He( Taekook )

By chovy_s

1.9K 263 13

Taekook ff Start - 2023.01.31 #sinhala - 13 (2023.02.12) #srilanka - 01 (2023.02.18) More

01
02
03
04
05
06
07
08
09
10
11
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26

12

54 12 0
By chovy_s

2015.04.21

හම්මෙ.. කොහෙද මම මේ ඉන්නෙ.. මම එක පාරටම නැගිටින්න ගිහින් දඩ බඩාන් ගාලා වැටුනෙ ලග තිබ්බ ටේබල් එක අල්ල ගන්න ගිහින් ඒකෙ තිබ්බ බඩුත් පෙරලගෙනයි..

'ආ නැගිට්ටද..'

'සුගා හ්‍යූන්..'

ඒත් එක්කන සැටියක ඉදගෙන වීදුරු ස්ටූල් එකක කකුල් තියා ගෙන හිටිය සුගා හ්‍යූන් කකුල් දෙකත් පල්ලහාට අරන් ෆෝන් එකත් පැත්තකින් තියලා මගෙ දිහා බලාගෙන හිටියෙ නපුරු මූනක් මවන්.. මම මොන මගුලක් කරාටද.. අනික මෙයා මොකද මගෙ කාමරේ කරන්නෙ..

'ඔයා මොකද මෙහෙ කරන්නෙ..'

'ඇයි දැන් මම කොහෙද ඉන්න ඕනෙ.. මේක මගේ ගෙදර..'

ඈ.. මොකද්ද යකෝ ඒ කුනුහරුපෙ.. මම එතකොටයි වට පිට බැලුවෙ.. ඔව් නේන්නම් මට මෙච්චර ලොකු කාමරයක් තිබ්බෙ නෑ නේ..  මම කොහමද මෙතෙන්ට ආවෙ.. ආශ්.. ඔලුවත් රිදෙනවා ඒ අස්සෙන්.. මම ඒ එක්කම බැලුවෙ මගෙ ඇදුන් දිහා.. හත්තික්කේ.. කෝ මගෙ ශර්ට් එක.. කලිසමනම් තියේ ඒත් කෝ බෙල්ට එක.. මම ඒ එක්කම මම සුගා හ්‍යූන් දිහා පුදුම වෙලා බැලුවෙ එයාත් මගෙ දිහාට අප්‍රසන්න මූනක් දාගෙන

'ඇයි තමුසෙ හිතුවද මමත් කොලු කාරයෙක් කියලා තමුසෙව රේප් කරන්න තරන්.. ශික්..'

ඒ කියපු විදිහටනම් හිත රිදුනා හොදටම..

'අතන තියෙන්නෙ තමුසෙ ඇදන් හිටිය ඇදුම් ටික ඉක්මනට ඒ ටිකත් ඇදගෙන මෙහෙන් යනවා මහෙ දෑහට නොපෙනී.. ඉයේ රෑ තිස්සෙම මට වද දීලා.. දැනුත් එනවා මෙතන.. ඊට වඩා මගෙ අප්පා ආවොත් තමුසෙට විතරක් නෙමේ මාවත් මේ ගෙදරින් එලවලා දායී.. ඒ නිසා ටග්ගලා ඔය ටික ඇදගෙන යනවා.. දැන් වෙටර් කෙනෙකුත් එයි බීම එකක් අරගෙන නැත්තන් ඔහම ගිහිල්ලා තව මොකක් හරි වුනොත් ඒකටත් මට පොලීසි යන්න වෙයි....  මොනවද තවත් බලාගෙන ඉන්නෙ ටග්ගලා ඇද ගන්නවා අර වේටර් ගෑනි ඇවිල්ලා මෙතෙන්නට තව පදයක් හදාගන්නෙ නැතුව..'

අත් දෙක බැදගෙන එහම කියාගෙන ගිය සුගා හ්‍යූන් අන්තිම ටික හයියෙන් කියලා දොරත් කඩෙන්න තරන් හයියෙන් වහගෙන ගියේ මම එන්න හදන කදුලුත් පාලනය කරගෙන ඇදුම අදින්න ගනිද්දි.. ඒත් බෑ දෙයියනේ.. ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ගියේ ඉකිය හිර කර ගන්න ගිහින් මගෙ උගුරත් හිර වෙද්දි.. නෑ ජිමින් අඩන්න එපා.. කොල්ලො ඔහම අඩන්නෙ නෑ.. ඒත් එක්කම දොර ඇරෙනවා ඇහුන නිසා ටග්ගලා කදුලු පිහ දා ගත්තෙ අර කිව්වා වගෙ මම අඩනවා දැකලා තව පදයක් හැදෙයි කියලා.. ඒත් එක්කම මම දැක්කෙ තනි අතකින් ට්‍රේ එකක් අරන් එන සුගා හ්‍යූන්.. මගෙ ඇස් දිහාම බලාගෙන හිටපු නිසා දැනුනු අපහසුතාවයට බිම බලාගත්තෙ මෙයා තව මොනවා හරි කියයි කියලා බලාපොරොත්තුවෙන්.. එත් මුකුත් නොකියපු සුගා හ්‍යූන් ට්‍රේ එකත් එතන ස්ටූල් එකෙන් තියලා ඉක්මනට ඕකෙ තියෙන ඔක්කම කාල පල්ලහාට එන්න කියලා..

