#කේශ්වර
" හමුවුනු දාම හිමි වුන සේම දැනුනා
සිතුවිලි සෑම සම උන සේම හැඟුනා
ඉපදුන හීන.....සැනසුම දීම.....
හදතුල රැඳුනා,
පෙරභවයේද අප හමුවීලා තිබුනා...
මතක් නොකලාට මතක් වෙනවා
මතක් වෙනවා, මතක් වෙනවා... "
වාහනේ ගුවන් විදුලියේ ලාවට ඇහෙන ගීතය ...
කේශ්වරට හිතුනේ ඒක එයාටම කියපු එකක් වගේ,
තමාට එහා පස අසුනේ වැටි මහින්ස සුව නින්දක,
හරි ඉක්මනින් ඒ ඇස්වලට නින්ද ඇවිත් තිබුණේ අඬලා වුන් නිසාමද කොහෙද ..
මදකට වාහනය නතර කල ඔහු හැරුණේ මහින්ස දෙසටයි,
ඒ මුහුනේ තියෙන්නේ ලොකු තෙහෙට්ටුවක්......
ඉදිමිලා තිබුනු යටි තොලේ උණපු ලේ බිංදුව එහෙමම වේලීලා ගිහින් .......
කේශ්වරට දුකයි,
කොල්ලා මෙහෙම වැටිලා ඉන්න තමනුත් එක හේතුවක් නේද කියලා හිතද්දි .....
අධිකාරීනායක සර්ව හම්බවෙලා එනගමන් හදිසියේම නෙත් ගැටුනේ ඕහේ ඇවිදින රුවක් .....
නිකමටයි හුරුපුරුදුයි දැනුන නිසා කේශ්වර වාහනය නතර කලේ...
කොල්ලෝ හිටියේ හොද මානසිකවත්වකින් නෙවේ කියලා ඒ ටිකට කේශ්වර තේරුම් ගත්තා .
ඔහුන්ගේ හමුවීම මහින්සට අහම්බයක් .....
ඒත් කේශ්වරට ඒක එහෙම නැ,
මේ ප්‍රශ්නවලට මහින්සව ඇදලා ගත්තු
එක ගැන
කේශ්වර දසදහසක්වාරයක් හිතින් දුක් වුනා.
ඊටමත් දැන් ටිකකට කලින් ඔහු කල පාපොච්චාරණය,
කේශ්වර තව තවත් රිද්දුවා ......
ඔහුට ඕනී නෑ ඒ අහිංසක හිතත් එක්ක සෙල්ලම් කරන්න .
ඇරත් ඔහු අභියස නොසන්සුන් වෙන
තම හිත.......
අවනත නොවන හැගීම්...
ඒකත් තවත් පිරිමියෙක් ළඟ ,
ඒ හැගීම " ආදරය " නම්,
කේශ්වරට මතක නැ විහංගා ඉදිරියේවත් මෙහෙම හැගිම්ක් දැණුනා කියලා ,
ඒක එහෙම වුනත් ඔයාට ඒ ගැඟීම් එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද කේශ්වර ???
ඔහු ඇහුවේ ඔහුගෙන්.
වෙනස්ම ජිවිත පාරවල් දෙකක්..
සමාජයේ පිළිනොගන්නා බැඳීමක්...
අරමුණු දෙකක්.... නොගැළපීම් ගොඩක් ,
ඉතින් කවදාවත් එක්වීමක් සිදු වේවීද ?
" අමාවකටදාට කොහෙන්ද කේශ්වර පුර හඳක්, ඒ අහසට අයිති කළුවර විතරක් වෙද්දී "
කේශ්වරගේ හිත කිව්වේ එහෙම......
කේශ්වරගේ ජීවිතේත් ඒ වගේ... කළුවර වෙච්ච හිස් අහසක්,
සීතල හදවතක් එක්ක කේශ්වර පුරුදු වුනා ඒ කළුවරට...
හදවත හොල්ලපු මහින්සගේ ආගමනය.......
කළුවරට බලපෑම් කරලා තිබුනා.
ඒත්.........
අතැරෙන බැඳීමක් පටන් අරන්,
රිද්දගන්න... රිද්දවන්න කේශ්වරට ඕනි වුනේ නැ...
අයිති කරගන්න බැරි තරම් ඔහු දුරයි.
මහින්සට අයිති වෙන්න ඕනි
ලස්සන ජිවිතයක් මිස තමාගේ වගේ හැඩිවෙච්ච ජිවිතයක් නෙවේ..
