π‡πžπšπ«π­ π…πžπ₯𝐭 π‘π¨π¬πžοΏ½...

sanindhi Γ‘ltal

8.6K 1K 573

Sinhala fan fiction This is taekook fan fiction. If you like read it...πŸ€—β€οΈπŸΎ Side ships - yoonmin & 2seok ... TΓΆbb

A/N
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25

Chapter 15

253 38 26
sanindhi Γ‘ltal

Jungkook pov...

ඊයේ දවස නම් ආහ් ඇත්තටම ගොඩක් සතුටින් හිටියේ මන්. අනේ මගේ යාලුවත් දැන් ලවර් කෙනෙක්... අනේ මටත් මොකෙක් හරි ඕනේ ලව් කරන්න.. නෑ එක්කෝ එපා මේ ඉන්න විදිය හොඳයි...

"ඕහ් දැන් නේ මතක් උනේ...." මට එක පාරටම මතක් උනේ ජින් හියුන්ග් ඊයේ කියපු එක.. දැන් කොහොම හරි ටේහ්යුන්ගේ නම්බර් එක හොයලා දෙන්න ඕනේ..

"ජන්කුක්.." මට ඇහුනේ හොබියා දොර කඩන්න වගේ තඩි බාන සද්දේ..

"මොකෝ බන් මේ මහ පාන්දර දොර කඩන්න හදන්නේ..." මම හයියෙන් කෑ ගහලා ඇහුවේ කාමරේ ඉන්න නිසා ඇහෙන් නැති වෙයි කියලා හිතලා...

"අනේ හොඳ පාන්දර යකෝ දැන් නවයට විස්සයි වෙලාව..." ඈහ් මේ හොබියා ඇත්තද කියන්නේ මම ඇඳෙන් නැගිටලා පෝන් එක අතට ගත්තේ වෙලාව බලන්න..

ඔව් නේනම් ආයිෂ්...

"කුක්කෝ...."ආයිෂ් මේ යකා ගිහින් නැද්ද තාම දොර ගාවද..

"ආ උබ පලයන් හොබියො මම මූණ හෝදන් එන්නම්..."මම හොබීට එහෙම කියලා පෝන් එකත් මේස උඩින් තියලා වොෂ් රූම් එකට ගියා...

Jungkook pov end..

Taehyung pov...

"මමයි ජිමිනයි හිටියේ ලෙක්ච හෝල් එකේ අන්තිම පේලියේ.." සර් කාරයා එනවා මොනවද බූත වගයක් කියෝලා යනවා මෙලො මගුලක් තේරෙන්නේ නෑ මෙහෙම ඉදන් හිටියට මට නම්.

"ජිමිනෝ...." මම ජිමිනගේ අතට තට්ටුවක් දාන ගමන් කතා කරා..

"මොකෝ?.."මේකාට මොකක් වෙලාද?

"මොකද යකෝ උබට වෙලා තියෙන්නේ ගහගන්න වගේ කතා කරන්නේ.." මම ඇහුවේ ජිමිනගේ මූණට එබෙන ගමන්..

"මුකුත් නෑ ටෙයියෝ..." මුකුත් නෑ අනේ ඉතින් මූ මටනේ බොරු කියන්න හදන්නේ...

"හහ් තෝ මටද බොරු කියන්නේ..මොකද තොට වෙලා තියෙන්නේ??"

"අනේ මුකුත් වෙලා නෑ මට.. කම්මැලි මෙතන ඉන්න බෑ ඒකයි.."

"ආ ඒකද මටත් බන් තව ටික වෙලාවයි ඊට පස්සේ යමු හොඳේ cafeteria එක පැත්තට.." මම දත් තිස් දෙකම පෙන්නල හිනා වෙන ගමන් කිව්වා..

ටික වෙලාවකට පස්සෙ මායි ජිමිනුයි cafeteria එක පැත්තට ඇවිත් බීම දෙකකුයි බර්ගර් දෙකකුයි අරගෙන එතන ටේබල් එකකින් වාඩි උනා. අපි දෙන්නම එක එක බූත කතා කර කර කන්න ගත්තා. මෙන්න මූ සුගාට බයින්න ගත්තා එකපාරටම.....

"මොකද යකෝ තොට වෙලා තියෙන්නේ. ඒක වෙලා ඉවරයි නේහ්.."මම කිව්වේ ජිමින්ගේ බැනිල්ල අහන් ඉන්න බැරි තැන.

