๐—ช๐—ต๐—ถ๐˜๐—ฒ ๐—ฅ๐—ผ๐˜€๐—ฒ || โ“‰โ“€ ||

By Lio_tiger007

7.4K 1.6K 685

White rose ~ Young love with a pure heart ~ In every life he comes to find his love ~ ๐šƒ๐šŠ๐šŽ๐š”๐š˜๐š˜๐š” ๐š๐šŠ๐š—๏ฟฝ... More

๐š†๐™ท๐™ธ๐šƒ๐™ด ๐š๐™พ๐š‚๐™ด
๐™ด๐™ฟ๐™ธ๐š‚๐™พ๐™ณ๐™ด ๐Ÿถ๐Ÿท
๐™ด๐™ฟ๐™ธ๐š‚๐™พ๐™ณ๐™ด ๐Ÿถ๐Ÿธ
๐™ด๐™ฟ๐™ธ๐š‚๐™พ๐™ณ๐™ด ๐Ÿถ๐Ÿน
๐™ด๐™ฟ๐™ธ๐š‚๐™พ๐™ณ๐™ด ๐Ÿถ๐Ÿบ
๐™ฒ๐™ท๐™ฐ๐™ฟ๐šƒ๐™ด๐š ๐Ÿถ๐Ÿผ
๐™ด๐™ฟ๐™ธ๐š‚๐™พ๐™ณ๐™ด ๐Ÿถ๐Ÿฝ

๐™ด๐™ฟ๐™ธ๐š‚๐™พ๐™ณ๐™ด ๐Ÿถ๐Ÿป

716 205 49
By Lio_tiger007

" ඇයි ඔබ එලෙස කෑ ගැහුවේ ? "

තේහියොන් කුමරු විමසුවේ අත් දෙක පපුවට කරලා බැද ගෙන අහක බලන් ඇවිදන් යන, තරහින් පුපුරන්න ඔන්න මෙන්න ඉන්න ඔහුගේ හොදම මිතුරා උන ජිමින්ගෙන්..තේහියොන් කුමරු විමසුව පැනයට ප්‍රතිචාරයක් විදිහට නොරිස්සුම් හඬක් පිට කල ජිමින් පුංචි කුමරු වත් පහු කරගෙන වේගයෙන් කඩපිල් පිහිටි වීදිය දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා..හුස්මක් පහතට හෙලුව පුංචි කුමරුත් ජිමින් ගේ පිටුපසින් හිමින් හිමින් ගමන් කලේ ඔහුට ජිමින් යන වේගයට ඇවිදින්න අපහසු උන නිසයි..

" නවතින්න ජිමිනී ! "

තේහියොන් බර අඩිතියමින් ජිමින් ගේ පසුපසින් ගිහින් ඔහුගේ අතින් අල්ලගෙන ඔහුව නැවැත්තුවාම ජිමින් පුංචි කුමරු ගේ අත ගසලා දැම්මා..

" ඔය තරම් කෝප ගන්න දෙයක් මං කලේ නෑ..අනික් එක ඔබ කලේ  වැරැද්දක් වැඩිහිටි අයට ඓහම නරක විදියට කතා කරන්න හොද නෑ ජිමිනී.."

සන්සුන් ලෙසින් පැවසුව පුංචි කුමරු හුස්මක් පහතට දාලා ජිමින්ව පසු කරගෙන ඉදිරියට ඇවිදගෙන යද්දි පුංචි කුමරු කිව්ව කතාව ඇත්තක් කියලා තේරුම් ගත්ත ජිමින් තමන්ගෙන් ගොඩක් දුරට ගිහින් ඉන්න පුංචි කුමරුගේ පස්සෙන් දුවගෙන ගියා..

