Survived by 24 Hours | Myster...

By Hazoo_Shigeta

1.2K 338 717

"කාගෙද මේ පුස්තකේ ! ගිහින් දාහන් මේක අර ගිනි ගොඩට !" "ෂ්... කටවහන් හිටහන් ගොන් උලමා ! මේක කාගෙ හරි ඩයරි එකක්... More

Intro ✨️
#1-The Beginning
#3-Memorizing
#4-I need the light
#5-Come come into my world
#6-Don quixote
#7-About you
#8-What the hell?
#9-Something went wrong
#10-How Can I explain it?
#11-I need that heart
#12-Reality
#13-Dream
#14-Timeless
#15-If it is,
#16-Sometimes
#17-Won't let you down
#18-Has it happened?
#19-The truth untold
#20-Becoming closer
#21-Till The End
#22-Nothing To Say
#23-To You
#24-Upside Down
#25-Few Days Left
#26-Continue Reading
#27-Up To You
#28-The End
A/n's note

#2-I'm right here

72 15 33
By Hazoo_Shigeta

At neighbor's house ⤵

Hoshi : උඹ යන කුන්ඩවාලෙක පලයන් ! මට නම් ඕවට වෙලාව නෑ ! උඹ දන්නවනෙ අර හොට් චොක්ලට් කෑල්ල කොච්චර රසද කියලා??

Woozi : අන්නේකයි.. මුගෙ හොට් චොක්ලට් එක නිසා මටත් එන්න වෙන්නෑ සහෝ ! උඹ පලයන් ඕනි කුන්ඩවාලෙක !

ඒ ඩබල ඩීකේ කීව ටුවර් එකට විරුද්ධ වුනේ ඇත්තටම අර හෝෂි කීව හොට් චොක්ලට් කෑල්ලක් නිසා නම් නෙවේ..

Dk : උඹලා මහ අවස්ථාවාදි මිනිස්සු බන් ! වූසියා ? සුපර් ග්ලූ ටිකක් ගන්න නැද්ද?

Woozi : අර මක්කටද?

Dk : මගෙ හාට් එක උඹලා එකතු වෙලා කීතු කීතු කළානෙ !? දැන් ගම් ටිකක් දියන් මැරෙන්න කලින් ඒක අලවගන්න !!

ඩීකේ එහෙම කීවෙ කුපාඩි මූණකුත් දික් කරගෙන හදවතට උඩින් අත් දෙකත් තද කරගෙනමයි..

Hoshi : මෙහෙ ඇති ගුලුවක් නෑ ! ඕනිනම් හොටු ටිකක් දෙන්නම් !! ඕනිද?මේවා ඔරිජිනල් බඩු බන් !

හෝෂි ස්ටඩී ටේබල් එකේ කකුල් දෙකත් තියාගන්න ගමන් නහයට ඇගිල්ලක් දාලා ඩීකේගෙන් එහෙම ඇහුවෙ උදේම ඔය ගොල්ල වරිගෙ හිනස්සලා ලේ ටිකක් පිරිසිදු කරගන්න හිතන්..

Dk : හුවාආ ! උඹලා මහ චපලයි බොක්කලා ! තොපි එන්නැත්තම් මම තනියම හරි යනවා !

Woozi : හා..රි හා..රි ! දැන් උඹ කොහේ යන්නෙ?

Dk : යන්නෙ? යන්නෙ අපායට !

Hoshi : උඹ එහෙට ගියහම අර යමයා හම්බුනොත් කියහන් මම මතක් කළා කීවා කියලා.උඹලා දන්නැති වුනාට ඌ ඉස්සර මගෙ බොක්ක බන් ! ඌ මාව කටු ගහේ නැග්ගුවෙත් නෑ.උණු වතුර බේසමක නෑව්වෙත් නෑ ! උඹ කියහන් හෝෂිගෙ බොක්කක් කියලා.එතෝට ඌ සලකලා බලයි උඹ ගැන !

හෝෂිට ඒකත් ඇති මේ ලෝකෙ නැති කතාවක් කොහෙන් හරි ඒ මැද්දට අමුණලා ගන්න.හැබැයි ඉතින් උදේම හිත පිරිසිදු කරගන්න ඕනි නම් හෝෂි හම්බෙන එක තමා හොඳම දේ..

*A phone started to ring*

Woozi : අන්න උඹෙ බබා අඬනවා !

ඒ වෙලාවෙ අහම්බෙන් වගේ ඔය තුන් දෙනාගෙන් එක්කෙන්ගෙ ෆෝන් එකක් රින්ග් වෙන්න පටන් ගත්‍තු නිසා අර ටුවර් එකට පොඩි බුක්මාක් එකක් දාන්න සිද්ධ වුණා..

