Alive But Dead || Yizhan

By RadhithReyshan

17.3K 2.7K 408

එක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත... More

01 වන කොටස
02 වන කොටස
03 වන කොටස
04 වන කොටස
05 වන කොටස
06 වන කොටස
07 වන කොටස
08 වන කොටස
09 වන කොටස
10 වන කොටස (බෝනස්)
11 වන කොටස
12 වන කොටස
13 වන කොටස
14 වන කොටස
15 වන කොටස
16 වන කොටස
17 වන කොටස
19 වන කොටස
20 වන කොටස (අවසාන කොටස)
Author's Note

18 වන කොටස

505 99 27
By RadhithReyshan

මම හැමදේම එයාට කියන්න ඇරලා වෙනදා වගේම සද්ද නැතිව අහගෙන හිටියා....

ආදරය කියන්නේ ඇත්තටම ඕකටද කියලා මට අහන්න හිතුනා... ඒත් වැඩක් නෑ පරක්කු වැඩියි.... අපි ආදරය කරන්නේ අපිටත් වඩා අපිට ආදරය කරන කෙනෙක්ට.... ඒ ආදරය ගාව හැමදේටම වඩා අපිට ආරක්ෂාවයි රැකවරණයයි තියෙන්න ඕනේ.... මගේ මුලු ජීවිතේටම ඒ රැකවරණය ආරක්ෂාව දැනේන්න ඕනේ... ලෝකේ මොන බලවේගයක් කොහෙම මාව ගොදුරු කරගන්න ආවත් ඔයා ගාවදි මට බයනැතිව සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනේ.... ඒත් මට නැත්තටම නැති වෙලා ගියෙන් ඒ දේම නේද මගේ අයියේ කියලා කැගහලා අහන්න හිතුනා.... මම අන්තිමට අසරණ වුන වෙලාවේ මගේ ආදරය මාව ආරක්ෂා කරගත්තද රැකගත්තද කියලා මට අහන්න හිතුනා...

මට මගේ ආරක්ෂාව රැකවරණය නැති වෙලා ගියෙත් ඔයාගේ කකුල් දෙක ලග මගේ අයියේ... ඉතින් ඇත්තටම ඔයා මට ආදරය කරාද කියලා අහන්න හිතෙනවා අයියේ....අනික ආදරය කරපු පලියට මගේ ජිවිතය බිල්ලට දෙන්න කොහෙන්ද ඔයාට අයිතියක් ලැබුනේ.... මම ඔයාට මගේ ජිවිතේම දුන්නේ ආරක්ෂා කරගනියි රැකගනියි කියලා හිතලයි අයියේ.. ඒත් ඒක එහෙම උනේ නෑ...... අපි ගොඩක් කල් ඉදලා එකට ජිවිතේ බෙදාගෙන ජිවත් උනා අයියේ.... අඩුම ගානේ මගේ පපුව මොන විදිහට ද ගැහෙන්නේ කියලා ඔයාට තේරුම් ගන්න බැරිවුනා අයියේ... මගේ හිතේ තියන බය පීඩාව වේදනාව අනාරක්ෂිත බව අසරණකම ඔයාට පොඩ්ඩක් හරි දැනුන නම් ඔයා කවදාවත් මෙහෙම දේවල් කරන්නේ නෑ අයියේ....

හැමදාමත් මම ඔයා ගාව නිහඩ වුනේ මගේ අසරණ කමටයි අයියේ... මොකද මට බය හිතුනා එකට එක කියලා ඔයාට තරහ ගිහින් ආපිට මට කියන වචන දරාගන්න බැරිවෙයි කියලා අයියේ.... අඩුම ගානේ එකට එකතු වෙලා ශරිර වලින් එකතු වෙන කොට ඇයි උඹ අඩන්නේ කියලා අහන්න තිබුනා අයියේ... ඒත් උඹට කවදාවත් ඒ ඇස්වල නලියන ශරිරික වේදනාව තේරුනේ නෑ .... මොකද හැමදේම ආත්මාර්ථකාමී විදිහට අයිති කර ගන්න කලාව විතරයි මගේ අයියේ ඔයා දැනගෙන හිටියේ.... හැගිම් බෙදාගන්න විදිහ ඔයා දැනගෙන හිටියේ නෑ... බෙඩ් ෂීට් පුරා ලේ තැවරෙන කොට අනේ උඹට අමාරුද කියල උඹ කවදාවත් ඇහැව්වේ නෑ.... අඩුම ගානේ මගේ බර, මේ දෙන වේදනාව උඹට දරාගන්න පුලුවන්ද කියලා ඇහැව්වේ නෑ.....

