🌟 🌟 The Glory Of a Star 🌟...

By Rukshikakalhari

115K 22.9K 14.6K

නුඹ සාමාන්‍ය ඇතුන් අතරේ සිටින දළ ඇතෙක්... ඔව් නුඹ දළ ඇතෙක්.... වර්ණ ගන්වා ආටෝප කරන්නට අවැසි නැති පරිපූර්ණ මින... More

🏆 .. පළවෙනි දිගහැරුම ..
🏆 .. දෙවැනි දිගහැරුම ..
🏆 .. තුන්වැනි දිගහැරුම ...
🏆.. හතරවෙනි දිගහැරුම ...
🏆.. පස්වෙනි දිගහැරුම ..
🏆.. හයවෙනි දිගහැරුම ...
🏆.. හත්වෙනි දිගහැරුම .....
🏆.. අටවෙනි දිගහැරුම ...
🏆.. නවවෙනි දිගහැරුම ...
🏆.. එකොලොස් වැනි දිගහැරුම ..
🏆.. දොලොස් වැනි දිගහැරුම ...
🏆... දහතුන් වෙනි දිගහැරුම ..
🏆.. දාහතරවෙනි දිගහැරුම ...
🏆.. පහලොස් වෙනි දිගහැරුම ...
🏆.. දාසයවැනි දිගහැරුම ...
🏆.. දාහත්වෙනි දිගහැරුම ..
🏆.. දහ අටවෙනි දිගහැරුම ....
🏆.. දහ නවවෙනි දිගහැරුම ....
🏆.. විසිවෙනි දිගහැරුම ..
🏆.. විසි එක්වෙනි දිගහැරුම ..
🏆.. විසි දෙවැනි දිගහැරුම ..
🏆.. විසි තුන්වෙනි දිගහැරුම ...
🏆.. විසිහතරවෙනි දිගහැරුම ..
🏆.. විසිපස්වෙනි දිගහැරුම ......
🏆.. විසි හයවෙනි දිගහැරුම ...
🏆.. විසි හත්වෙනි දිගහැරුම ...
🏆.. විසි අටවෙනි දිගහැරුම ...
🏆 .. විසි නවවෙනි දිගහැරුම..
🏆.. තිස්වෙනි දිගහැරුම ....
🏆.. තිස් එක්වෙනි දිගහැරුම ..
🏆.. තිස් දෙවැනි දිගහැරුම ...
🏆.. තිස් තුන්වෙනි දිගහැරුම ..
🏆..තිස් හතරවෙනි දිගහැරුම ...
🏆.. තිස් පස්වෙනි දිගහැරුම ...
🏆.. තිස් හයවෙනි දිගහැරුම ..
🏆.. තිස් හත්වෙනි දිගහැරුම ...
🏆.. තිස් අටවෙනි දිගහැරුම ...
🏆.. තිස් නවවෙනි දිගහැරුම ....
🏆.. හතලිස් වෙනි දිගහැරුම ...
🏆.. හතලිස් එක්වෙනි දිගහැරුම ..
🏆.. හතලිස් දෙවැනි දිගහැරුම ...
🏆.. හතලිස් තුන්වෙනි දිගහැරුම ...
🏆.. හතලිස් හතරවෙනි දිගහැරුම ..
🏆....හතලිස් පස්වෙනි දිගහැරුම ...
🏆.. හතලිස් හයවෙනි දිගහැරුම ..
🏆.. හතලිස් හත්වෙනි දිගහැරුම ..
🏆.. හතලිස් අටවෙනි දිගහැරුම ...
🏆.. හතලිස් නවවෙනි දිගහැරුම ..
🏆.. පනස්වෙනි දිගහැරුම ... l͓̽a͓̽s͓̽t͓̽ e͓̽p͓̽i͓̽s͓̽o͓̽d͓̽e͓̽

🏆.. දහවෙනි දිගහැරුම ...

2.4K 500 360
By Rukshikakalhari

🌟🌟 The Glory Of a Star 🌟🌟 ......

...... එතකොට මාවත් විශේෂයිද......මම බීපු බෝතලෙන්ම බිව්වේ....... නෑ......නෑ...... එයාට තිබහා වැඩිවෙන්න ඇති...... ලඟම හිටියෙ මම නිසා මගේ බෝතලේ.......ඒත් ස්ටූඩියෝ එකේ අය පවා කතාවෙනවනේ Xiao zhan කවුරුවත් එක්ක කෑමක් වත් ශෙයා කරගන්නෙ නෑ කියලා ....එයාට මාව විශේ...........ච්හ්....... නෑ........කොහෙත්ම නෑ මට පිස්සු.........

.. යීබෝ අතකින් ඔහුගේ කම්මුල් දෙකටම ගසා ගත්තේ මෙතන බින් සිටින බවත් අමතකව ගොස් ය.....

" මොකද යකෝ ......මූණට ගහගන්නෙ...."

බින් පුදුමයෙන් අසද්දී තමන් සිදුකල දෑ යීබෝ ට මීටර් විය ....

" අ.......ආ.... ඒක මේ ඩාන්සින් එක්සයිස් එකක්........."

**

යීබෝ  ගනනකට නැතුව මෙන් කියද්දී බින් අමුතු බැල්මකින් යීබෝ  දෙස බැලුවේය .... යීබෝ  ඒ බැල්ම මඟ අරින්නට අහක බලාගත්තත් ඊලඟට ඔහුට බින්ගේ ටකරං වොයිස් එක ඇහෙන්නට පටන්ගත්තේය .....

" අර මං එදා උඹට කිව්වෙ......මාව භූතයෙකුට හරි ගනිං කියලා .........එපා බං  .......එපා.......ජීවිතේට එපා......... ඩාන්සින් එක්ක මොලේ අඤ්ඤ කොරොස් වෙනවා කියලා අද මම දැන ගත්තා ........"

