ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ - 2 // ᴊ.ᴊ...

By Sukii_Min

3.7K 940 496

✨️ ජියෝන් ජන්ග්කුක් වගේම, ජියෝන් ජිමින් එයාලගෙ අවුරුදු හතක පුංචි බටු ඇටේ එක්ක එයාලගෙ ලස්සන ජීවිතේ ගෙව්වෙ පු... More

🌟
✌️
Important
1.
2.
4.
Characters
5.
6.
7.

3.

251 85 38
By Sukii_Min


"ඒ කියන්නෙ එයා ආයෙම ඉස්සර කරපු නසරානි වැඩ කරන්න අරන් කියන එකද?" එයාගෙ මේසෙ උඩින් වාඩි වෙච්ච යූන්ගි, කොළ කෑලි හුළඟට එහෙ මෙහෙ යනවට තියල තිබ්බ වීදුරු කෑල්ලත් අතකට අරන් බල බල කතාව පටන් ගත්තා.

යූන්ගි අහද්දි එයාට ඉස්සරහින් පුටු වල වාඩි වෙලා හිටපු ජිමින්, ජන්ග්කුක් දෙන්නම එකටම ඔලු උඩ පහල කරා.

"බඩු කඩනවා? ඒවා උස්සල පොලවෙ ගහනවා? ඒ වගේම හරි ආක්‍රමණශීලීයි?" පපුව ඉස්සරහින් අත් දෙකත් බැදන් ඉන්න යූන්ගි ඇහුවෙ, ජිමින් දිහා ඇස් පුංචි කරල බලන අතරෙ.

ජිමින් එයා ගැනම ලැජ්ජාවෙන් බිම බලා ගෙන හිමින් ඔලුව උඩ පහල කරද්දි ජන්ග්කුක්, ජිමින්ගෙ පුංචි බෝල අතක් එයාගෙ අත් අතරට අරන් පරිස්සමින් අත ගෑවා.

"ඒක ඇත්තටම සුපිරිම නිව්ස් එකක්නෙ!" යූන්ගි එයාගෙ ලොකූ ගමී ස්මයිල් එකකුත් එක්ක කතා කරද්දි, ජිමින් වගේම ජන්ග්කුක් ත් එයා දිහා මහ අමුතු තාලෙකට බලන් හිටියෙ හරියට යූන්ගි මේ කතා කරන්නෙ ප්‍රංශ වලින් වගේ.

"මො- මොකක් කිව්වා!?" ජන්ග්කුක් එහෙම අහද්දි, යූන්ගි ඇස් රෝල් කරේ පුදුම තරම් එපා වීමකින්.

"මං කිව්වෙ මේක ඇත්තටම සුපිරිම නිව්ස් එකක් කියල! ජිමින් ඉස්සර වගේම නසරානි, ඇට්ටර කොල්ලෙක් වගේ හැසිරෙන එක! හරියටම අපිට දැන් ඕනෙ කරන්නෙත් ඒකම තමයි!" ෆයිල් වගයක් අවුස්සල අතට ගත්තු යූන්ගි කිව්වෙ අත්පුඩියකුත් ගහලා.

"මො- මොකක්!? හියුන්ග්! ඔයා ඔය ඩ්‍රින්ක්ස් අරන්ද ඉන්නෙ ආහ්? මේක කොහොමද- ඔයා ඇයි-" ජන්ග්කුක් තවත් කතා කරන්න කලින්ම, යූන්ගි එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක ජන්ග්කුක්ගෙ අතට දුන්නා.

ජන්ග්කුක්, ජිමින් දෙන්නම ඒ ෆයිල් එක දිහා බලන් හිටියෙ පටලැවිලා.

"මං මේ සතුටින් ඉන්නෙ... මේක... හොඳ නිව්ස් එකක් නිසා"

පුදුම වෙලා බලන් ඉන්න ජිමින් දිහාවට ඇගිල්ලක් දික් කරල කතා කරපු යූන්ගි, ඊළඟට එයාගෙ ඇගිල්ල දික් කරේ දැන් ජන්ග්කුක්ගෙ අතේ තියෙන ෆයිල් එකට.

