Alive But Dead || Yizhan

Von RadhithReyshan

17.3K 2.7K 407

එක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත... Mehr

01 වන කොටස
02 වන කොටස
03 වන කොටස
04 වන කොටස
05 වන කොටස
06 වන කොටස
07 වන කොටස
08 වන කොටස
09 වන කොටස
10 වන කොටස (බෝනස්)
11 වන කොටස
12 වන කොටස
13 වන කොටස
14 වන කොටස
16 වන කොටස
17 වන කොටස
18 වන කොටස
19 වන කොටස
20 වන කොටස (අවසාන කොටස)
Author's Note

15 වන කොටස

508 106 5
Von RadhithReyshan

ගැහැණියකට සංසාරිකව දුකක් උහුලගෙන ජිවත් වෙන්න අපුර්වතර හැකියාවක් තිබුනා.... ඒ හැකියාව  අසිමාන්තිකයි... ඒ හැකියව මට පන දෙන්න ආදරය කරන ඒ ආදරණිය ගැහැනියටත් අඩුවක් නැතිව තිබුනා.....

ඒත් ඒ ඇයට ආවරණය කරන්න පුලුන් සිමාවක් ඇතුලේ විතරයි.... මම වැරදිලා හරි ගැහැණිකයට ආදරය කරා කිව්වා නම් ඇය දන්නවා ඒ ග්‍රහනයෙන් මාව මුදවල සදහටම මාව එයාගේ කරගන්න... ඒත් තාමත් අවුරුදු විසි එකක් වෙච්ච මේ පොඩි කෙල්ලට හිතාන්න බැරිව ගියා එයා මොකද්ද කරන්න ඕනේ කියලා.... එයා දැනගෙන හිටියා මාව ගෑනුන්ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා.... ඒත් එයාට දැනගෙන හිටියේ නෑ මාව පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා.... නොතේරෙන බයකින් මට ලංවෙන්නවත් එයාව අල්ලන්න දෙන්නෙවත් නැතිව හිත පිච්චි ඒ වේදනාව නැති වෙනකම් ඇඩුවා....

මට දාරගන්න බැරි දේත් ඕකමයි.... මගේ ජිවිතේට ආදරය අරන් ආපු හැම මිනිහෙක්ටම මම නිසා කදුළු විතරමයි උරුම උනේ.... වේදනාවල් විතරමයි අයිති උනේ.... මට ඇය හඩා වැටෙන විදිහ දකින් කොට මම බදිනවා කිව්ව දවසේ සෆ්රාන් අඩා වැටුන විදිහ මතක් උනා...

ජිවිතේ ඇයි මට ලංවෙන්න හදන හැම මිහිහෙක්ට මගෙන් ගින්දර විතරක්ම උරුම වෙන්නෙ... ඇයි ඒ මට ආදරය කරන හිත් වලටම මම නිසා ගිනි ඇවිලෙන්නේ..... පුංචි කාලේ අම්මා අප්පච්චිගේ හිත්වලට අනන්තවත් ගින්දර දුන්නා... ඊට පස්සේ සෆ්රාන්ට... දැන් මේ කෙල්ලට.... මගේ දෛවය මහා පුදුම එකක්... හරිට සංසාරෙ කරපු දෙයකට ලැබිච්ච ශාපයක් වගේ මාව ගින්දරක් වගේ මවලා... මම ආදරයෙන් වැලද ගන්න හැම එකාවම ඒ මගේ වටේ ඇවිලෙන ගින්දරින් පුච්චලා අලු කරලායි මම නවතින්නේ... ඒක මම හිතා මතා කරන දෙයක් නෙවේ.... ඒත් සිද්ද වෙන්නේ අන්න ඒකම තමයි......

සොනාලි ගොඩක් වෙලා හෙම්බත් වෙනකම් අඩලා අඩලා ඇස්වල කදුළු අතරින් මහා වේදනාවක් හිරකරගෙන මගේ දිහා බලාන හිටියා.....

