අමාවක සඳ 🌙 Ongoing

By YUNHEE8431

11.4K 1.3K 237

⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි... More

Soon...🍁
0️⃣1️⃣ දිගහැරුම
0️⃣2️⃣ දිගහැරුම
0️⃣3️⃣ දිගහැරුම
0️⃣5️⃣ දිගහැරුම
0️⃣6️⃣ වන දිගහැරුම
0️⃣7️⃣ වන දිගහැරුම 🥀
0️⃣8️⃣ වන දිගහැරුම
0️⃣9️⃣ වන දිගහැරුම
1️⃣1️⃣ වන දිගහැරුම
1️⃣2️⃣ වන දිග හැරුම
1️⃣3️⃣ වන දිග හැරුම
1️⃣4️⃣ වන දිගහැරුම
1️⃣5️⃣ වන දිගහැරුම
1️⃣6️⃣ වන දිගහැරුම
1️⃣7️⃣ වන දිගහැරුම
1️⃣8️⃣ වන දිගහැරුම ❃
1️⃣9️⃣ වන දිගහැරුම ❃
2️⃣0️⃣ වන දිගහැරුම
2️⃣1️⃣ වන දිගහැරුම ❃
2️⃣2️⃣වන දිගහැරුම ❃
2️⃣3️⃣ කොටස
2️⃣4️⃣ කොටස
25 කොටස

1️⃣0️⃣ වන දිගහැරුම

476 62 12
By YUNHEE8431

" ආ මහත්තයෝ මේ තේක බිලා හිටියනම් ... දැන් ලොකුමහත්තයත් මඟ එනවා ඇති මයේ හිතේ "



" මේ මහත්තයත් අපේ ලොකු මහත්තයා එක්ක වැඩ කරන කෙනෙක් වෙන්ටැති නේ ? "



" මට මහත්තයා කියන්න එපා අම්මේ.. මං මහින්ස, කැමතිනම් මට පුතා කියලා කතා කරන්න මැගි අම්මේ "

මහින්ස කේශ්වර කතා කරන නමින්ම ඈ ඇමතුවේ ඈ ඊට සුදුසු නිසාවෙන් ......

" අනේ එහෙම කොහොමද ? "


" අනික මං කේශ්වර සර් වැඩ කරන තැන නෙවේ, මං ජර්නලිස්ට් කෙනෙක් පොඩ් වැඩසටහනක් හින්ද තමා එහේ ගියේ "



" අනේ මං හිතුවේ අර ඟගන මහත්තයා වගේ අපේ ලොකු මහත්තයා වැඩ කරන තැන කෙනෙක් කියලා ,
මේ හිටියට අපේ ලොකු මහත්තයා ගෙදරට කවුරුත් එක්කගෙන ඇවිත් නැ මීට කලින් , කලාතුරකින් හරි ආවේ ගියේ ගඟන මහත්තයා විතරයි "


" ආ... සර්ව මං කලින් ඉදන් දන්නවා "



" ඒක තමා, මහත්තයා එහෙනම් වාඩි වෙලා හිටින්ටකෝ "

යන්තමට ඊට හිස වැනු මහින්ස නිවස ඉදිරිපස දොර විවෘත කලේ කල්පනාබරිතවයි ...

ඉදින් ඔහුට තමා විශේෂ වුවාද..?
ආගන්තුකයෙක් ⁣පහසුවෙන් ගෙන්වා නොගන්නා ඔහු නිවසට දැනටමත් තමා රැගෙනවිත් නොවෙද ?

පිළිතුර මෙයැයි කිව නොහැකි  ප්‍රශ්න රැසක් හිත අස්සේ තෙරපෙද්දී  මහින්සගේ දෙනෙත් යොමු වී තිබුණේ  වැසී ගිය කළු පැහැ ප්‍රධාන ගේට්ටු ද්වාර දෙසයි...

කුමන හෝ වේලාවක ඒ රුව ඉන් මතු විය හැක..

සම්පුර්ණයෙන් උදුපියලිය අවරණය වු නිවස අවට වටපිටාව දකින්නෙකුට   ඇතුලත මෙන්න පිටත පෙනුමත් පහන් හැගිමක් ඇති කරනවා නොවනුමානයි .....
තවමත්  උදැසන පිණි වියැකි නොතිබූ උදුපියලි මත තම නග්න දෙපා තැබු  මහින්සට පාද හරහා ආ ඒ සිසිල මුළු ශරිරයම සිසිල් කරනා මෙන් දැනේනන විය..

