මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
*****"*******************************
පලමු දිගහැරැම..........
නමෝදස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස....................
බුද්ධං සරණං ගච්ඡාමි....
ධම්මං සරණං ගච්ඡාමි. ......
සංඝං සරණං ගච්ඡාමි ........................................................................... ..............
" සුදු පුතා . ........... තාම බුදුන් වැදල ඉවර නැද්ද දරුවෝ. ......... "
" මේ ඉවරයි සුදු ආච්චි. ....... "
" බුදුන් වැන්දට මොකෝ දැන් හතට විතර ඇති නේද දරැවෝ....."
මම සුදු ආච්චි ගාවට ගිහින් එයාගෙ ලගින් වාඩි උනා....... මොකද එයාට මගෙ ලගට එන්න අමාරැයිනෙ .... මන් දන්න කාලෙ ඉදලම වගේ සුදු ආච්චි හිටියෙ රෝද පුටුවේ... ඇක්සිඩන්ට් එකකින් ඔහොම නොවෙන්න මගෙ සුදු ආච්චි අද කොච්චර හොදට ඉදීද. ... අන්තිමේට මගෙ සුදු ආච්චිට ඉතිරි වුනේ පණ නැති කකුල් දෙකයි ඉදගෙන ඉන්න රෝද පුටුවයි විතරක් වෙනකොට සීය තාත්තා ඒ ගැන හිතලා හූල්ලපු වාර අනන්තයි. .
"බලපන් කොල්ලො උඹ අපි හින්දා නැහෙන තරම... අනෙ ඇත්තමයි මගෙ කකුල් දෙකට වාරැ තිබ්බනම් මන් කීයටවත් උඹව මල් විකුණන්න යවන්නෑ මගෙ මැණික..... "
"ඒකට කමක් නෑ ...... මට පුළුවන් කල් පුළුවන් විදියට මගෙ සුදු ආච්චිවයි සීය තාත්තාවයි දෙන්නම බලාගන්නව..... "
"අනේ මැණික එහෙමෙයි කියල උඹට යන කලදසාවකුත් තියෙන්න එපැයි...... මොකද උඹ කියල හැමදාම අපිට කඹුර කඹුර ඉන්ඩද..... "
" ඕන්න ආපහු ඒ ගැනම කියවන්න ගත්තනෙ........ ඒක නෙමේ සුදු ආච්චි සීය තාත්තා තාම ආවෙ නෑනෙ...... "
"අනේ දරැවො කොහෙද ඉතින් මාත් දැන් වයසයිනෙ.. . මට අමතකම වෙලා ගියා. ....... වික්‍රමසිංහ බංගලාවෙ හාමුගෙ පුතා එනවලු හෙට අනිද්දාම.... ඒක නිසා පොඩ්ඩක් වලව්ව එලි පෙහෙළි කොරන්ඩ කියල ගියේ.... එනකොට රෑවෙයි කියලත් කිව්ව නොවැ..... මට ඒ ගැන වගේ වගක් නැතුව ගියා දරැවො..... "
" මම කී සැරයක් කියල තියෙනවද සීය තාත්තට ගෙදරට වෙලා ඉන්න කියල..... සීයා තාත්තා දැන් වයසයිනෙ..... සුදු ආච්චිවත් කියන්නකෝ ඔය වයසට මහන්සි වෙන්න හොද නෑ කියලා....."
"මං කියන එක අහන්නෑ දරැවො ඔය මනුස්සයා ..... පුතා මේ පොඩි වයසට මහන්සි වෙනව කියලනෙ උන්දැ ඔය වලව්වෙ වැඩට යන්නෙ. .... "
" මට ඒ හැටි මහන්සියක් නෑ ...... අනික මම දැන් පොඩියැ ලොකුයිනෙ ... මට දැන් අවුරුදු විස්සක්නෙ මගෙ සුදු ආච්චියෝ.... සුදු ආච්චි දන්නවද මන් දවසක ලොකුම ලොකු ෆ්ලවර් ෂොප් එකක් කරනවා. .... එතකොට හැම හොටෙල් එක්කම ෆ්ලවර් ඩෙකරේෂන් කරන්නෙ මගෙ ෂොප් එකෙන්. ..... ...... ඒක තමා මගෙ එකම හීනෙ...... මේ පොඩි හිතට ඒ හීනෙ ලොකුවැඩි නෑ නේද මගෙ සුදු ආච්චි. ........ "
" ලොකු වැඩි නෑ මගෙ රත්තරනෙ ....... ?"