බින් යීබෝගේ ඇද මතින් නැඟිටිමින් කීවේය ... යීබෝ  තවත් වචනයක් හෝ නොකියා ඇදෙන් හාන්සිවිය....

" යකෝ ඒවා උගෙ අප්පගෙ එක්සයිස් නේ........ අතෙන් කම්මුලට ගගහා.... ......................"

තවමත් බින් කුටු කුටු ගගා බනිද්දි යීබෝ  දෑස් පියාගත්තේය ....

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

තවත් උදෑසනක්..... සුපුරුදු පරිද්දෙන් යිබෝ ඇදෙන් බැස බැල්කනියට ගියේය ... පෙරදින හදවතට දැනුනු තිගැස්ම තවමත් ඒ ලෙසින්මය ....

එයා මගෙ වතුර බෝතලෙන් වතුර බිව්වා....... එයා මගේ දිහා බලන්නෙත් හරි අමුතු විදිහට.... ඇයි මට හිතෙන්නෙ එතන වෙනසක් තියනවා කියලා... නෑ නෑ නෑ.......... ඒක කොහොමත් වෙන්න බෑ..........මේ මගේ සිතුවිලි විතරයි..... අනේ මන්දා.......මෙහෙම ගියොත් මට මොකක් හරි ලෙඩක් හැදෙනවා...... දැන් දැන් උදේට එයාගෙ ෆොටෝ එක දකින්නේ නැතුව මට ඉන්නම බෑ....... අනික ඇයි මගෙ හිත ඒවා දකිනකොට මේතරම් ගැස්සෙන්නෙ කියලා මම දන්නවා........... ඒත්............ඒත් නොදන්නව වගේ ඉන්නවා............. මොකද මට මගේ ජොබ් එක වටිනවා..

.. පුරුදු ලෙසින්ම ශැංහයි එක්ස්ප්‍රස් එක නිසා යීබෝ කල්පනා ලෝකයෙන් මිදුනේය ...පපුව පුරවා හුස්මක් පිටකෙරූ යීබෝ කාමරයට ආවේය ...හැමදාමත් මෙන් පුරුදු දර්ශනය... බින් ඇදේ හරස් අතට නිදාගෙන සිටින අතර බ්ලැන්කට්ටුව බිමට වැටී ඇත...

...

ලබ්...ඩබ්.................................

කලින් ඩ්‍රාමා එකේ පික්චර් එකක් .....මොන විදිහට ඇන්දත් මේ මනුස්සයා ලස්සනයි අප්පා ...... නපුරුයි.......ඒත් ඒ අස්සෙ වෙන මොකක්දෝ කතාවක් තියෙනවා ....

..  යීබෝ  ශාන්ගේ අද පින්තූරය දිහා බලාගෙනම එලෙසින් කල්පනා කරන්නට විය....

" good morning යීබෝ.......මොකෝ කියන්නේ........ඩෙවල් දානවද බාබකියු දානවද...."

ලින් ශාන්ගේ පින්තූරය දෙස බලාගෙන සිටින යීබෝගේ කරට අතක් දමාගෙන ඇසුවේය ....

" good morning ගගා...."

යීබෝ  ප්‍රශ්නාර්ථයක් මුසු වූ බැල්මක් ඔහු වෙතට හෙළමින් කීවේය....

" නෑ ඉතින් උඹ බොසා දිහා බලන් හිටියේ ඒක හිතාගන්න බැරිව කල්පනා කරන විදිහටනේ......."

යිබෝ  ලැජ්ජාවෙන් අහකබලාගත්තේය ...

" මොකෝ ඊයෙ බොසාගෙ ප්‍රැක්ටිස් ශේප් ද ........."

කරට අත දමා ගැනම විදුලි සෝපානය දෙසට ඇවිදගෙන යන අතර ලින් ඇසුවේය ...

", අවුලක් නෑ ගගා.... සාමාන්‍ය වෙලාවට නපුරු වගේ හිටියට ගෝලයෙක් විදිහට ට්‍රෙන් වුණා..."

‍යීබෝ සිනාසෙමින් කියද්දීම ලින්ගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේය ... එය ඕපන් කෙරූ ඔහු වටපිට බලමින් ඉක්මනින් යීබෝගේ කරෙන් අත ඉවතට ගත්තේය .....

" ඔයාගෙ ඩාන්ස් එක බොස්ගෙ අයිඩියා එකකට මම ප්ලෑන් කරා.....මේක යීබෝ  බොස්ගෙ ග්‍රෑන් පපාගෙ චැනල් එක.... ඉතින් එයාට වෙනසක් ඕනෙ වුනා ඕකේ......අපි බ්ලයින් ඩාන්ස් එකක් ලෑස්ති කරමු....."

කවදත් ඉතින් අභියෝග වලට අභියෝග වලට මුහුණ දීම යනු යීබෝගේත් ප්‍රියතම කාර්‍යයයක් නිසාවෙන් ඔහු හා යැයි හිස සැලුවේය ... ලින් සිනාසෙමින් යීබෝගේ හිසකේ අවුල් කලේය....

" දෙපැත්තට දැනෙන්නෙ නැතුව එක පාර එකපාර ඔන්න ඔය වගේ ඉදිරියට එන කොල්ලන්ගේ අනාගතය හරි පැහැදිලි බං...."

ලින් රෙස්ට් රූම් එකෙහි ඔහුගේ කැබින් එක අසල නතරවී කීවේය ....

.
.
.

