Taehyung pov...
මන් ඔම්මට ඕන කරන බඩුත් අරන් හොස්පිට්ල් එකට යන්න පිටත් වුනා. මට මතක් වුනේ නම්ජුන් හියුන්ග්ව මන් දැන් දවස් දෙකකින් රෙස්ටුරන්ට් එකට ගියේ නෑ හියුන් බය වෙලාද දන්නෙත් නෑ ඒ නිසා.. මට හිතුනා..
කෝකටත් අද ඒ පැත්තෙන් ගිහින්ම හොස්පිට්ල් එකට ගියා නම් හරි, එච්චර හවස් වෙලත් නෑනේ තවම..
මන් හෙමින් හෙමින් ආවේ රෙස්ටුරන්ට් එක පැත්තට මන් දැක්කා හියුන්ග් ටේබල් එකක් පිහදදා අතුගානවා. මන් රෙස්ටුරන්ට් එක ඇතුලට ගියේ හියුන්ග්ටත් කතා කරගෙනමයි එයා කොස්සත් පැත්තකින් තියලා මන් ලගට දුවන් ආවා...
"අනේහ් ටේ...."
"හියුන්ග්..."
"මොකද වුනේ ටේ දවස් දෙකක්ම ආපු නැති නිසා මන් බයත් වෙලා හිටියේ, අඩුම ඔයාගේ නම්බර් එකවත් නෑනේ මන් ගාව.."
"අනේ සොරි හියුන්ග් මන් මේ දවස් දෙකේ පොඩ්ඩක් බිසී වුනා. අනික අද උදේ ඔම්මව හොස්පිට්ල් ඇඩ්මිට් කරාහ්..."
මන් මේ දවස් දෙකේම වෙච්ච සිද්ධි හියුන්ග්ට කිව්වා...
"ටේ ඔම්මට හුගක් අමාරුයිද?"හියුන්ග් මට වාඩි වෙන්න කියලා එයත් මගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ඇහුවා..
"ම්ම්හ් ඒත් ඔම්මා ඒ වගක් පෙන්නන්නේ නෑ මට බයයි හියුන්ග්..."
"ටේ හිතන්න එපා ඔම්මට ඉක්මනින් හොඳ වෙයි.."හියුන්ග් කිව්වේ මගේ පිටට තට්ටුවක් දාන ගමන්. මන් ඉතින් හියුන්ග් දිහා බලලා ලාවට හිනා වුනා..
"ඉතින් ටේ ඔයා මේ හොස්පිට්ල් යන ගමන්ද මෙහේ ආවේ.."
"ඔව් හියුන්ග්, හියුන්ව මතක් වුනා හී...."
"අනේ කොල්ලෝ, ඉන්නකො මන් ඔයාට උණුවෙන්ම කෝෆි එකක් හදන්න..." හියුන්ග් කිව්වේ මන් ලගින් නැගිටින ගමන්
"හී හරි හියුන්ග් ඉන්න මාත් එනෝ..."
"හරි හරි..."
හියුන්ග් මා එක්ක කතා කර කරම මටයි එයාටයි දෙන්නටම කෝෆි දෙකක් හදන් මටත් එකක් දුන්නා. මන් ඉතින් ඒක ටිකක් නිවෙනකම් ඉදලා බොන්න ගත්තා.
"හියුන්ග්..."
"ඕ ටේ රහ නැත්ද??"
"හියුන්ග් මේක පට්ට රසයි මන් බිව්ව හොඳම කොෆී එක..." මන් කිව්වේ හිනාවෙලාමයි...
"බොරුවක් කිව්වා ටේ..."
"බොරු නෙවෙයි අනේ ඇත්ත..."
"හ්ම්ම්.. ටේ එහෙනම් දැන් ගියොත් හොඳයිනේ.."
"ම්ම්ම් ඔව් හියුන්ග්..."
"හියුන්ග්..."
"ඕ කියන්න ටේ..."
"මට සතියක විතර නිවාඩුවක් දෙන්න පුළුව....."
"ආ ටේ ඕක අහන්න ඕන්නෑ ඔයාට පුළුවන් වුන දවසක එන්නකෝ ආපහු වැඩට. මාත් එන්නම්කෝ ඔම්මව බලලා යන්න..."
"අනේ තෑන්ක්යූ හියුන්ග්..."
"අයියෝ තෑන්ක් එපා කොල්ලෝ, පරක්කු වෙන්න කලින් යන්න..."
