Gay Short-Story Collection

Af RadhithReyshan

12.7K 1K 195

BL කෙටි කතා එකතුවකි. Mere

ප්‍රංශ පෙම්වතා - 02 කොටස
මහව කෝච්චිය
යාල් දේවීයෙන් ආ අමුත්තා
තිමිර පටල
සුදු කමිසය
තවත් එක (අ)වර්ණ කතාවක්
දැවෙන සුසුමන්
මගේ හද ගැස්ම නුඹයි
ඇසිල්ලක දුටු සිහිනේ
කොමාව සහ තිත
අවුරුදු තෑග්ග - 01 කොටස
අවුරුදු තෑග්ග - 02 කොටස

ප්‍රංශ පෙම්වතා - 01 කොටස

2.6K 164 31
Af RadhithReyshan

යාන්තමට දැනෙන සීතලට මුසු වෙච්ච ලා ඉර එලිය බැලූ බැල්මට ඇහැට පෙනෙන නොපෙනෙන මායිම තෙක් ඇති කොළ පැහැයෙන් පිරිච්ච පරිසරයම වසාගෙන තිබුනා. පසෙකින් තිබුනු හොදින් සරුවට හැදුනු මිදි වගාවට සීතල පිනි වැටිලා ඉර එලියත් එක්ක ලස්සනට දිලිසුනා. ගන්න හුස්මක පවා පිරිසිදු, සිතල සහ නැවුම් ගතියක් තිබ්බා. යන්තම් ඉර එලිය වැටුනත් රස්නයක් දැනෙන්නේ නැති තරමට අවට පරිසරය සීතලෙන් වෙලිලා තිබ්බා.

මම හැමදාම වගේ අදත් උණුසුම් කොපි කොප්පයත් උස්සගෙන පුරුදු තැන වාඩි උනේ මේ සොදුරු සිත නිවන දසුන බලන්නමයි. තනි වෙන හැම මොහොතකම වගේ අදත් මගේ හිත ඇතුලේ හැංගිච්ච අතීතයේ මතක සෙවනලි වලින් මගේ හිත වැහිලා ගියා.

"ආ..... මේඩ් ඉන් ශ්‍රීලංකා.......මම හිතුවා මෙතන ඇති කියලා.."

හිත ඒ අතීතයට යන්න හදනකොටම ටෙරන් මගේ උරහිසට ගහන ගමන් ලගින් වාඩි උනා. ටෙරන් ක්ලාක් කියන්නේ මගේ හොදම යාළුවා වගේම මගේ රූම් මේට්. දුක සැප බෙදාගන්න මට ඉන්න එකම යාළුවා.

"රෙහාන් මොකෝ? ආයෙමත් ගත මෙතන තියලා හිතින් පියාඹලා ලංකාවට ගියාද? ඇත්තටම මම බොරුවට නෙවේ නෙහ් කියන්නේ උඹලා මහා ඕවර් ඉමෝෂනල් ජාතියක් කියලා. ඇයි බන් අපි වගේ පවතින ස්භාවය අනුව වෙනස් වෙන්න බැරි?"

"අනේ මේහ්.! සැන්ඩි වෙච්ච උඹ කොහොමද මට එහෙම කියන්නේ?"

"මොකක්? කවුද යකෝ සැන්ඩි වුනේ?"

"ඇයි උබේ අම්මා ඉන්ඩියන්. තාත්තා කැනේඩියන්. ඉපදෙනකොටම උඹ සැන්ඩි වෙලා තමයි ඉපදිලා තියෙන්නේ."

"නොදකින් බුරුවා.! ඇත්තටම මම මේවා අහල මදි. ලංකාවෙන් එන කොට හොටු පෙරාගෙන ආවේ. මම තමයි නාවලා කරලා මගේ රූම් එකේම නවත්ත ගෙන මොඩිෆයි කරලා ගත්තේ. අඩුම ගානේ මෙහේ භාෂාවත් කතාකරන්න පුලුවන්ද කියහන්කෝ එනකොට?"

"අම්මෝ.... මේන් වැන්දා මගේ ප්‍රංශ කුමාරයාට. පොඩ්ඩක් අවුස්සන්න කිව්වේ බන්."

"ඇත්තද.! මට ඇවිස්සෙන්න ගියහම ඔහොම නෙවේ. උඹ දන්නවනේ.! එත් උඹ මගේ ටෙස්එක නෙවේ."

"අම්මෝ ලොකු දෙයක්.!"

"හරි හරි... මේ පොඩි වැඩක් තියනවා. ඕක බීලා ඇතුලට වරෙන් ඉක්මනට "

"පිස්සුද බන්. තව ටිකකින් මම ඕෆ් වෙනවා. මට බෑ.! "

