මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
"ටි...ක....ක් ..... .......මගෙ අදම ටිකට් කපයිද.... පුංචි හාමු. ...... "
" ඩොක්ටර්. ..... හොස්පිටල් එකේ කොහෙද ලමයො හාමුල....... "
ලමයො.... ඇත්තටම පුංචි හාමුට වයස කීයක් ඇත්ද..... අනික මම දැන් ලමයෙක් නෙවෙයි......
" සොරි.....පුං ..... චි... නෑ .. ඩොක්ටර්. ...."
"අදම ටිකට් කපන්න වෙන්නෑ..... ඔයා ගොඩක් දුර්වලයි....... හෙට වෙනකන් ඉන්න වෙයි..... බයවෙන්න එපා මම සුදු ආච්චිටයි සීයතාත්තාටයි කීව. .... හවස ලෙඩ්ඩු බලන වෙලාවට එයි ඒ දෙන්න ...... "
*************************************
මම තවත් ඒ දෙන්නට කරදරයක් වුණා කියන හැඟීම දැනුන. ...... ඒ දෙන්නම වයසයි..... සීය තාත්තා කෙසේ වෙතත් සුදු ආච්චි කොහොම එන්න ද..... අඩුම තරමේ මම නැතිව උදේට සුදු ආච්චිව රෝද පුටුව උඩ ඉන්දන්න කෙනෙක් නැතිවුණාම මට දැනෙන හැගීම මට ආයෙමත් දැනුන. ..... සීය තාත්තාට උනත් සීමාවක් තිබුන. .... ඒ අත්තදෙකට හයයහත්තිය තිබුන කාලෙ නිතරම සුදු ආච්චි එහාට මෙහාට එක්ක ගියේම සීයතාත්තා. ........ දැන් උනත් සීය තාත්ත මම නැති වෙලාවට ඉව්වපිව්ව..... සුදු ආච්චිව නෑව්ව...... ගෙවල් මිදුල් පවා අතු ගෑව.......... ඇත්තටම අම්ම අප්පච්චිට උන්න ඒ දෙන්නට මම බරක් උනාය කියන හැගීම මට දුකක් ගෙනාව. .... අනිත් හැමවෙලාවටම වඩා මට මේ වගේ වෙලාවක දි අම්ම අප්පච්චිගෙ අඩුව මහමෙරක් දැනුන . .... ... ඒ දෙන්නට එන්න එපා කියන්න පුළුවන් උනානම්. ........ ඒත් කා අතේ පණිවිඩ යවන්න ද...... .. ......
" දෙව්.......මොනවද කල්පනා කරන්නේ ?...... "
" මොනවත් නෑ. .... .. "
"නෑ නෙමේ .....හිතේ තියෙන දේ මට කියන්නෙ නෑ....... . ..... මම දැන් යනව .. ...... රෙස්ට් කරන්න. ...... "
..................
ඇත්ත හිතේ තියන් උන්න හැගීම් කියන්න බෑ...... මෙච්චර කාලෙකට මට ඇහුම්කන් දුන්නෙ මමම වෙද්දි මිනිස්සු එක්ක කතාකරනවටත් වඩා මම හිතින් මාත් එක්කම කතා කරා............ දැන් ඒක පුරැද්දක් වෙලා...... පිලිවෙලට ලෙඩ්ඩුන්ගෙ වාර්තා පරීක්ෂා කරල අවසානෙ පුංචි හාමු යන්න ගියා. .......
ඈතින් රෝද පුටුවත් තල්ලු කරන් එන සීයතාත්තා දැක්කම මම ඇද උඩ ඉදගත්ත. .......
