ආයිමත් දවසක .

By LasaluNethmin

44K 7.4K 1.1K

මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම... More

ආයිමත් දවසක...01
ආයිමත් දවසක ....02
ආයිමත් දවසක 03
ආයිමත් දවසක..04
ආයිමත් දවසක 05
ආයිමත් දවසක...06
ආයිමත් දවසක..07
ආයිමත් දවසක...08
ආයිමත් දවසක 09
ආයිමත් දවසක...10
ආයිමත් දවසක..11
ආයිමත් දවසක 12
ආයිමත් දවසක...13
ආයිමත් දවසක...14
ආයිමත් දවසක...15
ආයිමත් දවසක...16
ආයිමත් දවසක...17
ආයිමත් දවසක...18
ආයිමත් දවසක....19
ආයිමත් දවසක....20
ආයිමත් දවසක...21
ආයිමත් දවසක...22
ආයිමත් දවසක....24
ආයිමත් දවසක...25
ආයිමත් දවසක...26
ආයිමත් දවසක....27
ආයිමත් දවසක...28
ආයිමත් දවසක 29
ආයිමත් දවසක....30
ආයිමත් දවසක...31
ආයිමත් දවසක....32
ආයිමත් දවසක ...33
ආයිමත් දවසක....34
ආයිමත් දවසක...35
ආයිමත් දවසක....36
ආයිමත් දවසක...37
ආයිමත් දවසක...38
ආයිමත් දවසක...39
ආයිමත් දවසක...40
ආයිමත් දවසක...41
ආයිමත් දවසක 42
ආයිමත් දවසක...43
ආයිමත් දවසක...44
ආයිමත් දවසක...45
ආයිමත් දවසක...46
ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

ආයිමත් දවසක....23

741 164 25
By LasaluNethmin

ආයිමත් දවසක....23

බිනරගෙ කතාවෙන් පස්සෙ දෙන්න අතරම තිබ්බෙ ලොකු නිහැඩියාවක්...

"මන් මොකද්ද මල්ලි කරන්න ඕනි..මට ඌව යවලත් බෑ.. එයා විතරයි මල්ලි මට ඉන්නෙ අනික එයාව නොයවත් මට බෑ... මොකද මන් දන්නව එයා ලන්කාවෙ ඉන්න තත්පරයක් ගානෙ විදවන්වා කියලා..."

බිනර අයියා යශිරගෙ පපුවට තුරුල් වෙලා කියද්දි යශිරට එයාගෙ වේදනාව හොදටම දැනුනා..
ඒ වගේම විශාල්ගෙ වේදනාවත් යශිරට හොදටම දැනුනා.. මොකද යශිරත් ඒ වේදනාව විදල තියන නිසා.. ඒත් යශිරට විශාලව නොලැබුනත් අඩෙමගානෙ  එයාව දකින්න වත් ලැබුනා ඒත් විශාල්ට අනූශිව නැති උනේ සදහටම...

" අයියට හිත හදාගන්න පුලුවන්නම් එයාට යන්න දෙන්න.. "

යශිර හොද හුස්මක් අරගෙන කිව්වෙ හිතට එකගවමයි..මොකද ඇත්තටම යශිරට විශාල් වෙනුවෙන් කරන්න වෙන කිසිම  දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නැති නිසා..

" ඒත් මල්ලි..."

"මන් දන්නව අයියෙ විශාල් ඔයාගෙ මල්ලි.. ඔයාට එයාව ඈත් කරන්න බෑ කියලා ඒත් විශාල්ට විතරයි එයාගෙ හිත හදාගන්න පුලුවන්.. ඒක කරන්න ඕනි එයා...ඒකට අපි කොයි තරම් අත දාන්න උදව් කරන්න හැදුවත් එයාගෙ හිත හදාගන්න එක කරගන්න ඕනි එයාම විතරයි.. මන් හිතන්නෙ ඒකට අපිට කරන්න පුලුවන් ලොකුම උදව්ව එයා ගන්න තීරනයකට ඉඩදීල බලන් ඉන්න එක විතරයි..."