ඇත්තටම අපි ආදරය කලාද අයියේ.... මට තාමත් එක තොරගන්න බෑ.... උඹ කියන විදිහට මගේ ලග දාහක් වැරදි තියෙන්න ඇති.... මම උඹව හිගන්නේක් වගේ පාරක අතරමන් කරලා මම කසාදයක් කරගෙන පාඩුවේ සතුටින් ඉන්න ඇති..... ඒත් ඇයි රත්තරන් අයියේ මගේ අහිංසක කුඩුව කඩලා බිදලා දැම්මේ... මගේ පපුව පත්තුවෙලා වේදනාවෙන් අඩා වැටෙනවා දකින්න ඒ තරම් උඹ ආසයිද මගේ අයියේ.. අපි දෙන්නා අතර තියන දේට අර අහිංසක බඩ දැරු ගෑනිව මැදිහත් කරගත්තේ ඇයි මගේ අයියේ.... මම අවංකව ඒ මනුස්සයට ආදරය කරනවා අයියේ... උඹට ආදරය කරපු තරමට බැරි උනත් මගේ මුලු හදවතින්ම මගේ ගෑනිට ආදරෙයි අයියේ....මම ඒ අහිංසකීව රැකගන්න ඕනෙ අයියේ.... ආරක්ෂා කරගන්න ඕනේ...ඇත්තට ආදරය කියන්නේ ඕකට මගේ අයියේ....

අපි ආදරය කරන කෙනා මේ ලෝකේ කොහේ හිටිත් හොදින් ඉන්න කියලා අපි සාමාන්‍යයෙන් පතන්නේ අයියේ... ඒ මනුස්සයාගේ සතුට රැකවරණය ආරක්ෂාව පතන්නේ.... ඒ හැමදේම අපේ ආදරය ඇතුලේ තිබුනා කියලා ඔයාට සහතික වෙන්න පුලුන්ද මගේ අයියේ.....

අම්මා අප්පච්චි අතෑරලා මේලෝකේ මගේම කියන හැම එකාම අතෑරල උඹ ගාවට ආව මාව උඹට ආරක්ෂා කරගන්න බැරි වුනා අයියේ... උඹ මාව යකාගේ කටට අතෑරලා පවුකාර විදිහට ඒ යක්කු මගේ රිරි මාංශ උරාබොන හැටි බලාන හිටියා.... බඩ කොර වෙලා අඩියක් තියලා අඩියක් ගන්න කොට ලේ වැක්කෙරන තුවාල වල වේදනාව දාරගන්න... දිග ඇරගන්න බැරිව කොරවෙච්ච බඩ අල්ලන් ඇවිදින කොට උඹ කිව්වේ තව මදි තව මදි තව නැගිටින්න බැරිවෙන්න දෙන්න ඕනේ... ඕකාගේ මෝල් ගාය නැට්ටම හිදෙන්න දෙන්න ඕනේ කියලා... උඹ එහෙම කියන කොට මට දාරගන්න බැරිවුනා.... ඇත්තටම මේකද මගේ අයියේ උබේ ආදරය... උඹ මේකටද ආදරය කියලා කියන්නේ.....රෑ එලිවෙනකම් තුන් හතර පාර උබේ සතුට වෙනුවෙන් දරාගන්න බැරි සිමාවෙදිත් වේදනාව දරාගෙන උඹට හැමදේම දීලා උඹට ආදරය කරගෙන උඹත් එක්ක ජිවත් උනාට මට මෙහෙම කරලා මදි කියලා මට කෑගහලා කියන්න හිතුනා.....

ඒත් මගේ ගෑණි ... මට දාරගන්න බැරි අයියේ ඒකයි... මට පුංචි සීරිමක් උනත් එයාට දාරගන්න බෑ අයියේ.... පුංචි ඔලුවේ කැකුමක් දැනිලා හිටියත් ඔඩික්ලෝන් දාල අතගාල පුදුම ආදරයෙන් බලාගන්නේ... මට දැනෙන  පුංචිම පුංචි වේදනාවක් වත් එයාට උහුලන් ඉන්න බෑ අයියේ.... මගේ වේදනාව හැම වෙලාවෙම මට වඩා එයාට දැනුනා.. ඒ වගේම මම වේදනාවෙන් විදවනට වඩා දහස් ගුණයෙන් එයා මම වෙනුවෙන් විදෙව්වා....මගේ පුංචිම පුංචි දේ පවා හොයල බලලා නාවල කවලා පොවලා දරුවෙක් බලාගන්නවා වගේ මාව බලාගත්තේ.... ඔවු උඹ කියන එක ඇත්ත... මට ඒ ආදරය උබේ මතකයක් මගේ හිතෙන් අතුගාලා දාන්න පුලුවන් උනත් මරන්න බැරිවුනා.... ඒත් ඒව හිතනකොටත් නංගිට ගින්දර දුන්න එකට මට සමාවක් නම් ලැබෙන්නේ නැතිවෙයි අයියේ....