" මෑණියනි ! "

නිවසට පැමිණි පුංචි කුමරු මුළුතැන්ගෙයි සිට එලියට ඇවිදගෙන එන කිම් ආර්යාව හා ජියොන් ආර්යාව දුටු විගස එලෙසින් කෑ ගසද්දි ඔහු පිටුපසින් පැමිණි ජිමින් තේහියොන් කුමරුගේ අතේ එල්ලුනාම පුංචි කුමරු ගැස්සිලා ගියා..

" මට සමාවෙන්න ~ "

ජිමින් දුකින් මිමිණුවාම තේහියොන් කුමරු තොල් පෙති නොපිටට පෙරලගත්තා..

" හුම් ~ හරි.."

තේහියොන් කුමරු ඕනවට එපාවට මෙන් පවසද්දි පුංචි දරුවෙක් වගේ හිනා උන ජිමින් කුමරුගේ අතින් ඇදගෙනම නිවස ඇතුලට ඇවිදගෙන ගියේ  මුළුතැන්ගෙය පැත්තෙන් එන රස නහර පිනවන කෑම සුවඳට ඇදීලා යනවා වගේ හැගීමක් ඔහුට දැනුන නිසයි..

•             •              •              •

" ඔබ දැන් කොහිද යන්නේ ජන්කුක් ? "

යුන්ගි මදක් නතර වෙලා ජන්කුක් ගෙන් විමසුවේ තනියෙන් සිනහ වෙන ජන්කුක් දිහාවට අමුතු බැලමක් හෙලන ගමන්..යුව රජු ගේ හඬින් ගැස්සිලා ගියා ජන්කුක් හරි සිහියට එද්දි යුන්ගි සමච්චලයට මෙන් හිනා වුනා..

" ක්-කුමක්ද ඔබතුමා පැවසුවේ ? "

යුව රජු කියූ දේට හරි හැටි සවන් නොදුන්න ජන්කුක් නැවත වරක් විමසද්දි යුන්ගි හිස දෙපසට වනමින් සිනහ සුනා..

" ඔබ තවමත් සිතන්නේ අර නසරාණි පොඩි කොල්ලෝ දෙන්නා ගැන නොවෙද ? "

යුන්ගි අත් පිටුපසට බැඳ ගනිමින්  ජන්කුක් සමගින්ම හිමින් හිමින් ඉදිරියට ගමන් කරන්නට පටන් ගත්තා..යුන්ගි විමසුව පැනය සමගින් ජන්කුක්ගේ මුවේ නැවත වරක් සිනහවක් ඇදුනේ නිරායාසයෙන්මයි..

" නමුත් දෙදෙනාම ගැන නොවෙයි ! එක් අයෙක් ගැන පමණයි.. "

" කවුරුන්ද ? "

ඇහිබැමි එකට යා කරගත් යුන්ගි ජන්කුක් දෙස බලමින් විමසුවා..

" තේහියොන් ! "

" අර අහිංසක හුරුබුහුටි ලස්සන පුංචි පිරිමි ළමයා නේ ?? " 

යුන්ගි එක හුස්මට පුංචි කුමරු ගැන තමන් ගේ හිතේ තියෙන දේවල් කියාගෙන කියාගෙන යන්නට පටන් ගද්දි ජන්කුක්ගේ මූණ මැලවිලා ගියා..අපේ අසරණ යුව රජු දැනගෙන හිටියේ නෑ තේහියොන් කියන්නේ ඔහුගේ හොදම මිතුරා උන ජන්කුක්ගේ අනාගත සහකරු වග..එක ඇහිබැමක් උස්සලා නපුරු බැලමක් යුව රජු වෙතට හෙලුව ජන්කුක් හිස වැනුවේ යුන්ගි පැවසුව දේ  හරි කියන්න වගෙයි..

" ඇත්තමයි ඔහු වගේ නෙවෙයි අර මිටි හාදයා..මට අහු උනොත් හිස ගසා දමනවා.."