වෙලාව උදෑසන 10 පමණ වී තිබුණි... යීබෝ  සිටින්නේ ඔහුගේ practice හෝල් එක තුල ශන්ගේ තව දින 3කින් ඇති concert එකේ කණ්ඩායම සූදානම් කරමින්ය....

" ඒ ස්ටෙප් එක තව පාරක් ට්‍රේන් කරන්න....."

යීබෝ  එසේ පවසා ලින්ගේ හෝල් එකට ගියේ  ඔහු එන්න යැයි පවසා කෙටි පණිවිඩයක් එවා තිබුණු නිසාවෙනි...

" යීබෝ  අද හවස පහට බොස්ගෙ ගෙදර යන්න ඕනෙ....මම හිතන්නෙ හෙට අනිද්දා ටයි ශාන්ට ප්‍රැක්ටිස් කරන්න ටයිම් නැහැ..... එයා අවුට්ස්ටේෂන් යනවා..... හ්ම්ම්ම්....අද පැය හතරක් විතර එයාව ට්‍රේන් කරලා concert එක දවසේ උදේ තමයි ටීම් එකත් එක්ක last රියසල් එක කරන්න වෙන්නේ......"

කාර්ය අපහසු වුණත් පපුව පුරවා හුස්මක් පිට කෙරූ යීබෝ  හා යැයි හිස සැලුවේය .... තවත් එතන නොරැඳෙන ඔහු ඉක්මනින් යළිත් ඔහුගේ හෝල් එකට ඇවිත් දොර විවර කරද්දි ඒ තුළින් කාන්තාවක් කෑගසන කටහඬ ඇසුරු නිසා ඔහු මදක් නතර විය...

" තමුසෙලා මේ ට්‍රේන් වෙන්නෙ දහවෙනිදා තියෙන බොස්ගෙ profomans එකද..."

,ඒ ඉතිං වෙන කිසිවෙකුත් නොව ෆැබා ය...යීබෝ  එක්වරම දොර විවෘත කරගෙන හෝල් එක ඇතුලට යන්නෙ නැතිව ඇය පවසන්නීය මොනවාදැයි ටික වේලාවක් අසාගෙන සිටියේය....

" ඔව් කෝච්........"

කණ්ඩායමේ කිහිප දෙනෙක් එකවර පිළිතුරු දෙන හඩ ඇසුනි....

"අහ්...... රියලි......... කෝ ඔය අනුංගෙ කුනු කරේ දාගන්න තමුසෙලගෙ කෝච්...."

ටික වෙලාවක් අමුතු ලෙස සිනාසුනු ඇය යළිත් ඇසුවේය...ඉතින් තවත් නිහඬව මෙලෙසින් දොර අසලට වී සිටීමට නොහැකි නිසාම යීබෝ  හෝල් එක තුලට ආවේය ....

" ඔව් මේ මම මෙතන මිස් ෆැබා.....දැන් ඔයාට මොකක්ද වෙන්න ඕනේ..."

එදා ශාන්  පැවසූ දේවල් යීබෝ ඉතා හොඳින් ඔහුගේ මතකයේ තබාගෙන සිටින්නේ ය... දැන් මෙතන සිටින්නේ තමන්ගේ ගෝලයන් නිසා ඔවුන් ඉදිරියේ කිසිසේත්ම ලැජ්ජාවට පත් වන්නට ඔහුගේ සූදානමක් නැත.....

යීබෝගේ  කට හඬ ඇසුණු ඇය ඉක්මනින්  ඔහු දෙසට හැරුනි ...

" තමුන් නොදන්නවා නම් දැන් දැනගන්වා...... අවුරුදු පහ හයක් එක දිගට ම ශාන්ගේ  proformance ඇරේන්ජ් කරලා ප්‍රැක්ටිස්  කළේ මම..."

ශාලාව දෙදරා යන්නට තරම් උස් හඩින් ෆැබා කියද්දී  යීබෝ  අවඥාසහගත සිනහවකින් යුතුව ඇය දෙස බැලුවේය...

" ඉතින් දැන් මට මොකක්ද කියන්නේ..."

තමන්ගේ සද්දයට යීබෝ  බියෙන් බිම බලාගෙන අසරණව සිටියි යැයි සිතූ මෙම කාන්තාව ඔහුගේ මෙම ඉරියව්ව නිසා මදක් තිගැස්සී ගියේය....

" මම ඔයා ගැන ඇහුවෙ මිස් ෆැබා .....ඉතින් දැන් මට  මොකද්ද කරන්න කියන්නේ...."

" තමුන්ට බෑ බලහත්කාරයෙන් ඒ තැනට එන්න...."

ෆැබා කෝපයෙන් කීවේය ....යීබෝ  දැන් අර මුලින් ෆැබා සිනාසුනු ආකාරයට සිනාසෙන්නේය ...

" ඔහ්....මිස් ෆැබා.... වචන හරියට පාවිච්චි කරන්න වචන කියන්නේ ආයුධයක්........... බලහත්කාරයෙන් කියන එක මෙතැනට ගැළපෙන්නේ නෑ.......බොස් මට ඔෆිස් එකට එන්න කියලා එතැන පුටුවෙන් වාඩි වෙන්න කියලා බොහොම වැදගත් විදිහට තමයි මේ ඩියුටි එක බාර දුන්නේ...........So what should happen now?"

ෆැබා නිරුත්තරව බිම බලාගත්තේය ....නර්තනය පුහුණු වෙමින් සිටි කණ්ඩායමේ සියලුම දෙනා සිනාසෙන්නට නොහැකි නිසා බිම බලාගෙන සිටින්නේ ය...කොහොමත් studio එක තුළ කිසිවෙක් ෆැබාට පොඩ්ඩක්වත් කැමති නැත.....