"අනේ බන් මට ඒකාව පේන්න බෑ මූණට දෙකක් දෙන්න හිතෙනවා දැක්කම.."අනේහ් ඉතිම් මූ කියන බොරු

"අනේ පලයන් බං යන්න බොරු නොකියා... සුගාව දැක්කම වැලලෙන්න හදන්නේ මම වෙන්න ඇති.."

"හරි හරි ඉතින්..ඒත් එදා....."

"ට්‍රීන්... ට්‍රීන්..."ජිමිනා කියන්න ගිය එක නැවතුනේ එයාගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා..එයා පෝන් එක දිහා බලලා ආපහු මගේ දිහා බැලුවා..

"මොකෝ ඕක ආන්සර් කරපන්..."

"අනේහ් ටේ මේ නම්බර් එක මන් දන්නේ නැහැනේ.."

"ආ කතා කරලා බලපන්කෝ කවුද කියලා බලන්න.." මම කිව්වයින් පස්සේ ජිමිනා ඒ කෝල් එක ආන්සර් කරා..

හෙලෝ කවුද මේ...

........

ඔව් ඔව් එයා තමයි. ඔයා කවුද?

........

ඕහ් හියුන්ග් ඔයාද මේ..ඇයි හදිස්සියෙන්ම...

........

නෑ හියුන්ග් එහෙම වැඩක් කියලා නම් නෑ...

........

ඈහ්....

........

හ්..හරි හියුන්ග්

.........

ඒ ම්..මොකටද?

.........

හ්ම්ම් හරි හියුන්ග්, ඕකේ බායි....

ජිමිනා ටික වෙලාවකට පස්සේ කෝල් එක කට් කරා..මේකා හියුන්ග් හියුන්ග් ගගා කතා කරේ කවුද දන්නේ නෑ..

"ජිමිනෝ කවුද කතා කරේ?..,මම ෆෝන් එකට එබුනේ එයා ඒ නම්බර් එක සේව් කරගන්නවා දැක්ක නිසයි.

"ආහ් මේහ් ජන්කුක් හියුන්ග්...." ජන්කුක්? ඒහ්... ආහ් ජිමිනගේ හියුන්ග් නේ

"එයා? ඒ ඇයි එයා ඔයාට කතා කරේ.."මම ඇහුවා

"ආහ් එයාට මාවයි ඔයාවයි හම්බෙන්න ඕනෙලු හවසට ................ කොෆි ශොප් එකට එන්න කිව්වා අපි දෙන්නටම... ඈහ් ඒ ඇයි මම..."

"මොකක් මොකටද මම...මට බෑ..." මම ගත් කටටම බෑ කිව්වා, ඒකට ජිමිනගේ මූණ අමුතු වුනා..

"අනේහ් ඕයා බෑ කියන්න එපා වරකෝ යන්න..." මෙන්න මේකා මගේ අතේ එල්ලුනා...

" අනේ බෑ බෑ මට බෑ උබ පලයන් උබේනේ හියුන්ග් උබටනේ කතා කරේ..."මම ජිමින්ගේ අත එහාට කරන ගමන් කිව්වා..

" හුම්ම් උබ දැන් ඒමයිනේ හා කමක් නෑ මටෝන්නෑ මම තනියම යන්නම් උබ ආපහු කතා කරන්නත් එපා මා එක්ක..." අයියො ඒ ගමන මෙන්න මෙයාට කේන්ති ගිහිම් මටත් ගස්සගෙන නැගිට්ටා...

" අයියෝ ජිමී කොහෙද යන්නේ..."මමත් නැගිටලා එයාගේ අතින් අල්ලලා නැවැත්තුවේ එයා එතනින් යන්න නැගිට්ට නිසා...

"කොහෙ හරි යනවා ඔයාට වැඩක් නෑනේ..."මෙන්න මෙයා තොලුත් උල් කරන් කෑ ගහලා මගේ අත ගසලා දැම්මා, අයියෝ කියුට් අප්පා මෙයත්...

"හයියො ජිමී සොරි ඉතින් මම එන්නම් ඔයා එක්ක යන්න.." ඒ කිව්වා විතරයි ජිමින් මගෙ දිහා බැලුවා..

"දැන් හරිනේ කෝ දැන් යාලු වෙනවකෝ..." මම කිව්වම ජිමිනා ලගට ඇවිත් කම්මුලට කිස් එකක් දුන්නා.. අයියෝ මෙයා මාව පිස්සෙක් කරනවා...

"ආනී තෑන්ක්කූ ටෙයියෝ ලව් යූ උම්මා.... "ජිමිනා ඒම කියලා ආපහු තොල් උල් කරන් මගේ ලගට ආවා...