යුන්ගි කෝපයෙන් ජිමින්ගේ හැඩරුව මතක් කරමින් ඔහුට ඇද කර කර පවසද්දි යුව රජු ගේ මේ හැසිරීම දැකලා ජන්කුක් ට හිනාවක් ගියා..

" ඒක නෙවෙයි ජන්කුක් ඔබ දැන් කොහිද යන්නේ ? "

යුන්ගි තමන් මුලින්ම විමසුව පැනය නැවතත් ජන්කුක් වෙතට ඉදිරිපත් කලාම ජන්කුක් හුස්මක් පහතට දැම්මා..

" මං යන්නේ කිම් අමාත්‍ය තුමා ගේ නිවසට කුමරුනි ~ "

" අහ් ! කිම් අමාත්‍ය තුමා ගේ ? "

ජන්කුක් පවසද්දි යුන්ගි ගේ දෑස් පුදුමෙන් විසල් උනා..

" හ්ම් ~ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබෙනවා ඔබතුමා කැමති නම්--- "

" මං කැමති අපි යමු ! "

ජන්කුක් හිතුවේ යුන්ගි කමරු ඒ සංග්‍රහයට සහභාගී නොවී ඉදී කියලා..මොකද යුන්ගි ඒ වගේ දේවල් වලට සහභාගී වෙන්න අකමැති කෙනෙක්..ඔහු ඒ වගේ දේවල් වලට හුගක් කම්මැලි..නමුත් ඉතින් ජන්කුක් කියන්නේ යුව රජු ගේ හොදම යාලුවා නේ හොදම යාලුවා හද පතුලෙන්ම ඒ වගේ ආරාධනාවක් කලාම ඔහුට ප්‍රතික්ෂේප කරන්නම බෑනේ..අනික මේ වගේ සීතල වෙලාවක යුව රජු ට තිබුණ කුසගින්න ගැන දන්නේ ඔහුම විතරයි..මාළිගාවට යන්නට මද වෙලාවක් ගත වෙන නිසා ඔහුට හිතුනා කිම් අමාත්‍ය තුමා ගේ නිවසින් අද රාත්‍රී අහාර වේල ලබාගත්තා නම් හොදයි කියලා..පසුව දෙදෙනාම රාත්‍රී භෝජන සංග්‍රහය සදහා කිම් අමාත්‍ය තුමා ගේ නිවස වෙතට පිටත් වුනා..

•             •              •              •

කිම් ආර්යාව සහ හන්-ඊ ජියොන් ආර්යාව සමගින් රාත්‍රී අහාර වේල සකස් කරලා ඉවර වෙද්දි පුංචි කුමරු සහ ජිමින් මුළුතැන්ගෙය පිටුපසට වෙලා එතැන තිබුණ බංකුවකින් හිඳ ගෙන අත්ලට කම්මුල් බරකරගෙන දෙදෙනාම එකම ඉරියව්වෙන් බිම බලාගෙන හිටියා..

" මට කුසගිනී ~  ඔබට ? "

" මටත් ~ "

ජිමින් නිදිබර හඬකින් පවස්දිද පුංචි කුමරුත් එලෙසින්ම උත්තර දුන්නා..දෙදෙනාම හිටියේ කියාගන්න බැරි තරම් ලොකු බඩගින්නකින්..ඒත් ඉතින් ජන්කුක් එන තුරු ඔවුන්ට ආහාර ගන්න අවසර හම්බුනේ නෑ..

" කුමරුනි ! "

හන්-ඊ කතා කරද්දි මූණට මූණ බලාගත්ත ජිමින් සහ තේහියොන් හිතුවේ හන්-ඊ ඔවුන්ට කතා කරන්නේ ආහාර දෙන්න කියායි..ගාල කඩාගත්ත ඌරු පැටව් දෙන්නෙක් වගේ ඇය ලගට දුවගෙන ගිය පුංචි කුමරු සහ ජිමින් හන්-ඊ ගේ ඇගට පැන්නේ හන්-ඊ කෑ මොර දෙමින් පුංචි කුමරු වත් ජිමින් වත් ඇගේ ඇගෙන් අහකට තල්ලු කරද්දී...