"ඒත්... අරක... ඒක නං නරක නිව්ස් එකක්"

"ඉතින් මේ මොකද්ද මේ?" ජන්ග්කුක් ෆයිල් එක ඇරල බලන අතරෙ ජිමින්, යූන්ගිගෙන් ඇහුවා.

"DNA රිපෝට් එක. අර ඇටසැකිල්ල, ඒක ජේමින්ගෙ නෙවෙයි" තමන් දිහා පුදුමෙන් ලොකු වෙච්ච ඇස් වලින් බලන් ඉන්න කපල් එක දිහාවට හැරිල යූන්ගි එයාගෙ කතාව පටන් ගත්තා.

"ඒ- ඒ... ඒ කියන්නෙ-"

"පාර්ක් ජේමින්... එයා තාමත් ජීවතුන් අතර..." ජන්ග්කුක් වෙනුවෙන් යූන්ගි ඒ වාක්‍යය සම්පූර්ණ කරද්දි, ජන්ග්කුක් එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක මේසෙ උඩින් තියල ලොකු හුස්මක් ගත්තෙ, ජිමින් හිතේ බයෙන්, කදුළු පිරී ගෙන එන ඇස් වලින් බිම බලා ගනිද්දි.

"අන්න ඒ නිසා තමයි... ජිමින් පරණ එයාගෙ ඇට්ටර ජීවිතේට ආපහු එන එක, අපිට හොඳ නිව්ස් එකක් වෙන්නෙ" යූන්ගි එයාගෙ උත්තරේ පැහැදිලි කරලම දුන්නා.

"ඒත්... කො- කොහොමද?" ආයෙමත් ජිමින්ගෙන් ප්‍රශ්නයක්.

"ජිමිනාහ්..." එයාගෙ කතාව කොච්චර නං වැදගත්ද කියල පෙන්නන්නම වගේ මේසෙ උඩින් වාඩි වෙච්ච යූන්ගි, ජිමින්ගෙ ළඟට පහත් වෙලා එයාගෙ කතාව පටන් ගත්තා.

"ඔයාට පැති දෙකක් තියෙනවා ජිමින්. එක: ජන්ග්කුක්ට ඔයාව මුලින්ම හම්බවෙද්දි හිටපු කෙනා... අර නසරානි, ඇට්ටර, නාස්තිකාර, දුෂ්ඨ, ආක්‍රමණශීලී, සැසී ජිමින්. එතකොට දෙක: ජන්ග්කුක් එක්ක ආදරෙන් බැදිච්ච ජිමින්. ඔයාගෙ ඒ පැත්ත අහිංසකයි, හරි සන්සුන්, තැන්පත්, බුද්ධිමත් වගේම ටිකක් දුර්වල උනත් හරිම ඉවසිලිවන්තයි.

අපි හරි නං... ඒ වගේම ජේමින් ඇත්තටම ජීවතුන් අතරත් ඉන්නව නං, එයා අනිවාර්යෙන්ම ඔයාව හොයාගෙන එනවමයි. එතකොට මේ පාරත්, ඔයා එයා ඉස්සරහදි දුර්වල උනොත්, එයා ආයෙමත් කලින් වගේම ඒක ඔයාට විරුද්ධව පාවිච්චි කරාවි... එයා ඔයාගෙ මනස විකාර කරවල, කලින් වගේම ඔයා කරන්න අකමැති දේවල් ඔයාට කියල බලෙන්ම කර ගනීවි... ඒත් මේ වතාවෙ, මේ වතාවෙ ඔයාට ආරක්ෂා කර ගන්න තියෙන්නෙ ඔයාව විතරක්ම නෙවෙයි ජිමින්... ඔයාට ඔයාගෙ කියල පවුලක් තියෙනවා, ජියෝන් ජිමින්... ඔයාට ජන්ග්කුක්ව වගේම ජීහියුන්ව වත් එයාගෙන් ආරක්ෂා කර ගන්න වෙනවා... ඒක කරන්න නං, ඔයා ශක්තිමත් වෙන්න ඕනෙ, ඒ වගේම බුද්ධිමත්- නෑ... බුද්ධිමත් විතරක්ම නෙවෙයි... ඔයා කපටි වෙන්න ඕනෙ, හරියට ජේමින් වගේ..." ජිමින්ගෙ ඇස් දිහාම බලා ගෙන යූන්ගි කතා කරා.

