โ€ข Shades of Love โ€ข [ Jikook...

By blueberrymimie

32.2K 8.3K 6.2K

"....I want to be in your arms, where you hold me tight and never let me go..." - Park Jimin to his beloved h... More

โ€ข INTRODUCTION โ€ข
โ€ข 01 โ€ข
โ€ข 02 โ€ข
โ€ข 03 โ€ข
โ€ข 04 โ€ข
โ€ข 05 โ€ข
โ€ข 06 โ€ข
โ€ข 07 โ€ข
โ€ข 08 โ€ข
โ€ข 09 โ€ข
โ€ข 10 โ€ข
โ€ข 11 โ€ข
โ€ข 12 โ€ข
โ€ข 13 โ€ข
โ€ข 14 โ€ข
โ€ข 15 โ€ข
โ€ข 16 โ€ข
โ€ข 17 โ€ข
โ€ข 18 โ€ข
โ€ข 19 โ€ข
โ€ข 20 โ€ข
โ€ข 22 โ€ข
โ€ข 23 โ€ข
โ€ข 24 โ€ข
โ€ข 25 โ€ข
โ€ข 26 โ€ข
โ€ข 27 โ€ข
โ€ข 28 โ€ข
โ€ข 29 โ€ข
โ€ข 30 โ€ข
โ€ข 31 โ€ข
โ€ข 32 โ€ข
โ€ข 33 โ€ข
โ€ข 34 โ€ข
โ€ข 35 โ€ข
โ€ข 36 โ€ข
โ€ข 37 โ€ข
โ€ข 38 โ€ข
โ€ข 39 โ€ข
โ€ข 40 โ€ข
โ€ข 41 โ€ข
โ€ข 42 โ€ข
โ€ข 43 โ€ข
โ€ข 44 โ€ข
โ€ข 45 โ€ข
โ€ข 46 โ€ข
โ€ข 47 โ€ข
โ€ข 48 โ€ข
โ€ข 49 โ€ข
โ€ข 50 โ€ข
โ€ข 51 โ€ข
โ€ข 52 โ€ข
โ€ข 53 โ€ข
โ€ข 54 โ€ข
โ€ข เถ…เถบเท’เท€เท’ เถœเท™เถฑเทŠ เถขเท’เถธเท’เถฑเทŠเถง โ€ข
โ€ข Luna's Note โ€ข

โ€ข 21 โ€ข

548 161 125
By blueberrymimie

2nd Update for the day - Enjoy

ගුඩ්මෝනින් ජිමිනි හියුන්ග්...

උදේ පාන්දරම ජිමින් බෙඩ්රූම් එකෙන් එලියට ආවේ  එයාට කූල් වෝටර් බොට්ල් එකක ඕනකමක් ආව නිසා..එ් එක්කම ජිමින්ගේ ඉස්සරහට හම්බ උනේ පහල ඉඳලා පඩිපෙල නැගගෙන එන ජන්කුක්..

ජිමින්ව මූණට මුණ ගැහුණ තප්පරේම ජන්කුක් එයාගේ බනී හිනාවත් එක්ක ජිමින්ට ග්‍රීට් කරා..

කියුට්...

ජන්කුක් ගේ හිනාව දැක්ක ජිමින්ගේ හිත එහෙම කෑගහද්දි එයත් ආපිට ජන්කුක් ට ග්‍රීට් කරේ පුදුමෙන්...

ගුඩ්මෝනින් ජන්කුක්...මෙච්චර උදේම ඇහැරලා ඇයි ඔයා..

ඊයේ දවසම තියටර් නිසා මං රෑ නිදාගත්තා හියුන්ග්..පාන්දරම ඇහැරුණේ නෝට්ස් වගයක් හදාගන්න ඕන නිසා...

ජන්කුක් හිනාවක් එක්ක උත්තර දුන්නා...

ජන්කුක් එයාගේ හය'ස් ස්ටඩිස් පටන් අරන් තිබුණේ කැනඩා ආව කාලෙමයි..ඉතින් එයා ජිමින්ගේ මැන්ශන් එකට එද්දිත් එයාට ලයිබ්‍රරි රූම් එකට ලඟම රූම් එකක් ඇරේන්ජ් කරවලා දෙන්න ජිමින් දෙපාරක් හිතුවේ නෑ..

හියුන්ග් අද ඔෆිස් යන්නේ කීයටද..බබාව මට දෙන්න යන්න කලින්...

ජන්කුක් ආයෙමත් කිව්වා...