" ඇ-ඇයි මේ ? "

පපුවට අත තියාගත්ත හන්-ඊ බයෙන් වගේ ඇහුවේ දුවන් ආවාට වඩා වේගයෙන් හති හලන පුංචි කුමරු දිහත් තමන්ගේ එකම සහෝදරයා දිහත් මාරුවෙන් මාරුවට බැල්මක් හුවමාරු කරන ගමන්..

" ආ මෙන්න මේ ආහාර සියල්ලම රැගෙන ගොස් ආහාර සංග්‍රහයට ලෑස්ති කල කුටියෙන් පිළිවෙලකට සකස් කරන්න.."

" අක්කණ්ඩි !!!! "

ජිමින් යටි ගිරියෙන් බෙරිහන් දුන්නා..

" අනේ හන්-ඊ අක්කණ්ඩි අපිට කුසගිනී ! "

" ඉඳින් මං කුමක් කරන්නද කුමරුනි  ඔබතුමාගේ ස්වාමියා එනතුරු බලන් ඉන්න වෙනවා..කෝ කෝ දැන් ගොස් ඉක්මනින් ඕවා ලෑස්ති කරන්න.."

කෑම පිර වූ භාජන දෙකක් පුංචි කුමරුගේ අතට දුන් හන්-ඊ පවසද්දි කනගාටුවෙන් සුසුමක් පිට කරපු ජිමින් සහ තේහියොන් කමරු එවාත් රැගෙන හන්-ඊ පෙනවූ කුටිය දෙසට ගමන් කලා.....
.
.
.
.
.
.
.

" මෙයද කිම් අමාත්‍ය තුමා ගේ නිවස ! "

පහන් එළි වලින් හැඩ වී ඇති විසල් මන්දිරය ඉදිරියෙන් ගමන නැවතූ යුන්ගි ජන්කුක් ගෙන් විමසද්දි ජන්කුක් හිස වනමින් යුව රජු හට ඉස්සර වෙන්නට ඉඩ ලබා දුන්නා..නිවසින් පිටත පේන මානේ රැඳිලා හිටියේ කිම් අමාත්‍ය තුමා සහ ජියොන් අමාත්‍ය තුමා පමණයි.. ජන්කුක් සහ යුන්ගි ඔවුන් දෙසට ඇවිදගෙන එනවා දුටු අමාත්‍ය වරු දෙදෙනා ගේම මුව අග සිනහවක් මතු උනා..

" යුව රජ තුමනි ඔබ තුමා..."

ඈත තියාම ජන්කුක් සමගින් එන අනික් පුද්ගලයා රාජ්‍යයේ යුව රජු බව අදුර ගත් කිම් අමාත්‍ය තුමා වේගයෙන් අඩි තියමින් ඔහු අසලට ඇවිදගෙන ගියේ එලෙස පවසමින්..

" ආ කිම් අමාත්‍ය තුමා කෑ ගහන්න එපා කවුරු හරි දැනගත්තොත් මං තමයි යුව රජු කියලා..."

යුව රජ යුන්ගි කිම් අමාත්‍ය තුමාගේ කනට ලං වෙලා රහසින් කියද්දි ජන්කුක්,ජියොන් අමාත්‍ය වගේම කිම් අමාත්‍ය තුමා මහ හඩින් හිනා වුනා..සිනහව අතරින්ම කිම් අමාත්‍ය තුමා ගේ දෑස් ඊලගට යොමු වුනේ යුව රජු ගේ එහා පසින් සිටින කඩවසම් ජන්කුක් දිහාවටයි..