ටෙරන් මගේ කොන්ඩේ අවුල් කරලා දාලා දිව්වා. ජිවිතේ ඇත්තටම පුදුමාකාරයි. ලංකාවේ දුම්බර මිටියාවතට මායිම පිහිටි පොඩි ගමක මම ඉපදුනේ. ඉතින් ඒ වගේ දුශ්කර ගමක ඉපදුන මම ඒ දවස් වල කාටහරි කිව්වා නම් අනාගතේ දවසක මට මෙහෙම ප්‍රංශයේ ලස්සන පොඩි නගරයක ගෙවන ජිවිතයක් හම්බ වෙයි කියලා ඌ කියයි ඕක නම් හිනයක් තමයි කියලා. කියල නිකම් ඉන්න එකක් නෑ අහවල් තැනිනුත් හිනා වෙයි. ඒත් අපි දකින, අපි පතන හීන සබෑ නොවුනත් අපි කවදාවත් නොදැකපු හීන හැබෑවෙලා නැද්ද? ඇත්තට මගේ, උඹලාගේ ජිවිත වලත් ඇති ඒ වගේ හැබෑවුන වගේම නොවුන හීන කදු ගනන්. ඒ වගේ තමයි මගේ ජිවිතෙත්. එත් මොන මොන හීන මට නැති වුනත් පැදුරක් බිම දාගත්තත් සනිපෙට හොදට නින්ද යන නිරවුල් මනසක් මට තිබුනේ. එත් ලංකාවේ ගත කරපු ඒ අමිහිරි මාස කීපය නම් මගේ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ.

****** මාස කීපයකට පෙර ******

යන්තමින් පොද වැස්සත් එක්ක පුරුදු අඩි පාර දිගේ කන්ද නැග්ගත් අද කවදාවත් නැතිව පපුවට ලොකු වෙහෙසක් මහන්සියක් දැනුනා. ඇත්තටම ඒ මහන්සියටද නැත්නම් අඩන්න හදන පපුව බලෙන් අඩන්න දෙන්නේ නැතිව හිර කරගෙන ඉන්න නිසාද දන්නේ නෑ. ඇස් කෙවෙනි වලින් මතු වෙන කදුළු හිර කරගෙන උස්සන් ආපු කුඩය ගහක් මුලින් තියලා හිතේ තරහටත් වේදනාවටත් එක්ක බෙහෙත් පැලෑටි ඉදුරුවේ පිස්සුවෙන් වගේ. මට ඕන කලේ මේ වේදනාව කොහොම හරි පිට කරගන්න. ඒත් හිතේ ආවේගයට තදින් මුල් ඇදපු පැලයක් උදුරන්න ගිහින් අත ලිස්සලා විසිවෙලා ගිහින් මුනින් වැටුනාම, හැබෑ ජිවිතෙත් හොදින් මේ පොලව අල්ලගෙන මුල් ඇදපු ගහක් නේද උදුරලා ගන්න ගියේ කියලා මට හිතුනා. මම එහෙම්ම වැටිච්ච විදිහටම පොද වැටෙන අහස දිහා බලාගෙන කෑගහලා ඇඩුවේ ඒ වේදනාව තවත් හිරකරගෙන ඉන්න බැරි නිසා.

මම රෙහාන් විජේසිංහ. අම්මා, අප්පච්චි දෙන්නම නෑ. අත්තම්මා තමයි මාව ලොකු මහත් කලේ. අත්තම්මා කියන්නේ අප්පච්චිගේ අම්මා. අප්පච්චිගේ පවුලේ නැන්දලා මාමාල හතර දෙනෙක් හිටියත් අත්තම්මා ජීවත් උනේ මාත් එක්ක තනියෙන්. ජිවිතේ වටිනා කියන කිසිම දෙයක් මේ හිගන කොල්ලගේ ජිවිතේ තිබුනේ නෑ. ඒත් කවදාවත් ලැබිච්ච ජිවිතේ ගැන දුක් උනෙත් නෑ. මම ඇත්තටම මට ලැබිච්ච දෙවල් වලින් උපරිම සතුටින් හිටියා. ඒ මගේ ජිවිතේට වර්ෂ කියන නම ඈදෙන්න ඉස්සෙල්ලා. ඇත්තම මල් වර්ෂාවක් විදිහට මුලින් ආවත් අවසානයේ අසිනි වාර්ෂාවක් වෙලයි ඒ වර්ෂාව නතර වුනේ. පරණ දෙවල් ඇදගෙන හෝද හෝද මඩේ දාන එක තෙරුමක් නෑ කියල දන්නවා උනත් සමහර වෙලාවට ඒ වේදනාවල් සැරින් සැරේ මතු පිටට ඇවිත් ආයෙත් ඒ වගේ මෝඩ වැඩ නොකරන්න අපිට මතක් කරල දෙනවා.

එක පාරටම එක දිගට ඇහෙන්න ගත්තු රතිඤ්ඤා හඩ නිසා මම දඩ බඩ ගාලා නැගිටලා පහල බැලුවා. ගිනිපෙට්ටි සයිස් එකට පේන වාහන පෙල මැදින් වර්ෂ අයියාගේ සුදු පාට වෙඩින් කාර් එක දකින කොට මට මන් ගැනම මහා අනුකම්පාවක් දැනුනා. ජිවිතේ ඉපදුන දවසේ ඉදලා හැමෝම මාව දාලා යන එකමයි කලේ. මේ ජිවිතේ අම්මා අප්පච්චිත් මාව දාලා ගිය එකේ උඹ මාව මෙහෙම දාලා යන එක පුදුමයක් නෙවේ අයියේ. ඒත් මොන ප්‍රශ්න ආවත් ගෙවල් වලින් මොන ප්‍රශ්න දැම්මත් මාව බලාගන්නවා, ආරක්ෂා කරනවා, මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා උඹ දුන්න පොරොන්දු දැන්නම් දැනෙන්නේ සුරංගනා කතා පොතකින් හොරකන් කරගත්ත ඒවා වෙන්න ඕනේ කියලා. මොනවා උනත් මම උඹට මගේ මුළු හදවතින්ම සුභ පතනවා අයියේ. ඒ වගේම අන්තිම වතාවට එකම එක දෙයක් ඉල්ලනවා. පුලුවන් නම් උඹට ආදරය කරන කවුරු හරි වෙනුවෙන් උඹ උබේ ආත්මයෙන්ම අවංක වෙයන්. අවංකවම ආදරය කරහන් මගේ අයියේ. ඒ ආදරය වෙනුවෙන් ජිවත් වෙයන්. ඒ ආදරයට උබේ හදවතට එකගව සාධාරනයක් ඉටුකරහන්. කවදාවත් මට කරපු දේ කාටවත් කරන්න එපා. මම ඒ වාහන පෙල ගස් අතරේ හැංගිලා යනකම් හැගීමකින් තොරව බලාගන හිටියා.