" අනේ මගේ මැණික. ..... දැන් කොහොමද රත්තරනෙ. . .... ගොඩක් අමාරුයි ද... . "
" සුදු ආච්චි. .... මේ බලන්නකො. .... මම හොදින්. ... දැන් හොදයි මට..... හෙට ටිකට් කපාවි.....හොදද දැන් ඔය කදුළු පිහදාගන්න...... "
" අනේ දරැවො බලපන්. .... පුංචි හාමු අපිට මොකුත් නොකියන්න අපි උඹට මොකද උනේ කියලවත් දන්නෑනෙ දරැවො...... .......අනික උදේ උණත් තියාගෙන අතේ අමාරැවත් තියාගෙන "
මොන එහෙකට දරැවො මල් කඩන්න ගියෙ ....... සල්ලි වගේද රත්තරනේ .... අපිට උඹව නැති උනොත්....... "
" අනෙ සීය තාත්තා. ...... මට.....මට සමාවෙන්න. .... .. "
" අනේ මැණික උඹ දවල්ට කාලද ඉන්නෙ. ........... අපි මේ කෑම එකක් ගෙනාව රෑට කන්න. .. . ..... ඔක්කොටම කලින් මේ සුප් එක බීල ඉදින් මගෙ මැණික. ........ ආ....... "
සුදු ආච්චි ගෙනාව සුප් එක හැන්ද හැන්ද මගෙ කටට ලන් කරා වෙද්දී මම උගුරෙන් උගුර මුලු සුප් එකම බීල දැම්ම. ...... ...... ....... බඩගින්නට වඩා මට තිබුනෙ හිතේ ඇතිවුන සතුටක්........ සීය තාත්තාගෙ අතින් හැදුන කෑම එකක රසට සැමදාම කඩකෑම රස පරාද කරා.... . මොකද කඩේ මනුස්සයාට බැරිවුනා තමන්ගෙම උන් වගේ ආදරේ බෙදන්න. ...... හරියට මගෙ සීය තාත්තාෂඅතින් හැදුන කෑම එකක් වගේ. ..... ජීවිතේ කියන්නෙම සුන්දර දෙයක් නොවෙද්දි පුලුවන් හැම පුංචි දේකින්ම මම ජීවිතේ විදින්න පුරුදු උනා.......
" සුදු ආච්චි. .
...... මගෙ බෑග් එකේ ඇති සල්ලි වගයක් ඒක ගන්න. ...... ගෙදර යද්දී ඕන කරන බඩුමුට්ටු ටික අරගන්න..... ..... සීයාතාත්තාගෙ බෙහෙතුත් ඉවර ඇති..... පුලුවන් නම් අරගෙන යන්න නැත්තන් මම හෙට එන ගමන් අරන් එන්නම්. ....... හෙට හොස්පිටල් එකට එන්න ඕන නෑ හොදද මට තනියෙන් එන්න පුළුවන්. ....... "
මට කවල පොවල ඉවර කරල ඈතින් වීල්චෙයා එකත් තල්ලු කරගෙන හැරි හැරී මන් දිහා බලන් යන ඒ දෙන්න දැක්කම මගෙ ඇස් වලින් කදුලක් ඉබේම බිමට කඩන් වැටුන වෙනකොට කම්මුල් වලට ගලල තිබුන කදුළු එක
අතකින් පිහදැවුන............ .... .... . .......