"මම හිතන්නේ ඔයාගේ ඔය ප්‍රශ්නේ විසදගන්න හොඳම කෙනා මම නෙමෙයි අපේ බොස්...... ඔයාට ඕනෙම නම් මේ dance එක අරගන්න ගිහින් එයාව හම්බවෙන්න.....මම හිතන්නේ ඔෆිස් එකේ ඉන්නවා........."

යීබෝ වෙතට දවා හළු කරවන බැල්මක් හෙලූ ෆැබා එතැනින් පිටවී ගියේය ....

" හරි නතර කරපු තැනින් පටන්ගන්න...."

යීබෝ  අත්පුඩියක් ගසමින් යලිත් වැඩ ආරම්භ කලේය.... යීබෝ නොදුටුවාට යීබෝ  ලින්ගේ හෝල් එකෙන් පිටවන විටම රෙස්ට් රූම් එකට යන්නට පිටතට පැමිණි ලින් මේ සියල්ල අසාගෙන සිටියේය ....

.
.
.

" කොල්ලා මම එළියට ඇවිත් ඉන්නෙ..... ඔන්න ලෙලේ ඉන්නවා පහල මේන් ගේට් එක ලඟ.... '"

සවස පහට යීබෝ  ඉක්මනින් සූදානම් වී ලින් හට ඇමතුමක් ගත්තේ ඔහු ප්‍රැක්ටිස් හෝල් එකේ නොමැති නිසාවෙනි.

" හරි ගගා..............."

හිතට යම්කිසි තිගැස්මක් ඇති වුණත් සියල්ලට වඩා තමන්ට පැවරී ඇති වගකීම නිසියාකාරව ඉෂ්ට කරන්නට තිබෙන උවමනාව නිසා යීබෝ  පහලට ආවේය .... ලින් පිටතට ගොස් සිටියේ ෂූයෑන්ග් සමඟයි...

" යීබෝ  සර් යමු...."

ප්‍රධාන ගේට්ටුව අසල සිටින ආරක්ෂක නිලධාරියකු සමග කතාබහ කරමින් සිටී ලෙලේ යීබෝ  අසලට ඇවිත් කීවේය .... ඉතින් යීබෝ  ප්‍රධාන දොරටුව අසල නතර කර තිබුණු තද කළු පැහැති අවුඩියට නැංගේය ....

" කලාතුරකින් තමා අපේ සර්ට මෙහෙම free time එකක් හම්බ වෙන්නේ....'

බෙයිජිං නගරයෙන් මදක් පිටතට වාහනය ධාවනය කරන අතර ලෙලේ කීවේය .....

" ස්ටුඩියෝ එක ලගම නේද සර්ගෙ එපාර්ට්මන්ට් එක තියෙන්නෙත් ලෙලේ....."

මේ වන විට විනාඩි විස්සක් පමණ ඔවුන් ගමන් කර ඇති නිසා වටපිට බලමින් යීබෝ  ඇසුවේය ....

" මේ සර්ගේ රෙස්ට් හවුස් එක.... වැඩ වැඩි දවස් වලට විතරයි එපාර්ට්මන්ට් එකට යන්නේ....නිදහසක් තියෙන හැම වෙලාවෙම sir එන්නේ මෙතනට......"

ඉතින් යීබෝ  නිහඩවිය....සමහර විට මීට පෙරත් මෙහි පුහුණුවීම් කටයුතු සිදුකරන්නට ඇතැයි ඔහු කල්පනා කළේය....

.. ඒ කියන්නෙ  ෆැබා මෙහෙ ඇවිත් කලින් සර්ව train කරන්න ඇති.. සමහරවිට ඒ චාන්ස් එක නැතිවෙන හින්දද දන්නේ නැහැ මගෙත් එක්ක රණ්ඩුවට ආවා......ඉතින් සර්ට තිබුණනේ එයාවම අඬගහගන්න..... මම බලහත්කාරෙන් එයාලගේ ජීවිත වලට ඇඟිලි ගහන්න ආවෙ නෑනේ...........

.. එලෙසින් කල්පනා කරන විට නම් කියන්නට නොතේරෙන වේදනාවක් තමන්ගේ හදවතට දැනෙන්නට පටන් ගත්තේ ය... එය කුමක්දැයි කියා යීබෝට හිතාගන්නට නොහැකි විය...

" හැබැයි මට පුදුමයි ......අපේ සර් මේ ලින් සර්ට පස්සෙ එහෙට ගෙන්න ගන්න පළවෙනි කෙනා තමයි යීබෝ සර්.........."

යීබෝ  පුදුමයෙන් ලෙලේ දෙස බැලුවේය ...

යකෝ...... මං ටිකක් හයියෙන් කල්පනා කරා වත්ද......මේ මනුස්සයට නැත්තං හිත කියවන්න පුළුවන්ද..... එහෙම නැත්නම් කල්පනා කරනකොට මගේ මූන වෙනස් උනාද......එතකොට මේ මනුස්සයට මුහුණේ වෙනස් වන හැඟීම් කියවන්න පුළුවන්ද......

.. යීබෝ  පිස්සුවෙන් මෙන්  කල්පනා කරන්නට පටන් ගත්තේය...කෙසේ නමුත් ලෙලේ පැවසූ කතාවෙන් පසුව අර හදවතේ තිබුණු වේදනාව පහව ගොස් ඇති බව යීබෝට අවබෝධ වී නැත....

ස්ටූඩියෝ එකේ සිට හරියටම විනාඩි තිස් පහකට පසුව ජනගහනය මඳක් අඩු ළඟින් ළඟින් නොව තරමක් ඈතින් ඈතින් නිවාස පිහිටා ඇති මාර්ගයකට වාහනය හැර වූයේය... සෑම නිවසක් වටාම විශාල වත්තක්..... යීබෝ  පුදුමයෙන් වටපිට බැලුවේ බෙයිජිං වැනි නගරයක් තුළ මෙවන් පරිසරයක් ඔහු බලාපොරොත්තු නොවූ නිසාවෙනි....