මං නවය වෙද්දි යන්න ඕන අද ජන්කුක්..සතියකින් නේ අද යන්නේ...වැඩ හිර වෙලා ඇති හොඳටම...

ජිමින් හුස්මක් ගත්තා..ඇත්තටම මින්ජුන්ව ගෙදර ගෙනාවට පස්සෙ ජිමින් තවත් සතියක්ම එයා එක්ක ගෙදරට වෙලා හිටියා..

ඒත් ඔයාට බබාව අරන් බෑනේ...ඔයාගෙ වැඩක් කරගන්න ජන්කුක්...මම නැනීට දෙන්නම් ඔයා දවල්ට ගන්න එයාව...

ජිමින් කිව්වත් ජන්කුක් ඒක අහන්න ලෑස්ති පාටක් පේන්න තිබුණේ නෑ...

ඇත්තටම එයාටත් තිබුණේ ඉක්මනට මින්ජුන්ව අතට ගන්න ඕනකම...එයාට ඊයේ මුලු රෑම මින්ජුන්ව ලඟට ගන්න කොච්චරක් ඕන කරාද කියලා දැනන් හිටියේ ජන්කුක් විතරයි..

මගෙ වැඩ ඉවරයි හියුන්ග්..ඒකයි මම පහලට ගිහින් ඕම්මා එක්කත් ටිකක් ඉඳලා ආවේ...

දැනටමත් ඇහැරලා ඉන්නෙ ඔය..ඉන්නකො මම එයාව අරන් එන්නම් එහෙනම්...

ජිමින් ජන්කුක්ට එහෙම කියලා ආයෙමත් බෙඩ්රූම් එකට ගිහින් මින්ජුන්ව අරගෙන ආවා...

වස්තුව...මේ ඔයාගෙ කූ සම්චොන් ලඟට යනවද...

ජිමින් මින්ජුන්ගෙන් අහද්දි ඇස් හීනි වෙලා යන හිනාවක් ජිමින්ට දුන්න මින්ජුන් ඉක්මනට ජන්කුක් ගේ තුරුලට පැනලා ජන්කුක් ගේ බෙල්ල අස්සෙන් ඔලුව හංග ගත්තා...

එයා දැන් ඔයාගේ අතට හොඳටම හුරු වෙලා...මං රෙඩි වෙන්න යන්නද ජන්කුක් එහෙනම්...ලේට් වෙයි නැත්තන්...

මින්ජුන් ගේ අතක් අරගෙන පරිස්සමට හාදු තිබ්බ ජිමින් ජන්කුක් එක්ක කියද්දි එයත් ඔලුව වැනුවේ ජිමින්ට රෙඩි වෙන්න යන්න කියන්න වගේ..

ගුඩ්මෝනින් දඟ මල්ල...කෝ බලන්න මං දිහා...

මින්ජුන්ගේ බණ්ඩියට කිචි කවපු ජන්කුක් එයාගේ කම්මුල් හීනියට හපද්දි මින්ජුන් එයාගේ සුරංගනා හිනාවෙන් ජන්කුක්ගේ කන් දෙක පිරෙව්වා...

යමු යමු...අපිත් ගිහින් වොශ් දාලා යමු පහලට..සම්චොන්ට බඩගිනී හොඳටම..

ජන්කුක් මින්ජුන්ව එයාගේ තුරුලෙ හංගගෙන හාදු ගොඩකින් එයාව නාවන ගමන් එයාගේ රූම් එකට යන්න හැරුණා..

***

ඇත්තටම එදා ටේ කිව්ව විදිහට ජිමින් හැම දෙයක් ගැනම කල්පනා කරලා ජන්කුක් ගේ අදහසට එයාගේ කැමැත්ත දුන්නා..ඇත්තටම එයාටත් ඒක සතුටක් උනා කියලා කිව්වොත් බොරුවක් නෙවෙයි..

මොකද හම්බ වෙලා දවස් කීපයක් උනත් ජන්කුක් ළඟදි තමන්ට දැනෙන දේවල් වලට ජිමින් එන්න එන්නම ලෝබ උනා...එයා උඩින් ⁣ජන්කුක් ගැන සීතල අදහස් ඇතුව ඉන්නවා වගේ පෙනුනත් සමහර වෙලාවට එයාට එයාවම පාලනේ කරගන්න අමාරු වෙන තැන් නොතිබුණාම නෙවෙයි...