ඇත්තටම දෛවය කියන්නේ හරි පුදුමාකාර දෙයකට. මොකද කවුරු අපි ගැන හොයලා නොබැලුවත් කවුරු අපිට යුක්තිය සාධාරණය ඉටු කරේ නැති උනත් දෛවය නිහඩව ඒ වැඩේ කරනවා. ඇත්තටම මගේ ජිවිතේ උඩු යටිකුරු වෙන්න එකම හේතුව උනේ අත්තම්මා තමයි. එයා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක්. එයාට විශේෂ හැකියාවක් තිබුනා චර්ම රෝග සුවපත් කරන්න. ඉතින් ලෝකේ පුරාම ගිහින් ඒ වගේ චර්ම රෝගයක් හොද කරගන්න බැරි උන ක්ලිෆඩ් බ්‍රෙඩ්ෆෝඩ් කියලා සුද්දෙක් අපේ ගමේ ටුවරිස් ගයිඩි ජොබ් එකක් කරපු අයියා කෙනෙක් එක්ක ගමට ආවා. මුලින් "සුද්දා" කිව්වත් ටික දවසක් යද්දී ක්ලිෆඩ් අංකල් කියන තරමට අපිට එයාව සමීප උනා. අනික මම අත්තම්මාගේ සුවච කීකරු ගෝලයා නිසා බෙහෙත් බදින ඒවා වගේම අනිත් වැඩත් කරලා දුන්නේ මම. ලෝකේ විද්‍යාව දියුනුයි කියලා කොච්චර උඩ පැන්නත් මේ මහ පොලවයි ස්භාවධර්මයි එක්ක බැදිච්ච හෙළ අයුරුවේද වෙදකම කොයිතරම් සාර්ථකද කියලා කියනවා නම් ක්ලිෆඩ් අංකල්ගේ ලෙඩේ නිට්ටාවම හොද වුනා. ඉතින් ක්ලිෆඩ් අංකල් කොයි තරම් සල්ලි දෙන්න හැදුවත් කිසිම දෙයක් එපා කිව්ව නිර්ලොභි අහිංසක කෙනෙක් වෙච්ච අපේ අත්තම්මා එයාගේ රෝගියා වෙනුවෙන් එයාගේ යුතුකම නිහඩව ඉටු කලා. ඉතින් එදා පළවෙනි දවසේ ගෙනාපු බුලත් හුරුල්ල ඇරෙන්න ක්ලිෆඩ් අංකල්ගේන් කිසිම දෙයක් අත්තම්මා ගත්තේ නෑ. මොකද අත්තම්මා කිව්වේ මේ ලොකේ සමහරක් මිනිස්සුන්ට හැකියාවන්, ශක්තින්, දක්ෂතාවයන් ලැබිලා තියෙන්නේ දුර්වලයන් පාගගන නැගිටින්න නෙවේ. මනුෂ්ත්වය මුල්කරගෙන ඒ ශක්තියෙන් තව කෙනෙක්ව ජිවත් කරන්න ආරක්ෂා කරන්න කියලා.

ඉතින් අත්තම්මා කිසි දෙයක් භාරගන්නේ නැතිව හිටිය නිසා අංකල් මගෙන් ඇහැව්වා මොනාද ඕනේ ඕනදෙයක් කියන්න කියලා. ඇත්තටම ඒ වෙන කොට මට මගේ ජිවිතේ එපා වෙලා හිටියේ. මමත් මුකුත්ම එපා කියන කොට අත්තම්මා තමයි නිකමට වගේ කිව්වේ "අනේ මහත්තයාට පුලුවන්නම් ඔය කොල්ලාට කොහෙන් හරි මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න" කියලා. ඇත්තටම අත්තම්මා නිකමට කියලා දාපු ඒ වචන ටික මගේ ජිවිතේ මේ තරම් උඩු යටිකුරු කරයි කියලා නිකමට වත් මම හිතුවේ නැ.

අපි නිකම්ම නිකන් සුද්දෙක් කිව්වට ක්ලිෆඩ් අංකල් කියන්නේ ප්‍රංශයේ ප්‍රසිද්ධ වයින් නිෂ්පාදනය කරන මහ පරිමාන කර්මාන්ත ශාලා කීපයක අයිති කාරයෙක්. ඉතින් අංකල් ගිහින් මාස හයක් හතක් ඇතුලත මාව එහාට ගෙන්න ගත්තේ අපේ නැද්දලා මාමාල එක සීරුවට අත්තම්මාට යුද්ධය ප්‍රකාශ කරන කොට. මොකද ඇත්තටම මේක හැමෝම දකින හීනයක්. එච්චර ලොකු හීනයක් මම වගේ ආතාක් පාතක් නැති එකෙක්ට ගැලපෙන්නේ නැ කියලයි කට්ටිය කිව්වේ. එත් ඒ වෙනකොටත් දෛවය හැමදේම සැලසුම් කරලා ඉවරයි.