තවත් ඒ දෑස් ප්‍රධාන ගේට්ටුව වෙත එල්ලව තිබියදී පසු පසින් ඇසුන කුඩා බිළිදෙකුගේ හඬ නිසා වෙන් ඒ දැස් ඉන් මිදිනි..

මහින්සගේ දැස් යොමු වුයේ මැගී අම්මා අත වු කුඩා බිළිඳු වෙතයි..
තමට පියවර කිහිපයක් ඈතින් ඔහුන් සිටියත්, අහස් නිල් පැහැ ඒ බෝල ඇස් ඔහු කාගේ කවුරැද කියා පවසන්නට තවත් සාක්ෂි අවැසි නොවුණි..

පියවරට දෙකට ඈ අසලට ලං වු මහින්සගේ දෑස් නතරව තිබුණේ කුඩා බිළිඳුගේ නිල් පාට ඇස් වල..

' කේශ්වර සර්ගේ   ව ගේ ම යි ..'

තම හිත එසේ කොදුරද්දි .....

මේ ඉන්නේ මේජර් ආදිත්‍ය කේශ්වර පණ වගේ ආදරේ කරන ඔහුගේම ලේ ධාතුව බව තව කෙනෙක් හදුන්වාදිමට අවැසි වුයේ නැත..

පියාගේ උරුම ඒ ආකාරයෙන් රැගෙන පැම්ණි ඔහුගේ පුතුටද ඇත්තේ ඔහුට මෙන් අහස් නිල් පැහැ දිලිසෙන දැස් දෙකක්...

"  හේයි..! අපේ පොඩි මේජර් සර්…  ඇහැරියාද ම්ම්.."


" කෝ.. එනවද මාමි ලගට ටිකක් "


__________________

#වෙනත්_ස්ථානයක




" hello ලොකු සර් ! "


" ඔව් කියන්න  නීල් "


" මාර වැඩේ ලොකු සර්, අද මම අපේ පොඩි සර්ව දැක්කා මෙහෙ ටවුන් එකේ ඉන්නවා "




" මොකක් !! ත|මු\|සෙට පි|ස්|සු හැදිලා ද ? මහින්ස දැන් තමා එහෙන් පිටත් වෙනවා කිවේ "




" ඇස් දෙක පල්ලා ලොකු සර් , මහින්ස සර්ම තමා ඒ හිටියේ , මං පොඩි ෆලෝ පාරකුත් දැම්මා වැඩේ කම්ෆර්ම් කරගන්න ,
බොස්ම තමා හිටියේ "




" තමුන් ඇත්තටම නේද කියන්නේ , කීයටද විතරද දැක්කේ , කා එක්කද හිටියේ "





" මේ දැන් ටිකකට කලින් , තව උස සුදු පොරක් එක්ක තමා හිටියේ , හැබැයි මීට කලින් මං %ඌ දැක්ලා තියනවා කියලා මීටර් නැ "



" කොහෙටද ගියේ කියලා දැක්කද ? '




" කලර් ලයිට් එක ලගදි මට මෑන්ව මගැරුනා බොස් "




" හරි තමුන් පොඩ්ඩක් ඇලට් එකේ ඉන්නවා , මං බලන්නම් "




   ……… ' මහින්ස  තමුන් ආයිම මොනාහරි අඩවුවක් අල්ලන්ද මේ ලෑස්ති වෙන්නේ ..????  ' ………

________________


#කේෂ්වර



රාජකාරි කටයුත්ත අවසන් වී නිවසට පැමිණි පසුව තම පුතුගේ අවශ්‍ය භාණ්ඩ කිපයක් මිලදී ගැනිම සඳහා මහින්සද පුතු හා මැගි අම්මා සමඟ පැමිණ ආ  පසු එන අතර මගයි හිටියේ ......

වෙළෙඳ සැලේ සිට වාහනය නැගි මොහොතේ පටන් තම වාහනයට පිටුපසින් පැමිණෙන සෆාරි වර්ගයේ ජිප් රථය ගැන කේශ්වරට දැනුනේ සැකයක්..

තත්පර කිපයකින් ඒ රථය තමාව ලුහු බදින බව විශේෂ කාර්‍ය බලකායේ දක්ෂම නිධාරියා වන මේජර් ආදිත්‍ය කේශ්වරට සගවන්න නොහැකි විය..
ඒ  උකුසු ඇස් වලට ඔහුන් දැනටමත් හසු වී හමාර වි ඇති බව ජීප් රථයෙන් පැමිණෙන්වුන් තවමත් නොදත්තේය ....

