අමාවක සඳ 🌙 Ongoing

By YUNHEE8431

12K 1.3K 240

⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි... More

Soon...🍁
0️⃣1️⃣ දිගහැරුම
0️⃣2️⃣ දිගහැරුම
0️⃣3️⃣ දිගහැරුම
0️⃣5️⃣ දිගහැරුම
0️⃣6️⃣ වන දිගහැරුම
0️⃣7️⃣ වන දිගහැරුම 🥀
0️⃣8️⃣ වන දිගහැරුම
0️⃣9️⃣ වන දිගහැරුම
1️⃣0️⃣ වන දිගහැරුම
1️⃣1️⃣ වන දිගහැරුම
1️⃣2️⃣ වන දිග හැරුම
1️⃣3️⃣ වන දිග හැරුම
1️⃣5️⃣ වන දිගහැරුම
1️⃣6️⃣ වන දිගහැරුම
1️⃣7️⃣ වන දිගහැරුම
1️⃣8️⃣ වන දිගහැරුම ❃
1️⃣9️⃣ වන දිගහැරුම ❃
2️⃣0️⃣ වන දිගහැරුම
2️⃣1️⃣ වන දිගහැරුම ❃
2️⃣2️⃣වන දිගහැරුම ❃
2️⃣3️⃣ කොටස
2️⃣4️⃣ කොටස
25 කොටස

1️⃣4️⃣ වන දිගහැරුම

317 49 5
By YUNHEE8431

මහින්ස

ගෙවී ගිය දින දෙකම මහින්ස උන්නේ කාමරේට වෙලා,
සුපුරුදු පරිදි කේශ්වරගේන් ලබන කෙටි පණිවිඩ සඳහා තබන පිළිතුරුක් ඇරෙන්න  මහින්ස ඔහුට දුරකථන ඇමතුමක් හෝ නොදු⁣න්නේ  තම නිවසේ සිදු වු සිදුවීම ඔහුට සැල කිරිමට තිබු අකමැත්ත නිසයි...

මහින්ස දන්නේ නැ කේශ්වරත් පියත් අතරත් සිදු වු හමුවීම ගැන..

එක දිගට නාද වෙන ජංගම දුරකථනය.....
මහින්ස බාත්රූම් එකේ ඉදන් එලියට ආවේ ඒ හඩ නිසා ,

' මැගී අම්මා '  ..... තිරයේ සටහන් වුන නම,
එක් අතකින් තෙත හිස පිහ දමමින් මහින්ස දුරකථන කනේ රුවා ගත්තා ......

එහා පසින් ඇහුන හඬ........
මහින්සගේ දුරකථන නොවැටි බේරුනේ අනූනවයෙන්,
කේශ්වරගේ දරුවත් මැගී අම්මත් යමින් සිටි ත්‍රි රෝද රථය අනතුර පත් වු පණිවිඩය එහා පසින් ඇසෙද්දී
උන්හිටි තැන් අමතක වුනේ මහින්සට,

අතට අහුවෙන ඇදුමක් දාගෙන හරි හදිසියේන් පහලට බහින ඔහුව නතර කලේ ඉදිපස දොර අසල සිටි ආරක්ෂකයෙක්......

" එහාට වෙනවා මනුසයෝ  ! "


" සොරි පොඩි බොස් , ලොකු බොස්ගේ අවසර නැතුව බොස්ට එළියට යන්න දෙන්න බෑ "

" තමුසෙලාට පිස්සු හැදිලා ද අයිසේ,  මට යන්න දීපන් !! "



" පොඩි බොස්ට රිද්දන්න අපිට වුවමනාවක් නැ, ඒක නිසා කරුණාකරලා කියන දේ අහලා ආයෙත් ඇතුළට යන්න බොස් "



" හ්හ .... තමුන්ලටවත් තමු⁣න්ගේ බොස්ටවත් බෑ මාව නවත්තන්න ,අයින් වෙනවා මට යන්...... "


දේහදාරී ආරක්ෂකයින් දෙදෙනා මහින්ස නතර කලත් මහින්ස ලැස්ති නැ ඔහුන්ට පරාද වෙන්න ....


" ස..යු..ල් !!
උ|ඹ|ට යන්නවේ ඕනී ? ,
ඊට කලින් මේක අහලා ප|ල|ය|න් "


තප්පරක් දෙකක්.......
නෑ ඊට වඩා ගෙවුනා, ඉදිරියට තියපු පය එහෙමම නැවතුණා ,
දුරකථන හරහා ගලා ආ  හුරුපුරුදු හඬ...අදුනගන්න මහින්සට අමාරු නැ....

ඇත්තටම ඒ දේවල් කියන්නේ කේශ්වරමද ?? .....

එදා කේශ්වර  සමග වුන කතාබහ රණබාහුගේ දුරකථනයේ පටිගත වු බවක් කේශ්වර දැණන් උන්නේ නැ...
පටිගත කරපු ඕඩියෝ එක මහින්ස ඉදිරියේ ක්‍රියාත්මක වුනා,
හැබැයි ඒකේ වෙනසක් තිබුනා ......
මහින්ස නොදන්න රණබාහු විතරක් දන්න.

