The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

අටවන දිගහැරැම

692 143 18
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මගෙ මුළු ජීවිතේ තියනකම්ම ....... මොකද ඒ මගේ මුළු ජීවිතේම නිසා....
අනික තවදෙයක් මතක තියාගනින් මල් නෙලන්න විතරක් නෙවෙයි කැත්ත උදැල්ලටත් මේ අත්දෙක හුරැයි කියල......

" හරි....මල්ලී අපි බලමුකෝ ........ "

පිටි පැකට් එකත් මල්ලට දාගත්ත මන් එන්න ආවෙ මගෙ කේන්තිය උපරිමේටම ගිහින් තිබුන නිසා....... දුප්පත් උනත් අපෙ ජීවිත පාතටම දාල කතාකරන්න තරම් ඌ කවුද. ..... සල්ලිවලට ජීවිතේ මනින ඌ වගේ එවුන්ට පුලුවන් ද බැදීම් කියන දේ තේරැම් ගන්න. .........

*************************************

"මොකෝ දරැවො මූණත් එක්ක එල්ලගෙන...... මොනව හරි ප්‍රශ්නයක් ද. ....."

සුදු ආච්චිට මගෙ පොඩි වෙනසක් උනත් හොදට තේරැම්ගන්න පුලුවන් වුනා වුණත් අනිත් හැමදේම වගේ මේ කාරණේදි මම මේ දේ නොකිය ඉන්න එක හොදයි කියලා හිතුනා. ....ඒ වෙන මොනවත් නිසා නෙමෙයි ඒ දෙන්නගෙ හිතට මන් ගැන බරක් දෙන්න බැරි නිසා. .....

"මොකවත් නෑ සුදු ආච්චි. ......කොහොමද සීය තාත්තාට දැන්.... "

" දැන් අඩුයි මැණික උණ බැහැල ගිහින්. .... "

දොලහයි තිස්පහයි..... ම්ම්ම්ම් දැන්ම උයන්න ගත්තොත් හොදයි වගේ. ......සීයාතාත්තා උදේට කෑවෙත් නෑනේ හරියට ..... ඒ නිසා බඩගිනියිත් ඇති දැන්නම්. ...... සුදු ආච්චිගෙ රෝද පුටුවත් තල්ලු කරගෙන මම ගියේ සීයතාත්තා ඉන්න තැනට...... පව් පැදුරට වෙලා නිදි....... මම එහෙමම නලලට අතතියල උනද බැලුව. ....ම්ම්ම්ම්. ....උදේවගේ නෙමේ දැන් උණ බැහැල ගිහිල්ලා. ..... .... මගෙ සීය තාත්තාට ඉක්මනටම හොද වෙයි........

" මම උයන්න යනව සුදු ආච්චි. ...... ඔයා සීයතාත්තා ලගට වෙලා ඉන්න. ..... "

උදේ වැඩට යන්න ඇදගෙන හිටිය ඇදුමෙන් ගෙදර ඇදුමකට මාරැ වුන මම ගෙනාව පිටි එකත් අරගෙන කුස්සියට ගියේ පොල් රොටී හදන්න. ....... සැරට ලුණු මිරිසකුත් හදලම රොටී හදමු ..... ම්ම්ම්ම්. ....ලූණු ගෙඩියක් කරපිංචා ඉති දෙක තුනක් .අමුමිරිස් කරල් දෙක තුනක් අතට ගත්ත මන් ඒව පොඩි කෑලි වලට කපල ගාගත්ත පොල් එකටම දාල පිටි එක ඇණුව..... මෙහෙම සැරට හැදුවම රසයි .... සීයාතාත්තාට අප්පිරියාවක් දැනෙන එකක් නැතිවෙයි. ...... සුදු ආච්චි කාත් එක්කද කතාකරන්නෙ...... සීයතාත්තා ඇහැරිලවත්ද .......

" සුදු ආච්චි ......සීයතාත්තා නැගිට්ට ද...... කෑම කන්න එන්නෝ..... "

සීයතාත්තාගෙ කාමරේ පැත්තෙන් ඇහුන සුදුආච්චිගෙ කටහඩ නිසා මම හිතුවෙ සීය තාත්තා නැගිටල කියල වෙනකොට මම කන්න කතා කරා ...... හිතට ආව සින්දුවකුත් මුමුණ මුමුණ මම ඉතුරු රොටි ටික පුච්චන්න ගත්ත.......

" ලස්සනයි ............. "

කන ලගින්ම ඇහුන ඒ කටහඩට ගැස්සුන මන් පිටිපස්ස හැරෙද්දි එතන හිටියෙ ......