****** ආපසු වර්ථමානයට******

ඉතින් දැන් මම මෙහෙට ඇවිත් මාස තුනක් විතර වෙනවා. දැන් නම් ප්‍රංශ භාෂාව යාන්තමින් ගැට ගහගන්න පුලුවන්. මෙහෙ ආවට පස්සේ තේරුනේ ජිවිතේ පුදුමාකාර විදිහට නිදහස්ව මේ මිනිස්සු විදිනවා කියන එක. ඒක නිසාම ඇදුම් ඇතිව හරි නැතිව හරි ගියා කියලා කවුරුත් ලොකේ පෙරලන් නටන්නේ නෑ. එහෙමත් නැත්නම් සංස්කෘතිය, සාරධර්ම, මෙච්චර කාලයක් පැවතගෙන එන උරුමයන් නැති භංගස්ථාන කරවා කියලා කවුරුත් කෑගැහුවේ නෑ. හැමදේම මනුෂත්වය වෙනුවෙන්, හැමදෙම මිනිස්සුන්ගේ හැගිම් ආශාවන් සිතුම් පැතුම් මත වෙනස් වෙන, ඒ වගේම වෙනස් කරන්න ඉඩදෙන ඒ වෙනසට ගරුකරන ලෝකයක් මෙහේ තියෙන්නේ.

"ඇති යාන්තම්. මම ආපහු සැරයක් බලන්න එන්න හැදුවේ."

"හරි හරි බටර් ගෑව ඇති. මොන වගේ මරාළයක්ද ඒ පාර මට සෙට් කරන්න යන්නේ කියලා විතරක් කියහන්."

"පිස්සුද බන්. මම එහෙම කරනවද? මේ මෙන්න මේ ටික ස්ටෝස් වලින් දාලා වරෙන්කෝ හොද කොල්ලා වගේ."

"අනේ මේ මට නම් බෑ බන් ඒ ගල් ගුහාව ඇතුලට රිංගන්න. අනික මැනේජර් එක්ක මොකෙක් හරි අදත් ඕක ඇතුලේ රිංගගන මගුල් නටනවා ඇති."

"ආ... ඉතින් උන් මගුල් නටපු දෙන්. උඹ උබේ වැඩක් කරපන්. ඇයි උඹට ජෙලස් වගේද?"

"ලැජ්ජා නැද්ද බන් ඔහෝම ප්‍රසිද්ධියේ සෙක්ස් කරන්න? කොයි වෙලෙත් මොකේ හරි එකෙක් ඒක ඇතුලේ මගුල් නටනවා. "

"ආතල් එක දැනෙන්න ගත්තට පස්සේ ලැජ්ජාවක් කොහෙද බන් දැනේනනේ?"

"ඔවු. මමත් ඉතින් මේ පේන අහන්න යන්නේ හොරුන්ගේ අම්මාගෙන්මනේ.!"

"මොකක්? මොකක්ද ඒ කතාව?"

"උඹ ඕවා දන්නේ නෑ සැන්ඩියා. ඒක මේ ලංකාවේ කියමනක්."

"මේ මම උඹව මරණවා මට ආයෙමත් සැන්ඩියා කිව්වොත්.!"

ටෙරන් මට ඇදකගෙරන චේන්ජ් එකක් දාගන්න ගියා. මම උගේ කට්ට භාරගෙන වයින් බොතල් එකින් එක ට්‍රොලි එකට පැක් කලේ පහල ගබාඩවට ගෙනියන්න. වයින් බොතල් ගබඩා කරලා තිබුනේ බිල්ඩින් එකේ පහල පොලව යට වෙන්න. ලයිටි දාලා තිබුනත් තැනින් තැන අදුරුයි. පලවෙනි දවසේ මම ට්‍රොලි එක තල්ලු කරගෙන යන කොට කවුරු හරි අමාරුවෙන් අමුතු විදිහට කෙදිරිගාන හඩක් ඇහිලා බය වෙලා බැලුවේ. මම දැක්ක දෙයින් ඊටත් වඩා ගැස්සුනා. වැඩ කරන කොල්ලෙකුයි මැනේජ්කාරයයි සෙට් වෙලා. මම බය වෙලා ආතභුත කඩාගෙන දුවගන ටෙරන් ගාවට ඇවිත් ගැහි ගැහි කියන කොට ඌ කාමරේ දෙක වෙන්න හිනා වෙලා මාව ෆුල් චාටර් කලා. වැඩකරන අනිත් කොල්ලන්ටත් කියලා උන් ඔක්කොම මට නොන්ඩිය දැම්මා. පස්සෙයි තෙරුනේ ඒක මට මහා ලොකු දෙයක් උනාට උන්ට එක හරිම සාමාන්‍ය දෙයක් කියලා. ඇත්තටම උන්ට සෙක්ස් කියන්නේ බඩගින්න, නිදමත වගේ හරිම සාමාන්‍ය අවශ්‍යතාවයක් විතරයි. ඒකේ උන්ට මහලොකු දෙයක්වත් විශේෂ දෙයක්වත් නැ. ඒක ඕන උනාම නිදහසේ කැමති කෙනෙක් එක්ක කැමති විදිහට විදිනවා. එහෙම කලා කියලා කවුරුත් රෙදි උස්සන් නටන්නේ නැ. කොහොමන් හරි ටෙරන් වැඩට අදින ඇදුම් අයින් කරලා ගමන් අදින ඇදුමකට මාරු වෙලා ආවා.