යශිර කියල ඉවර වෙද්දි බිනර ලොකු හුස්මක් හෙලල යශිරගෙ පපුවෙන් ඈත් වෙලා ඔලුව කොට්ටයක් උඩින් තියාගත්තා...

"අයියෙ..."

"කියන්න යශ්..."

"ඔයාට තරහ ගියාද මන් කියපු දේ නිසා..."

"නෑ මල්ලි.. මන් දන්නව ඔයා කියන දේ හරි ඒත් මගෙ හිතට ඒක බාරගන්න ටිකක් අමාරුයි ..."

"ම්ම්ම්....ඔයාට තනියම ඉන්න ඕනිනම් මන් අනික් රූම් එකට යන්නම්...."

යශිර කිව්වෙ බිනරට හිතන්න ඉඩ දෙන්න ඕනි කියල දැනුන නිසා...

" එපා...."

එක පාරටම යශිරගෙ අතක් තදින් අල්ල ගත්ත බිනර ආයි යශිරව එයා ලගට ඇදලා අරගත්තා...

" යන්න එපා ඉන්න.. ප්ලීස්...."

" හරි.. මන් ඉන්නම්..."

බිනරගෙ ඉල්ලීමට යශිර ආයි එයාගෙ ඇදේ කොට්ටෙකට හේත්තු වෙද්දි
බිනර දිගටම යශිරගෙ අත අල්ලගෙනම ඉදියා...

...................................................................

පුරුදු විදිහයම යශිර පාන්දර ඇහැරිලා අක්කට උදව් වෙන්න ගිහිල්ලා උයල කරල තේකකුත් හදාගෙන ආයි කාබරෙට ගියෙ බිනරව ඇහැරවන්න.. එදා වගේම බිනර ඇදේ පැත්තකට හැරිල නිදන් ඉන්න විදිහ දැක්කහම යශිර ඇදේ පැත්තක ඉදගෙන බිනර දිහා බලන් ඉදියෙ බිනරව දකිද්දි එයාගෙ හිතේ ගොඩ ගැහෙන හැගීම් ගොන්න ගැන හිත හිත...

ඇයි කියල යශිරට නොතේරුනා උනත් බිනට ලගදි ඒ මතුවෙන උනුහුම් හිත පිරිල යන හැගීම සහෝදර බැම්මක් කියල  අමතක කරන්න ලගකදි ඉදන් යශිරට බෑ කියලා දැනුනා...

 
යශිර එයගෙ හිතෙන්ම ආයි ප්‍රශ්න කරේ ඇයි උබ මෙහෙම කියලා.. අනික් අතට එයාට ප්‍රශ්නයක් උනේ බිනර එයාට මේ තරන් ලන් වෙලා ඇයිද කියලා..
රැය පුරාවට බිනර යන්තමින් වත් යශිර  ලගින් ඈත් උනේ නෑ... යශිරට හිතාගන්න බෑ ඒත් ඇයි බිනර එහෙම කියලා...
අනික යශිරත් ඒකට පොඩ්ඩක් වත් අකමැති උනේ නෑ.. යශිර ඇත්තටම බය උනේ යශිරට දැන් ඒ උනුහුමට ටික ටික ඇබ්බැහි වෙන්න පටන් අරගෙන නිසා...

" බිනර අයියේ..."

යශිර එක පාරක් කතා කරද්දිම වගේ බිනර ටක් ගාල ඇහැරුනා..

" good morning සුදූ...."

"Good morning අයියෙ ... ආ තේක..."

යශිර එයාගෙ අතේ තිබ්බ තේක බිනරට දෙද්දි බිනර හිනා වෙන ගමන් ඒක අතට ගත්තා...

"යශ්...."

"කියන්න අයියෙ...."

"ඔයා මාව කසාද බනින්නකො..."

" හෑ........."

