FLUKE

By SlytherinTannie

336 100 101

මාරියා ජීවත් වුනේ තනියම. හරිම ඒකාකාරී ජීවිතයක් ගත කරපු මාරියාගේ ජීවිතේ උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ පුංචි ගැට... More

Copyright
Part 1
Part 2
Part 3
Part 5
Part 6

Part 4

34 15 13
By SlytherinTannie

"ඔයාගේ බයෝප්සි රිසාල්ට්ස් ආවා."

අමාරුවෙන් කෙල බිඳක් උගුරෙන් පහලට යවාගත්ත මාරියා රහසෙන්ම දෙවියන්ට කන්නලව් කලා. අනේ දෙයියනේ, කැන්සර් එකක් නම් වෙන්නෙපා. කන්නලව්ව එච්චරයි. ඒ තත්පර දෙක තුනට සිය පාරක් විතර හිතින් ඒ වචන තුන හතර මුමුණ මුමුණම හිටියා.

ප්‍රින්ට් කරපු කොල ටිකක් මාරියා අතට දුන්න වෛද්‍යවරිය  අන්තිමට කට ඇරියා.

"ගුඩ් නිව්ස් එක තමා, මේක කැන්සර් එකක් නෙවෙයි."

"ඇති යන්තන්"

සහනදායී හිනාවක් මූණට පුරෝගත්තු මාරියා බොහොම ස්තූතිපූර්වකව වෛද්‍යවරිය දිහා බැලුවා.

"වෙන්න පුලුවන්!! ඒත් මේක හොඳ තත්වයක් නෙවෙයි. රිසාල්ට්ස්වලින් පෙන්නුම් කරන්නේ මේක පරපෝශිත ජීවියෙක් කියලා."

ගැටිත්ත දිහාට ඇඟිල්ල දික් කරලා වෛද්‍යවරිය  කිව්වා. මාරියා භය වුනා. අප්පිරියා හිතුණා.

"ඒක ඔයාගේ අක්මාවට ඇලිලා ඉන්නේ."

"සොරි, පරපෝශිතයෙක්. ඔයා කියන්නේ මොකෙක් හරි සතෙක් වගේ දෙයක්? ඒත් කොහොමද? කොහොමද එහෙම දෙයක් මගේ අක්මාවට ගියේ?"

"අපිත් ඒක ඔයාගෙන් තමා අහන්න බලන් හිටියේ. මේ ලඟදි මොනා හරි වෙනස් කෑමක් කෑවද? මීට කලින් කාලා නැති දෙයක්? එහෙම නැත්තන් අලුත් රෙස්ටුරන්ට් එකකින්? එහෙමත් නැත්තන් ඔයා ලඟදි වෙන රටකටවත් ගියාද?"

"මගේ මතකේ අනුව නම් නෑ"

"ඔයාගේ මතකේ නැත්තේ මොකක්ද? පිටරටකට ගියා කියලද?"

"නෑ" වෛද්‍යවරියගේ ප්‍රශ්න විලාසයෙන් තිගැස්සුණ මාරියා එක පාරටම උත්තර දුන්නා.

"මං පිටරටකට ගියේ නෑ කියලා මට මතකයි. මං එහෙම අලුත් තැනකින් කෑවෙත් නෑ. මට මතක නැත්තේ මොකුත් අමුතු කෑමක් කෑවද කියන එක. මිනිස්සු දැන් කෑමවලට දාන ජාතිවල හැටියට එහෙම දෙයක් කෑවේ නෑමයි කියලා මං සහතික වෙන්නෙ කොහොමද?"

"සොරි, මං ඒක හිතලා ඇහුවා නෙවෙයි... අහ්හ් මේ ටිශූ එකක් ගන්න."

ටිශූ කඩදාසි පෙට්ටියම මාරියාට දික්කරන ගමන් වෛද්‍යවරිය කිව්වා.