" මගේ මහත්තයෝ... මම කවදාවත් ඔයා වෙන කෙල්ලේකුට අයිති වෙලා හිටියා කියලවත් අහන්න කැමති නෑ මගේ දෙයියො..... අඩුම ගානේ ඉස්කොලේ යන කාලේවත් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලුවා කියලා අහන්න මම කැමති නෑ දෙයියනේ...මොකද මම ඒතරම් ඔයාට ආදරෙයි මගේ මහත්තයෝ... මම හරිම ලෝබයි දෙයියෙනේ ඔයාට.... ඔයා නැතිව මට එක තප්පරයක් හුස්ම ගන්න බෑ මගේ රත්තරනේ... මම මගේ පනටත් වඩා ඔයාට ආදරය කරනවා අයියේ.... අනේ එහෙම තියෙදි මම කොහොමද දරාගන්නේ මම කොහොමද විශ්වාස කරන්නේ ඔයා මට විතරක් අයිති නෑ කියලා... දෙයියනේ.......මට කවුරුත් එක්ක ඔයාව බෙදාගන්න බෑ.... ඔයා හැමදාමට මට විතරයි අයිති... මගේ හුස්ම තියෙනකම් මම එක වෙන්න ඉඩතියන්නේ නෑ... ඔයා මගේ දෙයියනේ...."

ඔය විදිහට හිතට දැනෙන දේ හැමදේම කිය කිය ඇඩුවා.... මම හැමදාමත් වගේ දරාගන්න බැරි වේදනාවක් හිතේ හිරකරගෙන පැත්තකට වෙලා එයා දිහා බලාන ඇඩුවා.... මම හැමදාමත් වගේ අසරණයි... අඩුම ගානේ මම වෙනුවෙන් පන දෙන්න අඩපු අය වෙනුවෙන් කදුළු පිහලා සනසන්නවත් මට ශක්තියක් නෑ...ඒ හින්දම හැමදාම වගේ සිද්ද වෙන ඕනම දෙයකදි මම ශාප කරගත්තේ වෛර කලේ මටම විතරයි... මේ හැම දේම මගේ වැරදි මගේ දෝෂ කියලා මම මටමයි ශාපකරගත්තේ......

අඩලා අඩලා එයාටම ඇති වෙලා... මගේ දිහා බැලුවා... එයා කිව්වා එයාට සෆ්රාන්ව හම්බ වෙන්න ඕනේ කියලා.... මම කොච්චර එයාගේ හිත වෙනස් කරගන්න හැදුවත් හරියේ නෑ....

සතුටින් සැනසීමෙන් ආදරයෙන් පිරිච්ච අපේ ජිවිත වලට ගිණි ඇවිලුනා වගේ දැනුනා..... කෙහේ ගියත් ආපහු දුවලා එන්න වගේ තිබ්බ ගෙදරට මම දැන් වැඩ ඇරිලා යනවද නැද්ද කියන තරමට තත්වය අවුල් උනා.... ඒ සිද්දයෙන් පස්සේ නංගි හරියට මගේ මූන දිහා බලලා කතා කලේ නෑ.... එයා ගත වෙන හැම තප්පරයකම මැරි මැරි ජිවත් වෙනවා වගේ මට දැනුනා.... මටත් දරාගන්න බෑ... එකම සැනසිම තිබුනේ පුතා විතරයි.... එයාව පපුවට තුරුල් කරගෙන මම අඩ අඩ නිදාගත්තා...මට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න ක්‍රමයක්  හම්බ උනේම නෑ....... හිත පිස්සු වගේ... කාලේකට ඉස්සර වගේ මගේ හීන මගේ නින්ද හොරු අරගෙන ගිහින්... එලිවෙනකම් කල්පනා කරන තත්ත්වයට වැටුනා....