මිස්ටර් එඩ්වඩ්සන් උනත් ජන්කුක් ගේ තීරණේට කොහෙත්ම අකමැත්තක් දැක්වුවේ නෑ..එයාට තේරිලා තිබුණා ජිමින් කොච්චර පිටට නොපෙන්නා ඉන්න හැදුවත් එයාගේ ජීවිතේ හැලහැප්පීම් තියෙන බව...

අනික් අතට ජිමින්ගේ ඕම්මා, මිසිස් පාර්ක් උනත් ජන්කුක් ගේ පැමිණීම ගැන හිටියේ හරිම උනන්දුවකින්..එයා ⁣ඒක හරියට බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් සිද්ධ උනා වගෙයි හැසි⁣රුණේ..

ඒ ඔක්කොටම වඩා මෙතන තිබුණ හේතුව මින්ජුන්ට ජන්කුක් එක්ක තියෙන බැඳීම...

හොස්පිට්ල් එකෙන් එද්දි මින්ජුන්ට ජන්කුක් ව දාලා එන්න කොහොමවත්ම ඕනකමක් තිබුණේ නෑ...එයා ඒ හින්දා ජන්කුක්ගේ අතෙන් බිමට බහි⁣න්නේ නැතුව එයාට පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා බෙරිහන් දීලා අඬන්න පටන් ගත්තා...

හවස කුකී එයාව බලන්න එනකල් අප්පා එක්ක යන්න කිව්වටවත් එයාට ඕන උනේ නෑ එයාගේ ඇඬිල්ල නවත්තලා ගෙදර යන්න..

අන්තිමේදි මින්ජුන් අඬලා බීට් ගෙඩියක් වගේ රතු පාටට හැරෙද්දි ජන්කුක් තීරණේ කරා හාෆ් ඩේ දාලා මින්ජුන් එක්කම ජිමින්ගේ ගෙදර එන්න...

එයාලා ගෙදරට එද්දිත් මින්ජුන් හිටියෙ ජන්කුක් ව කිටි කිටියේ බදාගෙන පස්සත් උඩ දාගෙන දොයියගෙන...හරියට නිකන් එයාට බයක් තිබුණා වගේ එයා දොයියගත්තට පසසේ එයාගේ කුකී එයාව දාලා යයි කියලා...

ජන්කුක් දැන් මෙහාට ඇවිත් සතියක්...ඒ සතියේ වැඩි වෙලාවක් මින්ජුන්ගේ දවස ගෙවුනේ ජන්කුක් ගේ අතේ..ජන්කුක් නැති වෙලාවට ජිමින්ගේ අතේ...එයා මේ වෙද්දි කෙලින්ම එයාගේ නැනී ජීවොන්ව රිජෙක්ට් කරලා දාලා තිබුණා...

ජන්කුක් දැන් ඇත්තටම මේ පවුලට කොහොමවත්ම අමුත්තෙක් උනේ නෑ...එයත් දැන් පවුලේ කොටසක් වෙලා එයාලත් එක්කම ඒ ජීවිතේට හැඩ ගැහෙන ගමන් හිටියා...

***

ඔෆිස් යන්න රෙඩි උන ජිමින් වෙනදා වගේම එයාගේ ලැප් එකත් අරගෙන පහලට ඇවිත් ඒක කා එකේ බැක් සීට් එකෙන් තියලා දොර වහල දැම්මා...

අද එයා ටේ එක්ක ජෝශුවා කම්පැනි එකේ වැඩකට උදෙන්ම යවලා තිබුණ නිසා ජිමින්ම ඩ්‍රයිව් කරන්න හිතන් හිටිය දවසක්...

ලැප්ටොප් එක දාලා දොරත් වහගෙන හැරුණ ජිමින් එකපාරම පුදුම උනේ ගරාජ් එක ඉස්සරහ එයාට දකින්න ලැබුණ දර්ශනේ නිසා...

එතන හිටියේ මින්ජුන්වත් වඩාගෙන ලස්සන හිනාවකින් මූණ පුරව ගත්ත ජන්කුක්...

එයා ඇත්තටම කාලයක් මේ වගේ දේකට හීන බැලුවා...

එයා ඔෆිස් යද්දි වගේම හවස එද්දි අයිවි බබා එක්ක මේ විදිහට එයා යනකල් එනකල් බලන් ඉඳී කියලා ජීවිතේ එක කාලෙකදි ජිමින් බලාපොරොත්තු උනා...