"සීයා තාත්තා........ ඔයා ආවද. ........ ඇයි මෙච්චර පරක්කු උනේ ...... මං කියල තියෙනව නේද වලව්වෙ ඔය වැඩ කරන්න එපා කියලා. ...... සීය තාත්තා මුර වැඩේ විතරනෙ කරන්නේ. .... .එහෙව් එකේ මොකටද ඔය ඇග මහන්සි වෙන වැඩ කරන්න ගියේ ...... ඒ මනුස්සයන්ට සල්ලි වලින් අඩුවක්යැ.....වෙන කවුරුහරි ලවා කරව ගන්න තිබ්බනෙ..... මගෙ සීය තාත්තගෙන්ම වැඩ ගන්නෙ ..."
" හා...හා දරැවො ..... පොඩ්ඩක් හුස්මක් කටක් අරන් එහෙම ඔය ටික කීවනම්. ... කියවන්න ගියාම කෝච්චිය වගේ කියවනව ..... අනික් වෙලාවට මීක් නෑ....."
" අනේ සීය තාත්තා ...................." " ඔය වලව්වෙ මනුස්සයන්ට මගෙ සීයතාත්තා ගැන ගානක් නෑ. .... මටනෙ වටින්නේ ඔය දෙන්නම.... මට කියල වෙන කවුරුත් ඉන්නවද ...."
" අනේ දරැවො හිත රිදෙන්න කීව නෙමේනෙ. ..... හරි හරි.... ඕන් මං ඊලග දවසෙ ඉදල වලව්වෙ ඔය වැඩ නොකර ඉන්නම්කො. .... මැණිකේ කෑම ටික ලෑස්ති කරල ගමු එහෙනම්. ... යමුකො දරැවො ගෙට......"
යන්තම් කටුමැටි ගහල තිබුනු මගෙ ගෙදරටත් හද පායල.... මට එහෙම හිතුනෙ පුංචි ජනේලෙන් ඇතුලට හද එලිය වැටිල තිබුනු නිසා. ... කවද හරි දවසක මේ කටුමැටි බිත්තිය ගඩොලින් බදින්න මට පුළුවන් වෙයි නේද ....... අම්ම තාත්ත නැති මට ඒ දෙන්නටම ඉන්න මගෙ සුදු ආච්චිවයි සීය තාත්තාවයි බලාගන්න මට පුළුවන් වෙයිනේද .....මම මගෙන්ම ඇහුවා. මට ආයෙමත් මගෙ කාමෙර් දිහා බැලුන. ..මුල්ලකට වෙලා තිබුන මගෙ පුංචි ඇද දිහා බලද්දී මට නිකන්ම හීල්ලුනා .... මේ පුංචි ගෙදරට තියෙන්නෙම කාමර දෙකයි කුස්සි පොඩ්ඩකුයි විතරයි.... ඒ පුංචි කාමර දෙකෙනුත් එකක් මට දීල පුංචි ඇදත් මට දීල ඒ දෙන්නම බිම පැදුරු එලන් නිදි..... මේ ඇදේ මම නිදියපු අවස්ථා ගොඩක් අඩුයි. ඒ දෙන්නම එහෙම ඉද්දී මට නින්ද යයිද.... මම වෙනදවගේම ඇදට එහා පැත්තෙන් පැදුරක් එලාගෙන ඒකෙන් වැතිරැනා. ....... . ... තහඩු වලින් වහල තිබුනු සිවිලිම දිහා බලාගෙන මම ආයෙමත් මගෙ අතීතෙට ගියා....මගෙ අම්මා තාත්තා නැතිවෙලා තියෙන්නේ මම පුංචි කාලෙම හරියටම සුදු ආච්චි ඇක්සිඩන්ට් වුන දවසෙම .... මොකද මගෙ අම්මයි තාත්තයි. . සුදු ආච්චි තුන්දෙනාම එකට ත්‍රීවීල් එකක යද්දී තමා එහෙම වෙලා තියෙන්නේ. ..... ...... ඇත්තමද කියන්න මම දන්නෑ සුදු ආච්චි එහෙම තමා මට කීවෙ... ඒ මොනා උනත් ඔය ප්‍රශ්නෙ අහන හැමවෙලේම සුදු ආච්චිගෙ මූණ අමුතු උනා.....