අවසානයේ සාමාන්‍ය ප්‍රමාණය ගේට්ටුවක් සහිත නිවසක් ඉදිරියේ වාහනය නතර කළේ ය...ලෙලේ වාහනය තුල සිටම දුරස්ථ පාලකයක් මගින් ගේට්ටුව විවර කර ගත්තේය...... සුනඳර නිවසක්.... කුඩා දෙමහල්  නිවසක්......හරි අපූරුවට නඩත්තු කරන ගෙවත්තක්........ යීබෝ  පුදුමයෙන් වටපිට බලන්නට විය... විවිධාකාරයේ මල් මල් වර්ග සහිත ගෙවත්ත මැදින් ඇදී ගිය වාහනය නිවස ඉදිරියේ නතර කලේය...

යීබෝ  වාහනය තුලදීම උඩුමහලේ සිට බලාගෙන සිටින ශාන්ව දුටුවේය .... ඉතින් ඔහු ඉක්මනින් වාහනයෙන් බැස්සේය ...

ශාන්  යීබෝ වාහනයෙන් බසින තුරු උඩුමහලට වී බලාගෙන හිඳ පහලට ආවේය ...

" සර් ඇතුලට යන්න...... මම වාහනේ ගරාජ් එකට දාලා එන්නම්...."

යීබෝ  හිස සලමින් නිවස ඉදිරියට ගියේය ... බෙල් එක නාද කරන්නට පෙර ශාන්  දොර විවෘත කලේය... ඔහු පුහුණු වීම සඳහා සූදානම්ව සිටින බව ඒ ඇඳුම දුටු සැනින් යීබෝ  තේරුම් ගත්තේය ...

" එන්න ඇතුලට යීබෝ ..."

ශාන්  ආලින්දය දෙසට ඇවිද යමින් කීවේය .... ඇත්තෙන්ම සර්ගේ නිවස යැයි කියූවිට මනසෙහි ඇඳගත් චිත්‍රයට වඩා හාත්පසින්ම වෙනස් දර්ශනයක් ඔහුගේ නෙත් ඉදිරියේ ඈඳී තිබෙන නිසා යීබෝ සිටින්නේ මද කුතුහලයකිනි....

මුළු නිවසම සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ අතර මලින්ද මධ්‍යයේ කළු පැහැ සෝපා සෙට් එකක් තිබුණේය..... ඊට අමතරව ආලින්දයටම කියා තිබුනේ බිත්තියට සවිකර ඇති රූපවාහිනියකි..... තනිකරම හිස් බවක්......නමුත් පැහැදිලි බවක් යීබෝ  එතුලින් දුටුවේය ....

" අර තියෙන්නේ ප්‍රැක්ටිස් රූම් එක .....යීබෝ  ගිහින් චේන්ජ් වෙන්න......මම විනාඩි දහයකින් එන්නම්..."

ආලින්දයේ එක් පසෙක තිබූ දොරක් පෙන්වා එලෙසින් කියූ ශාන්  ආලින්දයටම විවෘත කිචන් එකට ඇවිද ගියේය .... ඒ මොහොතේ ශාන් පාවහන් පළදා නැතිබව යීබෝ දුටුවේය ....නිරුවත් දෙපාවලින් ටයිල් පොලොව ස්පර්ශ කරමින් යන අයුරු ඔහු ආශාවෙන් බලාගෙන සිටියේය ....

.. අහ්.....ශිහ්.......මම මොනවද මේ බලන්නේ......මටත් පිස්සු අප්පා ....... මං නිකං යටිපතුල් පිස්සෙක් වගේනේ ...... ජීවිතේට දැකලා නෑ වගේ ඒ කකුල් දිහා බලාගෙන ඉන්නෙ...ශැහ් මටත් පිස්සු......

.
.
.

" මේක බීලා ඉන්න යීබෝ ...."

ප්‍රැක්ටිස් රූම් එක ලෙසින් ශාන් අත දිගුකර පෙන්වූ රූම් එකට ගිය යීබෝ  එහිම තිබූ කුඩා චේන්ජින් රූම් එකට ගොස් ප්‍රැක්ටිස් කිට් එකට මාරුවුනේය.....

පසුව සුදු පැහැ ආලේප කල හිස් බිත්ති අතර තිබූ උස් ජනේලය අසලට ගිය යීබෝ  දැනටමත් අන්ධකාරය සෙමින් ගලා එන ගෙමිදුල දෙස බලාගෙන සිටියේය .... ඔහුට ශාන්ගේ මේ අල්පේච්ඡ ජීවිතය ගැටලුවකි...... සාමාන්‍යයෙන් දනවත් මිනිසුන් මේ ලෙසින් ජීවත් වන බවක් යීබෝගේ සිතුවිල්ලක වත් තිබුනේ නැත.....

විනාඩි කිහිපයකට පසුව ශාන් ගේ හඬින් යීබෝ  ජනේලය අසලින් ඉවත්වී ඔහු දෙස බැලුවේය .... ඔරේන්ජ් ජූස් වීදුරු දෙකක් අත්දෙකේ ඇතිව ඔහු දොර අසල බලා සිටින්නේය... යීබෝ  ඉක්මනින් ඔහු අසලට ගොස් වීදුරුවක් අතට ගත්තේය ...

සම්පූර්ණම හිස් අවකාශයක් තිබුණු එම කාමරයේ එක් පසෙක පමණක් පහත් ආසන තුනක් තිබුනි...ශාන්  ඒ පැත්ත පෙන්වා ඇස්වලින් එන්න යැයි කීවේය ....ඉතින් දෙදෙනාම එතැනින් අසුන්ගත්තේය ...