ඒත් අයිවි එයාගේ ඒ හීන වලට පණ නොදී උපන්ගෙයිම මරලා දැම්මේ ජිමින්ට ආයෙම ජීවිත කාලෙම හීන බලන්න බය කරලා..අයිවිට කවදාවත් ඕන උනේ නෑ මෙහෙම ඉන්න..

වස්තුව...අප්පා ඔෆිස් යනවා බලන්න ආවද...

කාර් එකට නගින්න ගිය ජිමින් ආයෙමත් දොර වහලා අඩියට දෙකට ගරාජ් එක ඉස්සරහ හිටිය ජන්කුක් ගේ අතේ හිටිය මින්ජුන් දිහාවට ඇවිදගෙන ගියේ මුලු මූණම හිනාවකින් එලිය කරගෙන...

කෝ ඉතින්..කූ ට ප්‍රොමිස් උනා නේද මැණික අප්පට කිස් එකක් දෙනවා කියලා ඔෆිස් යන්න කලින්...

ජන්කුක් මින්ජුන්ගෙන් ඇහුවම එයා ජන්කුක්ගේ අතේ ඉඳගෙනම ජිමින්ගේ කම්මුලකට කෙල වලින් පිරුණ හාද්දක් තියලා හයියෙන් හිනා උනා...

අප්පට ටේක් කෙයා කියන්න මැණික...

ජන්කුක් ආයෙමත් මින්ජුන්ට කිව්වම එයා එයාගේ අමුතු බාශාවෙන් මොනවදො මොනවදෝ මහා හුඟක් කතන්දර ජිමින් එක්ක කිව්වේ ඒ චූටි අත් කකුල් එහෙ මෙහෙ විසි කරන ගමන්...

මින්ජුන්ගේ කට හෙලවෙන තාලෙටම නිල්පාට බෝල ඇසුත් එහෙ මෙහෙ යද්දි ජිමින්ගේ හදවත පුදුම තරම් ආදරේකින් පිරිලා තිබුණා...

ඔන්න ඔය ඕපදූප ටික හවසට ඉතුරු කරගන්න රත්ත⁣රනේ...අපි ශෝයි කෑමකුත් හදාගෙනම ඔය ටික අහමු හරිද හැන්දෑවට...

මෙහෙම ගියොත් අදත් කම්පනි එකට නොයා ගෙදරට වෙලා මින්ජුන්ගේ කතන්දර අහන්න වෙනව කියල තේරුණ ජිමින් සද්දෙට හිනා වෙන ගමන් කිව්වේ මින්ජුන්ගේ කම්මුලකුත් මිරිකන අතරේ..

උදේ පාන්දරම තමන් ආස කරන දෙයක් දකින්න ලැබුණ සතුට නිසාම ජිමින්ගේ මූණ පුදුම තරම් එලිය වෙලා තිබුණා..ඒ හිනාවෙන් එලිය උන මූණ දිහා ජන්කුක් බලන් හිටියේ ගැහෙන හදවතකුත් එක්ක..

මං යන්නම්..මින්ජුන් එක්ක පරිස්සමට ඉන්න ජන්කුක්...ඔයා හතට නේද ඔන් වෙන්නේ අද...

ඒ වතාවේ කතා පෙට්ටිය වහලා අප්පගේ රින්ග් එකක් එක්ක ඔට්ටු වෙන මින්ජුන් ගේ පස්සට හෙමින් පාරක් දෙන ගමන් ජිමින් ජන්කුක්ගෙන් ඇහුවා..

ඔව් හියුන්ග්..මං හය හමාර වගේ වෙද්දි යන්න ඕන..

හරි..මං අද ලේට් වෙන්නෑ ජන්කුක්..මං ඉක්මනින් එන්නම්...

ජිමින් එහෙම කියලා මින්ජුන් ගේ කොණ්ඩේ අවුල් කරලා දැම්මා...

මං යන්නම්..කූ සම්චොන්ට කරදර කරන්නේ එහෙම නෑ ඔන්න..ටේක් කෙයා වස්තුව...

ජිමින් ජන්කුක් ගේ අත උඩට වෙලා පණු පැටියෙක් වගේ දඟලන මින්ජුන්ගේ ඔලුවෙන් හාද්දක් තියන ගමන් කිව්වා...

ඒත් ඒ හාද්දෙන් කොටසක් මින්ජුන්ගෙ දැඟලිල්ල නිසාම ජන්කුක් ගේ නලලෙ කොණකටත් ලැබෙද්දි ඒ තෙත උණුසුම් තොල් වල සනීප ස්පර්⁣ශය නිසාම එයාගේ ඇස් හෙමින් පිය උනා..