"අනේ කොල්ලො... ප්ලිස්... මට පරක්කු වෙනවා... උඹ ඕක පහලට ගෙනියහන් හරිද? "

"උඹ දැන් කොහෙද ඔය දුවන්න හදන්නේ?"

"ඇයි බන් උඹට මම කිව්වේ අර ඇමරිකන් කාරයා.... "

"අපෝ... ඉතින්..."

"ඔය පෙන්නේ නැද්ද... ඔය කිව්වේ.. පොඩ්ඩක් මේ පරිසරයට අනුගතවෙන් බන්. මම නිකන් නෙවේ මේඩ් ඉන් ශ්‍රීලංකා කියන්නේ. "

"හරි හරි මට බැන බැන ඉන්නේ නැතිව පලයන්. උඹට පරක්කු වෙනවා කියලා නැටුව නේද දැන්?"

"අපි හරියට පහ වෙනකොට මීට් වෙන්න දාගත්තා."

"ඇයි බන් උඹලා දෙන්නා දැන් දවස් කීපයකට කලිනුත් කොහෙදෝ ගියානේද?"

"එහෙම තමයි. රස වැටුනාම ආපහු ආපහු ඕන වෙනවා. වැඩේ හරිනේ මම ගියා එහෙනම්."

"ෆක්.! මොන මගුලක්ද බන් කරන්නේ.!"

එක පාරම ටෙරන් මගේ එකට යන ගමන් තට්ටුවක් දාගෙන ඇහැක් ගහගෙන යන කොට මාව උඩ ගියා.

"හරිනේ කොල්ලො. මේ... මම එනකම් කන්න බලාන ඉන්න එපා. උඹ කාලා නිදා ගනින්."

"ඔව් ඔව් මට තේරෙනවා උඹට හොද කෑමක් හම්බවෙන්න යනවා කියලා."

"ආ... ඒකනේ....පරිස්සමෙන් පලයන් එදා වගේ පාර වරද්දගන අර ඩවුන් සවුත් ස්ට්‍රීට් එක පැත්තේ එහෙම යන්නේ නෑ. පරිස්සමෙන් පලයන්."

මට ඒක මකතක් වෙනකොටත් හිනා වගේම බයයි. අපි ඉන්නේ පොඩි නගරයක. පොඩි කිව්වට පොඩිමත් නෑ. අර කිව්වා වගේ ඒක අමුතුම ජාතියේ හරස් වීදියක්. ලොකු ලොකු බිල්ඩිං වලින් වට වෙච්ච හරියට කදු අතර කියන පොඩි පාරක් වගේ. ඒ අදුරු විදිය කුඩුකාරයෝ, ගණිකාවෝ, සූදුකාරයෝ වගේ එක එක ජාතියේ මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බා. ටෙරන් වගේ පිස්සු ආතල් එකක් ගන්න ඩයල් වලට නම් කියාපු තැන. එතනින් වෙනස් වෙනස් සයිස් වල පොලුවලින් කලා කුඩු ගහලා, හොදට බීලා ෆුල් ෆන් එකක් අරගෙන එන්න පුලුවන්. ඒත් ඒ පාරේ නීතිවිරෝධි වැඩ වෙන නිසා නිතරම පොලිසියෙන් පයිනවා. මොනවා උනත් ජිවිතේ සුපිරියට ෆන් ගන්න ඕන එකෙක්ට වෙන්න ඕන ඔක්කොමත් කරගෙන එලියට එන්න පුලුවන් කියාපු තැනක්.