මන් හියුන්ටත් සමු දීලා රෙස්ටුරන්ට් එකෙන් එළියට ඇවිත්. බස් එකක් එනකම් ටිකක් වෙලා බස් හෝල්ට් එකේ ඉන්න වුනා...
ටික වෙලාවකින් මන් බස් එකේ ඇවිත් හොස්පිට්ල් එක ලග බැස්සා. හොස්පිට්ල් එකේ ඇතුලටම ආපු මම බෑග් ටිකයි ඔම්මට ගත්තු කෑම ටිකයි අරන් ඔම්මගේ රූම් එකට ගියා. මන් යද්දී ඔම්මා නිදි. ගෙනාපු බඩු මේසේ උඩින් තියලා පොඩි බෝල් එකක් අරන් මන් ගෙනාපු සුප් එක ඒකට දැම්මා..
"පුතා..."
"ආ ඔම්මා ඇහුරුනාද?"
"ඔව් පුතා, කොයි වෙලේද පුතා ආවේ.."
"ආ මේ දැන් ආවා විතරයි ඔම්මා. මන් ඔම්මා ලගින් වාඩි වෙන ගමන් කිව්වා.."
"ම්ම්ම් ඔම්මා මන් ඔයාට සුප් එකක් හදන් ආවා, බොමුද දැන්?" ඔම්මා ඔලුව වැනුවම මන් මේසේ උඩ තිබ්බ සුප් බෝල් එක අරන් ඔම්මට පොවන්න ගත්තා..
"ම්ම්ම් ඇති..."
"අයියෝ ඔම්මා තවම බාගයක්වත් බිව්වේ නෑනේ..."
"මන් පස්සේ බොන්නම් පුතා දැන් ඇති.."
"හ්ම්ම්..."මන් සුප් එක මේසේ උඩින් තියලා වහලා ආපහු ඔම්මා ලගින් ඇවිත් වාඩි වුනා...
"පුතා.."
"ඕ ඔම්මා..."
"පුතා හෙට කැම්පස් යනවා නේද?"
"නෑ ඔම්මා..."
"ඒත්..."
"ඒත් නෙවෙයි ඔයා හොඳටම හොඳ වෙලා ගෙදර එක්කන් යනකම් මන් ඔම්මා ගාවින් ඉදන් ඔයාව බලාගන්නවා එච්චරයි..."
"පුතා ඔයාගේ වැඩ මගහැරෙනවා නේහ්..."
"ඒවා මන් ජිමින්ගෙන් ඉල්ලම් ලියා ගන්නම් හරිනේ..."
"ඒත්...."
"ඔම්මා, මෙන්න මන් ඔයාට පලතුරු ටිකක් අරන් ආවෝ.."එක පාරටම දොරත් ඇරන් කෑගහගෙන ආවේ කවුද බලන්න මන් හැරුනා ආ මේ ජින් හියුන්ග්නේහ්..
"ආ ටේහ්යුන්ග් ඔයත් ඇවිත්නේහ්..."
"ඔව් හියුන්ග්..."
"මන් ඔම්මට පලතුරු ටිකක් ගෙනාවා මේ ටික එහෙනම් මේසෙන් තියන්නම්..."
"අයියෝ හියුන්ග්..."
"හී.. ඉතිම් ටේහ්යුන්ග් ඇවිත් ගොඩක් වෙලාද?"
"ආ නෑ හියුන්ග් දැන් විනාඩි දහයක් වගේ..."
"ම්ම්ම් ඔම්මා.. ජින් හියුන්ග් ඔම්මා ලගට ආවා..."
"ඔයා බෙහෙත් ටික බොනවා නේද වෙලාවට, මන් නර්ස් කෙනෙක්ටත් කිව්වා බලන්න කියලා..."
"ඔව් පුතේ බොනවා.."
"හොඳ ඔම්මා.. ආ ටේ ඒක නෙවෙයි ඔයා හෙට යුනී යනවා නේද?" අයියෝ ජින් හියුනුත් ඒ ප්‍රශ්නෙමයි..
"නෑ හියුන්ග් ඔම්මව බලාගන්න ඕනා..."
"ටේහ්යුන්ග් ඔම්මව මට බලාගන්න පුලුවන් ඔයාගේ ලෙක්චර්ස් කට් කරගන්න ඕන්නෑ. හෙට ඔයා යුනී යන්න ලෑස්ති වෙන්න ගෙදර ගිහින්..."