තමා පමණක් වාහනේයේ සිටි නම් දැනටමත් ඒ පසු පස පැමිණි අය වලුන් කේශ්වරට නතු වි හමාරය..  නමුදු තම ප්‍රාණය මෙන් සිටි තම පුතුත් හා අනිත් දෙදෙනාගේ ආරක්ෂාව නිසාවෙන් කිසි කලබලයකින් තොරව ඔහු රථය වේගවත් කලේ ඉදිරියේ ආලෝක සංඥා පුවරුව අසලින් සුක්ෂම ලෙස ඔහුන් මඟාරිමිනි..

' එදා මෙදා තුර තමා පසු පස පැමිණ ඔත්තු බලන්න තමා හා ගැටළුවක් ඇති කරගත් අයෙක් මේ නගරයේ සිටයේ නැත...
එසේනම් ඒ පැම්ණෙන්නේ ඔහු පසු පස විය හැක..'

තම පුතුව පපුවට තුරැළු කරන් එහා පසු පස ආසනයේ සිටින ඔහු දෙස කේශ්වර බැලුවේ නිකමට හෝ ඔහුට ඒ ගැන දැනුවත්ද බැලිමටයි...

නැත...
ඒ උවනේ ඇත්තේ සංසුන් බවක්..... ඉදින් ඔහු මේ ගැන ⁣කිසිවක් නොදන්නා හැඩයි..

උදැසන ඔහු අසලට යැම ප්‍රතික්ෂේප කල තම පුතු ගෙවි ගිය පැය කීපය තුල ඔහු හා එකතු ඇති ආකාරය ගැන කේශ්වරටද දැනුනේ පුදුමයක්..

ඔහු අත සනීපෙන නිදන් ඉන්න පුතු ඇහැරවන් ලෝභ කම නිසාවෙන් මහින්ස  කාරයේ දොර විවර කර දුන්නේ කේශ්වර විසින්..

" බාබව තියලා වොෂ් එකක් දාගන්න මහින්ස , ඔයාටත් මහන්සි ඇති "

නිවසට ඇතුළු වෙන ඔහු දෙස මද වෙලාවක් කල්පනා කරමින් සිටි කේශ්වර එහෙමම නිවසට නොගොස් නිවස පැත්තකින් තනවා තිබු ගල් බංකුව මතට වාඩි වුයේ කල්පනා බරිතවයි...

ඔහුගේ කල්පනා කෙතරම් දිගු වුවද නම් මහින්ස  ඔහු අසලට පැමිණෙන තුරු ඔහු දුටුවේ නැත..

" ස්..ර් "


" සර්.!!! "



" අහ්... මහින්ස ? "


" සර් ලොකු කල්පනාවක හිටියේ , තමා ඇදුම් මාරු කරලවත් නැනේ...
ම්ම්.. මැගි අම්මා තේ එකකුත් හදලා "

තමා දෙසට දිගු කර ඇති මග් එක දෙසත් ඔහු දෙසත් කිප සැරයක් බැල්ම හුවමාරු කල කේශ්වර එය අතට ගත්තේ තම දැස් වලින් ඔහුට ඉඳගන්න යැයි පෙන්නවමින්..

" මහින්ස ... හවස් වෙලා ගෙදර යනවා කිවේ ඇයි ? "

" සර්ට මං ඉන්න එක කරදරයක් ද ?  "


" ප්‍රශ්නයකට ප්‍රශ්නෙකින් උත්තරයක් නෙවේ මං බලාපොරොත්තු වුනේ.., ඔයා කැමති වේලාවක ගියාට මං කිසිම දෙයක් කියන්නේ නැ.."


" මං තාත්තාට කිවේ අද එනවා කියලනේ, උදේම ගියාම කොහොමද ඒක ඇත්තක් කියලා ඔප්පු කරන්නේ "



" ම්... ඒකත් ඇත්තනේ "


" සර් අදම යනවද එහේ  ?? "



" නෑ මහින්ස , මං නිවාඩු දවස් කීපයකුත් දාලම ආවේ අද , තව වැඩ කීපයක් තියනවා මට කරගන්න, මහින්ස දවස් කීයක්ද නිවාඩු දැම්මා කිවේ ? "



"  දවස් ගානක් දැම්මේ නැ සර්, ගෙදර ගිහින්ම තමා බලන්න වෙන්නේ "





" ගියාට කමක් නෑ ප්‍රශ්න ඇති කර ගන්න එපා තේරුනාද දරුවෝ "



" අනේ මංද .."





" මහින්ස ! "




" ම් ?