" පුංචි හාමු ........ "

" හොදට සින්දු කියන්න පුළුවන්නෙ ලමයට ........ ආ.... මේ ටික සීයතාත්තට දෙන්න
........"

" මොනවද පුංචි හාමු..... "

" විටමින් වගයක්..... සීයාතාත්තාට දෙන්න ...... මන් අද උදේ හොස්පිටල් එකේ දි කතා කරාට ඇහුන්නෑ වගේ ගියානෙ. ........ "

" මම හිතල කරේ නෑ..... මම හිතුවෙ වෙනකවුරැහරි කාටහරි කතාකරනව කියල. ........ පුංචි හාමු මේ විටමින් වලට කීයක් ගියාද? ....... "

"ඇයි ඒවට සල්ලි දෙන්න ද ...... පොඩි පණ්ඩිතය කීවෙ මම බොරැවට ද..... මම ඩොක්ටර් කෙනෙක්... ලෙඩෙක්ට බෙහෙත් දීල සතුටු වෙන්න විතරක් මට පුළුවන්. ...අනික මට හොස්පිටල් එකෙන් පඩියක් දෙන්නෙ ඒකට තමයි......... දන්නවද නෙළුම් ....මගෙ ජීවිතේ මම ආසාවෙන් කරන එකම දේ මේ රස්සාව විතරයි........ "

" ඒත්...පුංචි හාමු. ..... "

" ඒත් මේත් මොකද. ...... මට බඩගිනියි. .... ඒකට හරියන්න මට ඔයා හදපු දෙයක් දෙන්න. ...... ....... මොකද ලමයො බලන් ඉන්නේ. .... ඔය රොටියක් ගන්න කන්‍න මට ..... ඉස්සරහට සුවදත් ආව. ...... "

මම තැටියෙන් බාගත්තු ගමන් උණුවෙන්ම රොටියක් පිගානකට දාල ඒ මැද්දට ලුණු මිරිස් ටිකක් දාල පුංචි හාමුගෙ අත උඩින් තිබ්බ. .... ........ පුංචි හාමු කෑම කන හැටි මට නිකන්ම බැලුන. ..... මන් දැකල තියෙනවා සීය තාත්තා කනකලුත් සුදුආච්චි බලන් ඉන්නවා. .... ඊට පස්සේ කෑම රසයිද අහනව. ......ඒ මම පුංචි කාලෙ. ..... ඒත් මොන හේතුවකටද මන්ද මටත් එහෙමම උනා......හරියට සුදු ආච්චි වගේ මමත් බලන් උන්න. .... පුංචි හාමු කන දිහා මමත් ඔහේ බලන් උන්න. ........ ඇත්තටම වලව්වට පුංචි හාමු',.රෝගීන්ට වෛද්‍යවරයෙක් උන පුංචි හාමු පොඩි එකෙක් වගේ මගෙ ඉස්සරහ රොටී කකා ලී පුටුවට වෙලා වාඩිවෙලා උන්නා ........

පුංචි හාමු කන්න ..... මම සීයතාත්තාටයි සුදු ආච්චිටයි කෑම දීල එන්නම්. ........ "

"දෙව් ...... "

දෙව්..... පුංචි හාමුගෙ වචනෙට යන්න හැරැනු මම ආයෙම නැවතිල ඒ පැත්ත බැලුව. ...... පුංචි හාමු මගෙ නම දන්නවද නැත්තන් නිකන් හිතට ආවට කීවවත්ද.......හරියට මට නෙළුම් කියනව වගේ......

" පුංචි හාමු. ... කවුද දෙව් කියන්නේ... "

" දෙව්රම් සසුන් වීරවංශ...... "

පුංචි හාමු මගෙ සම්පූර්ණ නම කියල ඉවර වෙලා මගෙ දිහාම බලන් උන්න ...ඒ බැල්ම හරි වෙනස්......ඒත් ඒ බැල්මෙ පොඩ්ඩෙ මුදලාලිගෙ පුතා ගෙ ඇස්වල තිබුන රාගිකබවක් ගෑවිලවත් තිබුනෙ නෑ. ..... ඇස් වලින් පේන්නෙ හිතේ තියෙන දේ කියල සුදු ආච්චි නිතරම කියනව මට මතකයි.......... මට ඒ ඇස් දෙක කියවන්න පුළුවන් උනානම්. ..... පලවෙනි වතාවට කෙනෙක්ගෙ ඇස් දෙකක් කියවන්න මට හිතුන..... ඒ පුංචි හාමුගෙ. .....