"ඒත් හියුන්ග්..." ඒ වතාවෙ කතා කරේ ජන්ග්කුක්.

"ඒ ජිමින් නෙවෙයි... ඒ ජේමින්, ජිමින් කියල හැමෝටම මවල ⁣පෙන්නපු කෙනා... ඒත් ඇත්තම ජිමින්ට කවදාවත්-"

"ඒ මනුස්සයා ජිමින්ට මොන තරං විනාසයක් කරත්... එයා ජිමින්ට පුදුම තරම් ශක්තිමත්, කාටවත් කඩන්න බැරි පර්සනැලිටි එකක් දුන්නා කියන එක අපිට අහක දාන්න බෑ. ඔයාට ජිමින්ව මුලින්ම හම්බ වෙද්දි එයා මහ මුරණ්ඩු, නාහෙට නාහන, කිසි දෙයක් කරන්න දෙපාරක් හිතන්න තරං බය නැති කොල්ලෙක්නෙ, ඇයි නැද්ද? හරි ඉතින්, එයා ඇත්තම ජිමින් නොඋනත්, ඒකෙන් එයාව පුදුම තරං ශක්තිමත් කෙනෙක් කියල පෙනුනනෙ. අපිටත් දැන් ඕන කරන්නෙ ඒකම තමයි"

"ඒත්... ඒ ජිමින් නරකයි... එයා අනිත් අය ගැන ගනන් ගන්නෙ නැති-"

"ඒක තමයි අපි හදා ගන්න ඕනෙ ජන්ග්කුක්" බාලයාගෙ කතාව මැද්දෙන් නවත්තල යූන්ගි ආයෙමත් කතා කරන්න ගත්තා.

"ජිමින් එයාගෙ ඒ පැති දෙකම සමබරව ගෙනියන්න ඕනෙ. එයා සන්සුන්ව, කල්පනාවෙන් ඉන්නවා වගේම, ඒ වෙලාවෙම කපටි වගේම කිසිම දේකට බය නැති වෙන්නත් ඕනෙ..." ජීකුක් කපල් එක දිහා කට කොනේ හිනාවකින් බලා ගෙන යූන්ගි එයාගෙ කතාව අවසන් කරා.

"ඕකේ... ඕකේ, මට ඒක තේරුනා" ජිමින් කතා කරේ ඔලුවත් හිමින් උඩ පහල කර කර.

"ඒත් හියුන්ග්, මං... මට එහෙම එකපාරටම කේන්ති යද්දි, මං ඉන්නෙ කිසිම පාලනයකින් නෙවෙයි, මං හැමදෙයක්ම විනාස-"

"ඔයා ඒක කලින් වතාවෙදි පාලනය කර ගත්තෙ කොහොමද? මං කියන්නෙ මේ, ජන්ග්කුක් එද්දි ඔයා හිටියෙ බඩු පොලවෙ ගගහ නෙවෙයිනෙ... ඔයා හිටියෙ අඬ අඬ, නේද?" යූන්ගි, ජිමින්ට ඒ ගැන මතක් කරල දුන්නා.

"ඔව්..." ජිමින්ට ඒ ගැන එවෙලෙ හරියටම මතක් උනා.

"මං... මං දැක්ක අපි තුන් දෙනා කැමරාවට හිනා වෙලා ඉන්න අපේ ෆොටෝ එකක්... හියුන්ගෙයි, ජීහියුන්ගෙයි මූණු වල තිබ්බ හිනාව... එයාලා-"

"ඔය තියෙන්නෙ!" යූන්ගි කතා කරේ එයාගෙ ගමී ස්මයිල් එකෙන්.