" මං ඔයාගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්නද ? "



" ඕනි දෙයක් අහන්න සර් "

' ඔයාට කියන්න බැරි දෙයක් මං ළඟ නැ මගේ සර් '

ඒ හිත කෑගහද්දී ..... මහින්සගේ දෑස් කේශ්වරගේ ඇස් වල පැටලුනේ ක්ෂණිකවයි..


" ඔයා ගෙදර proposal එකට කැමති වුනේ .. කලින්  ආදරේ කරපු කෙනා ගැන තියන තරහක් නිසා ද ?"



" proposal එක ම⁣ගේ කැමැත්ත  නෙවේ... ඒක ගෙදර අයගේ කැමත්ත විතරයි සර්, අනික ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්න මං දන්නේ නැ සර්........
මං දන්නේ මගේ ආදරේ අවංකයි කියලා විතරයි ....
ආදරේ කරන්නේ දෙන්නෙක් වුනාට තනිවෙලා දුක් විඳින්නේ එක්කෙනෙක් සර් "




" මං ඇහුවට කමක් නැද්ද එයාව හම්බ වුනේ කොහොමද කියලා ? "





" ඒක අහම්බයක් ...! 
හරියට මට සර්ව සර්ට මාව හම්බවුනා වුනා වගේ අහම්බයක් , ඒත දැන් හිතෙනවා එ⁣දා එහෙම අහම්බයක් සිද්ද නොවුනනම් කියලා "





" අහම්බෙන් හම්බවුනාට, හැම හමුවිමකට වෙන්විමකටම සංසාරේ මොකක් හරි හේතුවක් තියනවා මහින්ස ....
අනික සමහර සමුගැනිම් වලට අපි නොදන්න ලොකු හේතු තියනවා ,
සමහර විට ඒ ඈත් වීම් වල අස්සේත් අපි නොදකින ලොකු ආදරයක් හැංගිලා තියෙන්න පුළුවන් මහී...  "



" ස...ර්..!! "




මහින්සට හිතාගන්න බැ කේශ්වර කියන්නේ මොනවද කියලා ...



" ඒක ඇත්ත මහින්ස , දෙන්නෙක් ආදරේ කරලා එක්කේනෙක් තනි කරලා ගියාට ගියපු කෙනා විදවන්නවත් මේ ලෝකේ ඉන්න අවසර නැති ආදර කතා ගැංගිලා තියනවා ..
අපි ඒවා දන්නේ නැ...... සමහර විට අපි ඒවා හොයලා නැ.. "




" මට සර් කියන එක තේරෙන්නේ නැ සර් ? "



" ඒ ගැන හිතන්න එපා දරුවෝ .. මං නිකමට එහෙම කිවේ,
මට කියන්න ඕනි මෙච්චරයි ඔයාගේ ජිවිතේ අයිති ඔයාට...
කාගේ වුවමනාවට මේ ලෝකෙට ආවත් ඔයාගේ ජිවිතේ ඔයාගේ...
කාටවත් ඒ ජිවිතේ අස්සට ඇවිත් යකා නටලා අවුස්සලා යන්න ඉඩ තියන්න එපා....
ප්‍රතිඵලය දරාගන්න හයියක් තියනවා නම් ඒ ජිවිතේ ගන්න ඕනිම තිරණයක් ඔයා ගන්න ... "

" අනික ...... ලගින් ඉන්න හැමෝම අවිස්වාස කරන්න වගේම විස්වාස කරන්නත් එපා මගෙ දරුවෝ ....
මොන දේකටවත් කලබල වෙන්න එපා, එහෙම වුනොත් වෙන්නේ  අපිට අපිවත් නොපෙනන විදියට අන්ධ වෙන එක,
ඔයාට ඕනිම වෙලාවක මං ඉන්නවා කියලත් අමතක කරන්න එපා මහින්ස ම්ම් "








🍁 𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲.....

| © Yąʂɧ.....✍️

Continue Reading

You'll Also Like

812K 15K 56
" ဒယ်ဒီဘာပြောပြောဖြူဖြူတို့လက်ထပ်စရာမလိုပါဘူးကိုကို.." " ဒါပေါ့.. မင်းကမိဘကိုလည်းဂရုမစိုက်၊ပတ်၀န်း ကျင်ကိုလည်းဂရုမစိုက်ပဲနေနိုင်ပေမယ့်.. ငါကတော့ဆရာသ...
49.5K 5.6K 66
translation novel အသစ်လေးဖတ်ပေးကြပါဦးနော် 😊
98.2K 10.2K 145
အပိုင်း၃၁၁စပါ့မယ်ရှင့်အရှေ့အပိုင်းများကို accထဲတွင်ရှာ၍ဖတ်နိုင်ပါတယ်😊