" ජන්කුක් ! හුගක් වෙනස් වෙලා.. "

කිම් අමාත්‍ය තුමා ජන්කුක් ගේ උරහිස් මතින් අතක් තියාගෙන කියද්දි මද සිනහවක් පෑ ජන්කුක් හිස නමා ඔහුට ගෞරව දැක්වූවා..

" අවුරුදු විසි හයක් නේ කිම් අමාත්‍ය තුමා.."

ජියොන් අමාත්‍ය තුමා සමච්චලයට මෙන් හිනා වෙමින් කියා සිටියා..

" හරි හරි දැන් යමු ඇතුලට පිටත ගොඩක් සීතලයි..."

කිම් අමාත්‍ය තුමා, ජියොන් අමාත්‍ය තුමා, ජන්කුක් සහ යුව රජ යුන්ගි හතර දෙනාම කිම් අමාත්‍ය තුමාගේ නිවස ඇතලට ගියා.. 
.
.
.
.
.

මේ අතර ජන්කුක් ආවා කියලවත් දන්නේ නැති තේහියොන් කුමරු හිටියේ ජිමින් සමග කෑම කාමරේට වෙලා කෑම පිරිලා තියෙන දිගු මේසේ දිහා බලාගෙන නිදි කිරන ගමන්..කිම් ආර්යාව සහ ජියොන් ආර්යාව සිනහ වෙමින් කුටියට ඇතුල් වෙනවත් එකක්ම නිදි කිරමින් සිටි ජිමින් සහ කුමරු ගැස්සිලා ගියා..ඔවුන් සමග ජිමින් ගේ සහෝදරිය වුන හන්-ඊ ත් පැමිණියා..

" කන්න පුළුවන් ද ? "

ජිමින් අහද්දි ජියොන් ආර්යාව පිටුපස සිටි හන්-ඊ ඔහුට එරෙව්වා..කිම් ආර්යාව සිනහ වෙමින් හිස වැනුවා..

" එනවා යන්න ! "

හන්-ඊ ජිමින් වත් ඇදගෙන එලියට යන්න ගියේ ජිමින් කෑම ඉල්ලලා කෑ ගගහ අඩද්දි..කිම් පවුලේ අයයි ජියොන් පවුලේ අයයි එකට ඉදගෙන කන කෑම වේලට ඔවුන්ට සහභාගී වෙන්න බැරි නිසා හන්-ඊ ජිමින් ව එක්කගෙන මුළුතැන්ගෙය පැත්තට ඇවිදගෙන ගියා..

" කෑම දෙනවාආආආආ--- "

ජිමින් හන්-ඊ ගේ මූණට කෑ ගහද්දි අතට අහුවුන තක්කාලි ගෙඩියක් හන්-ඊ ජිමින්  ගේ කටේ එබුවේ 'කට වහගන්නවා' කියලා කෑ ගහන ගමන්..
.
.
.
.

" ජන්කුක් කුමරු පැමිණියා ! "

කුටියට පැමිණි පසු ජන්කුක් ආව බව කිම් ආර්යාව තේහියොන් ට පැවසුවත් තේහියොන් ගේ මූණේ කිසිදු උද්‍යෝගිමත් භාවයක් නම් පෙනෙන්නට තිබුණේ නෑ.. ජන්කුක් සහ යුන්ගි කුමරු ජියොන් ආර්යාව පිටුපසින් පැමිණි නිසා ඔවුන්ටත් මේ සංවාදය හොදින්ම ඇසුනා..

" ඉතින් මට මොකද ?! "

අත් පපුව ඉස්සරහින් බැදගෙන කිම් ආර්යාව වට පිටු පාලා අනික් පැත්ත හැරුණ පුංචි කුමරු තමන්ටම මුමුණ ගත්තා..තේහියොන් කුමරු ගේ මේ හූරතල් හැසිරීමට මද සිනහවක් පෑ කිම් ආර්යාව සහ ජියොන් ආර්යාව ඔවුන් පිටුපසින් සිටි ජන්කුක් දිහා බැලුවා..ඔහු ඇස් වලින් කුටිය තුලට යන ලෙසට සන් කලා..