දිශාන්ගේ මරනෙවත්, ඒ හා සම්බන්ධ කිසිම දෙයක් වත් මහින්සට ඇහුණේ නැ ....
මහින්සගේ පියා ඒ සියල්ල ඉවත් කර තිබුනා ...

තාම ඇහුන දේ විස්වාස කරන්න ඒ හිත ලැස්ති නැති හැඩකි... කෙසේ නම් විස්වාස කරන්න ද ?

' ඔහු තමාව පාවිච්චි කලා '  යැයි කියන එක ....

මුළු හිතම ඔහුව විස්වාස කරද්දී ......
මහින්ස හැදුවේ ඔගෙන්ම අහලා මේ ගැන දැනගන්න,
යන්න හදපු ගමන.නතර කරන්න මහින්සට ඕනී වුනේ නැ..

" ඔහොම නවතිනවා ! "

ආයේත් පියාගේ හඩ.......

" තමුන්ට ආරංචි වෙන්න ඇතිනේ, මේජර්ගේ පොඩි එකාට අර වයසක.ගැණිටයි වෙච්ච දේ ,
එහෙමනේ ?? එකනේ මේ තදියමේ යන්න හදන්නේ ? "


" තා..ත්..තා...  ඔයා   ක්..කොහොමද ඒ ගැන ද..න්නේ ? "



" තමුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මං බැදිලා නැ සයුල් ,
මේ ටිකත් හොදට අහගෙන යනවා, තමුන් තමුන්ට ඕනි විදහට වැඩ කරොත් අර නොදරුවාට තව තවත් රිදෙයි,  "



" ත්..තාත්තා ඔයා ... ඔයාද එහෙම කරේ , ??? "



" තාම මං මොකුත් කරේ නැ සයුල් ,
ඒක පොඩිම පොඩි අනතුරක් විතරයි තේරුනා ද ?
ඒක දෙන්නටම දෙන වෝනිං එකක් කියලා හිතාගන්න.. තමුන් හොදටම දන්නවා මේ තාත්තා කවුද කියලා "


" තාත්තා !! ඔයා කොහොමද ඔච්චර දරුණු ආ..
අනික අර කිසිම දෙයක් නොදන්න දරුවෙක්ගේ ජිවිතේ,
ඔයාට...ඔයාට ඒක සෙල්ලමක්ද ආ...!
ඔයත් තාත්තා කෙනෙක් ද ..  ඒ නොදරුවාගේ තාත්තාට මේක කෙහොම දැනෙයිද කියලා ඔයා නිකමටවත් හිතුවද ? "

" තමුන් ඒ පොඩි එකා⁣ගේ තාත්තා නොවී ඉන්න තාක් කිසි  ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි  , මං කියන විදිහට තමුන් වෙඩින් එකට ලැස්ති වෙනවා ,
එතකන් මේ ෆෝන් එක මං ළඟ තිබුණ දෙන් "



" තාත්තා ... ඔයාට බැ මෙහෙම කරන්න ,
අනික ...අනික මට බැ මැරි කරන්න , ඔයා හොදටම දන්නවා මං ගැන "


" තමු⁣න්ගේ ඔය මනස්ගාත ඔළුවෙන් අයින් කරගන්නවා සයුල් , මං ඉන්නකන් තමු⁣න්ගේ හිතේ තියන දේවල් වෙන්න මං ඉඩ දෙන්නේ නෑ..  "


" කේශ්වර සර්ලට අතක්වත් තියන්න හිතන්නවත් එපා තාත්තා , එහෙම වුනොත් ..... "



" ඇයි තමුන් මට මොනවා කරන්න ද "



" සයුල් ..  කියන දේ අහලා යමු දරුවෝ ඇතුලට "

මහින්සගේ අතින් අල්ලන් මහින්සගේ අම්මා කැ ගැහුවේ බැරිම තැනයි..
මවගේ බල කිරමට මිස මහින්ස තවමත් පියා හා ගැටෙන්න ඉඩ තිබුනා ..

" අම්මා ...! අම්මා ඔයාත් මේවා දන්නවා ද ?
ඔයා දැනුවත්ව ද අම්මා මේවා වුනේ "

මහින්ස අහන්නේ අම්මගෙන්....
ඈටත් මේ වෙන දේවල් වේදනාවක් , ඊටමත් මහින්ස මෙහෙම වෙද්දී ........

" ඔයාට මාව ඒ විදියට පේනවද සයුල් ,
මේ අම්මා ඒ වගේ කෙනෙක් වගේ පෙනවාද ? "

මහින්ස බර වුනේ ඈ පපුවට..
පොඩි හරි සැනසීමක් ඒ හිත හොයන්නේ ,

" කේශ්වර සර්ට ඉන්නේ ඒ පොඩි එකා වි ත ර යි අම්මා..!
තාත්තා කොහොමද එහෙම කරන්නේ එ..යා..ට ? ,
අනික මේ හැමදේම මගේ වැරද්ද අම්මා , කේශ්වර සර් මේ මොකුත් දන්නේ නැ අම්මා .....අඩුම මං එයාට කැමති කියලවත්, "


" ස යු ල් ! මේ හැමදේම අමතකරලා තාත්තා කියන විදියට කරන්න පුතේ, මේ දේවල් හරිගස්සන්න පුළුවන් එහෙම විතරයි "


   ***

#කේශ්වර

අධිකාරීනායක සර්ගේ උදව් ඇතිව කේශ්වරට මාරුවීම හැකි ඉක්මනින් සිදු කරගැනිමට හැකි විය...

