Gay Short-Story Collection

By RadhithReyshan

12.7K 1K 195

BL කෙටි කතා එකතුවකි. More

ප්‍රංශ පෙම්වතා - 01 කොටස
ප්‍රංශ පෙම්වතා - 02 කොටස
මහව කෝච්චිය
යාල් දේවීයෙන් ආ අමුත්තා
සුදු කමිසය
තවත් එක (අ)වර්ණ කතාවක්
දැවෙන සුසුමන්
මගේ හද ගැස්ම නුඹයි
ඇසිල්ලක දුටු සිහිනේ
කොමාව සහ තිත
අවුරුදු තෑග්ග - 01 කොටස
අවුරුදු තෑග්ග - 02 කොටස

තිමිර පටල

671 81 16
By RadhithReyshan

හමා එන සුලගේ අමුතුම නැවුම් බවක් පිරිලා තිබුනා..හරියට සුවදින් මල අදුරගන්න බැරි වෙන තරමට කැලේ ගස්වල පිපිලා තියන හැම මලේම සුවද ඒ සුලගට මුසු වෙලා තිබ්බා.. තාමත් ඉර එලිය වැටිලා නැති සුදුපාට වැලි සහිත අඩිපාර දිගේ උදෑසන පිනි තැවරුනු සීතල සුලගේ පහස විදිම්න් මම වැව දෙසට හෙමිහිට ඇවිදගන ගියා.. යාන්තමට හිරු එලිය වැටීගෙන එන වැවේ රතු ඕලු මල් හිස උස්සමින් තරගෙට හිරු රැස්වල පහස සොයනවා... පෙර දින අව් රශ්මියෙන් රත් වී ඇති වැවේ වතුර පරිසරයේ ඇති සිසිල් බව නිසා දුම් දමමින් ඇල් මැරී යන්නට වුනා.....වෙනදා මෙන් මහා කලබලකාරි බවක් මගේ හිතේ නැති නිසා පුදුමාකාර නිදහසක් හිතට දැනුනේ... ඇදන් හිටිය සරම කෙටි කරලා ඇදගෙන වැවේ මණ්කඩේ ඇති ගලක වාඩි වෙලා කකුල් දෙක තාමත් උණුහුමට තියට වතුරට දාගෙන මොහොතක් මේ සුන්දර බව විදගන්නට උත්සහ කලා...මොහොතකින් සරම නෙතෙමෙන සේ වතුරට බැහැගෙන වතුර මතු පිට පාවෙන රොඩු දෑතින් දෙපසට කර උණුසුම් වතුරෙන් මුහුන හොදගත්තා... වම් අතේ වළලු කරේ සිට වැලමිට හරියට වන තෙක්ම ලගින් ලගින් දිස්වන තියුනු තල පහරකින් කැපි ගිය තුවාල කැලැල් දකින විට වෙනදා මෙන් හිත දුකෙන් පිරෙනවා වෙනුවට මට නිකම්ම හිනා ගියා....හුදකලා නිහඩ පරිසරය දෙවනත් කරමින් මම මටම හිනා වෙන්න උනා.....

"අයියෝ මම වගේ මෝඩයෙක්"

ජිවිතයේ දි මා ගත් බොලද තීරණ ගැන සිතමින් මා කෑගසා මගේ ආත්මයටම හිනා වුනා...... මගේ හිත ටිකෙන් ටික අතීතයට ඇදිගියා.....