"අපි ටිකක් මෙහෙම ඒවා ගැන උනන්දුයි. ඔයාට මේක ඇතුල් උනේ රෙස්ටුරන්ට් එකකින් වගේ නම් තව ඔයා වගේම අය ඉන්න පුලුවන්නෙ. එතකොට හරියටම තැන දන්නවා නම් අපිට එයාලව හොයාගන්න ලේසි. ඒකයි.."

"මට මොකද වෙන්නෙ එතකොට?"

"අපිට ඔයාව ස්කෑන් එහෙකට ගන්න වෙනවා. අරන් බලන්න වෙනවා මෙයා හරියටම කොහොමද ඔයාට සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලා. නිකන් හරි මේක ප්‍රධාන රුධිර නාලයකට සම්බන්ධයි නම් එතකොට තත්වය ටිකක් සංකීර්ණයි. බය වෙන්න ඕනේ නෑ එහෙම උනොත් අපිට විකල්ප තියෙනවා. ඒ විදියට ඔපරේශන් කරලා අයින් කරන්න බැරි නම් කීමෝතෙරපි හරි විකිරණ තෙරපි හරි කරලා මේක ලේසියන් අයින් කරන්න පුලුවන්. බය වෙන්න එපා, අපි මේක කොහොම හරි අයින් කරනවා."

වෛද්‍යවරිය මාරියා ලඟින්ම ඉඳගෙන, බොහොම කරුණාවෙන් තත්වය පැහැදිලි කලා.

"ඒ කියන්නේ මාව හොඳ කරන්න පුලුවන්"

බලාපොරොත්තු ඇති කරගන්න උත්සාහ කරන ගමන් මාරියා ඇහුවා.

"අපොයි ඔව්."

එහෙම කියපු වෛද්‍යවරිය  ආයෙම එයාගේ මේසෙට ගියා.

"අපි අද රෑට ඔයාට නවතින්න ඇඳක් හොයාගන්න තියෙනවද බලමු. පුලුවන් තරම් ඉක්මනට බෙහෙත් කරන තරමට ඔයාට හොඳයි."

"එතකොට මේ හම වෙනස් උන එකට මොකද වෙන්නේ?"

"ඒක බොහෝවිට පරපෝශිතයාගෙන් ආව සයිඩ් එෆෙක්ට් එකක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක අයින් කලාම ඕකත් හොඳ වෙයි."

ජංගම දුරකථනය අතට ගත්ත වෛද්‍යවරිය කාවද ඇමතුවා.

"මං මේ කථා කලේ ඔයාට ඇඳක් වෙන් කරවගන්න. පුලුවන් තරම් ඉක්මනට ඇඩ්මිට් වෙන්න. හරිද?"

"තැන්ක්‍යූ ඩොක්ටර්!!"

අමාරුවෙන් මූණට නඟාගත්ත හිනාවක් පෙන්නලා මාරියා එහෙම කිව්වා.

Continue Reading

You'll Also Like

61.1K 7.5K 74
ဘာသာပြန်သူ- စွဲညို့အသင်း ခေတ်ကာလ အပြောင်းအလဲ နှစ်ပေါင်းများစွာ ကြာပြီးတဲ့နောက် ရုတ်တရက် စည်းပွင့်သွားလို့ နိုးထလာရတဲ့ သရဲဘုရင်ကြီးတစ်ယောက် လူသားလောကမ...
375K 61.8K 103
I rely on kisses to clear survival games. 90 Chapters + 9 Extras This is not my own. Totally Credited to original Author.
158K 23.1K 132
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း။ တစ်ဦးတည်း ပြန်ဆိုခြင်း မဟုတ်ပါ။ အပိုင်း ၁၁၁ မှ အဆုံးထိ တင်သွားပါမည်။
221K 32.5K 71
Title : Po Yun (破云) Author : Huai Shang (淮上) Chapter:155 chapters + 6 Extras Genre:Action,Crime,Adult,Mystery,Drama,BL,bittersweet Content warning :...