Dk : මුගෙ බබා නෙවේ ! මුගෙ චොක්ලට් බබීබෙ බබා !

ඩීකේ හරි.ඇත්තටම කීවොත් ඒ රින්ග් වුනේ අර හෝෂි උස්සව්වයි කියපු කෙල්ලගෙ ෆෝන් එක.

Hoshi : කාලා වරෙන්කො !!

ෆෝන් එක අතට ගත්තු හෝෂි ඒකෙ සේව් කරලා තිබ්බ නම දැකලා උඩින් ගිහින් පුඩින් නොවී අන්ත දශමෙකින් නතර වුනේ කරකියා ගන්න දෙයක් නැතුව.

Woozi : උස්සහන් ! කාගෙන්ද ඇමතුම?

Dk : කොහොමද උඹෙ පඬි ටෝක්ස්!? දැන් කෝල් එකක් ආව සැනින් වෙවුලන්නත් අරගෙන ! හූයියා ! හූ හූ..

පාප මිත්‍රයන්ගෙ අවලාද මැද හෝෂි එක කෝල් එකක අතරමං වෙලා හිටිය ඒ වෙලාවෙ දෙයියො ඇරෙන්න හෝෂිට උදව් කරන්න වෙන කවුරුත්ම හිටියෙ නෑ..

Hoshi : අප්පා බන් !! අප්පා !!!!

Woozi : හුටා ! මුගෙ අප්පා ඉන් ලෝ කතා කරනෝලු මේන් !!

Dk : කාලා වරෙන්කො අද !!

Hoshi : අප්පා !?? දෙයියා !?? මාව රැකගනියෝ...

හෝෂි දස අතේ වැඳපු වැඳිල්ලට ඒ වෙලාවෙ දෙයියො හෝෂි දිහා ඇහැ කොනෙන් හරි බැලුවා..

ඒක නිසාම ඒ කෝල් එක පොඩි වෙලාවක් රින්ග් වෙලා මිස්ඩ් කෝල් එකක් විදියට කට් වෙලා ගියා ඉබේම වගේ.

Woozi : නාඩා ඉඳින් ! අන්න දෙයියෝ බලලා !!

Dk : එහෙනම් දෙයියොත් උඹලයෙ පැත්තෙ නෙ??

Hoshi : අඩේහ් ! පහයි වෙලාව !!?? ඉක්මනට ලෑස්ති වෙයන් වූසියා ! ඩීකේයා !! අරූ ඇවිල්ලත් ඇති බොලව් ! යන ගමන් මේ හුචක්කුව අර කෙල්ලට දෙන්නත් ඕනි..

ඒ වෙලාවෙ තමා හෝෂි නිකමට වගේ එලාම් එක පැත්තට හොම්බ දැම්මෙ.බැලින්නම් යුනිවර්සිටි යන වෙලාවත් ළඟයි ඒ වෙද්දිත්..ඒක නිසාම හෝෂි නිකන් කුල්ලපු වුන කොටියෙක් වගේ එහෙට මෙහෙට දුවන්න පටන් ගත්තෙ අහල පහල හිටිය එවුන්ටත් හොඳවයින් දෙකක් ඇනගෙන..

මේ වෙද්දි..

At Kwan's house ⤵

Kwan : ඩිනෝ !! නැගිටහන්කො මල්ලි !!!!! මට පරක්කුයි බන්න්න් !

ක්වන් කොච්චර කළත් වැඩක් නෑ ඩිනෝ නම් හැදෙන්නෙම නෑ.වතුර කෝප්පයක් නාපු සැනින් ඩිනෝ ස්කූල් යුනිෆෝම් එක ඇඳගෙනම ස්ටඩී ටේබල් එකෙන් වාඩි වුනාට ක්වන් අයෙම එද්දි ඩිනෝ හිටියෙ ටේබල් එකේම ඔලුව ගහන් හොඳටම නිදාගෙන.

Dino : ඔම්මාආආආආ ! මට ඉක්කෝලෙ යන්න බෑ අයියූ !!

Kwan : ඔම්මා පෙන්නවා දැන් මං තොට ! උඹ ඕනි වෙලේක වරෙන් මම යනවා ! අන්න කෑම ලෑස්තියි !! කාලා බීලා කරන මගුලක් කරන් වෙලාවට ඉස්කෝලෙට යනවා !

අන්තිමට ක්වන් එහෙම කියන් ඩිනෝගෙ ඔලුවට හොඳ ටොක්කකුත් ඇනලා හෝෂිලා එක්ක යුනිවර්සිටි යන්න පාරට බැස්සා..