"හියුන්ග් ඒත් ඒක හරියන්නෙ නැහැ..."
"මොකක්ද හරියන්නේ නැත්තේ ආහ්හ්, ඔයා හෙට යුනී යනවා එච්චරයි නේද ඔම්මා..."
"අ..ආහ් ඔව් පුතේ යන්න ඕනේ ඔයා..."
"අනේ ඔම්මා එතකොට....." අයියො ජින් හියුන්ග් මන් දිහා ඔරවන් බලන් ඉන්නවා...
"හරි හරි යන්නම්..." මන් රවන ගමන් කියලා දැම්මා..
"හොඳ ළමයා.. මේ ටේහ්යුන්ග් ටිකක් එලියට යන්න එන්න පුළුවන්ද.."
"ආ හරි හියුන්ග්..."
"ඔම්මා එහෙනම් මම යනවා. ටේව එවන්නම් ඉක්මනින්"
"හරි පුතේ..."
ජින් හියුන්ග් පස්සෙන් මම ආවා. එයා ඇවිත් නතර වුනේ බැල්කනී එකේ...
"ටේහ්යුන්ග්..."
"කියන්න හියුන්ග්..."
"ම්ම්ම් අහන්නකෝ ඔයා ඔයාගේ studies මගහැර ගන්න ඕනේ නෑ ටේ. අනික ඔයා පාට් ටයිම් ජොබ් කරනවා නම් ඒවා නවත්තලා දාන්න. මන් ඔය දෙන්නා ගැන බලන්නම්."
"ඔයා ඔයාගේ යුනී, තව තියෙන වැඩ ටික කරගෙන ඔම්මව බලන්න එන්න හරිද? එතකොට ඔම්මටත් සතුටුයි එයා හැමතිස්සෙම හිතනවා එයා නිසා ඔයාගේ වැඩ මග ඇරෙනවා කියලා...."
"එ..ඒත් හියුන්ග් මගේ වගකීම් නේහ් ඒවා. අනික මන් ඒ දේවල් සතුටින් කරන්නේ. ඒ දේවල් කරා කියලා මන් කවදාවත් මගේ වැඩ මගහැරගෙනත් නෑ හියුන්ග් ඉතින් ඒක මට සුලු දෙයක්. අනික හියුන්ග් දැනටමත් ගොඩක් අපිට උදව් කරලා තියෙනවා එහෙම එකේ තවත් වද දෙන එක හරි නෑනේ..."
"ඔව් ටේ ඒක ඇත්ත. ඒත් මන් කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. අනේ කොල්ලෝ මේ මට ඒක වදයක් නෙවෙයි ඒ දේවල් මන් කැමැත්තෙන් කරන්නේ ඒවට එක එක ඒවා කියන් එන්න එපා හරිද..."
"හ්ම්ම්... අම්මෝ හරි හරි හියුන්ග් මන් මුකුත් කියන්නෑ..."
"අන්න හොඳයි මොනා හරි කියන් ආවොත් නේහ්..."
"හිහිහි.."
"ආ ටේ ඔයාට පුළුවන් තව ටිකකින් මාත් එක්කම ගෙදර යන්න මන් පොඩි වැඩ වගේකට එළියට යනවා..."
"හරි හියුන්ග්, මන් ඔම්මව බලලා එන්නම් එහෙනම්..."
" හරි ටේ, ගේට් එක ගාවට ඇවිත් ඉන්න තව පැය කාලකින් විතර..."
"හරී..."
මන් ඔම්මගේ රූම් එකට ආවා. මන් ඇතුලට එද්දි ඔම්මා පොතක් කියවනවා. ඕහ් පොත ආහ් අර පොත දැන්නේ මතක් වුනේ ඒක ගැන ඔම්මගෙන්අහලා බලනවාද? බනීද ඒක පෙන්නන්න ගියොත්.. නෑ බයින එකක් නෑ අහලා බලමු...
මන් ඔම්මගේ ඇඳුම් ගෙනාපු බෑග් එකේ තිබ්බ පොඩි සාක්කුවෙන් ඒ පොත අරන් ඔම්මා ගාවට ගියා.
"ආ පුතා ඇවිත් නේහ්.."
"ඔව් ඔම්මා ඔයා පොතට සමවැදිලනේ හිටියේ දැක්කේ නෑ මාව..."