*****************

අපේ තාත්තා නැති වෙන කොට මට හරියටම අවුරුදු 15යි... ජිවිතේ කොල්ලෙකුට තාත්තා කෙනෙක් ඕනම කරන වයසෙදිම එයා අපිව දාලා මේ ලෝකෙන් යන්න ගියා... අම්මා මාවයි නංගිවයි පුංචිලා දිහා නතර කාරලා රට ගියා.. ඔය අතරෙදි තමයි අම්මා එවපු සල්ලි වලින් පුංචි අපේ ගෙදර හදන්න පටන් ගත්තේ... ගෙදර හදපු බාස්ට අත් උදවු දෙන්න හිටියේ ලස්සන ගෝලයෙක්... එහෙම නැත්නම් ගෝල අයියා කෙනෙක්... මගේ හිතටත් හොරා මම ඒ අහිංසක ඇස් දෙකට ඇදිලා යන්න ගියා... බාස් නැති වෙලාවට මම එයාට පොඩි වැඩක්වත් කරන්න දෙන්නේ නැතිව හැම වැඩක්ම මම කරා... අනේ මන්දා ඒ ආදරයටද ආකර්ශනයටද කියලා හිතාගන්න බෑ... ඒත් අවසානේ හැමදේම කෙලවර වුනේ යන්න ඕන උපරිම දුර ගිහින්.... ඒ දවස් වල ගත වෙච්ච හැම මොහොතකම හැම සිතුවිල්ලකම හිටියේ එයා... ඒත් අපේ හිත් රැදෙන තැන් වල අපි ආදරය කරන අයගේ හිත් නරත වෙන්නේ නැත්තේ ඒක උන්ගේ අවාසනාවද නැත්නම් අපේ අවාසනාවද කියලා මට හිතා ගන්න බෑ... ගෙදර වැඩ ඉවර වෙන කොට අපේ බැදිමත් ඉවර වෙයි කියලා මම හිතුවේ නෑ.... ඒත් ඒදේ එහෙම්ම උනා...

ඉතින් ප්‍රේමයෙන් පරාජය උන මම මගේ යාළුවෙක්ට මගේ කථාව කියලා හිත නිදහස් කරගන්න උත්සහ කලා

"මේකයි මචං මම නම් අනුගමනය කරන්නෙ කූඩැල්ලගේ න්‍යාය... ඌ එක තැනක් අතාරින්නේ තව තැනක් අල්ලගෙන... උඹත් එහෙම කරහන්"

ඌ හරිම සැහැල්ලුවෙන් හිනා වෙලා මගේ පිටට තට්ටුකරන ගමන් කියලා දැම්මා...

කථාවටත් කියනවා මනුස්සයෙකුට අපායවල් හතක දොරටු ඇරෙන්න එක නරක පුරුද්දකුයි හොද පාප මිත්‍රයෙකුයි සෙට් උනාම හොදටම ඇති කියලා.... ඉතින් කොහෙම වුනත් සාමාන්‍ය පෙල විභාගේ අත ලග තිබ්බ මට ඒ ගැන කිසිම හැගිමක් තිබුනේ නෑ... මම හෙව්වේ යාළුවා කියපු ඒ න්‍යාය ක්‍රියාත්මක කරන්න අවස්ථාවක්...

ඉතින් මගේ පලමු බොලද ප්‍රේමයේ කදුළු පිහින්න මගේ ජිවිතේට ඊලගට ආවේ පහන් අයියා... ඒත් පහනක් වෙලා ඇවිත් ඒ පහනෙන් හැමදේම ගිනියලා යාවි කියලා මම කවදාවත් හිතුවේ නෑ... පලමු පෙම බිහිසුනුය කියා ගීත වල කොතෙකුත් ලියවෙලා තිබුනත් මගේ ජිවිතේ දෙවැනි පෙම ඊටත් වඩා බිහිසුනුය කියා කිව්වෙත් හරි...

ඔය අතරේ අම්මා ලංකාවට ආවත් ඒ ආවේ අපේ අම්මා නෙවේ කියන ගානට එයා වෙනස් වෙලා හිටියේ... උපන්දා ඉදන් බීපු වතුර වල ඉදන් ඇගට වදින හුලග පවා ඇයට නුහුරු නුපුරුදු බවක් කියන්නට වුනා... අවුරුදු හතරක් නංගිටයි මටයි අහිමිවෙලා තිබුන අම්මගේ ආදරය මාසයකට සීමා කරලා අම්මා ආපහු ආරාබිකරය කරා පියෑබුවා... අම්මාගේ උණුසුම අහිමිවිමෙන් ඇති වූ රික්තය මම පහන් වෙතින් සපුරාගන්ට උත්සහ කලා...