" පුංචි හාමු. ...... වලව්වෙ මොකක් හරි ප්‍රශ්නයක් ද ? . ........ "

" ඇයි එහෙම ඇහුවෙ. ...... එහෙම පේනවද......"

" හ්ම්ම්ම්. ..... ලොකු හාමු දන්නව ද පුංචි හාමු අපේ ගෙදර ආව කියල..... "
.අද ....."

" නෑ...... අප්පච්චි දන්නෑ. ...... එයාල ඔක්කොම සූරියබණ්ඩාර වලව්වට ගිහින්...... අක්කව බලලා එන්න. ..... පව්.. ඒකිගෙ ජීවිතේ මුන් ඔක්කොම එකතු වෙලා විනාස කරා මදිවට තව සැපදුක් බලන්නත් යනව...... "

මම ඕන්නැති ප්‍රශ්නයක් ඇහුවා කියල හිතුනෙ කන එකත් පැත්තක තියල වලව්වටම බනින පුංචි හාමුගෙ කේන්තියටම රතු වෙලා ගිය ඒ ඇස් දෙක දැක්කමයි... මොනා වුනත් පුංචි හාමු පව් කියල මට හිතුන. ...... කොච්චර මාලිගාවල් වගේ ගෙවල් තිබුනත් හදවතේ කිසිම සතුටක් නැත්තන් ඒ මාලිගා ඕනම මනුස්සයෙක්ට නිකන්ම වදකාගාරයක් වෙනව ....... පුංචි හාමුටත් වලව්ව ඒ වගේ වෙන්න ඇතිය කියල මට හිතුන..... ඇත්තටම වලව්වෙ හදවතක් තියෙන කෙනෙකුට හිටියෙ පුංචි මැණිකෙ විතරයි....... මම ගොඩක් පොඩි කාලේ වලව්වට ගියාම ලොකු මැණිකෙලාට හොරෙන් පුංචි මැණිකෙ මොනාහරි කඩචෝරැවක් මගෙ අතේ මිටි මොලවනව..... ලොකු වෙලා උනත් වෙනසක් නොවුනු පුංචි මැණිකෙ මට සැලකුවෙ සහෝදරයෙක්ට වගේ. .... සීය තාත්තට උනත් පුලුවන් හැම අවස්ථාවකම පුංචි මැණිකෙ හොදට සැලකුව........

සීය තාත්තාටයි සුදු ආච්චිචයි කෑම දීල මම ආයෙමත් පුංචි හාමු ගාවට ආව. ......... මම යද්දී පුංචි හාමු මිදුලෙ අයිනකට කරල පොඩි භාජනයකට දාල මම පැලකරල තිබුන සුදු නෙළුම් මලක් හරි පරිස්සමට අතගානව . ......... මමත් දැක්කෙ දැන්මයි ඒකෙ මලක් පිපිල තියෙනවා. ...... ඕකෙ පිපුන පලවෙනි මල....

" පුංචි හාමු. ....."

"දෙව්. ........ උඹ මේ නෙළුම් මල වගේ..... ...... ලස්සනයි, පිරිසිදුයි ඒ වගේම අහිංසකයි..... "

" පුංචි හාමු මම...?.. "

මට කියන්න ඕන වුනේ මොකද්ද කියලා මන් වත් දන්නෑ. ...ඒත් මට ඕන වුනේ මොනවම හරි කියන්න. ........

"මම යන්නම්. ....... සීයතාත්තාට විටමින් ටික දෙන්න. ...... හවසට වලව්වට එන්න ඕන නෑ ...... අම්මට මම කියන්නම් ඒ ගැන. ...... ..... සුදු ආච්චිටයි සීයතාත්තාටයි කියන්න මම ගියා කියල ...... පරිස්සමට ඉන්න "

"දලදා සමිදු පිහිටයි .... පුංචි හාමුටත්..... "

ඈතටම වාහනය නොපෙනී යනකන්ම බලන් උන්න මන් ආයෙමත් ගේ ඇතුලට ආවෙ කවදාවත් නොදැනුනු පාලුවකින් මගෙ හිත වෙලා ගනිද්දී.....



😊 හදිසියට ලීවෙ අවුල් ද මන්දා. .... ඩබල් චෙක් කරේ නැති නිසා අඩුපාඩු ඇති හොදේ හිහී. ....

😁 ගුඩ් නයිට් බබීලා. ....

Continue Reading

You'll Also Like

155K 4.1K 79
Stray Kids is on tour! Ella wins a prize at the concert that ends up turning her entire life upside down. She uncovers the dark secrets to K-Pop and...
400K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.2M 52.1K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
775K 17.5K 46
In wich a one night stand turns out to be a lot more than that.