කේශ්වර තීරණය කලා...
තමන්ගේ හැගීම පටන් ගන්න තැනම අතරලා දාන්න,
කේශ්වරට පුළුවන් ආදරය කරන්න .... හැමදාමත්....
හැබැයි දුරින් ඉදන්.....
හඳ ලස්සනම කරුවල අහසට වුනත්,
කේශ්වර සුදානම් නැ ඒ අහසට හඳට එන්න ඉඩදෙන්න....
මොකද ඔහු බයයි .... කේශ්වරගේ වගේම මහින්සගේත් තුවල වුන හදවත් නැවත රිදෙයි කියලා...
වෙච්ච තුවල කැලැල් තවමත් ඒ හිත් වල ශේෂ වෙලා තිබුන නිසා .
දන්න කලේ ඉදන් ආදරයක සුව නොවිද... මහමඟ ඇතැරුන ඒ ජිවිතේ ආදරේට හරි ලෝභයි.......වගේම බයයි.
ඔහු වැරදි නෑ...
මහින්සගේ නළලට වැටිලා තිබුනු කූරු කොන්ඩේ කන අස්සේ රදවමින් කේශ්වරගේ සීතල දෙතොල් නතර වුවේ ඒ නළලේ...
හරි පරිස්සම් හැඟිමක්....
ඉතින් දුරින් ඉදලා හැමදාමත් රකින්න ඒ හිත පොරොන්දු දුන්නා...
*****
#වික්‍රම_රණබාහු
ලිපිගොනුවක මුහුණ යොමා සිටි වික්‍රම රණබාහු ඔළුව ඉස්සුවේ වෙිගයෙන් ඇරුණු දොරේ ශබ්දය නිසා...
තමා ඉදිරිපිට නතරවුනේ දේහදාරී රුවක් ...
නමුත් කඩවසම් .........
දැවෙන නිල් ඇස්දෙකක්...
මොහොතකට වික්‍රම රණබාහුව ගැස්සුනේ නැ කිවොත් බොරුවක්.
ඒ තරම් ඒ රුවේ තිබුණේ ගාම්භීරත්වයක්...
දෙයත් කලිසම් සාක්කුවේ රුවා ගනිමින් තවමත් දැඩි බැල්මකින් පසු වන ඔහු දෙස බලමින් රණබාහු පුටුවෙන් නැගිට ගත්තේ හිතේ පොඩි චකිතයකින්...
" මිස්ටර් ??? "
" මේජර් ආදිත්‍යය කේශ්වර !
එහෙම නැත්නම් සයුල් මහින්සගේ බෝයිෆ්‍රන්ඩ් කියලා කිවොත් "
ගැඹුරු හඬක්.....
කට කොනකට නගා ගත් හිනාවක් .....එක්ක කේශ්වර ඔහුව හදුන්වලා දුන්නා ...
" උ#%& කොහෙන්ද මෙච්චර හයියක් මගේ ඉස්සරට එන්න තරම් බ@#$ලෝ "
රණබාහුගේ හඬ කාමරය දෙදුරුම් දෙද්දි ,
ඊලට ඔහුව හිර වුනේ කේශ්වරගේ දෑත් වලයි.......
හරියට මහින්සට වුනා වගේ.
ඒ දෑත් රණබාහුගේ ගෙල අස්සේ හිරවුනා..
තව තවත්.
මහ ගින්නක් ඒ ඇස්වල දැල්වුනා..... අමාරුවෙන් හුස්ම අල්ලමින් රණබාහු බලන් හිටියේ ඒ දිහා.
" උ|ඹ|ට කොහෙන්ද මට එහෙම කතා කරන්න අයිතියක් ආ !! "
කාමරේ ඇහුණේ කේශ්වරගේ ගිගුළුම් සද්දේ විතරයි ....
ඒකත් හරි හෙමින් හැබැයි ගැඹුරින් ......
" ක්..හැක් ... ක්හැක්…"
ඔහුගේ දෑත් වලින් මිදුන තත්පරේම රණබාහු රිදුම් දෙන ගෙලත් අල්ලන් හුස්ම ඇල්ලුවා...
" මං මේ කියන දේ හොදට අහග|නිං මිස්ටර් රණබාහු !
