් ගිහින් බලන්න. මේක හරි ගියොත් ඔයාට මේකෙන් හොඳ සැලරි එකක් හම්බෙයි මන් කියන එක තේරෙනවා නේද ටේ...."
"අ...ආහ් ඔව් හියුන්ග් ඒ..ඒත් හියුන්ග් මම තාම යුනී යනවා නේ ඉතින් මට මුලු දවසෙම එතන ජොබ් එක කරන්නත් බෑ.."
"ආහ් ඒකද ඒක ගැන බය වෙන්න එපා ටේ මන් කිව්වා එතන ඔයාට යුනී ඇරුනයින් පස්සේ වැඩට යතහැකි ප්‍රශ්නයක් වෙන්නේ නෑ..."
"එ..එහෙමද හියුන්ග් මන් එහෙනම් ගිහින් බලන්නම්.."
"මෙන්න ටේ කාඩ් එක මේක එතන වැඩ කරන කෙනෙක්ට දෙන්නකෝ..."
"ආහ්හ් හරි හියුන්ග් තෑන්ක්යූ සෝ මච්...."
හවස් වෙනකන්ම නම්ජුන් එක්ක ඉදපු ටේ හවස් වෙලා ගෙදරට ඇවිත් වොෂ් කරන් කෑම හදන්න ලෑස්ති වුනේ ඔම්මට හවසට ගෙනියන්න ඕනා නිසා..
1300 words
______________________________
හායි...
අද අවුල් චැපිය🙁 අද විතරක් නෙවෙයි හැබැයි හැමදාම අවුල් නෙහ්🙂😂...
තව චැප්ටර් 8ක් හෝ 10ක් තමයි මේක ඉවර වෙන්න තියෙන්නේ හේ😁...
බායි ගුඩ් නයිට්😀😴❤️...
Luv uu all😙💕...
Sanindhi...