කිම් අමාත්‍ය තුමා , ජියොන් අමාත්‍ය තුමා , යුව රජ යුන්ගි සහ ජන්කුක් තේහියොන් ට මුහුණලා කෑම මේසයේ ඉදිරිපසින් හිද ගද්දි කිම් ආර්යාව සහ ජියොන් ආර්යාව තේහියොන් කුමරුගේ දෙපසින් හිද ගත්තා..

" කුසගිනි කිය කිය නේද හිටියේ ? "

" මට කුසගිනි නෑ ! " 

" මොකක්ද ඔබට වෙලා තියෙන්නේ ? "

" මුකුත් වෙලා නෑ ! "

පුංචි තේහියොන් හිටියේ හොදටම තරහා ගිහින්..ඔහුගේ ආවේගශීලී හඩින්ම එය තේරුම් ගන්න පුලුවන් උනා..නමුත් තේහියොන් ගේ මේ හැසිරීමට ජන්කුක් ප්‍රතිචාර දැක්වූවේ සිනහවකින්..මේ දිහා බලන් හිටිය යුව රජු ට නම් වෙන දේවල් කිසිම දෙයක් ගැන හරි හැටි අවබෝධයක් නෑ..ඔහු අන්ද මන්ද වෙලා ජන්කුක් දිහාත් තමන්ට පිටු පාලා ඉන්න පුංචි කුමරු දිහාත් මාරුවෙන් මාරුවට බැල්මක් හුවමාරු කලා..

" ජන්කුක් කුමරු පැමිණියේ නෑ අපි මුසාවක් කිව්වේ ! "

කිම් ආර්යාව පවසද්දි තප්පර කිහිපයක් නිහඩව සිටි කුමරු තම මෑණියන් ගේ පැත්තට හැරුණා..පැත්තට පෙනුන තේහියොන් ගේ මුහුණ නිසා ජන්කුක් අදුර ගත්තා ගං ඉවුරෙදි හමුවුනේ පුංචි කුමරු වමයි කියලා..

" මට ඔය බොරුකාරයා ගෙන් වැඩක් නෑ මෑණියනි ~ "

තේහියොන් කිව්ව කතාවට සිනහවෙමින් සිටි ජන්කුක් ගේ හිත නොරිදුනාමත් නෙවෙයි..මොකද ජන්කුක් කවදාවත් ඔහුගේ ආදරේට බොරු කරන කෙනෙක් නොවන නිසා..

" මං ඔබට කවදාවත් බොරු කරලා නෑ තේහියොන් ! "

ජන්කුක් ගේ ගැඹුරු හඩ නිසා තේහියොන් ගේ ඇස් ඉබේටම ඔහු දෙසට යොමු වුනා නමුත් තප්පරයක් යන්නත් කලින් ඒ පුංචි බෝල ඇස් තවත් බෝල වුනේ ගං ඉවුරෙදි ඔහුට හමුවුන පුද්ගලයන් දෙදෙනාම ඔහු ඉස්සරහ සිටි නිසයි..ජන්කුක් එක එල්ලේ තේහියොන් දිහා බලාගෙන ඉද්දි ඒ ඇස් මග හැරිලා ඇස් වල කදුලු පුරවගත්ත පුංචි කුමරු වාඩි වී සිටි තැනින් නැගිටලා කුටියෙන් පිටතට ගියේ ජන්කුක් ද ඔහුගේ පසුපසින්ම දිව යද්දි..

මේ කිසිම දෙයක් ගැන දැනුවත් නැති කටට පුරව ගත්ත කෑම ටික උගුරෙන් පහලට ගිල ගන්නට බැරිව සිටි යුව රජු ගේ මුහුණ පවා පුදුමයෙන් පිරි ගොස් තිබුණා..