"ඒක තමයි මේ පොත ජින් පුතා ගෙනත් දුන්නේ."
"ආ...ඔම්මා මේ...."
"ආ ඔව් පුතා... ඒ පුතේ ඔය අතේ තියෙන්නේ මොකක්ද?"
"මේ..මේකද ඔම්මා මේ පොතක් ඔම්මගේ අල්මාරියෙ තිබිලා මට හම්බුනේ. ඔම්මගෙන් මේක ගැන අහන්න මන් අරන් ආවේ.. %"
"ඕ දෙන්න බලන්න පුතේ ඕක..." මන් ඔම්මට ඒ පොත දුන්නා. ඒක අතට අරගෙන ඔම්මා ඇරලා බලනවත් එක්කම එයා ටිකක් ගැස්සුනා...
"ඔ...ඔම්මා..."
"අ.. ආහ් ඔ..ඔව් පුතා.. ආ මේක මගේ යාලුවෙක්ගේ ඔයා මේක තිබුන තැනින්ම තියන්න. බලන්න යන්න එපාහ්..."
"ආහ් ඒ ඇයි ඔම්මා??.."
"මේක මගෙ දෙයක් නෙවෙයිනේ, ඒ කෙනාව හම්බුනාම දෙන්න තියාගෙන ඉන්නේ මන් ඒත්......"
"ඒත් කියන්නේ ඔම්මා..."
"මන් ඒ ගැන විස්තර හෙට කියන්නම්කෝ හරිද? පුතාට දැන් පරක්කු වෙනවා නේහ්. ඒ නිසා දැන් යන්න... "ඔම්මා ඒ ගැන කතා කරන්න කැමති නෑ වගේ... හ්ම් කමක් නෑ මන් අහන්න යන්නේ නෑ....
"හ්ම්ම් හරි ඔම්මා... වෙලාවට කන්න ඕනේ හරිද? බෙහෙත් ටිකත් බොන්න හොඳේ..."
"හරි පුතේ..."
"මම උදේට එනවා හොඳේ?"
"යුනී යන්නේ නැද්ද පුතේ හෙටවත්... "
"යනවා ඔම්මා ඊට කලින් එනවා ඔම්මව බලන්න..."
"හරි පුතේ..."
"මන් එහෙනම් යනවා ඔම්මා, පරිස්සමින් ඉන්න..."
"ඔයත් පුතේ පරිස්සමින් යන්න..."
මන් ඔම්මට සමු දීලා ආවේ හොස්පිට්ල් ගේට් එක ගාවට ඒත් එක්කම ජින් හියුනුන් ගේට් එක ගාවට ඇවිත් කා එක නැවැත්තුවා. ජින් හියුන්ග් එක්ක කතා කර කරම ගෙදරට හැරෙන තැනටම ආවා දැනුනෙවත් නෑ. ජින් හියුන්ග්ටත් සමු දීලා ගෙදරට එන්න පාරෙන් හැරුනා..
ඈත තියාම මන් දැක්කා ගේ ඉස්සරහ බයික් එකක් නවත්තලා තියෙනවා. ඒහ් කාගෙද ඕහ් ගේ ඉස්සරහ කවුරු හරි ඉන්නවා නේද?
මන් ඉක්මනට ගේ ගාවට ආවා ඒ එද්දි දැක්කේ ඒ දේහ්යුන්ග් අන්කල් අදත් සල්ලි ඉල්ලලා වෙන්න ඇති, මේ මනුස්සයට කොච්චර සල්ලි දුන්නත් මදි ඒ දවස් දෙකක් යන්න කලින් සල්ලි හොයන් එනවා. පැනගන්නවත් තියෙන්නේ දකින්න කලින්...
"ආහ් මේ ඉන්නේ කොල්ලා...."හපොයි දැක්කානේද...
1200 words
___________________________
හායි...
මන් මේක onhold දැම්මා. මේක ටයිප් කරලා තිබ්බ නිසා දැම්මා. ප්ලොට් එක මතක නෑ අයියො ලියන්න, ප්ලොට් එකක් හදාගෙන මීට වඩා හොඳට දෙන්න බලන්නම්. ඒම බැරි වුනොත් unpublish කරනවා හේ....
තෑන්ක්ස් ඔයාලට මේක කියවනවට...
බායි.....
👀❤️🩹
Sanindhi...