කන් දෙක ඇරලා අ|හ|ග|නි|න් ,
මොකද මං එකම දේ දෙපාරක් කියන ජාතියේ නෙවේ,
හැබැයි කියන්න වුනොත් ඒක කියන්නේත් මෙහෙම නෙවෙයි
"
" තමුන්ගේ පුතා එක්ක මට කිසි සම්බන්ධකමක් නෑ...
තමුන්ට ලං වෙන්න මං පාවිච්චි කරපු එක තුරුම්පුවක් විතරයි ඌ ,
මට ඕනි තමුන් ,
අදරය කරපු වරදට අහිංසකයෙකුගේ හුස්ම නතර කරපු තමුන්ව...
ලෑස්ති වෙලා ඉන්නවා මිස්ටර් රණබාහු ! හරි ඉක්මනින් මං ආයිම තමුන් ලඟට එනවා,
එදාට ගොඩක් රිදෙයි තමුන්ට .........
තව ටික දවසක් හිනා වෙලා ඉන්නවා , මොකද ඉතුරු කාලේ අඬන්න වෙන්න නිසා.
ආ... අනික් කාරණාව .......
තමුන්ගේ පුතා තවමත් ඇත්ත දන්නේ නැ මං හිතන්නේ ?
ඒක ඒ විදිහටම වෙන්න ඕනි නම් ඒ කොල්ලගෙන් ඈත් වෙලා ඉන්න මතක තියාගනින් ,
මොකද ආයිම ඒ කොල්ලාට රිදුනොත් ......
මේ දේවල් ගොඩක් වෙනස් වෙයි .
කාර්‍යාල කාමරේ දොරින් කේශ්වර පිටත් වුනෙත්,
වික්‍රම රණබාහුගේ ටේබල් එක උඩ තිබුනු වතුර වීදුරුව බිම වැදී සී සීකඩඩ විසුරුනෙත් එකවරමයි....
රණබාහු කේන්තිය පිට කලේ එහෙම,
අඩුම ඔහුට විරුද්ධව එක වචනයක් හෝ කතා කරන්න නොහැකි වීම ගැන ඔහු හිටියේ තරහින් .
*****
#මහින්ස
" ස..යු..ල් !!! "
නිවසේම වික්‍රම රණබාහුගේ හඬ ඇහෙද්දි සයුල් හිටියේ තම නිදන කාමරයට වෙලා..
වේගයෙන් තරප්පු නගින හඩත් එක්ක ඊලට ඔහු හිටියේ මහින්සගේ කාමරේ ඇතුලේ ...
ඔහු පිටුපසින් මවත් පැමිණ තිබුනා මහින්ස දැක්කේ යන්තමට...
උදෑසන සිදු වු දෙය තවත් මව නොදන්න බව මහින්ස දන්නවා ....
" උ|ඹට හරි සතුටු ඇති නේද ප්‍රේමවන්තයා ලව්වා මට තර්ජන කරාට පස්සේ "
"........"
මහින්ස හිස් හැඟිමකින් බලන් හිටියේ කියපු දේවල් වල තේරුම හිතාගන්න බැරිව.
" ඌ උ|ඹව හරි ලස්සනට අන්දලා කියලා දන්නවා ද උ/ඹ සයුල් "
" තාත්තා ! "
" අපේ මහත්තයා ! ඇයි මේ දරුවා කෑ ගහන්නේ "
"කෑ ගහන්නේ ...? කෑගහන්නේ ඔහේගේ මහ ලොකු පුතණ්ඩියාගේ වැඩ හින්ද "
" මගෙන් අවසර නැතුව උඹට මේ ගෙදරින් ආයේ එළියට බහින්න තහනම් "
" ත්..තත්තා ?? "
" අපේ මහත්තයා , මොකක්ද මේ වැඩේ තේරුම ? "
" තේරුමද ?
දඩාවතේ යන බල්ලෝ එක තැන තියාගන්න ඕනි නම් උන් බදින්න ඕනි, නැත්නම් පුරුද්දට යනවා "
මහින්සගේ කාමරේ දොර වැහෙද්දී
මහින්ස කලේ ඇදට කඩා වැටුන එක,
නිමක් නැති රිදවිම්, මහින්ස ගොඩක් දුර්වල කරලා තිබුනා ....
වේලීලා ගිහින් තිබුනු ඇස්වල කදුළු අළුත් වෙද්දී ,
මහින්ස තදින් ඇස් පියාගත්තේ මේ හැමදේම හීනයක් වෙනවානම් කියලා
🍁 𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲.....
| © Yąʂɧ.....✍️
02/04