නිහඩය........කාමරය පුරාවට නිහැඩියාව පැතිරි ඇත....යීබෝ  ශාන් වෙතට එකදු බැල්මක් වත් හෙලන්නේ නැතිවම බීම වීදුරුව තොලගාන්නට වූ අතර ශාන්ගේ බැල්ම දිගු ජනේලයෙන් ඈතට යොමුවී ඇති බව ඔහු දන්නේය...

" යීබෝ ගෙ පවුලෙ තව කවුද ඉන්නෙ...."

සෑහෙන වෙලාවකට පසු ශාන්  හඩ අවදි කලේය....ඒත් ඔහුගේ දෑස් තිබුනේ අර ජනේලයෙන් පිටත පරිසරයේය....

" මමා පපා...නංගි , මල්ලි...."

යීබෝ  සෙමින් පිලිතුරු දුන්නේය....

" පොඩි කාලේ ඉඳලා ඔයාලා එකටද හිටියේ......"

එවන් පැනයක් ......යීබෝ  හිස ඔසවා ශාන් දෙස බැලුවත් ඔහු තවමත් පෙර ලෙසින්ම පිටත බලාගෙන සිටින්නේ ය...

" ඔ ....ඔව්............."

යීබෝ  එලෙසින් පවසද්දී ශාන්  හිස හරවා යීබෝ  දෙස බැලුවේය ... ඒ ඇස්වල ඔහු ඒ මොහොතේ දුටුවේ වේදනාවකි.... ශාන්  සිනාසුනේය .........එය වේදනාව මුසු සිනහවකි.....නමුත් මේ යීබෝ  ශාන්ගේ සිනහවක් දකින පළවෙනි වතාවයි....

" ඒක වාසනාවක්........අපි ප්‍රැක්ටිස් කරමු...."

එපමණක් පැවසූ ශාන්  හුනස්නෙන් නැඟිට්ටේය .... යීබෝත් ශාන්  වීදුරුව බිමින් තැබූ නිසා එතැනින්ම තබා පුහුණුව ආරම්භ කලේය......

හයේ සිට නවය තෙක්..........ශාන්  පියවර සියල්ල හුරුවන තෙක් පුහුනුව සිදුවිය.....දැන් ශාන්  යීබෝගේ ගෝලයා බවට පත්වී ඇත......ඔහු යීබෝගේ අන පිළිපදින්නේය....

",ලෙලේ ඉන්න........මම යීබෝව ඩ්‍රොප් කරලා එන්නම්...."

යීබෝට චේන්ජ් වෙන්නට කියා ගෙස්ට් රූම් එකත් විවර කරදුන් ශාන්  උඩුමහලට ගොස් අඩ හෝරාවකින් පහලට එද්දී ලෙලේ ප්‍රධාන දොරටුව අසල සිටියේ යීබෝව රැගෙන යන්නට සූදානම් වයි.....

" එහෙනම් රතු කාර් එකේ යන්න සර්...... "

ශාන්  කීකරුව නිවසට වම් පසින් ඇති ගරාජය තුළට ගොස් රතුපැහැ කාරය පිටතට ගත්තේය .... යීබෝ නිහඩව ඊට ගොඩවිය ..... ගේට්ටුවෙන් වාහනය පිටතට දැමූ ශාන්  එතරම් හදිසියක් නැතිව රිය පදවන්නේය... යීබෝනම් සිටින්නේ තරමක් අපහසුවෙනි ... ඔය අතර ශාන්ගේ  දුරකතනය නාදවිය....රිය පදවන අතරේම ශාන්  ඇමතුම සම්බන්ධ කරගත්තේය ....

", කියන්න ........"

දුරකතන තිරයේ මිස්ටර් ෂියාඕ ලෙසින් සටහන් වී ඇති අයුරු යීබෝ හොදින්ම දුටුවේය .... ඒ ඔහුගේ පියා බව යීබෝ  දන්නේය....

" හ්ම්ම්ම්.... ඒක කියන්නද කතා කලේ......"

"...................................."

" උත්සාහ කරන්නම්...."

"............................................"

අනෙක් පසින් පැවසූ කුමකට හෝ ශාන්ගේ මුහුණට වියරු සිනහවක් නැගෙනු යීබෝ  දුටුවේය .....

" ඔහ්.....හෝ......මිස්ටර් ෂියාඕ ...... ඉතින් ඒක නිසාද මේ කෝල් කලේ....... මං ඒත් හිතුවා...........නෑ......එක්කොත් ඕන්නෑ ......."

ශාන් අර සිනහවෙන්ම කතාකරන්නේය.... මාර්ගයට අවධානය තබාගෙන සිටියත් ඒ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරය යීබෝ  හොදින් දුටුවේය ....

" තවත් කතා ඕනෙනෑ මිස්ටර් ෂියාඕ ...... මම එන්නෙ නෑ.....බායි....."

ශාන් ඇමතුම අවසන් කර හිතේ ආවේය සුක්කානම මතින් තැබුවේය ...දැන් වාහනය හීයක වේගයෙන් මාර්ගයේ ඉදිරියට ඇදෙන්නේය....යීබෝ  ඇස් පියාගත්තේය .....

කමක් නෑ හැප්පිලා මැරුණොත් එහෙම හෙට උදේ headline වල තියෙයි නේ  Xiao zhan නැමැති ජනප්‍රිය රංග ශිල්පියා සමඟ තවත් සුන්දර තරුණයෙක් රිය අනතුරකින් මරුට කියලා ... ඒත් සුන්දර  කියන්නෙ නැතුව Xiao zhan සමඟ සිටි ඔහුගේ නර්තන උපදේශක වරයාත් සිද්ධියෙන් මියගොස්.....................