අවසනයේ බැරිම තැන මම නංගිගේ දැඩි ඉල්ලිම නිසා සෆ්රාන්ට කොල් කලා.... ෆෝන් එක වැඩ කලේ නෑ... ඒත් කොහොම හරි එයාව හම්බවෙන්න ඕනේමයි කියලා නංගි නිතර කරදර කලා.... එයා හැම වෙලාවෙම කිව්වේ එයාට සෆ්රාන්ව හම්බවෙන්න ඕනේමයි කියලා... කවුරුවත් මාව තේරුම් ගත්තේ නෑ....

සසර ගමනේ මම මාර පවක් කරලා ඇත්තේ... ඒ කරපු අකුසලේට කවදාවත් මට සමාවක් දුන්නේ නෑ.... මොකද මේ ලෝකේ මම පන දෙන්න ආදරය කරපු දෙන්නා කවදාවත් මගේ පපුව ගැහෙන රිද්මය කවදාවත් තේරුම් ගත්තේ නෑ.... දෙයක් සිද්ද වෙන කොට මමත් මනුස්සයෙක්... මගේ පපුවට කොච්චර දුකක් උහුල ගන්න පුලුවන්ද මම කොයි තරම් ඒ දෙයින් පිඩාවක් විදීද මට ඒ වේදනාව දරාගන්න බැරිවෙයිද... එහෙම දාරගන්න බැරිව අඩලාම මම මැරෙයිද .... මට ආදරය කරපු දෙන්නටම කවදාවත් ඒ දේ හිතන්න ඕන වුනේ නෑ... අඩුම ගානේ මූත් මනුස්සයෙක් මට වගේම දුක වේදනාව දරාගන්න පුලුවන් සිමාවක් ඇතිනේද කියන එක ඒ දෙන්නගෙන් කාටවත් හිතුනේ නෑ..... එක එයාලගේ වැරද්දක් නෙවේ.. මගේ සසර කරපු පව් කරුමයක්... මොකද මගේ වේදනාව, මගේ පීඩාව, මාගේ මානසික මට්ටම, මට දැනෙන දුක... ඒ කිසිම දෙයක් ඒ දෙන්නටම වැගත් උනේ නෑ.....

නංගි ඔච්චර ආදරය කරලාත් එයාවත් හිතුවේ නෑ මමම මගේ අත් දෙකෙන් වලවල් හාරලා වලදාපු මිනී මගේ අත් වලින්ම ගොඩ ගන්න යැව්වහම කොයි තරම් මම විදවයිද කියලා....

වෙලාවකට හිනා යනවා මිනිස්සු ආදරෙයි ආදරෙයි කියලා පන දෙන්න හැදුවත් උන් කරන්නේ අපේ බෙල්ලට කකුල තියලා අපිට යන්තමින් ගන්න පුලුවන් හුස්ම ටිකත් නැතිවෙලා යන්න බෙල්ල මිරිකලා දාන එකද කියලා.... ජිවිතේ මම ආදරය කරපු මිනිස්සු දෙන්නට අත්දෙක එකතු කරලා වැදලා අඩලා අනන්ත කියලා තියවා මේ දේ කරන්න එපා මට දාරගන්න බෑ දෙයියෙනේ මට මෙහෙම කරන්න එපා කියලා... ඒත් ඒ හිත් උනු කරන්න මගේ කදුළු වලට ශක්තියක් තිබුනේ නෑ... එයාලා මට එච්චර ආදරය කලා නම් අඩුම ගනේ මම අඩන කොට එයාලට දාරගන්න බැරිවෙන්න ඕනෙ.... ඒත් එහෙම උනේ නෑ... මාව කැලි වලට කැඩිලා විනාශ වෙලා යනකම් ඒයාලගේ හිතුවක්කාරකම, වෛරය ඉවර වුනේ නෑ...... සත්තකින්ම මාව වැටුනාම් මම කඩා වැටුනෙම... මගේ ජිවිතේ යම් තරමකට විනාශ වෙලා නැති වෙලා ගියානම් ඒ හැමදෙම උනේ මම ආදරය කරපු දෙන්නා නිසා.....