"දෙව්රම් සසුන් වීරවංශ...... "
මගෙ නම හරි ලස්සනට ඉස්කෝලෙ නෝටිස් බෝර්ඩ් එකේ ඉහලින්ම ලියවිලා තිබුන මට මතකයි..... ඉස්කෝලෙ බෙස්ට්ම රිසාල්ට් තිබුනෙ මට......උසස් පෙලත් කැම්පස් යන්න තරම් හොදට පාස් වුනු මන් ඒ හීනෙට සමුදුන්නෙ තියෙන නැති බැරිකම හින්දමයි..... සීය තාත්තට විතරක් පවුලෙ බර දරන්න ගොඩක් අමාරැවුනා ..... සල්ලිභාගෙ පිරිල තිබ්බ වික්‍රමසිංහ බංගලාව මුර කරල ලැබෙන සොච්චම් පඩියෙන් අපිට ජීවත් වෙන්න අමාරැ වුන නිසාම මම ගමේ වැවෙන් නෙලුම් මල් කඩල ගිහින් නුවර ටවුමේ පුංචි කඩ කෑල්ලක විකුණන්න ගත්තා. .... ...... හරියටම අවුරුද්දක් ඔව් ඒතරම්ම කාලයක් නොවුනත් මට ඒ දෙන්නටම බරක් නොවී ඉන්න ලැබුණු එක ගැන ...... මං ගැනම පුංචි ආඩම්බරයකුත් තියෙනවා .... හහ්
.... හරි මහන්සියි..... හෙට ටිකක් දවල් වෙලා මල්කඩේ අරිනව.....
*************************************
අනේ මන්ද එක එක ඒව හිතල ඊයෙ රෑ කොයිවෙලේ නින්ද ගියාද කියල මතක නෑ. ....... සීය තාත්තට වගේම සුදු ආච්චිටත් තේක හදල දුන්න මන් සුදු ෂර්ට් එකට කලු කලිසමක් දාගෙන ලෑස්ති වෙලා මගෙ අඩිය නැති බාට කෑලි දෙකත් දාගත්ත. .....
කමක් නෑ කාටවත් අඩිය පේනවයැ....
" අනේ පුතේ..... බලන්නකො ඔය බාට දෙක කැඩිලනෙ..... කවුරැහරි දැක්කොත් හොදනෑනෙ"
මම හිතුව දේ සුදු ආච්චිට ඇහිලද මන්ද ...... සුදු ආච්චි මට එහෙම කිව්ව වෙනකොට මම ඒකට හිනා වුනා..
"ඒකට මොකද මගෙ සුදු ආච්චියෝ..... මගෙ දිහා කවුරු බලන්නද"
" මගෙ මැණික.. උඹ දුප්පත් උනාට ඇස් වහක් කටවහක් නෑ උඹෙ අම්මගෙයි තාත්තාගෙයි ලස්සන උඹට ඕනවටත් වඩා පිහිටල තියෙනවා. .... ඇහැක් කනක් තියෙන ඕන මනුස්සයෙක් දෙපාරක් හැරිල බලන තරමට උඹ ලස්සනයිනෙ මගෙ මැණික. .... ඒකම තමා මට බය......."
"සුදු ආච්චි මොකට බය වෙනවද මම පිරිමියෙක්නෙ..... මට පුළුවන් මන් ගැන බලාගන්න. ..... "
"අද කාලේ ගෑනු පිරිමි කියල නෑ දරැවො ඔය දෙගොල්ලම පරිස්සම් වෙන්න ඕන කාලයක් මේක..... "
😅 ඔන්න ඉතින් මන් පලවෙනි චැපිය දුන්නා. .