ඒකෙ තිබ්බ සැන්විචස් ටිකයි පොඩි කිරි විදුරුවයි අන්තිමට දෙහි වීදුරවත් බිලා මම පල්හාට එද්දි නික්න් වමනෙ යන්න වගේ... යකෝ මේක මාලිගාවක්නෙ.. ඔව් ඉතින් අප්පට අරහම බිස්නස් තියෙද්දි පැල්පතක ජීවත් වෙන්න යෑ පුතා.. වටේ සිරි නරබ නරබ පඩිපෙල බැහලා පල්ලහාට යද්දි දැක්කෙ සාලෙ මැද ලොකුවට ගහලා තියෙන පිරිමි දෙන්නෙක් හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් ඒකෙන් එක්කෙනෙක් සුගා හූන් වගේ අනිත් එක්කෙනානම් ටිකක් නපුරු පාටයි.. මම හිතන්නෙ සුගා හ්‍යූන්ගෙ අප්පගෙ හ්‍යූන් වෙන්න ඇති.. දෙන්නගෙ පොඩි එක වගේ ගතියකුත් තියේ.. එහෙම හිත හිත පල්ලහාට යද්දි මම දැක්කෙ සොෆා එකක ඉදගෙන ඉන්න සුගා හ්‍යූන්.. මම එද්දිම මගෙ දිහා බලපු සුගා හ්‍යූන් මුකුත්ම නොකිය එලියට ගියේ මාත් එයාගෙ පස්සෙන් එලියට යද්දි.. එලියට ආපු සුගා හ්‍යූන් මටත් නගින්න කියලා ගිහින් ඉස්සරහ නවත්තලා තිබ්බ කලු කාර් එකට නැග්ගෙ මාත් ටග්ගලා ගිහින් පිටිපස්සෙන් නගිද්දි.. මොකද ඒක සුගා හ්‍යූන් නෙමේ එලෙව්වෙ.. වෙනම ඩ්‍රයිවර් කෙනෙක් හිටියෙ ඒකෙ.. ගෙදර ගාවට ආවට මම බැස්සෙ ශටර් එක අරිය එයාට ස්තූති කරත්..

'බයික් එක හවසට මගෙ මනුස්සයෙක් ගෙනත් දෙයි..'

කියලා වෙන මුකුත්ම නොකියා ගියෙ මම මේ මනුස්සයගෙ මොන අහවල් එක්කට ආදරේ කරාද කියලා මටම හිතෙද්දි.. ගෙට ගිහිල්ලා ඔම්මටත් මම ආවා කියලා ගියේ මාව දැකලා එයා ප්‍රශ්න වැලක් අහද්දි මාත් බොරුත් නොවන ඇත්තක් කියලා ශේප් එකේ කාමරේට යද්දි.. ඇතලට ආපු ගමන් ඇදුමුත් ගලවලා නා ගන්න ගියේ මුලු ඇගම ඇලෙන නිසා.. වොශ්රූම් එකට ගිහින් කන්නාඩිය ඉස්සරහින් හිටගත්තෙ මලපෙරේතයෙක් ඉස්සරහින් පෙනෙද්දි.. ඒත් එක්කන දැක්ක දේ නිසා බෙල්ල උස්සලා බැලුවෙ වම් පැත්තට වෙන්න තියෙන රතු පැල්ලන මොකද්ද කියලා.. ලාවට රතු වෙලා තිබ්බ තැන දැක්කලා මොකෙක් හරි කන්න ඇති කියලා හිතලා ශවර් එක යටට ගියේ ඉයේ මොනවද වුනේ කියලා මතක් කරන ගමන්.. ඒත් ඉතින් ෆෝන් එක පොලවෙ ගැහුව තැනින් පස්සෙ මට මතක් වුනේ නෑ.. හැබැයි තිබ්බ එකම ෆෝන් එක පොලවෙ ගැහුව එකටනම් මගෙ තනි ඇහැට කදුලු ඉනුවා..

💐💐

Continue Reading

You'll Also Like

422K 14.3K 40
My back was pressed against the wall, and our faces were merely inches away. He gently placed a finger below my chin and tilted my face upward. I tri...
2.1M 126K 44
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
262K 17.9K 20
#2 IN HIS SERIES ๐•๐ข๐ค๐ซ๐š๐ฆ ๐’๐ข๐ง๐ ๐ก ๐‘๐š๐ญ๐ก๐จ๐ซ๐ž The elder son of the Rathore family and the future King of Rajasthan, he was cold, arrogant...
1M 91.5K 142
This is the continuation of short story collection 'Love me thoda aur '.