ඉතින් මම දන්න විදිහට නංගිට තෙරුම් කරන්න හැදුවත් හරි ගියේ නෑ....

කරන්න දෙයක් නැතිව හිත ගලක් කරගෙන මම සෆ්රාන්ගේ ගෙදර ගියා.... ඒ ගෙදර දකිනකොට මගේ ආත්මයට දැනෙනවා... රිදෙනවා කියලා කවුරුත් දන්නේ නෑ.... ඒ මතකයන් අපි ආදරෙයන් මේ ගෙදර හිටපු හැටි මැරි කරපු කපල් එකක් වගේ උයාගේන පිහාගන කොච්චර සතුටින් හිටියාද... මගේ හුස්ම ටික යනකම් ඒ මතකයන් මගේත් එක්කම තියෙවි.... ගෙදර පාලුවට ගිහින් මාකට් එකේ කඩේ විකුනලා දාලා... බැරිම තැන මම සිගිරියේ හොටෙල් එකට ගියා... ඒකත් බදු දිලා... ඒත් මට එයාගේ නම්බර් එක ඉල්ල ගන්න පුලුවන් උනා...... ඒත් කවුරුත් ඇහැව්වේ නෑ අනේ උබේ මැරිලා ගිය ආදරයේ කට හඩ ඇහෙන කොට උබේ හිත කොයි තරම් කීරි ගැහෙයිද කොයි තරම් උඹ උඹටම ශාප කරගනිද කියලා... කවුරුවත් ඇහැව්වේ නෑ.. අනේ රත්තරනේ උඹ කොහොමද ඒ මනුස්සයා එක්ක එක හිතකින් කතා කරන්නේ උඹට ඒ දුක දරාගන්න පුලුවන්ද කියලා කවුරුත් ඇහැව්වේ නෑ...... මේ ලෝකය පුදුමාකාර ආර්මාර්ථකාමි තැනක්... හැම වෙලාවේම මිනිස්සු ඒ ආර්මාර්තකාමි කමින් වැඩ කරන්නේ... අනිත් මනුස්සයා තමන් ඒ කරන දෙයින් කොච්චර වේදනාවට පත්වෙනවා ද කියලා හිතන්නේ නෑ... ඒත් අමතක කරන්න හොද නෑ.... දුන්න ගින්දරක් ලේසියෙන් නිවෙන්නේ නෑ... ඒ ගින්දර දවසක ඒ විදිහට තමන්වත් හොයාගෙන ඇවිත් ගිනි තියලමයි නවතින්නේ.....

ඉතින් හොටෙල් එකෙන් කිව්වා එයා ඩුබායි වල ඉන්නේ කියලා.... මම හීනෙන් වගේ නම්බර් එක අරගෙන ඇවිත් කාර් එක කොහේ හරි අයිනක නතර කරගෙන කල්පනා කලේ මොකද්ද  කරන්නේ කියාලා... භයානක සර්පයෙක් අතේ තියාගෙන මරණ භයෙන් තැති ගැන්මෙන් ඉන්න මට නම්බර් එකත් දැනුනේ අන්න ඒ සර්පයෙක් වගේ... ඇත්තටම කවුරුත් මාව තේරුම් ගන්නේ නැති වෙන කොට කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරිව ඔලුවේ අත්දෙක ගහගෙන කල්පනා කලා... ඇයි දෙයියෙන් මේ හැම දේම ඉවරයක් වෙන්න මාව මැරිලාවත් යන්නේ නැත්තේ කියලා මම ඔලුව බදාගෙන කෑගැහැව්වා..... කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ.... තේරුම් ගන්න උත්සහ කරපු කෙනෙකුත් නෑ...... තවත් විදව විදව ජිවත් වෙන්න තරම් මම ගොඩක් පවු කරපු එකෙක් කියලා මට දැනුනා..... කරන්න දෙයක් නෑ මට තව විදවන්න අඩන්න ගොඩක් දෙවල් ජිවිතේ එහෙම් පිටින්ම ඉතුරුයි...... තාම මට මැරෙන්න වෙලාව ඇවිත් නෑ... කොහොම හරි මැරි මැරි ජිවත් වෙන ජිවිතයක් තමයි මට උරුම......