"ඔයාට ඔයාගෙ හැඟීම් එක්ක ඔයාගෙන්ම පාලනය නැති වෙලා කියල දැනෙන වෙලාවල් වලට ඔයාට කරන්න තියෙන්නෙ, ලොකූ හුස්මක් අරන් ඇස් දෙක පියා ගෙන, හිනාවෙන් පිරිල තිබ්බ එයාලගෙ මූණු මතක් කර ගන්න එක? තේරුනාද?"

ගමී හිනාවකුත් එක්ක තමන් දිහා බලන් ඉන්න මනුස්සයා දිහා බලල ලාවට හිනා උනු ජිමින් හිමිහිට එයාගෙ ඔලුව උඩ පහල කරා.

ඒත්... එතන තත්වෙ, සාමකාමී බව කියන දෙයින් එකපාරටම වෙනස් වෙලා ගියේ ජිමින් එයාගෙ ව්‍රිස්ට් වොච් එක දිහා බලපු වෙලාවෙමයි.

"අනේ දෙයියනේ! අපිට දැන් ජීහියුන්ව ඉස්කෝලෙන් ගන්න තියෙනවා!"

ජන්ග්කුක් දිහා බලල කියපු ජිමින් ඊළඟ තප්පරේම යූන්ගිගෙ ඔෆිස් එකෙන් එලියට දුවද්දි, තව තප්පරයක් යද්දිම ජන්ග්කුක් ත් යූන්ගිගෙ ඔෆිස් එකෙන් අතුරුදහන් වෙලා තිබුනා.

_____________________________________________


"ජීහියුන්! ඔයාගෙ අප්පා ඇවිල්ලා ඉන්නවා!" ටීචර් කෙනෙක් කියද්දි, බැක්පැක් එකත් හදිස්සියෙන්ම දා ගත්ත බටු ඇටයෙක් උඩින් පැනලා ක්ලාස් එකෙන් එලියට පිබ ගෙන ගියා.

ඒ බටු ඇටේ දැක්කා ජිමින් ඉස්කෝලෙ ගේට්ටුව ළඟට වෙලා ඉදන්, එයාගෙ මූණෙ ඇදිල තියෙන ලොකුම හිනාවකුත් එක්ක කා එක්කද මන්දා ෆෝන් එකෙන් කතා කර කර ඉන්න විදිහ.

එයාගෙ ඩැඩා ළඟට දූවලා ගියපු ජීහියුන්, එයාව තද කරල බදා ගනිද්දි උස කෙනා, ජීහියුන් දිහා බලන් හිටියෙ, එයාගෙ ඉරක් පායලා වගේ දිලිසෙන හිනාවකුත් එක්ක.

"හේයි බේබි!" එයා ටිකක් පාත් වෙලා ජීහියුන්ගෙ නළල උඩින් පෙක් එකක් තිබ්බෙ පුදුම තරං ආදරේකින්.

"ඉතින් කොහොමද අද ඔයාගෙ දවස?" එක අතක තවම එයාගෙ ෆෝන් එක තියා ගෙනම එයා ඇහුවා.

ජීහියුන් උත්තර දෙන්න යද්දිම තමයි එයාගෙ හියුන්ග් තවමත් කෝල් එකේ නේද කියල එයාටත් මතක් උනේ. ජීහියුන් දිහා සමාව ඉල්ලන හිනාවකින් බලපු එයා ආයෙමත් ෆෝන් එක කනකින් තියා ගත්තා.

"හියුන්ගී! මං ඔයාට පස්සෙ ගන්නම්කො! මං දැන් ජීහියුනි එක්ක ඉන්නේ! බායී!"

එතනින් පස්සෙ එයාගෙ මුලු අවධානෙම තිබ්බෙ, අර පුංචි බටු ඇටේ ළඟ.