එත් මම කවදාවත් උඹට වෛර කරන්නේ ශාප කරන්නේ නෑ මගේ අයියේ... මොකද මේ පපුව පිරෙන්න ආදරය කරපු හිතකට වෛර කරන්න ශක්තියක් නෑ... ඒත් මට උඹ ගැන බයයි මගේ අයියේ....මම දහස් වාතාවක් උඹට සමාව දුන්නත් මේ ස්වභාදහම මේ විශ්වය උඩ ඉදන් අපි දිහා බලාන ඉන්න අය උඹට සාමාවක් දෙයිද කියලා සැකයි මගේ අයියේ....

කෙනෙක්ට අකමැත්තේන් එක මනුස්සයෙක් එක්ක හරි එකතු වෙන්න වෙනව නම් ඒ දේ කොයි තරම් වේදානාකාරිද කියලා උඹට කාවදාවත් හිතාගන්න බෑ අයියේ... එහෙම තියෙද්දි මනුස්සයෝ හතර පස්දෙනෙක් එක්ක ඉන්න කොට ගත වෙන හැම තප්පරයේම ලක්ෂවාරයක් මැරෙන්නම හිතෙනවා මගේ අයියේ... අනේ.... ඒ වේදානාව ඒ තරමට වේදනාකාරියි අයියේ......

මට වචන කරලා කියන්න ශක්තියක් නැති හැමදේම හිතින් කියලා දැම්මා...

කොහොමද මම අර අහිංසක මනුස්සයාගේ හිත සනසන්නේ කියල මට තාමත් හිතාගන්න බෑ... මම තව කෙනෙක්ට ආදරය කලා කියලා දැගත්ත ටිකට එයාට ඒක දාරගන්න බැරිවුනා.... ඒ අහිංසක හිතට මොන වගේ හැගිමක් දැනෙන්න ඇතිද අර වීඩියෝ යි ෆොටෝසුයි දකින කොට.... මට තෙරෙන්නේ නෑ කාටවත් වරදක් නැති අහිංසක උඹ කොහොමද මේ ගින්නට මැදි වුනේ කියලා..... මම මුකුත් කියන්නේ නැතිව ගෙදර එන්න ආවා....

බොහොම අමාරුවෙන් ගෙදර ආවේ කීප සැරයක් වාහනේ හැප්පෙන්නත් ගියා ඒතරමට මගේ හිත අවුල්....  අපිට පුලුවන් වෙයිද කලින් වගේ ඉන්න... මට පුලුවන් වෙයිද නංගිගේ හිත හදන්න....  මම කොහොමද ඒ ආදරය නැතිව ජිවත් වෙන්නේ.... අපි ආදරය කරන අය අපිට දෙන ලොකුම දඩුවම තමයි අපිව නොසලකා හරින එක... ඒක දරාගන්න බැ.... වෙනදා වගේ හොයලා බලන්නේ නැතිව ගානක් නැතිව ඉන්නවා දකින කොට දරාගන්න බැරි උනත් වැරැද්දක් කලානම් දඩුවමක් ලැබෙන්නම ඕනේ... මොකද කරපු පවු හෝදලා අරින්න අපිට කවදාවත් බෑ....

**************

ජිවිතේ හැමදේම ආයෙමත් කඩාගන වැටුනා වගේ හැගිමක් දැනුනා... තාමත් මේ මගේ පපුව පිච්චෙන එක ඉවරයක් නැද්ද කියලා මම කැගහලා දෙවියන්ගෙන් ඇහැව්වා....  ඇයි ගහන ගහන හැම හෙන ගෙඩියම මාවම හොයාගෙන ඇවිත් පත්තු වෙන්නේ කියලා මට හිතාගන්න බෑ....

ජිවිතේ නැති කරගන්න තරමට විදෙව්වා... ඒත් තාමත් මේක ඉවරයක් උනේ නෑ... තව කොච්චර විදවන්න තියෙවිද...? එතකන් මේ හුස්ම කොයි තරම් කාලයක් මේ පපුව ඇතුලේ අල්ලා තියෙවිද කියලා මම දන්නේ නෑ....