බිනරගෙ කතාව නිසා යශිර ගැස්සිලා බිනර දිහා බලද්දි බිනර හිනා වෙන්න ගත්තා...

" හෑ නෙවෙයි ඔයා මාව බදිනවද කියලා මන් ඇහුවෙ.."

" මොනා කියනවද මන්ද අයියෙ ඔයා පිස්සුද නින්දෙන්  කොහෙ හරි ඔලුව වැදුනද ..."

" පිස්සු නෙවෙයි බන්.. උබ උදෙන්ම මාව ඇවිල්ල ඇහැරවල කන්න බොන්න දීල බත් එකකුත් බෙදල දීල පිටත් කරන විදිහ දැක්කහම ඉතින් මන් වෙන මොනව අහන්නද........"

"ඉතින් ඒකෙ තියන ප්‍රශ්නෙ මොකද්ද..."

"ප්‍රශ්නයක් නම් නෑ ඒත් එහෙම කරන්නෙ බැදපු මිනිස්සු බන්..."

"අනේ ඔයාට විකාර ..මන් යනව ලෑස්ති වෙන්න.."

යශිර ආයිමත් බිනරට ඇද කරලා  කාබරෙන් එලියට යද්දි බිනර ඇත්තටම කල්පනා කරන්න ගත්තෙ යශිරට කරපු විහිලුව සැර වැඩිද මන්දා කියලා..

අනික් අතට බිනර එයාගෙ හිතෙන්ම අහගන්න ගත්තේ ඒක එයා ඇත්තටම කීවෙ විහිලුවටම විතරද කියලා..

මොකද මේ දවස් ගානට යශිර එක්ක එයාගෙ හිත තදින් බැදිලා තියන තරම කියනවනම් ප්‍රශ්නයක් එද්දිම බිනරට මතක් වෙන්නෙ යශිරව..... අනික බිනරට මතක නෑ කොයි තරම් නම් එයාගෙ රෑ නින්දෙන් හීන වලින් යශිර එයාගෙ ලෝකෙට ආවද කියලා... ඒ හිනාව , ඒ හුරුබුහුටි පෙනුම .. හැමෝම වෙනුවෙන් මහන්සි වෙන විදිහ.. වගේම යශිරගෙ උනුහුම බිනරට මතක් වෙද්දි  බිනරට දැනුනේ එයාගෙ පපුව හයියෙන් ගැහෙනවා කියල විතරයි...

...........................................................

යශිර වැඩට ගියෙ බිනර එයාලගෙ ගෙදරින් ගියාට පස්සෙ.. බිනර යද්දි එයා ඊයෙ රෑට වඩා සන්සුන් වෙලා තිබ්බ උනත් එයා ලොකු නූල් බෝලෙක පැටලිලා ඉන්නව වගේ පෙනුමක් තියනවා කියලා යශිරට දැනුනා..
...............................................

යශිර වැඩට යද්දි චලන ඇවිල්ලා ඉදියා.. යශිරව දැක්ක ගමන් ලස්සනට හිනා උන චලන යශිරට good morning කියද්දි යශිර එයාට සුබ පතාගෙන එයාගෙ සීට් එකට ගිහිල්ල වාඩි උනා...

" ඊයෙ පරිස්සමින් ගියා නේද..."

"ඔව් අයියෙ..අවුලක් උනේ නැ..."

"ම්ම්ම්ම්....කාලද ආවෙ..."

"ඔව් අයියෙ.."

"මේ බත් එකක් ගෙනාව කමුද.. මන් ලොකුවටම ගෙනාව ඒකයි ..."

චලන ඇස් ලොකුකරන් අහද්දි  යශිරට බෑ කියන්න හිතුනෙ නෑ ඉතින් එයා හා කියන්න වගේ ඔලුව වනලා  චලන එක්ක ලන්ච් රූම් එක දිහාට ගියා....

............................................................