ඒත් ඒ එක්කම වගේ ජිමිනුත් ගැස්සිලා ජන්කුක් ළඟින් ඈත් උන නිසා ජන්කුක්ගේ රතුපාට වෙලා ගිය කන්පෙති නම් ජිමින්ට දකින්න හම්බ උනේ නෑ...

තවත් මොහොතක්වත් එතන රැඳුනේ නැති ජිමින් ඉක්මනට කා එකට ගිහින් යන්තමට හෝන් කරගෙන කා එක මැන්ශන් එකෙන් එලියට දාද්දි ජන්කුක් මින්ජුන් එක්ක මැන්ශන් එක ඇතුලට යන්න හැරුණා..

චූටි මැණික...ඔයා ගොඩාක් ලකී මගෙ වස්තුවේ...

ජිමින් ගියාට පස්සේ තමන්ගේ රූම් එකට ගිහින් මින්ජුන්ව බෙඩ් එකෙන් තියපු ජන්කුක් ජිමින්ගේ සුවඳ වෑහෙන මින්ජුන්ව එක සීරුවට සිප අරගෙන එහෙම මිමිණුවේ එයාගේ ඇස් ලාවට තෙත් කරගෙන...

ජිමින්ගේ තුරුලට වෙලා ටිකක් නිදහසේ එයා එක්ක ඉන්න ඕන කියන බොළඳ හිතුවිල්ලකින් හදිස්සියේම ජන්කුක් ව පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා...

ඇයි එයාට එයාගේ හදවත හොරකම් කරපු කෙනාව මීට වඩා ටිකක් කලින් හම්බ උනේ නැත්තේ..

හැමදාමත් වගේ ජන්කුක් අදත් ඒ ප්‍රශ්නේ තමන්ගෙන් අහගත්තේ ඒකට උත්තරයක් නෑ කියලා දැන දැනමයි..

මෙච්චර වෙලා තමන් එක්ක කියව කියව හිටිය කූ සද්ද නැත්තේ ඇයි බලපු මින්ජුන් ජන්කුක් ගේ කම්මුල් කොනිත්තන්න ගත්තම ජන්කුක් ඉක්මනට එයාගේ කල්පනා ලෝකෙන් එලියට ආවා..

ඔයාගේ අප්පට කූ ආදරේ කරන්න පටන් අරන්ද මන්දා වස්තුවේ...

එයා මින්ජුන්ගේ බණ්ඩියට කිති කැව්වා..

ඒ අතරේ මැන්ශන් එකේ ඉඳලා කම්පැනි එකට යන අතරමගදි ජිමින් එකම එක ප්‍රශ්නයක් සිය දහස් වෙනි වතාවටත් තමන්ගෙන්ම අහගත්තා..

මං එයාලා දෙන්නා එක්ක ඉද්දි මට මගෙ පවුල සම්පූර්ණයි වගේ දැනෙන්නේ ඇයි...???
.
.
.
.
.

______________

ඔන්න ඩබල්...

අනික..මෙතන කිස් එකක් ඔබන අදහසක් මගෙ ඔළුවේ අද හවස වෙනකල්ම තිබුණේ නෑ...ඒත් හවස් වරුවේ පැවති සාකච්ඡාවකින් පස්සේ මගෙ හදවත ආ......ආ.......ආ.......ආ.......එක්කො ඉතුරු ටික ඕන නෑ..😅😅💔💔

3K+ වීව්ස් වලට ස්තූතියි දෙම්වියනේ...ඔයාලා ගොඩාක් කට්ටිය මේක බලලනේ...😌♥️

Luna 🌙♥️

Continue Reading

You'll Also Like

65.4K 11K 18
๐Ÿ…’๏ธŽ๐Ÿ…ž๏ธŽ๐Ÿ…œ๏ธŽ๐Ÿ…Ÿ๏ธŽ๐Ÿ…›๏ธŽ๐Ÿ…”๏ธŽ๐Ÿ…ฃ๏ธŽ๐Ÿ…”๏ธŽ๐Ÿ…“๏ธŽ 'We have no more things to talk about... we need an end to all this... we can't make foolish decisions enslaved to emotio...
1M 38.7K 91
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
886K 54.2K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
2.1K 291 8
Yoonmin Short story Top ๐Ÿ”„ Bottom Started - 2022.10.19 Finished -