ඉතින් අරූගේ වැඩේ භාරගත්ත නිසා මම වයින් බෝතල් ටිකත් පටවගන ට්‍රොලි එක තල්ලු කරගෙන ගබඩාවට ආවා. පුරුදු විදිහට දරාගන්න බැරි ආතල් එකකට පිරිමියෙක් කෙදිරි ගානව එකසිය ගානට. උගේ හඩ කාමරය ඇතුලේ යාන්තමින් දෝංකාර දෙනවා. වෙනදා දැනිචිච බය අපහසුතාව වෙනුවට මට අද ඒ දේ බලන්න හිතුනා. මම බොතල් රැක් එකෙන් අස් කරන ගමන් හිමිට ඒ පැත්තට රබර් ඇහැ දාලා බැලුවා. මට පස්සේ අලුතෙන් ආපු කොල්ලෙක් තමයි අද මැනේජර්ට සෙට් වෙලා තියෙන්නේ. කිරිපාට කිරිගරුඩ වගේ ශරිර දෙකක් දාඩියෙන් නැවිලා. ඒක දැක්කම මම හිත ඇතුලේ මෙච්චර කල් වල දාල උඩට එන්න දෙන්නේ නැතිවෙන්න තද කරගෙන හිටිය හැගිම් වලින් මගේ හිතත් පිරිලා ගියා. ඇත්තටම උන් දෙන්නම දෙන්නාට දෙන්නා උපරිමේන් ඒ දේ විදිනවා කියලා දැනුනා. මම මගේ ඇවිලෙන හැගිම් තද කරගෙන ආපු වැඩේ ඉවර කරලා ගෙදර යන්න හැරුනා. ඒත් ඒ දැක්ක දෙයින් පස්සේ ඇති වෙච්ච හැගිම් වගේම මගේ ඇග ඇතුලෙන් තව තවත් රත්වෙනවා මට දැනුනා. මමත් හැගීම් දැනීම් තියන කොල්ලෙක්. රොබෝ කෙනෙක් නෙවේ. ඒත් වර්ෂ අයියට පස්සේ මගේ ජිවිතේට කවුරුත් ආවේ නෑ. ඒක නිසාම මැරිච්ච සමහර ආවේගයන්ට පන ඇවිත් වගේ අද මට දැනෙන්නේ. මටත් නොදැනිම අවදි වෙලා තියන මගේ අවයව අතින් අල්ලන ගමන් මම හොරාවට එතෙන්ට ලංවුනා. මැනේජර්කාරයා මගේ දිහා මනමාල හිනාවක දාලා ඔලුවෙන් කතා කලා. මිනිහට කොහොමත් එකෙක්ගෙන් සෑහිමකට පත් වෙන්න බෑ. කොහොම උනත් දෙවැනි පාර මිනිහා කතා කරන කොට මම පියවි තත්වෙට ඇවිත් වගේ ඉක්මනට එතනින් එලියට දුවගන ආවා. ඇත්තටම මට මොකක්ද වෙලා තියෙන්නේ?

එතනින් ආවත් තාමත් මගේ ඇග ඇතුල ගිනි ගන්නවා වගේ. ඒක නිසාම ටෙරා කරන්න එපා කියපු දෙයක් කරන්න මට වියරු ආශාවක් වගේ ඇති උනා. ජිවිතේ ආදරය කරපු කෙනෙක්ට විතරක් දුන්න දේ පලවෙනි පාරට කිසිම හැගිමක් නැතිව දීලා දාන්න හිතුනා. ඒක නිසාම මම එලියට බැහැලා කෙලින්ම ඩවුන් සවුත් ස්ට්‍රීට් එක පැත්තට හැරුනා.

සීතලින් පිරි ගිය පරිසරය ඇතුලේ පාර දෙපැත්තේ තියන උස බිල්ඩින් වලින් එලියට දාලා තියන දුම් කවුලු තුලින් අදුරු පරිසරයට අදත් වෙනදා වගේම දුම් පිට කරනවා. මම අඩියෙන් අඩිය ඉස්සරට යන කොට තැනින් තැන මුලු වල එදා දැක්කා වගේම එක එක ජාතියේ මිනිස්සු බැරල්වල ගිණිමැල ගහගෙන සිතල මාකා ගන්න ගමන් ෆන් ගන්නවා. සමහර තැන්වල වයසක මිනිහෙක් තරුණ කොල්ලෙකුගෙන් සතුටුවෙනවා තවත් තැනක එකේ අනිත් පැත්ත. මේ නහින දෙහින කාලේ උණුවතුර ටිකක් නාලා, දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න බැරි හැටි. මේ නාකි මිනිහගේ මගුල් විසේ නම් තාම අඩුවෙලා නෑ කියලා ලංකාවේ වගේ නම් බෙරිහන් දෙයි. මේ මිනිස්සු ලෝකයාට ඕන විදිහට තමන්ගේ හැගිම් මරලා දාලා ජිවත් වෙන්නේ නෑ. උන් ජිවිතේ ඇත්තටම විදිමින් ජිවිත් වෙනවා. ඒත් මම ඒ ගැන මුකුත්ම කියන්නේ නෑ.

කලින් දවසේ වගේ නෙවෙයි අද මට වැඩිදුරක් ඇතුලට ඇවිදගන යන්න ලැබුනේ නෑ. එක පාරම කවුරු හරි පිටි පස්සෙන් ඇවිත් මගේ බෙල්ල වටේ අත දලා බෙල්ල හිරකරගත්තා. හුස්ම ගන්න බැරිව කැස්සක් එන අතරේ මම ගැලවෙන්න දැගලුවත් හරි ගියේ නෑ. ඒ මනුස්සයා මගේ බෙල්ලෙන් ඇදගෙන ගිහින් එක පාරම මාව බිත්තයකට තියලා තද කරගත්තා. මට දැනුනා තියුනු පිහියක් බෙල්ලට ලංවෙලා කියල.

"කවුද උඹ?"

පිහි තුඩ තවත් ලංකරන ගමන් යකෙක් වගේ කඩා පයින ගමන් ඇහැව්වා. ඒ වෙනකොටත් මට බයම ඇඩිලා තිබ්බේ. ඒකත් එක්කම මෙච්චර වෙලා අමාරුව හොද කරගන්න තිබ්බ කැහිල්ලත් කොහෙන් ගියාද මන්දා. මේ මිනිහා මූන වහගෙන ඉන්න නිසා මගේ බය දෙගුණ තෙගුණ උනා.

"කතා කරපන් පකෝ. කවුද උඹ? මොකද මෙතන කරන්නේ?"