නම්බරේ හම්බ උනා... ඒත් අයියා ලංකාවේ නෑ කියලා කිව්වම එයා කවද්ද ලංකාට එන්නේ? මට එයාව හම්බ වෙලා කතා කරන්න ඕනේ කියලා නංගි මුරන්ඩු උනා..... වෙනදා මම කියන දේට පිටින් මුකුත් කිව්ව නැති එයාගේ ආදරයත් මට නැති වෙලා කියන හැගිමක් පපුවට දැනුනා....

තව රිද්දහන්... තව රිද්දහන්... දවසක් එයි උඹලා ඔක්කෝම එකට එකතු වෙලා රිද්දන රිද්දිල්ලට මේ පපුව නතර වෙන දවසක්.... එදාට මේ පපුවට ආයෙමත් කාටවත් දුකක් වේදනාවක් දෙන්න බැරිවෙයි.... මම පතන්නේ ඒ දවස ඉක්මට එන්න කියලා.......

හිතේ නලින වේදනාව හිරකරගෙන මම අයියට කොල් එකක් ගත්තා.....රින්ස් ගිහින් හෙලෝ කියන කොට ඒ ආදරය වින්ද පලවෙනි දවසේ හැහිච්ච විදිහටම මගේ පපුව ඒ සුපුරුදු රිද්මය වෙනස් කරලා අමුතු විදිහකට ගැහෙන්න ගත්තා.... දරාගන්න බැරි උනත් මට දාරගන්න වෙලා තියනවා... මම එයාව හම්බෙන්න ඕනේ කිව්වා....එයා ඊලග සතියේ ලංකාවට එනවා කිව්වා.... අයෙමත් ජිවිතේ තැම්පත් වෙච්ච මගේ හිත අවුල් වුනා.... දන්නේ නෑ ඊලග තප්පරේ මොනා වෙයිද මොන වගේ දෙයකට මුහුන දෙන්න වෙයිද කියලා.....

ඒත් මගේ හුස්ම තාමත් වැටෙනවා.... කොච්චර දේවල් සිද්ද වුනත් හුස්ම නොනවත්වා වැටෙනවා...

ලෙසියෙන් මේ හුස්ම නවතින එකක් නැ...








✍️ RR✍️

කතාව කියවන හැමෝටම ස්තුතියි 🙏

වෝට් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ❤❤❤

Weiterlesen

Das wird dir gefallen

74.2K 8.8K 36
" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න...
7.3K 669 11
වසන්තය මඟහැරැනා කියලා පසුතැවෙන්න එපා, කවුරුත් දන්නෑ අවාරෙට පිපෙන කහ මල් කොච්චර සුන්දරයි ද කියලා.. 🌻
42.8K 1.5K 37
On Hold / Discontinued ʏ/ɴ ɪꜱ ᴀ ʏᴏᴜɴɢ ᴍᴀɴ ᴡʜᴏ ʜᴀꜱ ʀᴇᴄᴇɴᴛʟʏ ᴍᴏᴠᴇᴅ ᴛᴏ ɴᴇᴡ ʏᴏʀᴋ ᴡɪᴛʜ ʜɪꜱ ꜰᴀᴛʜᴇʀ ᴀꜰᴛᴇʀ ʀᴇᴄᴇɪᴠɪɴɢ ᴀ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ᴀᴛ ᴡᴏʀᴋ. ᴜᴘᴏɴ ᴀʀʀɪᴠɪɴɢ ɪɴ ᴛ...
197K 19.2K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...