"ආ ඇති ඇති, මීටූ සෝලො..."මම එයාගේ කටට අත තියලා නවත්තන ගමන් කිව්වා...

At office..

Jungkook pov..

"ඕහ් ලිසා මේ ෆයිල් ටික මම චෙක් කරා. මේ ටික mr joe ට දෙන්න.. "මම බලලා ඉවර කරල තිබ්බ ෆයිල් ගොනුව ලීසට දුන්නා..

"ආහ් හරි සර්..." මම දුන්න ෆයිල් ටික අරන් ලීසා කැබින් එකෙන් එළියට ගියා. විතරයි අන්කල් ජිමින්ගෙ කියලා දුන්න නම්බර් එකට මම කෝල් එකක් ගත්තා..

"හෙලෝ... මම කතා මුලින්ම කතා කරා, ඒහ් ජිමින්ද දන්නේ නෑ වෙන කවුරු හරි නම්......."එහෙම වෙන්න බෑ අන්කල් බොරු නම්බර් දෙන්නේ නැහැනේ...

"හෙලෝ කවුද මේ..."

"මේ ජිමින් නේද?"

"ඔව් ඔව් එයා තමයි. ඔයා කවුද?"

"ආ මම ජන්කුක්..."

"ඒ කවුද ජන්කුක්?? ඕහ්හ් හියුන්ග් ඔයාද මේ..ඇයි හදිස්සියෙන්ම..."

"ඔව් ඔව් එයා තමයි, ආහ් පොඩි වැඩකට අද හවස මොකක් හරි වැඩක් එහෙම තියේද?"

"නෑ හියුන්ග් එහෙම වැඩක් කියලා නම් නෑ..."

"ආහ් එහෙනම් හරි අද හවස 4විතර වෙද්දී ............. කොෆි ශොප් එකට එන්න...."

"ඈහ්? මොකාක් ඒ ඇයි?...."

"ආහ් පොඩි දෙයක් දැන ගන්න තියෙනවා පුලුවන් නේද එන්න?"

"හ්..හරි හියුන්ග්, ඔව් ඔව් එන්නම්"

"හ්ම්ම් එද්දී අර එදා හිටපු ඔයාගේ යාලුවවත් එක්කගෙන එන්න..."

"ටේ ද?... ඒ ම්..මොකටද?"

"ඔව් ටේ තමයි, ආවයින් පස්සේ කියන්නම් අනිවාර්යයෙන්ම එන්න, මම බලන් ඉන්නවා. බායි....."

"හ්ම්ම් හරි හියුන්ග්, ඕකේ බායි...."

ජිමිනට කෝල් එකක් ගත්තේ ටේහ්යුන්ගේ නම්බර් එක ඉල්ල ගන්න හිතන්. ඒත් එක පාරටම නම්බර් එක ඉල්ලුවොත් මන් ගැන මොනා හිතයිද ඒ නිසා ඒ දෙන්නට කොෆි ශොප් එකට මම එන්න කිව්වා..

දැන් තියෙන්නේ ජින් හියුන්ග්ටත් කෝල් එකක් දාලා කියන්න.. මම ජින් හියුන්ග්ටත් කෝල් එකක් අරන් විස්තරෙ කියලා කොෆි ශොප් එකට එන්න කිව්වා. දැන් තියෙන්නේ කොෆි ශොප් එකට යන්න විතරයි.

ආයිශ් මට බෑ තවත් නම් දැන්ම යන්න හිතෙනවා, මට ටේව දකිනකම් ඉවසිල්ලක් නෑ.. මේ මොකද කුක්කෝ මේ අයියෝ මේ කොල්ලා මාව පිස්සෙක් කරලා අප්පා...

Other side

Taehyung pov...

"අනේ මන්දා ජිමිනෝ මම එන්නම ඕනෙද?" මම ජිමිනගෙන් ඇහුවේ දහවෙනි පාරට දැන් නම් මේකා මට ගහනවා..

"ඔව් යකෝ ඔව්.. තෝ ආවේ නැත්තං මම තෝ එක්ක ආපහු කතා කරන්නෙත් නෑ එච්චරයි..."

"හපෝ හරි හරි ඉතිම් මම එන්නම්, උබ නම් අනේ මන්දා මූලග්ගින්න තොට.."මම ජිමින්ගේ ඔලුවට පාරක් ගැහුවා

"හා හා මටනේ කමක් නෑ, මේක අහගනින් දැන් පව් නොදී..."