At street ⤵

(*Started to bow*)

?? : ඔ.. ඔහ්? අන්‍යොංහසේයෝ !! එක්ස්කියුස් මී? කැන් යූ හෙල්ප් මී? අයි.. අයි නීඩ් අ හෙල්ප් !

ක්වන් එලියට බැස්ස සැනින් ක්වන්ට මුණ ගැහුන පළවෙනි කෙනාම ක්වන්ගෙන් ඇහුවෙ උදව්වක් කරන්න පුළුවන් ද කියලා.ඉතින් ක්වන් කොහොමද උදව් නොකර ඉන්නෙ..

Kwan : යස්.. ෂුවර්..

?? : ඇක්ෂුවලි.. මම කොරියාවට තවම අලුත්.මට පුළුවන් ද මේ එඩ්‍රස් එක හොයාගන්න?

ක්වන්ගෙන් උදව් ඉල්ලුවෙත් ක්වන් වගේම කොල්ලෙක්.එයා ක්වන්ගෙන් ඇහුවෙ ඇඩ්‍රස් එකක් ගැන.

Kwan : ඔහ්.. මේක? මම හිතන්නෙ අර එහා පාරෙ තියෙන විලා එක වෙන්න ඇති.පොඩ්ඩක් ගිහින් බැලුවනම් හරි..

ක්වන් එහෙම කියන් ඒ කෙනාට ඔලුව නමලා ආචාර කරලා එයාගෙ ගමන ඉස්සරහට ගියා..

(*Step step × 10*)

Kwan : ඔහ් ? මේ?? අඩෝ හැන්සොල් !! උඹ මෙහේ??

ක්වන් හෝෂිලගෙ ගෙදරට යද්දි ඊළඟට ක්වන්ට මුණ ගැහුනෙ හැම්සොල්ව.හැන්සොල් කියන්නෙ ක්වන්ගෙ හොඳම යාලුවෙක් වුනාට ගොඩක් කාලෙකින් එයාලට එයාලව මුණ ගැහුනෙ නෑ..

ඒත් එදා ඒ ගොල්ලො ලොකු කාලෙකට පස්සෙ ආපහු මුණ ගැහුනා..

Hansol : අඩෝහ්?? කොල්ලා හැන්ඩ්සම් වෙලාද මංදා??

Kwan : පල පල ! ඉතින් උඹ මොකෝ මෙහෙ?

Hansol : මම ආවෙ මගෙ කිඹුල් තඩියව හොයන් ! උඹ දැක්කෙ එහෙම නෑද??

Kwan : ආයිශ්!!! ඌ ද? අන්න අරෙහෙ ඇති ! ගිහින් හම්බෙයන්..මං යනවා ! යුනි යන්න පරක්කු වෙනවා !

ඇත්තටම කීවොත් හැන්සොල් ඇවිත් තියෙන්නෙ ක්වන්ගෙ මල්ලිව මුණ ගැහෙන්න.මොකද කීවොත් හැන්සොල්ට හිටිය හොඳම යාලුවා තමා ඩිනෝ කියන්නෙ..

අන්තිමට ක්වන් හෝෂිලට සෙට් වෙන්න ගියේ හැන්සොල්ට ඩිනෝව හම්බෙන්න යන්න පාරත් පෙන්නලා දීලා..

Infront of neighbor's house ⤵

Kwan : ඔහ් ! ම්.. මේක කාගෙද? මේ ඩයරි එකක් නේහ්?

ක්වන් අහම්බෙන් වගේ දැක්කෙ පාර මැද වැටිලා තිබුනු නිල් පාට පිටකවරයක් තියෙන ඩයරි එකක්.

සාමාන්‍යයෙන් ක්වන් ඔය ඩයරි සම්බන්ධ වැඩ කරන නිසා එයාට ඒ වෙලාවෙ ඒක අහුල ගන්නැතුව ඉන්නම බැරි වුණා..

ඒ පොත අතට ගත්තු ක්වන් වටපිට බැලුවෙ ඒකෙ අයිතිකාරයාව හොයා ගන්න වුනත් ඒ වෙලාවෙ ඒ අහළක ක්වන් ඇරෙන්න හිටියෙ කාක් කාක් ගගා කුණු හොයන් ඇවිදින කපුටො ටිකක් විතරයි.

කරන්නම දෙයක් නැති නිසා ක්වන් ඒ ඩයරි එක අරන් එයාගෙ බෑග් එකට දාගත්තා.අන්තිමට ක්වන් කෙලින්ම ගියේ හෝෂිලගෙ ගේ අස්සට.

Knock knock*

Dk : ආහ් ! වනක්කම් එහා ගෙදර දොඩම් කොල්ලා !!