"හරි දැන් මට කියන්නකෝ! කොහොමද අද ඔයාගෙ දවස?"

පොඩ්ඩාගෙ බෑග් එකත් එයාගෙ අතට අරන්, ජීහියුන්ගෙ කොණ්ඩෙත් අතකින් ටිකක් එහෙ මෙහෙ කරල එයා අහද්දි, ජීහියුන් එයාගෙ තොල් පෙරල ගත්තෙ බිම බලා ගෙන එයාගෙ ඇගිලි එක්ක සෙල්ලම් කරන අතරෙ.

"අද දවස හොඳයි! ඒත් අද මට ටෙස්ට් එකක් තිබුනනෙ... ඊටපස්සෙ..."

"ආව්... ඉතින් ඔයාට හොඳට ලකුණු ගන්න බැරි උනාද චෑම්ප්?" ජීහියුන්ගෙ පුංචි මූණ එයාගෙ අත් අතරට අරන් එයා අහද්දි, ජීහියුන් එයාගෙ ඔලුව වැනුවා.

"ඒක සප්‍රයිස් ටෙස්ට් එකක්... මට... මං උත්තර දැන ගෙන හිටියෙ නෑ... ඉතින් මට... විස්සෙන් අටයි ලකුණු ඒකට..." මී පැටියෙක් වගේ අන්තිම ටික ජීහියුන් හිමින් හිමින් බිම බලා ගෙන කෙඳිරි ගෑවා.

"විස්සෙන් අටයි!?" එයාට කෑ ගැස්සුනා.

"ඔයා මට විහිලු කරනවද!? මං මගෙ සප්‍රයිස් ටෙස්ට් වලට ගත්ත ලකුණු එක්ක බලද්දි මේක සුපිරි ලකුණක්නෙ! අපි ගිහිල්ලා මේක සමරන්න අයිස්ක්‍රීම් කමු!" ජීහියුන්ගෙ කොණ්ඩෙ ආයෙමත් අතකින් අවුල් කරල දාලා, එයා කතා කරේ එයාගෙ ලස්සනම ඇස් ගිලෙන හිනාවකුත් එක්ක.

"ඇත්තටමද!?" එයාගෙ බෝල ඇස් දා ගෙන බටු ඇටේ උස කෙනාගෙ මූණ දිහා බලන් හිටියෙ පුදුම තරම් සතුටකින්.

"ඕඕ!!" ඒ වචනෙත් එක්කම ජීහියුන් පැනල එයාගෙ කකුලක එල්ලෙද්දි, එයත් මේ බටු ඇටේව පරිස්සමින් එයාට තුරුල් කර ගත්තා.

_____________________________________________


ජිමින් වගේම ජන්ග්කුක් ගෙදරට ඇතුල් වෙද්දිම වගේ දැක්කෙ ඩයිනින් ටේබල් එකේ වාඩි වෙලා අයිස්ක්‍රීම් එකක් ගිලින ටේහ්‍යොන්ව. ඒ දෙන්නත් ඇවිත් ටේගෙ ළඟින්ම පුටු ඇද ගෙන වාඩි උනේ පුදුම තරමෙ මහන්සියකින්.

ජීකුක් කපල් එක දිහා රවා ගෙන බලා ගෙනම, ටේ ආයෙමත් පෙරේතයෙක් වගේ එයාගෙ අයිස්ක්‍රීම් එක ලෙවකන්න ගත්තා.

ජන්ග්කුක්ට නං ඒක දැකල හොඳටම හිනා.

"මොකෝ මේ? මොකටද දැන් මේ අපි දෙන්නට දා ගෙන රවන්නෙ?"

ටේහ්‍යොන් උගුර යටින් ගෙරෙව්වෙ කේන්තියෙන්.