ආදරය, උණුසුම, රාගය මේ හැමදේම යාන්තම් උගුරු දන්ඩ කැඩී හඩ වෙනස් වී පරිනත වීගෙන එන්න හදන මගේ ගත හා සිතට පහන්ගේ උණුසුම බලෙන් පෙති දිහ හරින මලක් වගේ වුනා... ඒත් පුංචිට තිබුන වැඩත් එක්ක මගේ හැසිරිමේ වෙනස් කම් හදුනාගන්නට තරම් ඇයගේ දෑස් වලට හැකියාවක් තිබුනේ නෑ....

ඉතින් මේ වෙන කොට අම්මා හැම මාසෙම ලෙකු මුදලක් ගෙදරට එව්වා.. පුංචිටත් සල්ලි තිබුනා. ඒ නිසා මම ඉල්ලන ඉල්ලන වෙලාවට ඉල්ලන ඉල්ලන ගාන දෙන්න පුංචි දෙපාරක් හිතුවේ නෑ... ඒ හින්දම පහන් අයියගේ බයික් එක පෙට්‍රල් නැතිව මග නතර වුන වෙලාවේ ෆුල් ටෑන්ක් ගහලා අපි දෙන්නා රවුම් ගහන්න පටන් ගත්ත ගමන පස්සේ පස්සේ මම එයා ඉල්ලන ඉල්ලන වෙලාවට ඉල්ලන ඉල්ලන ගාන දෙන්නට පටන් ගත්තා...

පුංචි බැදලා හිටියට එයාට දරුවෝ හිටියේ නැති නිසා ගොඩක් ආදරෙන් තමයි අපි දෙන්නව බලා ගත්තේ.. ඒ හින්දම මට සල්ලි වල වටිනාකම පොඩ්ඩක් වත් දැනුනේ නෑ... සල්ලි හම්බ කරන්න මිනිස්සු විදින දුක් කරදර ගැන හැගිමක් තිබුනෙ නෑ...

ඒ කොහොම උනත් මේ ලෝකේ ඕනම දෙයකට පවතින්න පුලුවන් කාලයක් තියනවා... ඒත් දැන හෝ නොදැන පහන් අයියට මගෙන් ඈත් වෙන්න තරම් මම වරදක් කලේ නෑ.. ඒත් මට ඒක දාරගන්න බැරි වුනා... මම පිස්සුවෙන් වගේ එයාව හොයාගෙන ගියේ ආදරේටද නැත්නම් වෙන මොනවටද කියලා මට තේරෙන්නේ නෑ... එයා මගේ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරන ගමන් අපේ ආදරෙත් හිතාගන්න බැරි විදිහට බ්ලැක් ලිස්ට් දැම්මා...ඒත් මට මාව පාලනය වෙන්නේ නැති තරමට හිත වල්මත් වෙලා තිබුනේ... ඒ හින්දම මම දවසක් ඉවසන් ඉන්න බැරිම තැන එයාලගේ ගෙදර ගියා... එයා එයාලගේ ගෙදරදි හිනා වෙලා වෙනදා වගේ කතා කරලා මගේ අතින් අල්ලගෙන ගෙදරින් එලියට එක්ක ආවා... මට දැනුනා මගේ අතින් අල්ලනට කොටම මේ මම ආදරය කරපු පිස්සු වැටුන පහන් අයියා නෙවේ කියලා... ගෙට්ටුවෙන් එලියට තරල්ලු කරලා මගේ කම්මුලට අත දිගෑ ඇරලා දත්මිටි කනගමන් පාරක් ගැහැව්වා...

"පකයා... අයේ උඹ අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා තිබ්බොත් මම උඹට කරන දේ බලාගනින්. පොම්න වේසිගේ පුතා... යකෝ පින් සිද්ද වෙයි මට මගේ පාඩුවේ ඉන්න දිලා වෙන එකෙක් හොයාගෙන උබේ ඔය පුකේ අමාරුව හොද කරගනින්..."