" යීබෝ ......යීබෝ ........"

තමන්ගේ මරණය පිළිබඳව ආටිකල් එකක් ලියමින් සිටි යීබෝ  ශාන්ගේ ගැඹුරු හඬට දෑස් විවර කර බැලුවේය.... දැන්නම් ඒ මුහුණේ සිනහවක් ඇත....

" සොරි.....මම ටිකක් වේගෙන් ගියා.....ආ........මේක අරගෙන  ෆැබ් එකට ගිහින් ඔයාට කන්න කැමති දෙයක් අරගෙන එන්න....."

යීබෝ  දැන් සිටින්නේ ඔසවා පොළොවේ ගැසූ අයෙකු මෙන් පුදුමයෙන් shan දෙස බලාගෙනයි.....දැන්වත් ඒ සිනහව ඔහු මීට පෙර ඔහුගේ රංගනයකින් වත් දැක නැත....

" ඒත්..............."

යීබෝ  එය ප්‍රතික්ෂේප කරන්නටත් සූදානම් වී අනෙක් අතට කාඩ් එක අතට ගත්තේ එදා ස්ටේඩියම් එක අසල සිදුවූ සිදුවීම සිහිවූ නිසාවෙනි.....

" **** නම්බර් එක...... ඔයා ගන්න දෙයක් මටත් අරගෙන  එන්න...."

හා යැයි හිස සලා වාහනයෙන් බසින්නට ගිය යීබෝ  යලිත් ශාන්  දෙස බැලුවේය ..... ශාන්  ඇස්වලින් ඇයිදැයි ඇසුවේය ...

" මේ ස්......සර්.....මගෙ රූම් එකේ මගෙ යාලුවත් ඉන්නවා......."

යීබෝට අවංකවම ඒ මොහොතේ තද කුසගින්නක් දැනුනු නිසාම තනි පුද්ගලයකු වෙනුවෙන් මිලදී ගන්නා යමක් දෙකට බෙදාගැනිමේ  සිතුවිල්ලක් තිබුණේම නැත...

" අරගන්න........."

යීබෝ  ඉක්මනින්  වාහනයෙන් බැස්සේය    ඔහු බෑගයවත් දුරකතනය වත් අතට ගත්තේ නැත.. .ශාන්  ඔහු අතට දුන් කාඩ් එක මහමෙරක් මෙන් අතේ තියාගෙන ඔහු ෆැබ් එකට ගියේය ...

ශාන්  දැන් ඔහුට පිටුපා යන යීබෝ  දෙස බලාගෙන සිටින්නේය...... දවල් ලින් පැවසූ  ෆැබාගෙ රන්ඩුවත්  ඔහුට සිහිවිය ...

" හිමීට ට්‍රැක් එකට වැටෙමු හ්ම්ම්ම්...."

ඔහු එපමණක් කීවේය .....

.
.
.

" කාපියකො බිනා....."

Chickonooo......... ලෙසින් ගසා ඇති බොක්ස් එක තුල තිබෙන කොරියන් ස්ටයිල් බර්ගර් බන් දෙක සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දෙස බලාගෙන සිටින බින් දෙස බලා යීබෝ  කෑගැසුවේය ....ඔහු මේවන විට ඉන් අඩක් කුසට තල්ලු කරගෙන අවසන් ය....

" Xiao zhan  අරං දීපු මෙව්වා එකපාරටම ආමාශ ගතකරන්න හිතෙන්නෑ බං........ ඊයෙ කියපු එක ඉල්ලලා අස්කරගන්නවා......මාව උඹේ ඩාන්ස් එකක ගහකට හරි ගනිං බං...."

එක් චිප්ස් කූරක් පමනක් ආහාරයට ගනිමින් බින් කීවේය ..... යීබෝ  කිසිවක් කියන්නට ගියේ නැත ...

" ඒ කියන්නෙ ලොකු වත්තක් මැද පොඩි ගෙයක්     ....."

යීබෝ  අද දිනයේ ඔහුගේ අත්දැකීම් තම මිතුරා සමග බෙදා ගනිමින් සිටි අතර සියල්ලට සාවධානව ඇහුම්කන් දෙමින් සිටී බින් ඇසුවේය .....

" හ්ම්ම්ම්...."

" මට හිතෙන්නේ හිතෙන්නෙ ලෝකෙටම නපුරු මූණක් පෙන්නගෙන හිටියට මිනිහා තමන්ගෙ අයගෙන් තනි වෙච්ච කෙනෙක්......."

බින් එලෙස පවසන විට යීබෝගේ පපුවට මොකක්දෝ වේදනාවක් දැනුනේය ... ඔහු ඔහුගේ පියා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයත්  ඒ මොහොතේ යීබෝට සිහිවූවත් ඔහු ඒ පිළිබඳව බින්ට පවසන්නට ගියේ නැත....

.
.
.
.

දින සෙමින් සෙමින් ගෙවී යන්නේ හීයක වේගයෙනි.... ශාන්ගේ කොන්සට් එක සාර්ථකව අවසන් විය... ඔය අතර යීබෝගේ පළවෙනි වැටුපත් ලැබුනි....මේ දිනවල ශාන් බෙයිජින් වල නැත... ඔහු යලිත් පැමිණෙන්නේ දෙසැම්බර් තිහ බව ලින් පැවසුවේය ....

හැමදාමත් උදෑසනට දකින ඔහුගේ වෝල් ස්ක්‍රීන් එකෙන් පමනක් හිත සනසගන්නා යීබෝට දැන් දින ගනනාවක් පුරා හදවතට දැනෙන මේ හිස්බව කුමක්දැයි හිතාගන්නට නොහැකිවී තිබුනි......

