මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
බස් එකෙන් බැහැල ගෙදරට ආව මම ඉස්සෙල්ලම දැක්කෙ පුංචි කාලෙ මම ඉස්කෝලෙ ඇරිල එනකම්ම මග බලන් උන්න ඒ ඇස් දෙකමයි....මගෙ සුදු ආච්චි ... වෙනද වගේම අදත් මන් එනකන් දොරකඩ ලගට ඇවිත් රෝද පුටුවට වෙලා බලන් ඉන්නවා. ........ ඇත්තටම වයසත් එක්ක ඒ ඇකිලිල ගිය පපුවෙ තාමත් මට උතුරන්න තරම් වෙනසක් නැතුව ආදරේ තිබුන ......
*************************************
" සුදු ආච්චිට මම කී සැරයක් කියල තියෙනවද මං එනකන් බලන් ඉන්න එපා කියලා. ..... ඔයා හොද නෑ සුදු ආච්චි. ...... සීය තාත්තා තාම ආවෙ නැද්ද ?"
"අදත් ටිකක් රෑ වෙයි කීව දරැවො..... දවල් ඇවිත් කාල එහෙම ගියේ. ...... වලව්වෙමැණිකෙ කීවයි කිව්වෙ කාමරයක් අස්පස් කරල දෙන්න කියල ..... වික්‍රමසිංහ හාමුගෙ පුතා ඇවිත්ලු ..ඒකයි මේ හදිසියේම කාමරය අස් කරන්න කියල තියෙන්නේ. ........"
"කවුරු. ..... සුදු ආච්චි ඔය කියන්නේ කා ගැනද...... "
"උඹට මතක නැතුව ඇති දරැවො. ..... කොහොමත් පුංචි හාමු මෙහෙන් යද්දී අවුරුදු දහයක් විතර මයෙ හිතේ ..... ශිෂ්‍යත්වෙ ඉහලින්ම පාස් උන නිසා කොලඹ ලොකු ඉස්කෝලෙකට ගියානෙ.....දැන් දොස්‌තර මහත්තයෙක්. .........."
" එහෙමද. ........ ...... වලව්වෙ හාමු වගේම ඇති එහෙනම්........ .......සුදු ආච්චි මම ගිහින් සීය තාත්තට උදව්වක් කරල එන්නම්. ........නැත්තන් එන්න ගොඩක් රෑ වෙයි...... "
" අනේ දරැවො ආව විතරයිනෙ ...... මහන්සිත් ඇති...... ."
"ඒකට මොකද. ..... "
හෙම්බිරිස්සාවට ද මන්දා මගෙ ඔලුවත් ටිකක් රිදුන උනත් ඇදන් හිටිය ඇදුම ගලවල ඇදුමකුත් දාගෙන මම වලව්ව පැත්තට ගියා............ ඇත්තටම වලව්වෙ මිනිසුන්ට උතුරන්න සල්ලි තිබුනත් උන්ගෙ හිත්වල මනුස්සකම කියන එක ගෑවිලවත් තිබුනෙ නෑ...... තිබුනන් තිබුනෙ මහ ලොකු වලව් කාරයො කියන පුහු මානය විතරයි ........ මොනව උනත් ගමේ ජීවත් උන අපි වගේ දුප්පත් මිනිස්සු එදා වගේම අදත් වලව්වට කඹුරනව............ මං එද්දීම වලව්වෙ හාමිනේ ගෙයි මිදුලට වෙලා බලන් උන්න........ එදා වගේම වෙනස් නොවුනු ඒ ඔසරි පොට හරි මාන්නෙන් අතට ගත්ත වෙනකොට මම ඒ දිහා බලන් උන්න. ....... උන් කරේ හැමදාම උන්ට ඉහලින් යන්න ගිය එවුන්ව පහලට ඇදල දාපු එක මිසක් අඩුම තරමේ එදා වේල හොයාගෙන කන මිනිස්සු කියලවත් නොබල උන්ව තවත් තලා දාපු එක විතරයි.................
" ආ .....මේ ඇවිත් ඉන්නේ. .......... ගුණදාස ගෙ කොලුවා නේද. ...... උඹට මොකද මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ. ......."
"සීය තාත්තා ......... කොහෙද ලොකුමැණිකෙ......... "
" ගුණදාස වැඩක් ....... මේ කාමරයක් අස්පස් කරනව........ "
" සීය තාත්තා දැන් වයසයිනෙ ඒ නිසා සීය තාත්තට වැඩ කරන්න අමාරැයි...... "
" එහෙව් කියල උඹ කියන්නේ.... පඩියකුත් දීල තව නිකං ඉන්න දෙන්න කියලද...... අපිට මේ එක එකාට නිකං පිංපඩි දෙන්න කොහෙවත් අමාරැ නෑ...... "
උපන්දා ඉදලම වලව්වටම කඹුරල වයසට ගිය සීය තාත්තට මුන් කියන කතාවට හෙන නොවැදුනොත් පුදුමයි. ....... එදා ඉදන් අද වෙනකම්ම දෙන සොච්චම් පඩියට ගන්න පුළුවන් උපරිමෙන් වැඩ මගෙ සීයතාත්තාගෙන් ගත්ත වෙනකොට සමහර දවස් වලට සීය තාත්තා නිදාගත්තෙ රෑ එලිවෙන ටිකට විතරයි ........ සීය තාත්තා වලව්වෙමුරකාරයා විතරක් උනාට වලව් තිබුනු හැම වැඩක්ම සීය තාත්තාගෙන් මුං කරව ගත්ත. .......