එහෙම කියලා එයා ගේට්ටු වහගන ඇතුලට ගියා .... ජිවිතේ කියන්නේ මොකද්ද කියලා තේරුම්ගන්න බැරි මගේ හිතට පහන් අයියා දාලා ගියාම දැනුනේ මට මුලු ලෝකයම නැති වුනා වාගේ කියල.. හරියට ජිවිතයක් නැති වුනා වගේ.. හිතට එන ආවේගය බුද්ධිය යටපත් කරනවා කියන්නේ නිකන් නෙවේ... මම ගෙදර ආවේ කොහොමද කියලා අදටත් මට මතක නෑ.. නිකන් පිස්සෙක් වගේ තමයි ආවේ... යකාගේ කම්මල වගේ වෙච්ච මගේ හිතේ පිඩනය දාරගන්න බැරිව මම අත් දෙකෙන් කොන්ඩය ඇදගන්න ගමන් අඩන්නට වුනා... අවාසනාවට මේස රෙද්ද එහෙ මෙහෙ වෙන කොට මම දැක්කා බ්ලේඩ් තලයක් ... මට මැරෙන්න ඕන... ජිවත් වෙලා වැඩක් නෑ... ඒ මගේ පලවෙනි සිතුවිල්ලයි... හිතේ තියන වේදනාව ගතේ වේදනාව යටපත් කරනකොට තියුනු බේඩි තලය අතේ සියුම් හම පසාරු කරගෙන සුදු පැහැයෙන් ඉරි ඇදි යන්නට වුනා.. පිස්සුවෙන් වගේ මැණික් කටුව ගාව ඉදන් වැලමිටට එනකම් කපාගෙන ගියත් ලේ ආවේ නෑ.. ඒත් ඒ සුදු පැහැයෙන් පේන කැපුම් පාරවල් මොහොතකින් ලේ මතුවෙලා මාව වැටෙන්න ගියා...

වාසනාවට දොර ලොක් කරන්න අමතක වුන නිසා පුංචි තේකක් ආරගෙන කාමරයට ආවේ... පුංචි බයවෙලා කෑගහගෙන තේක බිම අත ඇරලා මා ගාවට දුවගෙන ඇවිත් වීල් එකක දාගෙන මාව ඉස්පිරිතාලේ ගෙනිච්චා....

හැමෝම හිතුවේ මම කෙල්ලෙක් එක්ක තිබ්බ සම්බන්ධයක් නැතිවෙච්ච නිසා මෙහෙම කරගත්තා කියලා... තුවාල හොද වීගෙන යනවත් එක්කම ඒ සිද්දිය අපේ ගෙවල් වල අයගෙත් හිත් වලින් ඈත් වෙලා ගියා....

ඒත් මගේ හිතේ ඇතිවෙච් වේදනාවේ තුවාලය සනීප උනේ නෑ... ඒ වේදනාව වියරුවක් වෙලා මම මාවම විනාස කර ගන්න තරමට දුරගියා... ඒක කොයිතරම්ද කියනවනම් බුකියෙන් වචන දෙක තුනක් කථා කරලා උන් එක්ක සෙට් වෙන්න මම ගියේ දෙපාරක් හිතන්නේ නැතිව... මම ගින්දරට පැන්නේ පිච්චෙන කොට දැනෙන වියරු ආසාව නිසා... දවසට එක දෙක තුන අතර වගේ ඉලක්කම් පහු කරලා සෙට් වෙච්ච අවස්ථා තිබුනා... මට මාව විනාස කරගන්න ඕන වෙලා තිබුනේ... මගේ ආදරය කියන හැගිම් මැරිලා ගිහින් හිත ගලක් වෙලා තිබුනේ... මම පිස්සෙක් වගේ සෙක්ස් පස්සේ දුවගෙන ගියා... අන්තිමට ගෘප් වෙලා සෙට් වෙන තරමට දුර ගියා.....

ඉතින් වයසට ඔරොත්තු නොදෙන ජිවිතයක් මම ගත කරා... පව මතුවෙනවා වගේම මින්සුන්ගේ පිනත් මතුවෙනවා කියලා කියනවා... දවසක් මම හලාවත ගියා නිකම්ම නෙවේ දෙතුන් දෙනෙක් හොයාගෙන.. ගිය වැඩේ අති සාර්ථකව ඉටු කරගෙන මම ගෙදර එන්න බස් එකට නැග්ගා... දවස පුරාම හත් අට දෙනෙක් එක්ක දගලාල දගලාල මගේ ඇගට පනත් නැතිවයි මම බස් එකට නැග්ගේ... ඒත් හැම සීට් එකම පිරිලා හාමුදුරුවොට වෙන්කරපු සීට් එක තමයි ඉතුරුවෙලා තිබුනේ... හිටගෙන ඉන්න පන නැති මම වාඩි වෙලා හිටිය ස්වාම්න් වහන්සේ එක්ක හිනා වෙලා වාඩි වුනා...