බෙල්ලට තද උන පිහි තලයත් එක්ක ඒ පාර නම් මූට මගෙන් උත්තරයක් ඕනේ කියලා දැනුනා.

"සොරි... ම්... ම් මට.. මට.. පාර වැරදුනා... මම මෙහාට අලුත්. ප්ලිස් මට යන්න දෙන්න."

මම යන්තමින් පිහිතුඩට බෙල්ල කැපෙනවා වගේ දැනෙන කොටම කියලා දැම්මා. ඒ වෙනකොටත් මට බයටම ඇඩිලා ඉවරයි. ඒත් මිනිහා තාම මාව නිදහස් කලේ නැ.

"ඇයි පාර වරදින්න උඹ බබෙක්ද ආ? ඇත්ත කියපන්. උඹ ගේ නේද?"

තව ටිකක් පිහිය බෙල්ලට තද කරලා අහන කොට මම ඔව් කියලා ඔලුව වැනුවා. ඒ පාර තමයි ඌ පිහිය අරගෙන සාක්කුවේ දාගත්තේ. එත් මට යන්න දුන්නේ නෑ. මූ එකපාරම වට පිට බලලා මුන වැහෙන්න දාගෙන හිටිය මාස්ක් එක අයින් කරලා. ඇත්තටම මම හිතාගෙන හිටියේ ඇස් එලියට පැනපු අපේ පන්සලේ විහාර ගෙයි ඉන්න යකාගේ හැඩරුව ඇති පොරක් වෙන්න ඇති කියලා. ඒත් මාස්ක් එක යට තිබ්බේ ලා කොල පාටට හුරු ඇස් දෙකක් එක්ක උල් නහයකුත් දිගැටි මූනකුත්. පිස්සු හැදිලා ආයෙමත් හැදෙන රූපයක්. මේ වගේ මැරයෙක් මම නම් දැක්කමයි. මිනිහගේ තිබ්බේ අමුතුම ලුක් එකක්. එක පාරම මිනිහා හිතපු නැති විදිහට මාව අයෙමත් බිත්තියට තද කරගෙන මගේ තොල් එයාගේ කරගත්තා. සීතලට වගේම බයට වෙවුලපු මගේ තොල් ඒ රතු තොල් අතරේ හිරවෙලා ටිකෙන් ටික උනුසුම් උනා. ඒ පහස මට මගේ ජිවිතේ කවදාවත්ම විදලා නැති අමුතුම රසයක් එකතු කලා. අඩුම ගානේ වර්ෂ අයියවත් මේවගේ කිස් කරල නෑ මාව. එයාට ඕන වුනේ ලෝකෙටම හොරෙන් මගේ ඇග උඩ නැගලා එයාගේ ආසාවන් ඉශ්ට කරගන ඉක්මට දුවන්න.

මොහොතින් මොහොත ඒ සිප ගැනීම් ගැඹුරු වෙලා නොදැනීම කලිසම් වල බෙල්ට් බුරුල් වෙලා අවදි වෙලා තියන අපේ පිරිමි අවයව බොක්සර් ඇතුලට අත් දාගෙන දෙන්නට දෙන්නා අල්ල ගත්තා. මෙච්චර වෙලා ඇගට දැනුන සීතල නැති වෙලා මුලු ඇගම ගිනියම් වෙලා ඒ පහස තව තවත් ඉල්ලනවා කියලා මටම දැනුනා. වර්ෂ අයියා කියන්නේ මගේ පලවෙනි බැදිම. එයා ගියාට පස්සේ මගේ ජිවිතේට කවුරුවත් ඇවිත් නෑ. මට එකතු කරගන්න ඕනේ උනෙත් නෑ. ඒක නිසාම මම මේ දැනෙන පහසට පිස්සු වැටුනා. මම පිස්සුවෙන් වගේ එයාව කිස් කරන ගමන් එයාට ඕනම දෙයක් කරගන්න ඉඩදුන්නා.

එත් එක තප්පරෙන් පොලිස් කාර් දෙකක් දෙපැත්තෙන් ඇවිත් වීදිය ඇතුලේ හිටිය මිනිස්සුන්ට කොහාටවත් දුවන්න බැරිවෙන්න හිර කලා.

"ඉක්මනට ඔය කලිසම ඇදගන්නවා."

මම පහලට දාපු කලිසම ඉක්මනට උස්ස ගන්න කොටම එතන තිබුන ලොකු ඩස්බින් එකක පියන ඇරල එයා මාව උස්සල ඒක ඇතුලට බලෙන් දලා කෑගහන්න එපා කියලා කිව්වා. මම බලාන ඉන්නකොටම පොලිස්කාරයෙක් දුවගෙන ඇවිත් වෙපන් එක දික්කරලා මාංචු දාලා එයාව අරගෙන ගියා. යන ගමන් එකපාරම එයා ආපහු මගේ දිහාට හැරිලා ඒ ලස්සන ලා කොල පාට ඇස්වලින් අහිංසක විදිහට මම ඉන්න පැත්ත බැලුවා. පොලිසියෙන් ගියාම මම එලියට ඇවිදන් ඇවිත් පිස්සුවෙන් වගේ හැම පොලිස් ස්ටේෂන් එකම එයාව හෙව්වා. එත් එයා ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබුනේ නෑ. අන්තිමේදි කරන්න දෙයක් නැති කමට මම අපේ රූම් එකට ආවා.

"අයියෝ... ටෙරා සොරි.....මම...."