ක්වන් ආව ගමන් එයාව පිළිගන්න මැද්දට පැන්නෙ ඩීකේ.ඒ වෙලාවෙ ඩීකේ හිටියෙ මූණට පොඩි ස්කින් කෙයා එකක් කරන ගමන් නිසා ඩීකේව දැක්ක ගමන් ක්වනුත් හොල්මන් වෙලා ගියා..

Kwan : අහ්? මේ මූ නේ?? ගුඩ් මෝනින්ග් ඩීකේ ‍! කෝ අරුන් දෙන්නා?

Dk : අහම්.. එකෙක් ඇති ලැට් වලේ..අනිකා ඇති ලිප් බොක්කෙ ‍! උඹට අඟුරු පිටින්ද ඕනි නැත්තම් ....?

ඩීකේගෙ ආතල් එක්ක ක්වන්ට බඩ පැලෙන්නම හිනා..

Hoshi : අඩෝහ් කෝමද හඳ පලුව? වරෙන් වරෙන් අපි ටූ ලේට් බන් !! මේ හුචක්කුව දීගෙන යන්නත් ඕනි !

ඒ අස්සෙ හෝෂි කොන්ඩෙත් හද හද එහෙම කියන් ක්වන්ලා ළඟට ඇවිත් හැතැම්මක් නැති කොටි නාම්බෙක් වගේ වේගෙන් ක්වන්වත් ඇදන් යන්න ගියා..

At outdoor ⤵

Kwan : මොනා හරි අඩු නැද්ද බන්?

Hoshi : නෑ නෑ ! ආයෙ මොනා අඩු වෙන්නද? උඹ ඩයට් කළා නම් උඹෙ බර අඩු වෙන්නත් තිබ්බා හැබැයි.ඊට අමතරව මොකුත් අඩු නෑ..උඹ යටිතල පහසුකමක්වත් අමතක කරලද ආවෙ??

Kwan : ආයිශ් නෑ බම්ලෝ !! කෝ වූසියා??

ක්වන් අඩුවක් ගැන ඇහුවෙ වූසි එතන හිටියෙ නැති නිසා වුනත් හෝෂි ඒක තේරුම් ගත්තෙ වෙන විදියකට..

Hoshi : අහ් ! අම්මට සිරා....!?? කෝ මේකා?? කොහෙද ඉතින් මී පැටියෙක් වගේ හැම රෙද්දෙම රිංගනවා විතරයි ! ඔය කොහෙ හරි රිංගන් ඇති මෙලැහැකටත් ! ඕනිනම් එන්නෙ නැතෑ !! එක්කො උඹ හිටහන්.. මම ඉක්මනට ගිහින් මේ හුචක්කුව භාර දීලා එන්නම්.. ඕකේ?

හෝෂි එහෙම කියන් ක්වන්ව එතන නවත්තලා යන්න ගිය ගමන ඉස්සරහටම ගියේ අර කෙල්ලගෙ ෆෝන් එක ආපහු දෙන්න ඕනි නිසා.

හෝෂි කෙලින්ම ගිහින් නතර වුනේ ඒ පැත්තෙ තිබුනු ලොකු හයිස්කූල් එකක් ළඟ..

A girl : ආ... කොටි අයියා?? මොකෝ අදත් මේ පැත්තෙ ?? අපිත් එක්ක ඩේට් එකකට කැමතිද?

Another girl : ආව්ස් ආව්ස්... මොකෝ කියන්නෙ අද හවසට ඔයා ෆ්‍රී නම්...??

එනපොට නම් ඒ තරම් හොඳ නෑ කියන්න හෝෂි දැනන් හිටියා.මොකද කීවොත් ගේට් එක ළඟ හිටිය කෙල්ලො ටිකක් හොෂි එක්ක මගුල් නටන්න ආවනෙ එවලෙ..

?? : හුහ් !? ඩේට්?? වරෙන්කො උඹලට ඩේට් පයින්නම දෙන්න ‍!

A girl : ආව් !! මගෙ කොන්ඩේ !! ආයි අතාරිනවා!!!

Hoshi : හම්මට ! ඔය ආවෙ මගෙ හොට් චොක්ලට් කෑල්ල...

To be continued 💎

-----------------------------------

හොට් චොක්ලට් ටිකක් කමුද??

-heshi🌬️

Continue Reading

You'll Also Like

3.8M 160K 62
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.3M 31.6K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
815K 34.4K 43
She is Kim Sundeok. Only daughter of the Kim family. Only sister of the seven older boys.Twin baby sister of Jungkook. A household with chaos. Tro...
1.7M 82.3K 29
what happens if you were forced to get married to the most popular actor in South Korea, Jake Shim, and dump the person you have been waiting for yea...