" පුංචි හාමු ...... "
"ඔය ඇස් දෙකට කදුළු බර වැඩි නැද්ද දෙව්....... මට හිත් කියවන්න බෑ.. ඒවුනාට තේරැම් ගන්න පුළුවන්. ...... වෙන කාටත් වඩා උඹව..... ....... ......... ඒ දෙන්නට උඹව නොසෑහෙන්න වටිනව....... "
" සමහර විට එයිටත් වඩා මට ඒ දෙන්න වටිනව...... ඒ දෙන්නා තමා මගෙ මුළු ලෝකෙම....... දැන් කොහොමද පුංචි මැණිකෙට ...... පුංචි හාමු? "
"අක්ක හොදින් කියන්න බෑ දෙව් ..... එයා ඉන්නෙ බාගෙට මැරිල වගේ .... ...... මුන් ඔක්කොම ඒකිව මරාගන්න හදනව.......අප්පච්චි එයාගෙ තියෙන වංශෙ කබල් ගගා ඉන්නව ...... එහෙන් ඒකිගෙ අර තිරිසන් මනුස්සයා වෙන ගෑනියෙක් උස්සන් එන්න හදනව....... අන්තිමේට මගේකිගෙ ජීවිතේට . තමයි ඔක්කොටම වගකියන්න වෙන්නෙ........ .. ..... "
ඒ මූණ දැක්කම මම ඇහුවේ වැරදි ප්‍රශ්නයක් කියල මට හිතුන. ....... ඇත්තටම අකමැති දෙන්නෙක් බලෙන් එක වහලක් යටට කෙරැවාම ගොඩ වෙලාවට උනේ ඒ ජීවිත දෙකම විනාස වෙන එක විතරක්ම උනා. ...... හරියට දැන් පුංචි මැණිකෙගෙ ජීවිතේ වගේ....... වලව් මානක්කාරෙ ඔලුවට ගහල උන්න ලොකු හාමු එයාගෙම දරැවන්ට කරන්නේ ද්‍රෝහිකමක් කියල මට හිතුන. .....
" සමාවෙන්න පුංචි හාමු. ...... පුංචි හාමු කේන්තියෙන්. ....... මම එහෙමම ඇහුවට..... සමාවෙන්න. ....... "
" ඒකට කමක් නෑ දෙව් ...... උඹ ඇහුව දේ නෙවෙයි වැරැද්ද ......... උන් හැමෝම කරන දේයි වැරදි..... ...... "
" ආ ..... මචන් උඹ අද නයිට් ඩියුටි ද බන් ....මන් හිතුවෙ උඹ ඩියුටි ඕෆ් කියලනෙ .... ....... "
පුංචි හාමුගෙ යාලුව ඇවිත් උන්න වෙනකොට ඒ කීව දේත් එක්ක පුංචි හාමු ඒ මනුස්සයාට රැව්ව. ..... . ..... ඇත්තටම මමත් හිතන් උන්නෙ පුංචි හාමුට අද නයිට් ඩියුටි වැටිල නැතුව ඇති කියල........
" නෙළුම්. ..... ඔයා කාලද ඉන්නෙ. ..."
"ඔව් පුංචි හාමු මම කෑව.... සීය තාත්තා එද්දී කෑම එකක් ගෙනත් දුන්න. ..... "
" හරි බන් ........ උඹගෙ පේෂන් බඩපුරවන් ඉන්නෙ........ යමන් දැන් අපිත් කාලම ඉමු ....... අපි යනව එහෙනම් දෙව්රම්. .. .......කොහොමත් හෙට ඔයාව ඩිස්චාජ් කරාවි. ......හොදටම හොදයිනම්.......
...... .."
කෙනුල ..... මතක හැටියට පුංචි හාමුගෙ යාලුවගෙ නම ඒක... .... .. ඒ මනුස්සයා පුංචි හාමුවත් ඇදගෙනම වගේ යන්න උනා..... . ..... පාලුවක් දැනුන. ........ මගෙ හිතට මහ ලොකු අඩුවක් දැනෙනනව....... ඒ තනියට ද නැත්තන් මෙහෙම ඉන්න පලවෙනි වතාව නිසා නුපුරුදු කමටද කියන්න මම දැනන් උන්නෑ......
..................