මම යනකොට ටෙරා උගේ ඇමරිකන්කාරයාව අපේ රූම් එකට ඇදගෙන ඇවිත්. වැඩේ නැගලම යනවා.

"ආ... වරෙන්... වරෙන්... මූට දෙන්නෙක් වැඩි නෑ."

ටෙරා ඇමරිකන්කාරයට යට වෙලා ඉන්න ගමන් කෑගැව්වා. මම අවුලක් නෑ කියලා අතින් පෙන්න ගමන් ඇදුම් ගලවලා වොෂ් රූම් එකට පැන ගත්තා. හිතේ හැටියට ඇති වෙන්න අඩලා කරලා එලියට එනකොට ටෙරා කාමරය අස්කරනවා. ඇමරිකන්කාරයත් යන්න ගිහින්.

"කොහෙද යකෝ ගිහින් ආවේ? උඹ කුණු ලොරියකද නැගලා ආවේ?"

මම ගලවලා දාපු ඇදුම් සෝදන්න දාන කූඩය ඇතුලට ඔබන ගමන ටෙරා කෑ ගැහුවා. එතකොටයි මට මතක් වුනේ මම හැංගුනේ ඩස්බිස් එකක කියලා.

"අයියෝ මොකද බන් මේ? ඇයි අඩන්නෙ? රෙහාන්....රෙහාන්...!"

මම ඇද ලග බිම වාඩිවෙලා අඩ අඩ හැමදේම කියලා දැම්මා.

අයියා නැති උනාට පස්සේ කායික වගේම මානසිකවත් මම තනිවෙලා ජිවත් උනේ. ඒත් මගේ හිත මේ තරමට චංචල කරන්න විනිවිද දකින්න කෙනෙක්ට පුලුවන් වුනේ අද තමයි.

"අයියෝ... අඩන්න එපා බන්... අනික මම හැමදාම කියනවා වගේ උඹ තාම තරුණ කොල්ලෙක් බන්. උඹටත් ජිවිතයක් තියනවා. ජිවිතේ විදින්න උත්සාහ කරහන් විදවන්නේ නැතිව. අනික උඹ කැමති විදිහට ජිවත් වෙයන්. උඹට සෙක්ස් කරන්න ඕන කියලා දැනුනාම ඒ හැගිම හිත ඇතුලේම මරලා දාලා වලලන්න හදන්න එපා. උඹට ෆිටි වෙන කැමති කෙනෙක් සෙට් උනොත් සෙක්ස් කරහන්. යකෝ.. ඔහොම කවදා වෙනකමම් හැගිම් මරාගෙන මලමිනියක් වගේ ජීවත් වෙන්නද බන්? උඹට නම් පිස්සු.!"

ටෙරා මගේ හිත හැදෙන්න මොනා කිව්වත් මගේ හිත නතර වෙච්ච තැන එහෙම්ම නතර වෙලා වගේ හැගිමක් මට දැනුනේ. ඒ පපුව පාරවන වේදනාව අස්සෙන් මොහොතකට හරි ලැබුනු ඒ උණුසුම් දොතොල් වල පහස මගේ ආත්මයටම කිදා බැහැලා වගේ දැන් මට දැනෙන්නේ.

හිතාගන්න බෑ. ඇත්තටම මම ආදරය කියලා වර්ෂ අයියව පැනලා බදාගෙන මගේ මුලු ජිවිතේම කරගත්තත් මට ආපහු ලැබුනේ රාගය විතරයි කියලා හිතෙනවා. ඒත් කායිකව දැනෙන අවශ්‍යතාවය එක්ක එතන තිබ්බේ රාගයක් විතරයි කියලා දැන දැනම අද මම බදාගත්තේ ඇත්තටම මට උරුම එහෙමත් නැත්නම් මම වෙනුවෙන් මවපු ආදරයද කියලා වෙලාවකට හිතෙනවා.

එහෙම කියන කොට උඹලා මට හිනා වෙයි. ආදරයක් ඇති වෙන්නේ මෙහෙමයි අරහෙමයි කියලා. ඇත්තටම මට හිතෙන්නේ ආදරය කියන දේට හරි නිර්වචනයක් නෑ වගේම ඒ ආදරය ඇති වෙන අවස්ථාව ගැනත් පැහැදිලිව කියන්න බෑ. ඇත්තටම මම ආයමත් රැවටුනාද දන්නෙත් නෑ. එත් එයා මාව තුරුල් කරගෙන කිස් කරපු වෙලාවේ ඒ හැගිම මගේ පපුවටම දැනුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. අනික පොලිසිය පැනපු වෙලාවෙ එයාට හොදටම වෙලාව තිබුනා එතනින පැනලා යන්න. ඒත් ඇයි එයා මාව අර විදිහට අරක්ෂා කරලා එයා අහු උනේ? ඇයි එයා මාව ආරක්ෂා කලේ? ඇයි මම වෙනුවෙන් එයා අහුවුනේ? මට තේරෙන්නේ නෑ මේ කිසි දෙයක්.



✍️ රධිත් රේෂාන්✍️

කතාව ගැන අදහසක් කියාගන යන්න. වෝට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

❤❤❤

Fortsæt med at læse

You'll Also Like

783K 21.1K 32
Highest Ranks: 🥈#2 in shortstorycollection #3 in Originalstory #3 in on...
231K 29.4K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...