අද කේශ්වර හිටියේ   හිටියේ තම කාණ්ඩමෙන් සමුගන්න ...
උදෑසන සිට ක්‍රියා විරහිතව තිබු ජංගම දුරකථන කේශ්වර දුටුවේ පසුවයි .......

පණිවිඩය ලද ඒ මොහෙතේම කේශ්වර කොළඹ පැමිණියේ
පිස්සුවෙන් ව⁣ගේ ,
තම දරුවා නිරුපද්‍රිත බැව් දැසින් දුටු පසුවයි ඒ හිතට සැනසීමක් දැණුනේ .....
නමුත් ......
අවාසනාවකට ඔහුගේ රථය පසුපසින් පැමිණ ගැටුනු ජිප් රථය ගැන කිසි තොරතුරක් ⁣සොයාගැනමට කේශ්වරට නොහැකි විය...

               ****

දින තුනක් ........එදා සිදුවිමෙන් අදට,
කේශ්වර උන්නේ සයනයේ සුව සේ නිදන තම පුතු දෙස නෙත් අල්වාගෙන,

කේශ්වර කල්පනාවෙන් මිදුනේ හඬ දුන් දුරකථන නිසාවෙන්,
පුතුගේ නින්ද එය බාදවක් වේ යැයි සිතු ඕ කඩිමුඩියේ ඇමතුම හා සම්බන්ධ වුයේය..

" ආදිත්‍ය ! "

ඇහුන හඬ නිවැරදිද කියා දැනගන්න වගේ කේශ්වර නැවත දුරකථන තිරය දෙස බැලුවේ .....

Unknown නම්බර් එකක්  .....

" ආදිත්‍ය ..... ප්ලීස් ෆෝන් එක තියන්න එපා "

කේශ්වර නිවැරදි .....
ඇමතුම විහංගාගේන්, විහංගා දන්නවා ...... තම අංකයෙන් ඇමතුවොත් ඔහු තමාව ප්‍රතික්ෂේප කරන වග,
ඒකයි නොදන්න අංකයකින් ඔහුව ඇමතුවේ.


" මට විනාඩියක් දෙන්න ආදිත්‍ය .... ප්ලීස් "

"......... "

එහා පසින් නැවතත් ඇහෙද්දි .......
ඉදින් කේශ්වර නිහඬ විය .


" ආදිත්‍ය , මට සමාවෙන්න ආදිත්‍ය ......
මං....මං අනිද්දා මෙහෙන් යනවා , ප්ලීස් මට... ම..ට එකපාරක් දරුවා බලන්න දෙන්න "


" අඩුම තමුන්ට ලැජ්ජාවක් කියලා දෙයක්වත් නැද්ද ,
තමුන් අම්මා කියන නමටවත් ගැ⁣ලපෙනවද ? "



" මං ද න් න වා ...... මං දන්නවා මං වැරදි කියලා ,
එකම එක පාරක් ....... මට දරුවා පෙන්නන්න පුළුවන් ද ආදිත්‍ය , ප්ලීස් !, මං ආයේ කවදාවත් කරදර කරන්නේ නෑ .. "


එහා පසින් ඇහෙන ඉකිබිදුම කේශ්වර ඇහුණේ නැත්තේ නැ...
ඒත් ඔහු තවත් ඉන්නේ ඔහුගේ මතයේ..
ඈ ඉල්ලන්නේ දරුවා බලන්න විතරයි ,
ඒත් ඈ ඒකටවත් සුදුසුයිද ?


" ආදිත්‍ය ප්..ලී..ස් ! "


" තමුන්ට මේ ගෙදර තහනම් කියලා දන්නවානේ විහංගා "




" ඔයා කියන තැනකට ඇවිත් මං දරුවා බලලා යන්නම් ආදිත්‍ය ,
ප්ලීස් එකපාරක් "

නොනවත්වා කරන ඉල්ලීම්........
කේශ්වර දන්නේ නැ කුමක් කරන්න ද කියලා .
ඒකයි ඔහු කිසිවක් නොකියා ඇමතුම විසන්ධි කලේ .

එක අතකට විහංගාගේ ගැටළුත් සෑහෙන දුරට විසදිලා තිබුන නිසා ඒ හිතේ එක පැත්තකින් සැනසීමක් තිබුනා ...







🍁 𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲.....

| © Yąʂɧ.....✍️
   02/09

Continue Reading

You'll Also Like

38.4K 5.3K 40
පොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු...
42K 5K 22
ස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual...
5.3M 714K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
4.3K 567 11
කෝමල, ශුද්ධ ස්වර අතර තිවෘර ස්වරයෙන් වැයෙන ඔහුගේ නොලියූ කවිය