ශශාන්ගේ ග්‍රෑන් පපාගෙ චැනල් සෙරමිනි එකට දැන් යීබෝ  ලින් සමඟින්  මහන්සි වෙන්නේය... බලයින් ඩාන්ස්.... හිතන තරම් පහසු නැත...... ඔහු වේදිකාවට පිවිසෙන්නෙත් දෑස් ආවරණය කරගෙනයි..... අවසාන තත්ත්පරයේදී ඔහු  ආවරණය ඉවත් කරන්නේය..

.
.

අවසානයේ දිනය උදාවිය.... යීබෝ ලින් සමඟින් සවස හතරයි තිහට පමණ Anhui Tv( අන්වුයි ටීවී) ලෙසින් විශාල පුවරුවක් සහිත ගොඩ නැගිල්ල අසලට ආවේය

" ශාන්  පටන් ගන්නකොටම එයි....කොල්ලො ඇට්ටි හැලෙන්න වැඩේ දීපං ......."

යීබෝව සූදානම් කරන්නේ ශාන්ගේ මේකප් ආටිස් ය...ලින් එතැනට පැමින යීබෝගේ පිටට තට්ටුවක් දමමින් කීවේය ....

හිතට බියක් චකිතයක් සහ දෙගිඩියාවක් දැනුනත් ඊට වඩා ඉදිරියට යන්නට ඇති ආශාව යීබෝව දිරිමත් කරන්නේය....

වෙලාව උදාවිය.......වේදිකාවෙ කෙළවර හිටගත් යීබෝගේ දෑස් කලු පටියකින් ලින් විසින් ආවරණය කලේය....

එසේනම් පිලිගන්න ...... යූ වැන්ශී නොහොත් වන්ග් යීබෝ .....................

.. කන් බිහිරි  කරව අත්පොලසන් නාදය අවසානයේ වාදනය ආරම්භ වන්නට විය......


අවසාන තත්පරයේදී දෑස් ආවරණය ඉවත් කරන මොහොතේ ඔහු දුටුවේ තමන් දෙසම බලාගෙන සිටින ශාන්ගේ මුහුණයි.... ඒ මුහුණෙහි  අර එදා වාහනය තුලදී යීබෝ  දුටු සුන්දර සිනහව තත්ත්පරයක් ඇදී නැතිවී යන අයුරු  යීබෝ  හොදින්ම දුටුවේය ...

උත්සවය තවමත් අවසන් වී නැති නිසාත් ලින් එතැන රැඳී සිටිය යුතු නිසාත් යීබෝ  ලෙලේ සමඟින් නිවසට ගියේය .... වොෂ් එකක් දමාගෙන  ඔහු පිටතට එනවිට බින් දුරකතනය යිබෝ  දෙසට ඔසවා පෙන්වීය....

........................................................................

Xiao studio ....
20.18 pm......

𝗟𝙰𝚂𝚃𝙸𝙽𝙶 𝙶𝙻𝙴𝙰m.... 𝗟𝙴𝙾𝙽𝙸𝙽𝙴 𝚅𝙰𝙻𝙸𝙰𝙽𝚃..

Wang yiBO ........


",ඔන්න බොසා ෆන්ෂන් එකේ ඉන්න ගමන්ම වැඩේ දීලා..."

යීබෝ තවමත් ඔහුගේ පින්තූර සහ කැප්ෂන් එක දෙස බලාගෙන සිටින්නේය...

" මොකක්ද බං lasting gleam ...leonine valiant කියන්නේ....."

බින් යීබෝ අසලට එමින් ඇසුවේය ....

" ස්තීර දීප්තිය.....සිංහයෙකු වැනි දිරිමත්...."

යීබෝ  කල්පනාකාරී ලෙසින් කීවේය...

" මොකක්ද ඒ හැමදාම දාන කැප්ෂන් වල තේරුම....එතකොට ඇයි එයා එදා B  අද l හයිලයිට් කලේ......"

බින් යීබෝගේ මුහුණ දෙස බලමින් ඇසුවේය ....

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

දිනෙන් දින දකින ඔය සොඳුරු රුව ඉස්තරම්..
තිගැස්සුවෙ හදගැස්ම හැමතිස්සෙ කොයිතරම්..
සැඟවෙන්න හැදුවාට ඔය නෙතින් මොනතරම්..
සොයන්නේ ඇයි නුඹව මගෙ දෑස මේතරම්..

දරන්නට බැරි තරම් හෙළන නුඹෙ නෙත් කැලුම්...
නිසාවෙන් මං ඉන්නෙ හදවතේ බැඳ යදම්..
විටින් විට ලැබෙන සුන්දරම වූ ඔය බැලුම්..
නොදැනීම මුළු සිතෙම පිරෙව්වේනම් උදම්..

රෙඩ් වයින් හට... ❤️•
යීබෝගෙන්... 💚....

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් ආදරණීය කවි පෙලක් .....💚❤️💛.....

**
**
**
**

මතුසම්බන්ධයි ...

📚 Ru shi .........

.........................................................................

✒️ අන්තිමට බින් යීබෝගෙන් අහපු ප්‍රශ්නෙම මම ඔයාලා ගෙනුත් අහනව උත්තරයක් දෙන්න බලන්න...

✒️ කතාව බෝරින්ද ළමායි....

✒️ හෙට යාවෝ කුමාරයා එක්ක එන්නම්...

✒️ හැමෝම පරිස්සමට ඉන්න .. 💚❤️💛

Continue Reading

You'll Also Like

281K 48.7K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
56.2K 14.1K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...
568K 49.4K 29
Taekook Fanfiction Jeon Kim Own creation
124K 21.8K 47
ඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්