"අම්නේ මෙයා බලන්නකෝ.. කවදා ඉදන්ද තෝ ලෙක්චර්ස් අහන් ඉන්න ගත්තේ?..."

"තොගේ කන්කරච්චලේට වඩා මේ නකියගේ ලෙක්චර් එක සැපයි. ඒ නිසා මම අද ඉදන් මේ ලෙක්චර්ස් අහන් ඉන්නවා."

"හාකෝ ඈහ් කිව්ව එක ලොකු දෙයක් ආපහු මම උබත් එක්ක කියෝලා වද දෙන්නේ නෑ සොරි..." මම ජිමිනගෙන් එහාට වෙලා පොතක් පෙරලා ගත්තා...

"හරි බන් ඉතින් මම කිව්වේ දැන් උබ අරක දහ පාරකට වඩා ඇහුවනේ.." මට එපා වෙලා හිටියේ ඒකයි...

......

"කතා කරපන්කෝ බන් මොකද මේ...." ජිමින මගේ අතින් ඇද්දා.. හහ් මම නම් කතා කරයි, මගේ බල්ලවත් නෑ ආපහු..

"ආ දැන් තෝ කතා කරන්නේ නෑනේ... හිටාම් තොට...."ජිමින් එහෙම කියලා ඉස්සරහ බලා ගත්තා...

පැය බාගයක් විතර ගියා. ලෙකා මොනවා කියෝනවද මන්ද, තාම ජිමින්ගෙන් සද්දයක්වත් නෑ. දැන් මේකා තරහ වෙලාද මා එක්ක. හපොයි මමනේ මූ එක්ක තරහා වුනේ. මටද දැන් මෙයාව යාලු කරගන්න වෙන්නේ..

.
.

"අනේහ් ඕයි කතා කරන්නේ නැතිව ඉන්න එපා බන්, තෝ දන්නවා නේ මම ඒක විහිලුවට කිව්වේ..."

"හ්ම්ම්...."

"හ්ම්ම් ගාන්නේ, ආ කමක් නෑ ටෙයියෝ උබ මා එක්ක කතා නොකරට කමක් නෑ හවසට අර ගමන යන්න වරෙන්.."

"මට බෑ...."

"හහ් තොට ඒක කියන්න කට තියේ නේහ්...හා බැයිනම් කමක් නෑ මම ජන්කුක් හියුන්ග්ට කියන්නම් එන්න වෙන්නේ නෑ කියලා අද...."ජිමින් එහෙම කියලා එයාගේ බෑග් එකේ තිබ්බ පෝන් එක ගත්තා...

"ඒහ් ඔයා කාටද කෝල් කරන්න යන්නේ?"

"ජන්කුක් හියුන්ග්ට..."

"ඒ ඇයි....එන්න වෙන්නේ නෑ කියන්න...."

"ආහ් පිස්සුද? එපා එපා මම එන්නම් තෝ එක්ක යන්න..."

"නෑ නෑ ඕන්නෑ උබව බලෙන් ඇදන් යන්න ඕන්නෑ මට...."

"නෑ මම කැමැත්තෙන් එන්නේ, ඒ හින්දා කෝල් කරන්න ඕන්නෑ..."

"හ්ම්ම්, මේ 3:30 වෙද්දිවත් ලෑස්ති වෙලා හිටපන් මම එන්නම් එහෙනම්..."

"හරි බායි ඒනම්...."

"බායි බායි...."ජිමින් ටේට සමුදීලා එයාගේ කාර් එකට නැග්ගා..
ටේට ආපහු සැරයක් බායි කියලා ජිමිනා ගියා...

1257 words


______________________________

හායිම්🙂👋
සොම්රි ෆො ද ලේට් අප්ඩේට් හේහේ🙂🙃...

කෝමත ඔයැයිලට🌝❤️...
මම නම් බාගෙට මැරිලා ඉම්නේ එක්සෑම් නිසා🙂💔🤧..

බායි💕...

Meh monw harii kotan yamna ithin👀....

Sanindhi...

OlvasΓ‘s folytatΓ‘sa

You'll Also Like

344K 16.6K 77
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
1M 33.6K 60
π’π“π€π‘π†πˆπ‘π‹ ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 π–π‡πˆπ‚π‡ jude bellingham finally manages to shoot...
1.1M 49.5K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
136K 4.2K 45
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ Λšο½‘β‹†ΰ­¨πŸ’Œΰ­§β‹† Λšο½‘β‹† IN WHICH christopher sturniolo falls for nepo baby or...