උදේ ඉදන්ම ඊයෙ දවසෙදි වගේම වැඩ වෙද්දි යශිරට පොඩි කම්මැලි කමක් නොදැනුනාම නෙවෙයි.. ඒත් ඒක තේරුනා වගේ චලන මොනව හරි දෙයක් කියල යශිරගෙ ඔලුව වෙනස් කරද්දි යශිර චලන එක්ක කතා කර කර දවස ගෙවලා දැන්මා..

ලන්ච් එකට යද්දිත් දෙන්නම එකට තමා ගියෙ...
ලන්ච් එකෙන් පස්සෙ ආපහු ඉතින් දෙන්න දෙන්නගෙ වැඩ...
තියන වැඩ ටිකක් ඒකාකාරී උනත් යශිර  ඒව ආසාවෙන් කරේ හැම දේකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනව කියල හිත හිත. .

වැඩ ඉවර වෙලා චලන යන්න බෑග් එක ලෑස්ති කරගනිද්දි යශිර එයා ලගට ගියෙ කතා කරන්න හිතන ගමන්..

" අයියෙ..."

"කියන්න මල්ලි...."

"මාත් එක්කම යන්න පුලුවන්..."

"හරි මන් පහල ඉන්නම්..."

ඊයෙ වගේ බෑ කියනවා වෙනුවට අද විරුද්ද නොවීම චලන යශිර එක්ක යන්න කැමති වෙද්දි යශිර වොශ් රූම් එකට ගිහිල  ටක් ගාල පහලට ගියා....

උදේ එද්දි මතක් කරල යශිර හෙල්මට් දෙකම අරගෙන ආවෙ ඊයෙත් ඒක අමතක උන නිසා...

චලනව බයික් එකේ දාගෙන දෙන්න එක්ක ප්‍රදාන පාර දිගේ ගිහිල්ල අතුරු පාරට බයික් එක දාද්දිම එක පාරටම බයික් එකට බල්ලෙක් පැන්න නිසා යශිර බයවෙලා බයික් එකේ බ්‍රේක් ගහද්දි එයාල ආව වේගෙත් එක්ක චලනව බයික් එකේ ඉස්සරහට රූටලා යශිරගෙ ඇගට තද වෙද්දි චලන තද කරලා යශිරගෙ ඉනෙන් අල්ල ගත්තෙ නොවැටෙන්න උහ්සහ කරන ගමන්..
"අයියෙ.. ඔයා හොදින් නේද..."

" ඔව් මල්ලි අවුලක් නෑ...කොහෙ ඉදන් ආවද මන්ද ඒ බල්ල..."

"අනේ මන්දා හලෝ පාරට පනිනකම මන් දැක්කෙ නෑ ඌව.."

"ඒකනෙ.... ඔයාට අවුලක් නෑ නේද මල්ලි..."

" නෑ ශේප්.. "

" ම්ම්ම්. ටිකක් හිමින් යමු අපි හදිස්සි නෑනෙ......"

.................................................................

ආයි චලන ගෙදර යනකම සද්දයක් තිබ්බෙ නෑ...යශිර  ගේ ඉස්සරහ බයික් එක නතර කරහම චලන ඒකෙන් බැහැල  යශිරට එයා දාගෙන ඉදපු හෙල්මට් එක ගල්වලා දෙද්දි යශිර කතා කරන්න ගත්තා...

" ඕක ඔයා තියාගන්න...."

"මොකක් මට.... .. ඒ මොකෝ....."

"මන් උදේට එන්නම් ඔයාව ගන්න..බායි....".
යශිර චලනගෙ ප්‍රශ්නෙට  උත්තර දෙන්න නොයිද යන්න යද්දි චලන කරේ ඇස් දෙක ලොකු කරගෙන එයාගෙන් ඈතට යන යශිර දිහා බලන් ඉන්න එක විතරයි...

මතුසම්බන්ධයි ....

Continue Reading

You'll Also Like

227K 6.1K 64
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
417K 21.7K 47
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
215K 5.3K 72
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
1.2M 51.9K 63
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...