වික්‍රමසිංහ හාමුත් බස්තම අතේ තියාගෙන ගෙයි දොරකඩට වෙලා බලන් ඉන්නවා මං දැක්කා . ....... ......... මනුස්සකමක් නොගෑවුනු ඒ හිත් වල මොනව මේ මිනිස්සු පුරවන් ඉන්නවද...........කරන පින්පව් වලට අනුව මිසක්කා වලව්වෙ හාමුලද නැද්ද කියල බලල මේ මිනිස්සු ඊලග ආත්මෙ උපදිනවද.......
" මම කාමරේ අස් කරල දෙන්නම් ලොකු මැණිකෙ ...... "
" හා ....හා .... වරෙන්කො එහෙනම් ඔය වලව්ව පිටිපස්ස පැත්තෙන්. ... ..... "
අපිවගේ දුප්පත් එවුන්ට හැමදාම උනේ වලව්වට පෑගෙන දූවිල්ලක් ගානට වැටෙන්න වෙනකොට වලව්වෙමැණකෙ මට පිටිපස්ස දොරෙන් එන්න කීව. ..........මං යනකොට සීය තාත්තා පොත් රක්කයක් අස් කරනව.........
" අනෙ දරැවො. ...... මොකද මෙහෙ.... ?"
" සීය තාත්තා ........... ඔයා ගෙදර යන්න දැන්. .......මම මේ ටික අස් කරල දාල එන්නම්. ...
........."
" අනේ දරැවො ......... එහෙනම් අපි දෙන්නම මේ ටික අස් කරල ඉවර කරමු......"
" සීය තාත්තා දැන් ඔය වැඩ කරන්නේ දවල්ට බෙහෙත් ඒම බීලනෙ නේද......"
" ඔව් ....ඔව්....බිව්ව ලමයො....."
." මතකද එදා ඩොක්ටර් කීව වැඩිය මහන්සි වෙන්න හොද නෑ කියලා. ...... අනේ ....සීය තාත්තා. ...... මට ඉන්නෙ ඔයාල දෙන්න විතරයිනෙ. ......... ඉතින් මං පරිස්සම් කරන්න හදන එක වැරදියිද........ "
" එහෙම නෑ ....මගෙ දරැවො....... මං දන්නවනෙ පුතා කොච්චර අපිට ආදරේ කරනවද කියලා. ........හරි හරි දැන් ඔය මූණ එල්ලන් හිටිය ඇති......මං ගෙදර යන්නම්කො....... පරිස්සමට ගෙදර එන්න දරැවො හොදද....... "
"හ්ම්ම්ම් සීයතාත්තා පරිස්සමට ගෙදර යන්න "
සීය තාත්තා ගෙදර ගියා වෙනකොට මම කාමරේ අස් කරන්න ගත්ත....... රාක්කෙ පොත්වල දුවිලි පිදදාපු මං අපේ පුංචි ගේ තරමටම විශාල වුනු පුංචිහාමුගෙ කාමරේ පුරාම ඇස් යැවුව. ......... හරිම ලස්සනයි. ......... දූවිලි පිහදාපු නිසාද මන්ද හෙම්බිරිස්සාවට ම මගෙ ඔලුව කැක්කුමත් වැඩි උනා.......අපරාදෙ මට පැනඩෝල් පෙත්තක්වත් බීල එන්න තිබුනෙ. ..... දැන් කමක් නෑ තව ටිකයිනෙ මේ ටිකත් අස් කරලම දානව....... එන්න එන්නම වැඩි උන ඔලුව කැක්කුමත් එක්ක මම එහෙමම එතන තිබුන ඇදවියලට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්ත ...........
විනාඩි කීයක් එහෙමම මම හිටියද කියන්න මං වත් දන්නෑ. ........ මම ආයෙමත් ඇස් දෙක ඇරියෙ මගෙ නලලෙ රැදුන සීතල දෙයක් එක්ක....... ඔව්......ඒ අතක්. ...... ඒත් කාගෙද...... සුදු ආච්චි. ........... නෑ.. නෑ...... මම තාම...... ඉන්නෙ වලව්වෙ. .......... ක....කව්ද. ........ මම ඇස් අරිද්දී හිතුවෙවත් නැති කෙනෙක් මගෙ ඉස්සරහ හිටගෙන හිටිය වෙනකොට මම බයවුනු පාරට කාමරෙන් එලියට දීවා...........
"ඔහොම නවතිනව....... නෙලුම්. ......... "
කලබලේට දීව මට අන්තිමේට වලව්වෙන් එද්දී ඇහුනෙ ඒ කටහඩ විතරක් වෙද්දී මම ආයෙම නැවතුනෙ ගෙදර ගිහින්. ....... ඔලුවෙ තිබුන බර ගතියක් දැනුන බය නිසාම නැති උනාද මන්ද. ...... එයා කොහෙද මෙහෙ.......මම ඇස් අරිද්දී මගෙ ඉස්සරහ හිටගෙන හිටියෙ අද උදේ මල් ගන්න ආව ඒ ආඩම්බරකාර ඇස් දෙක වෙද්දී. ....මම හිටියෙ එයාගෙම ඇද උඩ වෙද්දී ... ........ ඒ වලව්වෙ පුංචි හාමුනේද කියල මතක් උන හැටියෙ මම ගොඩක් බය උනා....... ඇත්තටම මොන එහෙකට මට නින්ද ගියාද මන්ද. ............. එතකොට කවුද නෙලුම් කියන්නෙ. .......
***********************************
☺ ඔන්න ඕතරිය ටිකක් පරාක්කු වෙලා හරි දුන්න හොදේ.......
😂😊හෙට love in my heart අරගෙන එන්නම්. ......