උන්වහන්සේගේ ඒ හිනාව බාහිරව තිබුන සංවර කම... සිවුර පොරවලා තියන විදිහ මගේ ඇතුලේ ගිනි අරගෙන ඉන්න යක්ෂයාව කාලෙකට පස්සේ යටපත් කරගෙන කොහොදො හැංගිලා තිබුන මගේ මනුස්ස හැගිම් හිතට ආවා... ඒ හින්දමද කොහොදො මම උන්වහන්සේ එක්ක කථා කරන්න පටන් ගත්තා....

බස් එකේ යකඩ ඇන්ජිමේ හඩට මුසුව උන්වහන්සේගේ මදුර වූ ශාන්ත හඩ මගේ ඇතුලාන්තයේ හැගිලා තිබ්බ මනුස්ස ගතිය එලියට ඇදලා ගත්තා. කාලෙකට පස්සේ වියරුවෙන් වෙලිලා ගිහින් තිබුන මගේ ඇස්වල මනුස්ස ගතිය මොදු වෙලා තෙත් වෙන්න ගත්තා... ටිකෙන් ටික ඇන්ජිමේ හඩට මුසුව ඇහුන ස්වාම්න්වහන්සේගේ හඩ වෙන් වවෙලා ඇහෙන්න වුනා...

අවසානාවට හෝ වාසනාවට මොනහරි දෙයක් තිරණය කරලා කරන්න මට වැඩි වෙලාවක් යන්නේ නෑ.. ජිවිතේ මේ තරමට විනාස වෙන්න ඒ ක්ෂනික තීරණ හේතු වුනා වගේම මගේ ජිවිතේ වෙනස් වෙන්නත් ඒ ගති ස්භාවයම හේතු වෙයි කියලා මම හිතුවේ නෑ....

මම දෙපාරක් හිතන්නෙ නැතිව ස්වාමින් වහන්සේ එක්ක උන්වහන්සේ වැඩ වාසය කල ආරන්‍ය සේනාසනය වෙත ගියා... අදුරේ ගිලි ගිය මගේ ජිවිතයට කොහෙදෝ ඈත කොනක ඉදන් අලෝකය ගලාගෙන එනවා වගේ මට එදා දැනුනා....

"අරුන...ඔයා ලෑස්තිද...."

මගේ සිත අතීතයෙන් මිදී වර්ත මානයට ආවා...මම පිටු පස හැරි බැලුවා ....

"එහෙමයි ස්වාමින් වහන්ස......"

බොහෝ කලක් පුරා පුදුමාකාර ආදරයෙන් ආරක්ෂා කල මාගේ සුසිනිදු කොන්ඩය උන්වහන්සේ කපලා දෝතට දෙන කොට මම වතුරෙ පා කරලා ඇරියා...

" කේශා ලෝමා නකා දන්තා චතෝ......."

මා අදුරෙන් මිදි අලෝකයට යන මග සෙයාගතිමි...මැරෙමින් ඉපදෙම්න් ගමන් කරනා වූ අනන්ත සසර ගමන නූල් බොලයක් සේ පැටලි තිබුනද මා එහි එක් කොනක් සොයාගතමි... මෙතෙක් කල් මාගේ දෑස හා මනස වසාලු තිමිර පටලන් මා දෑතින් ඉරා දැමුවෙමු...








නිමි.

✍️ රධිත් රේෂාන්✍️

කතාව ගැන අදහසක් කියාගන යන්න. වෝට් එකක් දාන්නත් අමතක කරන්න එපා ❤❤❤

Continue Reading

You'll Also Like

304K 26.1K 46
Dua bulan hidup di bumi Ireland, cukup membuatkan Marissa merasai bahagia yang pernah hilang dahulu. Demi anak-anaknya, Marissa bangkit untuk melupak...
14 1 1
जिंदगी के वो पल जो कभी भुलाए नहीं जा सकते
42 0 10
Welcome to another book from me which I probably wouldn't finish like others. This is a book that contains some of the latest bollywood song with my...