"ඔයාලා මොකටද ඔයාලා ජීහියුන්ව ගන්නව නං, ආයෙමත් මාවත් එයාව ගන්න කියල ඉස්කෝලෙට යැව්වෙ ආහ්?? මං ඉස්කෝලෙටම ගියත් එක්ක, අපරාආආදෙ!" කටත් උල් කරන් නෝක්කාඩුවෙන් කතා කරපු ටේ, ආයෙමත් එයාගෙ අයිස්ක්‍රීම් එකට අවධානෙ දුන්නා.

"මොකක්ද!?" ජිමින්ගෙ වගේම ජන්ග්කුක්ගෙ මූණු, ඒ ඇසිල්ලෙන්ම වෙනස් වෙලා ගියා.

"මොකද්ද කියන්නෙ මොකද්ද ආහ්!? ඒක නෙවෙයි කොහෙද මගෙ බෑණා පොඩ්ඩ?? මට මගෙ බේබිව බලන්න ඕනේඒඒ!!" වටේම බලල, පස්සෙ දොර දිහත් බලා ගෙන ටේ පොඩි එකෙක් වගේ කෙඳිරි ගාන්න තියා ගත්තෙ එයාගෙ ජීහියුනි එනවද කියල බල බල.

"ටේ!" ජන්ග්කුක්ව වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටුනා, දැනටත් නැගිටල ඉන්න ජිමින්ගෙයි එයාගෙයි මූණු වල තිබ්බෙ එකම විදිහෙ බයක්.

"අපි එයාව ඉස්කෝලෙන් ගත්තෙ නෑ!! මොනවද මේ කියවන්නෙ ආහ්!?"

ටේ උනත් එකපාරම සීරියස් උනේ ඒ කතාවත් එක්ක. එයාගෙ මූණත් බයකින් වැහිල යන්න ගියේ තප්පර ගානයි.

"ඒත්... ඒත් ටීචර් මට කිව්වා ජිමින්ම ඇවිත් ජීහියුන්ව එක්ක ගෙන ගියා කියල..." කලබල වෙලා ඉන්න දෙමව්පියො දෙන්නා දිහා බලා ගෙන ටේහ්‍යොන් ලාවට මිමිණුවා.

"මේ මුලු වෙලාව පුරාවටම ජිමින් හිටියෙ මාත් එක්ක!! ඉතින් ජිමින් කොහොමද-" එතකොටයි ජන්ග්කුක්ටත් යම් දෙයක් එකපාරටම එයාගෙ ඔලුවට ආවෙ.

එයා ජිමින් දිහා බලද්දි, ජිමිනුත් එයාගෙ බයෙන් ගැහෙන හදවතත් එක්ක, ජන්ග්කුක් දිහා බලන් හිටියෙ එයාටත් වෙලා තියෙන දේ ගැන යම් වැටහීමක් එද්දි.

_____________________________________________



Hey Roses...

So sorry! මං දැක්කා කට්ටිය ගෝල් එක මං හිතුවට වඩා ගොඩාක් ඉක්මනට complete කරල තිබ්බ විදිහ... අවංකවම මට සතුටුයි ✋😭 මං ඔයාලට ආදරෙයිනෙ... ❤

දන්නවද දෙයක්... තාමත් මට පපුවෙ කැක්කුමයි වගේ ඒ කතාව අහපු වෙලේ ඉදලා, අද අපේ ගෙදර ආපු, මගෙ pre school යන වයසෙ බටු ඇටයක් වගේ පොඩිම පොඩි එකා කියනවා මෙන්න මෙහෙම...

බටු ඇටේ- "මට ගෑනු ලමයෙක් ඉන්නවා ✋😌"

මං- 👏 👁️👄👁️

ඒකගෙ තියෙන ඇට්ටරකමට ඇහුවම කෙල්ලගෙ නමවත් කිව්වෙ නෑ, ඉතින් පෙන්ස්... මට... (සමහරවිට අපිට) කොතනද වැරදුනේ... 🤧

Vote goal - 40

එහෙනං මං ගියා... 🌹 👑

Thank you so much... 🌹

Love you all... ❤

Continue Reading

You'll Also Like

131K 3.6K 54
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
143K 2.9K 44
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
333K 10.9K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...