නින්ද අහලකවත් නොවුනු මම ඇදේ එහෙට මෙහෙට පෙරලුණ....... . ....... ගෙදර පැදුරු කඩමාල්ලෙ තියෙන සැනසීම ඉස්පිරිතාලේ ඇදවුඩ නැතිවෙනකොට කොච්චර ඇගට පහසු උනත් හිතට අපහසුවක් දැනුන ...... ..... ඒත් මොන මනුස්සයා ද ඉස්පිරිතාල ඇදක් උඩ සැනසීමෙන් නිදන් උන්නෙ ..... හැම ලෙඩාම තමන්ට මොනා වෙයිද කියන බයෙන්සැකෙන් වගේම පවුලෙ මිනිස්සු ගැන වද වුණා........ මම ඔලුව පොඩ්ඩක් උස්සල වටේ ඇස් යැවුව. ...... හැලහොල්මනක් නැති වෙන්න ඇදන් උඩ උන්නු ලෙඩ්ඩු එකා දෙන්නා හොදට නිදන් උන්න. ...... ඉදල හිටල ලෙඩෙක්ගෙන් ඇහෙන කැස්සක් ගොරඅදින සද්දයක් කෙදිරීමක්.. .. මාව ගැස්සිල පියවි ලෝකෙට ගෙනාව වෙනකොට ආයෙමත් මගෙ ඇස්පියවිල ගිහින් තිබුන .......
***************
" ආ.... ඇහැරියද.... දැන් නම් හොදයි වගේ..... තව ටිකකින් ඔයාව ඩිස්චාජ් කරයි....... "
ඊයෙ හවස මාත් එක්ක කතා කර කර උන්න නර්ස් මගෙ ලගට ඇවිත් උන්න වගේම මම එයාට හිනාවකින් සංග්‍රහ කරා. ..... .......
"ගෙදරින් එනවද එක්ක යන්න. ....... "
" නෑ.... මම තනියම යනව මිසී..... දැන් මට හොදයිනෙ ...... "
" ඔව් ඒ වුණාට පරිස්සමට යන්න පුළුවන් ද. ...... "
" පුලුවන් මිසී........
...... මම පොඩි එකෙක් නෙමෙයිනෙ..... "
" ඇත්තටම ඔයාගෙ වයස කීයද...... මම ඊයෙ හිතුවෙ ඩොක්ටර් විෂේන්ගෙ මල්ලී කියල...... "
" විස්සයි මිසී...... "
" මට දහනමයයි....... "
" මීසී මේ හොස්පිටල් එකට අලුත්ද ..... "
" හ්ම්ම්ම් ඔව්.....මම මේ ලගදි මෙහෙට ආවෙ...... "
එහෙම කියල ඒ නර්ස් හිනවුනා. ... ...... ඇත්තටම මට දුකහිතුන.... ඒ වෙන මොකටවත් නෙමේ මේ වයසෙ ඉගෙන ගන්න ඕන ලමයෙක් සාමාන්‍යයෙන් රැකියාවක් තෝරගන්නෙ තියෙන නැතිබැරි කමටම මිසක්ක ගොඩ වෙලාවට වෙන හේතුවකට නොවන වග මම හොදටම දැනන් උන්න හින්දා ...... හරියට මම වගේම. .... මම උනත් ඉගෙනීම සහ පවුල කියන දෙයින් තෝරගත්තෙ එකම දේ පවුල උනා.... ඒ නැතත් ඉගෙනගන්න අපිට කොයින්ද සල්ලි. .... ....... ඒකටත් එක්ක හරියන්න මැති ඇමැතිවරුන්ගෙ දරැවන්ට ඉගෙන ගන්න ඉහලම පහසුකම් ලබලදෙන රටක් වෙනකොට මේ රට ඇතුලේ කවදාවත් අකුරක්වත් නොදැන උන්න දරැවො පවා උන්න. ..... ......
" එහෙම ද.. මට නිකමට හිතුන.... ඒකයි ඇහුවෙ....... "
" දැන්නම් හොදටම හොදයි වගේ ...... "
" ඩොක්ටර් විෂේන්...... මම යනව. .... ..... මම යන්නම් අයියා. ..... "
ඒ පුංචි නර්ස් මට අයිය කියද්දී පුංචි හාමුගෙ මූණ බලන් ඉද්දිම අමුතු උනා...... ඇත්තටම පුංචි හාමුට කේන්ති ගිහින් උන්න. ........
😊 චැපියක් දුන්නෝ. .....
😁කතාව බෝරින්ද ලමායි.......
😊මගෙ කතාව කියවන හැමෝටම ස්තුතියි. .......