වෙනදා කොහේ හරි ගිහින් ගෙදර එනකොට වාහනේ සද්දෙට කොහේ හිටියත් නංගි දුවගන එනවා.... මම විනාඩියක් විතර එහෙම්ම වාහනෙන් බහින්නේ නැතිව බලාන හිටියා එයා ඒවි කියලා... ඒත් නෑ... මම බැරිම තැන බැහැලා ඇතුලට ගියා.... එයා ජනේලයක් අයිනේ වාඩිවෙලා අපේ අලුත් පැටියට ඕන කරන ඇදුම් අතේ මහන ගමන් ලොකු කල්පනාවකින් එලිය දිහා බලාන ඉන්නවා.... ඒත් මගේ අඩි සද්දෙට ගැස්සිලා බය වෙලා වගේ බලලා ඉක්මනින් අහක බලාගත්තා... මොකද ඒ ඇස් ඇතුලේ නලියන එලියට එන්න දගලන කදුළු මම දකිවි කියලා...

ඇත්තට හැම තප්පරයම සතුටින් ඉන්න ඕනේ කාලේ මම මේ මොන ගින්දරකට ද ඔයාව ඇදලා දැම්මේ කියලා මගේ හිත මටම ශපා කරා.... ඒත් මගේ වේදනාව දිහා කවුරුත් බලන්න නෑ... මම දෙපැත්තකින් තැලිලා විදවන තරමට අසරණ වෙලා හිටියේ...

මම සද්ද නැතිව කාමරයට ගිහින් ඇති වෙන්න ඇඩුවා... මේ කදුළු මගේ ජිවිතේටම උරුම වෙච්ච දෙයක්.. ඉපදෙන කොට මතුවෙච්ච කදුළු මේ හුස්ම පොද මගේ පපුව ඇතුලේ පණ ගහනකම් තිබිලා නැති වෙලා යාවි...

අඩලා අඩලා ඇතිවෙන කොට මට දැනුනා මගේ ඔලුව අතගානව වගේ..... මට දාරගන්න බැරිව මම එයාගේ ඔඩොක්කුවේ ඔලුව තියාන ඇඩුවා.... මම කාවවත් රිද්දන්නවත් කාටවත් වේදනාවක් දෙන්නවත් උත්සහ කරලා නෑ.... ඒත් ඇයි මම නොහිතන දේම මගේ අතින් සිද්ද වෙන්නේ කියලා මට තේරන්නේ නෑ.....

පිරිලා ඉතිරිලා යන ආදරයකින් නංගී මගේ ඔලුව අතගාලා වෙනදා වගේම ගොඩක් වෙලා මගේ නලල ඉම්ඹා.... ඇත්තටම මමයි මේ හැමදේටම වැරදි කියන දේ දරාගන්න බැරිවුනා...

"අනේ ඔහොම දුක්වෙන්න එපා මගේ දෙයියෝ.... මට ඒක දරාගන්න බෑ රත්තරනේ.... ඔයා මායි දරුවයි ගැන හිතන්න එපා... ඔයාගේ ජිවිතේ සතුට තියන තැන ඔයා කැමති තැනට ඔයා යන්න......"

එයා දරාගන්න බැරි වේදනාවේන් ආදරයෙන් මට කිව්වටත් මට දැනුනේ ඒ වචන ඊතල වගේ කියලා මම යකෙක් වගේ එයාට කඩා පැන්නා... හිත ඇතුලේ පුරෝගන එලිට දාන්නේ නැතිව පැහැව පැහැව තිබුන හැම වේදනාකාරි හැගිමක්ම වචන වෙලා ඒ අහිංසක කෙල්ලගේ පිටින් පිටකරලා දැම්මා...

"උඹට මගේ පරන පොටොස් දැකලා අරුත් එක්ක කතා කරන්න ඕන උනා..... ඌව ආයෙමත් ගෙන්න ගෙන මාව බිල්ලට දුන්නා..... දැන් කියනවා මගේ දරුවයි උඹයි දාලා යන්න කියලා... උඹ හිතනවද මගේ දරුවට වඩා මම ඌට ආදරෙයි කියලා..."

මම එයාගේන් කෑගගහා ඇහැව්වා..

ඇයි කාටවත් තෙරුම් ගන්න බැරි උඹල දෙන්නයි මගේ ලෝකෙ.... මගේ ජීවිතේ... ඒවගේම මගේ හුස්මත් උඹලා දෙන්නා විතරමයි.... මම කොහොමද ඒ හුස්ම නැතිව ජිවත් වෙන්නෙ....? නංගි මට ඇති වෙන්න කෑගහල ඉවර වෙනකම් සංසුන්ව බලාන හිටියා....