" ඔබතුමා කන්න ඔවුන් ඉක්මනින් පැමිණේවි.."

ජන්කුක් ගිය දෙස බලාගෙන අන්දුන්කුන්දුන් වී සිටින රටේ යුව රජු හට සිනහවක් සංග්‍රහ කල කිම් අමාත්‍ය තුමා එලෙසින් කියා සිටියා..

" අනිච්චේ දුක්ඛේ ! "

තමන්ටම පවස ගත් යුව රජු නැවත තම ආහාරය ආසාවෙන් භුක්ති විඳින්නට පටන් ගත්තා....

•               •            •             •
























🐯 : Hii lovely strawberries and zombies ! After long long looooooong time !! sorry for the late update ! 🤧❤️

🦁 : අහ්ම් අහ්ම් ඇත්තමටම අපි මේක කලින් දෙන්න තමයි හිටියේ ඒත් ඉතින් චැප්ටර් එකෙන් බාගයක්ම ඩිලීට් උනා..ඉතින් ආයෙත් ලියන්න හිත හදාගන්න එපැයි..ඒකයි පරක්කු උනේ..ආයේ එහෙම වෙන්නේ නෑ ඉක්මනට දෙන්නම්..🤧💔

( අවධානය පිණිසයි : ඉක්මන් අප්ඩේට් පිලිබඳ බලාපොරොත්තු තබා නොගත්තාට කාරි නෑ කිමද අපිට අපි ගැන ශුවර් නෑ ! 😂🤧💔 )

🐯 : එහෙනම් චැපිය පිළිබද වචන පෙලක් හලාගෙන යන්න මැණිකෙලා..

🐯🦁 : Bye bye zombies and strawberries !! Love U All 🍓🧟✨

~ Cutie ~ 💚🌠

<33 Lio and Tiger ☘

Continue Reading

You'll Also Like

197K 10.4K 44
โ•ฐโ”ˆโžค *โ‹†โ ๐ฒ๐จ๐ฎ ๐ญ๐ก๐ข๐ง๐ค ๐ข'๐ ๐ฉ๐š๐ฌ๐ฌ ๐ฎ๐ฉ ๐š ๐Ÿ๐ซ๐ž๐ž ๐ญ๐ซ๐ข๐ฉ ๐ญ๐จ ๐ข๐ญ๐š๐ฅ๐ฒ? ๐ข ๐ฅ๐ข๐ญ๐ž๐ซ๐š๐ฅ๐ฅ๐ฒ ๐ค๐ž๐ž๐ฉ ๐ฆ๐ฒ ๐ฉ๐š๐ฌ๐ฌ๐ฉ๐จ๐ซ๐ญ ๐ข๐ง ๐ฆ๐ฒ ๏ฟฝ...
1.2M 52.7K 99
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.8M 59.2K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
704K 11.3K 65
หห‹ยฐโ€ข*โ€โžท ๐—”๐—ฑ๐—ฑ๐—ถ๐—ป๐—ด ๐˜๐—ต๐—ฒ ๐˜„๐—ฟ๐—ผ๐—ป๐—ด ๐—ป๐˜‚๐—บ๐—ฏ๐—ฒ๐—ฟ ๐˜๐—ผ ๐—ฎ ๐—ด๐—ฟ๐—ผ๐˜‚๐—ฝ๐—ฐ๐—ต๐—ฎ๐˜ ๐—ถ๐˜€ ๐—ฒ๐—ฎ๐˜€๐—ถ๐—น๐˜† ๐—ฑ๐—ผ๐—ป๐—ฒ ๐—ป๐—ผ ๐—บ๐—ฎ๐˜๐˜๐—ฒ๐—ฟ ๐—ต๐—ผ๐˜„ ๐—ณ๐—ฎ๐—บ๐—ผ๐˜‚๐˜€ ๐˜†๐—ผ๏ฟฝ...