"මම දන්වා ඔයා එයාට වඩා දරුවට ආදරෙයි කියලා... ඒත් මට වඩා ඔයා එයාට ආදරෙයි කියන එකත් ප්‍රශ්නයක්  අයියේ... මට දාරගන්නත් අමාරු ඒකමයි......"

කියලා නංගි මගේ ඇස් දිහා බලාන කදුළු පුරෝගන අහන කොට මට දෙන්න උත්තරයක් නෑ.... මට මහා අසරණ කමක් දැනුනා... තාමත් මේ හිතේ එදා වගේ ආදරයක් නැති උනත් මට එයාට වෛර කරන්න තරම් කිසිම ශක්තියක් නෑ... කාලයකට ඉස්සෙලා ඒ දැනුන ආදරේ උනුහුම හවු හරණ නිසා මම හිතන්නේ එයා මට මොනාකරත් මට එයාට වෛර කරන්න බැරිවෙයි... ඇත්තටම මම ඒ මනුස්සයා ලග දුර්වලයෙක්.... දැන් වුනත් එහෙමයි.... ලගට ඇවිත් කෑගහලා සැරකරලා මොනා හරි කිව්වොත් ගැස්සිලා ගිහින් ඒ දේ කරන්න තරම් මම අසරණයි... ඒ වගේම දුර්වලයි... මට තේරෙන්නේ නෑ  ඒ මොන හැගිමකටද කියලා.....

දෙන්න උත්තරයක් නැතිව මම කල්පනා කරන කොට නංගි තරහෙන් වගේ නැගිටලා ගියා...

හැම වෙලාවෙම නකුට අල්ලන් කැරකෙන බල්ලෙක් වගේ මමත් කතාකරල කතා කරලා අන්තිමේට ඇවිත් නතර වෙන්නේ ප්‍රශ්නේ පටන් ගත්ත තැනටමයි... විසදුමක් පේන තෙක් මානේවත් නෑ.....

දවසන් දවස ගෙවිලා යන කොට ප්‍රශ්නේ  එන්න එන්නම වැඩි උනා මිසක අඩුක් වුනේ නෑ.... සිද්ද වෙච්ච හැම දෙයින්ම කම්පනයට පත්වෙලා වේදනාවේන් ඉන්න මට සෆ්රාන්  දිගින් දිගටම කොල් කලා... උහුලන්න බැරිව ප්‍රශ්නේ කර මුලින්ම හිරවෙලා හිටිය මට ඒක තවත් මානසික වදයක් උනා.... හැම වෙලාවෙම රින්ස් යන කොට නංගි මගේ ෆොන් එක දිහා ඇහ ගහගෙන හිටියේ... ෆොන් එකේ සෆ්රාන්  කියලා දකින් කොට දරාගන්න බැරි විදිහට එයා වේදනාවට පත්වෙනවා.... ඒ ඇස්වල කදුළු පිරිච්ච ගමන්... සතුටින් පුරවන්න ඕන ඒ පපුව මම ගින්දර වලින් දවස ගානේ පුරවන්න අරන් තිබුනේ....

හැමදේම එපා වෙලා ජිවිතේ එපා වෙන තරමට මානසිකව අපි දෙන්නම වැටිලා හිටියේ....

ජිවිතේ අපායක් වෙලා දවස දවස ගෙවිලා ගියා.... බලාගන ඉද්දි නංගි ඇදිලා ගිය වාගේ උනා.... මටත් දරාගන්න බෑ කරන්න දෙයකුත් නෑ...

ඇස්වහක් වැදුනා වගේ අපේ ලස්සනට තිබුන කුරුලු කුඩුව විනාශ වෙලා ගියා.....










✍️ RR✍️

කතාව කියවන හැමෝටම ස්තුතියි 🙏

වෝට් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ❤❤❤

Continue Reading

You'll Also Like

199K 11.5K 72
[Book I from the Series of the Wellington Brothers] A curse. All it took was one single curse to turn a human village into dreadful creatures kno...
112K 24.2K 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
12.8K 131 27
Prince Kion of the Pridelands was always different from his family. He loved to see animals suffer, while his family respected the Circle Of Life. Ra...
16.7K 2.5K 30
හදින්ම දිව්රමි.. ලෙයින් ලියා දෙමි.. සසර පුරා.. මගේ ඔයා.. මගේ කතාවේ.. පණයි ඔයා.. 💚❤️ ❤️💚